මීදුම කතා කරන්නේ එතුමාගේ සේවය ගැන නොවේ. එතුමා
අපට ඉතිරි කල රසකතා කිහිපයක් ගැනය. මේ රස කතා තුලද ඇත්තේ ද එතුමාගේ පෞරුසත්වය
හා බුද්ධියේ නිම් වලළුයි.
1956 පිහිටවු රජයේ සංස්කෘතික අමාත්‍යාංශය
මගින් පවැත්වු පළමු සාහිත්‍ය උලෙල උත්සවශ්‍රීයෙන්
කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේදී පැවත්වුනා. මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා වුනේ
එවකට අගමැති එස් ඩබ්. ආර් ඩී . බණ්ඩාරනායක මැතිතුමා. එතුමා ගේ දේශණයෙන් පසු ඇමතුම
තිබුනේ මහාචාර්ය සෙනරත් පරනවිතාන. මහතාට. එතුමා දේශණය පටන් ගත්තේ මෙහෙමයි.
“මුලාසනේ හාමුදුරුවන්ගෙන් අවසරයි , පණ්ඩිත
සභාවෙන් අවසරයි ,දේශපාලන කතාවෙන් පස්සේ , කෝට්ටේ ඉතිහාසය ගැන මට අද කථා කරන්න
සිද්ධවෙලා තියෙනවා “ කියලා තම දේශණය පටන්
ගත්තා. බණ්ඩාරනායක මහතාත් වේදිකාවේ ඉන්නවා. රටේ ඉහලම බලවතා දේශපාලකයා. ඒත්
පරණවිතාන මහත්තයාගේ අභිමානය ඊට ඉහලින් .තියෙන බව අවසර ගැණිමේ වචන පේලි දෙක තුනේ
හැංගිලා තිබුනා.
ඒ එතුමාගේ හැටි.
තවත් දවසක ගුවන් විදුලියේ සාකච්ඡාවකට මෙතුමා
සහභාගි වෙනවා. මාතෘකාව “බුදු පිළිම වහන්සේ.”
ගොරහැඩි කළු ගලකින් ශාන්ත බුදු පිළිමයක් නිර්මාණය කලේ කොහොමද ? වැනි පැතිකඩ
කිහිපයකින් බුදුන් වහන්සේගේ පිළිම ගැන සාකච්ඡා වුනා. මේ සාකච්ඡාවට මාපලගම විපුලසාර හාමුදුරුවොත් මංජු ශ්රීමහත්තයත්
.මහාචාර්ය සෙනරත් පරනවිතාන මහත්තයත් සහභාගි වුනා.මේ සාකච්ඡාව යන අතරේ සංවාදකයා
මහාචාර්ය තුමාට ආරධනය කරනවා. ලංකාවේ බුදු පිළිම වල ඉතිහාසය ගැන මහාචාර්ය තුමාගේ අදහස කියන්න කියලා.
මහාචාර්ය තුමා කියනවා “ ලංකාවේ මුල්ම බුදු පිළිම
බොහෝම අඩුයි. හේතුව හුගාක් දෙනා බුලත් විටට කාලා .” කියලා.
ඊට පස්සෙයි කතාව පැහැදිලි කරන්න පටන් ගත්තේ.
ලංකාවේ බුදු පිළිම බොහෝමයක් හදලා තියෙන්නේ හුණු
ගලෙන්. ඒ ගල් පුච්චාපුවම විටට කන හුණු නිෂ්පාදනය වෙනවා. අපේ මිනිස්සු බුලත්
කන්න රුසියෝ.ඒ ගලෙන් හදපු බොහෝ බුදු පිළිම
විනාශ වෙලා කැඩුණු බිදුණු කොටස් මේ සදහා යොදවා ගෙන තියෙනවා.කියලා එතුමා පැහැදිලි
කරනවා.අපි පුරා විද්‍යාවේ වැඩ කරන කාලේ මෙවැනි උදවිය අල්ලා ගෙන දඩුවම් කරලත්
තියෙනවා.
එතුමාගේ කතාව
සාධාරනිකරණීය කලා
රාමා රාවනා සීතා වෘතාන්තය ගැන විවිධ මත
තියෙනවා.පරනවිතාන මහතාගේ මතය වුනේ රාමායනය සාහිත්‍ය ග්රන්ථයක් විනා ඉතිහාස ග්රන්ථයක්
නොවන බවයි. ඉතිහාසය ගොඩනැගීමේදී මූලාශ්‍රවන්නේ සෙල් ලිපි , කාසි ,පෞරාණික නටබුන්
මිස සාහිත්‍ය නොවන බව එතුමාගේ මතය වුනා. එකල පැවති සම්මන්ත්‍රණයකදී මේ පිළබදව
කරුණු ඉදිරිපත් කල එතුමා සහභාගී වී සිටි වියතුන්ගෙන් ප්‍රශ්න තිබේදැයි විමසුවා.
එක් වියතෙකු විසින් ඔහු නුවර එළිය ප්‍රදේශයේ
පිහිටි රාවනා ඇල්ලට ගිය බවත්,එහි ඇති ගල් ගුහාවක රාවනා විසින් සීතාවන් රදවා ගෙන සිට ඇති බවත්, එම ගල් ලෙන ආශ්‍රිතව
ඔවුන් භාවිතා කල බෙහෙත් හේත් තවමත් ඉතිරිව ඇති බවත් ඔවුන් ආහාරයට ගත් අග්ගලා වැනි
ගුලි විශේෂයක් හමු වු බවත් පැවසුවා . ඒ නිසා රාමායනය සාහිත්‍ය ග්රන්ථයක් නොවන
බවත් එය ඉතිහාස ග්රන්ථයක් බවත් තරයේ ප්‍රකාශකලා.
මෙම ප්‍රදේශයේ හමුවන ලිහිල් පාෂාණ ගුලි සීතා
අග්ගලා ලෙස හදුන්වනවා. හෝර්ටන් තැන්නේ අනවසර මැණික් ගරන්නන්ගේ කැණීම් වලදීද මෙම
පාෂාණ ගුලි හමුවෙනවා මේවා පාෂාණ නොවන බවත් රාවනා සීතා විසින් ගත් ආහාර වල ඉකොටස් බවයි වියතා ගේ තර්කය වුනේ..
පරනවිතාන මහතා වාඩි වී සිටි අසුනෙන් නැගිට මෛක්‍රපෝනය
ලගට ආවා. “ අග්ගලා තියෙනවා නම් ගමුකෝ බලන්න . එතුමාගේ පිළිතුර වුවේ එපමනයි. සභාව
එක හඩින් සිනා පැතුරුවා. වියතා පසු බැස්සා.
මුලසුනේ විශ්ව විද්‍යාලයක උප කුලපති වරයෙකු සිටි
එක් දේශනයකදී එතුමා තම දේශණය ආරම්භ කලේ මෙහෙමයි. “ මුලසුනේ උප කුලපති තුමාගෙන්
අවසරයි. උප කුලපති කියලා සංස්කෘතිකයේ කියන්නේ හොර මිනිහටයි.මම මේ කතා කරන්න යන්නේ
හුග දෙනෙක් කියවන්න බෑ කියලා අත් හැර දාපු ඉණ්දු නිම්නයේ රූපාක්ෂර කියවීම ගැනයි.
එතුමා දේශණය කරගෙන ගියා . ඒත් දේශණයට ප්රවිශ්ඨ
වුනේ හොර මිණිහා අමතලා.
රාජා
ධර්මපාල මහතා විසින් 1988 ඔක්තෝම්බර් මස “තුලන “ කලාපයට සැපයු ලිපියක් මුලාශ්‍ර කර
ගන්නා ලදී.