70 දශකයේ කාර්යාලවල රැකියාවන් කල බොහෝ පිරිසකට ගෙදර ඉන්න බිරින්දෑවරැ දහවල් ආහාරය සකසා පිගානට බෙදලා ඒක උඩින් තවත් පිගානක් තියලා කෑම එක වහලා සුදු රෙද්දකින් කෑමපිගානේ කිටි කිටියේ බැදලා තමන්ට අදාල අංකයත් යොදලා පාපැදියේ එන කුරියර් අංකල්ට ලබා දෙනවා...
සාර්ථකත්වය යනු ඔබ කැමති දේ ලබා ගැනීමයි. සතුට යනු ඔබට ලැබෙන දෙය රැක ගැනීමයි.
(වේදනාදි චෛතසික) ධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් පහන් සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුව යෙයි. නොහැර කැටුව යන සෙවණැල්ල මෙනි.
ස්වභාවධර්මයේ පරිකල්පනය මිනිසාගේ පරිකල්පනයට වඩා බෙහෙවින් වැඩි ය, ඇය කිසි විටෙකත් අපට විවේකීව සිටීමට ඉඩ නොදේ.
නමුත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න, එවිට ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද ඔහු නපුරටද යහපත් අයටද තම හිරු උදා කරවනසේක.
"....එබැවින් මා වෙතින් ඔබට මගපෙන්වීම පැමිණෙන විට, කවුරුන් හෝ මාගේ මඟ පෙන්වීම අනුගමනය කරයිද, එවිට ඔවුන් කෙරෙහි කිසිඳු බියක් හෝ ශෝකයක් ඇති නොවේ." ආයට් 38.
ආමු ද්විප,
ඉන්දියන් සාගරයේ මුතුඇටය,
ඉළංගෙයි,
ඉළංදු,
ඉළනාර,
ඊළ,
ඊළාම් (මෙය දමිල භාෂාවෙන් ලක්දිව හැඳින්වූ නාමයයි),
ඕජදීප,
කසිගෝ,
කේට් ලංකා,
කෙයිලෝන්, ්්
චල (අරාබි භාෂාවෙන්),
චිංකලෙයි (දෙමළ භාෂාවෙන්)
තනසරිම්,
තපරවාන්,
තපර්බාන්,
තම්බපණ්ණී,
තම්බපණ්ණී ද්විප,
තම්තබින්,
තඹපැන් ද්විප,
තැප්රොබේන් (ග්රීක -රෝම භාෂාවලින්),
තාර්සිස්,
තාමුදීප්,
තිලක (රුහුණු පිහිටි මායා බෙදීම මුල්කොට ගෙන භාවිත විය), ත්රි සිංහලය (ඉහත බෙදීම හා බැඳේ),
තේහු හොයිගෝ (බුරුම භාෂාවෙන්),
දසඛණ්ඩි රාජ්‍ය,
දිල්මුන්,
දශෂිර,
පුර,
පරවාන් ද්වීප,
්පලාංකොට්,
පළේසිමන්ද්‍ර,
පාඕ - චූ (චීන භාෂාවෙන්),
ජැසිරාත් - අල් යකුත් (අරාබි භාෂාවෙන්),
ජම්බු ද්වීප (පාලි භාෂාවෙන්),
මණ්ඩ ද්වීප,
මණ්ඩු ද්වීප,
රත්න ද්වීප (ලක්දිව මැණික් ලොව ප්රකට බැවින්),
රත්නදීප,
රාවණපුර, රාවණද්වීප,
රාක්ෂ ද්විප, රාක්ෂපුර,
රකියුෂ්,
රුවන්දීප, ලංකා (හෙල භාෂාවෙන්),
ලංකා ද්වීප,
ළක,
ලක්දිව,
වරදීප,
ෂිති ක්වෝ (චීන භාෂාවෙන්),
ශ්රී ලංකා (වර්ෂ 1972 ජනරජ ව්යවස්ථාවෙන් ඉක්බිතිව)
සග
සස්දිව්,
සයිලන්තු (මලයාලම් භාෂාවෙන්),
සලීස්,
සළිකේ,
සාලයික්,
සින්දු,
සිමන්ඩා,
සීමන්ඩාදු,
සිරිලක (හෙළ භාෂාවෙන්),
සිසිල,
සිහලද්විප,
සිලිදිව්,
සිලෝන් (ඉංග්රිසි භාෂාවෙන්),
සිංගල් දිව්,
සංගලම් (දමිළ භාෂාවෙන්),
සිංහලය,
සිංහලද්විප,
සිලන්,
සිහලදිව්,
සිහලාන් ද්විප,
සිහොලේ (පාලි භාෂාවෙන්),
සිගෝ (බුරුම භාෂාවෙන්),
සිලාන් (අරාබි භාෂාවෙන්),
සුපර් චාන් (තායි භාෂාවෙන්),
සෙයිලාන් (පෘතුගීසි භාෂාවෙන්),
සෙයිලාන් දීවන්,
සෙරන්දිබ් (අරාබි භාෂාවෙන්),
සෙන්කියා (චීන භාෂාවෙන්),
හෙලන්දු,
හෙල ද්විප, හෙල දෙරණ, හෙළය,
හේලීකේ,
පලෛයිසිමන්ඩා,
පරවාන් ද්විප,
පෙරදිග ලෝකයේ ධාන්යාගාරය.
- මහදිසාවේ බණ්ඩාර ඇටිපොල
CTRL+A. . . . . . . . . . . . . . . . . Select All CTRL+C. . . . . . . . . . . . . . . . . Copy CTRL+X. . . . . . . . . . . . . . . . . Cut ...
මම ජීවිතය සැදෑසමයේ.
සැදෑ සමය මට හිතෙන්නෙ කන්දක් උඩට නැග්ගා වගෙයි.
කන්ද මුුදුුනට ගියාම තමයි පේන්නේ අවට දසුන්.
සුන්දර මෙන්ම අසුන්දර දේ මේ අතර තියෙනවා.
ඒ වගේ ජීවිතයේ කදු මුදුනේ ඉන්න මට මේ සියල්ල සිහිපත් වෙනවා ඒ් මතකයන් කලින් කල විදවන්නේ විවිධාකාරයෙන්
අපි බලමු........ වියමන් තුල ඒවා දියවෙන්න පුළුවන් සමහර විට .
මීදුම...... ඉර පායනවත් එක්කම නැතිවෙලා යන තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙන මීදුම ඝණ වෙලා දිය වෙලා කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා. තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා . සිතුවිලිත් ඒ වගෙයි. ඇති වෙලා නැතිවෙලා යනවා. මේ දේවල් බෙදා හදාගන්න
මීදුම... යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා. තෝරා බේරාගෙන පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එනවා. වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත් මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මීදුමත් සමග මුසු වෙන්න පුළුවන්.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි කියලා .
මම හිතනවා
!doctype>දළ ඇතෙක් වගෙ බරට අඩිය තියලා ගියපු කිතුල් ගහ මුදුනටම අසුරු සැණෙකින් නැගපු ගංගොඩේ ඇවිදලා කිතුල් මල්වර කරපු බණ්ඩාර මාමගේ රැහැන් කැපුවේ කවුරු .
කොහාටත් කලින් නෑ ගමන් ඇවිදින් පුරුදු හකුරු පැණි ගෙනැත් දී අවුරුද්ද සරු කරපු මගුලටත් මරණෙටත් එකවාගෙ දුව පැනපු බණ්ඩාර මාමාට කවුද හිටියේ සතුරු .
නගින්නට පෙර කිතුල් ගහට තෙවරක් වැඳපු පෙණ දමන රා මුට්ටියේ කුහුඹුවන් හැරපු කමලාගෙ දර මඩුව අඩු නැතුව පුරවාපු හීලෑ කරන් ඇය ඉඟ නෙරියෙ රැළි බිඳපු .
වාරු නැති කොඳු ඇටය මැදින් පුපුරා ගියපු ගෙදර අය නාඳුනන “සද්දන්තයා” හිටපු “මළා නම් හොඳයි” උන් දුක දරාගෙන කියපු කිතුල බාගෙට කැපූ හෙළයි කඳුළක් උණපු .
රෝ.සි.
2024.09 .02.මීදුම.
බණ්ඩාර මාමා පොදු චරිතයක් කියලා මට හිතෙනවා. මෙහේ හිටියා හීන්මුදියන්සේ කියලා වැඩිහිටියෙක්. එයත් කිතුල් මල් කපනවා. බණ්ඩාර මාමාගේ චරිතයමයි.
එයා ලගට යන ඔක්කොට රහමෙර නෑ නොකියා දෙනවා. ඒ හින්දා නමක් පට බැදිලා තිබුනා පච්ච තන්නි කියලා. දෙමළ බසින් සිංහලට ඇල් වතුර.
කමලාගේ නම මෙහේදී වෙනස්. දරු පවුල් දෙකක් හිටියා. වරපට බිදී මෙතුමත් කිතුලෙන් බිමට වැටිලා කොදු ඇට පෙලට හාණි වෙලා එක්තැන් වුනා ඔහු දිවියෙන් සමුුුගන්නා තුරු සැලකුම් ලැබුුවේ ඉග නෙරිය බිදු කුලවමිය
..ඒ පද වැල මට සම්පාත වුුන හැටි . කිතුල් පැණිවගේ මිහිරක් තියෙන පද රචනයක් රහයි.