Friday, June 28, 2024

දුුඹුරු සීනී




උක් පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෙක් එක්ක කරපු සාකච්ඡාවක දී දැනගන්න ලැබුණු දෙයක් හුදීජන පහන්  සංවේගය සඳහා ලියලා තියන්න හිතුනා. කතාව මෙහෙමයි, සීනි නිෂ්පාදනයේ දී මුලින්ම හැදෙන්නේ දුඹුරු සීනි. ඒ හැදෙන දුඹුරු සීනි වලට තවත් වියදමක් කරලා ගෙන්දගම් සහ වෙනත් විරංජක රසායනික ද්‍රව්‍ය දාලා සුදු සීනි බවට පත් කරනවා. සුදු සීනි ඒ හින්දා දුඹුරු සීනි වලට වඩා පිළිකාකාරකයි, මේ කතාව ගොඩ දෙනෙක් දන්නවා. සමහරවිට ඔබ නොදන්න කතාව මෙන්න...
සෞඛ්‍යමය හේතු නිසා දැන් දැන් ලංකාවෙ වැඩිපුර ඉල්ලුම තියෙන්නේ දුඹුරු සීනි වලට. එත් දුඹුරු සීනි කල් තියාගන්න බෑ. තෙත ගතියෙන් යුක්තයි. ටික කලක් ගිහිල්ලා පැසීම නිසා මද්‍යසාරමය සුවඳක් එනවා. ඒ නිසා කර්මාන්ත ශාලාවලින් වැඩිපුර නිෂ්පාදනය වෙන්නෙත්, ආනයන කරන සීනිත් සුදු සීනි. දුඹුරු සීනි වලට තියෙන මෙම සෞඛ්‍යමය ඉල්ලුම නිසා තොග පිටින් සුදු සීනි ලබාගන්නා කර්මාන්තකරුවන් ඒවට ඩයි දාලා දුඹුරු සීනි බවට පරිවර්තනය කරනවා .
හොඳම දුඹුරු සීනි හම්බුනොත් හොඳයි. ඩයි දාපු දුඹුරු සීනි හම්බුනොත් ඒව සුදු සීනි වලටත් වඩා පිළිකා කාරකයි...
ඩයි දාපු දුඹුරු සීනි අඳුනගන්නේ මෙහෙමයි. ඒව තෙත ගතියෙන් යුක්ත නෑ. ඒකාකාරීව දුඹුරු පාට නෑ සමහර ඇට වැඩිපුර දුඹුරුයි සමහර ඇට ටිකක් සුදුයි.
මේක ශෙයා කරොත් තව කෙනෙක් පිළිකාවකින් බේරෙයි....
උපුටා ගැනීමකී.
A day in the life

Thursday, June 27, 2024

අසදෘශ දානය.





එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් පමණ භික්ෂූන් පිරිවරකොට ගෙන සැරිසරන සේක්, සැවැත් නුවර වැඩ දෙවුරමට පැමිණි සේක. කොසොල් රජ විහාරයට ගොස් භාග්‍යවතුන් වහන්සේට නිමන්ත්‍රණය කොට පසු දා මහා ආගන්තුක දානයක් දුන්නේ ය. නුවර වැසියෝ එය දැක පසු දිනයෙහි තුමූ ද මහ දන් පිළියෙල කොට භාග්‍යවතුන් වහන්සේ සහිත භික්ෂු පිරිසට සත්කාර කළහ. එහි “අපේ දානයත් මහරජ තෙමේ දකීවා” යි කියා පණිවුඩ යැවූහ. රජ ද අවුත් ඒ දැක තමා දුන් දනට වඩා නගරවාසීන් දුන් දන උත්තරීතර බව සලකා එයටත් වඩා උසස් ලෙස පසු දා දන් පැවැත්වීය. එයට පසු නගර වාසීහු රජු ගේ දනටත් වඩා මහත් ලෙස දන් දුන්නෝ ය. මෙසේ රජු ද නගරවාසීහු ද දෙපක්ෂයෙක් වී ඔවුනොවුන් පැරැදවීමට දන් දෙන්නෝ ස වරක් මහදන් පැවැත්වූහ. ස වන වාරයේ දී මේ නම් දෑ මෙහි නැතැ යි නො කිය හැකි පරිදි සියලු දානෝපකරණයෙන් සම්පූර්ණ කොට රජු ගේ දානයටත් වඩා සිය දහස් ගුණයෙන් මහත් ලෙස නාගරිකයෝ දන් පැවැත්තූහ. එයට වඩා උත්තරීතර ලෙස දන් දිය නොහැකි යැ” යි සිතූ රජ තෙම ලැජ්ජාවටත් කනගාටුවටත් පත් වැ ඇඳෙහි හෙව “කුමක් කරම් දැ” යි සිත සිතා හුන්නේ ය. මල්ලිකා දේවී ඒ දැක තොරතුරු අසා කිසිසේත් නගරවාසීන් විසින් පිළියෙල නො කළැකි සේ දන් දිය යුතු සැටි කියන්නී, පහත සඳහන් පරිදි සැළ කළා ය. “මහරජ, බුදුරජාණන් වහන්සේටත් උන් වහන්සේ ගේ නිත්‍ය පරිවාර පන්සියයක් දෙනා වහන්සේටත් ඉන්නට දාන ශාලායෙහි සල් පුවරු පිට ම අසුන් පිළියෙල කළ මැනව. සෙසු වහන්සේට ඉන් පිටතින් අසුන් පිළියෙල කළ මැනව. ඒ පන්සිය නමට එක එක කුඩය බැගින් සුදු කුඩ පන්සියයක් අල්ලා ගෙන ඉන්නට ඇතුන් පන්සීයක් යෙදුව මැනව. මණ්ඩපය මැද රන් පුවරු අටක් හෝ දහයක් කරවාලුව මැනව. භික්ෂූන් වහන්සේ දෙදෙනෙකුන් අතරෙහි එක එක රජ කුමරියක බැගින් ඉඳ සුවඳ ඇඹරිය යුතු ය. සෙසු කුමරියක විසින් ඒ ඇඹරූ සුවඳ ගෙන මඩුව මැද රන් පුවරුවලැ ලෑ යුතු ය. ඔවුනතුරෙන් සමහර කුමරියන් විසින් නිල් මානෙල් මල් මිටිය බැගින් ගෙන රන් පෝරුවලැ ලූ සුවඳෙහි ගල ගලා සුවඳ ගැන්විය යුතු ය. එක එක කුමරිය භික්ෂූන් දෙනමකට විජිනිපතින් පවන් සලමින් සිටිය යුතු ය. මේ සියලු දෑ සම්පූර්ණ කරන්නට ඔබ මිස නුවර වැස්සන් විසින් නො හැකි ය. මෙසේ කොට මහ දන් පිළියෙල කළ මැනව. එවිට නුවර වැස්සෝ පරදිති” යි කීවා ය.
බිසව කී බස් ඇසූ රජ සතුටු වැ එසේම සියල්ල පිළියෙල කැරැවී ය. ඉක්බිති බුද්‍ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ එහි වැඩම කරවා දන් වළඳවා භාග්‍යවතුන් වහන්සේ වැඳ “ස්වාමීනි, මේ දන් හලෙහි ඇති බඩු සියල්ල ඔබ ට ම දෙමි” යි කීය. මේ එකම දවසෙහි දුන් මහදන් සඳහා තුදුස් කෝටියක් ධනය වියදම් විය. භාග්‍යවතුන් වහන්සේට පිළියෙල කළ සුදු කුඩය ද, පුටුව ද පාත්‍රය තිබු වළල්ල ද, පාපුටු ද යන සතරේ අගය පමණ කළ හැකි නො වන තරම් ය. සතියක් ම රජ මෙසේ දන් පැවැත්වී ය. අන් කිසිවකු විසින් දිය නො හැකි තරම් වූ මේ මහ දානය අසදෘශ දාන නමින් ප්‍රසිද්‍ධ වී ය. ඉක්බිති ඒ පරිදිම අනේපිඬු සිටු තෙමේත් තුන් දිනක් දන් දුන්නේ ය. විශාඛා උපාසිකාව ද එසේම තෙ දිනක් දන් පැවැත්තුවා ය. මෙසේ පැවතුණ මේ අසදෘශ දානයේ තොරතුරු සියලු දඹදිව පතළ වී ය.
මෙයින් මහජනයා අතර,

දාන විපාක

“මහත් ධනය වියදම් කළ පමණින් ම දාන ඵල මහත් වන්නේ ද? නැත හොත් තමාට හැකි පමණින් දීමෙන් ම ඵල මහත් වන්නේ දැ?” යි කථාවෙක් ඇති විය. භික්ෂූහු ඒ කථාව අසා භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ.

“මහණෙනි, දාන වස්තුව මහත් වූ පමණින් දානය මහත් ඵල නො වේ. හිත පැහැදීමෙනුත් දන් ලබනා පුද්ගලයන්ගේ ගුණ මහත්වයෙනුත් මහත් ඵල ඇති වන්නේ ය. එබැවින් කුඩු මිටක්, රෙදි කඩක්, තණ හෝ කොළ ඇතිරියක්, ගෝමුත්‍ර අරළු කඩක් පමණ වුවද පිරිසිදු සිතින් දක්ෂිණාර්හ පුද්ගලයනට දෙන ලද්දේ නම් එය මහත් ඵල මහත් අනුසස් වන්නේ යැ”යි වදාළ සේක.

දන් පැවැත්වීම
ඒ කථාව රටේ පැතිරිණ. මිනිස්සු තම තමන් ගේ වත් පෝසත් කමේ හැටියට මහණ බමුණු දුගී මඟී යදියනට විශේෂයෙන් දන් දීම පටන් ගත්හ. තම තමන්ගේ ගෙ මිදුල් හි සැළිවලැ පැන් පුරවා යන එන්නන්ගේ ප්‍රයෝජනය පිණිස තැබ වූහ. එසේම දුගී මඟී යාචකාදීන් ගේ පහසුව සලකා දොරටුවලැ අසුන් පණවා තැබූහ.







A day in the life

ලොකුවට බුද්ධ පූජා තියන්න ඕන ද?



 

මෙච්චර ලොකුවට බුද්ධ පූජා තියන්න ඕන ද?
සාමන්‍ය ගෙදරක කරන බුද්ධ පූජාවකුයි පිරිසක් එකතු වෙලා කරන බුද්ධ පූජාවකුයි අතර තියෙන වෙනස තමයි පිරිස එකතු වෙලා කරන පූජාව විශාල දෙයක් වගේ පේනවා. ඒ වගේ විශාල පින්කම්වලට අනුරූප විපාක නෑ කියලා කාට හරි හිතෙන්නේ " නත්ථි යිට්ඨං" ( මහා පූජාවන් හි විපාක නැත) කියලා හිතෙන මිත්‍යාදෘෂ්ටිය නිසා.
මේවා දුප්පත් මිනිස්සුන්ට, දානේ හිඟ පන්සල්වලට දෙන්න බැරි ද?
පුළුවන්. හැබැයි දානමය කුශලය අග්‍රඵල වන්නේ ප්‍රතිග්‍රාහකයා ගේ අසරණකම අනුව නෙමෙයි ප්‍රතිග්‍රාහකයා ගේ ගුණවත්කම අනුව. බුදුන් වහන්සේට පූජා කරන දානය අග්‍රඵලයි. මහත්ඵල මහානිසංසයි. ( දක්ෂිණ විභංග සූත්‍රය | මජ්ඣිම නිකාය)
(හොඳට බලන්න..සත්තුන්ට, දුප්පතුන්ට, පිළිකා රෝහලට ආහාර වේලක් හරි දෙන්නෙත් බුද්ධ පූජාව තියෙන මිනිස්සුම තමයි.)

ඔය සිමෙන්ති පිළිම දානේ වළඳනව ද?
පිළිම දානේ වළඳන්නේ නෑ. බුදු දහම සිත මූලික කරගත්ත දහමක් නිසා බුද්ධ පූජාවන් සිදු කරන පිරිස ඒ දානමය කාර්යයන් කරන්නේ ජීවමාන බුදුන්ට කරන දානයක් හැටියට සලකලා. මේවා ගැන බෞද්ධයන්ට යම් හෝ අවබෝධයක් ලැබෙන්න නම් අභිධර්මයේ චිත්ත කාණ්ඩයේ තියෙන කාමාවචර කුසල් සිත්, විපාක සිත්, ක්‍රියා සිත් ගැන පොඩි අධ්‍යනයක් හරි කරලා තියෙන්න ඕන. මේ ගැන වැඩිදුර දැන ගන්න ඕන නං මිලින්ද ප්‍රශ්නයේ එන "පූජා අප්‍රතිග්‍රහණ ප්‍රශ්නය " බලන්න.
ජීවමානව නැති බුදු කෙනෙක්ට දාන මොකටද ?
තිට්‌ඨන්‌තෙ නිබ්‌බුතෙ චාපි
සමෙ චිත්‌තෙ සමං ඵලං
චෙතොපණිධිහෙතුහි
සත්‌තා ගච්‌ඡන්‌ති සුග්‌ගතිංති
(තේරුම : ඒ උතුම් ගුණ දරණ බුදු, පසේබුදු, මහා රහතන් වහන්සේලා ජීවමානව වැඩ සිටිය ද, නොසිටිය ද, උන් වහන්සේලාගේ උතුම් ගුණ සිහිකොට ජීවමාන වූ කලෙක ලෙසින් ම බලවත් ශ්‍රද්ධා පිහිටුවා වන්දනා මාන කරයි ද, උපස්ථානාදිය සිදු කරයි ද චිත්තප්‍රසාදය සමාන වන බැවින් ඒ තැනැත්තාට ඒ කුසලය හේතුවෙන් ලැබෙනා කුසල විපාකය ද සමාන වේ. උතුම් බුද්ධාදී උතුමන් කෙරෙහි සිත පහදවා ගැනීම හේතු කරගෙන සත්වයන් සුගතියට යන්නාහ යනු බුද්ධාවවාදය යි.)
සූත්‍ර පිටකය | ඛුද්දක නිකාය | විමානවත්ථුපාළි
ඉතිං ඔය වගේ මහා පරිමාණ සෝබන දාන දෙන්න ඕන නෑ නේ " චේතනාව " විතරක් ඇතිකර ගත්තා නං ඇති නෙ?
මේ ප්‍රශ්නය එන්නෙත් පරමාර්ථ ධර්ම ගැන අවබෝධයක් නැති නිසා. චේතානාව කොටස් 3 ක් තියෙනවා. දාන චේතනාව සම්පූර්ණ වෙන්නෙ මේ ආකාරයට.
පූර්ව චේතනාව - දානය ප්‍ර‍තිග්‍රාහකයන්ගේ අතට පත් කිරීමට පළමු ඒ දාන ක්‍රියාව සම්බන්ධයෙන් ඇතිවන්නා වූ චේතනාව.
මුඤ්චන චේතනා - දානය ප්‍ර‍තිග්‍රාහකයන්ට පිරිනමන්නා වූ හෙවත් ප්‍ර‍තිග්‍රාහකයන් අතට පත් කරන්නා වූ චේතනාව.
අපර චේතනා - දාන ප්‍ර‍තිග්‍රාහකයන්ට පිරිනැමීමෙන් පසු එය සම්බන්ධයෙන් ඇති වන්නා වූ චේතනා රාශිය.
එතකොට මේ මහා පරිමාණයෙන් ඉතුරු වෙන ආහාරවලට මොකද කරන්නේ?
ඒවා අවශ්‍ය නම් භික්ෂුන් වහන්සේලාට හෝ ගිහියන්ට පරිභෝජනය කරන්න පුළුවන්. මේ ගැන වැඩිදුර දැන ගන්න ඕන නං දක්ෂිණ විභංග සූත්‍රය කියවලා අටුවාවත් කියවන්න පුළුවන්.
බුදු හාමුදුරුවොන්ට පූජා කරන දානයට වඩා ආනිශංස නැද්ද ධර්මයේ හැසිරුණොත්?
අසුර සැණක් තරම් සුළු මොහොතක් " අනිත්‍ය සංඥාව " වඩනවා නම් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන දානයෙන් ලැබෙන කුසලයට වඩා මහත්ඵලයි.මහානිසංසයි.
(වේලාම සූත්‍රය | අංගුත්තර නිකාය)
බුදු දහමේ මූලික කරුණුවත් දන්නෙ නැති බෞද්ධයෝ අනිත්‍ය සංඥාවක් වඩයි ද ?
මේ වගේ දානමය පිංකම් දැකලා සිත පහදවා ගන්නවා වෙනුවට ටිපර් වෙන්නේ ඇයි?
එහෙම වෙන්නෙත් ධර්මය ගැන තියෙන අනවබෝධය නිසා. විශේෂයෙන්ම මේ වගේ දානමය පිංකමක් දැක්කහම ගරහන්නෙත් බෞද්ධයෝ වීම ම තමයි තියෙන ලොකුම කණගාටුව.
=================
සොනාල ගුණවර්ධන
උපුටා ගැන්මකි
Sonala Gunawardana

මේ වියමන මෙටාවේ බෙදා ගත්තම මේ ප්‍රතිචාර ලැබුනා.

 

  • බොරු සෝබන
  • කට්ටියටම තවම බුදු බණ වැටහිලා නැහැ. නිවන් මග සාක්ශාත් කරගන්න මෙහෙම ශෝභන වැඩ වලින් පුලුවන් නම් රජවරු, සිටුවරු එකෙක්වත් අපාගත වෙන්නෙ නැහැ . කඩි රෑනක් දුටු බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට පැවසුවාලු පෙර මහා රජවරුත් එතණ ඉන්නවා කියල. අත් හැරීම පුරුදු කල බුදු පියානෝ මේ මෝඩ ක්‍රියා දුටුවානම් ලංකාවට පය තියන එකක් නැහැ .
  • බුදු බණ මෙනෙහි කරන්න. පියවි සිහියෙන් වැඩකරන්න. රාග ද්වේශ, මෝහ දුරුකරන්න. මේ මෝහයෙන් කරන වැඩ. දාන මාන කිරීමේදී සෝභන වැඩ වලින් වළකින්න. කට්ලට්ස්, එලවලු රොටී, බනිස් , සුකුරුත්තන් කෑම, මොන දානෙකදිවත් ගෙදරකදි පූජා කරනව දැකල තියෙනවද? . ඉතින් මේ ශෝභන වැඩ නොවේද?
  • බුදු හාමුදුරුවෝ මෙවැනි වැඩ අනුමත නොකරාවි.
  • දක්ෂිණා විභංග සූත්‍රය දැන සිටින බැවින් මෙබඳු ප්‍රශ්න නැත......කොසොල් මහ රජු ගේ අසදෘශ මහා දානය දුටුවේ නම් ........අද සිටින්නවුන් කොසොල් රජු හා දේවිය මරා දමනු නිසැකය .
  • මෙහෙම මෙච්චර වළඳන්න යකෝ බුදුහාමුදුරුවො මොකෙක් වෙන්න ඕනිද මෝඩයිනේ බුදුහාමුදුරුවො මිනිහෙකුට දාව ගැහැණියකගේ කුසේ උපන් මනුස්ස පුත්‍ර යෙක්.එතුමාටත් තිබුනෙ අපිට තියෙන ආමාශයඔයම තමයි.
  • දහම තුලින් බුදුන් දකින්න ...හරිම සරලයි ...මේ පෙරේත තටු තියන එක නතර වෙයි එතකොට මේකෙ විසඳාගත යුතු දෙයක් දකිනව...මේකෙ සඳහන් විදියට දානයේ ආනිසංස තීරණය වෙන්නේ ප්‍රතිග්‍රාහකයාගේ අසරණ කම මත නොව..ප්‍රතිග්‍රාහකයාගේ ගුණය මත..ඒකෙන් දානය දෙන්නා ප්‍රතිග්‍රාහකයාව තෝරාගැනීමකට පොළඹවනවා අසරණ කෙනා මඟහැර ගුණවත් කෙනාට...ඒක තීරණය කරන්නේ ආනිසංස බලාපොරොත්තු වෙන්..ඒ කියන්නේ පුද්ගලයා ආනිසංස කෙරෙහි ඇතිකරවන බලාපොරොත්තු වෙන් සහ ලෝබ සහගත සිතෙන් තමයි එයට පොලඹවන්නේ..එතෙන්දි දානයේ මූලික පරමාර්ථය වන අත්හැරීම කියනදේ ඉටුවෙන්නේ නෑ කියලයි හිතෙන්නෙ...
    ගිලනුන්ට සහ සතුන්ට දන් දෙන්නෙත් බුද්ධ පූජාව තියන අයමයි කියන එකනම් පිළිගන්න අමාරුයි..එලෙස දන් දෙන අන්‍යාගමිකයන් වගේම නිරාගමික අයත්,බුද්ධ පූජාවන් නොදෙන අනුමත නොකරන බෞද්ධයනුත් දැකගන්න පුලුවන්..එය බුද්ධ පූජාව උත්කර්ශයට නඟන්න යොදාගත්ත ජනප්‍රිය කියමනක් විතරයි කියලයි හැඟෙන්නෙ..
    අනිත් ගැටලුව තමයි පෝස්ටුවෙම සඳහන් විදියට බුදු දහම සිත මූලික කරගත් දහමක්..එහෙනම් දානයක ආනිසංස කෙරෙහි බලපෑ යුත්තේ දන් දෙන්නාගේ සිතුවිලියි ...එහිදී ලබන්නාගේ ගුණවත්කම හෝ දුශ්ශීල බව කියන්නෙ සම්පූර්ණ යෙන්ම බාහිර කරුණක් නේද..?
  • අද දානය කියන්නෙම නිවන නැති වෙන වැඩක්.
සමහර විට හරියට වියමන ධාරණය වෙලා නෑ කියලත් හිතුනා. කොසොල් රජතුමාගේ අසදෘශ මහා දානය ගැන මම ඊලග වියමනනෙන් ඉඩ ගන්නම් 

 

A day in the life

Wednesday, June 26, 2024

පොඩ්ඩිගේ කතාව - එකලොස්වෙනි දිගහැරුම












 

අපි හැගීම් බරවුනාම මනස තුල ඇති වන්නේ කුණාටුවක් .මේ කුනාටුව අපේ මනස කලම්බනවා. අපේ හිතේ තියන නිහඩ බව සන්සුන් බව අපෙන් ඈත්වෙනවා. කුනාටුව ටිකින් ටික සන්සිදෙන විට මනස නිහඩ වෙනවා .සනසුන් වෙනවා.උපේක්ෂා සහගත වෙනවා. මනස සන්සුන් වුනාම තමයි සැබෑ තත්වය අවබෝධ වෙන්නේ. මනස නිහඩ වුනේ නැත්නම් හැගීම් බර විනිශ්චයන් කරා අපි යොමු වෙනවා.හැගීම් බර විනිශ්චයන් නිසා අපි කරදරයට පත් වෙනවා.
අපි හරි ආශයි හිතේ මවා ගත්ත දේවල් සැබෑ ලෝකයේ ඒ අයුරින්ම දකින්න.ඒවා පෞද්ගලික අයිතියක් ලෙසින් අත්පත් කරගන්න.හරි වැරද්ද තීරණය කරන්නේ ඒක පාර්ශීයව , ලස්සන , හොද නරක හැම දේකම මගේ අදහස් වල එල්ලී ගෙන ඉන්න උත්සහා කලාම හිත දර දඩු වෙනවා.
මටත් සමීරටත් උනේ ඒ්ක ද ?
අපි උපේක්ෂා සහගත වුනේම නැහැ. හැම අරගලයක්ම විසදන්න ගියේ කැත්තට පොල්ල න්‍යායෙන්.කතා සංවාද අවසන් වන්නේ හිත බිදවාගෙන......
කාලය ඉකුත් වෙලා . මේවා හිතන්න තිබුුුුනේ කලින්.
මමත් කම්පනය ජීවිතයෙන් ඈත් වෙන්න ඈත් වෙන්න සන්සුන් වෙන්න සන්සුන් වෙන්න......සැබෑව ගැන හිතන්න පටන් අරන්.
මගේ හිතට එන්නේ ලජ්ජාවක් .සේපාලී එක්කවත් මේවා මේ විදියට දිග අරින්න බැහැ. හිතේම ඉපදී හිතේම සාකච්චා කර මියයදෙන්නට ඉඩ හරිනවා මිස ගිය හකුරට නාඩා තියෙන හකුර රැකගන්න ඕනි කියන න්‍යායට හුරුවෙන්න ඕනි.
අම්මා වත්ත පිලිවෙලකට එලි පෙහෙලි කරගෙන ඇවිත් මට මිදුල සකස් කර ගන්න ඉඩ දුන්නා. මම උදේට කලයුතු දේවලට උපදෙස් දී මගේ දවස පටන් ගන්න යනවා.සතියක් විතර යන කොට ඒකලස් වුන මිදුල ,මල් පාත්ති . කප්පාදු කර සකස්කල පැරණි මල් ගස් හරියට අළුතෙන් ඉපදුනා වගෙයි.විවේක කාලය වතුර , පොහොර යොදලා සාත්තු සප්පායම් කරන්න කාලය යෙදුවාම හිතටත් සහනයක්
අපේ හිරවෙලා ඉන්න සංකල්පමය රාමුවෙන් ඒලියට එන්න ඒන්න ලෝකය ගොඩාක් පුළුල්ව පේන්න පටන් ගන්නවා. බැමි බැදලා හිර කරලා තිබුන දේවල් බැමි පුපුරවලා නිදහස් කරපුවම ගලාගෙන යන්නේ ආදරය , කරුනාව ,උපේක්ෂාව වගේ සංකල්පයන් ඔස්සේ .....
කොයිතරම් නිදහසක් හිතට එනවද ? මට මිදුලට බැහැලා උඩ පැනලා නටන්න තරම සැහැල්ලුවක්........
අම්මා අහයි උඹට පිස්සුද ?.......කියලා මතක් වෙන කොට ආයෙත් ම පොලවට සිතිවිලි පහත් වෙනවා.
සමීරත් සමග ජීවත්වු අතීතය ගැටුම් බලාපොරොත්තු කඩවීම් නොසලකා හැරීම් නිතරම වගේ කේන්තියෙන් සිටීම නිසා සිරුරටත් දැනුනේ මහත් වෙහෙසක්.
දැන් මේ අසීරුතාවන්ගෙන් මිදිලා. මනසට වගේම ගතටත් දැනෙන්නේ සැහැල්ලුවක් සතුටක්.
පන්සල නිවසින් බැහැරව සමාජයක් මගේ ජීවිතයට ඇතුල් කලා. ඒ තුලත් මට ලැබුනේ සහනයක්. ගැටුමින් තොරවු නිදහස්වු මනස ඵලදායි සමාජ සම්බන්ධතා ,අර්ථ සම්පන්න ජීවිත ගත කරන්නන් මුණගැස්සුවා.මේ අයත් සමග ඇතිවු සම්බන්ධතා නව දෘෂ්ඨියකින් බලන්නත් ඔවුන් හා සුසංයෝග වෙන්නත් මගේ ජීවිතය ටිකින් ටික හුරුකලා.
A day in the life

Tuesday, June 25, 2024

එක ළග චෛත්‍යය දෙකක්?..










 

ඇයි මේ එක ළග චෛත්‍යය දෙකක්?..
කෙනෙකුට මෙහෙම හිතෙන්න පුළුවන්
මේ පින්තුරයේ තියෙන ඔය චෛත්‍ය දෙකම තියෙන්නේ අනුරාධපුර මිහින්තලා පුදබිමේ..
එතකොට ඇයි මෙහෙම චෛත්‍ය දෙකක් එකතැන හදලා තියෙන්නේ ?..
එකට හේතුව දන්නවද?
ඔය තරමක් උඩින් තියෙන මහ සෑ රජාණන් වහන්සේ තනවා තිබෙන්නේ බුදු රජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතූන් වහන්සේ( බුදු රඡාණන් වහන්සේගේ දෙබැම මැද දකුණට කරකැවී ඉතා සුදු පැහැයෙන් ඇති මෘදු රෝමය)තැනපත් කර තනවා ඇති මහින්තලා මහ සෑයයි.
නමුත් ඊට පහලින් ඇති සෑය තමයි මිහිදු මහ සෑය..එය තනවා තිබෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ වලින් කොටසක් නිදන් කොට දේවානම්පියතිස්ස රජතුමාගේ බාල සොයුරු උත්තිය රජතුමා (ක්‍රි. පූ. 210-200) විසිනි. මිහින්තලා කඳු මුදුනත ඉදිකරන ලද බවට මහාවංශයේ සඳහන් සෑය මෙය වේ. මෙහි නටඹුන් අතර තිබූ ගඩොල් වල ඇති බ්‍රාහ්මී අක්ෂර ක්‍රි.පූ. සියවස් වලට අයත් වේ. මේ අනූව මෙම සෑය මෙරට ඇති පැරණිතම සෑ අතුරින් එකක් වේ.
මිහිදු මහරහතන් වහන්සේගේ අස්ථි ධාතූන් වහන්සේලා සහ අංගාර(මිහිදු මහරහතන් වහන්සේගේ දේහය ආදාහනයෙන් පසු ඉතිරි වූ අගුරැ)තැන්පත් කර තනවා තිබු සෑයයි..එහෙනම් මේ අලුතින්ම කල සෑයක් නොවෙයි..පැරණි තිබූ සෑයක්..
නමුත් නොයෙකුත් හේතුන් මත මෙම සෑය ගරාවැටෙන්නට විය.මෙය කෘතගුණ දත් සිංහල බෞද්ධයන් හට නොඉවසිය යුතු දෙයක් බව මම ඔබට අමුවෙන් කිව යුතු නොවේ..මොකද ලංකාවේ අපට බුදු දහම ගෙන ආ අපේ මිහිදු මහරහතන් වහසේ සිහි කර උන්වහන්සේගේ ධාතූන් වහන්සේලා තැනපත් කර තනවා තිබෙන සෑය මෙසේ ගරා වැටි විනාස විය යුතුද?
අද ලංකාවේ සෑම පන්සලකම පාහේ සෑයක් තිබෙනවා...ඒ හැම සෑයක්ම තනවන්නට අපට කීවේ කවුද?මග පෙන්නුවේ කවුද?..
ඔයාලා අද ආඩම්බරයෙන් කතා කරන අපේ සිංහල බෞද්ධ ඉතිහාසය ගොඩ නැගුවේ කවුද?
ලාංකේය ජාතියේ කොදුනාරටිය වන් අරහත් ධජය අපට හදුන්වා දුන්නේ කවුද?
සිල් ගන්න දාන මාන දෙන්න ඉගැන්නුවේ කවුද?
ඔයාලා හොය හොයා යන දන්සැල් අපට දෙන්න ඉගැන්නුවේ කවුද?
ලේ ඇස් ශරීරයේ කො⁣ටස් දන් දෙන්න ඉගැන්වූයේ කවුද?
කොටින්ම කිව්වොත් පින් පව් හොද නරක ඉගැන්වූයේ කවුද?
අද ලෝකයේ බුද්ධිමතුන් අතර වේගයෙන් පැතිර යන බුදු දහමේ දායාදය අපි ලෝකයට දෙන්න කලින් අපිට දුන්නේ කවුද?
ඒ තමයි මිහිදු මහරහතන් වහන්සේ..
උන්වහන්සේ අපට දෙවෙනි වෙන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි උන් වහන්සේ බුදු කෙනෙකු විසින් කල යුතු වූ සේවය බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් මේ ලංකාද්වීපයට කල සේක.ඒ නිසයි අපි උන් වහන්සේට අනු බුදු කියලා කියන්නේ..
ඉතිං එසේ උන්වහන්සේ සිදු කල සේවය අපට මිල කරන්න පුළුවන් ද ඒ ණය ගෙවන්න පුළුවන් ද?බෑ නේද..
2019 දි මහමෙව්නාව අසපුවේ පින්වත් කිරිබත්ගොඩ ඥානානන්ද ලොකු ස්වාමීන් වහන්සේ මේ ගැන සංවේදී වී උන්වහන්සේ සහ වර්තමානයේ මිහින්තලා විහාරාධිපති පින්වත් පුජ්‍ය ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ සමග එකතුවී සුවහසක් වූ සිව්දෙසින් ආ පින්වතුන්ගේත් මුදලින් සේම ශ්‍රමයෙන් නොයෙකුත් දෘෂ්‍ය අදෘෂ්‍ය බාදක මත කොතරම් ආවත් මේ මිහිදු මහ සෑය නැවත ප්‍රතිසංස්කරණ කිරීමට යෙදුනා..ඉතං ඊයෙ දින එහි නැවත මිහිදු මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා තැන්පත් කර මිහිදු මහ සෑය නැවතත් බුද්ධ සාසනයට පුජා කෙරැනා..
මෙය අපුරැ පින්කමක්..
මිහිදු මහරහතන් වහන්සේ ලක්දිවට දායාද කල
භික්ෂු
භික්ෂූණී
උපාසක
උපාසිකා
යන සිව්වනප්පිරිසම සිහිකරමින් මෙම උපහාරයට එකතු උනා...
උපසම්පදා භික්ෂූන් වහන්සේලාද 108 නමක්.
අනගාරිකා මෑණිවරැ 108ක්..
දස සිල් ගත් උපාසකවරැ 108ක්.
දස සිල් ගත් උපාසිකාවන් 108ක්.
ලංකාවේ සිව් දිගින් එකට එක්වී මිහිදු මහරහතන් වහන්සේට ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් උපහාර පුදජූජා පැවැත්වූවා...
ඉතිං මේ මහ සෑයවල් දෙකම මේ ලක්දිවට එකවිට පෑයු හිරැසදු සේ මේ ලක්දිව ඒකාලෝක කල
භාග්‍යයවතුන් වහන්සේ සහ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ සිහිපත් කර තැනූ මහ සෑ රජුන් වහන්සේලයි...
මට නම් එතනට ගියාම දැනු⁣නේම මගේ බුදු රජාණන් වහන්සේත් මිහිදු මහරහතන් වහන්සේත් අසලම උන්වහන්සේලාගේ සිව්රැවල වැදිආ සුළං පහස විදිමින්ම සිටියාක් මෙනි..
ඔබත් මෙම මහ සෑ රජාණන් වහන්සේලා වන්දනා කර උන්වහන්සේලාගේ ගූණ සිහිකර කෘතගුණ දක්වා අපමණ පින් සිදු කර ගන්න..
උන්වහන්සේලා නිවීසැනසුන ඒ නිවනටම ඒ පින් හේතු වනවා නිසැකයි
තෙරැවන් සරණයි

සටහන
Rumesh Dissanayake
උපුටා ගැනීමකි.

A day in the life

Monday, June 24, 2024

මී ගස. Mabhuca




පෙර රජ දරුවන් විසින් කැපුවොත් මරණ දඬුවම නියම කළ සුද්දන් විසින් කපා හෙලීමට අවසර දුන් මී ගස් ගැන......

“Mabhuca” නමින් උද්භිත විද්‍යානාමයෙන් හැදින්වෙන මිගස විශේෂ 7ක් ලෝකය පුරා දැකිය හැකිය. මෙම විශේෂ 7 න් 4ක්ම අප රටට ආවේනික ශාක වීම විශේෂත්වයකි.
මීගස ඍජු කඳ සහිතව අඩි 50 ක් 60 ක් ක් පමණ උසට වර්ධනය වේ. මෙහි නොමේරු කොළ සහ ළපටි කොටස් වල සියුම් බූවක් දක්නට ලැබේ. ඝණ පොත්ත අළු පැහැයක් ගනී.
මී මල් වල ඇත්තේ කහපාටට හුරු සුදුපාටකි. කොළ පාටට හුරු කහපාට ඵලවල ඇතුලේ දිලිසෙන සුළු බීජ ඇත. මෙම මීමල් හටගන්නේ ජූනි, ජූලි මාසවලය.
අපරටේ හමුවන පරිසර හිතකාමීම ශාකය මී ගසයි.
එදා රජ දවස දේවානම්පියතිස්ස රජතුමා මෙම මීගස කැපීම මරණදණ්ඩනය ලැබීමට හේතුවක් ලෙස සදහන් කලා. එසේ වුවත් 1833 සුද්දන් විසින් ඉදිරිපත් කල කෝල්බෲක් ප්‍රතිසංස්කරණය මගින් මී ගස කැපීමට ලංකාවේ වැසියන්ට අවසර ලැබෙනවා. එපමණක් නොව අපේම රටේ වැසියන් ලවා මෙම මීගස් කපාහෙල බවත් සඳහන්.
ඇයි? එදා අපේ රජවරුන් මෙම ශාඛය රැකීමටත් විදේශිකයන් මෙය විනාශ කිරීමටත් හේතූව වූයේ .!


මෙම මී මල් පිපෙන කාලෙට හා ගෙඩි හැදෙන කාලෙට වවුලන්ට රජමගුල් වගේ. ඒ වගේම වවුලන් මෙම මී ගස් වලම තමයි වාසය කරන්නෙත්. මෙම මී ගෙඩි හා මල් කන වවුලන් කුබුරු පුරා වසුරු දානව. මෙම වසුරු ගිනිපෙට්ටියක් පමන ප්‍රමාණයක යූරියා කිලේ තුනක පමණ රසායනික සංඝටක තිබෙනවා. ඒ වගේම පසට නයිට්‍රජන් ලැබෙනවා,මෙම වවුලන්ගේ වසුරු වල බැරලෝහ නෑ, නමුත් ඇමෝනියා, යූරියා, TDM පොහොරවලින් දෙන රසායනික සංයෝජනය ලබාදෙනවා.
එසේම මී ගසේ කොළ කුඹුරට වැටුනම ඒ කොලත් කුඹුරට අගනාම පොහොරක් වෙනවා.
අද කලේ බරපතලම රෝගයක් වී ඇති වකුගඩු නරක්වීමට ප්‍රධානම හේතුවක් ලෙස රසායනික පොහොර වල තිබෙන බැරලෝහ හේතූවක් බව හැමෝම වගේ දන්නව. නමුත් අතීතයේ පැවති මී ගස හරිහැටි අපේ මුතුන් මිත්තන්ටත් අපිටත් රැක ගන්න හැකි වුණා නම් අද දවසේ අපට වකුගඩු රෝගය යන්න බරපතල රෝගයක්ව නොවන්නට ඉඩ තිබුණි.
අපගේ ආහාර ඇතුලත් වියයුතු විවිධ ඛණිජ ලවන වර්ග අපට ලැබෙන්නෙ අපි විසින් ලබා ගන්නා ආහාර වලින්. එම ආහාර මිනිසා ලබා ගන්නේ ශාඛ වලින්. ශාඛ එම ඛණිජ වර්ග ලබා ගන්නේ පසෙනි.
පසේ ඇති ඛණිජ ලවන මුලින්ම බැක්ටීරියා විසින් ජීරණය කළ පසුව ගස්වලට උරාගනු ලබයි.
නමුත් වර්තමානයේ කෘෂි කර්මාන්තයේදී යොදා ගන්නා වස විස නිසා පසේ සිටින බැක්ටීරියා විනාශ වී ඇත. මෙම හේතුව නිසා පසේ ඇති ඛණිජ ලවන ජීර්ණය සඳහා අවස්ථාවක් නැත. ඒනිසාම ශාඛ වලට අදාල පෝෂ්‍ය පදාර්ථ කොටස් උරාගැනීමට හැකියාවක් නොමැත.
අපි විසින් ආහාරයට ගන්නා එළවඵ සහ පළතුරු වල නියම රසය, පැහැය සහ ගුණය අද නැති වීමට ප්‍රධාන හේතුව මෙයයි. එසේ වුවද ඇතැම්විට ඵලදාව නම් බොහෝ වට වැඩි වී ඇත්තේ රසායනික පොහොර භාවිතය නියාය.


 

අපි කියන මෙම මීගස ස්වාභාවිකවම පලිබෝධ පාලනය කරයි. ගොයමට හානි කරන ගොයම් මැස්සන්, මදුරුවන්, ගොයමට හානිකරන මැස්සන් වැනි සතුන් වවුලන් විසින් ආහාරයට ගැනීම සිදුවෙනවා. ඒවගේම මී ගෙඩි හා මල් ආහාරයට ගන්න එන කුරුල්ලන් මී ගෙඩි නොමැති කාලෙට කෘමීන්ව ආහාරයට ගනු ලනව. මෙලෙසින් වී වගාවට සහ වෙනත් බොහෝ වගාවලට හානිකරන පලිබෝධකයන් ස්වභාවිකවම පාලනයක් සිදුවෙනව.
කුඹුරු අක්කරයකට සෑහීමට ප්‍රමානවත් පොහොර ප්‍රමාණයක් එක මීගසකින් ලබාගන්න පුලුවන්. එ් නිසාමයි මෙම ගසට ජාතියේ පොහොර ගස යන අනුවර්ථනාමය හිමිව ඇත්තෙ.
මී ගසෙ මල්, ගෙඩි සහ තෙල් විවිධ ආහාර සඳහා යොදාගන්නවා. මී මල් වලින් කැවුම් හා හැලප හදනවා.
තෙල් සිදීමේදී ඉතිරිවෙන පුන්නක්කු වලට කියනවා මීමුරු කියලා. මෙම මී මුරු සත්ව ආහාර වලටත්, ගොයමේ පොහොරක් ලෙසත් අතීතයේ අපේ පැරැන්නෝ යොදාගෙන තිබෙනවා.
එමෙන්ම මී මුරු කොහොඹ හා සුදුලූනු පොතු එක්කර ගෙවල්වල දුම් ඇල්ලීම පැරැන්නන්ගේ සිරිතක් වෙලත් එදවස තිබී ඇතිබව අද සිටින වැඩිහිටියන් ගෙන් දැනගැනීමට හැකියි. එසේම එම දුම නිසා ගෙදර තිබෙන විශබීජ වීනාශවෙන අතර ප්‍රසන්න සුවඳක්ද ලැබෙයි.
අතීතයේ දරුවෙකුගේ ඉපදීමෙන් පසුව මෙලෙස දුම් ඇල්ලීම අනිවාර්‍ය කාරණයක් වෙලත් පැවතිලා තියෙනව.
අනෙක් වැදගත්ම කාරණය වන්නේ හෙළ වෙදකම සදහා මෙම මී ගස ප්‍රයෝජනයට ගෙන තිබීමයි. අදටද මෙම ගසේ මල්, කොළ, පොතු, මුල්, ඇට යන සියලුම දේවල් බෙහෙත් සෑදීමට යොදාගන්නවා.
රෝගයන් ලෙස රක්තපාත, චර්මරෝග, කැඩුම්බිදුම්, සර්පවෙදකම උගුරේ ආබාධ, වාතරෝග, අතීසාරය, ග්‍රහනියේ රෝග, ක්ශයරෝගය, මුත්‍රා ආසාධනයන් සුවපත් කිරීම සදහා මී ගසේ විවිධ කොටස් යොදාගන්නවා.
වේදනා නාශක ලෙස මී තෙල් වලට ඇත්තේ ඉතාම වැදගත් තැනකි.
අතීතයේ අද මෙන් විදුලිය නොතිබූ අතර ඒ සඳහා මීතෙල් වලින් කුප්පි ලාම්පු සකසා පාවිච්චි කර ඇත. එසේම ඒ මගින් සාමාන්‍ය කුප්පි ලාම්පු වලින් ඇතිවන ඇස් දැවිල්ල ඇති නොවේ
සාමාන්‍යයෙන් ගස් වලින් දහවල් කාලයේදී ඔක්සිජන් මුදාහරින අතර රාත්‍රී කාලයේදී කාබන්ඩයොක්සයිඩ් පිට කරයි. නමුත් මීගසක් දහවලත් රාත්‍රීයේදීත් ඔක්සිජන් පිටකරන අති විශිෂ්ඨ ගසකි.
එසේ විශිෂ්ට ශාකයක් වන මෙම ගස එදා අතීතයේ මුතුන් මිත්තන් රැක ගත්තා හා ප්‍රයෝජනයට ගත්තා සේම අපට අද දවස තුළ කළ යුතු ඉතාම වැදගත් යුතුකමක් වේ. එනම් එදා ඒ පැරැන්නන් විසින් ප්‍රයෝජනයට ලබාගත් මේ ගස අද දවස රෝපණය කර රැක ගැනීමයි.
ඉතින් ඔබ රැකගන්නේ ගසක් ම නොව ජාතියකි. අපේ අභිමානයකි. ඒ මතු පරපුරටයි.

 උපුටා පළකිරීමකි.... වජිර උඩුනුවර මෙටාවට කල වියමනකි.

අයිතිය සහ ස්තූතිය මුල් හිමිකරුට


A day in the life

Sunday, June 23, 2024

පොසොන් පෝයයි දන්සැලයි.








 

පොසොන් පෝය ට අනුරාධපුරය කේන්ද්‍රකරගෙන වන්දනා මාන කරන්න බැතිමතුන් බොහෝම දෙනෙක් යනවා. මිහින්තලේ වන්දනාමාන කිරීමත් එම ගමනේ තවත් ජනප්‍රිය වන්දනාන්තයක්.බැතිමතුන් උදෙසා අනුරාධපුරයත් , අනුරාධපුරයට යොමුවන මාර්ගවලත් දන්සැල් පැවත්වීම කලක ජනප්‍රිය පුන්‍ය කටයුත්තක්.

දැන් දැන් එය රට පුරා ව්‍යාප්ත වෙලා.

නගර ගම් නියම් ගම් වල දන්සැල්.
බත්,රොටී,නුඩ්ලස් ,මඤ්ඤොක්කා වැනි මුලික ආහාරත් සිසිල් පැන් උණු පැන් සුප් ආදි විවිධ ආහාර පාන දැන්සැල් හැම තැනම.
සම්ප්‍රදායිකව වන්දනාවේ යන උදවියට දුන්න දන්සැල් පරිභොජනයට වර්තමානයේ එක් වෙන්නේ අසල්වාසී ජනතාව. ඔවුන්ට දන්සැලෙන් ආහාර ගැනීම විනෝදයට කාරනාවක්.
දන්සැල් දෙන්න පුළුවන් අයත් එන්නේ දන්සැලෙන් ආහාර ගන්න.
මේ වැඩේ හොද පැත්තකුත් තියෙනවා.මෙම කටයුත්ත සාමුහික ප්‍රයත්නයක්. සමගියෙන් සාමදානයෙන් සහයෝගිත්වයෙන් මෙයට දායක වන පිරිස දිහා බලපුවම සතුටු හිතෙනවා.
පිල් බෙදිලා වාද විවාද කරගන්න අය එක වැඩ බිමක.
දවස පු රාම විනෝද ගමනක යෙදෙමින් නොමිලේ ආහාර පානත් ලැබෙන මේ දන්සැල් ව්‍යපෘතිය එවන්නන්ට මිළ කල නොහැකි ලාභයක්.
මේ වැඩෙත් හරියට සමෘද්ධිය , අස්වැසුම , වගේ සමාජ සහණාදාර ගන්නවා වගේ වැඩක්. සුදුස්සොත් ගන්නවා . නුසුදුස්සොත් ගන්නවා.
මේ සල්ලි එකතු කරලා නැති බැරි කෙනෙකුට ගෙයක් හදා ගන්න , නැතිනම් වෙනත් පවතින දෙයක් කරලා දුන්නොත් නරකද කියලා කෙනෙක් අහහන්න පුළුවන්.
දන්සැලක් පැවත්වීමෙන් ලැබෙන විනෝදය සතුට වගේ ආනිසංස ඒ් වගේ දේකින් ලැබෙන්නේ නෑ කියලා කෙනෙක් කියන්න පුළුවන්.
එ්කත් ඇත්ත.
දන්සැල් , තොරණ , භක්ති ගීත සංදර්ශණ , වන්දනාවේ යන ජනතාව දිහා දේශපාලකයෝ නම් බලන්නේ තවත් විදියකට.
ජනාධිපතිතුමාට අනුව නම් රට බංකොලොත් භාාවයෙන් මිදිලා ජනතාවගේ අතේ මිටේ මුදල් ගැවසෙනවා වැඩි වෙලා.
ඒකයි මෙච්චර සෙනග නිදහසේ වීදී බැහැලා තියෙන්නේ. ජනතාවගේ එකමුතුවෙන් දාන ශාලා ඇතිවෙලා තියෙන්නේ !!!.
විපක්ෂයට මේවා පේන්නේ නැහැ. හැල්මේ දුවන්නේ......ඊලග නායකයා වෙන්න.
අපි පෝය ගනන් කර කර ඉමු . සුඛිත මුදිත වෙන්න.



A day in the life

Saturday, June 22, 2024

පොසොන් පෝය.








 

ශ‍්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප‍්‍රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු වූ අතර, ඒ තැන් සිට නිර්මල බුදු දහම මේ දිවයිනේ ස්ථාපිත වූ අතර නව බෞද්ධ ප‍්‍රබෝධයක් මෙන්ම සමාජ විපර්යාසයක් සහ අධ්‍යාත්මික විප්ලවයක් ද සිදු විණ.
ලොව අනෙකුත් සංස්කෘතීන්, ජාතීන් අතර සිංහල ජාතිය ශ්‍රේෂ්ඨ ජාතියක්, ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් බවට පත්වීමට මගපෑදූ ඒ උතුම් වූ බුදුදහම මෙරටට ලැබුණේ පොසොන් පොහෝ දිනකය.
අද වැනි දිනකදී මුව දඩයමේ යෙදී සිටි දේවානම්පියතිස්ස රජුට මිහින්තලා ගල් පර්වතය මුදුනේ සිට ‘තිස්ස’ කියා ආමන්ත‍්‍රණය කළ මිහිඳු මහ රහතන් වහන්සේ බුදු දහම ප‍්‍රචාරය කිරීමේ මහඟු කාර්යය ආරම්භ කළේය.
මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කරන ලද්දේ ද චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රය දේවානම්පියතිස්ස රජුට දේශනා කරන ලද්දේ ද මහාවංශය ඇතුළු ධර්ම ග‍්‍රන්ථ ලියැවීමට මුල පිරීම සිදු වූයේ ද පොසොන් පුන් පොහොය දිනයකදීය.
ලක්දිව බුදුසසුන පිහිටුවීම මෙන් ම බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප‍්‍රථම වරට සවනක් ඝන බුදුරැුස් විහිදීම, ලක්දිව ප‍්‍රථම මහණ උපසම්පදාව සිදුවීම ආදී සිදුවීම් ද මෙදින සිදු ඇති ඓතිහාසික සිදුවීම් වේ

A day in the life

මම ඉගන ගනිමින් සිටිමි.




 






 

අපිට මූහුණපාන්න සිදුවන හැම දේටම ප්‍රතිචාර දක්වන්න ගියොත්.. වෙන්නේ ලොකු අවුලක්.

මේ වගේ වෙලාවට තමයි කියන්නේ හරි ජංජාලයක් නේ කියලා.
කා එක්ක හරි වාදයකට පැටලෙනවා වෙනූවට ඕන දෙයක් කියාපුවම මගේ මොකද ? කියලා
අහගෙන ඉන්න එක සැනසිලි දායකයි නේද ?
මේ දවස්වල විද්‍යුත් මාධ්‍යවල සමාජ ජාලා තුල විවිධ දේශපාලන අදහස් පලවෙනවා. එක් එක් දේශපාලන පක්ෂවල කථිකයො , දේශකයෝ නායකයෝ අනෙක් අය විවේචනය කරනවා.
ඒ විවෙචන තුලින් තමයි අපට එක එක්කෙනාගේ කෙරුවාව තේරුම් ගන්න පුළුවන්.එහෙම නැතිව තම තමන්ගේ කථා වලින් තමන් පැහැදිලි කිරීම  නම් බොහෝම අඩුයි.
සමාජ මාධ්‍ය නේ දැන් ප්‍රචාරණයේ පෙරමුන අරන් තියෙන්නේ .
සමාජ මාධ්‍ය මේ කටයුත්තට හරි විදියට යොදා ගන්නවද කියන එක ගැටළුවක්.
අපි අතර ජනප්‍රිය පේස් බුක් නේ.
මගේ මිත්‍රයෙක් ඉන්නවා . එයා දවසකට පෝස්ට් පහක් හයක් මුදා හරිනවා. සියල්ල දෙශපාලනිකයි. ඒවා පැහැදිලි කිරීම් නෙමෙයි.
ප්‍රාහාර !!.
ඔහුට අනුව විකල්ප දේශපාලන අදහස් දරන සියළු දෙනා ගොන්නු මී හරක්.......මෝඩයෝ වහල්ළු වගේ තව තවත් මඩ ප්‍රාහාර.
දවසක් දෙකක් මෙහෙම කියන එක වැරදියි අශෝභනයි . ඔයා කියන දේ පැහැදිලි කරන්න. ඒවා තේර්ම් ගන්න අය ඔයාලට එකග වෙන්නත් පුළුවන් නේ කීවත් , එයා කියන්නේ මේ මෝඩයින්ට කියලා දෙන්න බැහැ කියලා.
එයාල හැර එයාලට පක්ෂ නොවන සියල්ලෝ අනුවන අය
පරිභව කිරීමෙන් මිනිසුන්ගේ හිත් නම්මා ගන්න පුළුවන් ද ?.
මට නම් හිතෙන්නේ තව තවත් වෛර බැද ගන්නවා මිසක් වෙනස් වීමක් නම් වෙන්නේ නෑ කියලා.
මම බොහෝ විට මගේ හිතට කරදර කරන මේ වගේ දේවල් වලට ප්‍රතිචාර දක්වන්න යන්නේ නැහැ.
මට රිදවන අයට රිදවන්න ඕන නැහැ කියලා මගෙ හිත පුුරුදු කර ගන්න මම ඉගන ගත්තා.
දැන් හරි පහසුයි.
අකමැත්තෙන් වුනත් පාලනය කර ගන්න බැරි චරිත මෙටාවෙන් ඉවත් කර ගත්තා.
ඉවත්ව යාමත් පරිනත භාවයක් කියලා හදුන්වන්න පුළුවන්.
අපට සිදුවන සෑම නරක දෙයකටම ප්‍රතික්‍රියා කිරීමට යන ආවේග අපගෙන් සිඳී ගියාම ජීවිතයේ අයහපත් දේ දැකීමෙන් අපව වළක්වන බවට අපට තේරුම් යනවා.
මම හැමෝගෙම තේ කෝප්පයක් වෙන්නේ නැහැ.
මට සැලකීමට අවශ්‍ය ආකාරයට සැමදෙනාම මට සැලකීමට නොහැකි වන බව මම සෙමෙන් ඉගෙන ගනිමින් සිටිමි.
එයට කමක් නැහැ කියලා මම හිතනවා.
මම සෙමින් ඉගෙන ගනිමින් සිටින්නේ ප්‍රතික්‍රියා නොකිරීමටයි.
මම මගේ 'මනසේ සාමය' තෝරා ගන්නේ එය මට 'සැබවින්ම' අවශ්‍ය බැවින්.
හොඳ නැති බව මට හැඟෙන අය මට අවශ්‍ය නැහැ. රණ්ඩුකරන, අවලාද නගන , අපහාස කරන සහ ව්‍යාජ සම්බන්ධතා මට අවශ්‍ය නැත.
තර්ක විතර්ක කරමින් අදහස් පැහැදිි කරන අයට මම කැමතියි.
සමහර වෙලාවට කිසිම දෙයක් නොකියන අයටත් අවශ්‍ය විට පමනක් හැම දෙයක්ම කියන අයටත් කැමති වෙන්න මම ටිකෙන් ටික ඉගෙන ගන්නවා .'
ඔබව කලබලයට පත් කරන දේවල් වලට ප්‍රතිචාර දැක්වීමටත් මම සෙමින් ඉගෙන ගනිමි.
ඔබට අන් අය කරන දේ පාලනය කළ නොහැකි නමුත් ඔබ ප්‍රතිචාර දක්වන ආකාරය, ඔබ එය හසුරුවන ආකාරය, ඔබ එය දකින ආකාරය සහ ඔබට පෞද්ගලිකව ගැනීමට අවශ්‍ය කොපමණ ප්‍රමානයක් ද යන්න ඔබට පාලනය කල හැකියි.
මම ප්‍රතික්‍රියා කළත්, එයින් කිසිවක් වෙනස් නොකෙරෙන බවත්, මිනිසුන් මට ආදරය හා ගෞරවය ඇති නොකරන බවත්, ඔවුන් තම මනස වෙනස් නොකරන බවත් මම ඉගෙන ගනිමි.
සමහර දේවල් වීමට ඉඩ දීම වඩා හොඳයි කියලා මම හිතනවා,
ලැබෙන පිළිතුරු පසුපස හඹා නොයන්න .
තේරුම් ගනී යැයි
අපේක්ෂා නොකරන්න'.

A day in the life

තණ්ඩලේ .









 

දුම්රිය සේවය ආරම්භ ​වෙන තුරු ලංකාවේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය වූයේ කරත්තයයි. අනුරාධපුර කාලයේ සිටම ගැල් භාවිතා විය. ගැල් යාම අසීරු ඉතා පටු දුෂ්කර මාර්ගවල භාණ්ඩ ප්‍රවාහනය කළේ තවලම් මගිනි. අදත් දුෂ්කර ගම්මානවල තවම මේ තවලම් දැකිය හැක. තවලම් නිසා ඇති වූ ස්ථාන නාම ද ග්‍රාම නාම ද වෙයි. තනි ගොනා බැඳි කරත්තය. ‘බර බාගේ’ නම් විය. ගොන් දෙන්නා බැඳි කරත්තය. ‘බර කරත්තය’ නම් විය. සමහර විට ගවයන් වෙහෙසට පත්වෙන විට මාරු කිරීම සඳහා අතිරේක ගවයකු ගැල පිටුපස බැඳගෙන යාම අද ද සිදුවෙයි.
ඉංග්‍රීසි යුගයේ කෝපි වගාව සමඟ උඩරට සිට කොළඹට කෝපි ප්‍රවාහනය කළේ ගැල් මගිනි. අද ලොරි රථ හිමියකුට ඇති කීර්තිය එද‌ා ගැල් සමූහයක හිමිකරුට විය. ගැල් සමූහයක් රාත්‍රී නවාතැන් ගත්තේ ‘ගාල්’ වලය. ඒ සඳහා සුළු මුදලක් ගෙවිය යුතු විය. ගාලට භාරකරුවකු විය.
ගැල් ප්‍රවාහනයේදී ‘තණ්ඩලේ’ එහිදී යෙදෙන එක් වදනකි. ගැල් කවි වලද ‘තණ්ඩලේ දෙන්නා දෙපොළේ දක්කනවා’ යනුවෙන් එයි. මෙහි අර්ථය කුමක් ද? බර කරත්තයේ බර අධිකවීම කඳුකර පාරවල ගවයන් දෙදෙනාට ගැල ඇදීම අසීරු වෙයි. එවිට ගැලට ඉදිරියෙන් තවත් ලීයක් බැඳ අතිරේක ගවයන් දෙදෙනෙකු යෙදීම සිදුවිය. එවිට දෙදෙනා බැගින් ගවයන් හතර දෙනෙක් ගැල ඇදීම කළ අතර ගැල ඉදිරියේ ගැල්කරුවන් දෙදෙනෙකු ඉඳගෙන හරකුන් දැක්කීම සිදුවිය. තණ්ඩලේ යනු එයයි. බදුල්ල මහියංගණ පාරේ යන දර කරත්තවල අදත් ගවයන් දෙදෙනාට අමතරව තවත් එක් ගවයකු ඉදිරියෙන් බැඳ දැක්කීම තාම සිදුවෙයි. මේ අනුව ගවයන් තිදෙනෙකු බැඳ අදත් භාවිත ​වෙන දර කරත්ත තණ්ඩලේ ලෙස සැලකිය හැක.
මෙයට අමතරව එකවර එක ළඟ ගමන් කරන ගැල් සමූහයක ඉදිරියෙන්ම යමින් ගැල් මෙහෙයවන පළපුරුදු නායකයා ද තණ්ඩලේ යන නමින් හැඳින්වෙයි.
වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
එස්.කේ. ජයවර්ධන

උපුටා ගැනීම 'ලංකාදීප' වෙබ් අඩවියෙන්
******පාරු රැසක නායක පාරුකරුවා තන්ඩලේ නමින් හැදුන්වුවා. කළු ගග දිගේ ඇති තොටුපල වල එකල එගොඩ මොගොඩ යාමට පාරු සහ පාලම් පාරු තිබුන ස්ථාන තිබුනා. මේ තැන්වල සිටි පාරු පදින්නන් අතර තන්ඩලේ කෙනෙක් හිටියා. මට මතක එක් ස්ථානයක් තමයි රත්නපුර - පානදුර මාර්ගයේ පිහිටි දුම්බර. (ඉංගිරියට ආසන්න ) දුම්බර සහ එගොඩ පිහිටි වතුයාය සම්බන්ධ වෙලා තිබුනෙ කළු ගගේ තොටුපලකින්. මෙතන මගී පාරු කිහිපයක් සහ පාලම් පාරුවක් තිබුනා. එහි තන්ඩලේ කෙනෙක් හිටියා.



A day in the life