Saturday, February 17, 2024

ගුල්සරිලාල් නන්ද මහතා








 

 

ආදර්ශමත්, ඉන්දියාවේ හිටපු අගමැතිගේ නිහඬ කතාව.
94 හැවිරිදි පුද්ගලයෙකු කුලියට ගත් නිවසක කුලිය නොගෙවීම නිසා ඉඩම් හිමියා විසින් ඔහු එළියට දමා ඇත. පැරණි ඇඳක්, ඇලුමිනියම් උපකරණ කිහිපයක්, ප්ලාස්ටික් බාල්දියක් සහ මග් එකක් හැර වෙනත් කිසිඳු දෙයක් මහලු මිනිසා සතුව නොතිබූ තරම්ය...
මහල්ලා අයිතිකරුගෙන් ඉල්ලා සිටියේ කුලිය ගෙවීමට යම් කාලයක් ලබා දෙන ලෙසයි. අසල්වැසියන් ද මහලු මිනිසාට අනුකම්පා කළ අතර, කුලිය ගෙවීමට ඔහුට යම් කාලයක් ලබා දෙන ලෙස ඔවුන් ඉඩම් හිමියාට ඒත්තු ගැන්වූහ. ඉඩම් හිමියා ඔහුට කුලිය ගෙවීමට අකමැත්තෙන් වුවද යම් කාලයක් ලබා දුන්නේය...
මහල්ලා ඔහුගේ බඩු බාහිරාදිය ඇතුළට ගත්තේය...
ඒ අසලින් ගිය මාධ්යවේදියෙක් නැවතී මුළු දර්ශනයම දුටුවේය. මේ කාරණය තම පුවත්පතේ පළ කිරීම ප්රයෝජනවත් යැයි ඔහු සිතුවේය...
"කුරිරු ඉඩම් හිමියා මුදලට කුලී නිවසින් මහල්ලා පන්නා දමයි" යන සිරස්තලය පවා ඔහු සිතුවේය...
ඉන්පසුව ඔහු පැරණි කුලී නිවැසියාගේ පින්තූර කිහිපයක් ගත් අතර කුලියට ගත් නිවසේ පින්තූර කිහිපයක්ද ගත්තේය...
මාධ්යවේදියා ගොස් තම මුද්රණාල හිමියාට සිද්ධිය කීවේය. මුද්රණාලයේ හිමිකරු පින්තූර දෙස බලා කම්පා විය. ඔහු මාධ්යවේදියාගෙන් ඇසුවේ...
"ඔබ වයසක මිනිසා
හඳුනනවාද?"
මාධ්යවේදියා "නැහැ" කිව්වා...
පහුවදා පත්තරේ මුල් පිටුවේ ලොකු පුවතක් ආවා...
මාතෘකාව වූයේ,
"ඉන්දියාවේ හිටපු අගමැති ගුල්සාරිලාල් නන්ද දුක්ඛිත ජීවිතයක් ගත කරයි" යන්නයි...
හිටපු අගමැතිට කුලිය ගෙවා ගැනීමට නොහැකිව ඔහු නිවසින් එළියට දැමූ හැටි එම පුවතේ වැඩිදුරටත් ලියා තිබුණා. වර්තමානයේ නවකයන් ද විශාල මුදලක් උපයන බවට අදහස් පළ විය. ඒ වගේම දෙවතාවක් හිටපු අගමැතිවරයෙක් වෙලා දීර්ඝ කාලයක් මධ්යම ඇමතිවරයෙක් විදියට කටයුතු කරපු කෙනෙක්ට තමන්ගේම කියලා ගෙයක්වත් නැහැ...
ඇත්තටම ගුල්සරිලාල් නන්දට රු. 500/- මාසික දීමනාවක් ලබා ගත හැකි විය. නමුත් ඔහු 'නිදහස් සටන්කාමීන්ගේ දීමනාව වෙනුවෙන් සටන් නොකළ බව' පවසමින් මෙම මුදල් ප්රතික්ෂේප කර තිබුණා. පසුව ඔහුට වෙනත් ආදායමක් නොමැති බව කියමින් මිතුරන් ඔහුට එය භාර ගන්නා ලෙස බල කර තිබුණා... මේ මුදලින් ඔහු ජීවත් වූයේ කුලී ගෙවාය...
පසුදා වත්මන් අගමැතිතුමා මැති ඇමැතිවරු නිලධාරීන් වාහන තොගයක් සමඟ ඔවුන්ගේ නිවෙසට යැව්වා. බොහෝ ප්රභූ වාහන සමූහයක් දැකීමෙන් ඉඩම් හිමියා තුෂ්නිම්භූත විය. ඔහුගේ කුලී නිවැසියා වන ගුල්සරිලාල් නන්ද මහතා ඉන්දියාවේ හිටපු අගමැති බව ඔහුට දැන ගන්නට ලැබුණේ එවිටය. ඔහුගේ නොමනා හැසිරීම නිසා ඉඩම් හිමියා වහාම ගුල්සාරිලාල් නන්දගේ පාමුල වැඳ වැටුණේය...
රජයේ නවාතැන් සහ අනෙකුත් පහසුකම් පිළිගන්නා ලෙස නිලධාරීන් සහ ප්රභූවරුන් ගුල්සාරිලාල් නන්දගෙන් ඉල්ලා සිටියහ. ගුල්සරිලාල් නන්ද මහතා මේ මහලු වයසේ මෙවැනි පහසුකම්වලින් ඇති ප්රයෝජනය කුමක්දැයි කියමින් ඔවුන්ගේ යෝජනාව පිළිගත්තේ නැත...
අවසන් හුස්ම හෙළන තුරුම ඔහු සාමාන්ය පුරවැසියෙකු මෙන් සැබෑ ගාන්ධිවාදියෙකු ලෙස ජීවත් විය. 1997 දී රජය ඔහුට භාරත රත්න සම්මානයෙන් ගෞරව කළේය...
ඔහුගේ ජීවිතය වර්තමාන දේශපාලකයන් සමඟ සසඳන්න...













කරු ගමගේ - මුණු පොතෙන්.
A day in the life

Friday, February 16, 2024

තාම උඹෙ සිරිමලා










 

 

පාසැලේ කෙටි බිත්ති
උඩින් හිස දාලා
මැණිකෙ නුඹ හිනැහුනා
මුතු දසන් පාලා
මුල් පෙමක හිත බැඳුණු
කොලු කමක ලීලා
මං උඹේ හිත ගත්තෙ
බොහෝ වැඩ දාලා
පිට්ටනියෙ කැන්ටිමේ
මුලින් දුටු මතකය
එදා වගෙමයි මැණික
අදත් නුඹ මගෙමය
යොවුන් විය ගිලිහිලා
වැහැරුනත් අත පය
මගේ සිත් ඉම ගාව
තවම උඹ තරුණය
ගිණිකිකිලි වගේ නුඹ
යනකලට හැඩවෙලා
ඔසරියට කටු ගහපු
යුගය අමතක වෙලා
දැන් උඹට මටවැඩිය
හැරමිටිය ලොකු වෙලා
ඒත් මගෙ මැණික මං
තාම උඹෙ සිරිමලා

 








කාන්ති ඉපලවත්ත

A day in the life

Thursday, February 15, 2024

රැජිණිට ඇන්දා.......















රැජිණිට ඇන්දේ කෙල්ල කාලෙ මං
වේල් බලන්න ට නගරෙට ගියදා මයි.
පස්සෙන් පහු හාමිනේට ඇන්දා
මුදලාලි ගෙ ඇඳ වියනේ එල්ලුණු
මකුලු .දැලුත් කැඩුවා.
වැහි පොද අස්සෙන් දලු ටික කැඩුවා
තෙත බරියන් වී මඩුවේ වහන් උණා .
අන්න එදා මහ අනෝර වැස්සේ
කංකානියගේ පවුලට මං ඇන්දා .
ඉරුණු සාය ,තේ පඳුරක් උඩ තිබුණා.
නෝන හාමු බංගලාවෙ නැති දා
සුරකිමු දරුවන් සංගමයේ
පාටිය ගජරාමෙට තිබුණා .
ඉස්සන් , කජු මද දීසි උස්සගෙන
බංගලාවෙ එහෙ මෙහෙ දිවුවා.
පෙරියදොරේ ගේ කාමර්රේ දි මං
බංගලාවෙ හාමුට .ඇන්දා ..
මහ රෑ ජාමෙට ලැයිම් පේළියේ
ගින්නක් ඇවිලී එදා රාත්තිරි
අප්පා වැල් ඇඳ උඩම පිච්චිලා
මියෑදිලා උන්නා .
අන්තිමේ දි......................මං
වේ..යෙකුට ඇන්දා .
රෝ.සි.
2024.02.14.



A day in the life

Tuesday, February 13, 2024

තාවකාලික නවාතැන්කරුවෝ

 

මේ වයස 65 ක් 70 ක් පමණ වූ, මාගේ යහලුවෙකු අද උදේ එව්ව ලිපියක්, මෙහි සැමටම ගත හැකි යම් ඝාම්භීර කතාවක් ගැබ්ව ඇතැයි සිතමි.
"දැන් ඉතින් මං වයසයි. ලෝකෙ තිබ්බ ඔක්කොම වැඩ ඉවර කළාට පස්සෙ මගේ වැඩක් කියලා දෙයක් කරගන්න තරම් ශක්තියක් මට ඉතිරි වෙලා නෑනෙ. කොටින්ම, හිටපු ගේ ලොකු වැඩි නිසා ඒක විකුනලා පොඩි එහෙකට ඇවිල්ලත් දැන් කලක් වෙනවා. දැන් දැන් මේකත් සුද්ධ පවිත්ර කර ගන්න එක මහමෙරක් වගේ, අමාරුයි. කවුද දැන් මගෙ වැඩ කරලා දෙන්න ඉන්නෙ ?
"ඇයි, මගෙ ළමයි?"
"එයාලට කොයි තරම් වැඩද? එයාලගෙ ළමයි, එයාලගෙ රස්සාවල්, එයාලගෙ ගෙවල් දොරවල් නඩත්තු, අපොයි අම්මේ, මං එදා කරපු යුද්දෙ අද කරන්නෙ එයාලා"

 

හොඳටම හිතන කොට මට ඉතිරි වෙන්නෙ කොහේ හරි තියෙන නර්සින් හෝම් එකක් තමයි. බලපු ඒවායින් හිතට අල්ලපු තැන නම් හරිම පිළිවෙළයි, නිස්කලංකයි. තනි කාමරේ පුංචි පුංචි උපකරණ ටිකක් එක්ක මටම අයිති වෙච්චි තනි ඇඳක්. එයාලගෙ කෑම බීම රටාවත් මගෙ වයසටම ගැළපෙන්න රස ගුණ පිරිලා.

ඒත්....
හොඳ වැඩි වෙන්න වැඩි වෙන්න ගාණත් වැඩි වෙන එක අහන්නත් දෙයක්ද? අවුරුද්දෙන් අවුරුද්ද ගාස්තු වැඩි නොවී තියේවි, කියලා කාට නම් කිව හැකිද ?
මුළු පැන්ෂන් එකම වියදම් කළොත් යාන්තමින් පිරිමහ ගත්තැකි. දැනට ඉන්න ගේ-දොර විකුණුවොත් නම් ඒකත් ඒ හැටි ලොකු ප්රශ්නයක් නෙවෙයි.
දරුවො මගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙම නෑනෙ, ඒ අය පූර්ණව ස්වාධීන වෙලා ඒ ඒ අයගේ සහකාර - සහකාරියන් එක්ක. අද කාලෙ අහන්න ලැබෙන දේවල් එක්ක බලද්දී නම් මගෙ දරුවො වාසනාවන්.
ඒත්....
දැන් ඉතින් මේ හැම දේම අතෑරලා යන්න ඕන.
උදෙන්ම ගේ අස්පස් කරන්න ගත්තා. බලපු බලපු හැම තැනම මගෙ අතීතෙ නටඹුන්.
බෑග්, පෙට්ටි, පින්තූර, මතක සටහන්, ඇඳුම්, ඇඳ ඇතිරිලි, තෑගි බෝග..... කොයි තරම් නම් කියලද? කුස්සිය පුරාම රිදී යකඩ නන්ස්ටික් භාජන, චීන පිඟන්, හට්ටි මුට්ටි, වළං, හාල් පෙට්ටි, කුළුබඩු. ඇඳුම් කබඩ් පුරාම වෛවාරණ්න සාරි, මාල, කෝට්, කළිසම්, ටයි, යට ඇඳුම්,
පුස්තකාලෙ පිරෙන්න පොත් පත්, ඒවායින් කීයක් කියෙව්වද කියලාවත් මතකයක්වත් නැති ගානයි, මේ වෙද්දී.... බිත්ති පුරා ෆොටෝ සිය ගාණක්.
මේ කිසිම දෙයක් පිළිගන්න නර්සින් හෝම් එකේ පුංචි කාමරේ කොහෙත්ම ලෑස්ති වෙන එකක් නෑ.
අපි හදාපු තට්ටු ගෙවල්, මං හිටවපු මල් පඳුරු මට නොතේරෙන කතාවක් කියනවා, හරියට සරදමක් කරන්නා වගේ.....
මේ ජීවිත කාලෙ පුරාවට මං දහදිය හෙළපු කිසිම දෙයක් අද මට ගෙනියන්න බෑ.
පණ තියෙනකම් මට අර පුංචි ඇඳයි, එක ඇඳුමකුයි, පිඟානයි, කෝප්පෙයි අයිති වේවි.
ඉතින් ඊට පස්සෙ?
නෑ නෑ කවදත් මට හැබෑවට අයිති වෙලා තිබ්බෙ ඔය පුංචි බඩු මුට්ටු ටික විතරමයි. මම පාවිච්චි කලේත් ඔය පුංචි බඩු මුට්ටු ටික විතරමයි. මට වුවමනා වුනෙත් ඔය පුංචි බඩු මුට්ටු ටික විතරමයි. ගෙදර ඇඳන් දාහක් තිබ්බත් මං නිදා ගත්තෙ එක ඇඳක විතරයි. ඇඳුම් දාහක් තිබ්බත් මං එක වෙලාවක ඇන්දෙ එකම එක සරළ ඇඳුමයි. තේ කෝප්ප සිය දහස් ගණනක් තිබ්බත් මට එක වෙලාවක බොන්න පුළුවන් වුනේ එකම එක කෝප්පෙක විතරයි. කොයිතරම් රස මසවුළු තිබ්බත් මං කෑවෙ බඩ පිරෙන පොඩි කොටසක් විතරයි.
ඉතුරු හැම අතිරික්තයම වෙනුවෙන් මං මහන්සි වුණා විතරමයි.. හෙම්බත් වුණා විතරමයි.. කාලේ කෑවා විතරමයි.. සිද්ධ වෙලා තියෙන්නේ, එදා මට ඒක නොතේරුණ එක විතරයි..
අද මං අවදි වෙලා...!!!
මේ තාවකාලික නවාතැන අපිට පාවිච්චි කරන්න ගොඩක් දේ දුන්නට අපිටම කියල අයිති කරගන්න කිසි දෙයක් දෙන්නෙ නෑ. අපි ඒ ඒ දේවල් තාවකාලිකව බාවිතා කරන්නෝ, පාවිච්චි කරන්නෝ විතරයි.....
ඉතින් ඇයි අපි මේ තරම් වද වෙන්නෙ ? මේ දේ තේරුම් ගන්න මෙච්චර වයසට යනකන් ඉන්න වුනේ ඇයි... ? මේ දේ තේරුම් ගන්න ඇඟේ හයිය හත්තිය ඉවර වෙනකං ඉන්න වුනේ ඇයි... ?
ඔයාලට මේ කියන්නේ .....
ජීවිතේ විඳින්න පරක්කු වෙන්න එපා. අයිතියක් නොකියා මේ සියල්ලට නොකඩා නොබිඳ මේ සියල්ල පාවිච්චි කොට ස්තුතියි කියා නික්ම යන්න ලැහැස්ති පිට ඉන්න.
හද පුරා ආදරෙන් ඔබ වටා ඇති ජීවී - අජීවී සියල්ලට සළකන්න. ගෞරවය දක්වන්න:
ඔබත් මමත් ඇත්තටම මේ නවාතැන් පොළේ තාවකාලික නවාතැන්කරුවෝ විතරමයි.
උපුටා ගැනීමකි


A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon