Tuesday, February 18, 2025

ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා.


ජීවතුන් අතර සිටියත් නැතත්, උගත්කමට අභියෝග කළ නොහැකි සැබෑ උගත්තු...
ලලිත් ඇතුලත්මුදලි මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ සිටි ලොව පිළිගත් කීර්තිමත් උගතෙකි..
රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ ඔහු දක්ෂතම ශිෂ්‍යයෙක් වශයෙන් ලැබූ සම්මාන සම්බන්ධ නම් තවමත් රාජකීය විදුහලේ ශාලාවේ පුවරුවේ ඇත..
පාසල් සමයේ ඔහු දක්ෂ මළල ක්‍රීඩකයෙක් වූ අතර සමස්ත ලංකා තරග වල කඩුලු පැනීමේ ශූරයා වී ඇත.. ඒ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සහිතවය..
උසස් අධ්‍යාපනය සඳහා ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළු වූ ලලිත් ඇතුලත් මුදලි
ශ්‍රී ලාංකික නාමය එහි නොමැකෙන සේ සටහන් කළ විශිෂ්ටතම කීර්තිමත් ශිෂ්‍යයෙකි..
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මළල ක්‍රීඩා සංගමයේ සාමාජිකයෙකු ඔහු ඔක්ස්ෆර්ඩ් සංගමයේ පුස්තකාලයාධිපති ධුරයද දැරුවේය....
එමෙන්ම ඔක්ස්පර්ඩ් සංගමයේ භාණ්ඩාගාරික ලෙස තේරී පත්වූ ඔහු ඊළඟ වසරේ ඔක්ස්ෆර්ඩ් සංගමයේ ලේකම් වශයෙනුත්
( ඊට පෙර එම තනතුර දැරූ ශ්‍රී ලාංකිකයා වූයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩි බණ්ඩාරනායක මහතාය)
එක් දහස් නවසිය පනස් අට වසරේ ඔක්ස්ෆර්ඩ් සංගමයේ සභාපතිවරයා වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවටත් පත්විය..
එවකට බ්‍රිතාන්‍ය අගමැතිවරයා වූ හැරල්ඩ් මැක්මිලන් සමග ඔක්ස්ෆර්ඩ් සංගමයේ සභාපතිවරයා වශයෙන් ඔහු සාකච්ඡා වලටද සහභාගි විය..
ඒ සරසවි සිසුවෙකු වශයෙනි...
ඔහු වයස අවුරුදු විසි තුනේදී,
නීති විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියද ,
(Lord Sanky ත්‍යාගයද සමඟින්)
සිවිල් නීතිවේදී පශ්චාත් උපාධියද,
ලබා ඔක්ස්පර්ඩ් සරසවියේ ආචාර්යවරයකු වශයෙන් සේවය කරමින් සිටියේය..
වයස අවුරුදු විසි හතරේදී සිංගප්පූරුවේ මලයා විශ්ව විද්‍යාලයේ සහාය කථිකාචාර්වරයෙකු වශයෙන් සේවයට තෝරා ගත් ඔහු ඉන් වසර දෙකකට පසුව එහි නීති පීඨයේ නියෝජ්‍ය පීඨාධිපති තනතුරට ද පත්විය..
ඊශ්‍රායලයෙහි හීබෲ විශ්ව විද්‍යාලයෙන් ලැබුණු ආරාධනයක් මත එහි ආගන්තුක කථිකාචාර්යවරයෙකු ලෙස Visiting Lecture ටික කලක් සේවය කිරීමටද ලලිත් ඇතුලත්මුදලි මහතා කටයුතු කළේය..
පසුව ඔහු ඇමරිකාවේ හාවඩ් සරසවියට ඇතුළු වූයේ නීතිය පිළිබඳ LLM පශ්චාත් උපාධිය සඳහායි..
නීතිය පිළිබඳ පශ්චාත් උපාධිය සඳහා ලලිත් ඇතුලත්මුදලි ඉදිරිපත් කළ පර්යේෂණ නිබන්ධයට "ඒ" ශ්‍රේණියේ විශිෂ්ට සාමාර්ථයක් ප්‍රදානය කළ අතර එයට ඒ සඳහා ලැබුණු ලකුණු සංඛ්‍යාවේ ප්‍රතිශතය සියයට අසූ තුනකි..
