මම ජනාධිපති උනාට පස්සේ දවසක් මම මගේ ළගම හිතවත් ආරක්ෂකයින් කීපදෙනෙක් එක්ක නගරයේ ඇවිදින්න ගියා. උදේ වරුවේ ඉදන් ටිකක් වැඩිපුර නගරයේ ඇවිදලා හිටපු නිසා මහන්සිය නිවාගන්නත් එක්ක කොහේහරි අවන්හලකින් දහවල් ආහාරය ගමු කියලා මම මගේ ආරක්ෂකයින්ට යෝජනා කළා. අපි නගරය මධ්‍යයේ තිබුණු එක්තරා අවන්හලකට ගොඩවෙලා අපට අවශ්‍ය කරන ආහාර ඇණවුම් කලා. ටික වෙලාවක් යනකොට වේටර්වරයා විසින් අපගේ ඇණවුම ගෙන එනු ලැබුවා...A day in the life
අපි අපේ කෑම කන්න ලෑස්ති වෙනකොටම මම දැක්කා මගේ ඉදිරිපස මේසයේ මා ඉදිරියෙන්ම මිනිසෙක් තමා ඇණවුම් කළ ආහාර එනකම් බලාගෙන ඉන්නවා. මම මගේ ආරක්ෂකයෙක් ගෙන්නලා අර මනුස්සයාව පෙන්නලා එයාගේ කෑම එක ආවාම ඒක අරගෙන ඇවිත් අපිත් එක්ක කෑමට සම්බන්ධ වන්න කියලා ඔහුට ආරාධනා කරන ලෙස ඉල්ලා සිටියා. ආරක්ෂකයා ගොස් ඔහුගෙන් එම ඉල්ලීම කළා...
ටික වේලාවකින් ඔහු ඇණවුම් කරන ලද කෑම එක ඔහුට ලැබුණා. ඔහු එයත් රැගෙන ඇවිත් මා ඉදිරි පිටින් අසුන්ගත්තා. කිසිම කතාවක් නොමැතිව අපි සැමදෙනාම එකට ආහාර ගත්තා. ආහාර ගැනීමෙන් පසු අර මනුස්සයා මුකුත්ම නොකියා එතනින් පිටවෙලා ගියා... හැමදෙනාම එකට ආහාර ගන්නා වෙලාවේ ඒ මනුස්සයාගේ එක දෙයක් ගැන අපි සැළකිලිමත් උනා. ඔහු කෑම එක රැගෙන මා ඉදිරියේ වාඩිවුනු වේලාවේ ඉදලා කෑම කාලා අවසන්වී මෙතනින් පිටවෙන තෙක්ම ඔහුගේ දෙඅත් වෙව්ලමින් තිබුණා...
ඔහු පිටවගිය පසු මගේ ප්‍රධාන ආරක්ෂකයා මගෙන් මෙහෙම අහනවා...
" සර්... ඒ මනුස්සයා මොකක් හරි අසනීපයකින් ඉන්නවා වගේ නේද..? කෑම කන මුළු වෙලාවෙම එයාගේ අත්දෙක වෙව්ලනවා අපි දැක්කා..."
" නෑ... ඒ මනුස්සයට කිසිම අසනීපයක් නෑ... ඒ මනුස්සයා කවුද කියලා දන්නවද..?
ඒ මනුස්සයා තමයි මම බන්ධනාගාර ගතවෙලා ඉන්නකොට මාව බලාගන්න බාරවෙලා හිටිය ආරක්ෂකයා... මාව හැමදාම වගේ වධකාගාරයට අරන් ගිහිල්ලා ගහලා, වද දීලා ආපහු හිර කුටියට ගෙනත් දැම්මාම මම වේදනාවෙන් කෑගහනවා... වේදනාවන් ඉවසගෙනම මම හැමදාම මෙයාගෙන් වතුර ටිකක් ඉල්ලනවා බොන්න... මම වතුර ඉල්ලුවම මෙයා හිනා වෙවී අවිත් වැටිලා ඉන්න මගේ ඔළුවට මුත්‍රා කරනවා..."
" ඔහු දන්නවා මම දැන් මේ රටේ ජනාධිපති කියලා... මම මෙතනට ඔහුට එන්න කිව්වාම ඔහු බයවෙන්න ඇති... මට ඔහු සලකපු ආකාරයටම මමත් ඔහුට සළකයි කියලා ඔහු හිතන්න ඇති... මගේ බලය පාවිච්චි කරලා ඔහුව සිරගත කරලා මට කළා වගේම ඔහුටත් වධහිංසා කරයි කියලා ඔහු හිතන්න ඇති... ඒකයි ඔහු බයෙන් වෙව්ලන්න පටන් ගත්තේ..."
" නමුත් මම ඒ වගේ මිනිහෙක් නෙවෙයි... පළිගැනීම මගේ අචාර ධර්මවලට අයත් කොටසක් නෙවෙයි..."
" පළිගැනීමේ මානසිකත්වය රාජ්‍යයන් විනාශ කරනවා..."
" ඉවසීමේ මානසිකත්වය රටක ජාතීන් ගොඩනංවන්න හේතු වෙනවා..."
නෙල්සන් මැන්ඩෙලා...
හිටපු ප්‍රථම කළු ජාතික දකුණු අප්‍රිකානු ජනාධිපති
(1994 - 1999)
උපුටා ගැනීමකි..
බලය තියෙන්නේ මිතුරාට සේම හතුරාට ද යපහත පිණිස යොදවන්න
ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>