Monday, June 20, 2022

දඩුවම් පැමිණවීම

පුරාන දඩුවම් පැමිනවීමට ෙයාදා ගත් උපකරණ




















notes of imaginary

යාපන අර්ධද්වීය දූපත්





යාපන අර්ධද්වීය දූපත් සමුහයකින් යුක්තය.

  1.      නෙඩුන්තිව් හෙවත් ඩෙල්ෆ්
  2.      අනලතිව්
  3.     චිරුතිව් (සිරුතිව්)
  4.      එලුවයිතිව්
  5.      කුච්චතිව්
  6.      කාරතිව්
  7.      කනන්තිව්
  8.      කරයිතිව්
  9.      කයිට්‌ස්‌
  10.                         කුරිකඩ්ඩුවන්
  11.                        මන්ඩතිව්
  12.                         නඩුතුරුතිව්
  13.                      නයිනතිව් (නාගදීප)
  14.                         පලායිතිව්
  15.                         පරට්‌ටිතිව්
  16.                         පුලියන්තිව්
  17.                        පුන්ගුඩතිව් -
  18.                         තෝරට්‌ට පූට්‌ටු
  19.                         හැමන් හිල් 


notes of imaginary

Thursday, June 16, 2022

කල්තොට .


කල්තොට පුරාන ජනපදයක්. පසු කාලීනව වලවේ ගග හරස් කර අමුණක් ඉදිකිරීමෙන් වාරි ව්‍යාපෘතියක් ආරම්භ කර තියෙනවා.

පුරාණයේදී  කල්තොට ඉතා සශ්‍රීක භූමියක් වශයෙන් පැවති බවට ඉතිහාසය සාක්ෂි දරනවා. ගොවිතැනට අවශ්‍ය ජලය ලබාගැනීමට වලවේ ගඟ හරහා තැනූ පැරණි අමුණ ඉංග්‍රීසි පාලන යුගයේ දී ප්‍රතිසංස්කරණය කරලා. වලවේ ගඟ හරහා ඉදිකළ පාලමට නුදුරින් මෙම අමුණ පිහිටා තිබෙනවා. අදත් ඉන් ලබාගන්නා ජලයෙන් කුඹුරු අස්වද්දනවා.

කල්තොට  වම් ඇල සහ දකුණු ඇල ලෙස මෙම වාරි ඇළවල් හදුන්වනවා. මෙම ව්‍යාපෘතිය මගින් ගොවි ජනපද ව්‍යාපාරයක් ඇරඹීමෙන් පසු කල්තොට සරු පස ගොවි බිමක් බවට පත්වුනා.

බලංගොඩට බත සපයන්නේ කල්තොට ගොවි ජනපදයයි.

 

හුණුගල් පොකුණ

හුණු ගල් පොකුන

හුණුගල් පොකුණ

දුවිලි ඇල්ල

සංවර්ධනයවු කූරගල

කල්තොට ගොවි බිම්.

 කල්තොට  යාමට බලංගොඩ  සිට  විකිලිය, රජවක, මොලමුරේ, තංජන්තැන්න හරහා ගමන් කරන්න ඕන.  මෙය පුරාන ගමන් මගක්. මෙම මාර්ගය ඔස්සේ තනමල්විල හරහා කතරගම දක්වා යා හැකියි . එම මගම නව්‍යකරනය වී කතරගමට මත්තල දක්වා වර්තමානයේ යා හැකියි.  

බලංගොඩ, කිරිමැටිතැන්න, වැලිගෙපොල, කපුගල, දියවින්න හරහාත්  ගොස්  කල්තොට - දියවින්න මාර්ගයට සම්බන්ධ වනවා. මේ මාර්ග දෙකින් පළමු පාර ඇදී යන්නේ  කඳුකර බෑවුමක්  මැදින්. කල්තොටට යන ඔබට මධ්‍ය කඳුකරය අවසාන වී පහතරට වියළි කලාපය ආරම්භ වන ආකාරය බෙල්ලන්ගල බෑවුමේදී නිරීක්‍ෂණය කරන්න පුළුවන්.

 බෙල්ලන්ගලකන්ද  මධ්‍යම කඳුකරයේ අවසානය සටහන් කරන දකුණු බෑවුමයි. එහි උතුරු මායිමේ රජවක ඖෂධ උද්‍යානය පිහිටා තිබෙනවා  අතරමැදි කලාපයට අයත් මෙහි වියළි කලාපීය වනාන්තර වගේම තෙත් කලාපීය වනාන්තරත් පැතිර තිබෙනවා.

