Monday, June 17, 2024

ආර්නස්ටෝ ගෙවාරා ද ලා සර්නා









 

"ඔවුන් අප පස් වලට යට කර විනාශ කර දැමීමට උත්සාහ කළේ අප හොඳින් පැළවෙන බීජ බව නොදැන ය."
( මෙක්සිකන් කියමනක්.)
ආර්නස්ටෝ පවුල රියො නගරයට පැමිණ ටික කාලයකින් ඔවුන්ට දාව පිරිමි දරුවෙක් උපත ලැබුවා. 1928 ජුනි 14 අදවගේ දවසක උපන්න ඒ දරුවට ආර්නස්ටෝ ගෙවාරා ද ලා සර්නා කියන නම තැබුවා. නමුත් මව්පියන් කතා කලේ " ටෙටෙ " කියන සුරතල් නමින් . ඒත් තරුණයෙකු වූ පසුව ටෙටෙ ට එයාගේ යාලුවො කතා කලේ
" චේ" යන නමින්. චේ යන වචනයට තේරුම් ගොඩක් තියෙනවා . සතුට, විශ්මය,මෘදු බව යන දෑ . මම හිතන්නෙ චේ කියන්නෙ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම චේ කෙනෙක්.චේ එන්න එන්න වැඩි වියට පත් උනා සමාජයේ ඇත්ත ඇති සැටියෙන් දකින්න පටන් ගත්තා .ඒ වගේම ඔහු වෘත්තියමය වශයෙන් වෛද්‍යවරයෙක් .
මේ අතර කාලයේ චේට රාවුල් කැස්ත්‍රෝ ( ෆිදෙල් කැස්ත්‍රෝ ගේ සහොදරයා ) හමුවෙනවා. කුඩා කල අම්මා කියාදුන් කතන්දර වල සිටි වීරයින් චේට සිහි වෙනවා. දැන් චේට තදින්ම වුවමනා වුනා පිදෙල් නැමති කියුබානු වීරයා මුණ ගැහෙන්න . මේ බලාපොරොත්තුවෙන් ඉදපු දවස උදාවුනා. ඔහු ඉතාම අගය කල වීරයා වූ ෆිදෙල් කස්ත්‍රො චේට මුණගැහෙනවා. ඔහු චේට පළමුවෙන්ම කිව්වෙ " මම සටන් කරන්නෙ මගේ රටේ දුප්පතුන් සූරා කන දනේශ්වර ක්‍රමය පරදවා නිදහස ලබාගන්න".
ආර්ජන්ටිනාවේ වගේම කියුබාවේත් මිනිස්සු දුක් වින්දා . දරිද්‍රතාවය නිසා අහිංසක දරුවන්ට පාසල් යන්න හැකියාවක් තිබුනේ නැ.පාසල් යා යුතු වයසේ පුංචි ළමුන් කුසගින්නෙ මිය ගියා.
චේ හැමදාමත් පුංචි ළමයින්ට ඉතාමත් ආදරෙයි . දුප්පත්කම නිසා වැඩිපුරම පීඩාවට පත් වන්නෙ පුංචි දරුවො.
ඒ වගේම චේ කිව්වා " මම කැමති ඔබේ රට සතුරන්ගෙන් නිදහස් කරගැනීමේ සටනට එකතු වන්න . වෛද්‍යවරයෙක් ලෙස මම ඔබට මගේ සේවාව ලබා දෙන්නම්." ෆිදෙල් ඉතාමත් කැමත්තෙන් චේ තම හමුදාවට බදව ගත්තා .
1959 ජනවාරි 8 වෙනිදා ඔවුන් කියුබානු නිදහස් විප්ලවය ජයග්‍රහණය කලා. මේ පිට රටකින් පැමිනි වීරයා ගැන මහත් ආඩම්බරයෙන් කියුබානු වැසියන් කතා කලා. "චේට අපි කෘත ගුණ දක්වන්න ඕනෑ.
එතැන් සිට චේ කියුබානු නිදහස් සටනට කල දායකත්වය නිසා කියුබානු පුරවැසිභාවය වගේම කර්මාන්ත ඇමති දූරයද පිරිනැමුවා. ඇමති වරයෙක් වීමෙන් අනතුරුවත් ඔහු තුල තිබුනු නිරහංකාර ගති ගුණ අඩු වුනෙ නම් නෑ කියුබාවේ විශාල උක් වතු තිබෙනවා. දහස් ගානක් කම්කරුවන් සමග ඔහු උක් ගස් කැපුවා. චේ බලාපොරොත්තු වුනෙ එකම එක දෙයයි" කවදා හෝ දුප්පත් මිනිසුන් ඔවුන්ගේ දුප්පත්කම පරාජය කරාවි. ඔවුන්ගේ දරුවො සුන්දර ලෝකයක් වෙනුවෙන් ඉගෙන ගනීවී.යනුවෙන් .
කියුබානූ නිදහස් සටන ජයග්‍රහණය කල පසු ඔහු බොලිවියාවට පැමිණියා. නමුත් කියුබාවේදි මෙන් බොලිවියානු නිදහස් සටන ජයග්‍රහණය කරන්න බැරි උනා. සතුරන් අතට පත් උනා.
" මං දන්නවා උබලා මට වෙඩි තියන බව . මා කිසි දිනෙක පණපිටින් ගන්න බැහැ. ෆිදෙල්ට කියන්න මේ පරාජය විප්ලවයේ අවසානයක් නොවන බවට. එය කොතනක හෝ ජය ලබාවී."
චේ මිය ගිය පසු අපූරු සිදුවීමක් සිදු වුනා.තමා බලන්නට එන අය දෙස බලා සිටිනවා සේ චේ මිය ගිය පසුවත් දෑස් විවරව තිබුනා.බොලිවියාවේ කදුකර වැසියො මෙය දැක" මේ නම් සාමාන්‍ය මිනිහෙක් නෙවෙයි . ඔවුන් මරා දමා ඇත්තේ අප ගලවා ගැනීමට පැමිනි සාන්තුවරයෙක්. එදා සිට අද දක්වාම බොලිවියානු කදුකරවාසි ජනතාව චේ " ශාන්ත ආර්නස්ටො යන නමින් වන්දනාමාන කරනවා.
චේ මිය ගිය පුවත ෆිදෙල් ඇතුලු කියුබානු ජනතාවට ආරංචී වීමත් සමග මුලු කියුබාවම ශෝක ගින්නෙන් දැවී ගියා. ඔහු වෙනුවෙන් අවසන් වශයෙන් කියුබානු රජය විසින් මාසයක ශෝක කාලයක් නම් කරනු ලැබුවා.
කාලය ගෙවි ගියා. චේ සමග සෙල්ලම් කල ගී ගැයු මිතුරන් දැන් වියපත් වෙලා. කියුබානු නිදහස් සටනට පන පෙවු කියුබානු මිතුරන් ක්‍රමයෙන් වියපත් වෙලා.කියුබාව දැන් දියුනු රටක් ඉස්සර වගේ දුප්පත් කම නිසා පාසල් නොයන දරුවන් නෑ.
චේ ගේ මරනෙන් වසර තිහකට පසු අපූරු පුවතක් මුලු ලොවක් මවිත කරන්න උනා. ඒ චේ මිය ගිය ස්ථානය ලෙස 1997 ජුනි මාසයේ බොලිවියාවේ ගොවිපලක චේගේ ඇටසැකිල්ල සොයාගැනීමට හැකිවුණා .
මුලු ලොවක් ආදරය කල ආදරනීය වෛද්‍යවරයා , විප්ලවවාදියා, මානව හිතවාදියා ගැන පොත් ලියැවුනා. චිත්‍රපට බිහිවුණා. ලෝකයේ අංක එකෙ බ්‍රෑන්ඩ් එක වෙන්න චේට පුලුවන් උනා. අදටත් කියුබානු තරුණයින්ගේ පරමාදර්ශී චරිතය චේ.
කියුබානු නිදහස් සටනේ පියා වන ජොසේ මාටි ගේ නමින් තිබෙන නිදහස් චතුරස්‍රයේ චේගේ භශ්මාව ශේශ තැන්පත් කරනු ලැබුවා. මල් පොකුරු රැගෙන පැමිනි කියුබානු මව්වරු තම දරුවන්ට චේ ගැන කියා දුන්නා .
කියුබානු නිදහස් සටන ජයග්‍රහණය කෙලවර කල ශාන්ත ක්ලාරා නුවර පිහිටුවා තිබෙන චේගෙ විශාල ප්‍රමාණයේ පිළිරුව අසල භශ්මාවශේශ තැන්පත් කලා. ඒ අවස්තාවේ දී තමන්ගේ විප්ලවීය සගයා වූ චේ ගැන ෆිදෙල් මෙසෙ පැවසුවා .
" අපගේ විප්ලකාරී සටන්කාමින් , අපගේ මිනිසුන් අනාගත පරපුර කවුරුන් විය යුතු දැයි කීමට අප අදහස් කරන්නෙ නම් නොපැකිලිව කිව යුත්තේ චේ වගේ වන්න කියායි."
කියුබාවේ පුංචි ලමයින්ට චේ නැමැති වීරයා ගැන කියා දීමට කියුබාවේ ගුරුවරු අමතක නොකරති. කියුබාවේ ළමයින් පවසන්නෙ " අපි ලොකු උනාම චේ වගේ වෙනවා " කියාය .
ලෝකය වඩා යහපත් තැනක් කරන්නට උත්සාහ කල මිනිස්සුන්ගේ ජීවිත සෑම විටෙකම කැපවීම , පරිත්‍යාගය හා අවංකත්වය යන උතුම් මනුශ්‍ය ගුණාංග වලින් ඔපවී තිබේ.
දරුවන්ට අවබෝධ කර දිය යුත්තේ මෙම උතුම් ගුණාංගයන්‍ ය. සෑම දරුවෙකුටම එක හා සමාන ලෙස ජිවත් විය හැකි යහපත් ලෝකයක් ගොඩනැගීම අරමුනු කරගත් චේ අද කියුබානු ළමයින්ගේ පරමාදර්ශයයි . ඒ කියුබාවේ ළමුන්ගේ අනාගතය වෙනුවෙන් කියුබානුවෙකු නොවු චේ පරිත්‍යාග කල නිසයි.
ඉතින් අපිත් චේ වගේ හිතමු ....!වෙමු..!

-------පසිදු භාග්‍ය රූපසිංහ
A day in the life

Sunday, June 16, 2024

අක්කර පනහේ නවාතැන්පල





 



 වජිර උඩුනුවර  මෙටාවේ පල කල වියමනකි.
හතලිහකට සුවසේ නිදන්න සුද්දා හැදූ අක්කර පනහේ නවාතැන්පල 'බොරැල්ල කනත්ත'
ශ්‍රී ලංකාවේ පිහිටා ඇති විශාලතම සොහොන් භූමිය වන බොරැල්ලේ පිහිටි පොදු සුසාන භූමියේ ඉතිහාසය මින් වසර 158 වඩා ඈත අතීතයකට හිමිකම් කියයි. අක්කර 50 පුරා වපසරියකට විහිදුණු බොරැල්ල කනත්ත 1866 වර්ෂයේ ස්ථාපිත වූ අතර පළමුවැනි හා දෙවැනි ලෝක යුද්ධයේදී මරණයට පත්වූ සොල්දාදුවන්ගේ මෘත දේහ මිහිදන් කිරීම සිදුකෙරිණි. මේ වන විට බෞද්ධ, හින්දු, කතෝලික හා වෙනත් ආගම්වල ලක්ෂ 40 වැඩි පිරිසක් තම අවසන් නිද්‍රාව සඳහා තෝරාගෙන ඇත. කොළඹ නගරයේ බොරැල්ල, කිරුලපන මහවත්ත හා ජාවත්ත සුසාන භූමි ප්‍රධාන වුවත් සුප්‍රසිද්ධ සොහොන්බිම බොරැල්ල සුසාන භූමියයි. මසකට සාමාන්‍යයෙන් 450 - 500 පමණ පිරිසක් සිය අවසන් නිද්‍රාව සඳහා බොරැල්ල කනත්ත තෝරා ගන්නා බව කොළඹ මහනගර සභා ලේඛන සාක්ෂි දරයි.
කනත්ත යන නාමය බොරැල්ලෙන් පටන්ගෙන කෙතරම් ජනගත වූවාදැයි කිවහොත් බොහෝ දෙනා සිතා සිටින්නේ කනත්ත යනු කැරකොප්පුව, සුසාන භුමිය යන පදවලට සමාන පදයක් කියාය. නමුත් කොළඹ බොරැල්ලේ ඇති සුසාන භුමිය පිහිටි ඉඩමේ නම කනත්තවත්තය. ඊට එහා ඉඩම කිතුල් වත්තය. 1904 දී අච්චු ගස්යා ප්‍රසිද්ධ කරන ලද The Life of Charles Henry De Soysa නම් පිටු දහස් ගණනක පොතේ මෙම ඉඩම ගැන පැහැදිලිව සඳහන්කොට ඇත. චාර්ල්ස් හැන්රි ද සොයිසා ශ්‍රීමතාණන් මොඩල් ෆාම් නමින් දැවැන්ත ගොවිපළක් අරඹා ඇති භූමියට පිවිසෙන්නේ මොඩල්ෆාම් පාර හරහාය.
එම ‘මොඩල් ෆාම්’ විවෘත කරන්නට පැමිණ ඇත්තේ එංගලන්තයේ ඇල්ෆ්‍රඩ් කුමාරයාය. කුමරාගේ ලංකා ගමන සිහිවන්නට එයට ඇල්ෆ්‍රඩ් ආදර්ශ ගොවිපොළ යන නම තබා ඇත. ගොවිපොළ සඳහා සොයිසා මහතා පරිත්‍යාග​කොට ඇති මුදල පවුම් 10,000 කි.
ගොවිපොළට මුල්ගල තැබීමේ උත්සවයට පැමිණි සර් හර්කියුලස් රොබින්සන් ආණ්ඩුකාරතුමා කළ කතාව එද‌ා ‘‘රිවිරැස’’ පුවත්පතේ පළකොට ඇත. (ඇම්.ඩී.ගුණසේන සමාගමේ රිවිරැස නොවේ)
‘ඇල්ෆ්‍රඩ් ආදර්ශ ගොවිපොළ තිබෙන ශාලාවට මුල්ගල තැබීමටද, අද දින එළඹ සිටීමට ද එහි භාරකාරයින් විසින් එවන ලද කැඳවීම් පත්‍රය පිළිගැනීමේ මට මහත් ප්‍රීතිදායක කරුණක්ය’ යනුවෙන් එදා රොබින්සන් ආණ්ඩුකාරතුමා පවසා ඇත්තේ මහත් ප්‍රීතියකිනි.
කනත්තවත්තගේ, කනත්ත මුහන්දිරම්ගේ ආදී පෙළපත් නාමයක් අද බොහෝ දෙනා භාවිතයට අකමැති වුවද වේවි. අභය ගුණවර්ධනයන් සිංහල පෙළපත් නාමයක් ගැන ලියා ඇති පොතක ඇත්තේ එම පෙළපත් නාම උසස් කුලවලට අයත් ඒවා බවය. සොයිසා චරිතයේ ඇල්ෆ්‍රඩ් ආදර්ශ ගොවිපොළ භූමියේ මුලු සිතියම නොහොත් පිඹුර දුටුවිට ‘කනත්තවත්ත’ ඉඩමේ අයිතිය තහවුරු කරගත හැකිය.
