සඳුද මං බං හිටියෙ කොටුවේඅරන් වෙස් පිස්සෙකුගෙ නැටුවේහවස පහටයි ඕෆ් වූවේගැහුව අඩියක් රෑට සුවසේබුරියානියාක් සමග බික ගේමෙහෙම ආතල් රටක් අයිසේලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ නේ...ටියුෂ්ඩේ මං දියත උයනේකකුල කැඩිලා වැටිල හිටියේහැන්ද වෙනකොට ගැළුම් කොටයේසල්ලි යහමට පිරිල තිබුණේලැබුණ බං බත් පැකට් ටවුමේකට හරියෙ බෑ තියනු කිසි සේබැංකුවට දා සල්ලි ටික මේනයිට් ක්ල්බ් බැස්සාම ජොලි නේ....බදාදා හරි කම්මැලියි නේඋදේ ස්පා එකට ඇදුණේගාන පොඩ්ඩක් වැඩියි බං ඒමාර ආතල් එකක් ලැබුණේහවස නැග්ගා කෝච්චියෙ මංගාන කැපුවා හීනියට දැංබැහැල මරදානෙන් අනේ මංකුසුම බැලුමට ගියා නේ බං......තර්ස්ඩේ මං නෙළුම් පොකුණේඉස්සරහ බස් නැවතුමේ නේපෙන්නලා පපුවේ තුවාලේමාර ගැම්මෙන් අඬා වැටුණේඒක අබ්ලික් දැන් කචල් නේමෙඩිකලුත් හොයනවනෙ කරුමේලැබුණු සොච්චම ගැන දුකයි නේඋන්ට බැන බැන ගෙදර ඇදුණේ.....සිකුරාදා මරු දවස මට මේළඟදි සෙට් වුණ පොට් එකක් නේකැළණි පන්සල ඉස්සරහ බංහඳුන් කූරට රැවටුණේ මුංඒක ගන්නෙත් නැතුව නේ මුංසල්ලි දෙන්නේ පිස්සුනේ බංපන්සලේ පින් කැටෙත් හිස් දැංදෙවියො මගෙ ළඟ මාර ආතල්....සෙනසුරාදා ජුම්ම පල්ලියඅසල ඇක්ටින් අංග විකලෙටපනහ සීයේ විතරමයි කොළමෙහෙම සතුටක් කොහිද වෙන බොලයන්න හිතෙනව සවාරිත් රටහැදිය යුතුමයි පාස් පෝටයලංකාව නම් කිසිම දවසකදියුණු නම් වෙන්නෙපා කිසි විට.....ඉරිද මාගේ ඕෆ් එකනේඋදේ නැගිටල ජිම් ගියා නේටැක්සියක් දාගෙන ගිහින් බංදවල් කෑවේ මැක්ඩොනල් මංගත්ත ජින් බාගයක් ලාවටබැදපු කුකුලෙක් ආව ගාවටහිඟාකන එක තරම් මනු ලොවතියනවද බං සැපක් මිහි පිට.....
සිගන්නන්ගේ සෑබෑ තතු කියල පොතක් ලියන්න ඕන
ඇත්ත වෙන්න ඇති නේද අයියේ ?
Kanthi Epalawaththa ඇත්ත වෙන්නත් ඇති. මට හමුවෙලා තිබුණා මේ වගෙ ඇත්තෙක්.ඔහු හැන්දෑවට රාජකාරි හමාර කරලා යමින් ගමන් මාව මුණගැහෙන්න එනවා.මීට අවුරුදු විස්සකට වගේ පෙර, මගෙන් රුපියල් එක දෙක ශත විසිපහ පනහ කාසි රුපියල් දහසක් එක් දහස් පන්සීයකට ආසන්න මුදලක් නෝට්ටු වලට මාරු කර ගන්නවා.
අපෙ අප්පෝ ..........ඒ රස්සාවටත් අනින්නයි හදන්නෙ ......මිනිහෙක් ,සල්ලි හම්බකළාට ඇති ද??ආත්ම ගෞරව ය ,අපිරිසිදු වටපිටාව ,පරාධීන ස්වරූපය ,අනුන්ගේ අනුකම්පා ව, සමාජ සම්බන්ධ තා,විවේක ය .............කොච්චර කැපකරලද ඔය වගේ කරන්නෙ .............ජීවිතය ,කියන්නෙ කාල ,බීල ජොලියෙ ඉන්න එක විතරද??
හිඟනකමට වඩා බැලමෙහෙකිරීම උසස්..
නිකමට ලිව්වෙ.
නිර්මාණය නම් හරිම අගෙයි .
Rohinie Sisipiya ඇත්ත නංගි, දකින පැත්තට වඩා නොපෙනෙන පැත්ත ඛේදනීය යි.මම තෙලිගු ෆිල්ම් එකක් බැළුවා.වීදි දරුවෙක්, මිනීමැරුමක් සහ මරාදමන ලද අයගේ අම්මාත් වටේ කතාව ගලායනව.නම " ඉටි අම්මා" . පොලිසිය මරණය ගැන සොයන්න උනන්දුවක් නැහැ.ඇය පුතා මැදි කරගෙන පුවත් පතකට කතාව ලියනව.ඇගෙ අරමුණ පුතා මැරුවෙ ඇයි.මිනීමරුවා කවුද යන්න සොයා ගැනීම.අවසානයෙ මිනීමරුවා හමුවෙනවා.ඔහු පාපොච්චාරණය කරනවා බඩගින්න නිසා මුදල් ගන්න කල බාධා කිරීමක් නිසා සිදුවු අහම්බයක් මේ ඛේදවාචකයට හේතුව බව
පසුව අම්මා මෙවැනි දරුවන් වෙනුවෙන් සමාජ ක්රියාකාරිනියක ලෙස කටයුතු කරනවා.
Lionel Liyanagamage ඔව් අයියෙ.......ආත්ම ගෞරව ය ....බල්ලට දාල තමයි ඔය රස්සාවලට බහින්න වෙන්නෙ...දරුවන් නිසා ,බඩගින්නට තමයි සමහරු ඒක ට පෙළඹෙන්නෙ..
නිර්මාණය නම් හරි ලස්සණ යි .ඔයාගෙ පසු වදන හිත කම්පා කළා.
මිනිස්සු විවිදාකාරයි
වංචාව වැරදියි.
වංචා කාරයින් නිසා අහිංසක මිනිස්සුත් ,සංවේදී මිනිස්සුත් අපහසුතාවට පත් වෙනව.
හැම දෙයක්ම සමහර අය කරන්නේ, වංචනිකව. සාධාරණව වැඩ කරන අයට එයින් සිදුවන්නේ ලොකු හානියක්.
වැඩිම ආදායමක් ලැබිය හැකි රැකියාවක් බව ඔප්පු වෙලා තියන වා
නන්දසේන ශුරින් ගේ ගවේෂණ මගින් වගේම ළඟ දී කර ඇති සමීක්ෂණ මගිනුත් පෙන්වා දී ඇති නිසා මේ වැඩේ වඩා හොඳ රැකියාවක් බව කිව හැකියි
යමුද සතියට දෙතුන්පාරක්
අපිත් හනිකට කොහෙ කොහේහරි
Parana Gama Ariyapala හරියට හරි sir යමු මාත් එකතු වෙන්නම්. හොඳම ආදායම ලැබෙන්නෙ කතරගම ලු. මේ දවස් වල සිරීපාදේ පාර වුනත් හොඳ ඇති