Friday, February 21, 2025

හිරු මුදුන් වීමත් සමග.




ඉදිරි දින වලදී ඉර මුදුන් වීමත් සමග අදික ලෙස ගෝලීය උෂ්ණත්වය ඉහල යන්න පුළුවන් තද හිරු රෂ්මියත් අදික ලෙස ඇතිවිය හැකි ආර්ධතාවත් නිසා ශරීරයේ ඇතිවිය හැකි විජලනයත් උෂ්ණත්වය ඉහල යාමත් නිසා ඇති විය හැකි බයානක තත්වයක් තමයි මේක...(මරණය පවා සිදුවෙන්න පුලුවන්) ..ඉතින් කියවල බලල චුට්ටක් දැනුවත්ව ඉන්න ...මේක මම මීට පෙරත් පල කලා නැවත මතක් කරන්න ඕන නිසා දැම්මෙ..
ගොඩක් දරුවන් මෙන්ම වඩාත් වැඩිහිටි පුද්ගලයින් ඉක්මනින්ම මේකට ගොදුරු වෙන්න පුලුවන් එම නිසා එලි මහලේ වැඩ කරන වැඩි හිටි පුද්ගලයන් වෙහෙස කාරී රාජකාරී වලින් ඈත් වී ඉන්න පුලුවන් නම් ගොඩක් හොදයි ..ඒ වගේම එලි මහනේ උස් ඉස්තාන වල රාජකාරි නොකනවානම් ඒවගෙනුත් ඉවත් වී හෝ වඩා ආරක්ෂිතව කඩින් කඩ වැඩ වල යෙදනවානම් වඩාත් හොදයි..ඒ වගේම තමයි පාසල් වල ඇති ක්‍රීඩා උත්සව පුහුණු වීම් ආදිය ක්‍රමානුකූලව කිරීමටත් වගබලා ගන්නවානම් ගොඩක් හොදයි දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්.....අපි බලමු මේක හැදීගෙන එනකොට මූලික අවස්තාවේ ( Heat Exhaustion) ඇතිවන රෝග ලක්ෂණ මොනාද කියල..කෙටියෙන් පැහැදිලි කරන්නම් ...
අදික පිපාසය
කලාන්ත ගතිය
අදික ලෙස දහඩිය දැමීම
හිස රදය
ඔක්කාරය
අගේ අදික උණුසුම් ගතියක් දැනීම
මස් පිඩු පෙරලීම
මෙම මූලික අවස්තාව එතරම් බයානක නොවන අතර නමුත් මෙම මූලික ලක්ෂණ එන අවස්තාවේම ...ඉක්මනින්ම ජලය පානය කිරීම මදක් ලුණු ස්වල්පයක් දමා ජලය පානය කිරීම..තැඹිලි වතුර ..ඔරෙන්ජ්,ජූස් ..දෙහි වගේ දෙයක් ලොකුවටම ඇඹුල් ගතිය නැතිව හොදට හදල... ...සහ සෙවන ස්තානයකට ඇවිත් ඇදගෙන ඉන්න ඇදුම් සැහැල්ලු කොට බොත්තම් ගලවා දමා ශරීරය වාතයට නිරාවරනය වෙන්න සලස්වා පොළවට සමාන්තරව වැතිර සිටින්න ..පුලුවන් නම් ශරීරය ජලයෙන් තෙමන්න.. ...ඔබ ඉහත ආපු රෝග ලක්ෂණ නොතකා දිගටම ඔබ කරන කර්තව්‍යය කරගෙන යාමෙන් හෝ මූලික අවස්තාවේදී හරි හැටි ප්‍රථමාධාර ටික රෝගියාට නොලුබීමෙන් දෙවන අවස්තාව වන Heat stroke හෙවත් තාප ආඝාතය නැමති බයානක තත් වයට පත් විය හැක...එහි දී ඇතිවන රෝග ලක්ෂණ නම්
ශරීරයේ කිසිම දහඩිය ගතියක් නොමැත
රෝගියාට පිට දිගට ආශ්‍රිතව සහ ශරීරය සීතලව දැනේ...
උණ බැලුවොත් ෆැරන්ඩ් හයිට් 104 f සෙල්සියස් නම් 40 C උෂ්නත්වයක් උණ කට්ටේ පෙන්වයි..
රෝගියාගේ නාඩි වේගවත්ව පෙන්වයි
වමනය යාමක් සිදුවිය හැක
රෝගියා කලාන්ත ගතියක හෝ මද සිහි ගතියක් පෙන්නුම් කරයි..ගොඩක් දෙනෙක් විකාරෙන් කියවයි ...(තමන්ගේ නමවත් මතක නැති තරමට)
සමහරක් නොසන්සුන් ගතියක් පෙන්නුම් කරයි
. මෙන්න මේ තත්වය ඇතිව දුටුවහොත් ඉක්මනින්ම ඔහුගේ ශරීරයේ ඇති ඇදුම් ඉවත් කොට හොදින් වතුරෙන් තෙමන ගමන් හැකි ඉක්මනින්ම ලගම තියෙන රෝහලක් වෙත රැගෙන යන්න වග බලා ගන්න එමගින් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි වනු ඇත.......
එම නිසා ඉදිරි දින වල පුලුවන් තරම් සැහැල්ලු ඇදුම් වලින් සැරසීමෙන් සහ පුලුවන් තරම් එළි මහලේ වැඩ කරන අය තද පාට ඇදුම් නැතිව ලා පාටට හුරු ඇදුම් වලින් සැරසී ඉන්න ...ඒ වගේම හොදින් වතුරබොන්න නිතරම තැඹිලි වතුර වගේ දේවල් බාර්ලි වගේ දේවල් පානය කරන්න ....මෙම තත්ත්වය කෙසේත්ම සුලුවට තකන්නම එපා කියන්න ඕනම නිසයි මේ ටික ලියල ඔයාල දැනුවත් කරන්න ඕන කියල හිතුනෙ ...
✍️
සේනක නලින් .....

A day in the life

Wednesday, February 19, 2025

"ජේ. වී. ස්ටාලින් 1879-1953.





ලෙනින්ගේ සිරුර ළගින් ඉවත් කර කිසිදු ආචාරයක් නොමැතිව ක්රෙම්ලින් තාප්පය අසල වළලනු ලැබූ දෙවැනි ලෝක යුද්ධය ජයග්රහණය සඳහා ගෙන ගිය අසහාය නායකයා ජෝෂප් ස්ටාලින් .
වසර 7 ක් තිස්සේ ලෙනින්ගේ සොහොන් ගෙය තුළ ලෙනින් සමග තැන්පත් කර තිබු ස්ටාලින්ගේ සිරුර එයින් ඉවත් කර සාමාන්ය කෙනෙකු ලෙස කිසිදු ගෞරවයක් නොමැතිව භූමදානය කරේ ඇයි..?
1924 දී ව්ලැඩිමීර් ලෙනින් මිය යන විට රුසියාවේ බොල්ෂෙවික් විප්ලවයේ නායකයා එම්බාම් කර ක්රෙම්ලින් තාප්පය ඉදිරිපිට විශේෂ සොහොන් ගෙයක තැන්පත් කරන ලදී. වීදුරු ආවරණයක් සහිත සොහොන් ගෙය සෝවියට් රුසියාවේ පියා සියලු පරම්පරාවන්ට දැකගත හැකි විය.
සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව දශක තුනක් පුරා යකඩ හස්තයකින් පාලනය කළ සෝවියට් නායකයා ලෙස ලෙනින් පත් විය. කෙසේ වෙතත්, දෙවන ලෝක සංග්රාමයේදී ජර්මානු ආක්රමණිකයින්ට එරෙහිව දැඩි ජයග්රහණයක් ලබා ගැනීමට ස්ටාලින් තම රට ගෙන ගිය අතර 1953 දී මිය යන විට ඔහු ලෙනින් සමඟ ඔහුගේ සොහොනට ගියේය. කෙසේ වෙතත්, ස්ටාලින්ගේ මරණයෙන් වසර කිහිපයක් ඇතුළත, සෝවියට් බලධාරීන් ඒකාකාරී ලෙස ස්ටාලින් කුරිරු නායකයේක් ලෙස හෙළා දුටුවේය.
ස්ටාලින් වසර 30 කට ආසන්න කාලයක් සෝවියට් සංගමයේ ඒකාධිපති පාලකයා විය. සාගතයෙන් හා විරුද්ධ දේශපාලන පක්ෂ පවිත්ර වීමෙන් මිලියන සංඛ්යාත ජනයාගේ මරණයට ඔහු දැන් වගකිව යුතු යැයි සලකනු ලැබුවද 1953 මාර්තු 6 වන දින සෝවියට් සංගමයේ ජනතාවට ඔහුගේ මරණය ප්රකාශයට පත් කළ විට බොහෝ දෙනෙක් හඬා වැලපුණහ.
ස්ටාලින්ගේ දේහය හෙදියක් විසින් සෝදා පසුව සුදු පැහැති මෝටර් රථයකින් ක්රෙම්ලින් මෘත ශරීරාගාරයට ගෙන යන ලද අතර එහිදී මරණ පරීක්ෂණයක් සිදු කරන ලදී. මරණ පරීක්ෂණයෙන් පසුව ස්ටාලින්ගේ දේහය එම්බාම් කිරීමෙන් පසු දේහය තාවකාලික ප්රදර්ශනයට ඓතිහාසික හවුස් ඔෆ් යූනියන්ස් හි බෝල්රූම් ශාලාවේ තැබුවේය. දහස් ගණනක් ජනයා ඇදී එන්නට විය.ස්ටාලින් හට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි සෙනග කොතරම් අවුල් සහගතද යත් සමහර අය පාගා දමනු ලැබූ අතර තවත් සමහරු රථවාහන ලයිට් වලට පහර දුන්හ. පසුව කල ඇස්තමේන්තුවේදී ස්ටාලින්ගේ මෘත දේහය පිළිබඳ දර්ශනයක් ලබා ගැනීමට උත්සාහ කරමින් පොරබැදිම තුළ මිනිසුන් 109 දෙනෙකුට ජීවිත අහිමි වූ බවට ගණන් බලා තිබේ. නමුත් සැබෑ මරණ සංඛ්යාව දහස් ගණනක් විය හැකි බවයි.
මාර්තු 9 වන දින මිනී පෙට්ටිය ශාලාවේ සිට දේහය චාරිත්රානුකූලව මොස්කව්හි රතු චතුරශ්රයේ පිහිටි ලෙනින්ගේ සොහොන වෙත අශ්ව කරත්තයක ගෙන ගියහ.
ස්ටාලින්ගෙන් පසු කථා තුනක් පමණක් කරන ලදී.සෝවියට් දේශපාලනඥයෙකු වූ ජෝර්ජි මැලෙන්කොව්, සෝවියට් ආරක්ෂක ප්රධානී සහ රහස් පොලිසියේ ලැව්රෙන්ටි බෙරියා සහ සෝවියට් දේශපාලනඥයෙකු හා රාජ්ය තාන්ත්රිකයෙකු වන වියචෙස්ලාව් මොලොටොව් විය. ඉන්පසු කළු සහ රතු සිල්ක් වලින් ආවරණය කර ඇති ස්ටාලින්ගේ මිනී පෙට්ටිය සොහොන තුළට ගෙන යන ලදී. දහවල් වන විට සෝවියට් සමූහාණ්ඩුව පුරා මහ හඬක් නැඟුණි. ස්ටාලින්ට ගෞරව කිරීම සඳහා විස්ල්, සීනු, තුවක්කු සහ සයිරන් පුපුරුවා හරින ලදි.
සොහොන් ගෙය මුදුනේ ටොන් 48 ක කළු ගල මත මුලදී “L-E-N-I-N” අක්ෂර ලියා තිබුණි. එබැවින් බලධාරීන් එය කඩිමුඩියේ පින්තාරු කර “L-E-N-I-N” යට “S-T-A-L-I-N” ලිවීය.

1924 දී ලෙනින් මිය යන විට සංකීර්ණ ක්රියාවලියකින් ඔහුගේ සිරුර ඉක්මනින් එම්බාම් කරන ලදී. නමුත් 1953 දී ස්ටාලින් මිය යන විට ඔහුගේ සිරුර එම්බාම් කරන ලද්දේ වෙනස් ක්රියාවලියකින් එයට මාස කිහිපයක් ගතවීමෙනි.1953 නොවැම්බරයේදී ස්ටාලින්ගේ මරණයෙන් මාස හතකට පසු ලෙනින්ගේ සොහොන නැවත විවෘත කරන ලදී. ස්ටාලින් සොහොන් ගෙය තුළ වීදුරු යට විවෘත මිනී පෙට්ටියක ලෙනින්ගේ සිරුර අසල ස්ටාලින්ගේ සිරුර තැන්පත් කරන ලදී.
ස්ටාලින්ගේ මරණයෙන් පසු සෝවියට් පුරවැසියන් ඔවුන්ගේ මිලියන සංඛ්යාත රටවැසියන්ගේ මරණයට වගකිව යුතු බව පිළිගැනීමට පටන් ගත්හ. කොමියුනිස්ට් පක්ෂයේ පළමු ලේකම් (1953-1964) සහ සෝවියට් සංගමයේ අග්රාමාත්ය (1958-1964) නිකිටා කෘෂ්චෙව් ස්ටාලින්ගේ ව්යාජ මතකයට එරෙහිව මෙම ව්යාපාරයට නායකත්වය දුන්නේය. කෘෂ්චෙව්ගේ මෙම ප්රතිපත්ති "ඩි-ස්ටැලින්කරණය" ලෙස ප්රසිද්ධ විය.
ස්ටාලින්ගේ මරණයෙන් වසර තුනකට පසු 1956 පෙබරවාරි 24-25 දිනවල කෘෂ්චෙව් 20 වන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයේ දී දේශනයක් පැවැත්වූ අතර එය ස්ටාලින් වටා ඇති ශ්රේෂ්ඨත්වය බිඳ දැමීය. මෙම රහස් කථාවේ කෘෂ්චෙව් ස්ටාලින් කළ බොහෝ කුරිරුකම් හෙළි කළේය.

වසර පහකට පසුව ස්ටාලින් ගෞරවනීය ස්ථානයන් ඉවත් කිරීමට තීරණය විය. 1961 ඔක්තෝම්බර් මාසයේ පැවති 22 වන පක්ෂ සම්මේලනයේදී මහලු බොල්ෂෙවික් විප්ලවයට කැපවූ කාන්තාවක් සහ පක්ෂ නිලධාරියෙකු වන ඩෝරා අබ්‍රමොව්නා ලාසුර්කිනා නැගී සිට මෙසේ පැවසීය.
"සහෝදරවරුනි මට ඉතාමත් දුෂ්කර අවස්ථාවන්ගෙන් බේරීමට හැකි වූයේ මා ලෙනින් මගේ හදවතට ගෙන ගිය නිසාත් මම කුමක් කළ යුතුද යන්න පිළිබඳව නිතරම ඔහුගෙන් උපදෙස් ලබා ගත් නිසාත් ය. ඊයේ මම ඔහුගෙන් උපදෙස් ලබා ගතිමි. ඔහු ජීවතුන් අතර සිටිනවාක් මෙන් මා ඉදිරිපිට සිටගෙන සිටියේය. පක්ෂයට මෙතරම් හානියක් කළ ස්ටාලින් ඔහු අසල සිටීම අප්‍රසන්න ය"
මෙම කථාව සැලසුම් කර සිදු තිබුණද එය ඉතාමත් ඵලදායී විය. කෘෂ්චෙව් පසුව ස්ටාලින්ගේ දේහය ඉවත් කරන ලෙස නියෝගයක් කියවීය.
දින කිහිපයකට පසු 1917 ඔක්තෝබර් විප්ලවයේ සංවත්සරය සනිටුහන් කරමින් නොවැම්බර් 7 වන දින පැවැත්වීමට නියමිත පෙළපාළිය සඳහා සූදානම් වීම නිසා ඔක්තෝබර් 31 වන දින රතු චතුරශ්‍රය වසා දමන ලදී. චතුරස්රයේ කිසිවක් කිසිවෙකුට නොපෙනේ.
සියලුම සැරසිලි සහ සම්මාන ස්ටාලින්ගේ ජැකට්ටුවෙන් ඉවත් කරන ලදි. රන් බොත්තම් සහ එපෝලට් පවා ඉවත් කර ඇත. ස්ටාලින්ගේ ඥාතීන් පැමිණ සිටියේ නැත. ඔහුගේ සිරුර ලී මිනී පෙට්ටියක තැන්පත් කර ස්ටාලින්ගේ සිරුර නිහඬව සොහොන් කොතෙන් ගෙන යනු ලැබීය.උත්සව හෝ රසික රසිකාවියන් සිටියේ නැත.
ඔහුගේ දේහය සොහොන් පිටියේ සිට අඩි 300 ක් පමණ දුරින් රුසියානු විප්ලවයේ අනෙකුත් සුළු නායකයින් අසල තැන්පත් කරන ලදී. එය ක්‍රෙම්ලින් තාප්පයට ආසන්නව පිහිටා ඇත.සති කිහිපයකට පසු සරල අඳුරු කළුගල් ගලක් සොහොන මූලික අකුරු වලින් සලකුණු කළේය: "ජේ. වී. ස්ටාලින් 1879-1953." 
1970 දී සොහොනට කුඩා පඳුරක් එකතු කරන ලදී. 
අවමංගල්‍ය සේවයක්, වාද්‍ය වෘන්දයක් හෝ ආචාරයක් නොමැතිව ක්‍රෙම්ලින් තාප්පය අසල වළලනු ලැබූ එකම පුද්ගලයා ස්ටාලින් ය.

Indika Kumara / පොත්පත් කියවමු.

උපුටා ගැනීමකි.

A day in the life

Tuesday, February 18, 2025

ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා.


ජීවතුන් අතර සිටියත් නැතත්, උගත්කමට අභියෝග කළ නොහැකි සැබෑ උගත්තු...
ලලිත් ඇතුලත්මුදලි මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ සිටි ලොව පිළිගත් කීර්තිමත් උගතෙකි..
රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ ඔහු දක්ෂතම ශිෂ්‍යයෙක් වශයෙන් ලැබූ සම්මාන සම්බන්ධ නම් තවමත් රාජකීය විදුහලේ ශාලාවේ පුවරුවේ ඇත..
පාසල් සමයේ ඔහු දක්ෂ මළල ක්‍රීඩකයෙක් වූ අතර සමස්ත ලංකා තරග වල කඩුලු පැනීමේ ශූරයා වී ඇත.. ඒ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සහිතවය..
උසස් අධ්‍යාපනය සඳහා ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළු වූ ලලිත් ඇතුලත් මුදලි
ශ්‍රී ලාංකික නාමය එහි නොමැකෙන සේ සටහන් කළ විශිෂ්ටතම කීර්තිමත් ශිෂ්‍යයෙකි..
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මළල ක්‍රීඩා සංගමයේ සාමාජිකයෙකු ඔහු ඔක්ස්ෆර්ඩ් සංගමයේ පුස්තකාලයාධිපති ධුරයද දැරුවේය....
එමෙන්ම ඔක්ස්පර්ඩ් සංගමයේ භාණ්ඩාගාරික ලෙස තේරී පත්වූ ඔහු ඊළඟ වසරේ ඔක්ස්ෆර්ඩ් සංගමයේ ලේකම් වශයෙනුත්
( ඊට පෙර එම තනතුර දැරූ ශ්‍රී ලාංකිකයා වූයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩි බණ්ඩාරනායක මහතාය)
එක් දහස් නවසිය පනස් අට වසරේ ඔක්ස්ෆර්ඩ් සංගමයේ සභාපතිවරයා වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවටත් පත්විය..
එවකට බ්‍රිතාන්‍ය අගමැතිවරයා වූ හැරල්ඩ් මැක්මිලන් සමග ඔක්ස්ෆර්ඩ් සංගමයේ සභාපතිවරයා වශයෙන් ඔහු සාකච්ඡා වලටද සහභාගි විය..
ඒ සරසවි සිසුවෙකු වශයෙනි...
ඔහු වයස අවුරුදු විසි තුනේදී,
නීති විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියද ,
(Lord Sanky ත්‍යාගයද සමඟින්)
සිවිල් නීතිවේදී පශ්චාත් උපාධියද,
ලබා ඔක්ස්පර්ඩ් සරසවියේ ආචාර්යවරයකු වශයෙන් සේවය කරමින් සිටියේය..
වයස අවුරුදු විසි හතරේදී සිංගප්පූරුවේ මලයා විශ්ව විද්‍යාලයේ සහාය කථිකාචාර්වරයෙකු වශයෙන් සේවයට තෝරා ගත් ඔහු ඉන් වසර දෙකකට පසුව එහි නීති පීඨයේ නියෝජ්‍ය පීඨාධිපති තනතුරට ද පත්විය..
ඊශ්‍රායලයෙහි හීබෲ විශ්ව විද්‍යාලයෙන් ලැබුණු ආරාධනයක් මත එහි ආගන්තුක කථිකාචාර්යවරයෙකු ලෙස Visiting Lecture ටික කලක් සේවය කිරීමටද ලලිත් ඇතුලත්මුදලි මහතා කටයුතු කළේය..
පසුව ඔහු ඇමරිකාවේ හාවඩ් සරසවියට ඇතුළු වූයේ නීතිය පිළිබඳ LLM පශ්චාත් උපාධිය සඳහායි..
නීතිය පිළිබඳ පශ්චාත් උපාධිය සඳහා ලලිත් ඇතුලත්මුදලි ඉදිරිපත් කළ පර්යේෂණ නිබන්ධයට "ඒ" ශ්‍රේණියේ විශිෂ්ට සාමාර්ථයක් ප්‍රදානය කළ අතර එයට ඒ සඳහා ලැබුණු ලකුණු සංඛ්‍යාවේ ප්‍රතිශතය සියයට අසූ තුනකි..
එම ලකුණු ලබා දී තිබුණේ එහි ප්‍රධානියා වූ මහාචාර්ය ටොම් ස්මිත්ය..
අනිකුත් පරීක්ෂකවරුන් අසා තිබුණේ මේ පුද්ගලයා ඉතාම විශිෂ්ට විද්වතෙක් බව ඇත්ත .. නමුත් ඔහුට සියයට අසූ තුනක් තරම් වැඩිම ලකුණු සංඛ්‍යාවක් දුන්නේ කෙසේද යන්නයි..
"ඔබ ඔහුගේ විශිෂ්ඨත්වය පිළිගන්නවා නම් එහි ඇත වැරැද්ද කුමක්ද" යන්න මහාචාර්යවරයා පෙරලා විමසා ඇත..
හාවඩ් නීති පීඨයේ ඉතිහාසයේ කිසිම කිසිදාකවත් එපමණ ලකුණු සංඛ්‍යාවක් කිසිවෙකුට ලබාදී නැත..
"ඇමෙරිකාවේ කීර්තිමත්ම විනිශ්චයකරුවෙකු වූ ව ෆීලිප් ෆ්‍රැන්ක්ෆර්ට් මහතාවත් එපමණ ලකුණු ලැබී නෑ..
ලෑන්ඩ් හෑන්ඩ් විනිසුරුතුමා ලබා තිබුණෙත් මීට වඩා අඩු ලකුණු සංඛ්‍යාවක්.."
අනික් ආචාර්යවරු තර්ක කරද්දී මහාචාර්ය ය ටොම් ස්මිත් පවසා තිබුණේ
" ඔබ ඉදිරිපත් කරන සියලු තර්ක වලින් තහවුරු කෙරෙන්නේ මගේ ලකුණු දීමේ යුක්ති සහගත සාධාරණ සහේතුක භාවයයි.
ලලිත් ඇතුලත් මුදලි තරුණයා නීති විෂයෙහි ෆීලිප් ප්‍රැන්ක්ෆර්ට් තරම්ම ප්‍රවීණයෙක්..
ඔහු තම නිබන්ධයෙන් තුලනාත්මක නීති ක්ෂේත්‍රයට නව සිද්ධාන්තයක් එක් කර තිබෙනවා.."
ලලිත් ඇතුළත් මුදලි මහතාගේ එල් එල් එම් සඳහා ඔහු ඉදිරිපත් කළ නිබන්ධය හාවඩ් විශ්ව විද්‍යාල නිබන්ධ පුස්තකාලයේ නිත්‍ය සංචිතයට permanent collection එක් කර තිබෙනවා..
ලී ක්වාන් යූ සිංගප්පූරුව වෙනස් කරමින් ඉදිරියට ගෙන යාමට තැනූ මුල්ම කැබිනට් මණ්ඩලයට ලලිත් ඇතුලත් මුදලි මහතාගේ සිංගප්පූරු සරසවියේ ගෝලයන් කිහිපදෙනෙක්ම එක් කරගෙන තිබෙනවා..
වරක් ශ්‍රී ලංකාවට පැමිණි සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලීක්වාන් යූ මෙරට ජනපති ජේ.ආර්. ජයවර්ධනට පැවසූයේ
"ලලිත් ඔබේ අමාත්‍ය මණ්ඩලයේ නොසිටින්නේ නම් සත්තකින්ම ඔහු මගේ අමාත්‍ය මණ්ඩලයට එක් කරගන්නවා. ඔහුගේ ගෝලයන් මගේ ඇමතිවරුන් ලෙස කටයුතු කරනවා. ඔවුන්ගේ ගුරුවරයාත් මට එකතු වෙනවා නම් මා වඩාත් කැමතියි" යනුවෙනි..
සිය දේශපාලන දිවියේ දැවැන්ත අභියෝග රැසක් මැද විසල් මෙහෙයක් ඉටුකළ මේ විශිෂ්ට ශ්‍රී ලාංකිකයා තමා ඉගෙනුම ලැබූ අවධියේ අධ්‍යාපනයට වියදම් සොයා ගැනීමට ඇති වූ අසීරුතා සිහි කරමින් මෙරට සරසවි සිසුන්ට මහපොළ ශිෂ්‍යත්වය නිර්මාණය කිරීමට කටයුතු කළා..
ඒ ශිෂ්‍යත්වය ලබාගන්නා සරසවි සිසුන්, සහ ලබාගත් සරසවි සිසුන් කී දෙනෙකුට මේ ශ්‍රේෂ්ඨ මිනිහා පිළිබඳ මතකයක් අවබෝධයක් තිබේදැයි මා දන්නේ නෑ..
වරක් සරසවි බිමක එතුමාගේ පිළිරුවක් තැනීමට සූදානම් වූ මොහොතක එයට සරසවි සිසුන් විරෝධය පළ කළ බවක් නම් මට මතකයි..
එය අදටත් මහපොළ ශිෂ්‍යත්වය ආර්ථික ගැටලුවලින් පෙනෙන සරසවි සිසුන්ට මහත් පිටුවහලක්..
මෙරට වරායේ ස්වර්ණමය දියුණුව ඇති වූයේද ඇතුළත්මුදලි මහතා වරාය ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේ..
ලොව වඩාත්ම මෙහෙයුම් සිදුකරන වරායක් බවට කොළඹ වරාය පත් කිරීමට ඔහු සමත් වුණා..
ජාතික ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ත්‍රස්තවාදයට එරෙහිව නොබියව යුධ මෙහෙයුම් කිරීමට නායකත්වය දුන් ඔහු වඩමරච්චි මෙහෙයුම පවතින සමයේ ජාතික ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළා..
යුද පිටියේ ඒ යමින් සෙබළුන් ධෛර්මත් කිරීමටත් උතුරු නැගෙනහිර මායිම් ගම්මාන වල ඇවිදිමින් එහි ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමටත් ඔහු දැඩි උනන්දුවක් ගත්තා..
එදා ඉන්දියානු බලපෑමට යටත්ව එම මෙහෙයුම් නතර කර දමා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමටද ඔහු ප්‍රසිද්ධියේම විරුද්ධ වුණා...
පුරුද්දකට මෙන් අපේ සමහරු මෙවැනි නායකයන්ටත් විවිධ චෝදනා කරනවා..
කෙසේ වෙතත් ඔවුන් කළ මෙහෙය පිළිබඳව ජාත්‍යන්තරයේ ඔවුන් තැබූ ශ්‍රී ලාංකික නාමය පිළිබඳව වැඩිපුර කතා කරන්නේ නැහැ..
මෙතුමන්ලාගේ සුදුසුකම් පිළිබඳව විමසා හොයා බලන්නට හේතුවක් නැත්තේ අදටත් ඔවුන් උසස් අධ්‍යාපනය ලැබූ ලෝකයේ විශිෂ්ට සරසවි වල ඔවුන්ගේ නම් පුවරුවලම සඳහන් වීම නිසයි..
විශේෂයෙන්ම ලලිත් ඇතුලත් මුදලි අධ්‍යාපනය තුළින් ලෝකය ජයගත් විශිෂ්ටතම ගමනක යෙදුනා පමණක් නොව සිය උගත්කම හැකියාව ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක කිරීමට තරම් ප්‍රායෝගික මිනිසෙකුද වුණා..
එල්ටීටීඊ ත්‍රස්තවාදය හෝ දකුණේ ත්‍රස්තවාදය යන දෙකෙන් එකක් විසින්,
මේ රටේ අනාගතය වෙනස් කිරීමට තරම් හැකියාවක් දැනුමක් වැඩපිළිවෙලක් පෞරුෂයක් නායකත්වයක් තිබූ මේ විශිෂ්ට ශ්‍රී ලාංකිකයාගේ ජීවිතය උදුරා ගත්තේය..
මල් පාරේ එතුමාගේ නිවසේ තබා තිබුණු දේහයට මධ්‍යම රාත්‍රියේ පෝලිමේ ගොස් අවසන් ගෞරව දැක්වූ මම එහි අදහස් ප්‍රකාශ කරන්න තිබූ පොතක ලියූ වැකිය අදටත් මතකයි..
" ඔබට මේ බිහිසුණු ඉරණම අත්කර දෙන්නට මූලික වූ පුද්ගලයන්ට මෙයට වඩා බිහිසුණු ඉරණමකට අපේ දෑස් ඉදිරිපිටම ලක්වෙනවා දකින්නට ලැබේවා.." එදා මා එහි තැබූ සටහනයි..
ඒ ප්‍රාර්ථනය නම්, නම් ඒ කාලයේදීම හෝ එයට වසර දහසයකට පසුව හෝ ඉටුවුන බවක් හැඟෙනවා..
එතුමාට සිය අවසන් ගෞරවය දක්වන්නට එදා බොරැල්ල කනත්තට එක් වූ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් අතර සිටි මමද,
එවකට තිබුණු අත්තනෝමතික පාලනය විසින් ,
එම අවමගුල් උත්සවයට එල්ල කරනු ලැබූ කඳුළු ගෑස් වලින් පීඩා විඳිමින් ,
කිලෝමීටර පහක් හයක් දුරින් වරාය භූමියේ තිබුණු දෙපාර්තමේන්තු විවේකාගාරයට මගේ මිතුරෙකු වූ දයාරත්න බෝපගේ සමග පයින්ම පැමිණි ආකාරයද මතකයි..

නිරෝෂා හේමන්ති.- ලොවෙන් බිදක්.
....ලාල් ද අල්විස්......✍️
මහතාගෙන් උපුටා ගැනීමකි ස්තුතියි
A day in the life

Sunday, February 16, 2025

මුරුංගා - හුරා කෑමට ලක්වන.



රෝග රැසකටම දිව ඔසුවක් වූ විශ්මිත ගුණ ඇති මුරුංගා.....
හෝගෙවත්තේම පහසුවෙන් වගා කරගත හැකි මුරුංගාවල මේ තරම් ගුණ අඩංගු බව ඔබ දැන සිටියා ද?
මේ කියන්න යන්නේ විශ්මිත දිව ඔසුවක් වෙන මුරුංගා ගැන කතාවක්..
ශාරීරික දුර්වලතා ඇති කරන රෝගීතත්වයක් හෝ කාය ශක්තිය හීන වන අවස්ථාවක මුරුංගා මඟින් නැවත එම දුර්වලතා මඟ හැර ශරීර ශක්තිය වර්ධනය කර ගත හැකියි.. ඒ සදහා එවන් රෝග වැළදුන පුද්ගලයන්ට සහ කාය ශක්තිය වර්ධනය කරගත යුතු පුද්ගලයන්ට මුරුංගා හොදි හෝ මැල්ලුම් ආහරයට එක් කොට ගෙන තිබෙනවා.
එමෙන්ම ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ක්‍රියා කරන මුරුංගා ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරනවා.
පණු රෝග රාශියක් සඳහා මුරුංගා ගුණ ගෙන දෙන අතර එවන් රෝග ඇති අය දිනපතා වුවද මුරුංගා කොළ මැල්ලුමක් ලෙස ආහාරයට එක් කරගැනීම ඉතා සුදුසුයි.
මුත්‍ර පද්ධතිය ආශ්‍රිත රෝග, මුත්‍රා ගල් ආදියට ද මුරුංගා ගුණ දායකයි.
හෘද රෝග වලට ගුණදායකයි.
අස්ථි වර්ධනයට අවශ්‍ය පෝෂක රැසක් මුරුංගා කොළ වල අඩංගුයි. මුරුංගා කොළ මැල්ලුම කුඩා ළමුන්ට සහ ගැබිනි මාතාවන්ට ඉතා ගුණදායකයි.
ඇදුම, කැස්ස වැනි රෝග තත්වයන් ට ද ගුණදායකයි.
සැරව ගලන තුවාල සුව කරගැනීමට ද
ශ්‍රවණ පද්ධතිය ආශ්‍රිත රෝග නිවාරණයට ද
අධික තරබාරු කමින් මිදිමට ද
කුරුලෑ ලප කැලැල් දහඩිය බිබිලි නැති කරගැනීමට ද
සෙම් රෝග සදහා ද
ඉදිමුම්, තැලුම්, වේදනා නාශනයට ද
විෂබීජ නාශකයක් ලෙස ද මුරුංගා ඉතා ගුණදායකයි.
නිරෝගිමත් සාර්ථක දිවියකට එකතු කරගනිමු...
මුරුංගා කොළ 60g කට වතුර 200ml ද ලුණු සහ ගම්මිරිස් ස්වල්පයක් ද එක් කර තම්බා පානය කරන්න. අස්ථි රෝග වලට ඉතාමත් ගුණ දායකයි. (මුරුංගා කොළ වල ප්‍රෝටීන , විටමින් C, විටමින් B, බීටා කැරොටින් ,කැල්සියම් , මැග්නීසියම් ,කොපර්, යකඩ, ඛනිජ ලවණ, පොස්පරස් ආදි ගුණ රාශියක් අඩංගු වී ඇත.)
මුරුංගා කොළ එළගිතෙල් හෝ බටර් සමග තෙම්පරාදු කර ආහාරයට ගැනීම අස්ථි රෝග මෙන්ම මුත්‍රා ගල් නැසීමට ද උපකාරී වේ.
මුරුංගා කොළ හොඳින් වියළා කුඩු කරගන්න. එය දිනපතා තේ සාදන ආකාරයටම පානයක් ලෙස සකසා පානය කිරීමෙන් ශ්‍රවණ පද්ධතිය ආශ්‍රිත රෝගවලට ගුණයක් ගෙන දේ.
අමු මුරුංගා කොළ කොටා ඉස්ම තේ හැදි දෙකක් ගෙන එයට මී පැණි තේ හැන්දක් මිශ්‍ර කර එම ද්‍රාවණය තැඹිලි ගෙඩියක වතුර සමග හොඳින් මිශ්‍ර කර දිනකට උදේ , දිවා , හවස ලෙස තෙවරක් පානය කරන්න.එමගින් ඔබේ ආහාර ජීරණ ක්‍රියාවලිය ආශ්‍රිත රෝග වලට සුවය ලැබී වඩා කාර්‍යක්ෂම ලෙස ආහාර ජීර්ණය සිඳු වේ.
මුරුංගා කොළ මිටක් අඹරා එයට මුදවපු කිරි මේස හැදි කිහිපයක් එක් කර දිනපතා උදෑසන හිස් බඩට අහාරයට ගන්න. එය ඔබට ගැස්ට්‍රයිටිස් රෝගයෙන් මිදිමට මනා උපකාරයක් වනු ඇත.
මුරුංගා ගසේ පොතු මිටක් ගෙන එයට වතුර පත 4ක් දමා 1ට සිදුවා උදේ භාගයක් සහ සවස භාගයක් ලෙස පානය කරන්න. එය මුත්‍රා ගල් දිය වීමටත්, හොඳින් මුත්‍රා පිටවීමටත්, මුත්‍රා දැවිල්ල නැති කිරීමටත් උපකාරී වේ.
කොහොඹ කොළ සහ මුරුංගා කොළ සමව ගෙන අඹරා දෙහි යුෂ ස්වල්පයක් මිශ්‍ර කොට නැවත අඹරා ඇඟ ගැල්වීමෙන් දහදිය බිබිලි යටපත් වී සුවයක් ලැබේ.
ලුණු වරණ පොතු, අමුකහ සමව ගෙන අමු මුරුංගා පොතු යුෂයෙන් එය සියුම්ව අඹරන්න. (මුරුංගාදීලේපය) එය තැළුම්, ඉදිමුම් , වේදනා ඇති ස්ථාන වල ආලේපයෙන් සුවයක් අත් වේ.
මුරුංගා පොතු දෙහි ඇඹුලෙන් අඹරා ආලේපයෙන් අදාල ස්ථානයේ දෙඹර, බඹර, ගෝනුසු දෂ්ඨනයෙන් ඇති වූ විස නැසිය හැක.
මුරුංගා කොළ යුෂ තේ හැදි දෙකක් පුහුල් හෝ කැකිරි යුෂ වීදුවකට කවලම් කොට පානය කිරීමෙන් මුත්‍රා දැවිල්ල නැති වේ. හොඳින් මුත්‍රා පිට වේ.
මුරුංගා මුලේ පොත්ත කොටා මිරිකාගත් යුෂයට බුලත් කොළ යුෂ සහ අමු ඉඟුරු යුෂ තේ හැදි එක බැගින් ද මී පැණි තේ හැන්දක් පමණද එක් කර සති දෙකක් පමන පානය කරන්න. ඔබට උදේ සවස ඇතිවන සෙම් ගතිය පහව යනු ඇත.
ළපටි මුරුංගා ඇට මී පැණි සමග කෂායක් ලෙස පානයෙන් අධික තරබාරුව නැති කර ගත හැක.
මුරුංගා කොළ ස්වල්පයකට තල තෙල් සහ එළගිතෙල් ස්වල්පය බැගිම් මිශ්‍ර කර අඹරා ආලේපයෙන් සැරව ගලන තුවාල පිරිසිදු කර සුව කරගත හැක.
මුරුංගා ව්‍යංජන සහ මුරුංගා කොළ මැල්ලුම් ආහාරයට එකතු කර ගැනීමෙන් ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ද පාලනය කර ගත හැක.
මුරුංගා කරලේ ඇති ඇට වල අද්විතීය විෂබීජ නාශක ගුණය නිසා ඇතැම් රටවල අපවිත්‍ර ජලය පවිත්‍ර කිරීමට මුරුංගා ඇට යොදා ගන්නා බව ඔබ දන්නවාද....?
දරු සම්පත් සදහා මුරුංගා මල් හා කොළ එක් කර මුරුංගා තේ සාදන අකාරයට සාදා මී පැණි තේ හැන්දක් ස්මග නින්දට පෙර පානය කළ හැකිය.
මෙලෙස නිවසේ ඉතා පහසුවෙන් වගා කරගත හැකි මුරුංගා ඉතා ගුණදායක වෙනවා.. ස්වභාවික හේ ජීවිතයට එක්කර නිරෝගී ජීවිතයක් ගොඩනගාගන්න.. එමගින් කෘතිම දේට යොමු වීම අඩු වී ඔබගේ මිල මුදල් ද නිරෝගී භාවය ද යන අංශ දෙකම රැකගත හැකියි..

පහන්දි පෙරේරා - මුණු පොත;

තවත් තොරතුරු. 

මුරුංගා කරල්  - ග්‍රෑම් 100ක පෝෂණය

කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 3.7
ප්‍රෝටීන් ග්‍රෑම් 2.5
විටමින් A මයික්‍රොග්‍රෑම් 1100
විටමින් B1, මිලිග්‍රෑම් 0.05, B2 මිලිග්‍රෑම් 0.06, B3 - 0.2
විටමින් C මිලිග්‍රෑම් 120
කැල්සියම් මිලිග්‍රෑම් 30
මැග්නීසියම් මිලිග්‍රෑම් 24
පොටෑසියම් මිලිග්‍රෑම් 259
යකඩ මිලිග්‍රෑම් 5.3

මුරුංගා අමු පත්‍ර - ග්‍රෑම් 100ක පෝෂණය.

කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 13
ප්‍රෝටීන් ග්‍රෑම් 6.7
විටමින් A මයික්‍රොග්‍රෑම් 6800
විටමින් C මිලිග්‍රෑම් 220
විටමින් B 1 මිලිග්‍රෑම් 0.06, විටමින් B 2 මිලි ග්‍රැම් 0.05, විටමින් B 3 මිලි ග්‍රැම් 0.8කැල්සිම් මිලිග්‍රෑම් 440
මැග්නීසියම් මිලිග්‍රෑම් 24
පොටෑසියම් මිලිග්‍රෑම් 259
යකඩ මිලිග්‍රෑම් 7
විටමින් E මිලිග්‍රෑම් 448

මුරුංගා වියළි පත්‍ර පවුඩර්  ග්‍රෑම් 100ක පෝෂණය
කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 38
විටමින් C මිලිග්‍රෑම් 17.3
ප්‍රෝටීන් ග්‍රෑම් 27
කැල්සියම් මිලිග්‍රෑම් 2003
විටමින් A මයි‍ක්‍රොග්‍රෑම් 16,000
මැග්නීසියම් මිලිග්‍රෑම් 368
විටමින් B1 මිලිග්‍රෑම් 2.6, B2 මිලිග්‍රෑම් 20, B3 මිලිග්‍රෑම් 8.2
පොටෑසියම් මිලිග්‍රෑම් 1324
යකඩ මිලිග්‍රෑම් 28
විටමින් E මිලිග්‍රෑම් 113 

උපුටා ගැනීම
මුහුණු පොත ඇසුරෙන්... 

A day in the life

 

මීදුම Published @ 2014 by Ipietoon