![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi90Yf_PHEOhWtzoxfBQdEaA9BvFliSfRoMqjXnZXZN41BAgThf3xgLVtctWh2yUCB-Ik9GUQSR75hzllP_EfrRR87O4lPDJmPayuRxcwejMTqwuBMGTV3YDKMOaRRFJcehsBGv5LWkIwov/s400-rw/Untitled.png)
notes of imaginary
Nature does not hurry, yet everything is accomplished..
I will not follow where the path may lead, but I will go where there is no path and I will leave a trail..
Study nature, love nature, stay close to nature. It will never fail you.
We do not see nature with our eyes, but with our understandings and our hearts.
Every morning was a cheerful invitation to make my life of equal simplicity, and I may say innocence, with Nature herself.
අද ඔක්තෝම්බර් මාසේ 19 වෙනිදාය.පාන්දරින්ම මා හමුවන්නට පාරිභෝගිකයෙකු පැමිණ ඇත. ඔහුගේ උවමනාව මගේ සේවය ලබා ගැණීමයි. මම සුව පහසු අසුනක් පෙන්වා වාඩි ගන්වා පිලිසදරට එක්වෙමි. සේවකයෙකු තේ එකක් පිලි ගන්වා ඇත් වෙයි. මම සිරිත් පරිද්දෙන් පාරිභෝගිකයාට සවන් දෙන්නට සුදානමින් ඔහු ආ කාර්යයට පිවිසෙන්නට ඉඩ ඇරියෙමි. වටින් ගොඩින් කියනා පරිද්දෙන් මංගල්‍යයක් විය යුතුයයි මම සිතුවෙමි. මගේ මනසේ ඇදෙන්නේ විවාහ මංගල්‍යයක් පැවත්වීමට අප ශාලාවත් පහසුකමුත් පාරිභොගිකයාට අවශ්‍ය බවයි . මම ආහාර ලැයිස්තුත් බීම වර්ග වල මිළ ගනන් කට ගැස්ම පිලිබදවත් ශාලා සැරසිලි පෝරුව සෙටි බැග් ආදිය ගැන දැනුම්වත් කරන්නට පටන් ගතිමි. “ නෑ නෑ මහත්තයා මට ඕන මේ පුංචි මගුල් ගෙයක් පවත්වන්න ” පාරිභෝගික මහතා මා ඔහුගේ ධාවන පථයට ගෙන එයි.දවස කවද්ද ? . මම අසමි. නොවැම්බර් 02 දා. මගේ කාර්ය සටහන අනුව ශාලාව වෙන් කරදිය හැකි බව පවසමි. ඒ ගමන්ම මගේ සිතට නැගී ආයේ තවත් කරුනකි. දවස් දොලහක් දහතුනක් සිරකර තබන දියණියක ගැන මම සිතමි. ඔක්තෝම්බර් මාසේ උත්සව නැකත් හෙටින් පසු ඇති බව මගේ කාර්ය සටහන අනුවම කිව හැකිය. එබැවින් “ ඇයි ? මේ මාසේ නැකත් තියෙනවා නේ මම කියමි.”ඔව් . ඒ වුනත් නොවැම්බර් 02 තමයි නැකත් ගත්තේමල්වර උත්සවය නිවසින් බැහැරව උත්සව ශාලාවක පැවත්වීම දක්වා අද කාලය විකෘතිව ඇත. මගේ පාරිභොගිකයාගේ ආරාධිතයන් ප්‍රමානය තුන්සියයකි. ඔහු මෙතරම් වියදමක් දරන්න සුදානම් වන්නේ ඇයිදැයි මට ප්‍රශ්න කල නොහැක.මම උපදේශකයෙකු නොවෙමි. මම මගේ ආයතනික පැත්ත ගැන සිතන්නෙක් වෙමි. පසුගිය දිනක සහභාගීවු මල්වර උත්සවයකට එම දෙමව්පියන් වියදම් කර තිබු මුදල ගැන සිතූවිට පුංචි ගෙයක් හදා ගන්නට තිබුනා නේදෑයි එදා මට සිතිනි.මතෘත්වය කාන්තාවකට හිමිවීමේ පලමු වරම ලෙස මල්වර වීම හැදින්විය හැක.කායික විද්‍යාණුකුලව මල්වරවීම කාන්තා සිරුරක සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියක ආරම්භක අවස්ථාවයි.මෙය අඩ බෙර ගසා රටට කිවයුතු කාරනාවක් නොවේ.එහෙත් අපේ සංස්කෘතිය විසින් යම් යම් සිරිත් විරිත් මල්වර වීමෙදී පෙර පටන් අනුගමනය කරන්නට පරිසරය සකස් කර තිබේ. ඒවා අඩු හො වැඩි වශයෙන් අනුගමනය කරන අතර දැනුම්වත් දෙමව්පියන් පවුලේ ඥාතීන් අතර පමනක් පවත්වන සරල උත්සවයක් බවට මල්වර උත්සවය පත්කර ගෙන සිටී.අතීතයේ සිට පැවත එන සිරිත් අනුව දියණියක විසින් තම මවට මේ බව දැන්වු විට , මව ඇය අතට ලෝහමය ආයුධයක් අතට දී කිරි ගහක් ලගට ගොස් ගසට කිරි එනසේ කැපුමක් කරනු ලැබේ ලෝහමය ආයුධයෙන් ආරක්ෂාවත් කිරි ගහෙන් සෞභාග්‍යත් සංකේතවත් කරනු ලැබේ.
ශබ්ද නඟා කතා නොකිරීම, දින තුනක් ගතවන තුරු කිසිවෙකුට මුහුණ නොපෙන්වීම, තාරකාවන් දෙස නොබැලීම, සුවඳ විලවුන් පාවිච්චි නොකිරීම, ස්නානයෙන් වැළකීම, ආභරණ නොපැළඳීම, නියපොතු, හිසකේ නොකැපීම, හිසකේ පීරීමෙන් වැලකීම යන අංග මල්වරය හා සම්බන්ධ සිරිත් විරිත් අතර ඇතුළත් වේ. නැවුම් බදුනමැටික ආහාර ගැනීම, දෝතින් ගෙන ජලය පානය කිරීමත් ,මල්වරවු දියණියකට තාවකාලික සිර දිවියක් ගතකිරීමට සිදුවේ.සමහර ප්‍රදේශවල පස් මොරු කුල්ල දීම නමින් චාරිත්‍රයක් තිබේ. මෙම චාරිත්‍රයේදී හාල්, පොල්, තුනපහ, පළතුරු, කැවිලි, බුලත්, පුවක් ආදිය ද, දියලබු, වට්ටක්කා වැනි එළවළු වර්ග කීපයක්ද කුල්ලක අතුරා පහනක් තබනු ලැබේ
මල්වරවු දියණියක ස්නානයෙන් පසු නිවසට පිවිසෙන අවස්ථාවේ දොරකඩ හරහා පැදුරක් එලා වී,තල උදු මුං මෑ ඇට දමා ඒ මත තොලබෝ අත්තක් සහ මොල්ගහක් හරහට දමා ඒ උඩින් ඇවිද ගෙන යාමට සලස්වනු ලැබේ .මේ අවස්ථාවේ රෙදි නැන්දා විසින් පොල් ගෙඩියක් බිම තබා දෙපළු වනසේ බිදිනු ලැබේ. මින් පසු ඈ කැදවා ගෙන යන්නේ නිවසේ මැද සකස් කර ඇති රන්, රිදී, මුතු, මැණික් ආදියෙන්ද කැවිලි, එළවළු, හාල්, පොල් හා ඇඳුම් ආදි ද්‍රව්‍ය වලින් බිම පැදුරක අතුරා සකස් කර ඇති ස්ථානයටයි. මෙම ස්ථානය පැදකුණු කර පහන් දල්වා සිරිත් කරනු ලැබේ. වැඩිවියට පත්වන අවස්ථාවේ ඇඳ පැළඳගෙන සිටි කණකර ආභරණ, ඇඳුම්, කොට්ට, පැදුරු සියල්ලම රෙදි නැන්දාට භාරදීම වැනි සිරිත්ද ඇතුලත්වේ.
රෙදි නැන්දා අද වොසින් මැසින් එකවී ඇති බැවින් මව හෝ ඥාති නැන්දා කෙනෙක් මේ සිරිත් විරිත් සදහා මැදිහත්වේ. සිරිත් විරිත්ද වර්තමානය වන විට ලඝු වි ඇතත්, උත්සවශ්රීය නම් සංකීර්ණවී ඇත. මගේ පාරිභෝගිකයාට සිදුව ඇත්තේ උත්සවශ්රීය සංකීර්ණවීමයි.
![]() |
සිරුර හමුවු දෙගිනි වල. |
![]() |
පහන්තුඩා වල. |
![]() |
කුණු කන්දක්. |
ජනාධිපති තුමනි,
මන්ද පෝෂණයවැඩිවීම සුබද අසුබද,
රැකියා අහිවීම සුබද අසුුබද ,
රටේ උගතුන් රට හැරයාම සුබද අසුබද ,
දුප්පත්කම වැඩිවීම සුබද අසුබද ,
කුඩා හා මධ්‍යම කර්මාන්ත වැසී යාම සුබද අසුබද
ව්‍යවසායකයින් ව්‍යාපාරවලින් ඉවත්වීම සුබද අසුබද ,
ඉදිකිරීම් කර්මාන්තය කඩාගෙන වැටෙන කොට සුබද අසුබද ,
ආහාර වේල් තුනෙන් එකක් හෝ ජනතාව ගන්නේ නැති කොටට සුබද අසුබද ?.
මෙහෙම ඇහුවේ ඇහුවේ විපක්ෂනායක තුමා.
ජනාධිපතිතුමා පිළිතුරු දුුන්නේ මේ විදියට.
මන්දපෝෂණය, දුප්පත්කම . විරැකියාව යනාදි කාරනා අසුුබ නිසා රට සංවර්ධණය කරා ගෙන යාමේ වැඩ පිලිවෙල සැලසුම් කර තිබෙනවා.
මෙරටට ආර්ථිකය සුණුවිසුණුව ජනතාව හාමතේ සිටින විට අගමැතිකම ගන්නේ නැතිව බයේ දුවන එක සුබද අසුබද යැයි විපක්ෂනායකවරයාගෙන් අසනවා.
මන්ද පෝෂණය සුබද අසුබද කියලා විපක්ෂ නායකවරයා ඇහුවා. - එය අසුුුබයි. ඒ නිසා තමයි “ අස්වැසුම “ගෙනාවේ. ඒ නිසා තමයි හාල් කිලෝ දහය බැගින් මාස දෙකකෙ දුන්නේ. ඒ නිසා තමයි ඇමතිතුමා ( අධ්‍යාපන ) ආහාර දෙන්න පටන් ගත්තේ.
දුප්පත් කම සුබද අසුබද කියලත් ඇහුවා. දුප්පත් කම අසුබයි. ඒකයි ලක්ෂ 20 ක ජනතාවට උරුමය අයිතිය දෙන්නේ.ඒකයි ලක්ෂ දෙක හමාරක ජනතාවට අපි ගෙයක් දෙන්නේ.
තව මොනවද ඕන.
මේක සුබද අසුබද ?. විරැකියාව සුබද අසුබද ?.
විරැකියාව අසුබ නිසා තමයි කර්මාන්ත ශාලා ආර්මභ කරන්නේ. දැන් ආයෝජන ගේන්නෙත් ඒ නිසයි.
මම තව එකක් අහනවා මේ රටේ ආර්ථිකය කැඩිලා මිනිස්සු හාමතේ සිටින විට අගමැතිකම ගනන්නේ නැතිව බයේ දුවන එක සුබද අසුබද කියලා මම අහනවා.
ඒ දෙගොල්ලට කතා තියෙනවා. වැඩක් නොකර බලා ඉන්න අපිට ඒවා ගැන කතා නැහැ. බලමු මින් පස්සේවත් අපිට කතා කරන්න පුළුවන් වෙයිද කියලා ?.
කර පින්නන් ආපු හින්ද
දෙපා මගේ රිදෙන හින්ද
ගිනි ගණනට කිරි අරගෙන
උගුර උගුර දීපු හින්ද
මගේ හිත බැඳුණාය පුතේ
උඹ නැතිවම බැරිය පුතේ
...සේද පිළි විසි කරදා
කඩමලු ඇඟ ඔතාලා
සිහිල් දියෙන් දොවාලා
ගොඩක් වතුර පොවාලා
මං උස්සන් උඹ උස්සන් යනවා
කර පින්නා ගෙන යනවා
බෙදු එම නීතිය
දිගු නොවු කෙටි කාලය
ඒ රට ස්වර්ණමය යුගයක්ම වු බව
දනන් තුඩ තුඩ තවත් පැවසෙයි
හුණු වටය පිලිබද ඇසු මෙ පුවත
සබේ වියතුනි , පැවසු ලෙස
දන පුරානේ තබා ගනු මැන
සිතෙහි මේවදන
දෙයක් වේ නම් යම් සුදුස්සාටම
අයිති විය යුතුම කියන ලෙස
මෙලෙද ලැබිය යුතු මවු ගුණයය ඇති අය
දරුවන් දිනිය යුතු වෙයි
රියදුරු මනාව
ලැබිය යුතු වු සේම අස්රිය
මුදු ගුණයය ඇති අය
දරුවන් දිනිය යතු වෙය
ගොවි දන මනාවු
දිනිය යුුතු සේම ගම් බිම්.
අවසානයේ අසඩක් ගැන කියන්නේ මෙහෙමයි.
විදා අත් තල දෙන
නොදෙන දේ රැගෙන හෝ නොමරැගෙන
පොදවේ නිදානයකින් රැගෙන දෙන මෙන්
යුක්ති ධර්මය සැමට බෙදු එදා
පිටවුු විනිසුරු ඒ යළිත් නැත
කිසි දිනෙක දුටුවේ මෙදා වනතුරු
ඔහුගේ අණ ගුණ
දනන් තුඩ තුඩ තවද කියවේ.
ජීවිතයේ සැදෑ සමය හරියටකන්දක් උඩට නැග්ගා වගෙයි. ජීවිතය සැදෑසමයට පත්වෙලා. කන්ද මුුදුුනට ගියාම තමයි පේන්නේ අවට දසුන්. සුන්දර මෙන්ම අසුන්දර රටාවල් මේ අතර තියෙන්න පුළුවන්. ඒ වගේ ජීවිතයේ කදු මුදුනේ ඉන්න මට සුන්දර මතකයන් මෙන්ම අසුුන්දර මතකයන් සිහිපත් වෙනවා ඒ් මතකයන් කලින් කල විදවන්නේ විවිධාකාරයෙන්
!doctype>බලමු........ මොන විදියට විදවයි ද කියලා.
මීදුම...... ඉර පායනවත් එක්කම නැතිවෙලා යන තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙන මීදුම ඝණ වෙලා දිය වෙලා කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා. තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා . සිතුවිලිත් ඒ වගෙයි. ඇති වෙලා නැතිවෙලා යනවා. දේවල් බෙදා හදාගන්න
මීදුම... යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා. තෝරා බේරාගෙන පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එනවා. වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත් මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මීදුමත් සමග මුසු වෙන්න පුළුවන්.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි කියලා .
මම හිතනවා
!doctype>එළඹෙන නොවැම්බර් 16 වන දින හෝ ඊට පෙර ශ්‍රී ලංකාවේ 9 වන ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි. 1982 වසරේ පළමු ජනාධිපතිවරණය පැවැත්වුණා. ඉන්පසුව පිළි...