නොවැම්බර 29 ……..
අම්මා අප අතරින් වෙන්වු දවස
එතුමිය අවුරුදු අනූඅටක් ආයු සම්පත් විද නිදුක් නිරෝගීව අපත් සමග සතුටින්
කාලය ගත කලා.
එක් හැන්දෑවක පපුවේ වේදනාවක අනතුර සදහන් කර සන්සුන්ව දෙනෙත පියා ගත්තා.
අම්මා අධිරාජිණියක්.
ඇයට පුංචි පාර්ලිමේන්තුවක් තිබුනා.
එය හරියට ජනරජ ව්‍යවස්ථාවට අනුව පාලනය වුන සිරිමාවෝ මැතිනියගේ පාලන ක්‍රමය වගේ.
දෙන්නම එකම ගමේ නොවැ.
තාත්තාට හිමිවුනේ ජනාධිපති ධුරය.
ඔහු අත්සන් කරනවා පමනයි.
අම්මා තමයි විධායකය සහ ව්‍යවස්ථාදායකය.
අපි යටත් වැසියෝ.
නවයක්…….
ලේසියෙන් ආංබාංකරන්න පුලුවන්යැ
කෙල්ලෝ තුන් දෙනෙක්.. කොල්ලෝ හය දෙනෙක් ..
මේ ඔක්කොම කර ගෙන අපිට කන්න බොන්න දීලා ලොකු මහත් කලා කියන එකත් විශිෂ්ඨයි.
මම ගෙදර ලොකු එකා ඊළගට නංගී.
අම්මා දුෂ්කරතා වින්දේ මේ කාලේ.
තාත්තා පුංචියට පටන් ගත්ත ව්‍යාපාරය ළදරු අවධියේ.
අපිට තිබුන සම්පත් සීමිතයි.
කන්න බොන්න අඩුපාඩුවක් නැතිව තාත්තා සැපයුවත් හරි හමන් ඉන්න හිටින්න තැනක් තිබුනේ නැහැ.
අම්මා මේවා සීරුවට කළමනාකරන්න කොයිතරම් වෙහෙසෙන්න ඇතිද කියලා හිතන්න පටන් ගත්තේ කර දඩු උස්මහත් වුනාට පස්සේ………..
දරටික පලාටික වතුර එක්රැස් කරගෙන අපි නඩේ බලා කියා ගන්න මාර යුද්ධයක් කරන්න ඇති.
තාත්තා ටිකින් ටික ගොඩනැගෙන විට..
වැටිලා ඉන්න ගෙවල් දොරවල් ලැබෙන කොට
ගෙදර පිරිස එකා දෙන්නා වැඩිවෙන කොට අම්මාට පහසුවට
ගෙදර අත් උදව්වට කවුරුන් හෝ හිටියා පස්සේ කාලෙක.
ඒත් අම්මාගේ වැඩ කටයුතු නම් අඩුවක් උනේ නැහැ.
ඈට නිසි පිලිවෙලට වැඩ ඕනි. කවුරු කලත් අඩුපාඩු. ඉතින් කොහොමද වැඩ අඩුවෙන්නේ ?.
කාලය ගෙවී යන කොට ගෙදර එකා දෙන්නා අඩු වෙන්න පටන් ගත්තා
හතී දීපංකරේ විසිර ගියා.
සිංහල අවුරුද්දට අම්මගේ සෙවනට එකතු වෙනවා.
ඒ අතර එකා දෙන්නා අම්මා බලන්න එනවා.
අම්මගේ සතුට…..දරුවන්ගේ පැමිණීම.
අම්මගේ දරුවෝ ඊට පස්සේ දරුවන්ගේ දරුවෝ.ඊටත් පස්සේ දරුවන්ගේ දරුවෝත් මෙහෙම පරම්පර තුනක්….පුතාලා දුවලා .මුණුපුරු මුණුපිරියෝ,මී මුණුපුරු මුණුපිරියෝ……..
අම්මගේ සතුට කොයිතරම් වෙන්න ඇත්ද ?.