දැතේ කරගැට සිඹ සනසන්නට
ලා ගොයමේ දළු පවන්සලයි
දහඩිය මුතු කැට මල් වරුසාවේ
කරල් බරින් පීදී වැතිරෙයි .
අඩ සද මෝරන මැදියම් අහසින්
බිළිදු හදට කිරි දියර ගලයි
හෙට ඉදිවන නව ලෝකය දැක දැක
පුංචි පුතා හීනෙන් හිනහෙයි.
පුංචි පුතාට කිසිම වගක් නැත. ගත දියෙන් දෝවා
බණ්ඩි ගෙඩිය කිරෙන් පිරවී ඇති නිසදෝ ඔහු සැපට
නිදයි. අපි අවට ලෝකය ගිනී ගනී. අපිවත් ඒ ගින්නෙන් දැවෙයි.ගමනක් බිමනක් යා
නොහැකිය. ප්රවාහන ගාස්තු අහසේ පාවෙයි . ඉන්ධන මිළ ඉහලය. එය අජටාකාශ ගත වෙන්න
වලිකයි. ඖෂධ නැත. මිළත් ඉහලය. රෝගීවනවාට වඩා.....ආහාර මිළ මේවා සිහිවනවිට ආතතිය
ඉහලයයි. පුංචි දේටත් කෝපවෙයි.
පීඩාවට පත් වෙන සිත ඇදට වැටුන විට නින්ද නොදකී. ඒ
මේ අත පෙරලෙයි. කිරි එකක්, තේ එකක් බී නිදන්නට හිතන ............ඒත් සීතල වතුර
වීදුරුවකින් බඩ පුරවාගෙන ඇදට වැටෙන සිත යාන්තමට දෑස පියවයි.මේ නම් මැදියම් රෑ දකින
සිහිනයකි.
දහසක් වැව් බැදි යෝධ මිනිස් කැල
යලි ඉපදී ඇති ලක් දෙරණේ
සත් රුවනින් නව නිධන් මතුවී
බිළිදු සිනාවෙනි ඔප වැටුනේ
දැසේ කදු ලැලි පිසදා බලනෙමි
හෙට හිරු එලියට වඩින දිනේ
ණය නැති බිය නැති නිවහල් යුගයක
පුංචි පුතා රජ කරනු පෙනේ
මා ගත වෙහෙසට ආදරයෙන් විය
උල්පත පාදන පුංචි පුතුන්
ඒ ගත වෙහෙසම සතුටක් වී මට
ඔබ සිහිවන විට පුංචි පුතුන්
දෙදහසක් පන්සිය වසරක් තිස්සේ
මා දුටු සිහිනය පුංචි පුතුන්
ඔබ හට ලෝකය ඉදිකර දී මිස
යා නොහැකිය මට................... පුංචි පුතුන්