මේ PAYE TAX එක නැවත සලකා බලන්න කියලා වෘත්තිකයෝ ඉල්ලීම්
කරනවා. මුදල් අමාත්‍යංශයට ඇහෙන්නේ නැහැ. බදු කොයිතරමක් හැංගිලා ඉදගෙන අපිව සූරා
කනවද කියලා හිතා ගන්න සීනී කිලෝ එකක, සබන් කෑල්ලක ඉදන් වාහනයක මිල දක්වා විශ්ලේසනය
කරලා බැළුවොත් හිතා ගන්න පුළුවන්. ඒ මදිවට වැටුප මතත් බද්දක් ගහන කොට ඉවසන්න බැහැ.
අද ලක්ෂයක් කියන්නේ සුළු මුදලක් !.
Prof. Aruna Shanthaarchchi මහතාගේ ලිපියක් මට අන්තර්ජාලයෙන් හමුවුනා.
නිවිහැනහිල්ලේ කියවන්න පහලින් පල කරනවා.
# Profit එකයි salary එකයි කියන්නෙ
සංකල්ප දෙකක්...ලොකේ කිසිම Tax
policy එකක මේ දෙක එකක් හැටියට සලකන්නේ නෑ.. Profit එක කියන්නෙ සියලු වියදම් අඩුකලාට පසුව අතට
ලැබෙන ශුද්ධ ලාභය..ව්‍යාපාරිකයන්ගෙන් මේ tax අය කරන්නෙ ඒ
ශුද්ධ ලාභයෙන්. එ නිසාම ව්‍යාපාරිකයො කරන්නේ සියලු වියදම් එකතුකර ( සැබෑ වියදම්
වලින් පරිබාහිර) හැකිතාක් ශුද්ධ ලාභය අඩුකර පෙන්වීම..එවිට ඔවුන් ගෙවන Tax එක ඉතා අඩුයි.
නමුත් වැටුප් ලබන
අයගෙන් මෙය අය කරන්නෙ දළ වැටුපෙන්..මෙය කිසිම රටක නොකරන ක්‍රියාවලියක්. තාක්ෂණික
වශයෙන් ඉතා වැරදි ප්‍රතිපත්තියක්. ව්‍යාපාරික යන්ගේ ආදායම් බද්ද 30% උපරිමය වන අතර වැටුප්
ලබන්නන්ගෙ උපරිම බදු සීමව 36% දක්වා
වැඩිකිරීම කොතරම් සාධාරණද?. වැටුප හා ලාභය
එකක් ලෙස සැලකීම කොතරම් ප්‍රායෝගිකද?
ලංකාවේ වැටුප් ලබන සේවකයෙක් ගේ දළ වැඩුප නෙමේ වැදගත්
වෙන්නෙ. ඔවුන්ගේ වර්තමාන ජීවන රටාව, වියදම් කිරීමේ හැකියාව, තීරනය කරන්නේ ශුද්ධ වැටුපෙන්..ඒ කියන්නෙ අතට
ලැබෙන වැටුප. අපේ රටේ රාජ්‍ය සේවකයෙක් ගේ ශුද්ඩ වැටුපෙ සාමාන්‍ය වන්නෙ දළ වැටුපෙන්
40% සීමාව..මොකද
අපේ වැටුප කියන්නෙ බොන්ඩ් එකක්..එක අපි ඇපේට තියල තමා, ඉඩම්, ගෙවල් දොරවල්, යාන වාහන සියල්ල මිලදී
ගන්නෙ..ඒ කියන්නෙ දළ වැටුපෙන් 60% පමණ විවිද වූ ණය සදහා මාසිකව අපි ගෙවනවා.
එහෙම නම් අපිට
ඉතුරු වෙන 40%න් තමා අපි මේ
Tax එක ගෙවන්න වෙන්නෙ..එක කොහොමද අපි ගෙවන්නෙ.
මිට පෙර අපි ලබාගත් ණය අපි ගෙවිය යුතුමයි. එතකොට Tax එක ගෙවන්න
වෙන්නෙ ණය වෙලාද?
මාසිකව
රුපියල් ලක්ෂ 5ක දළ ආදායමක්
උපයන පුද්ගලයෙක් හිතන්න..ඔහුගේ අතට එන ගුද්ඩ වැටුප සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 2ක් විතර. එත් ඔහුගේ PAYE tax එක වෙනවා මාසෙකට රුපියල් 106,499ක්. එතකොට ඔහුට ඉතිරි
වෙන්නෙ මේ දක්වා අතට ලැබුනු වැටුපෙන් හරි අඩකටත් වඩා අඩුවෙන්..එහෙම නම් එක සාධාරණද?..ඔහු ජීවත් වෙන්නෙ කෙසේද
1776 Adam Smith ගේ The
Wealth of Nation පොතින්
හදුන්වාදුන් Tax එකක තිබිය යුතු මූලික ගුණාංග වන Fairness,
Ability to pay වන සංකල්ප අමු අමුවේ මරා දමන්නේ නැද්ද?...
රටක උද්දමනය 60% ඉක්මවා තියන වකවානුවක, 2019, ඩොල්‍රර් එකකට රුපියල්
178 ගෙවා,
එය 2022 රුපියල් 363 දක්වා රුපියල බාල්දු
වූ වකවානුවක, පොලී
අනුපාතිකය 30% මට්ටමේ තිබෙන
වකවානුවක, රටේ දළ දේශීය
නිෂ්පාදිතය minus 8.3 වී එක පුද්ගල ආදායම පිරිහෙන අවස්තාවක, ලොකයේ කිසිම රටක් PAYE tax එක 400% කින් වැඩි කිරීමට යෝජනා කිරීම මොන තරම් අතාර්තික යෝජනාවක්ද?.
මේ පාලකයින්ට
හැගීම් දැනීම් ඇත්තේම නැද්ද?..
බදු අයකර ගැනීමේ ආර්ම්භය ලෙස දළ වැටුප රුපියල් 100,000 සීමාව යෝජන කිරීම
මොනතරම් ප්‍රායෝගිකද?. අද වනවිට
ලොකයේ දිලිදු කමේ මායිම ව්න්නේ දිනකට ඒක පුද්ගල ආදායම ඩොලර් 2ට වඩා අඩු මට්ටමයි. ඒ
අනුව ලංකාවේ 5 දෙනෙක් ඉන්න
පවුලක දුගී බවේ සීමාව වන්නෙ මාසයකට
රුපියල් 111,000 පමණවේ (මේ ප්‍රතිපත්තිය
හදුන්වා දෙනවිට විනිමය අනුපාතිකය අනුව). එසේ නම් මේ PAYE tax අයකරන්න පටන්
ගන්නේම් Poverty line එකට වඩා අඩු
ජන කොට්ටාශ වලින් වීම මොන තරම් ප්‍රායෝගිකද?..
රංජිත්
සියබලාපිටිය කියන පරිදි රටේ මුලු ශ්‍රම බලකායෙන් (මිලියන් 4) මේ PAYE
Tax එක ගෙවන්න වෙන්නෙ 120,925 ක පමණයි. නමුත් රජය අපේක්ෂා කරන මුලු වාර්ෂික
ආදායම රුපියල් බිලියන 100ක්. එහෙම නම්
(සියබලාපිටියගේ ඉල්ක්ක) එක් පුද්ගලයෙක් ගේ වාර්ෂික බදු ගෙවීමේ සාමාන්‍ය රුපියල් 826,958ක් වෙනවා..මෙය ප්‍රායෝගිකද?.
රංජිත් සියබලා
පිටියගේ දත්ත අනුව (ඔහු පාර්ලිමේන්තුවේ ප්රකාශකල) රුපියල් ලක්ෂ දෙක හමාරට වඩා
අඩුවෙන් වැටුප් ගන්නා ප්‍රමාණය 109,783ක් වන අතර ඔවුන්ගෙන් අය කරගත හැකි බදු ප්‍රමාණය රුපියල්
බිලියන 11 පමණ් වේ. ඉතිරි
රුපියල් බිලියන 81 ප්‍රමාණය අය
කරගත යුත්තේ, 11,142ක් වන,
මාසික ආදායම, රුපියල් ලක්ෂ 3 ඉක්මවු සේවක
පිරිසෙනි.
මෙය මොන විකාර
කතාවක්ද?.. මේ පුරෝකථන
සියල්ල නිවරදි විය යුතුය. මේ ඉලක්කම් ගැන නැවත සිතා බැලිය යුතුය.
2022 ක සාපේක්ෂව 2023, PAYE tax එක 400% කින් වැඩිකිරීමෙ පදනම කුමක්ද?..රටක බදු අදායම ක්රමාණුකූලව,
රටේ ඒක පුද්ගල ආදායමේ
ප්‍රවර්ධනය සමග සිදුවිය යුතුය. නමුත් ඒකපුද්ගල ආදායම පිරිහෙන කාලයක, අධික උද්දමනීය බලපෑමක් තිබෙන අවදියක මෙලෙස PAYE
tax එක 400% කින් වැඩි කිරීම මොන තරම් ප්‍රයෝගිකද?..
දැනට ආදායම්
බදු දෙපාර්තමේන්තුවේ Tax නොගෙවන ව්‍යව්සායකයන්,
30,000ක් ඇත. පිටු 900ක් inactive ලිස්ට් එකක් ඇත..මේ අයගෙන් අය කරගත යුතු
මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 205කි..මේය අය කර ගැනීමට කිසිදු වැඩ පිළිවෙලක් නැත.
දැනට ආදායම්
බදු දෙපාර්තමේන්තුවේ RAMIS
(Revenue Administrative management Information System) පද්දතිය අක්‍රීය වීම නිසා, අය කර ගැනීමට නොහැකි
වූ බදු ප්‍රමාණය රුපියල් බිලියන 510කි. රුපියල් බිලියන 10ක් වියදම් කර සිංගපුර් සමාගම හැදු එම
පද්දතිය අක්‍රීයව පවති.
බදු පැහැර හරින්නම් සදහා නඩු කඩිනමින් ඇදීමට වෙනම උසාවියක් නොමැති නිසා එවා වසර ගනන්
ප්‍රමාද වෙමින් පවති. දැනට පවතින ක්‍රමය අනුව
එම නඩු අසන්නෙ වසරකට දෙපාරක් පමණි.
රාජ්‍ය වියදම
පාලනයට පැහැදිලි උපාය මාර්ග නොගෙන,
එකේ ආදායම පමණක්
400% වැඩිකර ගැනීමට කොතරම් සාධාරනද?..
# 2019, 2000 බදු අදායම රුපියල් බිලියන 1100කින් අඩුකර ගත්තේ
දේශපාලන අරමුනු එලක්ක කරගත් මෝඩ ප්‍රතිපත්තති නිසා මිස ජනතාව බදු නොගෙවූ නිසා
නොවේ.කිසිම රටක් zero මට්ටමේ තිබුනු බද්දක්
එකවර 36% දක්වා වැඩිකර
නොමැති අතර එය අති අසාධාරණ ක්‍රියාවකි.
දේශපාපාලන හිතවාදීන්
වන කැසිනෝ ව්‍යාපාරිකයින් දෙන්නෙක් ගේ බදු කපා හැරීම නිසා රුපියල් මිලියන 2000ක් අහිමි කර ගත්තා..
අදටත් ඔවුන් බදු ගෙවන්නෙ නෑ. කෝටි ගනන් උපයන කැසිනෝ බ්දු වලින් නිදහස්..ඒත් රාජ්‍ය
සේවකයාගෙන් අසාධාරන බද්දක් ?.
සීනි හා
පොල්තෙල් බදු කපා හැරීමෙන් අහිමි වූ මුදල රුපියල් බිලියන 26ක්. ඇයි මේවා නැවත අය
කරගන්න බැරි?..
මේ ඉලක්ක ගත
රුපියල් බිලියන 100 සොයා ගැනීමට
හැකි විකල්ප ක්‍රම ගනනාවක් අපි විසින් මුදල් අමාත්‍යාංයට ලිඛිතව ලබා දී ඇති අතර
ඒවා සියල්ල ඔවුන් විසින් පිළිගෙන ඇත. අප විසින් ඉදිරිපත් කල උපාය මාර්ග, හෙට සිට වුවද හදුන්වා
දිය හැකි අතර ඒ තුලින් මේ එකෙන්
බලාපොරොත්තු වන බිලියන 100 මෙන්
දෙගුනයක් ආදායම් උපදවා ගත හැක. නමුත් මේ
වෙලාවෙ මේ ප්‍රතිපත්තිය වෙනස් කලොත් IMF loans එක නොලැබේ යන
බියෙන් අපගේ විකල්පයන් හදුන්වා දීම ප්‍රමාද කරමින් සිටී.
ඇමැරිකානු
නිදහස් සටන, ප්‍රංශ
විප්ලවය, ඉන්දියානු
නිදහස් සටන, ලංකාවේ 48 කැරල්ලට පවා හේතු
පාදක වූයේ, අසාධාරන බදු
ප්‍රතිපත්ති බව අවසාන වශයෙන් මේ පාලකයන්ට
මතක් කර දීමට කැමැත්තෙමි.
Prof. Aruna Shanthaarchchi
මේ ලිපියේ
පුද්ගලික ව්‍යාපාරිකයන් විදින ගැහැට දක්වන්න තරම් කෘතවේදී නොවුවත් රජය අවධානයෙන්
සිටිය යුතු බව දක්වනවා මහාචාර්ය අරුණ ශාන්තිආරච්චි මහතාට ස්තුතියි.