එහෙත් අද ‘කනත්ත’ සුසාන භූමියේ ඉඩ ප්‍රමාණය අක්කර 50 කටත් අඩුවී තිබේ. මුල් කාලයේ දැනට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිකොට ඇති ගොල්ෆ්පිටිය තෙක් විහිදී තිබුණ භුමිය හඳුන්වා ඇත්තේ කුඹිකැලේ නමිනි. අදද කොළඹ ‘කනත්ත’ ඉඩම පසුකර නරාහේන්පිට දෙසට එනවිට හමුවෙන කිතුල්වත්ත පෙදෙස මනරම් ගමක ගහකොළ අපට සිහිගන්වයි. මේ සොහොන් බිමේ ඇති සොහොන් කොත් යට තම වාසස්ථානය කරගත් ප්‍රධාන සත්ව කොට්ඨාසය නාගයින්ය. තවමත් කිතුල්වත්ත ප්‍රදේශයට වෙන්නට ඉත්තෑවුන්, මුගටියන්, හාවුන් මෙන්ම කෝවක්කන් ඕනෑ තරම් සිටීම ගැන ඒ ගැන නිරීක්ෂණය කළ පරිසරවේදියකු අපට පෙන්වා සිටියේ ඡායාරූප ද සමගය. ඔහු පවසා සිටියේ කට්ටඬියන් විසින් දෙන බිත්තර මේ සොහොන් කොත්වල දමා යන නිසා එ්වා නයින්ගේ ප්‍රධාන ආභරයක්වී ඇති බවය.
කනත්ත ඉඩමට සිතියමක් ඇති බව බොහෝදෙනා දැනගන්නේ එහි සැතපීම සඳහා ඉපැරණි ඉඩම් කට්ටියක් මිලදී ගන්නට යන විටය. මෙහි මුල්ම කාලයේ මිහිදන් කළ වළවල් සඳහා ඔප්පු ඇති පුද්ගලයින් ඔප්පු තිරප්පුවල ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ මෙම ඉඩමේ මුල් පිඹුරේ ඇති පරිදි එම ඉඩමේ නම Kanattawatta යන බවය. 1866 ඔක්තෝබර් 28 දින 55 වියැති ‘‘ඉයුබජින්’ නමැති වැන්දඹුව මෙහි මුලින්ම මිහිදන් වූ බව කීවත් මෙහි ඉතිහාසය ඊටත් එහා යන්නකි.
‘දුහුවිල්ලෙන් සැදුනු නුඹ නැවත දුහුවිල්ලට හැරෙන්නේය’’
යයි කතෝලිකයින් තම මරණය ගැන සිහිකරන කියමනක් තිබේ. ඒත් ලංකාවේ ඉතිහාසය පිරික්සීමේදී නිරීක්ෂණයේදී පෙනීයන්නේ ක්‍රි.ව ආරම්භයටත් පෙර මහින්දාගමනයට ද පෙර ලක්දිව සුසාන විධි ක්‍රම පැවති බවය. ලංකාවේ මුල්ම ආද‌ාහන විචිත්‍රම පැවතියුගය ලෙස සැලකෙන්නේ මෙසොලිතික යුගයයි. කාලනිර්ණය අනුව පෙනී යන්නේ වසර 6500 ක් පැවති මෙසොලිතික ලක්ෂණ ලංකාවේ පැවතී ඇත්තේ මෙයින් වසර 35,000 කට එපිට බවය. මේ ගැන කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ දම්මි බණ්ඩාර සටහනක් තබා ඇත්තේ මෙම ස්ථාන සම්බන්ධයෙන් ලැබී ඇති කාලනිර්ණ නිගමන මූලික වශයෙන් අඟුරු නියැදි රේඩියෝ කාබන් කාලනිර්ණ පර්යේෂණවලට ලක්කිරීමෙන් ලත් ඒවා බවය.
මේ බොරැල්ල සුසාන භුමිය 1977 ජේ.ආර්. පාලන යුගය වෙනවිට පැවතී ඇත්තේ දුරාචාරවල කොළඹ මූලස්ථානයක් ලෙසය. එය තාප්පවලින් වටවී තිබුණ නිසා එහි සිදුවෙන්​ෙන් කුමක්දැයි අවටින් යන ජනයා ගමන්ගෙන ඇත්තේ කුහුලින් යුතුවය. 1977 මැතිවරණ, වේදිකාවල කොළඹ ජනතාවට දුන් එක් ඡන්ද පොරොදුවක්වී ඇත්තේ බොරැල්ල සුසාන භුමිය වටා යකඩ වැටක් ඉදිකරන බවය. එහෙත් 77 යුඇන්පී ආණ්ඩුව බිහිවී වසර 10 කට පසු ඡන්ද පොරොන්දුව ඉටුවිය. ඒ සඳහා යොදාගෙන ඇත්තේ 1987 ගම්උදාව සෙල්ල කතරගම භුමිය වටකොට තිබූ යකඩ වැටයි.
අද ‘කනත්ත’ සුසාන භූමියේ ඉඩ ප්‍රමාණය අක්කර 50 කටත් අඩුවී තිබේ. මුල් කාලයේ දැනට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිකොට ඇති ගොල්ෆ්පිටිය තෙක් විහිදී තිබුණ භුමිය හඳුන්වා ඇත්තේ කුඹිකැලේ නමිනි. අදද කොළඹ ‘කනත්ත’ ඉඩම පසුකර නරාහේන්පිට දෙසට එනවිට හමුවෙන කිතුල්වත්ත පෙදෙස මනරම් ගමක ගහකොළ අපට සිහිගන්වයි. මේ සොහොන් බිමේ ඇති සොහොන් කොත් යට තම වාසස්ථානය කරගත් ප්‍රධාන සත්ව කොට්ඨාසය නාගයින්ය. තවමත් කිතුල්වත්ත ප්‍රදේශයට වෙන්නට ඉත්තෑවුන්, මුගටියන්, හාවුන් මෙන්ම කෝවක්කන් ඕනෑ තරම් සිටීම ගැන ඒ ගැන නිරීක්ෂණය කළ පරිසරවේදියකු අපට පෙන්වා සිටියේ ඡායාරූප ද සමගය. ඔහු පවසා සිටියේ කට්ටඬියන් විසින් දෙන බිත්තර මේ සොහොන් කොත්වල දමා යන නිසා එ්වා නයින්ගේ ප්‍රධාන ආහාරයක් වී ඇති බවය. කනත්ත ඉඩමට සිතියමක් ඇති බව බොහෝදෙනා දැනගන්නේ එහි සැතපීම සඳහා ඉපැරණි ඉඩම් කට්ටියක් මිලදී ගන්නට යන විටය. මෙහි මුල්ම කාලයේ මිහිදන් කළ වළවල් සඳහා ඔප්පු ඇති පුද්ගලයින් ඔප්පු තිරප්පුවල ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ මෙම ඉඩමේ මුල් පිඹුරේ ඇති පරිදි එම ඉඩමේ නම Kanattawatta යන බවය. 1866 ඔක්තෝබර් 28 දින 55 වියැති ‘‘ඉයුබජින්’ නමැති වැන්දඹුව මෙහි මුලින්ම මිහිදන් වූ බව කීවත් මෙහි ඉතිහාසය ඊටත් එහා යන්නකි.
මෙම කනත්ත සුසාන භුමිය බෙදා වෙන්කර ඇති අන්දම ආගම් මෙන්ම වෙනත් හේතුද පදනම් කොටගෙන ඇත. බෞද්ධ, හින්දු, රෝමානු, කතෝලික, දෙවැනි ලෝක යුද්ධයේ මියගිය පොදුරාජ්‍ය මණ්ඩලීය සෙන්පතියන්, මෙන්ම ජපන්, ජර්මන් ඒකකද මෙහි දැකගත හැකිය. ඉස්පිරිතාලවල මහපාරවල අවසන් ගමන් ගිය දේහයන් වෙනුවෙන් ඇති කොටස් හැඳින්වෙන්නේ ‘අනාත බ්ලොක්’ එක ලෙසය. මේ ‘අනාථ බ්ලොක්’ එක ගැන කදිම විශේෂාංග ලිපියක් හැටේ දශකය අග ලංකාදීපයේ පළකොට ඇත්තේ නාරගල කිත්සිරි සමරනායක විසිනි.
නිවෙස්වලින් තරහ වී කොළඹ එන තරුණ​ෙයක් මෙන්ම විවිධ පුද්ගලයින්ද අනතුරුවලින් මියගොස් මහරෝහලේ සිට ගෙනා දේහය ඇල්බීසියා පෙට්ටියක දමා වළලන හැටි ගැන අනුවේදනීය පුවතක් එහි අන්තර්ගතයේ ඇත. මරණය ගැන දැනගෙන දුරබැහැර සිට ඥාතීන් එනවිට අද‌ාළ පුද්ගලයා මිහිදන්වී හමාරය. ඔහු හැඳසිටි ඇදුම් හා සාක්කුවල වූ පසුම්බි ආදිය ඥාතීන් ගමට ගෙන ගිය එකම සිහිවටන වී ඇත.
කොළඹ කනත්ත සුසාන භූමියේ ඇති වටිනාම සිහිවටන වී ඇත්තේ කිරිගරුඬ ප්‍රතිමාය. ඒවා නිර්මාණයකොට ඇත්තේ ඉතාලියේය. තම ආදරණීයන් මියගිය පසු ඔවුනට සිහිවටන කනත්තට ඉතාලියට යන්නට තරම් ධනවතුන් එකළ සිට ඇත. මෙයින් වැඩිමනක් කිරි ගරුඬ නිර්මාණ, ජේසුස් වහන්සේ, මරියතුමිය හා දේව දූතයින්ගේය. මෙවැනි ඉපැරණි කිරිගරුඬ නිර්මාණ එකතුවක් ආසියාවේ ඇති එකම භුමිය සංරක්ෂණයට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පියවර නොගත්තේ හොල්මන්වලට බය නිසා දැයි ඇසිය යුතුය.
මරණය ගැන අප බොහෝදෙනා හඳුන්වන්නේ අසුබ භයන්කර දෙයක් ලෙසය. එහෙත් තමා මියගිය පසු මිහිදන්කළ යුතු සොහොන් ගෙය හැදූ පුද්ගලයකුද මෙහි සිටී. ඔහු කවුරුත්දන්නා පිටකොටුවේ මේබල් ස්ටෝර්ස් අධිපති ඇස්.ඒ.සයිමන් පෙරේරාය. ඔහු ඉපදී ඇත්තේ 1898 දීය. උපන්දිනයට මෙන්ම මිතුරන් සමග විත් තම සොහොන් කොත යට පොඩි ෂොට් එකක් ‘මේබල් මුදලාලි’’ දමාගෙන ඇත්තේ ජිවිතයේ අනිත්‍ය බව කියමිනි. ඔහුගේ ගම වී ඇත්තේ මාතරය. නමුත් ව්‍යාපාර බංකොළොත්වී ගමට ගිය මේබල් මුදලාලිගේ අළුටිකවත් ‘කනත්ත ඉඩමේ හැදූ මේබල් හවුස්’ එකට තැන්පත් කරන්නට ගෙන ඒමට නොහැකි වී ඇත්තේ ජිවිතයේ අනිත්‍ය බව කියාපාමින් විය යුතුය.
එක්දහස් නවසිය මුල්ගණන්වල පුවත්පතක ඇති වාර්තාවක ඇත්තේ ​ෙජ්‍යාතිෂය ගැන දැඩි මතවාදයක සිටි පුද්ගලයකු තමන් මිය යන වේලාව බලා වළක් කපා හිඳගෙන සිටි බවය. නමුත් ඔහු මියගොස් නැත. නමුත් දෙවැනිවර වේලපත්කඩය බැලූ කේන්දරකරුවකු මැරෙන නැකත ටකේට කියා ඇත. අදාළ පුද්ගලයා එවරද වළක් කපා මියයන වේලාව එනතුරු බලා සිටින විට හෘදයාබාදයක් වැළඳී මරුමුවට පත්වී ඇත.
මේ කොළඹ ‘කනත්ත’’ සුසාන භුමියට වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ එච්.ආර්.ජෝතිපාල කලාකරුවානන්ගේ අවමඟුල සඳහාය. ඊට පෙර සතියේ ‘රමණී බර්තොලමියුස්’ නිළියගේ අවමඟුලටය. මේ මළ ගෙවල් දෙකම දා සෙනඟින් කනත්තේ ඉදිකිරීම්වලට සිදු වූ හානිය ලක්ෂ ගණනක් ලෙස ගණන් බලා තිබුණි. ඩෙන්සිල් කොබ්බෑකඩුව, ලලිත් ඇතුළත්මුදලි අවසන් කටයුතුවලදී එක්වූයේද දැවැන්ත සෙනගකි. කොබ්බෑකඩුව අවමංගල්‍යයේ වූ විශේෂ සිදුවීමක් නම් ප්‍රේමද‌ාසගේ කොන්තරාත්තුවකට ලිපි ලියූ අදත් වැජ​ෙඹන ලේඛකයකුට යට ඇඳුම පිටින් ගෙදර යාමට සිදුවීමය. පානදුරේ අරියධම්ම හිමිගේ අවසන් කටයුතු පැවති දින උදෑසන සිටම උපාසකම්මලාගෙන් ‘කනත්ත’ සුසාන භුමිය පිරි ඉතිරී ගිය බව එද‌ා ‘දවස’ පුවත්පත අනුර ගුණසේකරගේ ඡායාරූපයක් සමගම පළකොට තිබුණි.
බොරැල්ල කනත්ත සුසාන භුමිය මෙරට සිටි විශිෂ්ටතම පුද්ගලයින් මිහිදන්වී ඇති තැනකි. අනගාරික ධර්මපාල තුමාගේ සොහොන් කොත මෙන්ම ඩී.ඇස්. පරම්පරාවේ සොහොන් කොතක්ද මෙහි දැකිය හැකිය. එච්.ආර්.ජෝතිපාල, ක්ලැරන්ස් විජේවර්ධන, මිල්ටන් මල්ලවාරච්චි ආදී ගායකයින් බොහොමයකගේ සොහොන් කොත් නිසසලව ඔබදෙස බලා සිටිනු ඇත. පියදාස සිරිසේන ශූරීන්ද ඒ අතරය. දිනමිණ ආරම්භක කර්තෘ එච්.එස්. පෙරේරාගේ සොහොන් කොත ද මෙහි ඇත්තේ අසරණව දැයි එය දුටුවකුට සිහිවනු නියතය.
මේ ළඟකදි ද‌ාස හපුවලාන කාටුනයක් ඇඳ තිබුණේ මිනී පෙට්ටියක් ළඟ ආදායම් බදු ගොනුවක් සමඟ සිටින පුද්ගයින් දෙදෙ​ෙනකි. ආදායම් බදු නොගෙවූ පුද්ගලයින්ගේ අවමඟුල් කටයුතුවලට​ මේ ආණ්ඩුවට Funeral Tax එකක් ගැසිය හැකිය. පවුලේ සමාජිකයින් ලජ්ජාවටම හිඟ මුදල් ගෙවනු නියතය.
හැටේ දශකය මුලදී අඩි 9x4 භුමියක් අලෙවි වී ඇත්තේ රුපියල් පනස් හයකටය. මේ ප්‍රදේශයේ අද පර්ච් එකක් ලක්ෂ 50 කටත් මිලදී ගත නොහැක. එය ලක්ෂ 100 ඉක්මවා යන අවස්ථාද ඇත. එදා රු 56/- ට ගත් වළක් අද ලක්ෂ 20 ටවත් මිලදී ගන්නට නැතුව ලුහුඬු දැන්වීම් දමන ඉල්ලුම්කරුවෝ සිටිති. ඔබට මුදල් තිබේ නම් අද අන්තර්ජාල වෙන්දේසි හරහා ද මිනී වළක් මිලදී ගැනීමට හැකිය. නූතන ගූගල් තාක්ෂණය ඔස්සේ වළ ළඟටම ඔබට යා හැකිය මෙම සුසානභූමිය අන්තර්ජාලයට ද එක්වී ඇත. www.borellacemetry.lk එහි වෙබ් අඩවියයි.
මරණය කාටත් පොදුය. එහෙත් තමන් මියැදෙනු ඇතැයි නොසිතන පිරිසක්ද දැකගත හැකිය. තමන් මියෙන බව දත් ජාන ජනයින් මරා ගත්තේ නැත. අප කාටත් අවසානයේ යන්න ​ෙවන්නේ ඕං ඔතැනටය. ලොව කිසිවක් ස්ථිර නැත. ඊට වයසක්ද නැත. සිඟිති දියණියකගේ මරණයෙන් කම්පා වූ මවක් තැබූ සටහනක් උපුටමින් ලිපිය හමාර කරන්නේ සිතන්නට යමක් ඉතිරි කරමිනි.
සසර පුරා සැරි සරලා ආ මග
නැවතී මොහොතක් අපේ සෙවන යට
සිනා පොදක්වී සිටියා මතකයි
කඳුළු බිඳක් වී වෙන් වී ගියමුත්
දඟකළ කෙළිලොල් නැගු සිනා හඬ
රැව්දේ තාමත් අප හදවත් තුළ
ආයෙත් එනව ද සතුටක් අරගෙන
නිවන් යනෙන මග සසර මතු දිනක
කොතරම් සුවිසල් සුවපහසු මාළිගාවල දිවිගෙවෙන කොයි කවුරුන් වුවද අවසාන නිද්‍රාව සඳහා කුමන හෝ කනත්තකට පැමිණිය යුතු නොවේදැයි මෙම ලිපිය කියවන ඹබට, මට පසක් විය යුතුය.
උපුටා ගැනිමකි......
මූලාශ්‍ර:
වජිර ලියනගේ මහතා ලංකාදීපයට ලියූ ලිපියක්,
නිශානී හේරත් බන්නැහැක මහත්මිය සිලුමිණට ලියූ ලිපියක්
A day in the life

Saturday, June 15, 2024

අටසීයක් කඩ සන්ධිත් ඇති පයියා





අටසීයක් කඩ සන්ධිත් ඇති             පයියා
නව සීයක් වැල් බානෙන් බැඳි         පයියා
කරු දෙකකින් උසුලාගෙන යන      පයියා
කොතැන දමා යා නොදැනේ කයි     පයියා
බැලූ බැල්මට අසැබි කවියක් ලෙස පෙනී ගියද මෙය ඇසැබි කවියක් නොව බෞද්ධ ධර්ම කාරණා දේශනා කිරීමට ලියූ කවියකි.
මෙහි රචකයා අදින් වසර හත්සීයකට පමණ පෙර ජීවත් වූ හංස සන්දේශය රචනා කළ වීදාගම මෛත්‍රිය හිමියෝය.
උන්වහන්සේ විසින් රචිත කවි 162කින් යුත් දහම් ගැට මාලාව නම් කෘතියේ මේ කවිය ඇතුළත් වෙයි.
පයිය යනු වර්තමාන ව්‍යවහාරයේ අසභ්‍ය වචනයක් ලෙස සුලබව භාවිතා වන්නකි. අතීතයේද එය එසේ භාවිතා වූවාදැයි පැහැදිලි නැත.
කෙසේ වුවද අතීතයේ එය භාවිත වී ඇත්තේ පසුම්බිය, පැස, මල්ල යන අර්ථයෙන් වන අතර, ඇතැම් කෘතිවල මෙය පහිය යනුවෙන්ද සඳහන් වේ.
මේ කවිය දහම් ගැට කවියකි. එහි තේරුම මෙහි මතුපිටින් පෙනෙන අර්ථය වෙනුවට ඇතුළාන්තයේ සැඟවුණු වෙනත් අර්ථයක් ඇති බව සහ ඒ අර්ථය ධර්ම උපදේශයක් වන බවය.
ඒ අනුව මේ කවියේ පයිය යනුවෙන් අදහස් කරන්නේ මිනිස් ශරීරයයි.
අටසීයක් අස්ථි සන්ධි ආදියෙන් සැදුණ, නව සීයක් ලේ නහරවලින් බැඳුණු, පාද දෙකෙන් උසුලාගෙන යන මේ කුණු ශරීරය කොතැන කොයි මොහොතේ දමා යන්නට අපට සිදුවේදැයි කවුරුත් නොදන්නා බව මේ කවියෙන් අදහස් වේ.
සුපුරුදු ලෙස එහි ගැබ්ව ඇත්තේ ශරීරයේ අස්ථිර බව ගැන මෙනෙහි කරමින් ලෝකෝත්තර සුවය කරා මිනිසා යොමු කිරීමට අපේ පැරණි සාහිත්‍යකරුවා ගත් උත්සාහයයි.
මෙටාවෙන් ගත්තේ  - Next page 

A day in the life

Friday, June 14, 2024

පොඩ්ඩිගේ කථාව - දහවෙනි දිගහැරුම



 





 

අපේ දෙමව්පියන් විවාහව ඇත්තේ යෝජනාවකින්. සිරිත් ලෙස කේන්දර ගලපා, චාරිත්‍ර වාරිත්‍ර ඉටුකර නැකතට නිවසට කැන්දන් ආ මනාලිය සහ මනාලයා ඊට කලින් මුණ ගැසී තිබුනේ දින දෙක තුනකි.

දශක තුනක් පමණ මේ දෙදෙනා සතුටින් සහයෝගයෙන් කාලය ගත කල අරුමය ඉතාමත් කෙටි කලකින් කුඩුම්බය බිද හැර නැවතත් දෙමාපිය සරණ පැතූ මට හිතනා විටත් නින්දා සහගතය. විවාහයට කලින් අවුරුදු පහක් හයක් ඇසුරේ සිටියත් මට සමීරවත් සමීරට මා වත් තේරුම් ගන්නට නොහැකිිවී තිබිනි.

අපට බොහෝ ගැටුම් ඇතිව තිබුනේ එකිනෙකා කිසිම අවස්ථාවක එකග නොවන නිසා යයි මට දැන් සිතා ගන්න හැකිය.

පියානන් මහත්සේ කෝප වන විට අම්මා බැලලියක මෙන් නිශ්ශබ්ද වුවාය.අම්මාටද පියා සමග මත ගැටුම ඇතිව කේන්ති යන අවස්ථා ඇති විට ඔහු පසු බසින්නේය. බොහෝ විට අම්මාගේ කේන්තිය පහව යනතුරු මග හැරීමත් සැහැල්ලුවට ගැනීමත් ඔහුගේ සිරිතය.

මා ලග සිටියොත් “ පොඩ්ඩියේ අම්මාට දෝං ගිහිල්ලා නේ “ යයි කිියමින් වත්ත පහලට පසු බසින්නේය.

ඉද හිට මුණ රතු කර ගෙන වැඩියෙන් ඇස්පිල්ලම් ගසමින් ගෙදරට ගොඩ වදින තාත්තා අප සමග වැඩියෙන් හිනා වෙන කතා කරන දවසක “ අද නම් සරුවෙලා “ යයි කීවා මිස අම්මා අරගලයට ගියේ නැත.ලොකු දෙයක් වුනත් සාමදානයෙන් විසදා ගැණිමට ඔවුන්ට හැකියාව තිබුනේය.

එහෙත් අප .............?.

වත්ත පහල ඇවිද ගෙට ගොඩවදින අම්මා මොනවදෝ කියනා හඩින් මගෙ දැහැන බිද වැටුනේය.

“අම්මේ .......?. මම අම්මා විමසුවෙමි.

මොකද ? සරුංගල් අරිනව ද ? විමසන්නේ යෙහෙලියක විලසින්ය.

මට ලැජ්ජා ද සිතිනි. මට වන් විපතේ බරක් දරන අම්මාට ඒ ගැන වගේ වගක් නැත.

මම හෙට මනුස්සයෙකුට එන්න කිව්වා වත්ත එලිපෙහෙලි කරලා දාන්න. හොදටම කැලේ වැවිලා .

පොල් ගෙඩියක්වත් ඇහිද ගන්න බැහැ.

එ්ක හොදයි අම්මේ , මාත් හිත හිතා හිටියේ ගේට්ටුව ගාවට යන කම් මල් ගස් ටිකක් හිටවන්න.

පියානන් සිටි අවදියේ පිලිවෙලට සිරියාවට තිබු ඉඩම දැන් අක්‍රමවත්ය.අම්මාට තියෙන කාර්ය කටයුතු සමග මේ සියල්ලම කිරීමට ඇයට විවේකය මදි තරම්ය.දැන් මගේ කාලයෙන් කොටසක් ඇයට උදව්වට වැය කල හැකිය.

කාලය නතර නොවී ගලා යාම .එක් තැන පල් නොවී තිබෙනවාට වඩා හොදය. දවස අළුත් වන විට ඒ දවසටත් වැඩ කටයුතු ගොඩ නැගී තිබීම මට සතුටට කරුනක් විය.

අම්මා ඇගපත දොවා ගෙන “ පෝඩ්ඩියේ තේ එකක් බොමු කීවේ තේ එක අතේ තියන ගමන්ය.හෙට ඉඩම සුද්ධ කර අවසන් වු විට මගේ මල් වගා යෝජනාව ඇරබීමට අම්මා අනුමැතිය පල කලාය.

මම එකගවුනෙමි. සමීර සමග නම් වෙනත් මතයක් ඇතිවී අරගලයක් ඇරබෙනු ඇත.

 

A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon