කල්තොට පුරාන
ජනපදයක්. පසු කාලීනව වලවේ ගග හරස් කර අමුණක් ඉදිකිරීමෙන් වාරි ව්‍යාපෘතියක් ආරම්භ
කර තියෙනවා.
පුරාණයේදී කල්තොට ඉතා සශ්‍රීක භූමියක් වශයෙන් පැවති බවට
ඉතිහාසය සාක්ෂි දරනවා. ගොවිතැනට අවශ්‍ය ජලය ලබාගැනීමට වලවේ ගඟ හරහා තැනූ පැරණි
අමුණ ඉංග්‍රීසි පාලන යුගයේ දී ප්‍රතිසංස්කරණය කරලා. වලවේ ගඟ හරහා ඉදිකළ පාලමට
නුදුරින් මෙම අමුණ පිහිටා තිබෙනවා. අදත් ඉන් ලබාගන්නා ජලයෙන් කුඹුරු අස්වද්දනවා.
කල්තොට වම් ඇල සහ දකුණු ඇල ලෙස මෙම වාරි ඇළවල්
හදුන්වනවා. මෙම ව්‍යාපෘතිය මගින් ගොවි ජනපද ව්‍යාපාරයක් ඇරඹීමෙන් පසු කල්තොට සරු
පස ගොවි බිමක් බවට පත්වුනා.
බලංගොඩට බත
සපයන්නේ කල්තොට ගොවි ජනපදයයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi32IruPglm7TZKg65g_lPdjfNamE9yPPyijyAGqWPzLU31aU9S6zBkcajg-kYS0qoYoxjB2ayn_EI3sotoaQ6sSde0009lhEOkl0LkL3xTujoGCd-qIx9xjlQSFOxx6vZb5lBAt8sKSpdcTBX5NmABA1o7ARFdQLk5oHEZJbLtxxl29KdFewMF704Pbg/s320-rw/%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%20%E0%B6%B4%E0%B7%9C%E0%B6%9A%E0%B7%94%E0%B6%AB.jpg) |
හුණුගල් පොකුණ |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdW_A8pS6mr2WNHpyLtmlCY3oFM_luvWb6TVWubbP1lySwm04KjAm01TcbJ8QNySumZU4d6OORXqtslfPgq2gSlTLF4qVb-RY74OJVUGLUmfwYZWGMUlBEvADyBqQMIKgz9dn-C7kmiB-X8AH6PR7RoJP5y46UEMduAdQkG1NEeDELvjkuVPRW6WmNfg/s320-rw/%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%20%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%20%E0%B6%B4%E0%B7%9C%E0%B6%9A%E0%B7%94%E0%B6%AB.jpg) |
හුණු ගල් පොකුන |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhE42-_agn4ZPnf8AU423qekDRc6TfZVuPZxcCG-9g_dfAB9qNA-HY6ARC8a-7tES8NIJ4KX5fpnjQkCa6SDRJWFpZfaZk6yjc21Hcg5FGcUbnSotR-L4n22vpSb0NQnPTREkXrGQUiKEdMsWQMFGfgLnNcb4biLw11Yv6kewINy-XFuaHILaAbLj7fQA/s320-rw/%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%20%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%20%E0%B6%B4%E0%B7%9C%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%20(2).jpg) |
හුණුගල් පොකුණ |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgVRsxaqhe9wF_NjQ4ArDYYJShN_neIcNtw-A1eLW4FhuUhIPuttgNpQOMR4NcSVJJoU8U6C_LySUv3LQC_Ad1lCpAf9Uq4X34KlYdFXGqJJwbpSmtQorwc_XC_58Y2Cbk1e6uYTgBQd8lxORcapSlkShpTit7NkjNmkXsxayvs77FYqHHNzpjthcF-BA/s320-rw/%E0%B6%AF%E0%B7%96%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92%20%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD.jpg) |
දුවිලි ඇල්ල |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh_Ib4MNiLU1IKsR-_4oszxmWi0UuFfmdWVTjE8x3HnoxeJvEc7pn7NkIwJufadBUkrtx2w1GBDWQY54XPuJkPMyYbeHFwc_P0l5jDpDLVhHqzeF8-hHssOpQzP-roXSxpa3JlhFkOP4oeQyZAfOa0skw-bwXK3mTiJGtv7duHGbj4PFS87lCzb_NmGZw/s320-rw/%E0%B6%9A%E0%B7%96%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD%20.jpg) |
සංවර්ධනයවු කූරගල |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiUzNMZtEM0ZZ56Zppum_xrUjlSUke9phq2ou1X9K2MNlNxyZSgw88dlfNekxaPRH6mJMx2VDZ7BQ637m4B3QdID8PRUUIb3SAhKfIIGaGvnO6985QaX5CLlWyG4eV__23yZ5SV0MoLu9aDOiEfuldeH3-4PxM5He5mO8ZewHjYS6rK7ZS5VjtQsK7aTw/s320-rw/%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%20%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92%20%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%8A.jpg) |
කල්තොට ගොවි බිම්. |
කල්තොට යාමට බලංගොඩ සිට විකිලිය, රජවක, මොලමුරේ, තංජන්තැන්න හරහා ගමන් කරන්න ඕන. මෙය පුරාන ගමන් මගක්. මෙම මාර්ගය ඔස්සේ තනමල්විල
හරහා කතරගම දක්වා යා හැකියි . එම මගම නව්‍යකරනය වී කතරගමට මත්තල දක්වා වර්තමානයේ යා
හැකියි.
බලංගොඩ, කිරිමැටිතැන්න, වැලිගෙපොල, කපුගල, දියවින්න හරහාත් ගොස්
කල්තොට - දියවින්න මාර්ගයට සම්බන්ධ වනවා. මේ මාර්ග දෙකින් පළමු පාර ඇදී
යන්නේ කඳුකර බෑවුමක් මැදින්. කල්තොටට යන ඔබට මධ්‍ය කඳුකරය අවසාන වී
පහතරට වියළි කලාපය ආරම්භ වන ආකාරය බෙල්ලන්ගල බෑවුමේදී නිරීක්‍ෂණය කරන්න පුළුවන්.
බෙල්ලන්ගලකන්ද මධ්‍යම කඳුකරයේ අවසානය සටහන් කරන දකුණු බෑවුමයි.
එහි උතුරු මායිමේ රජවක ඖෂධ උද්‍යානය පිහිටා තිබෙනවා අතරමැදි කලාපයට අයත් මෙහි වියළි කලාපීය වනාන්තර
වගේම තෙත් කලාපීය වනාන්තරත් පැතිර තිබෙනවා.
බෙල්ලන්ගල කන්ද වටිනා
ඖෂධයක් වන ගම්මාලු ගස්වලට ප්‍රසිද්ධයි. සමහර තැන්වල ගම්මාලු ගස් මණ්ඩි වශයෙන්
දක්නට තිබෙනවා. සංජීවනී නම් දුලබ ඔසු පැළෑටිය ද මෙහි තිබෙනවා. බිංකොහොඹ, කොතලහිඹුටු වැනි ඖෂධ වගේම අප රටට
ආවේණික මැන්දෝර ගස්ද, නෙල්ලි, බුරුත, වීර, කහට, කිරිකෝන් ආදී
ගස්ද මේ වනාන්තරයේ අගය ඉහළ නංවනවා.
මෙම දුර්ග මාර්ගයේ ගමන් කරන විට පහළින් වලවේ
ගංගා මිටියාවත හා උඩවලව වනෝද්යානය අලංකාරව දිස්වන අයුරු දැකගත හැකියි. බෙල්ලන්ගල කන්ද පසුකරන
විටම පිවිසෙන්නේ කල්තොට තැනිතලා බිමටයි.
මෙය කුඩා නගරයක්. නාගරීකරණය නොවූවත් රෝහලක්,පොලිසියක්, පාසල් සහ වෙළද පලක් ආදී
රාජ්‍ය ආයාතන පිහිටා තිබෙනවා.
බලංගොඩ සිටදුර
කි. මී. 32ක් .
ක්‍රිව 1018
– 1029 වකවානුවේ “වීර මහාසූරිය” නම් රජ කෙනකු කල්තොට ප්‍රදේශාධිපතිව
කටයුතු කර ඇති බව පැවසෙනවා. එමෙන්ම චූල වංශයේ සඳහන් පරිදි ඉන්දියාවේ සිට පැමිණි “පාණ්ඩ්‍ය”
නැමැති කුමාරයකු කල්තොට පරිපාලනය කල බවද කියවේ.
ඉන් පසු ක්‍රි.ව. 1042 – 1043 කාලය
තුළ වික්‍රම පාණ්ඩ්‍ය නැමැති කුමරකු කාලතිත්ථ හෙවත් කල්තොට රාජ්‍ය කරවූ බව ද කියවේ. කල්තොට වියලි දේශගුණයකින්
යුත් සුන්දර ගොවි බිමක්.
කල්තොට
ගමානාන්තයට පෙර අපට දූවිලි ඇල්ල ,කූරගල.හමුවනවා. කල්තොට ප්‍රදේශයට යන අපිට ඓතිහාසික
බුදුගල ආරන්‍ය , සඳගනා නුවර, උඩුපියන් ගල්ගේ
,ගල්ටැම්යාය අපට
හමුවෙනවා.
දර්ශනීය දියවින්න ඇල්ල මේ ගමනේදී අපට පාරිසරික වින්දනයක් ලබා
දෙනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgH1V6D8-OFFfayFDcRNkSyb9w9GFoqOkYLY-_ZzhtxVS06Xm1WSBQOtaQW_Z3GPI7DGrDI7uvR-KIvpWTukzq92pPUV1KZ4lYZGM98vWs00kc0wKc_CgIaQOaa8CSyfJ_hrRfl-IQe6Qk5qc_3a7OzCk3FLSwaOf5krE2LwP1d4XXHlp8JOgoVL4ckCA/s320-rw/%E0%B6%AF%E0%B7%96%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92%20%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD.jpg) |
දූවිලි ඇල්ල - දියවින්න |