Monday, February 12, 2024
ජෝන් ඩියර්
Sunday, February 11, 2024
ඔබ,මා,අප වෙනුවෙනුයි මේ අරගලය
මහතුනේමේ මහා වෑයමමා වෙනුවෙන් පමණක්ම නොවෙයිඔබ,මා,අප වෙනුවෙනුයි මේ අරගලයඅර විසල් ප්‍රාසාද පවුරු තුළඅපේ බදු මුදල්ද නිධන්ගත වී ඇත.ඒ සා අයුක්තියක් ළඟනිහඬ විය හැකිද ප්‍රේමණීය මිනිසෙකුටසත්යවාදී මිනිසෙකුටමහතුනේආර්ථික අයුක්තියරැගෙන යා හැකියි මහා යුද්ධයකටඅවතැන් විය හැකියි දහස් ගණනක්විය හැකියි ඊළඟ පරපුරට මළගමක්හිරු නොනගිනමහා අඳුරකට වුවරැගෙන යා හැකියි ආර්ථික අයුක්තියකටමහතුනේඉවසාගත නොහීනම් මේ නැගිටීමවෙඩි උණ්ඩයක් එවිය හැකියි මා වෙතටමියගිය පසු වුවද මාමේ අරගලය නුඹට නවතා දැමිය නොහැකිමයදිනෙක ,යුක්තියේ සුවඳ නුඹට දැනෙනු ඇත.මහතුනේනිමාවූ පසුව මේ මෙහෙවරහිනාවුණ පසුව අනාගත පරපුරමල් නැතුවාට කමක් නැතදමා ගසන්න ගල් මුඟුරුදරාගත හැකිය ඒ රිදුමසෝමලතා හේරත් මැණිකේ(කවි නොවේ)
Saturday, February 10, 2024
අරන් වෙස් පිස්සෙකුගෙ නැටුවේ
සඳුද මං බං හිටියෙ කොටුවේඅරන් වෙස් පිස්සෙකුගෙ නැටුවේහවස පහටයි ඕෆ් වූවේගැහුව අඩියක් රෑට සුවසේබුරියානියාක් සමග බික ගේමෙහෙම ආතල් රටක් අයිසේලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ නේ...ටියුෂ්ඩේ මං දියත උයනේකකුල කැඩිලා වැටිල හිටියේහැන්ද වෙනකොට ගැළුම් කොටයේසල්ලි යහමට පිරිල තිබුණේලැබුණ බං බත් පැකට් ටවුමේකට හරියෙ බෑ තියනු කිසි සේබැංකුවට දා සල්ලි ටික මේනයිට් ක්ල්බ් බැස්සාම ජොලි නේ....බදාදා හරි කම්මැලියි නේඋදේ ස්පා එකට ඇදුණේගාන පොඩ්ඩක් වැඩියි බං ඒමාර ආතල් එකක් ලැබුණේහවස නැග්ගා කෝච්චියෙ මංගාන කැපුවා හීනියට දැංබැහැල මරදානෙන් අනේ මංකුසුම බැලුමට ගියා නේ බං......තර්ස්ඩේ මං නෙළුම් පොකුණේඉස්සරහ බස් නැවතුමේ නේපෙන්නලා පපුවේ තුවාලේමාර ගැම්මෙන් අඬා වැටුණේඒක අබ්ලික් දැන් කචල් නේමෙඩිකලුත් හොයනවනෙ කරුමේලැබුණු සොච්චම ගැන දුකයි නේඋන්ට බැන බැන ගෙදර ඇදුණේ.....සිකුරාදා මරු දවස මට මේළඟදි සෙට් වුණ පොට් එකක් නේකැළණි පන්සල ඉස්සරහ බංහඳුන් කූරට රැවටුණේ මුංඒක ගන්නෙත් නැතුව නේ මුංසල්ලි දෙන්නේ පිස්සුනේ බංපන්සලේ පින් කැටෙත් හිස් දැංදෙවියො මගෙ ළඟ මාර ආතල්....සෙනසුරාදා ජුම්ම පල්ලියඅසල ඇක්ටින් අංග විකලෙටපනහ සීයේ විතරමයි කොළමෙහෙම සතුටක් කොහිද වෙන බොලයන්න හිතෙනව සවාරිත් රටහැදිය යුතුමයි පාස් පෝටයලංකාව නම් කිසිම දවසකදියුණු නම් වෙන්නෙපා කිසි විට.....ඉරිද මාගේ ඕෆ් එකනේඋදේ නැගිටල ජිම් ගියා නේටැක්සියක් දාගෙන ගිහින් බංදවල් කෑවේ මැක්ඩොනල් මංගත්ත ජින් බාගයක් ලාවටබැදපු කුකුලෙක් ආව ගාවටහිඟාකන එක තරම් මනු ලොවතියනවද බං සැපක් මිහි පිට.....
සිගන්නන්ගේ සෑබෑ තතු කියල පොතක් ලියන්න ඕන
ඇත්ත වෙන්න ඇති නේද අයියේ ?
Kanthi Epalawaththa ඇත්ත වෙන්නත් ඇති. මට හමුවෙලා තිබුණා මේ වගෙ ඇත්තෙක්.ඔහු හැන්දෑවට රාජකාරි හමාර කරලා යමින් ගමන් මාව මුණගැහෙන්න එනවා.මීට අවුරුදු විස්සකට වගේ පෙර, මගෙන් රුපියල් එක දෙක ශත විසිපහ පනහ කාසි රුපියල් දහසක් එක් දහස් පන්සීයකට ආසන්න මුදලක් නෝට්ටු වලට මාරු කර ගන්නවා.
අපෙ අප්පෝ ..........ඒ රස්සාවටත් අනින්නයි හදන්නෙ ......මිනිහෙක් ,සල්ලි හම්බකළාට ඇති ද??ආත්ම ගෞරව ය ,අපිරිසිදු වටපිටාව ,පරාධීන ස්වරූපය ,අනුන්ගේ අනුකම්පා ව, සමාජ සම්බන්ධ තා,විවේක ය .............කොච්චර කැපකරලද ඔය වගේ කරන්නෙ .............ජීවිතය ,කියන්නෙ කාල ,බීල ජොලියෙ ඉන්න එක විතරද??
හිඟනකමට වඩා බැලමෙහෙකිරීම උසස්..
නිකමට ලිව්වෙ.
නිර්මාණය නම් හරිම අගෙයි .
Rohinie Sisipiya ඇත්ත නංගි, දකින පැත්තට වඩා නොපෙනෙන පැත්ත ඛේදනීය යි.මම තෙලිගු ෆිල්ම් එකක් බැළුවා.වීදි දරුවෙක්, මිනීමැරුමක් සහ මරාදමන ලද අයගේ අම්මාත් වටේ කතාව ගලායනව.නම " ඉටි අම්මා" . පොලිසිය මරණය ගැන සොයන්න උනන්දුවක් නැහැ.ඇය පුතා මැදි කරගෙන පුවත් පතකට කතාව ලියනව.ඇගෙ අරමුණ පුතා මැරුවෙ ඇයි.මිනීමරුවා කවුද යන්න සොයා ගැනීම.අවසානයෙ මිනීමරුවා හමුවෙනවා.ඔහු පාපොච්චාරණය කරනවා බඩගින්න නිසා මුදල් ගන්න කල බාධා කිරීමක් නිසා සිදුවු අහම්බයක් මේ ඛේදවාචකයට හේතුව බව
පසුව අම්මා මෙවැනි දරුවන් වෙනුවෙන් සමාජ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරනවා.
Lionel Liyanagamage ඔව් අයියෙ.......ආත්ම ගෞරව ය ....බල්ලට දාල තමයි ඔය රස්සාවලට බහින්න වෙන්නෙ...දරුවන් නිසා ,බඩගින්නට තමයි සමහරු ඒක ට පෙළඹෙන්නෙ..
නිර්මාණය නම් හරි ලස්සණ යි .ඔයාගෙ පසු වදන හිත කම්පා කළා.
මිනිස්සු විවිදාකාරයි
වංචාව වැරදියි.
වංචා කාරයින් නිසා අහිංසක මිනිස්සුත් ,සංවේදී මිනිස්සුත් අපහසුතාවට පත් වෙනව.
හැම දෙයක්ම සමහර අය කරන්නේ, වංචනිකව. සාධාරණව වැඩ කරන අයට එයින් සිදුවන්නේ ලොකු හානියක්.
වැඩිම ආදායමක් ලැබිය හැකි රැකියාවක් බව ඔප්පු වෙලා තියන වා
නන්දසේන ශුරින් ගේ ගවේෂණ මගින් වගේම ළඟ දී කර ඇති සමීක්ෂණ මගිනුත් පෙන්වා දී ඇති නිසා මේ වැඩේ වඩා හොඳ රැකියාවක් බව කිව හැකියි
යමුද සතියට දෙතුන්පාරක්
අපිත් හනිකට කොහෙ කොහේහරි
Parana Gama Ariyapala හරියට හරි sir යමු මාත් එකතු වෙන්නම්. හොඳම ආදායම ලැබෙන්නෙ කතරගම ලු. මේ දවස් වල සිරීපාදේ පාර වුනත් හොඳ ඇති
Friday, February 09, 2024
ලංකාවේ විශාලතම සෙල් ලිපිය
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එම විශේෂ මාධ්‍ය හමුව පැවැත්වුණි.මෙම සෙල්ලිපියේ පිටපත් අනුව එය කිස්තුපූර්ව දෙවන සියවසේ මුල් භාගයට හෝ ඊට පෙර සමයකට අයත් එකක් බවට තීරණය කළ බව එම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසීය.මේ අතර එම සෙල්ලිපියේ බ්රාහ්මීය අක්ෂර පේළි 10ක් සහ ඇති බවත් මෙරට ඉතිහාසයේ මෙතෙක් ශිලා ලේඛනවල දැකගත නොහැකි අතිශය දුර්ලභ සංකේත 6ක් හාමුවී ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
එසේම අදාළ ශිලා ලේඛනයේ සැළකිය යුතු ප්‍රමාණයක් ගෙවී ගොස් ඇති බවත් එය සමස්ථ ලේඛනයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 60ක් පමණ වන බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.ඒ අනුව ඉතිරි සියයට 40කට කොටස අතරින් හඳුනාගෙන ඇති අක්ෂර පේළි අනුව දළ අර්ථයක් සකස්කරගැනීමට හැකි වූ බවද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.එහි බ්රාහ්මීය අකුරු 24ක් උපයෝගී කරගනිමින් සකස් කර ඇති අතර මුළු ශිලා ලිපියේම අකුරු 1000කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත.භික්ෂූන් වහන්සේලාට ජලය අත්‍යවශ්‍ය වන බැවින් එම කඳු මුදුනට ජලය සැපයීමක් ගැනද එම ශිලා ලේඛනයේ සටහන්ව ඇති බව මහාචාර්යවරයා පැවසීය.මේ අතර ස්වාමීන් වහන්සේලාට ලෙනක් පූජා කිරීම ගැනත් දාගැබක් කරවා පූජා කිරීම පිළිබඳවත් මෙම සෙල් ලිපියේ සඳහන් ව ඇති බව මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.එසේම සංඝයා වහන්සේ ගැන භක්තිවන්තයෙකු ගැන එම ශිලා ලේඛනයේ සඳහන්ව තිබී ඇත.මේ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කමිටුව කිසියම් අස්වැන්නක බද්දක් පිළිබඳවද සටහනක් තිබූ බවට විශ්වාසය පළකරන බවද මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.බරජය නම් කුටියක් සාදවා සංඝයාට පූජා කිරීම ගැන ද මෙහි සඳහන් ව ඇති බව මහාචාර්යවරයා පැවසීය.එහි පළමු සහ දෙවන පේළිවල සඳහන් අකුරු කියවාගැනීමට අපහසු වූ බව සඳහන් කළ මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එහි දීපරාජ නම් රජ කෙනෙකු පිළිබඳව, ශිව නම් පුද්ගලයෙකු ගැන මෙන්ම බඝුබශිග නැමැත්තෙකුගේ බිරිඳ පිළිබඳව එහි සඳහන් ව ඇති බවය.
මෙම ලිපිය තුළ මැණික් ව්‍යාපාරිකයෙකු ගැන සඳහන් ව ඇති අතර එහි සිව්වැනි පේළියේ ගම්පාලක කෝලිත නමැති පුද්ගලයෙකු ගැන සඳහන්ව ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.ගම්පාලක කෝලිත නමැති පුද්ගලයා විසින් මාර්ගයක් සකස් කිරීම සම්බන්ධයෙන් එහි සටහන් ව ඇති අතර තිස්ස නමැති කුමාරයෙක් ගැනද එම ලිපියේ සටහන් ව ඇති බව මහාචාර්යවරයා සඳහන් කළේය.සූරතිස්ස නමැති කුමාරයෙක් ගැනද එම ලිපියේ සඳහන් ව ඇති බව මහාචාර්යවරයා එම මාධ්‍ය හමුවේදී පැවසීය.මේ අතර ගම්දරුවන්ගේ ප්‍රමුඛාචාර්යවරයෙකු ගැනද තෙරුන් වහන්සේ නමක් පිළිබඳවද එහි සඳහන් ව තිබූ බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.දකුණු දිශාව ගැන යම් සඳහනක් අදාළ සෙල් ලිපියේ සඳහන්ව තිබූ බවද මහාචාර්යවරයා සඳහන් කළේය.විශාකා නම් කුමාරයෙකු පිළිබඳවත් බ්‍රාහ්මණ ගමෙහි ඇති අරිය නම් වෙළෙඳ ආයතනයක් ගැන ද මෙම සෙල් ලිපියේ සඳහන්ව තිබූ බව මහාචාර්යවරයා පවසයි.2023 වසරේ ජූලි මස 10 වනදා මෙම සෙල්ලිපිය හඳුනාගනු ලැබීය.
අපේ ඉතිහාසය ලියා ඇත්තේ එදි නෙදා නෙවෙයි.සමහර අවස්ථාවලදී අවුරුදු 10 , 15 ,20 . 25, &30,35, හෝ ඊටත් පසුව. එමනිසා සමහර අවස්ථාවලදී වැරදි තොරතුරු ලියවෙලා. තියෙනව. අද කාලයේ සිදුවන දේවල් දෙස බලන්න. එකම ප්‍රවෘත්තිය විවිධ අයුරින්. ඒනිසා සෙල්ලිපි නිවරදි ඉතිහාසය දැන ගැනීමට ඉතා වැදගත්.(සිංහ සීවලී කතාව , විජය කුවෙිණී කතාව ඇතුලු බොහෝ තොරතුරු අප අසා ඇති ආකාරයට වඩා වෙනස් විය හැකියි.