 

බෙල්ලන්ගල කන්ද වටිනා ඖෂධයක් වන ගම්මාලු ගස්වලට ප්‍රසිද්ධයි. සමහර තැන්වල ගම්මාලු ගස් මණ්ඩි වශයෙන් දක්නට තිබෙනවා. සංජීවනී නම් දුලබ ඔසු පැළෑටිය ද මෙහි තිබෙනවා. බිංකොහොඹ, කොතලහිඹුටු වැනි ඖෂධ වගේම අප රටට ආවේණික මැන්දෝර ගස්ද, නෙල්ලි, බුරුත, වීර, කහට, කිරිකෝන් ආදී ගස්ද මේ වනාන්තරයේ අගය ඉහළ නංවනවා.

 මෙම දුර්ග මාර්ගයේ ගමන් කරන විට පහළින් වලවේ ගංගා මිටියාවත හා උඩවලව වනෝද්යානය අලංකාරව දිස්වන අයුරු දැකගත හැකියි. බෙල්ලන්ගල කන්ද පසුකරන විටම  පිවිසෙන්නේ කල්තොට තැනිතලා බිමටයි. මෙය කුඩා නගරයක්. නාගරීකරණය නොවූවත් රෝහලක්,පොලිසියක්, පාසල් සහ වෙළද පලක් ආදී රාජ්‍ය ආයාතන පිහිටා තිබෙනවා.

 

බලංගොඩ සිටදුර කි. මී. 32ක්  .

 

ක්‍රිව 1018 – 1029 වකවානුවේ “වීර මහාසූරිය” නම් රජ කෙනකු කල්තොට ප්‍රදේශාධිපතිව කටයුතු කර ඇති බව පැව‍සෙනවා. එමෙන්ම චූල වංශයේ සඳහන් පරිදි ඉන්දියාවේ සිට පැමිණි “පාණ්ඩ්‍ය” නැමැති කුමාරයකු  කල්තොට  පරිපාලනය කල බවද කියවේ.

ඉන් පසු ක්‍රි.ව. 1042 – 1043 කාලය තුළ වික්‍රම පාණ්ඩ්‍ය නැමැති කුමරකු කාලතිත්ථ හෙවත් කල්තොට රාජ්‍ය  කරවූ බව ද කියවේ. කල්තොට  වියලි  දේශගුණයකින් යුත්  සුන්දර ගොවි බිමක්.

 

 කල්තොට  ගමානාන්තයට පෙර අපට දූවිලි ඇල්ල ,කූරගල.හමුවනවා.  කල්තොට ප්‍රදේශයට යන අපිට   ඓතිහාසික බුදුගල ආරන්‍ය ,  සඳගනා නුවර, උඩුපියන් ගල්ගේ ,ගල්ටැම්යාය අපට හමුවෙනවා.   

දර්ශනීය දියවින්න ඇල්ල මේ ගමනේදී අපට පාරිසරික වින්දනයක් ලබා දෙනවා.

 

 

දූවිලි ඇල්ල - දියවින්න

 

 

notes of imaginary

Wednesday, June 15, 2022

වියපත්වු මතකයක්.



