Thursday, September 20, 2018

අනුරාධපුර රාජ වංශය.



විජය රජතුමා                                                        ක්‍රි.පු 544

උපතිස්සපණ්ඩුවස්දෙව්අභයපණ්ඩුකාභයමුඨසිවදේවානම්පියතිස්ස                                               ක්‍රි.පු 250-210
උත්තියමහාසිවසුරතිස්සසේන සහ ගුත්තිකඅසේලඑළාල (එළාර)දුට්ඨ ගාමිණි ( දුටු ගැමුණු)                              ක්‍රි.පු.161-137
සද්ධාතිස්ස                                                            ක්‍රි.පු.137-119
තුලත්ථන                                                               ක්‍රි.පු. 119
ලංජතිස්ස(ලැමිණිතිස් )                                        ක්‍රි.පු.  119 – 109
බල්ලාඨනාග                                                          ක්‍රි.පු. 109 – 103
වලගම් අබා  (වට්ට ගාමිණි)                                       ක්‍රි.පු. 103
පුලහත්තබාගියපනයමාරපිලයමාරධාතික                                                                  ක්‍රි.පු.103 – 89
වලගම් අබා ( වට්ට ගාමිණි)                            ක්‍රි.පු. 89 -77 යලි රජ පැමිනේ.මහාචුලි මහාතිස්ස                                                    ක්‍රි.පු77-63
චොරනාග                                                             ක්‍රි.පු  63  - 51
තිස්ස (කුඩා තිස්ස )                                                   ක්‍රි.පු    51 – 48
සිවවටුකදාරුභාතික තිස්සනිලිය ( පුරෝහිත බමුනා . වාසුබි)අනුලා රැජින                                                           ක්‍රි.පු 48 – 44
කූඨකණ්ණ තිස්සභාතික අභය ( භාතික අභය තිස්ස , හා භාතිය තිස්ස ලෙසත් හැදින්වේ)   ක්‍රි.ප්‍ර 22 – ක්‍රි.ව 07
මහාදාඨික මහානාග                                                            07-19
ආමන්ද –  ගාමිණි අභය                                                       19 – 29
කණිරජාණු තිස්ස                                                                29 -32
චූලාභය                                                                             32-33-
ඉලනාග                                                                            33-43
චණ්ඩමුඛ ශිව                                                                        43-52
යසලාලක තිස්ස                                                                       52-60
යසලාලක තිස්ස සහ සුභ                                                           60-67
වසභ                                                                                    67-111
වංකානාසික තිස්ස                                                                      111-114
ගජබාහුක ගාමිණි ( ගජබාහු I ,ගජබා )                                114 -136
මහල්ලක නාග                                                                       136 – 143
භාතික තිස්ස (බාතිය)                                                                143 – 167
කණිට්ඨ තිස්ස                                                                        167 -186
බුජ්ජ නාග                                                                             186 –
කුංචනාග                                                                              187 – 189
සිරිනාග I                                                                          189 – 209
වොහාරික තිස්ස   (වේර තිස්ස )                                               209 – 231
අභය  නාග                                                                    231   - 240
සිරිනාග II                                                                         240 – 242
විජය කුමාර                                                                  242 – 243
සංඝතිස්ස II                                                                     243 -247
සිරිසංඝබෝධි  ( දැහැමි සිරිසගබෝ)                                       247 -249
ඝොඨාභය හෙවත් මේඝවන්න අභය ( ගොළු  අබා)                249 -262
ජෙට්ඨ තිස්ස I                263 -273
මහාසේන (මහසෙන්)    274 – 301


සිරි මේඝවණ්න ( කිත්සිරිමෙවන් )
301 -328
ජෙට්ඨතිස්ස  II
328-337
බුද්ධදාස
337 -365
උපතිස්ස I
365 – 406
මහානාම
406 – 428
වට්ටගාහක ජන්තු
428
මිත්තසේන ( මිත්සෙන් )
428 -429
පණ්ඩු
429 – 434
පාරින්ද
434 – 437
බුද්ද පාරින්ද
437 – 452
තිරිතර
452
දාඨිය
452 -455
පීඨිය
455
ධාතුසේන
455 – 473
කස්සප ( සීගිරි කසුබු)
473  – 491
මොග්ගලාන ( මුගලන්)
491 – 508
කුමාර ධාතුසේන ( කුමරදස් ,කුමාරදාස )
508 -516
කිත්තිසේන
516  – 517
සිව
517
උපතිස්ස II
517 – 518
සීලකාල ,අම්බසාමනේර
518 -531
දාඨපභූත   (දාපලු සෙන්)
531 -
මොග්ගලාන ( දල මුගලන් )
531 -551
කිත්සිරිමේභ ( කුඩා කිත්සිරිමෙවන් )
551 -569
මහානාග
569  – 571
අග්බෝධි I ( අක්බෝ )
571 – 604
අග්බෝධි II  ( තුඩා අක්බෝ)
604 – 614
සංඝතිස්ස II
614
මොග්ගලාන  III ( දල මුගලන් ළමැණි බෝනා මුගලන්)
614 – 619
සීලාඝමේඝවන්න
619 – 628
අග්ගබෝධි III  (සිරිසංඝබෝධි   සිරිගබෝ )
628
ජෙට්ඨතිස්ස
628
අග්ගබෝධි III  (සිරිසංඝබෝධි   සිරිගබෝ ) යලි රජ පැමිනේ
629 – 639
දාඨෝපතිස්ස
629 -650
කස්සප  I
650 -659
දප්පුළු I
659
හත්ථදාඨ
659 -667
අග්ගබෝධි  IV  (සිරිසංඝබෝධි ,සිරිසගබෝ )
667 – 683
දට්ට
683 -4
හත්ථදාඨ II
684
මානවම්ම
684 – 718
අග්ගබෝධි  V  ( අක්බෝ )
718 – 724
කස්සප III  (කසුබු,සුළු කසුබු )
724 -730
මහින්ද I
730 – 733
අග්ගබෝධි  VI (සීලාමේඝ)
733 – 772
අග්ගබෝධි  VII
772 -777
මහින්ද  II    (සීලාමේඝ)
777 – 797
උදය I
797 -801
මහින්ද  III
801 – 804
අග්ගබෝධි  VII
804 – 815
දප්පුල II
815 -831
අග්ගබෝධි  IX
831 – 833
සේන I
833 – 853
සේන II
853 – 887
උදය II
887 – 898
කස්සප  IV
898 – 914
කස්සප V
914 – 923
දප්පුල III
923 – 924
දප්පුල IV
924 – 935
උදය  III
935 – 938
සේන  III
938 – 946
උදය     IV
946 – 954
       සේන     IV
954 – 956
මහින්ද    I
956 – 972
සේන     V
972 – 982
මහින්ද   V   (මිහිදු  )
982 – 1029
මහින්ද රජතුමා ක්‍රිව 1017 දී සිය බිසවත් සමග සොළින් විසින් තම දේශයට පිටුවහල් කරනු ලැබු බව සදහන් අදහසක්ද තිබේ.
ක්‍රිව  1029  දී  අනුරාධපුර රාජධාණිය බිද වැටී ‍පොලන්නරුව අග නගරය කරගෙන පාලනය ආරම්භ වී ඇත.



notes of imaginary

දුක සැප දන්නා නිරින්දෝ.




මිදුමේ පාවෙනවා මිසක් මොනවත් අළුත් දෙයක් නැහැ.
දවසේ දේශපාලන ප්‍රවෘත්ති බලපුවම හොදටම ඇති වෙනත් විනෝදාත්මක යමක් ගැන හිතන්න ඕන නැහැ. 
ඒ මදිවට රජයේ නිලධාරිනුත් ඒ වල්ලට එකතු වෙලා. අංක එක පොලිස්පති තුමා !.
ඩොලරය අම්බානට ඉහල යනවා. 
කාන්තාවෝ ගැන හිතන්න අවශ්‍ය නැති පාලකයෝ ( සමනල සමාජය ) සනීපාරක්‍ෂක තුවා වලටත් 100% ක් බදු ගහලා. මගේ මුණු පොතේ හිතවත් කමල් අලහකෝන් මේක සිහි කර කර ඉන්න කොටදෝ සොනාල ගුණවර්ධන  ලියපු  කතා වස්තුවක් ෂෙයාර් කරලා තිබ්බා. ඕන් මිදුම ඒක  කියවලා බලන්න පිටපත් කලා. සොනාල ගුණවර්ධන සහෝදරයා විරුද්ධවෙන එකක් නැහැ. මම හිතනවා.




“පැණි අමුඩ කතා වස්තුව”


