9 Arch හෙවත් දෙමෝදර රේල් පාලමේ ඔබ කිසි දිනක නොඇසූ සත්‍ය ඉතිහාස කතාව මෙන්න..
1885 වසරේ ප්‍රංශයේ Marseille හිදී Alphonse Laurent උපත ලබනවා. කුඩා කාලයේ සිටම වාස්තු ක්‍රමවේදයන් සහ ඉදිකිරීම් කෙරෙහි කෙරෙහි ආසාවකින් සිටි අල්පොන්සු ඒ පිළිබඳව ඉහළටම ඉගෙනීමට තීරණය කරනවා..
වැඩිවියට පත්වෙද්දී ඔහු ප්‍රංශයේ ඉදිකිරීම් පිළිබඳව හැදෑරීමෙන් අනතුරුව ප්‍රංශයේ නොමැති එහෙත් ඊටත් වඩා වෙනස් ක්‍රමවේදයන් පිළිබඳව ඉගෙනීමට කැමැත්තක් දක්වනවා. ඒ අනුව ඔහුගේ අවධානය යොමුවන්නේ ආසියාව කෙරෙහි.. ඒ වෙද්දී බ්‍රිතාන්‍යයේ පාලනය යටතේ තිබුණු ආසියානු කලාපයට මේ අල්පොන්සෝ සිය හැකියාවන් දියුණු කරගැනීමටත් වෙනස් අත්දැකීමක් ලබාගැනීමටත් පැමිණෙනවා..මේ පැමිණීමේ දී ඔහුගේ අවධානය යොමු වන්නේ එකළ සිලෝන් ලෙසින් නම් කර තිබූ ශ්‍රී ලංකාවටයි. ඒකට හේතුව වුණේ කළු ගල් කපා කළ ඒ මහ නිර්මාණයන්ය. අඟලක බැස්මක් තිබූ ඇල මාර්ගයන්ය..
බ්‍රිතාන්‍යයන් උඩරට කලාපයට පහසුවෙන් ගමන් කිරීමට දුම්රිය මාර්ගයන් ඉදි කරමින් සිටි නමුත් ඔවුන්ට දෙමෝදර, ඇල්ල අතර ප්‍රදේශයේ තිබූ දැඩි ප්‍රපාතය සහ අභියෝගාත්මක භූගෝලීය පිහිටීම හමුවේ පාලමක් නිර්මාණය කිරීම තරමක අපහසු කටයුත්තක් වූ බව සඳහන් වෙනවා.
අල්පොන්සුගේ අවධානයත් මේ දුම්රිය මාර්ගය නිර්මාණය කිරීම කෙරෙහි ඒ වෙද්දී යොමුවෙලා තිබුණේ.. ප්‍රංශ සිසුවෙකු වීම නිසා බ්‍රිතාන්‍යයන්ගෙන් බාධාවක් නොමැතිව වැඩබිම් බැලීමටත් අල්පොන්සුට අවස්ථාව උදාවී තිබුණා..
දෙමෝදර සහ ඇල්ල මාර්ගය අතර පාලම නිර්මාණය කිරීම අභියෝගයක් වී ඉංග්‍රීසි ඉදිකිරීම්කරුවන් අභියෝගයකට මුහුණ දී සිටින විටත් ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටිම පිළිබඳව දැඩිව අධ්‍යයනයක නිරත වෙලා හිටපු අල්පොන්සු මේ සඳහා සිය දායකත්වය ලබාදෙන්න තීරණය කරනවා.
බ්‍රිතාන්‍යයෙන් කෙතරම් කෙළින් පාලම් සදා නිර්මාණය කළත් නැම්මක් සහිත පාලමක් ඉදිකිරීම ඔවුන්ට දැඩි අභියෝගයක් වුණා. මොකද භූමියේ පිහිටීම පාලමක් නිර්මාණය කිරීමට තරම් සුදුසු එකක් ලෙස ඔවුන් දුටුවේ නැහැ. අනික විදේශීයෙන් මෙය නිර්මාණය කිරීමට උපකරණ ගෙන ඒමටත් බ්‍රිතාන්‍යයන්ට හැකියාවක් තිබුණේ නැහැ.
නමුත් ශ්‍රී ලංකාවේ කළුගල් කපා භූමි දෝෂ මඟ හැරවාගෙන ඉදිකිරීම් කළ හැටි අල්පොන්සෝ දැන සිටි අතර ඔහුට ඒ පිළිබඳව ඉංග්‍රීසින්ට වඩා ඉහළ දැනුමක් තිබුණා.
අල්පොන්සෝ විසින් වහාම පාලම නිර්මාණය කරන ප්‍රදේශය පරික්ෂා කොට සැලැස්මක් සදා ඉංග්‍රීසින් අතට පත් කළා.. මවිතයට පත්වූ ඉංග්‍රීසින් වහාම පාලම හදන කටයුත්ත අල්පොන්සෝගේ මඟ පෙන්වීම යටතේ ආරම්භ කළා..
ප්‍රධාන ඉංජිනේරුවරයා වූ අල්පොන්සෝ එවකට පාලමේ වැඩවල නිරතව සිටි සිංහලයන් සමඟ සමීප සම්බන්ධතාවයක් ගොඩ නඟා ගත්ත බවයි වාර්තාවල සඳහන් වන්නේ. ඒ නිසාම මේ පාලම මෙලෙස නිර්මාණය කිරීමටත් පහසු වී තිබුණා.
අල්පොන්සෝ නම උච්චාරණය එවකට සිංහලයන්ට තරමක් සමීප නොවන ගතියක් තිබුණු නිසා ඔහුට අප්පු කියන්නත් ගෞරවයක් එකතු කිරීම සඳහා හාමි ලෙසත් පැවසූ බව සඳහන්.. ඒ අනුව ඔහු අල්පොන්සෝ නමට වඩා අප්පු+හාමි හෙවත් අප්පුහාමි නමින් නම් වූ බව සඳහන්.
1921 වසර වෙද්දී අඩි 300ක නැවුමක් සහිතව අඩි 100ක උසින් යුතු 9 Arch හෙවත් දෙමෝදර ආරක්කු පාලම ඉදිවන්නේ මෙරට ඉතිහාසයේ අතිවිශිෂ්ඨතම ඉදිකිරීමක් ලෝකයාට දායක කරමින්.
අල්පොන්සෝ හෙවත් අප්පුහාමි සිංහලයන් සමඟ දැඩි සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය නිසා ඔහු අවසානයේ ශ්‍රී ලංකාවේම ජීවත් වෙන්න තීරණය කළ අතර මෙරට ඉදිකිරීම් රැසකටම අප්‍රසිද්ධියේ උදව් උපකාර කළ බව සඳහන් වෙනවා.
තමන්ව මෙරට ඉතිහාසයේ කටකතා අතර පමණක් තබමින්, අවසානයේ ඔහු 1957 වසරේ දී වයස අවුරුදු 72ක් පමණ විට ජීවිතයෙන් සමුගෙන ගිය බව සඳහන් වෙනවා.
මේ ඉහළ තියෙන්නේ අල්පොන්සෝ හෙවත් අප්පුහාමිගේ ඡායාරූපයක්, එවකට තිබූ දැඩි කාෂ්ටක අව්වට ඔහුගේ සුදුහම අවර්ණ වී තිබුණේ ඔහුත් ශ්‍රී ලාංකිකයෙකු ලෙසටම පරිවර්තනය වූ ආකාරය පෙන්වන්න.
.... හරිනේ දැන් ඔන්න අප්පු තමා පාලම හැදුවේ, ප්‍රශ්නය ඉවරයිනේ ඒනම්...Ceylon Government Railway Magazine
මේ තවත් කතාවක් සුජීව ප්‍රේමරත්න මෙටාවට වියමන් කරලා තිබුුනා. කරුණු සෙයන්නත් හදාරන්නත් පලකරනවා.
අප්පුහාමි නිසා දෙමෝදර ස්ටේෂන් මාස්ටර් වෙලා හිටි මිත්‍රයා Nawin Chinthana Wimalsiri ඉන්ටඩික් වෙන්නත් ඉඩ තිබිලා
මේ නවීන් කියපු කතාව
"Harold Marwood තමයි ninearches හදද්දී හිටපු engineer. එයාගෙ report එකේ තියෙනවා labourer supply කරේ local contractor කෙනෙක් කියල. අනිවාර්යයෙන්ම අප්පුහාමි කියන්නෙ ඔය contractor වෙන්න ඕන.
මම 2014 Demodara station එකේ වැඩ බාර ගනිද්දී අප්පුහාමිගෙ photo එකක් station එකේ එල්ලලා තිබුනා. හරි විස්තර දන්න නිසා ඒක ගලවල දැම්මා.
පස්සේ අප්පුහාමි මුණුබුරාද කොහෙද ඒක complain කරල ප්‍රාලේ උපදෙස් මත ග්‍රාම නිලධාරී ඇවිල්ලා පරීක්ෂණයකට.
තව ටිකෙන් inquiry එකකුත් සෙට් වෙනවා. Harold Marwood ගෙ report එක පෙන්නුවම තමයි වැඩේ shape උනේ
ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>