එම ලකුණු ලබා දී තිබුණේ එහි ප්‍රධානියා වූ මහාචාර්ය ටොම් ස්මිත්ය..
අනිකුත් පරීක්ෂකවරුන් අසා තිබුණේ මේ පුද්ගලයා ඉතාම විශිෂ්ට විද්වතෙක් බව ඇත්ත .. නමුත් ඔහුට සියයට අසූ තුනක් තරම් වැඩිම ලකුණු සංඛ්‍යාවක් දුන්නේ කෙසේද යන්නයි..
"ඔබ ඔහුගේ විශිෂ්ඨත්වය පිළිගන්නවා නම් එහි ඇත වැරැද්ද කුමක්ද" යන්න මහාචාර්යවරයා පෙරලා විමසා ඇත..
හාවඩ් නීති පීඨයේ ඉතිහාසයේ කිසිම කිසිදාකවත් එපමණ ලකුණු සංඛ්‍යාවක් කිසිවෙකුට ලබාදී නැත..
"ඇමෙරිකාවේ කීර්තිමත්ම විනිශ්චයකරුවෙකු වූ ව ෆීලිප් ෆ්‍රැන්ක්ෆර්ට් මහතාවත් එපමණ ලකුණු ලැබී නෑ..
ලෑන්ඩ් හෑන්ඩ් විනිසුරුතුමා ලබා තිබුණෙත් මීට වඩා අඩු ලකුණු සංඛ්‍යාවක්.."
අනික් ආචාර්යවරු තර්ක කරද්දී මහාචාර්ය ය ටොම් ස්මිත් පවසා තිබුණේ
" ඔබ ඉදිරිපත් කරන සියලු තර්ක වලින් තහවුරු කෙරෙන්නේ මගේ ලකුණු දීමේ යුක්ති සහගත සාධාරණ සහේතුක භාවයයි.
ලලිත් ඇතුලත් මුදලි තරුණයා නීති විෂයෙහි ෆීලිප් ප්‍රැන්ක්ෆර්ට් තරම්ම ප්‍රවීණයෙක්..
ඔහු තම නිබන්ධයෙන් තුලනාත්මක නීති ක්ෂේත්‍රයට නව සිද්ධාන්තයක් එක් කර තිබෙනවා.."
ලලිත් ඇතුළත් මුදලි මහතාගේ එල් එල් එම් සඳහා ඔහු ඉදිරිපත් කළ නිබන්ධය හාවඩ් විශ්ව විද්‍යාල නිබන්ධ පුස්තකාලයේ නිත්‍ය සංචිතයට permanent collection එක් කර තිබෙනවා..
ලී ක්වාන් යූ සිංගප්පූරුව වෙනස් කරමින් ඉදිරියට ගෙන යාමට තැනූ මුල්ම කැබිනට් මණ්ඩලයට ලලිත් ඇතුලත් මුදලි මහතාගේ සිංගප්පූරු සරසවියේ ගෝලයන් කිහිපදෙනෙක්ම එක් කරගෙන තිබෙනවා..
වරක් ශ්‍රී ලංකාවට පැමිණි සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලීක්වාන් යූ මෙරට ජනපති ජේ.ආර්. ජයවර්ධනට පැවසූයේ
"ලලිත් ඔබේ අමාත්‍ය මණ්ඩලයේ නොසිටින්නේ නම් සත්තකින්ම ඔහු මගේ අමාත්‍ය මණ්ඩලයට එක් කරගන්නවා. ඔහුගේ ගෝලයන් මගේ ඇමතිවරුන් ලෙස කටයුතු කරනවා. ඔවුන්ගේ ගුරුවරයාත් මට එකතු වෙනවා නම් මා වඩාත් කැමතියි" යනුවෙනි..
සිය දේශපාලන දිවියේ දැවැන්ත අභියෝග රැසක් මැද විසල් මෙහෙයක් ඉටුකළ මේ විශිෂ්ට ශ්‍රී ලාංකිකයා තමා ඉගෙනුම ලැබූ අවධියේ අධ්‍යාපනයට වියදම් සොයා ගැනීමට ඇති වූ අසීරුතා සිහි කරමින් මෙරට සරසවි සිසුන්ට මහපොළ ශිෂ්‍යත්වය නිර්මාණය කිරීමට කටයුතු කළා..
ඒ ශිෂ්‍යත්වය ලබාගන්නා සරසවි සිසුන්, සහ ලබාගත් සරසවි සිසුන් කී දෙනෙකුට මේ ශ්‍රේෂ්ඨ මිනිහා පිළිබඳ මතකයක් අවබෝධයක් තිබේදැයි මා දන්නේ නෑ..
වරක් සරසවි බිමක එතුමාගේ පිළිරුවක් තැනීමට සූදානම් වූ මොහොතක එයට සරසවි සිසුන් විරෝධය පළ කළ බවක් නම් මට මතකයි..
එය අදටත් මහපොළ ශිෂ්‍යත්වය ආර්ථික ගැටලුවලින් පෙනෙන සරසවි සිසුන්ට මහත් පිටුවහලක්..