එක් සම‍යෙක්හි ජම්බුද්වීපයෙහි පුලතිසි මෙත්පල් නිරිදාණන්, අග්‍ර පුරෝහිත මොළසිංහයාණන් හා එක්වැ දැහැමෙන් සෙමින් රාජ්‍ය විචාරණ සමයේ එනුවර ස්ත්‍රී සමුහයා රජ මාළිගාව ඉදිරිපිට රැස්ව මහත් වූ ශබ්ද නගන්නට වූ හ. දෙසවන බිහිරි කරවන ස්ත්‍රී සමුහයා ගේ ඝෝෂාව කන වැකුණු ඇසිල්ලෙහි ම මෙත්පල් නිරිදාණන් ස්ත්‍රීන් කවර කරුණක් අරභයා ඝෝෂා කරනේදැයි දැනගනු වස්, මාළිගයේ මුර සෙබළෙකු ස්ත්‍රීන් සමුහයා වෙත පිටත් කර යැවූ හ.
" නැගිණියනි, තොප සමුහයා කුමන කරුණක් අරභයා ඝෝෂා කරන්නෙහු ද?" සෙබළා ඇසී ය.
"රාජ පුරුෂය, අපගේ මාස් ශුද්ධිය වන කල්හි යොදා ගන්නා පැණි අමුඩ රෙදි කඩටත් රජ වාසලෙන් සියයට සියයක් වූ බද්දක් නියම කොට ඇත්තාහු ය. ඉදින් දැන් අපගේ ශුද්ධිය වන සමයේ අහවල් තැන වසා ගන්නේ වෙල්ලවැහුමකින් දැ යි ස්ත්‍රී තොමෝ පෙරලා ප්‍රශ්න නගන්නට වූ හ. "
"රාජ පුරුෂය, මෙබඳු බද්දක් අසාධාරණ යැ, නොහොබින්නේ යැ , යහපත පිණිස නොවන්නේ යැ' යි එක හඬින් කී හ. ඉදින් මෙකරුණු නොපමාව උන්වහන්සේට සැළ කරව, නැතහොත් උන් වහන්සේ පසු දින පත්‍රය පිටවන තෙක් උකටලීව කජු බුදිමින් කල් යවා රාත්‍රී දහයට සැතපෙනු ඇත්තේ යැ' යි " කී හ.
රාජ පුරුෂ තෙමේ ද රජ වාසලට වැද, රජු ඉදිරියේ ගෞරව දක්වා ස්ත්‍රී සමුහයාගේ දුක් ගැනවිල්ල සැළ කරන්නා හු ය.
ඉක්බිති රජුන් වහන්සේ " මා මෙබඳු කරුණක් ගැන දැනුවත් නැත්තේ යැ . නිසැකවම මෙය අග්‍ර පුරෝහිත මොළසිංහයාණන් රට වැසියා මා හා බිඳ වන්නට කෙරූ උපායක් වෙන්නට ඇතැ 'යි" කී සේක.
"වහාම අග්‍ර පුරෝහිතයන් මා අභියසට කැඳවණු" යි රජුන් වහන්සේ රාජ පුරුෂන්ට අණ කළ සේක.
අග්‍ර පුරෝහිත මොළ සිංහයාණන් කල් නොයවා රජුන් ඉදිරියේ පෙනී සිටියා හු ය.
"අග්‍ර පුරෝහිත, තමුන් ස්ත්‍රීන් ගේ පැණි අමුඩ රෙදි කඩටත් බද්දක් පනවා ඇති බව සැබෑවක් ද ?" ඇසූ හ.
"එසේය.. මහ රජතුමණි" අග්‍ර පුරෝහිත පිළිතුරු දුන්නා හ.
"තොප මා දැනුවත් නොකොට එබඳු අසාධාරණ, යුක්ති නොවන බදු අය කරන්නේ මන්දැ " යි රජුන් වහන්සේ කෝපයෙන් ඇසු සේක.
" දේවයන් වහන්ස, කමා වුව මැනව..මටත්, භාණ්ඩාගාරය භාරව සිටින ඇමැතිටත්, තවත් මැති ඇමතීන් කීප දෙනෙකුටත් ස්ත්‍රීන් ප්‍රිය නැත්තා හ..අපට ස්ත්‍රීන්ගේ මාසික ශුද්ධිය ගැන අවබෝධයක් ද නැත්තා හ.. ඉදින් රාජ්‍යයේ මුදල් අහේනියක් ද ඇති බැවින් පුරුෂන්ට හානි නොවන බද්දක් පැනවීමට අප තීරණය කළෙමු" යි කී හ.
එ බස් අසා කිපුනු පුලතිසි මෙත්පල් නිරිදාණන්
" රාජ පුරුෂය වහාම මඩු වලිගයක් ගෙන එයින් සියක් වාරයක් අග්‍ර පුරෝහිතයන් තලා රජ වීදියෙහි පිස්සෙකු මෙන් ඇවිද්දවනු 'යි අණ කළා හු ය.
ඉක්බිති මෙත්පල් නිරිදාණෝ පැණි අමුඩ බද්දත් අහෝසි කොට දමා අර්ථයෙන් ධර්මයෙන් දෙසමින් රට පාලනය කළෝ යැයි මෙයින් දත යුතු.
පැණි අමුඩ කතා වස්තුව මෙතකින් නිමියේ වෙයි!
---සොනාල ගුණවර්ධන



notes of imaginary

Sunday, September 02, 2018

මඩු - මණ්ඩපය.

 කෘෂිකර්ම සශ්‍රීකත්‍වය ගම්වාසීන්ගේ රෝග නිවාරනය වෙනුවෙන් පත්තිනි දෙවියන්ගේ  පිහිට පතා  කරනු ලබන ශාන්ති කර්මයට පහන් මඩු උත්සවය ලෙසින් හැදින්වෙනවා. අපේ ගමෙත් පත්තිනි දේවාලයක් තියෙනවා. මෙම දේවාලයට අවුරුදු දෙසියක පමණ ඉතිහාසයක් පවතින බවයි පැවසෙන්නේ.මෙම දේවාලයේත් වාර්ෂිකව පහන් මඩු උත්සවයක් පවත්වනවා.
අපේ ගමේ පහන් මඩුදා 
පහන් මඩුවක්දා ශිල්පියෙක් පැලද සිටි මුහුනක් 


 අතීතයේ සිට පැවතෙන මෙම චාරිත්‍ර විධි ගම්මඩුව,දෙවොල් මඩුව,පූණ මඩුව,මල් මඩුව,ගිණිමඩුව,ගරා මඩුව ආදී වශයෙන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට හදුන්වනවා.
ඒ වගේම ප්‍රදේශයෙන් ප්‍රදේශයට මෙම උත්සවය පවත්වන ආකාරයේද සුළු සුළු වෙනස් කම් දක්නට ලැබෙනවා. “ මඩුව ” යන්න මණ්ඩපය යන්නෙන් අරුත් ගන්නනවා.
මේ යාතු කර්මයන් ද අපිට ඉන්දියාවෙන් ලැබුන ආභාෂයක්. ලංකාවේ දෙවෙල් මඩු ආරම්භය පිලිබද පුරා වෘත්තය මෙසේ පැවසෙනවා.

ඉන්දියාවේ චෝල රාජ්‍ය කාලයේ “සේරනාම් ” නම් රජුගේ උයනට ගෝනෙකු එන සිරිතක් තිබුනා මේ ගෝනා උයන පාළු කරන බැවින් රජු තම හේවායින්ට අණ කලා ඌ පරා දමන්නට.
හේවායින් ගෝනා අඹා යන විට ඌගේ පය පැකිලී අසල තිබු පොකුනට වැටී මරණයට පත්වෙනා. මෙම ගෝනා ගැබ්බර අවස්ථාවේ සිටි සතෙක්.අධික වේදනා විද රජු කෙරෙහි වෛරී සිතිවිල්ලෙන් ඈ මියයනවා.
මියගොස් එම උයනේ පොකුනේම  මැඩියෙක්ව නැවත ඉපදෙනවා.
දිනක් රජතුමා උයන් කෙළියේ පැමින මෙම පොකුන අසලට එනවා. පොකුනේ පිපි මානෙල් මලක් නෙලා ගෙන සුවද අඝ්‍රානය කරනවා.ඒ අවස්ථාවේ  මැඩියා මල යට රිංගාගෙන සිට,රජුගේ නාසයට විෂක් නිකුත් කරනවා.
මේ හේතුවෙන් රජුට දරුණු හිසරදයක් ඇතිවෙනවා.මොනතරම් ප්‍රතිකර්ම කලත් හිසරදය සුව නොවු රජු දිනක සිහිනයකින් රුමත් කන්තාවක දකිනවා.
ඒ බව පසුදින තම පුරෝහිත බමුනාගෙන් මෙම සිහිනයේ අරුත විමසු කල ඔහු පිළිවදන් දෙන්නේ  සිහිනයෙන් දුටු  කාන්තාව පත්තිනි දේවිය බවයි.

ඇගේ සාපයකින්  හිසරදය වැළදී ඇති බැවින් නිර්මල බුද්ධ ශාසනයත්   සතර මහා දේවාලත් ඇති  රටකට ගොස්  දින හතක් දුගී මගී යාචකයින්ට දන් දී පත්තිනි දේවියට පිං පැමිණිය යුතු බවට පුරෝහිත බමුනා උපදෙස් දෙනවා.මීට සුදුසුම රට ලංකාව බව පුරෝහිත බමුනා රජුට සැල කිරීමෙන් පසු රජු වත්තලින් මේ රටට පැමිනෙනවා.පලමුව කැලණියට ගොස් බුදුන් වැද රුවන්වැල්ලේදී  දෙවොල් මඩුවක් කර පත්තිනිදේවියට පිංපෙත් දුන් බවත්, එදා පටන් රජුගේ හිසරුදාව සුව වු බවත් පැවසෙනවා.

notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon