Friday, August 18, 2023

මේක ටිකක් පරණ කතාවක්.


රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ දෙවර්ෂ පාලනසමයේ   සිදුවුවක් .

උතුරු මැද පලාතේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී උත්තමයෙකු සහ විදුහල්පතිවරයෙකු මේ කතාවේ පාත්‍රවර්ගයා වෙනවා. විදුහල්පතිවරයා විශ්‍රාමව වසර ගනනාවකට පසු  මීට තෙවසරකට පෙර දිවංගත වුනා.එවකට තරුන ප‍හේ  මන්ත්‍රී උත්තමයා නම් තාම වේදිකාවේ රග දෙනවා.  

 මීදුමට නෑකම් කියන විදුහල්පති වරයා සෘජු චරිතයක්

ජනප්‍රිය විදුහලක විදුහල්පතිවරයෙක් ලෙස කටයුතු කිරීම අසීරුකටයුත්තක් බව දෙමව්පියන් නොදන්නා කරුණක් විය හැකියි. පන්තියකසිටිය යුතු උපරීම ශිෂය සංඛ්‍යාවද ඉක්මවි ගිය පසුත් සිසුන් ඇතුලත් කරගැණිම අසීරු කටයුත්තක් වන අතර  සිසුන් සංඛ්‍යාව වැඩිවු විට ගුරුවරුන්හට තම සිසුන්ගේ ක්‍රීයාකාරකම්      අගයමින් ඉගැන්වීමේ කටයුතු  පවත්වා ගෙන යාම අසීරු බව දෙමව්පියන් අදහන්නේ නැත.

තම විද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යාපනය සහ අධ්‍යාපන ප්‍රමිතීන් විනය  මුල්තැන ලා සලකන දඩබ්බර  පන්නයේ  අයෙකුවු   විදුහල්පතිතුමා  යකාටවත්  තම  අදහස් වෙනස්  කරන්නට  කැමති .කෙනෙක් නෙමෙයි.රාජකාරි ජීවිතයේ  ගත්ත සමහර තීන්දු තීරණ රස කර මෙනෙහි කරමින් විශ්‍රාම ජීවිතය සුවබර ව ගෙවන්නට හැකි වුනේ විශාල සේවයක් සිසු පරපුර වෙනුවෙන් ඉටු කල නිසා කියලා මීදුම හිතනවා.

හිටපු  ජනාධිපති වරයෙකු ගේද නිජ බිමවු මේ ප්‍ර දේශයේ , බලවත්වු පක‍්ෂයක  මන්ත්‍රී වරයෙකු  ඔහුගේ  බලපරාක්‍රමය පැවති කාලයක මේ විදුහල්පති තුමා රාජකාරි කලේ      ප්‍ර දේශයේ ජනප්‍රිය  පාසලක. මෙකල මන්ත්‍රී තුමා ගේ පාර්ශවය බලවත්ව තිබු නිසා මන්ත්‍රීතුමාද සර්ව බලධාරි ව වැජඹුනා.

මේ කියන වකවානුවේ මන්ත්‍රීතුමාගේ ගෝල බාලයෙකුට තම දරුවා මේ විදුහල්පති තුමා  පාලනය කල විදුහලට ඇතුලත් කර ගැණිමට අවශ්‍ය වුනා විදුහල්පති වරයා හමුව අයදුම්පතක් දී. ඉල්ලීමක් කලද පන්තියේ සිසුන් ප්‍රමානය වැඩි නිසා ඉල්ලුම් පත නිෂ්ප්‍රභාවුනා. පසුව  මංත්‍රී උත්තමයා මගින්ද   දිගින් දිගට  ඉල්ලීම් කලත්   විදුහල්පති වරයාගේ තීරණය වෙනස් වුනේ නැහැ.

මන්ත්‍රී තුමාටත් මේ වැඩේ හිසරදයක් වුනා. ලජ්ජාවටත්කාරණයක් වුනා. එක් දවසක තම පැජරෝවට මංත්‍රී ගෝලයාද නන්වා ගත්  මන්ත්‍රීතුමා   පැමිණ විදුහල්පතිවරයා සොයා  කාර්යාලයට කඩා වැදුනා.

       

 

එතැන් සිට  සිදුවීම එතුමා දිවංගත වන තෙක්ම අතීත රසමුසු තැන් සිහිපත් කරමින් විදුහල්පතිවරයා   රස වින්දේ ඉමහත් සතුටින් .

 

කෝ මේකේ විදුහල්පති ?. මංත්‍රීතුමා බෙරිහන් දෙනවා.

ආයුබොවන් ! 

මංත්‍රීතුමා. විදුහල්පතිතුමාගේ තැන්පත් හඩ.

වාඩිවෙන්න නෙමෙයි මොනවද තමුසේ කරන මේ වැඩේ ?.  මෙයාගේ ළමයා අදම   පාසලට ඇතුලත් කර ගන්න ඕනි .

මංත්‍රීතුමා ,  පන්ති කාමරවල ඉඩ නැහැ පන්තියේ ලමයි හතලිහකට වැඩියි.  නිසා තවත් පන්තියට බරක් වෙන්න ලමයි බාරගන්න බැහැ. 

තමුසේගේ කතා වලින් වැඩක් නැහැ  මේ ලමයා ගන්න ඔනී.

මට නම්  වැඩේ කරන්න බැහැ.  

විදුහල්පති තුමාගේ  සෘජු බාවයට  මන්ත්‍රී  උත්තමයාට අන්තිමේදී මල පැන්නේය.තම ගෝල බාලයන ඉදිරියේදීම හෑල්ලු වීම ඉවසන්න බැරිවුනා.

තමුසේ අමුඩයක් ගස්සලා මේ ස්කොලෙන් පන්නන්නේ තේරුනාද ?      තමුසේ කතා කරන්නේ කා එක්කද ?

විදුහල්පති තුමාත් අතඇරියේ නැහැ.

‘මෙච්චර වෙලානම් මංත්‍රීතුමාත් එක්ක.‘

මංත්‍රීතුමා ,  මම මෙහේට ආවේ දකුණු පලාතේ ඉදන් . මගේඅප්පච්චි ගොවියෙක්. කුඹුරු පිටි වගේම හරකා බාන අප්පච්චිගේ උරුමේ. 

අප්පච්චි වැඩපලට ඇන්දේ අමුඩේ. මාත් මෙහේට ( උතුරුමැද පලාතට ) එන්න ඉස්සෙල්ලා   අප්පච්චීගේ වැඩපලට උදව් උනේ අමුඩේ ගහගෙන.

 

ඉතින් ඔබතුමාට අරුමයක් උන මේ අමුඩේ මට නම්  අරුමයක්නැහැ.              

ගම්මුකෝ රෙදිකෑල්ලක් දැන් අමුඩයක් ගහන්න !.

 

මේ වනවිට මංත්‍රීතුමාගේ ගෝරණාඩුවට වටාපිටාවේ ගුරුවරුන්ද කාර්යාලයට රොක්වෙලා. විදුහල්පතිවරයාගේ දේශණාවට  මන්ත්‍රී උත්තමයාට කට උත්තර තිබුනේ නැහැ.  

 පිරිස මැද මංත්‍රීතුමා කරකවලා අතහැරියා .වගේ අන්දමන්ද වෙලා.

මංත්‍රී තුමා  ගෝලයාත් නංවා ගෙන මේ දඩබ්බරයාට හොද පාඩමක් උගන්නම් යයි සිතා  ගෙන  පලාත් අධ්‍යාපන කාර්යාලය දක්වා පසුබැස්සා.

මෙකල කොන්ද පණ නැති විදුහල්පතිවරු , නියෝජ්‍ය  විදුහල්පතිවරු තමන් දුන් සාක්‍ෂි කට උත්තර දිවුරුම් පෙත්සම් මගින් අස්කර ගන්නා රටක  මේ විදුහල්පතිවරයාට  තිබුනේ නොනැමෙන කෂේරුවක් වීම නිසාඋතුරු මැද පලාතේ සිට මධ්‍යම පලාතට ක්‍ෂණික මාරුවක් ලැබ කොට්ටමෙට්ට අකුලාගෙන යාමට එදා සිදුවුනා. 

රනිල්ගේ දෙවර්ෂ පුර්ණය අවසානයේ මන්ත්‍රී උත්තමයාට පාර්ලිමේන්තුව අත්හැර ගෙදර නතරවන්න සිදුවුනා.  විදුහල්පතිවරයා  මධ්‍යම පලාතේ සිට නැවත එම පාසලටම විදුහල්පතිවරයා ලෙස  පත්ව  පසු කාලයේ  අධ්‍යාපන නිලධාරියෙක්ව විශ්‍රාම ගියා.

ජීවතුන් අතර සිටි කාලයේත් අර මන්ත්‍රීවරයා ඔහු හැදුන්වුයේ ගරු සරු නැතිව නමින් පමනයි.






notes of imaginary

Saturday, August 12, 2023

කෑලි කැඩිය හැකියි පුංචි දූපතක්

න්දක් වුණත් නාය යා හැකිය
අන්ධකාර රාත්රියක
හිතුවක්කාර කුණාටුවකට හසුව
ලන්ද පාමුල මලක්
තැලී පොඩිවී ගොසිනි
ආර්ථික කුණාටුවකට
කෑලි කැඩිය හැකියි පුංචි දූපතක්
කොඳු නාරටිය කඩා බිඳ දමමින්
සමතලා කළ හැකිය ආත්මය
මේ එහෙව් කාලයක්
පපු කැවුතු පවා හප කරන
යක්ෂ ප්රේතයින්ට රජවෙන්ට ඉඩ දුන්න
ආර්ථික අයුක්තියේ උණ්ඩයෙන්
වෙඩි තිබ්බෙ වැඩ කරන මිනිසුන්ට
ඇවිලුණේ පොඩි උන්ගෙ බඩගින්න
මහ එවුන් රයිෆලය අත ගගා
දැවටුවා ලේ බිංදු වහගන්න සුදු රෙද්ද
ආර්ථික යුක්තිය
ගඳ ගහන වීදියේ කුණු ගොඩක
ලන්ද පාමුල මලක්
තැලී පොඩිවී ගොසිනි
මහ කඳු ද නාය ගොස් අවසන්ය
- සෝමලතා හේරත් මැණිකේ
(කවි නොවේ )

notes of imaginary

Wednesday, August 09, 2023

වැස්ස




අතීතයෙ සිටම කෘෂිකාර්මික කටයුතු පවත්වා ගෙන යාමට පහසු වනසේ කාලරාමුවක් තිබු බවත් ,එකල යල කන්නය පිට දඩ හස ලෙසත් මහ කන්නය අකල හස ලෙස සහ මැද කන්නය මද හස ලෙසත් හදුන්වා ඇති බව තෝනිගල සෙල් ලිපියේ සදහන් වනවා

කෘෂිකාර්මික කටයුතු  පහසුවටත් නියමිත කාලරාමුවකට පවත්වා ගෙන යාම සදහා මෙලෙස වර්ෂය කාර්තු තුනකට බෙදා ගෙන තියෙනවා.මෙසේ බෙදීමේදි සැලකිල්ලට ගෙන ඇත්තේ කාලගුනයයි.

කටයුතු අරම්භ කිරීමටත් - අස්වනු නෙලා ගන්නා කාලයටත් අතර කාලය  කන්නයක් ලෙස නම් වෙනවා.

යල කන්නය

පලමුවන අන්තර් මෝසම>> මාර්තු සිට අප්රේල් දක්වා දිවයිනේ සියළුම ප්‍ර දේශවලට වැසි ලැබේ.

නිරිත දිග මෝසම  >>>>  මැයි සිට සැප්තැම්බර් දක්වා තෙත් කලාපයට වැසි ලැබේ. (සිරිපාදේ අවාරය)

පෙර මහ >>>>>>>>>>>> යල කන්නයටත් මහ කන්නයටත් අතර කන්නය. මෙම කන්නයේ මාස තුනක වයසකින්  අස්වැන්න ගත හැකි බීජ වගා කරන ලදී

මහ කන්නය

දෙවෙනි අන්තර මෝසම >>> ඔක්තෝම්බර් සිට පෙබරවාරි දක්වා දිවයින පුරා වැසි ඇතිවේ. ( සංවහන වැහි)

ඊසාන දිග මෝසම     >>>>>  දෙසැම්බර්  සිට පෙබරවාරි දක්වා වියලි කලාපයට වැහි ඇතිවේ.

ගොවීන් අනුගමනය කරන වගා සැලසුම ගැන අවබෝධයක් ලබා ගැනීමට උපකාරී .වෙනවා.

මේ වසර ප්‍රමානවත් වැසි නොලැබීම නිසා ගොවීන් අගෝස්තු මාසය ආරම්භ වන විටම ජල අර්බූදයකට මුහුන පාන්නට සිදුවී ඇති බව නිරීක්‍ෂණයයි.

අප්රේල් 15 – 20 විට ගොයම් කපා අස්වැන්න නෙලා ගත්තා යයි උපකල්පනය කරමු.

මැයි මස අවසන් වන විට බීජ වපුරා හෝ සිටවා අවසන් කල යයිද සිතමු.

ජුනි ජුලි අවසන් වන විට ගොයමට දින 60 – 75 ක් අතර කාලයකි. අද අගෝස්තු08 අට වෙනිදාය. උඩ වලව ගොවීන් ජලය ඉල්ලන්නේ තවත් සති දෙකකටය. අප්රේල් 10 ට අස්වනු නෙලා ගත්තා නම් මේවගා සැලැස්මේ සති යක් - දින 10 ක වෙනසක් ඇතිකර ගන්න පුළුවන් ඒත් සිංහල අළුත් අවුරුද්දත් සමග සති තුන හතරකින් තමයි ගොවි බිම් ගැන සොයා බලන්නේ.

සමනල වැව පෝෂිත වන ප්‍ර දේශයට වැසි ලැබෙන්නේ පලමුවන අන්තර් මෝසම වන මාර්තු සිට අප්රේල් දක්වා කාලයේත් දෙවෙනි අන්තර මෝසම  වන  ඔක්තෝම්බර් සිට පෙබරවාරි දක්වා කාලයෙත්   වන අතර මැයි සහ ජුනි මාසවල සුළු ප්‍රමානයක වැසිත් ලැබෙනවා . මෙම වැහි ගංගාවලට ජලය එකතු වීමට තරම් ප්‍රමානවත් නැහැ

සමනල වැව ප්‍රධාන ඉලක්කය.වුනේ විදුලි බලය උත්පාදනය කිරීමයි. සමනල වැව ආරම්භ කරන අවදියේ ඇති කරගත් සක්‍යතා වාර්තාවල මේ බව සදහන් වෙනවා.මෝසම් දෙකකින් සමනල වැවට ජලය ලැබෙනවා.පලමුවන අන්තර් මෝසමත් දෙවන අන්තර් මෝසමත් විශේෂයි.

2012 වර්ෂයේත් මේ ප්‍රෙද්ශයට නියගය බල පෑවා මෝසම් වැසි ලැබුනත් හරියට සක්‍රීය වුනේ නැහැ. අඩු ජල පලදාවක් ලැබුන නිසා සමනල වැව සිදී ගියා. මේ වසරේදී ලැබුනේ එවන් අත්දැකීමක්.

අපට ස්වභාව ධර්මයට පිටුපාන්න බැහැ. එහෙත් වර්තමානයේ අභියෝග කරන්න පුළුවන්.කාලගුණ දෙපාර්තමේන්තුවට මේ තත්වය කලින් අවබෝධ කර ගන්න හැකියාව තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට , ගොවි ජන දෙපාර්තමේන්තුවට සැලසුම් හදා ගෙන පහල මට්ටමකට ගේන්න පුළුවන් .ඒ ආයතන අකාර්යක‍්ෂමයි. ගොවීන්ට ව්‍යාප්ත සැලැස්මක් නැහැ. ඔවුන් අයාලයේ යනවා.

බලයට කෑදරවු දේශපාලන- ඥයින්  වතුර බොරවු පසු මාළු බානවා. දැන් ජලයට කරන තර්ජන වර්ජන අතුහැරලා විදුලිය නෑ කියලා පොළු මුගුරු ඔසවා ගනීවි.

අපේ රටේ හැටි.......................................................


notes of imaginary