මෙරට වරායේ ස්වර්ණමය දියුණුව ඇති වූයේද ඇතුළත්මුදලි මහතා වරාය ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේ..
ලොව වඩාත්ම මෙහෙයුම් සිදුකරන වරායක් බවට කොළඹ වරාය පත් කිරීමට ඔහු සමත් වුණා..
ජාතික ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ත්‍රස්තවාදයට එරෙහිව නොබියව යුධ මෙහෙයුම් කිරීමට නායකත්වය දුන් ඔහු වඩමරච්චි මෙහෙයුම පවතින සමයේ ජාතික ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළා..
යුද පිටියේ ඒ යමින් සෙබළුන් ධෛර්මත් කිරීමටත් උතුරු නැගෙනහිර මායිම් ගම්මාන වල ඇවිදිමින් එහි ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමටත් ඔහු දැඩි උනන්දුවක් ගත්තා..
එදා ඉන්දියානු බලපෑමට යටත්ව එම මෙහෙයුම් නතර කර දමා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමටද ඔහු ප්‍රසිද්ධියේම විරුද්ධ වුණා...
පුරුද්දකට මෙන් අපේ සමහරු මෙවැනි නායකයන්ටත් විවිධ චෝදනා කරනවා..
කෙසේ වෙතත් ඔවුන් කළ මෙහෙය පිළිබඳව ජාත්‍යන්තරයේ ඔවුන් තැබූ ශ්‍රී ලාංකික නාමය පිළිබඳව වැඩිපුර කතා කරන්නේ නැහැ..
මෙතුමන්ලාගේ සුදුසුකම් පිළිබඳව විමසා හොයා බලන්නට හේතුවක් නැත්තේ අදටත් ඔවුන් උසස් අධ්‍යාපනය ලැබූ ලෝකයේ විශිෂ්ට සරසවි වල ඔවුන්ගේ නම් පුවරුවලම සඳහන් වීම නිසයි..
විශේෂයෙන්ම ලලිත් ඇතුලත් මුදලි අධ්‍යාපනය තුළින් ලෝකය ජයගත් විශිෂ්ටතම ගමනක යෙදුනා පමණක් නොව සිය උගත්කම හැකියාව ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක කිරීමට තරම් ප්‍රායෝගික මිනිසෙකුද වුණා..
එල්ටීටීඊ ත්‍රස්තවාදය හෝ දකුණේ ත්‍රස්තවාදය යන දෙකෙන් එකක් විසින්,
මේ රටේ අනාගතය වෙනස් කිරීමට තරම් හැකියාවක් දැනුමක් වැඩපිළිවෙලක් පෞරුෂයක් නායකත්වයක් තිබූ මේ විශිෂ්ට ශ්‍රී ලාංකිකයාගේ ජීවිතය උදුරා ගත්තේය..
මල් පාරේ එතුමාගේ නිවසේ තබා තිබුණු දේහයට මධ්‍යම රාත්‍රියේ පෝලිමේ ගොස් අවසන් ගෞරව දැක්වූ මම එහි අදහස් ප්‍රකාශ කරන්න තිබූ පොතක ලියූ වැකිය අදටත් මතකයි..
" ඔබට මේ බිහිසුණු ඉරණම අත්කර දෙන්නට මූලික වූ පුද්ගලයන්ට මෙයට වඩා බිහිසුණු ඉරණමකට අපේ දෑස් ඉදිරිපිටම ලක්වෙනවා දකින්නට ලැබේවා.." එදා මා එහි තැබූ සටහනයි..
ඒ ප්‍රාර්ථනය නම්, නම් ඒ කාලයේදීම හෝ එයට වසර දහසයකට පසුව හෝ ඉටුවුන බවක් හැඟෙනවා..
එතුමාට සිය අවසන් ගෞරවය දක්වන්නට එදා බොරැල්ල කනත්තට එක් වූ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් අතර සිටි මමද,
එවකට තිබුණු අත්තනෝමතික පාලනය විසින් ,
එම අවමගුල් උත්සවයට එල්ල කරනු ලැබූ කඳුළු ගෑස් වලින් පීඩා විඳිමින් ,
කිලෝමීටර පහක් හයක් දුරින් වරාය භූමියේ තිබුණු දෙපාර්තමේන්තු විවේකාගාරයට මගේ මිතුරෙකු වූ දයාරත්න බෝපගේ සමග පයින්ම පැමිණි ආකාරයද මතකයි..

නිරෝෂා හේමන්ති.- ලොවෙන් බිදක්.
....ලාල් ද අල්විස්......✍️
මහතාගෙන් උපුටා ගැනීමකි ස්තුතියි
A day in the life

Sunday, February 16, 2025

මුරුංගා - හුරා කෑමට ලක්වන.



රෝග රැසකටම දිව ඔසුවක් වූ විශ්මිත ගුණ ඇති මුරුංගා.....
හෝගෙවත්තේම පහසුවෙන් වගා කරගත හැකි මුරුංගාවල මේ තරම් ගුණ අඩංගු බව ඔබ දැන සිටියා ද?
මේ කියන්න යන්නේ විශ්මිත දිව ඔසුවක් වෙන මුරුංගා ගැන කතාවක්..
ශාරීරික දුර්වලතා ඇති කරන රෝගීතත්වයක් හෝ කාය ශක්තිය හීන වන අවස්ථාවක මුරුංගා මඟින් නැවත එම දුර්වලතා මඟ හැර ශරීර ශක්තිය වර්ධනය කර ගත හැකියි.. ඒ සදහා එවන් රෝග වැළදුන පුද්ගලයන්ට සහ කාය ශක්තිය වර්ධනය කරගත යුතු පුද්ගලයන්ට මුරුංගා හොදි හෝ මැල්ලුම් ආහරයට එක් කොට ගෙන තිබෙනවා.
එමෙන්ම ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ක්‍රියා කරන මුරුංගා ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරනවා.
පණු රෝග රාශියක් සඳහා මුරුංගා ගුණ ගෙන දෙන අතර එවන් රෝග ඇති අය දිනපතා වුවද මුරුංගා කොළ මැල්ලුමක් ලෙස ආහාරයට එක් කරගැනීම ඉතා සුදුසුයි.
මුත්‍ර පද්ධතිය ආශ්‍රිත රෝග, මුත්‍රා ගල් ආදියට ද මුරුංගා ගුණ දායකයි.
හෘද රෝග වලට ගුණදායකයි.
අස්ථි වර්ධනයට අවශ්‍ය පෝෂක රැසක් මුරුංගා කොළ වල අඩංගුයි. මුරුංගා කොළ මැල්ලුම කුඩා ළමුන්ට සහ ගැබිනි මාතාවන්ට ඉතා ගුණදායකයි.
ඇදුම, කැස්ස වැනි රෝග තත්වයන් ට ද ගුණදායකයි.
සැරව ගලන තුවාල සුව කරගැනීමට ද
ශ්‍රවණ පද්ධතිය ආශ්‍රිත රෝග නිවාරණයට ද
අධික තරබාරු කමින් මිදිමට ද
කුරුලෑ ලප කැලැල් දහඩිය බිබිලි නැති කරගැනීමට ද
සෙම් රෝග සදහා ද
ඉදිමුම්, තැලුම්, වේදනා නාශනයට ද
විෂබීජ නාශකයක් ලෙස ද මුරුංගා ඉතා ගුණදායකයි.
නිරෝගිමත් සාර්ථක දිවියකට එකතු කරගනිමු...
මුරුංගා කොළ 60g කට වතුර 200ml ද ලුණු සහ ගම්මිරිස් ස්වල්පයක් ද එක් කර තම්බා පානය කරන්න. අස්ථි රෝග වලට ඉතාමත් ගුණ දායකයි. (මුරුංගා කොළ වල ප්‍රෝටීන , විටමින් C, විටමින් B, බීටා කැරොටින් ,කැල්සියම් , මැග්නීසියම් ,කොපර්, යකඩ, ඛනිජ ලවණ, පොස්පරස් ආදි ගුණ රාශියක් අඩංගු වී ඇත.)
මුරුංගා කොළ එළගිතෙල් හෝ බටර් සමග තෙම්පරාදු කර ආහාරයට ගැනීම අස්ථි රෝග මෙන්ම මුත්‍රා ගල් නැසීමට ද උපකාරී වේ.
මුරුංගා කොළ හොඳින් වියළා කුඩු කරගන්න. එය දිනපතා තේ සාදන ආකාරයටම පානයක් ලෙස සකසා පානය කිරීමෙන් ශ්‍රවණ පද්ධතිය ආශ්‍රිත රෝගවලට ගුණයක් ගෙන දේ.
අමු මුරුංගා කොළ කොටා ඉස්ම තේ හැදි දෙකක් ගෙන එයට මී පැණි තේ හැන්දක් මිශ්‍ර කර එම ද්‍රාවණය තැඹිලි ගෙඩියක වතුර සමග හොඳින් මිශ්‍ර කර දිනකට උදේ , දිවා , හවස ලෙස තෙවරක් පානය කරන්න.එමගින් ඔබේ ආහාර ජීරණ ක්‍රියාවලිය ආශ්‍රිත රෝග වලට සුවය ලැබී වඩා කාර්‍යක්ෂම ලෙස ආහාර ජීර්ණය සිඳු වේ.
මුරුංගා කොළ මිටක් අඹරා එයට මුදවපු කිරි මේස හැදි කිහිපයක් එක් කර දිනපතා උදෑසන හිස් බඩට අහාරයට ගන්න. එය ඔබට ගැස්ට්‍රයිටිස් රෝගයෙන් මිදිමට මනා උපකාරයක් වනු ඇත.
මුරුංගා ගසේ පොතු මිටක් ගෙන එයට වතුර පත 4ක් දමා 1ට සිදුවා උදේ භාගයක් සහ සවස භාගයක් ලෙස පානය කරන්න. එය මුත්‍රා ගල් දිය වීමටත්, හොඳින් මුත්‍රා පිටවීමටත්, මුත්‍රා දැවිල්ල නැති කිරීමටත් උපකාරී වේ.
කොහොඹ කොළ සහ මුරුංගා කොළ සමව ගෙන අඹරා දෙහි යුෂ ස්වල්පයක් මිශ්‍ර කොට නැවත අඹරා ඇඟ ගැල්වීමෙන් දහදිය බිබිලි යටපත් වී සුවයක් ලැබේ.
ලුණු වරණ පොතු, අමුකහ සමව ගෙන අමු මුරුංගා පොතු යුෂයෙන් එය සියුම්ව අඹරන්න. (මුරුංගාදීලේපය) එය තැළුම්, ඉදිමුම් , වේදනා ඇති ස්ථාන වල ආලේපයෙන් සුවයක් අත් වේ.
මුරුංගා පොතු දෙහි ඇඹුලෙන් අඹරා ආලේපයෙන් අදාල ස්ථානයේ දෙඹර, බඹර, ගෝනුසු දෂ්ඨනයෙන් ඇති වූ විස නැසිය හැක.
මුරුංගා කොළ යුෂ තේ හැදි දෙකක් පුහුල් හෝ කැකිරි යුෂ වීදුවකට කවලම් කොට පානය කිරීමෙන් මුත්‍රා දැවිල්ල නැති වේ. හොඳින් මුත්‍රා පිට වේ.
මුරුංගා මුලේ පොත්ත කොටා මිරිකාගත් යුෂයට බුලත් කොළ යුෂ සහ අමු ඉඟුරු යුෂ තේ හැදි එක බැගින් ද මී පැණි තේ හැන්දක් පමණද එක් කර සති දෙකක් පමන පානය කරන්න. ඔබට උදේ සවස ඇතිවන සෙම් ගතිය පහව යනු ඇත.
ළපටි මුරුංගා ඇට මී පැණි සමග කෂායක් ලෙස පානයෙන් අධික තරබාරුව නැති කර ගත හැක.
මුරුංගා කොළ ස්වල්පයකට තල තෙල් සහ එළගිතෙල් ස්වල්පය බැගිම් මිශ්‍ර කර අඹරා ආලේපයෙන් සැරව ගලන තුවාල පිරිසිදු කර සුව කරගත හැක.
මුරුංගා ව්‍යංජන සහ මුරුංගා කොළ මැල්ලුම් ආහාරයට එකතු කර ගැනීමෙන් ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ද පාලනය කර ගත හැක.
මුරුංගා කරලේ ඇති ඇට වල අද්විතීය විෂබීජ නාශක ගුණය නිසා ඇතැම් රටවල අපවිත්‍ර ජලය පවිත්‍ර කිරීමට මුරුංගා ඇට යොදා ගන්නා බව ඔබ දන්නවාද....?
දරු සම්පත් සදහා මුරුංගා මල් හා කොළ එක් කර මුරුංගා තේ සාදන අකාරයට සාදා මී පැණි තේ හැන්දක් ස්මග නින්දට පෙර පානය කළ හැකිය.
මෙලෙස නිවසේ ඉතා පහසුවෙන් වගා කරගත හැකි මුරුංගා ඉතා ගුණදායක වෙනවා.. ස්වභාවික හේ ජීවිතයට එක්කර නිරෝගී ජීවිතයක් ගොඩනගාගන්න.. එමගින් කෘතිම දේට යොමු වීම අඩු වී ඔබගේ මිල මුදල් ද නිරෝගී භාවය ද යන අංශ දෙකම රැකගත හැකියි..

පහන්දි පෙරේරා - මුණු පොත;

තවත් තොරතුරු. 

මුරුංගා කරල්  - ග්‍රෑම් 100ක පෝෂණය

කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 3.7
ප්‍රෝටීන් ග්‍රෑම් 2.5
විටමින් A මයික්‍රොග්‍රෑම් 1100
විටමින් B1, මිලිග්‍රෑම් 0.05, B2 මිලිග්‍රෑම් 0.06, B3 - 0.2
විටමින් C මිලිග්‍රෑම් 120
කැල්සියම් මිලිග්‍රෑම් 30
මැග්නීසියම් මිලිග්‍රෑම් 24
පොටෑසියම් මිලිග්‍රෑම් 259
යකඩ මිලිග්‍රෑම් 5.3

මුරුංගා අමු පත්‍ර - ග්‍රෑම් 100ක පෝෂණය.

කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 13
ප්‍රෝටීන් ග්‍රෑම් 6.7
විටමින් A මයික්‍රොග්‍රෑම් 6800
විටමින් C මිලිග්‍රෑම් 220
විටමින් B 1 මිලිග්‍රෑම් 0.06, විටමින් B 2 මිලි ග්‍රැම් 0.05, විටමින් B 3 මිලි ග්‍රැම් 0.8කැල්සිම් මිලිග්‍රෑම් 440
මැග්නීසියම් මිලිග්‍රෑම් 24
පොටෑසියම් මිලිග්‍රෑම් 259
යකඩ මිලිග්‍රෑම් 7
විටමින් E මිලිග්‍රෑම් 448

මුරුංගා වියළි පත්‍ර පවුඩර්  ග්‍රෑම් 100ක පෝෂණය
කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 38
විටමින් C මිලිග්‍රෑම් 17.3
ප්‍රෝටීන් ග්‍රෑම් 27
කැල්සියම් මිලිග්‍රෑම් 2003
විටමින් A මයි‍ක්‍රොග්‍රෑම් 16,000
මැග්නීසියම් මිලිග්‍රෑම් 368
විටමින් B1 මිලිග්‍රෑම් 2.6, B2 මිලිග්‍රෑම් 20, B3 මිලිග්‍රෑම් 8.2
පොටෑසියම් මිලිග්‍රෑම් 1324
යකඩ මිලිග්‍රෑම් 28
විටමින් E මිලිග්‍රෑම් 113 

උපුටා ගැනීම
මුහුණු පොත ඇසුරෙන්... 

A day in the life

Saturday, February 15, 2025

ගිමන් හරින දියඹ දිගේ - ආචාර්ය අමරදේවයන් .

ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා... සඳ ආදරයෙන් අහස පුරා ර‍ටා මවනවා... හිත් දැහැනේ වෙලී තිබුණු නෙත් දෑලේ ගලා හැලුණු මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ... හිරු රහසේ කියා දුන්න ආදරයද මේ... නිල් කටරොළු නිල නැහැවුණ මල් බර මුදු සුව ‍රැඳවුණ තොල් පෙති කල් හඬගාලන ආදරයද මේ... නුඹ රහසේ කියාදුන්න ආදරයද මේ… පද රචනය -ජානක සිරිවර්ධන සංගීතය - අරුණ ගුණවර්ධන ගායනය - පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව "අග්නි" ටෙලිනාට්‍යයේ තේමා ගීතය

Friday, February 14, 2025

Love from your Valentine .


වැලන්ටයින් දිනය ලංකාවේ වෙළදපලට ගෙනාවේ එක්තරා මාධයක්. මාස ගානක් කෑගහලා කරපු ප්‍රචාරය නිසා එක් අවුරුද්දක් අපේ කොල්ලෝ කෙල්ලන්ට වැලන්ටයින් උන්මාදයක් වැළදිලා තිබුනත් අවුරුදු හතරපහක් වෙන කොට ඒ පිස්සුව යන්තරමකින් සුවපත් වෙලා තියෙනවා. අද වෙන කොට එදා තිබුන ගාය හොදටම අඩු වෙලා. 

ඇත්තෙන්ම වැලෙන්ටයින් දිනය වෙලෙන්දන් විසින් නිර්මාණය කර ගත් වෙළදාමක්. ලෝකය පුරා වැලන්ටයින් දිනය වෙනුවෙන් හුවමාරු වෙන මුදල ඩොලර් බිලියන ගණනක්. වැලන්ටයින් උණ ලෝක පරිමාණ බිස්නස් එකක්. 
1800 ගණන්වල මැසචූසෙටිස් ප්‍රදේශයේ හිටිය ඊස්තර් හොලන්ඩ්  කියන යුවතිය ගෙදරදි හැදුව වැලන්ටයින් කාඩ් වෙළෙඳපොළට එක් කලා. එදා සිට ව්‍යාප්ත වුන  වැලන්ටයින් කාඩ් ලෝකය පුරා බිලියන ගනනක් හුවමාරු වන්න පටන් ගත්තා. 

අද වන විට සන්නිවේදන ක්‍රමවේදයන් වෙනස් වෙලා නිසා අන්තර්ජාලය. ජංගම දුරකතනය ඔස්සේ හුවමාරු වෙන වැලන්ටයින් පණිවිඩ අසීමිතයි.
වැලන්ටයින් දිනය කියලා ගිරවු වගේ කියන සමහර උදවිය මොකක්ද මේ වැලන්ටයින් කියලා අහපුවම දෙන උත්තර හරියට ආදරවන්තයන්ගේ ප්‍රශ්න උත්තර වගෙයි. මේ වැලන්ටයින්කෙනෙකුට රෝමියෝ. තවත් කෙනෙකුට ටයිටැනික් නැවේ ගිය කෙනෙක්.  
වැලන්ටයින් දිනය ජාත්‍යන්තරව පෙබරවාරි 14 වෙනිදා ලෙස ප්‍රචලිත වුවත් වැලන්ටයින් දිනය බ්‍රසීලය  සලකන්නේ ජුණි 12 වෙනිදා ලෙසටයි.
ආදරයේ හා විවාහයේ දෙවඟන ලෙස පුරාණ රෝම දේව කථාවල සදහන් වන්නේ ජූනා දෙවගන. මීට අමතරව දෙව්ලොව රැජින හැටියට සැලැකුණෙත් ජූනා දෙවඟනයි. පුරාණ රෝමානුවන් සෑම වර්ෂයකම පෙබරවාරි 14 දා ජූනා දෙවඟන වෙනුවෙන් ප්‍රීති උත්සව පැවැත්වූවා.
මේ උත්සව සමයේදී තිබුණා තවත් අපූරු චාරිත්‍රයක්. රෝම යුවතියන් තම නම ලියපු තුණ්ඩුවක් භාජනයකට දානවා. ඒ භාජනයට අත දාලා රෝම තරුණයන් එක් එක් තුණ්ඩු කෑලි තෝරා ගන්නවා. හරියට ලොතරැයියක් අදිනවා වගේ. තමන්ගේ අතට ලැබුණු තුණ්ඩුවේ නම සඳහන් යුවතිය සමඟ තරුණයන් උත්සව සමය ගත කරන්නත් අවස්ථාව ලැබෙනවා. මෙහෙම අහම්බෙන් එකතු වුණු බොහෝ දෙනා නතර වුණේ ස්ථිර විවාහයෙන්. ජූනා දෙවඟන හා පෙබරවාරි 14 දිනය පෙම්වතුන්ට විශේෂ දිනයක් වුණේ ඒ විදිහට කියලයි සඳහන් වෙන්නේ. 
දෙවැනි ක්ලෝඩියස් කියන රෝම අධිරාජයාගේ රාජ්‍ය පාලන කාලයේ එක්තරා ඝාතනයක් නිසා මේ සිරිත  වෙනස් වුනා. 
දෙවැනි ක්ලෝඩියස් මහජනතාව අප්‍රිය කළ අධිරාජයෙක්.  ක්ලෝඩියස්ට බලවත් රෝම හමුදාවක් හදලා අනිත් රටවල් යටත් කරගන්න.අවශ්‍යතාවයක් තිබුනා. ක්ලෝඩියස්ට තිබුන තදියමට  තරුණයන් හමුදාවට බැඳෙන්න ආවේ නෑ. මේකට හේතුව ලෙස ක්ලෝඩියස් හදුනා ගත්තේ  තරුණයන් තමන්ගේ බිරිඳට හා පවුලට තදින් ආදරය කරන පවුලට බැඳෙන තත්ත්වයකට පත්වෙලා සිටින  නිසා ඔවුන් හමුදාවට බැඳෙන්න කැමති නැහැ කියලයි.  ඔහු පැනෙව්වා නියෝගයක්. කසාද බැඳීම තහනම් කියලා ! .
එහෙත් වැලන්ටයින් පූජකතුමා නැඟී සිටියා ක්ලෝඩියස්ට එරෙහිව. එතුමා මේ මානව හිමිකම උල්ංඝණයට එරෙහිව 
පෙම්වතුන්ට අනුශාසනා කරමින් ඔවුන් විවාහ දිවියට  ඇතුලත් කිරීමට එතුමා කටයුතු කලා. ඒත් එතුමාගේ  මේ මෙහෙවර කරගෙන යන්න පුළුවන් වුණේ ක්ලෝඩියස්ට ඒ ගැන ආරංචි වන තුරු පමණයි. දැන් වගේ රාජ්‍ය විරෝධ කටයුතු වල නිරත වෙනවා කියලා වැලන්ටයින් පූජකතුමාට  හිරේ වැටෙන්න සිද්ධ වුනා. 
එතුමාගේ   ආගමික විශ්වාස අතහැර දාන්න බල කළා. ඒත් එතුමා අචලව හිටියා. එහෙම හිරේ විලංගුවේ වැටුනහමත් වීරයෙක් වෙන්න කෙටි මගක් පෑදෙන නිසා වැලන්ටයින් පූජකතුමා පෙම්වතුන් ගේ ශුද්ධ වූ වීරයෙක් බවට පත්වුණේ් නිතැතින්මයි.
මේ අතර බන්ධනාගාර පාලකයාට හිටියා රූමත් දියණියක්. ඒත් ඇගේ දෑස් අන්ධයි. මේ තරුණියට නිදහස ලැබුණා වැලන්ටයින් පූජකතුමා එක්ක පැය ගණන් කතාකරන්න. ප්‍රතිඵලය වුණේ දෙදෙනා අතර භක්තිමත් බැඳීමක් හට ගැනීමයි.
ක්ලෝඩියස්වැලන්ටයින් තුමා එක්ක පෞද්ගලිකව සාකච්ඡා කරලා එතුමා තම මතයට නම්මා ගන්න  උත්සහාකලා. නමුත් වැලන්ටයින් පූජකතුමා ක්ලෝඩියස්ව තමන්ගේ මතයට නම්මා ගන්න බැරිවුනා. ඉන්පසුව ක්ලෝඩියස් ශාරීරිකව හිංසනයට පත්කරලා වැලන්ටයින් පූජකතුමා දුර්වල කරලා නම්මා ගන්න බැලුවා. එයත් අසාර්ථකවුනා. 
අන්තිමේදී වැලන්ටයින් පූජකතුමාගේ හිස ගසා මරා දමන්න ක්ලෝඩියස් අණ කළා. ඒ නියෝගය අනුව වැලන්ටයින් පූජකතුමා ක්‍රිස්තු වර්ෂ 270 පෙබරවාරි 14 දා. ඝාතනය කෙරුණා
පෙබරවාරි 14 වැලන්ටයින් පූජකතුමාගේ දෛවෝපගත දිනයක්. මොකද පුරාණ රෝම සිරිත අනුව ආදරයේ දෙවඟන ජූනා සමරන දිනය යෙදී තිබුණෙත් මෙදාටමයි. 

මෙයින් පසුව ආදරයේ නාමයෙන් ජූනා දෙවඟන ඉතිහාසයෙන් මැකී ගොස් ඒ තැන වැලන්ටයින් මුනිවරයාට ලැබුණා. මරණයෙන් පසු එතුමා ශාන්ත වැලන්ටයින් මුනිතුමා බවට පත්වුණා.
එතුමා බන්ධනාගතකර සිටි අවදියේ මුණ ගැසුන බන්ධනාගාර පාලකයාගේ දියණියට  තමා ඝාතනය කිරීමට පෙර ලියු ලිපිය අවසන් කලේ  ”Love from your Valentine”  කියායි. තවමත් ලෝකවාසී තරුන තරුණියන් එතුමාට ආදරේ කරනවා.
මමත් අද  වැලන්ටයින් දිනය සමරනවා. පෙබරවාරි 14 දා මගේ පියබද 73 වෙන උපන් දිනය සමරනවා !. 
ඉතින් මාත් විවාහයට වසර දෙකකට පමණ පෙර සිට ආදරවන්තයින්ගේ දිනය සමරන්නෙක් බවට පත්වු 👧👧👧නා.

 




A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon