සමහරු පුවත් පත් දිග හැර ගත්ත ගමන්ම ලග්න පලාපල හොයා ගෙන තමන්ට වෙන් චුන ලග්නය බලනවා.දිනපතා පුවත් පත් වල එදාට බල පාන අනාවැකි පලවෙනවා. සතිපතා පුවත්පත් සතියේ අනාවැකි පල කරනවා .විද්යුත් මාධ්‍යත් උදේ අටෙන් පස්සේ විසුරුවා හරින වැඩ සටහන් අතරට ලග්න පලාපල ඇතුලත් කරලා තියෙනවා.අවුරුද්දක් ගෙවිලා අළුත් අවුරුද්දක් ලබන කොට අළුත් අවුරුද්දෙම පලාපල සාකච්ඡා වෙනවා.
ලග්නදොලහයි තියෙන්නේ.
මේෂ,වෘෂභ,මිථුන,කටක,සිංහ,කන්යාා,තුලා, වෘශ්චික,ධනු,මකර , කුම්භ, සහ මීන.
මේ දොලහටම ලෝක ජන ගහනය අයිතියි. ලෝක ජන ගහනය දොලහයෙන් බෙදනවා.එක කොටසක් මේෂ.ඉතිරිය ආයෙත් දොලහයෙන් බෙදලා එක කාණ්ඩයක් වෘෂභ.............................ඔය විදියට බෙදා ගෙන ලග්න කාණ්ඩ දොළහක් වෙන් කරගෙන එක් එක් කාන්ඩයට මෙන්න මේ ටික වෙනවා කියලා කියනවා.
ලෝකේ දොලහයෙන් එකක් මගුල් ගෙවල් වල යනවා. තවත් දොලහයෙන් එකකට රෝහල් ගත වෙන්න සිද්ධ වෙනවා. තවත් දොලහයෙන් එකක් හදිසි අනතුරු වලට ලක් වෙනවා. මේ වගේ අධ්‍යාපනය, රැකියාව සෞඛ්‍ය පවුල් ජීවිතය, විදේශ ගතවිම්,ව්‍යාපාර සම්බන්ධයෙන් පලකරන අනාවැකි බොහොමයි.ඉතින් මෙහෙම අනාවැකි පෞද්ගලිකව හරියයිද.
මීදුම මේ ප්‍රශ්නේ යොමු කලා අසල් වාසී දෛවඥයෙකුට. එතුමා කියනවා ඔය වැඩේ පදනමක් නෑ කියලා.දෙන්නෙක්ගේ හදහන් දෙකක් එක වගේ නෑ.උපන් දිනය වෙනස්. අනාවැකි පලකරන්නේ ලග්නය පදනම් කරගෙන නෙමෙයි. උපන් දිනය පදනම් කරගෙනයි. ඔය වැඩේ ජොතිශාස්ත්‍රයට ගැලපෙන්නේ නෑ. කියලා.
මීදුම හිතනවා මාධ්‍යවල පලකරන අනාවැකි සියල්ල සුබවාදී අනාවැකිවෙනවා නම් හොදයි කියලා.පාන්දරම අද කොහොමද?, සති අන්ත පුවත් පත් බලන ගමන් ඊලග සතිය කොහොමද ?. නව වසරක් එළබෙන කොට අළුත් අවුරුද්ද කොහොමද කියලා අනාවැකි බලන කොට තියෙන්නේ සුබවාදී අනාවැකි නම් හිත පිරෙනවා. ඉතින් හොද ආරම්භයක් ලැබුනම කරන කියන හැම දේම සාර්ථක වෙයි. ඒකටනේ ධනාත්මක චින්තනය කියලත් කියන්නේ.
අධෛර්මත් වන ආකල්ප ඇති වන අනාවැකි දැක්කම හිත බයවෙනවා.කරන්න හිතේ තියෙන සැලසුම් පවා පස්සට දාන්න හිතෙනවා.නිකම් ඉන්න කොට ඉබේටම අපල ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මාධ්‍යට අසත්‍ය වපුරන කොට සුබවාදී අසත්‍යම වපුරනවා නම් හොදයි කියලා මීදුම හිතනවා.
මීදුම කලකට පෙර පලවු ජොතිෂ්‍ය පත්‍ර දෙකක අවුරුදු තුනක සතියේ පලාපල පිලිබදව විමර්ෂණයක් කලා. ඒ වගේ තියෙන්නේ එක රටාවක්. අළුතින් ලියන්න ඕනී නෑ. Cut කරලා paste කරපුවම හරි.
දැන් මීදුමටත් පලාපල කියන්න පුළුවන් ලග්න දොලහට.
කාලය .
-
කාලය මට ඉගැන්වූ දේවල්
=======================
මගේ ජීවිතයේ වැඩිපුර කාලයක් දිව්වේ කිසිම පලක් නැති අරමුණු සහ පුද්ගලයන්
පිටුපස බව .
හැම කෙනෙකුම සතුටු කරන්...
3 days ago