Saturday, February 17, 2024

ගුල්සරිලාල් නන්ද මහතා








 

 

ආදර්ශමත්, ඉන්දියාවේ හිටපු අගමැතිගේ නිහඬ කතාව.
94 හැවිරිදි පුද්ගලයෙකු කුලියට ගත් නිවසක කුලිය නොගෙවීම නිසා ඉඩම් හිමියා විසින් ඔහු එළියට දමා ඇත. පැරණි ඇඳක්, ඇලුමිනියම් උපකරණ කිහිපයක්, ප්ලාස්ටික් බාල්දියක් සහ මග් එකක් හැර වෙනත් කිසිඳු දෙයක් මහලු මිනිසා සතුව නොතිබූ තරම්ය...
මහල්ලා අයිතිකරුගෙන් ඉල්ලා සිටියේ කුලිය ගෙවීමට යම් කාලයක් ලබා දෙන ලෙසයි. අසල්වැසියන් ද මහලු මිනිසාට අනුකම්පා කළ අතර, කුලිය ගෙවීමට ඔහුට යම් කාලයක් ලබා දෙන ලෙස ඔවුන් ඉඩම් හිමියාට ඒත්තු ගැන්වූහ. ඉඩම් හිමියා ඔහුට කුලිය ගෙවීමට අකමැත්තෙන් වුවද යම් කාලයක් ලබා දුන්නේය...
මහල්ලා ඔහුගේ බඩු බාහිරාදිය ඇතුළට ගත්තේය...
ඒ අසලින් ගිය මාධ්යවේදියෙක් නැවතී මුළු දර්ශනයම දුටුවේය. මේ කාරණය තම පුවත්පතේ පළ කිරීම ප්රයෝජනවත් යැයි ඔහු සිතුවේය...
"කුරිරු ඉඩම් හිමියා මුදලට කුලී නිවසින් මහල්ලා පන්නා දමයි" යන සිරස්තලය පවා ඔහු සිතුවේය...
ඉන්පසුව ඔහු පැරණි කුලී නිවැසියාගේ පින්තූර කිහිපයක් ගත් අතර කුලියට ගත් නිවසේ පින්තූර කිහිපයක්ද ගත්තේය...
මාධ්යවේදියා ගොස් තම මුද්රණාල හිමියාට සිද්ධිය කීවේය. මුද්රණාලයේ හිමිකරු පින්තූර දෙස බලා කම්පා විය. ඔහු මාධ්යවේදියාගෙන් ඇසුවේ...
"ඔබ වයසක මිනිසා
හඳුනනවාද?"
මාධ්යවේදියා "නැහැ" කිව්වා...
පහුවදා පත්තරේ මුල් පිටුවේ ලොකු පුවතක් ආවා...
මාතෘකාව වූයේ,
"ඉන්දියාවේ හිටපු අගමැති ගුල්සාරිලාල් නන්ද දුක්ඛිත ජීවිතයක් ගත කරයි" යන්නයි...
හිටපු අගමැතිට කුලිය ගෙවා ගැනීමට නොහැකිව ඔහු නිවසින් එළියට දැමූ හැටි එම පුවතේ වැඩිදුරටත් ලියා තිබුණා. වර්තමානයේ නවකයන් ද විශාල මුදලක් උපයන බවට අදහස් පළ විය. ඒ වගේම දෙවතාවක් හිටපු අගමැතිවරයෙක් වෙලා දීර්ඝ කාලයක් මධ්යම ඇමතිවරයෙක් විදියට කටයුතු කරපු කෙනෙක්ට තමන්ගේම කියලා ගෙයක්වත් නැහැ...
ඇත්තටම ගුල්සරිලාල් නන්දට රු. 500/- මාසික දීමනාවක් ලබා ගත හැකි විය. නමුත් ඔහු 'නිදහස් සටන්කාමීන්ගේ දීමනාව වෙනුවෙන් සටන් නොකළ බව' පවසමින් මෙම මුදල් ප්රතික්ෂේප කර තිබුණා. පසුව ඔහුට වෙනත් ආදායමක් නොමැති බව කියමින් මිතුරන් ඔහුට එය භාර ගන්නා ලෙස බල කර තිබුණා... මේ මුදලින් ඔහු ජීවත් වූයේ කුලී ගෙවාය...
පසුදා වත්මන් අගමැතිතුමා මැති ඇමැතිවරු නිලධාරීන් වාහන තොගයක් සමඟ ඔවුන්ගේ නිවෙසට යැව්වා. බොහෝ ප්රභූ වාහන සමූහයක් දැකීමෙන් ඉඩම් හිමියා තුෂ්නිම්භූත විය. ඔහුගේ කුලී නිවැසියා වන ගුල්සරිලාල් නන්ද මහතා ඉන්දියාවේ හිටපු අගමැති බව ඔහුට දැන ගන්නට ලැබුණේ එවිටය. ඔහුගේ නොමනා හැසිරීම නිසා ඉඩම් හිමියා වහාම ගුල්සාරිලාල් නන්දගේ පාමුල වැඳ වැටුණේය...
රජයේ නවාතැන් සහ අනෙකුත් පහසුකම් පිළිගන්නා ලෙස නිලධාරීන් සහ ප්රභූවරුන් ගුල්සාරිලාල් නන්දගෙන් ඉල්ලා සිටියහ. ගුල්සරිලාල් නන්ද මහතා මේ මහලු වයසේ මෙවැනි පහසුකම්වලින් ඇති ප්රයෝජනය කුමක්දැයි කියමින් ඔවුන්ගේ යෝජනාව පිළිගත්තේ නැත...
අවසන් හුස්ම හෙළන තුරුම ඔහු සාමාන්ය පුරවැසියෙකු මෙන් සැබෑ ගාන්ධිවාදියෙකු ලෙස ජීවත් විය. 1997 දී රජය ඔහුට භාරත රත්න සම්මානයෙන් ගෞරව කළේය...
ඔහුගේ ජීවිතය වර්තමාන දේශපාලකයන් සමඟ සසඳන්න...













කරු ගමගේ - මුණු පොතෙන්.
A day in the life

Friday, February 16, 2024

තාම උඹෙ සිරිමලා










 

 

පාසැලේ කෙටි බිත්ති
උඩින් හිස දාලා
මැණිකෙ නුඹ හිනැහුනා
මුතු දසන් පාලා
මුල් පෙමක හිත බැඳුණු
කොලු කමක ලීලා
මං උඹේ හිත ගත්තෙ
බොහෝ වැඩ දාලා
පිට්ටනියෙ කැන්ටිමේ
මුලින් දුටු මතකය
එදා වගෙමයි මැණික
අදත් නුඹ මගෙමය
යොවුන් විය ගිලිහිලා
වැහැරුනත් අත පය
මගේ සිත් ඉම ගාව
තවම උඹ තරුණය
ගිණිකිකිලි වගේ නුඹ
යනකලට හැඩවෙලා
ඔසරියට කටු ගහපු
යුගය අමතක වෙලා
දැන් උඹට මටවැඩිය
හැරමිටිය ලොකු වෙලා
ඒත් මගෙ මැණික මං
තාම උඹෙ සිරිමලා

 








කාන්ති ඉපලවත්ත

A day in the life

Thursday, February 15, 2024

රැජිණිට ඇන්දා.......















රැජිණිට ඇන්දේ කෙල්ල කාලෙ මං
වේල් බලන්න ට නගරෙට ගියදා මයි.
පස්සෙන් පහු හාමිනේට ඇන්දා
මුදලාලි ගෙ ඇඳ වියනේ එල්ලුණු
මකුලු .දැලුත් කැඩුවා.
වැහි පොද අස්සෙන් දලු ටික කැඩුවා
තෙත බරියන් වී මඩුවේ වහන් උණා .
අන්න එදා මහ අනෝර වැස්සේ
කංකානියගේ පවුලට මං ඇන්දා .
ඉරුණු සාය ,තේ පඳුරක් උඩ තිබුණා.
නෝන හාමු බංගලාවෙ නැති දා
සුරකිමු දරුවන් සංගමයේ
පාටිය ගජරාමෙට තිබුණා .
ඉස්සන් , කජු මද දීසි උස්සගෙන
බංගලාවෙ එහෙ මෙහෙ දිවුවා.
පෙරියදොරේ ගේ කාමර්රේ දි මං
බංගලාවෙ හාමුට .ඇන්දා ..
මහ රෑ ජාමෙට ලැයිම් පේළියේ
ගින්නක් ඇවිලී එදා රාත්තිරි
අප්පා වැල් ඇඳ උඩම පිච්චිලා
මියෑදිලා උන්නා .
අන්තිමේ දි......................මං
වේ..යෙකුට ඇන්දා .
රෝ.සි.
2024.02.14.



A day in the life

Tuesday, February 13, 2024

තාවකාලික නවාතැන්කරුවෝ

 

මේ වයස 65 ක් 70 ක් පමණ වූ, මාගේ යහලුවෙකු අද උදේ එව්ව ලිපියක්, මෙහි සැමටම ගත හැකි යම් ඝාම්භීර කතාවක් ගැබ්ව ඇතැයි සිතමි.
"දැන් ඉතින් මං වයසයි. ලෝකෙ තිබ්බ ඔක්කොම වැඩ ඉවර කළාට පස්සෙ මගේ වැඩක් කියලා දෙයක් කරගන්න තරම් ශක්තියක් මට ඉතිරි වෙලා නෑනෙ. කොටින්ම, හිටපු ගේ ලොකු වැඩි නිසා ඒක විකුනලා පොඩි එහෙකට ඇවිල්ලත් දැන් කලක් වෙනවා. දැන් දැන් මේකත් සුද්ධ පවිත්ර කර ගන්න එක මහමෙරක් වගේ, අමාරුයි. කවුද දැන් මගෙ වැඩ කරලා දෙන්න ඉන්නෙ ?
"ඇයි, මගෙ ළමයි?"
"එයාලට කොයි තරම් වැඩද? එයාලගෙ ළමයි, එයාලගෙ රස්සාවල්, එයාලගෙ ගෙවල් දොරවල් නඩත්තු, අපොයි අම්මේ, මං එදා කරපු යුද්දෙ අද කරන්නෙ එයාලා"

 

හොඳටම හිතන කොට මට ඉතිරි වෙන්නෙ කොහේ හරි තියෙන නර්සින් හෝම් එකක් තමයි. බලපු ඒවායින් හිතට අල්ලපු තැන නම් හරිම පිළිවෙළයි, නිස්කලංකයි. තනි කාමරේ පුංචි පුංචි උපකරණ ටිකක් එක්ක මටම අයිති වෙච්චි තනි ඇඳක්. එයාලගෙ කෑම බීම රටාවත් මගෙ වයසටම ගැළපෙන්න රස ගුණ පිරිලා.

ඒත්....
හොඳ වැඩි වෙන්න වැඩි වෙන්න ගාණත් වැඩි වෙන එක අහන්නත් දෙයක්ද? අවුරුද්දෙන් අවුරුද්ද ගාස්තු වැඩි නොවී තියේවි, කියලා කාට නම් කිව හැකිද ?
මුළු පැන්ෂන් එකම වියදම් කළොත් යාන්තමින් පිරිමහ ගත්තැකි. දැනට ඉන්න ගේ-දොර විකුණුවොත් නම් ඒකත් ඒ හැටි ලොකු ප්රශ්නයක් නෙවෙයි.
දරුවො මගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙම නෑනෙ, ඒ අය පූර්ණව ස්වාධීන වෙලා ඒ ඒ අයගේ සහකාර - සහකාරියන් එක්ක. අද කාලෙ අහන්න ලැබෙන දේවල් එක්ක බලද්දී නම් මගෙ දරුවො වාසනාවන්.
ඒත්....
දැන් ඉතින් මේ හැම දේම අතෑරලා යන්න ඕන.
උදෙන්ම ගේ අස්පස් කරන්න ගත්තා. බලපු බලපු හැම තැනම මගෙ අතීතෙ නටඹුන්.
බෑග්, පෙට්ටි, පින්තූර, මතක සටහන්, ඇඳුම්, ඇඳ ඇතිරිලි, තෑගි බෝග..... කොයි තරම් නම් කියලද? කුස්සිය පුරාම රිදී යකඩ නන්ස්ටික් භාජන, චීන පිඟන්, හට්ටි මුට්ටි, වළං, හාල් පෙට්ටි, කුළුබඩු. ඇඳුම් කබඩ් පුරාම වෛවාරණ්න සාරි, මාල, කෝට්, කළිසම්, ටයි, යට ඇඳුම්,
පුස්තකාලෙ පිරෙන්න පොත් පත්, ඒවායින් කීයක් කියෙව්වද කියලාවත් මතකයක්වත් නැති ගානයි, මේ වෙද්දී.... බිත්ති පුරා ෆොටෝ සිය ගාණක්.
මේ කිසිම දෙයක් පිළිගන්න නර්සින් හෝම් එකේ පුංචි කාමරේ කොහෙත්ම ලෑස්ති වෙන එකක් නෑ.
අපි හදාපු තට්ටු ගෙවල්, මං හිටවපු මල් පඳුරු මට නොතේරෙන කතාවක් කියනවා, හරියට සරදමක් කරන්නා වගේ.....
මේ ජීවිත කාලෙ පුරාවට මං දහදිය හෙළපු කිසිම දෙයක් අද මට ගෙනියන්න බෑ.
පණ තියෙනකම් මට අර පුංචි ඇඳයි, එක ඇඳුමකුයි, පිඟානයි, කෝප්පෙයි අයිති වේවි.
ඉතින් ඊට පස්සෙ?
නෑ නෑ කවදත් මට හැබෑවට අයිති වෙලා තිබ්බෙ ඔය පුංචි බඩු මුට්ටු ටික විතරමයි. මම පාවිච්චි කලේත් ඔය පුංචි බඩු මුට්ටු ටික විතරමයි. මට වුවමනා වුනෙත් ඔය පුංචි බඩු මුට්ටු ටික විතරමයි. ගෙදර ඇඳන් දාහක් තිබ්බත් මං නිදා ගත්තෙ එක ඇඳක විතරයි. ඇඳුම් දාහක් තිබ්බත් මං එක වෙලාවක ඇන්දෙ එකම එක සරළ ඇඳුමයි. තේ කෝප්ප සිය දහස් ගණනක් තිබ්බත් මට එක වෙලාවක බොන්න පුළුවන් වුනේ එකම එක කෝප්පෙක විතරයි. කොයිතරම් රස මසවුළු තිබ්බත් මං කෑවෙ බඩ පිරෙන පොඩි කොටසක් විතරයි.
ඉතුරු හැම අතිරික්තයම වෙනුවෙන් මං මහන්සි වුණා විතරමයි.. හෙම්බත් වුණා විතරමයි.. කාලේ කෑවා විතරමයි.. සිද්ධ වෙලා තියෙන්නේ, එදා මට ඒක නොතේරුණ එක විතරයි..
අද මං අවදි වෙලා...!!!
මේ තාවකාලික නවාතැන අපිට පාවිච්චි කරන්න ගොඩක් දේ දුන්නට අපිටම කියල අයිති කරගන්න කිසි දෙයක් දෙන්නෙ නෑ. අපි ඒ ඒ දේවල් තාවකාලිකව බාවිතා කරන්නෝ, පාවිච්චි කරන්නෝ විතරයි.....
ඉතින් ඇයි අපි මේ තරම් වද වෙන්නෙ ? මේ දේ තේරුම් ගන්න මෙච්චර වයසට යනකන් ඉන්න වුනේ ඇයි... ? මේ දේ තේරුම් ගන්න ඇඟේ හයිය හත්තිය ඉවර වෙනකං ඉන්න වුනේ ඇයි... ?
ඔයාලට මේ කියන්නේ .....
ජීවිතේ විඳින්න පරක්කු වෙන්න එපා. අයිතියක් නොකියා මේ සියල්ලට නොකඩා නොබිඳ මේ සියල්ල පාවිච්චි කොට ස්තුතියි කියා නික්ම යන්න ලැහැස්ති පිට ඉන්න.
හද පුරා ආදරෙන් ඔබ වටා ඇති ජීවී - අජීවී සියල්ලට සළකන්න. ගෞරවය දක්වන්න:
ඔබත් මමත් ඇත්තටම මේ නවාතැන් පොළේ තාවකාලික නවාතැන්කරුවෝ විතරමයි.
උපුටා ගැනීමකි


A day in the life

ආදරවන්තයන්ගේ දිනය





වැලන්ටයින් දිනය සාන්තුවරයකුට සම්බන්ධ දිනයක් බව වැඩිදෙනා නොදනිති. ඔවුන් කල්පනා කරන්නේ මෙය ප්රේමයේ දවසට යොදන නම බවය.

වැලන්ටයින් දිනය ඩොලර් බිලියන තිහ හතළිහක  බඩු භාණ්ඩ ලොව පුරා විකිණෙන ව්යාපාරික දිනයකි. රටවල් වැඩි හරියක් ආගම් භේද නොසලකා මේ දිනය පවර්ධනය කර ආදායම් උපයා ගන්නා දවසකි.

අද දවස තුළ ලංකාවේ හැම තරු පහේ හෝටලයකම වැලන්ටයින් දිනය සමරන ඩිනර් ඩාන්ස්, ටී පාර්ටි, වැලන්ටයින් ලන්ච් යනාදිය පැවැත්වේ.

ලෝකයේ වැඩියෙන්ම රෝස මල් විකිණෙන්නේ වැලන්ටයින් දිනයේදීය. මේ දිනය අද ? දොළහෙන් අවසන්ය. එය සැමරීම සඳහා විකුණනු පිණිස සාදන ලද මල් පොකුරු, චොක්ලට්, අනුස්මරණ ඵලක, ස්වර්ණාභරණ වැනි දේවල් මේ මාසය පුරාම විකුණනු ලැබේ.

වැලන්ටයින් සාන්තුවරයා මානව හිතවාදියකු බවත් පෙම්වතුන් වෙනුවෙන් අපමාණ මෙහෙයක් කළ මිනිසකු බවත් මේ සැමරුම්වලට සහභාගි වන වැඩිදෙනා නොදනී. ඒතුමන් සිහිපත් කිරීමට නම් කල දිනය  පෙබරවාරි 14 වෙනිදා ආදරවන්තයින්ගේ දිනය බවට පත්ව තිබේ.

 

ලංකාවේ එක් විද්යුුත් මාධ්යයක් විසින් කළකට පෙර උන්මාදයක්   ඇති කරමින් ප්රචලිත කල ආදරවන්තයින්ගේ දිනය වෙලෙන්දන්ගේද ආදරණීය දිනයකි.  වැට් නිසා රජයටත් ආදායම වැඩි  වන දිනයකි.

ඕනෑම දෙයයක් විචාරයක් නැතිව බදා ගන්නා පරපුරක් ආදරවන්තයින්ගේ දිනය සමරන්නේ ඇයිද යන්නවත්  දැනුම්වත්ව ඇත්දැයි හිතාගන්නට බැරිය.

 

 ලොව පුරා සිටින කතෝලික  තරුණ  තරුණියන්  අතර වැඩියෙන්ම ජනප්රිය  සාන්තුවරයා ශුද්ධ වූ වැලන්ටයින් තුමාය.

සෑම අවුරුද්දකම අද වැනි පෙබරවාරි 14 වැනිදාවක උන්වහන්සේ සමරනු ලැබේ. කතෝලික ආගම වෙනුවෙන් මුලින්ම දිවිපිදු බැතිමතුන් අතර ප්මුඛ තැනක් වැලන්ටයින් සාන්තුවරයාට හිමිවේ.

ක්රිස්තුස් වහන්සේගේ අභාවය  සිදුවන අවදියේ   රෝම අධිරාජ්ය තුළ කරිස්තියානි ආගමට තැනක් තිබුණේ නැත. ඒ වනවිට රෝම අධිරාජ්යවාසී ජනතාව ගස් ගල් සහ මල පෙරේතයන් අදහමින් බෙහෙවින් පරාථමික ආගමික ජීවිතයක් ගත කළහ.

 කරිස්තියානි ආගම පැතිරෙනු   දුටු රෝම අධිරාජ්යයා දුටුතැන ඔවුන් මරන්නට විය. කිතුදහම රහසේ අදහා හෝ කිතුනුවන් ලෙස සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ රෝමන්වරුන් තමන් කිතුනුවන් නොවන බව පතික්ෂේප කළ විට රෝම අධිරාජ්යයා ඉතාම අමානුෂික  දිවිරීමක් ගැණීමේ සම්ප්රදායක් ඇරඹීය.

 

 ඒකල කෙනෙක් සොරකමක් පිළිබඳ සැකපිට අත්අඩංගුවට පත්වූ පසු ඔහු සොරෙක්ද නැත්ද යන්න සොයාගැනීම පිණිස උතුරන තෙල් තාච්චියකට අත ඔබන ලෙස අණකරනු ලැබේ. රජතුමාගේ තීරණයට අනුව උතුරන තෙල් තාච්චියට අත දමන තැනැත්තා සොරෙක් නම් අත පිළිස්සේ. සොරකු නොවන්නේ නම් අත පිළිස්සෙන්නේ නැත. උතුරට තෙල් තාච්චියකට අත දමන විට හොරකම් කළා වේවා හොරකම් නොකළා වේවා අත පිළිස්සීම ස්ථිරය. මේ නිසා නිවැරදිකරුවන්ද සොරුන් ලෙස හ`දුනාගෙන තවදුරටත් දඬුවම් කරනු ලැබේ.

මේ ආකාරයෙන් රෝමන්වරුන් කතෝලික දහම අදහන්නේද යන්න සොයාබැලීමට රෝම අධිරාජ්යයා වැඩපිළිවෙළක් යොදා තිබිණ. ඒ අනුව සැකකරු කණුවක බැ`ද තෙල් වත්කොට සිරුරට ගිනිතබනු ලැබේ. ඔහු පිළිස්සුනොත් කතෝලිකයෙකි. පිළිස්සුණේ නැතිනම් කතෝලිකයකු නොව රෝම රජතුමාගේ සාම්පදායික ආගම අදහන්නෙකි.

මේ පරීක්ෂණයේ තවත් අවස්ථාවක් වන්නේ  සැකකරු බඩගින්නේ සිටින සිංහකූඩුවක් ඇතුළට දැමීමය. එවිට සැකකරු කතෝලිකයකු නොවන්නේ නම් සිංහයන් ඔහු මරා නොකන බව රජු කල්පනා කළේය.  බඩගිනි සිංහයන් සිටින කූඩුවකට ලී කැබැල්ලක් දැමුවද හප කරනු ලැබේ.

 

මේ කියන පරීක්ෂණ කමයට අනුව කතෝලිකයන් වුණත් නොවුණත් මරණය හිමිවී කතෝලිකයන් ලෙස හංවඩුවක් වැදීම නියත විය. අප මේ කතාකරන්නේ මෙයට අවුරුදු එක්දහස් හත්සිය ගණනකට පෙර තිබූ කරි.. 300 පැවැති ලෝකය ගැනය. මේ අසංවිදිත ක්රම වලින්  කතෝලිකයන් බේරාගැනීම සදහා වැලන්ටයින් නමැති තරුණ පූජකයා විශාල මෙහෙවරක් ඉටුකළේය.


තරුණ පූජක වැලන්ටයින්ට පරාතිහාර්යය සිදුකළ හැකි බව ප්රකටව  වී තිබිණ. වරක් වැලන්ටයින් පූජකවරයා හිරේ දමනු ලැබ සිටියේය.

මේ හිරගෙදර භාර ජේලර්ගේ දියණිය අන්ධ දැරියකි. දිනක් ජේලර් පියා සමඟ අන්ධ දියණිය  සිරගෙදරට ආ වෙලාවේදී වැලන්ටයින්තුමා ප්රතිකාර කර ඇගේ අන්ධ භාවය නැති කළේය.

මේ දියණිය නව යෞවණියකි. හිරගෙදර සිටි වැලන්ටයින් පූජකවරයා මරන්නට නියම විය. එහිදී ජේලර්ගේ දියණියට ලියුමක් ලියූ වැලන්ටයින් පූජකවරයා එය අවසන් කරන්නේ මෙසේය. ‘‘මා ඔබේ වැලන්ටයින්’’ යනුවෙන් ආදරණීය ලෙසය

වැලන්ටයින් සාන්තුවරයා පිළිබදව තවත් කතාවක් තිබේ. එකල කිතු දහම අදහන සොල්දාදුවන්ට විවාහ වීම තහනම්ය. වැලන්ටයින් සාන්තුවරයා පෙමින් වෙලී සිටින සොල්දාදුවන් සියලූම දෙනා විවාහ කරවූයේය. මෙය අධිරාජයාගේ උදහසට ලක් විය.

සාන්තුවරයා සැමරීමට පටන්ගන්නේ ඔහුගේ මරණයෙන් අවුරුදු 196 කට පසු ජෙලාසියස් නමැති පාප්වරයකු විසිනි. ඉන්පසු ඉතා කමානුකූල ලෙස වැලන්ටයින් සාන්තුවරයා පිළිබද කතන්දරය සහ ඔහුගේ මරණය සිදුවූ දිනය පෙම්වතුන්ගේ කතන්දරයක් බවටත් පෙම්වතුන් ස්වකීය ප්රේමය සමරන දිනයක් බවටත් පත්විය.




නෝමන් පළිහවඩනගේ ලිපියක් ඇසුරෙනි.






A day in the life

Monday, February 12, 2024

ජෝන් ඩියර්



අමෙරිකාවේ ගොවිතැනහි පෙරළියක්
කළ නව නගුල
ඇමරිකානු කම්මල්කරුවෙකු සොයාගත් "තැන්න කඩා දැමූ නගුල" නිෂ්පාදකයෙකු වන ජෝන් ඩියර් උපත ලැබුවේ 1804 දී ය. ඔහුගේ උපන් ගම වන වර්මොන්ට් සිට ග්රෑන්ඩ් ඩිටෝර් වෙත පදිංචියට ගියේය , ඔහු දුටුවේ ගොවීන්ගේ බිම්වල තණ ගස් මුල්වල පටලැවිල්ල බිඳ දැමීමට අරගල කරන බවයි. දේශීය ප්රේරි තණකොළ. මීට අමතරව, ඇලෙන සුළු මැටි නිසා ලී හෝ වාත්තු-යකඩ තලය නිතර නිතර පිරිසිදු කිරීම අවශ්ය විය. ඩීර් විසින් කැඩුණු වානේ ලී මෝල් තලයක් නගුලකට ව්යාජ ලෙස සකස් කළේය. එය ඉතා හොඳින් ක්රියාත්මක වූ අතර එම වචනය ඉක්මනින් පැතිර ගිය අතර ඉල්ලුම වැඩි විය.
Deere ව්යාපාරයේ නවෝත්පාදකයෙක් ද විය. ඔහු නගුලට ඇනවුම් ලැබෙන තුරු බලා නොසිට නගුල මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට පටන් ගත්තේය. එමගින් ගොවියාට තමාට ලැබෙන දේ දැක බලා ගැනීමට අවශ්ය නොවීය. 1848 දී ඔහු තම ව්යාපාරය Moline, IL වෙත ගෙන ගියේ නගරය මිසිසිපි ගඟේ ප්රවාහන මධ්යස්ථානයක් වූ බැවිනි. 1857 වන විට සමාගම වැගන්, බඩ ඉරිඟු වැවිලිකරුවන් සහ වගාකරුවන් ඇතුළුව මසකට ගොවි උපකරණ 1,120 ක් නිෂ්පාදනය කළේය. ජෝන් ඩියර් විශිෂ්ටත්වය ගැන අවධාරනය කළේ, "මා තුළ ඇති හොඳම දේ නොමැති නිෂ්පාදනයක් මත මම මගේ නම නොතබමි." ඔහුගේ සමාගම ඔවුන් සේවය කරන ගොවීන් ගැනද සැලකිලිමත් විය. මහා අවපාතයේ දී ඔවුන් කිසි විටෙකත් ඇමරිකානු ගොවීන්ගෙන් කිසිදු උපකරණයක් නැවත ලබා නොගත් බව කියනු ලැබේ.
නිදහස් ප්රාන්තවල ගොවීන් ඔවුන්ගේ දකුණු සගයන්ට වඩා ගොවිතැනෙහි තාක්ෂණික නවෝත්පාදනයන් අනුගමනය කිරීමට ඉක්මන් විය. 1860 වන විට, වහල් රාජ්යයන් මෙන් අක්කරයක ගොවිපල යන්ත්රෝපකරණවල වටිනාකම මෙන් දෙගුණයකට ආසන්න වටිනාකමක් ඔවුන් සතුව තිබුණි. එහි ප්රතිඵලයක් වශයෙන්, 1860 දී, උතුරු ප්රාන්ත ජාතියේ බඩ ඉරිඟුවලින් අඩක්, තිරිඟුවලින් පහෙන් හතරක් සහ ඕට්ස්වලින් අටෙන් හතක් නිෂ්පාදනය කළහ.
*පෙන්වන නගුල ස්මිත්සෝනියන් එකතුවේ කොටසක් වන අතර ජෝන් ඩියර් පුද්ගලිකව ව්යාජ ලෙස සාදන ලද පළමු නගුල් තුනෙන් එකක් ලෙස විශ්වාස කෙරේ.
John Deere, American blacksmith and manufacturer of “the plow that broke the plains,” was born this day in 1804. Upon removing from his native Vermont to Grand Detour, IL he discovered that farmers were struggling to break through the tangle of roots of the native prairie grasses. Additionally, the sticky clay necessitated frequent cleaning of the wooden or cast-iron blade. Deere forged a broken steel sawmill blade into a plow that was self-scouring. It worked so well that word quickly spread, and demand grew.
Deere was an innovator in business as well. He began mass-producing the plows, rather than waiting until he had orders for them. That way the farmer could see what he was getting and did not need to wait. In 1848, he relocated his business to Moline, IL because the city was a transportation hub on the Mississippi River. By 1857, the company was producing 1,120 farm implements a month including wagons, corn planters, and cultivators. John Deere insisted on excellence stating, “I will not put my name on a product that does not have in it the best that is in me.” His company also cared about the farmers they served. It is said that they never repossessed any equipment from American farmers during the Great Depression.
Farmers in the free states were quicker to adopt technological innovations in farming than their southern counterparts. By 1860, they had nearly twice the value of farm machinery per acre and per farm worker as did the slave states. As a result, in 1860, Northern states produced half of the nation’s corn, four-fifths of its wheat, and seven-eighths of its oats.
*The plow shown is part of the Smithsonian collection and is believed to be one of the first three plows that John Deere personally forged.

සටහන මුණු පොත --ඉන්දික කුමාර


A day in the life