සිරිමා ශාස්ත්‍රී ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිපලයක් ලෙස ඉන්දියාණු සම්භවයක් ඇති වතු කම්කරු පවුල් බොහොමයක් ඉණ්දියාවේ පදිංචියට ගියාය.
1970 ට පෙර අප ගම වටා පැතිර තිබු තේ වගාව අක්කර 1200ක් පමණ විය. මට මතක ලෙසට විශාල ද්‍රවිඩ ජනගහනයක් මේ තේ වගාවත් සමග වතුකරයේ පදිංචිව සිටියාය.
වතු සංස්කෘතියේ  පෙරිය දොරේ , සින්න දොරේලා , කනක්කපුල්ලේලා, ෆීල්ඩ් ඔෆිසර්ලා, ක්ලාක් මහත්තුරු, ටී මේකර්, රබර් මේකර් ආදී තනතුරු මෙන්ම කම්කරු කණ්ඩායම් ප්‍රධාණින් ලෙස කන්කාණී, මැනේජර් කන්කාණී තනතුරුද පහලම මට්ටමේ තනතුරු ලෙස කම්කරුවෝ ගොනුවී  සිටියේය.
මේ සියල්ලෝම විවිධ මට්ටමෙන් ආශ්‍රය කිරීමට මට ඉඩ හසර ඇතිවී තිබුනේ අපේ පියාගේ ව්‍යාපාරික කටයුතු වලට පාත්‍ර වර්ගයා  බවට එම ජනතාව පත්ව සිටි බැවිනි.
කම්කරුවන් අතරින් කම්කරු වෘතියට   අමතරව යම් යම් උප ක්‍රියාකරම් කරමින් මුදල් රැස් කර ගත් ද්‍රවිඩ කම්කරු පවුල් කිහිපයක් මා හැදින සිටියේය. මම දෙමල කතා කරන්න ඉගන ගත්තේ මේ දෙමළ පවුල් කිට්ටුවෙන් ආශ්‍රය කිරීමට හැකිවු නිසාවෙන්ය.
අද මගේ කතාවේ කතානායිකාව  නමින් මීනායි ය. මට වයස දහ අට  විස්ස වන අවදියේ  ඈ විශ්‍රාමික කම්කරු මවකි. සාමාන්‍යයෙන් දකින කම්කරු කාන්තාවක් පරිද්දෙන් නොව ඈ සිංහල ගැමි කාන්තාවක මෙන් පිලිවෙලකට ජීවත් වන්නියකි . පිලිවෙලකට සකස් කර ගත් ඇගේ වතු නිවාසය දැකුම්කළුය.සහයකයින් යොදා ගෙන එළවළු, එළු , ගවයින් සහ කුකුළන් ඇති කල ගොවිපලක් ඈ සතුය.
ඇගේ ධනවත්බව අවබෝධයක් ලබන්න පුංචි ඉගියක් පළකරමි. 1958 දෙමළ කලකෝලාහාල පැවති අවදියේ ඈ පරිස්සසම් කර දෙන ලෙස  මගේ පියා බාරයේ රත්රන් පවුම් හැට තුනක් තබා තිබිනි. ඒ අරපිරිමැස්මෙන් හරි හම්බු කර ගත් වත්කමය.වතු  ද්‍රවිඩ ජාතිකයන් තම වත්කම් රැස් කරන්නේ රත්තරන් වලින්ය.
රුපියල් 6500/= යනු එකල විශාල මුදලකි. ඇරත් ඉතාමත් අරපරිස්සමින් ජීවිත කාලයක් එකතු කරගත් මුදලකින් මෙම මුදලේ අගය ඈ වැනි කාන්තාවකට විශාල මුදලකි. මගේ මතකය නිවරදි නම් එකල කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් දෙකක් පමන විය.
මා සදහන් කරන මෙම කාලයේ   ජනප්‍රිය වර්ගයේ ෆෝර්ඩ් පිපෙක්ට් වර්ගයේ කාරයක මිල රුපියල් 10500.00ක් පමණ විය.
ප්‍රදේශයේ විසු ව්‍යාපාරිකයෙකු ග්‍රාමීය දේශපාලකයෙකුවු මහත්මයෙකු හට එම වර්ගයේ මෝටර් රථයක් ගැණීමට අවශ්‍ය වී එම මහතා මීනායි මවගෙන් රුපියල් 6500/= ණයට ගත්තේය. නමුත් තම  බල පුළුවන් කාරකම් දක්වා එම මුදල අර අසරණ මවට ආපසු නොගෙව්වේය. ඈ
වරින් වර මුදල් ඉල්ලුවත් කල් මරමින් ආපසු ගෙවීම පැහැර හැරියේය.

කාලය ගත විය. 
එක් උදෑසනක මෙම ව්‍යාපාරිකයා හමුවීමට ව්‍යාපාරික  ස්ථානයට පැමිණි ඈ වැලි අහුරක් අතට ගෙන නැගෙන හිරු දෙසට නී නාෂමා පෝ යයි ( උඹ නැති වෙලා පලයන් )  සාප කරමින් බිමින් ගත් වැලි අහුරක් අහසට විසිකර, වෙනත්  කර කියා ගත හැකි දෙයක් නොමැතිව සාප කරමින් ආපසු ගියේය.
ක්‍රමයෙන් ඔහුගේ ව්‍යාපාර ද දේශපාලන කීර්තියද  පිරිහී ගියේය.කාලයක් ගත වන විට පවුලේ සාමාජිකයන් විවිධ අන්දමින් විසිර ගියාය. අවසානයේ තනිව මිය පරලොව ගියාය. අද වන විට ප්‍රදේශයේ වැඩිම දේපල වත්කම් තිබු ඔහුට,  ඔහුගේ නමින් කිසිදු දේපලක් නැත.
මීනායි අම්මාගේ සාපය විසින් ආසාධාරන ලෙස හරි හම්බ කර ගත් දේපලත් ඔවුනුත් විනාශකර දමන ලද්දැයි  මේ සිද්ධිය සිහිපත් වෙන විට මට සිතෙන්නේය.



notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon