notes of imaginary
සාර්ථකත්වය යනු ඔබ කැමති දේ ලබා ගැනීමයි. සතුට යනු ඔබට ලැබෙන දෙය රැක ගැනීමයි.
(වේදනාදි චෛතසික) ධර්මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් පහන් සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුව යෙයි. නොහැර කැටුව යන සෙවණැල්ල මෙනි.
ස්වභාවධර්මයේ පරිකල්පනය මිනිසාගේ පරිකල්පනයට වඩා බෙහෙවින් වැඩි ය, ඇය කිසි විටෙකත් අපට විවේකීව සිටීමට ඉඩ නොදේ.
නමුත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න, එවිට ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද ඔහු නපුරටද යහපත් අයටද තම හිරු උදා කරවනසේක.
"....එබැවින් මා වෙතින් ඔබට මගපෙන්වීම පැමිණෙන විට, කවුරුන් හෝ මාගේ මඟ පෙන්වීම අනුගමනය කරයිද, එවිට ඔවුන් කෙරෙහි කිසිඳු බියක් හෝ ශෝකයක් ඇති නොවේ." ආයට් 38.
අද ඔක්තෝම්බර් මාසේ 19 වෙනිදාය.පාන්දරින්ම මා හමුවන්නට පාරිභෝගිකයෙකු පැමිණ ඇත. ඔහුගේ උවමනාව මගේ සේවය ලබා ගැණීමයි. මම සුව පහසු අසුනක් පෙන්වා වාඩි ගන්වා පිලිසදරට එක්වෙමි. සේවකයෙකු තේ එකක් පිලි ගන්වා ඇත් වෙයි. මම සිරිත් පරිද්දෙන් පාරිභෝගිකයාට සවන් දෙන්නට සුදානමින් ඔහු ආ කාර්යයට පිවිසෙන්නට ඉඩ ඇරියෙමි. වටින් ගොඩින් කියනා පරිද්දෙන් මංගල්‍යයක් විය යුතුයයි මම සිතුවෙමි. මගේ මනසේ ඇදෙන්නේ විවාහ මංගල්‍යයක් පැවත්වීමට අප ශාලාවත් පහසුකමුත් පාරිභොගිකයාට අවශ්‍ය බවයි . මම ආහාර ලැයිස්තුත් බීම වර්ග වල මිළ ගනන් කට ගැස්ම පිලිබදවත් ශාලා සැරසිලි පෝරුව සෙටි බැග් ආදිය ගැන දැනුම්වත් කරන්නට පටන් ගතිමි. “ නෑ නෑ මහත්තයා මට ඕන මේ පුංචි මගුල් ගෙයක් පවත්වන්න ” පාරිභෝගික මහතා මා ඔහුගේ ධාවන පථයට ගෙන එයි.දවස කවද්ද ? . මම අසමි. නොවැම්බර් 02 දා. මගේ කාර්ය සටහන අනුව ශාලාව වෙන් කරදිය හැකි බව පවසමි. ඒ ගමන්ම මගේ සිතට නැගී ආයේ තවත් කරුනකි. දවස් දොලහක් දහතුනක් සිරකර තබන දියණියක ගැන මම සිතමි. ඔක්තෝම්බර් මාසේ උත්සව නැකත් හෙටින් පසු ඇති බව මගේ කාර්ය සටහන අනුවම කිව හැකිය. එබැවින් “ ඇයි ? මේ මාසේ නැකත් තියෙනවා නේ මම කියමි.”ඔව් . ඒ වුනත් නොවැම්බර් 02 තමයි නැකත් ගත්තේමල්වර උත්සවය නිවසින් බැහැරව උත්සව ශාලාවක පැවත්වීම දක්වා අද කාලය විකෘතිව ඇත. මගේ පාරිභොගිකයාගේ ආරාධිතයන් ප්‍රමානය තුන්සියයකි. ඔහු මෙතරම් වියදමක් දරන්න සුදානම් වන්නේ ඇයිදැයි මට ප්‍රශ්න කල නොහැක.මම උපදේශකයෙකු නොවෙමි. මම මගේ ආයතනික පැත්ත ගැන සිතන්නෙක් වෙමි. පසුගිය දිනක සහභාගීවු මල්වර උත්සවයකට එම දෙමව්පියන් වියදම් කර තිබු මුදල ගැන සිතූවිට පුංචි ගෙයක් හදා ගන්නට තිබුනා නේදෑයි එදා මට සිතිනි.මතෘත්වය කාන්තාවකට හිමිවීමේ පලමු වරම ලෙස මල්වර වීම හැදින්විය හැක.කායික විද්‍යාණුකුලව මල්වරවීම කාන්තා සිරුරක සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියක ආරම්භක අවස්ථාවයි.මෙය අඩ බෙර ගසා රටට කිවයුතු කාරනාවක් නොවේ.එහෙත් අපේ සංස්කෘතිය විසින් යම් යම් සිරිත් විරිත් මල්වර වීමෙදී පෙර පටන් අනුගමනය කරන්නට පරිසරය සකස් කර තිබේ. ඒවා අඩු හො වැඩි වශයෙන් අනුගමනය කරන අතර දැනුම්වත් දෙමව්පියන් පවුලේ ඥාතීන් අතර පමනක් පවත්වන සරල උත්සවයක් බවට මල්වර උත්සවය පත්කර ගෙන සිටී.අතීතයේ සිට පැවත එන සිරිත් අනුව දියණියක විසින් තම මවට මේ බව දැන්වු විට , මව ඇය අතට ලෝහමය ආයුධයක් අතට දී කිරි ගහක් ලගට ගොස් ගසට කිරි එනසේ කැපුමක් කරනු ලැබේ ලෝහමය ආයුධයෙන් ආරක්ෂාවත් කිරි ගහෙන් සෞභාග්‍යත් සංකේතවත් කරනු ලැබේ.
ශබ්ද නඟා කතා නොකිරීම, දින තුනක් ගතවන තුරු කිසිවෙකුට මුහුණ නොපෙන්වීම, තාරකාවන් දෙස නොබැලීම, සුවඳ විලවුන් පාවිච්චි නොකිරීම, ස්නානයෙන් වැළකීම, ආභරණ නොපැළඳීම, නියපොතු, හිසකේ නොකැපීම, හිසකේ පීරීමෙන් වැලකීම යන අංග මල්වරය හා සම්බන්ධ සිරිත් විරිත් අතර ඇතුළත් වේ. නැවුම් බදුනමැටික ආහාර ගැනීම, දෝතින් ගෙන ජලය පානය කිරීමත් ,මල්වරවු දියණියකට තාවකාලික සිර දිවියක් ගතකිරීමට සිදුවේ.සමහර ප්‍රදේශවල පස් මොරු කුල්ල දීම නමින් චාරිත්‍රයක් තිබේ. මෙම චාරිත්‍රයේදී හාල්, පොල්, තුනපහ, පළතුරු, කැවිලි, බුලත්, පුවක් ආදිය ද, දියලබු, වට්ටක්කා වැනි එළවළු වර්ග කීපයක්ද කුල්ලක අතුරා පහනක් තබනු ලැබේ
මල්වරවු දියණියක ස්නානයෙන් පසු නිවසට පිවිසෙන අවස්ථාවේ දොරකඩ හරහා පැදුරක් එලා වී,තල උදු මුං මෑ ඇට දමා ඒ මත තොලබෝ අත්තක් සහ මොල්ගහක් හරහට දමා ඒ උඩින් ඇවිද ගෙන යාමට සලස්වනු ලැබේ .මේ අවස්ථාවේ රෙදි නැන්දා විසින් පොල් ගෙඩියක් බිම තබා දෙපළු වනසේ බිදිනු ලැබේ. මින් පසු ඈ කැදවා ගෙන යන්නේ නිවසේ මැද සකස් කර ඇති රන්, රිදී, මුතු, මැණික් ආදියෙන්ද කැවිලි, එළවළු, හාල්, පොල් හා ඇඳුම් ආදි ද්‍රව්‍ය වලින් බිම පැදුරක අතුරා සකස් කර ඇති ස්ථානයටයි. මෙම ස්ථානය පැදකුණු කර පහන් දල්වා සිරිත් කරනු ලැබේ. වැඩිවියට පත්වන අවස්ථාවේ ඇඳ පැළඳගෙන සිටි කණකර ආභරණ, ඇඳුම්, කොට්ට, පැදුරු සියල්ලම රෙදි නැන්දාට භාරදීම වැනි සිරිත්ද ඇතුලත්වේ.
රෙදි නැන්දා අද වොසින් මැසින් එකවී ඇති බැවින් මව හෝ ඥාති නැන්දා කෙනෙක් මේ සිරිත් විරිත් සදහා මැදිහත්වේ. සිරිත් විරිත්ද වර්තමානය වන විට ලඝු වි ඇතත්, උත්සවශ්රීය නම් සංකීර්ණවී ඇත. මගේ පාරිභෝගිකයාට සිදුව ඇත්තේ උත්සවශ්රීය සංකීර්ණවීමයි.
සිරුර හමුවු දෙගිනි වල. |
පහන්තුඩා වල. |
කුණු කන්දක්. |
CTRL+A. . . . . . . . . . . . . . . . . Select All CTRL+C. . . . . . . . . . . . . . . . . Copy CTRL+X. . . . . . . . . . . . . . . . . Cut ...
මම ජීවිතය සැදෑසමයේ.
සැදෑ සමය මට හිතෙන්නෙ කන්දක් උඩට නැග්ගා වගෙයි.
කන්ද මුුදුුනට ගියාම තමයි පේන්නේ අවට දසුන්.
සුන්දර මෙන්ම අසුන්දර දේ මේ අතර තියෙනවා.
ඒ වගේ ජීවිතයේ කදු මුදුනේ ඉන්න මට මේ සියල්ල සිහිපත් වෙනවා ඒ් මතකයන් කලින් කල විදවන්නේ විවිධාකාරයෙන්
අපි බලමු........ වියමන් තුල ඒවා දියවෙන්න පුළුවන් සමහර විට .
මීදුම...... ඉර පායනවත් එක්කම නැතිවෙලා යන තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙන මීදුම ඝණ වෙලා දිය වෙලා කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා. තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා . සිතුවිලිත් ඒ වගෙයි. ඇති වෙලා නැතිවෙලා යනවා. මේ දේවල් බෙදා හදාගන්න
මීදුම... යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා. තෝරා බේරාගෙන පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එනවා. වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත් මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මීදුමත් සමග මුසු වෙන්න පුළුවන්.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි කියලා .
මම හිතනවා
!doctype>දළ ඇතෙක් වගෙ බරට අඩිය තියලා ගියපු කිතුල් ගහ මුදුනටම අසුරු සැණෙකින් නැගපු ගංගොඩේ ඇවිදලා කිතුල් මල්වර කරපු බණ්ඩාර මාමගේ රැහැන් කැපුවේ කවුරු .
කොහාටත් කලින් නෑ ගමන් ඇවිදින් පුරුදු හකුරු පැණි ගෙනැත් දී අවුරුද්ද සරු කරපු මගුලටත් මරණෙටත් එකවාගෙ දුව පැනපු බණ්ඩාර මාමාට කවුද හිටියේ සතුරු .
නගින්නට පෙර කිතුල් ගහට තෙවරක් වැඳපු පෙණ දමන රා මුට්ටියේ කුහුඹුවන් හැරපු කමලාගෙ දර මඩුව අඩු නැතුව පුරවාපු හීලෑ කරන් ඇය ඉඟ නෙරියෙ රැළි බිඳපු .
වාරු නැති කොඳු ඇටය මැදින් පුපුරා ගියපු ගෙදර අය නාඳුනන “සද්දන්තයා” හිටපු “මළා නම් හොඳයි” උන් දුක දරාගෙන කියපු කිතුල බාගෙට කැපූ හෙළයි කඳුළක් උණපු .
රෝ.සි.
2024.09 .02.මීදුම.
බණ්ඩාර මාමා පොදු චරිතයක් කියලා මට හිතෙනවා. මෙහේ හිටියා හීන්මුදියන්සේ කියලා වැඩිහිටියෙක්. එයත් කිතුල් මල් කපනවා. බණ්ඩාර මාමාගේ චරිතයමයි.
එයා ලගට යන ඔක්කොට රහමෙර නෑ නොකියා දෙනවා. ඒ හින්දා නමක් පට බැදිලා තිබුනා පච්ච තන්නි කියලා. දෙමළ බසින් සිංහලට ඇල් වතුර.
කමලාගේ නම මෙහේදී වෙනස්. දරු පවුල් දෙකක් හිටියා. වරපට බිදී මෙතුමත් කිතුලෙන් බිමට වැටිලා කොදු ඇට පෙලට හාණි වෙලා එක්තැන් වුනා ඔහු දිවියෙන් සමුුුගන්නා තුරු සැලකුම් ලැබුුවේ ඉග නෙරිය බිදු කුලවමිය
..ඒ පද වැල මට සම්පාත වුුන හැටි . කිතුල් පැණිවගේ මිහිරක් තියෙන පද රචනයක් රහයි.