Wednesday, July 23, 2014

සදාකාලික නොවු ලෝකයේ...........



තක්කාලි ගෙඩිය මොකද කරන්නේ ?
මම රාබු අලෙත් එක්ක අද  ඉන්නම්.
තක්කාලි ගෙඩිය යන්න.
මට විරෝධයක්  නොදක්වාම  උදෙන්ම අර්තාපල් අලේ ගමන් බලපත්‍රය  නිකුත් කලේය.
වෙනදා මාත් සමගම පෙර ගමන් යන්න සුදානම් වන  අර්තාපල් අලයට  අද ආත්තම්මාත් එක්ක  ප්ලාස්ටික් කෑලි ටිකක්  ඒකතුකරමින්  කෝච්චියක් හදන්න  අදහසක් පහල වී ඇත..
තවත් දවසක අර්තාපල් අලයක් නොවන සීයා කන්ටේනර් එකක් බවට පත්වන්නේය. එදාට   පුතා නිල් පාට ට්‍රේන් එකක් බවට පත්වන්නේය.
මමත් පුංචි එකාගෙන් මිදී සුපුරුදු කටයුතු  සදහා යොමු වුවත්  අපි දෙදෙනා අතර තහවුරු වී ඇති සෙනෙහසේ බැදීමෙන්  ඇතිවන සිතිවිල්ලෙන් නම් නිදහස් වන්නට නොහැකිය.

වැඩිහිටියන් ගේ ලෝකය වෙනස්ය. රළුය .
පුංචි එකාගේ ලෝකය සුන්දරය .සියුමැලිය.

සෙනහස කාලෙයන් කාලයට අප බැද ගන්නේ  විවිධ ස්වරූපෙයන් යයි මගේ සිත කියන්නට විය.  ජීවිතයට හමුවු  විවිධාකාර  අදුරු  මෙන්ම සොදුරු සෙවනැලි  වලින් මිදී  ජීවිතය ගීතවත් කල කුඩුම්භයේ  සෙනෙහස තුල පැල පදියම් විය.  වර්තමානයට වන විට පුංචි මුණුපුරා  සීයාගේ සෙනෙහසේ    ප්‍රමුඛත්වය  දිනා ගෙන ඇත. 
අතීතයත් වර්තමානයත් යා කරමින් ගලපන සිතට එක් තැනක සිරවු සෙනෙහසේ එක් කතාන්දරයක්  සුනිල් එදිරිසිංහගේ හඩින්  අවදිවී ගලා යන්නට විය.

සදාකාලික ලෝකයේ - සදාකාලික ප්‍රේමයක්
සොයා  නෙක ගම් දනව් පීරා ගෙවු කාලය සිහිනයක්

මගේ දුක දැක - ඔබේ දෙනයන  - උපන් කදුලින් සේදිලා //
ඔබේ වත නොව - ඔබේ හදවත - පුරා සදසේ පෑදිලා.

සදාකාලික ලෝකයේ - සදාකාලික ප්‍රේමයක්
සොයා  නෙක ගම් දනව් පීරා ගෙවු කාලය සිහිනයක්

එදා ලග සිට - දුටුව ඔබ නොව
මෙදා දුර සිට -මා දකින්නේ

සදාකාලික නොවු ලෝකයේ
සදා කෙලෙසද පෙම් බදින්නේ ?

වයසින් මුහුකුරා යන විට බාල තරුන වියේදී කල කී දෑ තක්සේරු වන්නේ සුනිලුන් ගයනා ලෙසින්
යයි මම තේරුම් ගනිමි.
එදා ලග සිට - දුටුව ඔබ නොව - මෙදා දුර සිට -මා දකින්නේ
මම මගේ බාලයින්ට අතීතය  කියමි.

එහෙත් මගේ බාලයන්
සදාකාලික ලෝකයේ - සදාකාලික ප්‍රේමයක් සොයා  නෙක ගම් දනව් පීරමින් කාලය  ගෙවීමින් සිටිති.

මෙය නිස්සාර කටයුත්තක්යයි මම පහදා දුන්නද ඔවුන් ඒ බව පිලි නොගනී. 
කාලය ගතවී ඔවුන්ද මා තරමට මුහුකුරා යන තෙක්
සදාකාලික නොවු ලෝකයේ -සදා කෙලෙසද පෙම් බදින්නේ ?
යන්න තේරුම් නොගන්නවා ඇත.

මම සිතිවිලි දැහැණින් මිදී ජීවිතයේ ස්වරූපය මෙයයි සුසුමකින් සහැල්ලුවට පත්විය.





notes of imaginary

Wednesday, July 16, 2014

මාතෘකාවක් නැත.


පසුගිය සති අන්තය අප ප්‍රදේශය හරහා හමාගිය  හුලග තදබල ලෙස  අපට  පීඩා කලේය. ඌව සබරගමුව මායිමේ පිහිටි සබරගමුවේ ගම් දෙක තුනකට තද බල හාණි සිදුවී ගම්වාසීන් පාසල් සහ පන්සල් වල සරනාගතයන් බවට පත්විය. මේ අතර ඌව පලාත් සභාව  පසුගිය සති අන්තයේ  විසුරුවා හැරියේය. සුලග නිසා පීඩාවට පත්වු ජනතාව “ අනේ අපි ඌව පලාත් සභාවට අයිති වුනේ නෑහැනේ ” කියමින්  කම්පාවට පත් වෙමින් සිටින්නීය.
මේ ගම්වාසීන් ඌව පලාත් සභාවට අයිතිවූවානම් අදවන විට තම ගෙවල් දොරවල් පිලිසකර කර ගණිමින් සුලගට කලින් සිටියාටත් වඩා යහපත් ජීවිතයක් අරම්භ කර සිටිනවාට සැක නැත. ඒ අපේ රටේ හැටිය.

මීදුමගේ දවස වෙනස් වුවාට පසු චරිත කිහිපයක් හදුන්වා දුන්නා මතක ඇත. සාජ් සහ විශ්‍රාමික සංගමය සමග ගිය පසුගිය සතිය ගතකර මේ  සති අන්තයේ දේශපාලන සුලි හුලගට පහත්වු කණ්ඩායමක කතා බහකට වරින් වර ඇහුම් කම්දී සිටිමට මීදුමට හැකිවිය. 

මොවුන් වේදිකාවේ විවිධ දේශපාලන කණ්ඩායම් වලට “ චු බර හැදෙන තුරු බෙරිහන් දුන්නත් “ එකම මේසේ ගල් බෝතලය අන්තිම බිංදුව දක්වා සකසුරුවමින් සහ සහෝගයෙන් බෙදා ගැණිමට රුසියෝය.

සර්, මේ මිනිස්සුන්ට වැඩි වුනාම මොනවයින් මොනවා වෙයිද ?. ඊයේ පෙරේදා සේවයට එක්වු සිරිපාලගේ විමතිය මා වෙත විසි කර බලාසිටින්නේය. මම “කලබලයක් නොකර බිල ගැන විතරක් බලමු “ යයි නිහඩ වීය.

සිරිපාලට මේ කණ්ඩායම අමුත්තක් වුනත් මේ කණ්ඩායමට මෙය පුරුද්දක්ය. 

එක දෙක වදින විට දේශපාලන විග්‍රහයකට  මුල පුරන හඩ කරන කතා බහින් මම ඇහිද ගත්තේය. “ විමලවංශ මහත්තයා” ගේ කඩහඩ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය වෙනුවෙන් බව මම තේරුම් ගත්‍තාය. 

2009 වන විට අපේ ලොක්කාට පක්‍ෂයක්‌ වත් තිබුණේ නැහැනේ . ලොක්කගේ වාහනේ රෝද හතර එකක් එ.ජා.ප., අනික ජ.වි.පෙ.,  ඉතිරි දෙක දෙමළ සන්ධානයයි , මුස්‌ලිම් කොංග්‍රසයයි. ඒත් ජනාධිපතිවරණයේදී ලස්සනට වැඩේ ගියානේ ?.

අතුකෝරල පලා බබෙකුගේ ලේකම් වරයෙකි. වයස අවුරුදු හැටට ආසන්න ඔහු ජීවිත කාලයටම කර ඇති රැකියාව දේශපාලන අම්බරුවන්ට කඩේ යාමය. වාසනාවට එජාපය කාලෙකින් බලයට පත් නොවු නිසා අතමිට සරුය. ඇස් රතු ලොවි ගෙඩි දෙකක් තරමට නෙරා පොලොවේ කෙලින් හිට ගන්න බැරිවුනත් නිවසට යාමට  දක්‍ෂය.

ඒ වුනත් විමලේ ,   මහ ඡණ්දෙට එනකොට රෝද හතරෙන් තුනක්ම ගැලවිලා සීනුව මාක් එක විතරයි නේ ඉතිරිවුනේ ?. ඒකත් ඡන්දෙන් පස්සේ ගැලවිලා ගියානේ ?
විමලේ පසු බාන්නේ නැත “ ඩ්‍රයිවර් විතරක් ඉතිරි වෙලා රටේ තුන්වෙනි බලවේගය වුනා. ඔය සෙල්ලම කාටද කරන්න පුළුවන් ?”

ජ.වි.පෙ. යට රට පුරා පැතුරුන සංවිධාණ ජාලයක් ඇත . අදත් එක් රැයකින් එකම ෆෝස්ටරය  රට පුරා ඇලවෙන්නේය. මේ තරම් වන සංවිධාන ජාලයක්‌ සහ  අතීතයක්‌  ජවිපෙය සතුය.

එහෙත්  ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයට  එවැනි අතීතයක් හෝ රට පුරා විසිරී සිටින පාක්‍ෂික පිරිසක් නැත.   රටේ තුන්වන බලවේගය බවට පත්ව සිටි ජවිපෙය අභිබවා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය  ඉදිරියට යාම වෙනදා ජවිපෙට තිබෙන වටිනාකම  ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය සතුවීම මෙහිදී වැදගත් දේශපාලන රික්තයක් ඇතිවී ඇති බවට මගේ මනසේ තක්සේරු විය. 

notes of imaginary

Thursday, July 10, 2014

ජාත්‍යන්තර පාසල් .


ගුරුවරයෙක් විදුහල් පතිවරයෙක් සහ අධ්‍යාපන මාණ්ඩලික නිලධාරියෙක්ව සේවය කල  දිසානායක මහත්තයා මට හමුවෙන්නේ මාසෙකට වරකි. අද එතුමාගේ විශ්‍රාම වැටුප් දවස. ලගම තියෙන තැපල් කන්තෝරුවෙන් විශ්‍රාම වැටුප ගන්න පුළුවන් උනත් ,කිලෝ මීටර් 15ක් විතර දුර ගෙවලා නගරයේ බැංකුවකින් තමයි එතුමා තම විශ්‍රාම වැටුප ගන්නේ.

එදාට එකට එකතු වෙන දහයක දොලහක සෙට් එකක් ඉන්නවා. මේ කට්ටිය රජයේ විවිධ තනතුරු දරාපු උදවිය. එයාලටත් ලගපාතින් විශ්‍රාම වැටුප ගන්න පුළුවන් උනත් නගරයට එක් දිනකදී එකතුවන්න සම්මුතියක් අරගෙන තියෙනවා. 

විශ්‍රාම වැටුප අරගෙන දරු මුණුපුරන්ට අඩුම කුඩුම පොදි ගහගෙන මේ සෙට් එක දවසේ අවසාන ප්‍රෝග්‍රෑම් එකට විවේක තැනක් තෝරා ගෙන තියෙනවා. පස්වරු එකට විතර සෙට් වෙන මේ කන්ඩායම හතරට පහට ගන්න ලන්ච් එකෙන් දවස එවර කරලා විසිර යනවා.   
මේ වැදගත් තලතුනා මහත්තුරු කණ්ඩායම මේ මාසේ මුල් අගහරුවාදා  මට මුණගැහුනා.

මෙයාලා නිත්‍යවම  මාසිකව එක් රැස්වන සංගමයක  සාමාජිකයෝ පිරිසක් නිසා බිස්නස් ප්‍රොමෝෂන් එකක් විදියට  දීමනාවක් දීලා තියෙනවා !.. මෙතුමන්ලා  vat  එකෙන් සහ service charge එකෙන් නිදහස් කරලා ආහාර පාන සදහා පමනක් බිල් පත ගණනය  කරගන්න  විශේෂ පහසුකම්  ඇති කරලා තියෙන්නේ වෙනත් තැනකට සෙට් වෙන එක වලක්වා ගන්න .

දිසානායක මහත්තයාගේ බුද්ධි මණ්ඩලයේ  අද සාකච්ඡාවට යොමු වෙලා තියෙන්නේ ජාත්‍යාන්තර පාසල් .

දිසානායක මහත්තයා වාමාංශික අදහස් තදින්ම වැලදගත් දේශපාලන පක්‍ෂයක් බදා නොගත් චරිතයක්. දිසානායක මහත්තයාගේ කෝණයෙන් වාමාංශික පක්‍ෂවුනත් තදින්ම විවේචණය කරනවා.  1970 -1977 සංවෟත ආර්ථිකය කුඩු පට්ටම් කරලා 1977 විවෘත ආර්ථිකය උපදිනවා. 1977 විවෘත ආර්ථිකයෙන් හැම රෙද්දම විවෘත වෙනවා. දිසානායක මහත්තයාගේ උස් හඩ දේශපාලන වේදිකාවක වගේ නැගිලා ඇහෙනවා.

මම එහාට මෙහාට දුවන තිලකසිරිගෙන් “පටන් ගත්ත ගමන්ම වැදිලාද කියලා අහනවා” . “නෑ සර් ගැම්ම ගන්නවා “ වේටර් තිලකසිරි හිනහා වෙනවා.

“ඔව් !  ඔව් !! අධ්‍යාපනයත් විවෘත වුනා. ජාත්‍යන්තර පාසල්  ඇරිලා.”  කන්ඩායමේ කෙනෙක් විවෘත ආර්ථික මාතෘකාව  - මාතෘකාවේ එක් කොටසක්වන  අධ්‍යාපනය පැත්තට හැරෙව්වා.

බලන්න මාතුපාල මහත්තයා,  අපේ කාලේ ඉදන් රජයේ පාසල්, පෞද්ගලික පාසල්, ක්‍රිස්‌තියානි පාසල්, ඉස්‌ලාමීය පාසල්, හින්දු පාසල් කියලා පාසල් තිබුනා. මේවා ව්‍යාපාර නෙමෙයි.

ජාත්‍යන්තර පාසල්  කියන්නේ කඩනේ !. සිරිපාල මහත්තයාගේ  හඩට
“මේවයේ කිසිම කිසිම ප්‍රමිතියක් නැහැ සිරිපාල මහත්තයෝ “පිලිතුර මාතුපාල මහත්තයාගෙන්ය.

මේ පාසල්වලට ප්‍රමිතියක්‌ හඳුන්වා දීමට කාටවත් උනන්දුවක්‌ නැහැනේ .  තවත් හඩකි.

ප්‍රාදේශීය ලේකම් කාර්යලයෙන්  විශ්‍රාමික එදිරිසිංහ මහත්තයා කියන්නේ ‘ පුංචි වැඩක්නේ ජාත්‍යන්තර පාසලක් ලියාපදිංචි කරන එක කඩ කාමරයක්‌ කුලියට ගන්නවා.  ඒකට ඩෙස්‌  බංකු විසිපහක් තිහක් දානවා සමාගම ලියාපදිංචි කිරීමේ නීතිය යටතේ "අධ්‍යාපන සේවාවක්‌" ලෙස ලියාපදිංචි කරනවා  ඔන්න ජාත්‍යන්තර පාසලක් !.

මේ නීතිය යටතේ අපේ රටේ පවතින සියළුම ලොකු කුඩා ව්‍යාපාර පවත්වා ගෙන යන බව මගේ මතකයට එයි. 

ජාත්‍යන්තර පාසල් වැඩි හරියක සුදුසුකම් ලත් ගුරුවරුන් නැත. රජයේ පාසල්වල මෙන් ගුරුවරුන් පුහුණුකිරීමේ ක්‍රමවේදයක් නැත . ජාත්‍යන්තර පාසල් මේ රටේ විවෘත කර දශක හතරකට ආසන්න වුවත් රජයේ අවධානය අධ්‍යාපන කෝනයකින් ජාත්‍යන්තර පාසල්  දෙස යොමු වී නැත .ඒ
වා ව්‍යාපාරය. 
මේ කතාබහට අහමින් සිටින විට මට සිහිපත් විය.


මේ වියපත් සංගමය ලබන මාසේත් විශ්‍රාම දිනයට එක්වනු ඇත පුංචි සාදයක් සමග කාලීන ප්‍රශ්නයක් විසදන්න උත්සහා කර සතුටින් විසිර යනු ඇත . ඒකාකාරී ජීවිතයට විශ්‍රාම වැටුප් දා සිසිලක් පවනක් වෙන්න සෙවනක් වීම මටද සතුටක් වනු ඇත. 

notes of imaginary

ආදරයට දේශ සීමා , ජාති බේද නෑ

මොකද මහත්තයා අව්වට වෙලා?  පාන්දර අව්ව තපින මගෙන් අහගෙන සාජ්  පාන්දරින්ම ගොඩවුනේ උගුර තෙමා ගෙන යන්න නෙමෙයි කියලා  මට හිතුනා.

සාජන්ට් මහත්තයා කුකුලත් කිහිල්ලේ ගහගෙනම  ..............?.  මම පාන්දරින්ම ආපු කාරනේ ගොඩ ගන්න ප්‍රශ්නයක් ඇහුවා
මහත්තයා...................................... අපේ ලොකු මහත්තෙක් එනවා. අපි ඔබතුමා ගෙන්  එතුමාට නවාතැන් බලාපොරොත්තු වෙනවා. මේවා ඉතින් පොලිස් පොඩ්ඩන්ට අයිති රාජකාරිනේ .
රාජකාරි දුක්ගැනවිල්ලකුත්  අමුනන ගමන්  මාතෘකාවට බහින සාජ් අපිට බිලක් දානවා.

ව්‍යාපාරික සිතිවිල්ල දිය කර අරින මම  අන්‍යනෝන්‍ය සහයෝගය සිහිපත් කරලා නවාතැන් පහසුකම් වෙන් කරන්න එකග වෙනවා.

සාජ්ට ආපහු රාජකාරියට යන්න ඒ තරම් හදිස්සියක් නැහැ වගේ .  ලොකු මහත්තෙකුගේ පහසුකම් සපයන්න නේ ඇවිත් තියෙන්නේ . පාන්දර නිසා මම තේ එකක් බොන්න ආරධනා කරනවා.  දෙන්නාත් එක්ක තේ බොන අතර අවුරුදු දෙක තුනකට ඉස්සර පරණ සිද්ධියක්. සාජ්ට මතක් වෙනවා

මහත්තයට මතකද අර බදුල්ලේ ‍ජෝඩුවකට  කාමරයක් දීලා ඔළුවට කඩාගත්ත මරාලේ ?. අපොයි ඔව්.
සර්වන්ට් ගර්ල් කෙනෙක් ගෙදර එක්කර ගෙන යන කොට ....................
ආන්න හරි.
සාජන්ට් මහත්තයා අතීත සිදුවීම තහවුරු කරනවා.
මතක තිබුනට විතරක් බැහැනේ  සාජන්ට් මහත්තයාට   මතක තියෙන විදියට කතාව අළුත් කරමුකෝ මම යෝජනා කරනවා.
කාරයක් වාහන අංගනයේ නතර කරලා පිලිගැණිමේ කවුන්ටරයට ජෝඩුවක් එනවා. නවාතැන් පහසුකම් ඉල්ලා ගෙන .
පිලිගැණිමේ කවුන්ටරයේ හිටියේ ගුණපාල හැදුනුම් පත් දෙක ඉල්ලා ගෙන,  අමුත්තන්ගේ  පොතේ අත්සන අරගෙන නවාතැන් පහසුකම් සලස්සනවා. එයා අවධාණය යොමු කරලා තිබුනේ ජෝඩුවගේ වයස ගැන විතරයි.
මහත්තයා සිංහල  -  නෝනා වතු ද්‍රවිඩ !.
කිසියම් සැකයක් මේ විශේෂත්‍වය ගැන ඇතිවන ගුණපාල හැදුනුම් පත් දෙක  මට යොමු කරනවා.

ආදරයට දේශ සීමා , ජාති බේද නෑනේ ගුනේ ............................මේකත් ජනවාර්ගික ප්‍රශ්ණයට හොද විසදුමක් ..........සැහැල්ලු උත්තරයකින් සනසලා  හැදුනුම් පත් දෙක යලිත් ගුණපාල අතට දෙනවා.

පැයක්විතර ගතවෙන්න ඇති  කාමරේ බාර අසේල දුවගෙන එනවා.
හරි වැඩේ නේ මහත්තයා  ....... අර කාමරේ ඉන්න නෝනා දොර ගාවට වෙලා විලාප දෙනවා  මොන ලෙඩක්ද දන්නේ නෑ...............මහත්තයා පොඩ්ඩක් බලන්නකෝ . අසේල කියනවා.
කාමරේ ලගට ගිය මම  මහත්තයා ගැන විපරම් කරනවා. මහත්තයා කාමරයෙන් බැහැර වෙලා උද්‍යානයේ ටිකක් ඈතට ගිහින් එහාට මෙහාට සක්මන් කරනවා. එකක් හැරෙන්න තව එකක් සිගරට් දල්වනවා.  
අසේල මේක ගෙදර ප්‍රශ්නයක් වෙන්න ඇති . ඒ ගොල්ල විසදා ගනියි. අපි මොනාවටද ඇගිලි ගහන්නේ ?
නෑ නෑ මහත්තයා මේක එහෙම එකක් නම් නෙවෙයි . මට නම් ෂුවර් මේක නම් එහෙම එකක් නම්  නෙවෙයි අසේලගේ ඉව වචනයට නගනවා.
හරි අපි එහෙනම් කතා කරලා බලමු.
මම කාමරය දොර ලග ඉකි බිදින නෝනා හා කතා කරන්න එකග වෙනවා.

නෝනා ගේ කතාව මේ වගේ එකක්.
ඈ මේ මහත්තයාගේ ගෙදර අත් උදව්වට කොළඹ එක්කර ගෙන යනවා ඒ යන  ගමන් තේ එකක් බොන්න හෝටලයට යමු කියලා ගොඩ වෙනවා.
ඉන් පස්සේ මහත්තයා යෝජනා කරලා හවස් වුන නිසා වාහනේ දුර පදවන්න අකමැතියි අපි මෙහෙ නතර වෙලා උදේ යමු කියලා.

වෙලාව පස්වරු අටට ඇති.

මම තීරණයක් ගත යුතුයි අසරන‍ වෙලා ඉන්න මේ යුවතිය ගැන.
කාර්යාලයට ගිය මම සාජ් කැදවලා පණිවිඩයක් දෙනවා. හරි මහත්තයා විනාඩි දහයෙන් මම එනවා. මට හිතට අස්වැසිල්ලක් සපයනවා. කාන්තා පොලිස් නිළදාරිණියක් එක්ක එන සාජ්ට ප්‍රශ්නේ බාර දීලා මම අහගෙන ඉන්නවා.
මගේ වාසනාවට සාජ් එනතුරුත් මහත්තයා උද්‍යාන කෙලවරක එහාට මෙහාට සක්මන් කරනවා.
සාජ් මහත්තයා කැදවාගෙන විත් ප්‍රශ්න කරනවා. මහත්තයා එකග වෙනවා වැරද්දක් කරන්න සැලසුම් කලා කියලා . යුවතිය සියල්ල වමාරා තමන්ට  හිරිහැරයක් නොවු බව තහවුරු කරනවා. ඈ රැකවරණයක් ඇති බව දැනී සැනසුම් සුසුමක් හෙලනවා.

දැන් සාජ්ගේ නීතිය හා මනුෂ්‍යත්‍වය දෙපැත්තට දෝලනය වනවා.

මහත්තයා අත් අත්අඩංගුවට පත්කර අධිකරණයට ඉදිරිපත් කලොත් දෙදරු මවක් සහ පියෙකුගේ අනාගතය ? විමසිල්ලට ලක්වෙනවා.
යුවතිය තම  ආරක්‍ෂාව සැලසුන බැවින්  මේ සිද්ධිය අමතක කිරීමට එකග වෙනවා.

දැන් වෙලාව පස්වරු දහයට ඇති.

අපේ දෛණික සේවා අවසන් කරන සේවක මහත්වරු විදුලි පහන් විසංදි කරගෙන ඇවිත් අපි රැදී ඉන්නා කොටස පමනක් ඉතිරි කරගෙන බලා ඉන්නවා. උදේ ඉදන් බැදි බැමි වලින් නිදහස් වෙලා දවසේ විඩාව නිමා ලන්න.
සාජ් මට ප්‍රශ්ණයක් ඉතිරි කරලා ? 
මේ යුවතියගේ නවාතැන් පහසුකම් හෙට උදේ වනතුරු සැපයීම පිලිබදව. දැනටමත් ඇගේ පියා හා ඈ සම්බන්‍ධ වෙලා පසුදා උදේ කැදවා ගෙන යාමට පැමිණෙන බවට.
අපේ බිල්පත් පියවා දැමු හදිසියේ ප්‍රේමයක් හට ගත් මහත්මයාව සාජ්  පොලිසියට කැදවා ගෙන ගියේ එතුමගේම වාහනයෙන්.පොලිස් වාහනය ආරක්‍ෂාව ට  වගේ පිටුපසින් යනවා. මම ආලින්දයේ ඉදන් බලා හිටියා. 
නීතියත් මනුෂ්‍යත්‍වයත් දෙකම බේරා ගන්න සාජ් උනන්දු වෙන්න ඇති.





notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon