අන්තර්ජාලය අසල්වාසීන්ගෙන් අප දුරස්කර ඈත ඈත නොහදුනන මිතුරු සමූහයක් අප දෑත මතට ගෙනවිත් ඇත. පර්චස් දහයේ ඉඩමේ කොටු පවුරු බැද එ් තුල සිරවු ජනී ජනයා හට අසල්වාසී සබදකම් වියකී අන්තර්ජාල සම්බන්ධතා සංවර්ධනය වන යුගයක නොයෙකුත් ඇබැද්දී වලටද මුහුන දෙන අවස්ථාද නැතිවාද නොවේ.
මුදල් පොලියට දෙන්නෝද භාණ්ඩ අලවි කරන්නොද ජනී ජනයා රවටන අවස්ථා සුලභය.
මානව සම්බන්ධතා නන්නත්තාර කර විනෝද වන සමහර උදවිය දේශපාලන ප්‍රචාරනයේදී තමන් දරන අදහස් නොදරන න් සියල්ලෝම නිර්ධය ලෙස පාච්චල් කරන අන්දම ඉතාමත් කනගාටුදායකය.
මේ පූර්විකාවට අදාල නොවුවත් මේ නිර්මාණය කියන්නේද අන්තර්ජාලය විසින් කරනු ලබන එක් විනෝද ක්රියාවයක් පිලිබදවය
ජනාධිපති තුමනි,
මන්ද පෝෂණයවැඩිවීම සුබද අසුබද,
රැකියා අහිවීම සුබද අසුුබද ,
රටේ උගතුන් රට හැරයාම සුබද අසුබද ,
දුප්පත්කම වැඩිවීම සුබද අසුබද ,
කුඩා හා මධ්‍යම කර්මාන්ත වැසී යාම සුබද අසුබද
ව්‍යවසායකයින් ව්‍යාපාරවලින් ඉවත්වීම සුබද අසුබද ,
ඉදිකිරීම් කර්මාන්තය කඩාගෙන වැටෙන කොට සුබද අසුබද ,
ආහාර වේල් තුනෙන් එකක් හෝ ජනතාව ගන්නේ නැති කොටට සුබද අසුබද ?.
මෙහෙම ඇහුවේ ඇහුවේ විපක්ෂනායක තුමා.
ජනාධිපතිතුමා පිළිතුරු දුුන්නේ මේ විදියට.
මන්දපෝෂණය, දුප්පත්කම . විරැකියාව යනාදි කාරනා අසුුබ නිසා රට සංවර්ධණය කරා ගෙන යාමේ වැඩ පිලිවෙල සැලසුම් කර තිබෙනවා.
මෙරටට ආර්ථිකය සුණුවිසුණුව ජනතාව හාමතේ සිටින විට අගමැතිකම ගන්නේ නැතිව බයේ දුවන එක සුබද අසුබද යැයි විපක්ෂනායකවරයාගෙන් අසනවා.
මන්ද පෝෂණය සුබද අසුබද කියලා විපක්ෂ නායකවරයා ඇහුවා. - එය අසුුුබයි. ඒ නිසා තමයි “ අස්වැසුම “ගෙනාවේ. ඒ නිසා තමයි හාල් කිලෝ දහය බැගින් මාස දෙකකෙ දුන්නේ. ඒ නිසා තමයි ඇමතිතුමා ( අධ්‍යාපන ) ආහාර දෙන්න පටන් ගත්තේ.
දුප්පත් කම සුබද අසුබද කියලත් ඇහුවා. දුප්පත් කම අසුබයි. ඒකයි ලක්ෂ 20 ක ජනතාවට උරුමය අයිතිය දෙන්නේ.ඒකයි ලක්ෂ දෙක හමාරක ජනතාවට අපි ගෙයක් දෙන්නේ.
තව මොනවද ඕන.
මේක සුබද අසුබද ?. විරැකියාව සුබද අසුබද ?.
විරැකියාව අසුබ නිසා තමයි කර්මාන්ත ශාලා ආර්මභ කරන්නේ. දැන් ආයෝජන ගේන්නෙත් ඒ නිසයි.
මම තව එකක් අහනවා මේ රටේ ආර්ථිකය කැඩිලා මිනිස්සු හාමතේ සිටින විට අගමැතිකම ගනන්නේ නැතිව බයේ දුවන එක සුබද අසුබද කියලා මම අහනවා.
ඒ දෙගොල්ලට කතා තියෙනවා. වැඩක් නොකර බලා ඉන්න අපිට ඒවා ගැන කතා නැහැ. බලමු මින් පස්සේවත් අපිට කතා කරන්න පුළුවන් වෙයිද කියලා ?.