දෙමළ දේශපාලන පක්ෂ
විසින් ප්රභාකරන්ගේ මතයම තව දුරටත්
ඉදිරියට ගෙන යාමෙන් යලිත් රට අනතුරට පත් කිරීමට උත්සහායක නිරත වන බවක් මීදුම දකින්නක්. ඕනෑම ප්‍රශ්නයක දෙපැත්තක් සහ සාධාරණයක් තියෙනවා. දෙමළ දේශපාලන
පක්ෂ විසින් ඉල්ලා සිටින 13 ප්ලස් හා ආණ්ඩුව විසින් යෝජනා කරන 13 ප්ලස්
අතර තිබෙන වෙනස තුලනය කර ගැණිමට දේශපාලන පක්ෂ එකග නොවීමෙන් බ්‍රිතාන්‍යයයන්
විසින් ඉතිරි කරන ලද සිංහල - ද්‍රවිඩ විරසකබව තවදුරටත් දළු ලමින් වැඩෙන්න පටන් ගන්නවා.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පළාත් සභා සඳහා ඉඩම් බලතල, පොලිස්
බලතල ලබා නොදීම හා පළාත් සභා හා මධ්‍යම ආණ්ඩුව අතරට සෙනට් මණ්ඩලයක් පත්කිරීම
යෝජනා කරනවා. මෙම විසඳුම ලබාදෙනු ලබන්නේ, පාර්ලිමේන්තු
තේරීම් කාරක සභාවක් මගින් ලැබෙන අවසාන නිගමනය හරහා සමස්ත රට පුරා පැවැත්වෙන ජනමත
විචාරණයක අනුමැතියකින් පසුව බවයි රජය කියන්නේ.
ප්රජාතන්ත්රවාදය යනු දේශපාලන පක්ෂවල නායකයින්ගේම
කැමැත්ත නොවයි. අප රටේ ජනතාව මැතිවරණ වලදී කැමැත්ත පාවිච්චි කරන්නේ මොවුන්ගේ
පුද්ගලචර්යාවන් සහ රට පාලනය කිරීමේ බුද්ධිමත් භාවය ඇගයීමකට පත් කර ඒ අනුව සුදුසු පුද්ගලයාට චන්දය
දීමෙන් නොවෙයි. වෙනත් සරල හේතුන් සැලකිල්ලට
ගනිමින් චන්දය භාවිතා කරනවා. ආණ්ඩු ක්‍රම
ව්‍යවස්ථාවේ ඇතිවන වෙනස් කම් සදහා ජනමත් විචාරණයකට යාම යහපත් අදහසක්.
අපි
චන්දය දීලා පත්වන නියෝජි තයන් දුර නොදකින තම ගෙවත්තේ සීමාව පමනක් දකින බඩජාරීන් පිරිසක්. ඔවුන්ට රටේ අනාගතය ගැන හැගීමක්
නැහැ. . ආණ්ඩු පක්ෂයයේ අය නම් ඕනෑම
දේකට අත උස්සා පක්ෂ වෙනවා. විරුද්ධ පක්ෂයයේ අය ආණ්ඩුව කියන හැමදේටම විරුද්ධ වෙනවා. විවේචන එකගවීම් මොවුන්තුල දක්කට නැති ලක්ෂණයක්. මේක හරියට පඹ න්‍යායයක් වගෙයි.
උතුර
නැගණහිර නියෝජණය කරන දේශපාලන පක්ෂ යුද්ධයක් ඇතිවී අවුරදු තිහකට වැඩිකාලයක් ආපස්සට
ගෙන ගිය සිංහල - ද්‍රවිඩ - මුස්ලිම් ආදී සියළු ජාතින්ට අයත් ශ්‍රී ලංකාව යලිත් වියවුලක් ඇති කිරීමට මගපාදමින් ඉන්නවා. මේ වියවුල කකුලෙන් නොඇද විසදා ගැණිම රජයත් - සියළු විපක්ෂයේ දේශපාලන පක්ෂ
වලටත් රට වෙනුවෙන් ඉටු කල යුතු යුතුකමක් .
ත්‍රස්තවාදී ව්‍යාපාරයෙන් යා යුතු
අරමුණ කරා යා නොහැකි බව කාටත් තහවුරු වුනා. ද්‍රවිඩ නායකයින් ඒ අරමුණු මතම පිහිටා සාකච්චා කරනවාට වඩා කාටත්
සමානාත්මකතාවයක් ඇති වන කරුණු ගැන කතා කරනවා නම් මේ විරසකබව ඇති වන්නේ නෑහැ.
යුද්ධය
අවසන්ව ගෙවී ගිය පසුවන මේ කාලය දේශපාලණිකව ආණ්ඩුව තවත් යුද්ධ කිහිපයකට මුහුණ
දෙමින් අවධානමක යෙදී සිටි බව පැහැදිලිවු කරුණක්. තවමත් ඒ බව හා තර්ජණ පහවී නැහැ .අමරිකාව
, ඉන්දියාව පැහැදිලි ලෙස අපේ රටේ දේශපාලන ක්‍රියාකාරකම් සදහා බලපෑම් කරනවා.
ඇමරිකාව ඇතුළු යුරෝපා රාජ්‍යයන් කිහිපයක් විසින්
ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත්
කිරීමට ගෙන ඇති තීරණය පසුගියදා මාධ්‍ය තුල පලවු
වාර්තාවක්. ඉන්දියාව විසින් 13 ට වැඩි බලයක් ලබාදෙන ලෙස ආණ්ඩුවට බල
කර සිටිනවා. සම්බන්ධන්, සංගරි, පිල්ලෙයාන්
ඇතුළු සියලුම ද්‍රවිඩ දේශපාලන නායකයින් එක් තැනකට පිවිස 13
සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුවට බලකිරීමට පටන් ගෙන තිබෙනවා.
මෙය යම්
තරමකට 1987 දී රජිව් ගාණ්ධි විසින් ජේ.ආර්. ජයවර්ධණ රජයට කරන ලද බලපෑම් වලට සමානකර
දැක්විය හැකි තත්වයක්.
මහින්ද රාජපක්ෂ රජය සමග දකුණේ ජනතාව යම් යම් විරසක භාවයන් තුල
සිටියත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා
අතහැරයාමට තරම් උවමනාවක් තවමත් එම ජනතාවට ඇතිවී
නැහැ. 1987 දී ඡේ. ආර්. ජයවර්ධණ මහතාගේ රජයට
ඉන්දියාව විසින් ඇති කරන ලද පීඩනය මැඩ පවත්වා ගැනීමට තරම් ජනතාවගේ සහයෝගයක් එදා ඡේ.
ආර්. ජයවර්ධණ මහතාට නොලැබුන බව කඩුල්ලේ මතයයි.
මෙහි ප්‍රතිපලයක් ලෙස අපේ රටට
ඉන්දියාව විසින් ඊළම වෙනුවට පළාත් සභා හරහා ව්‍යවස්ථාපිත ඊළමක් ඉදි කර ගැනීම
සඳහා දෙමළ වර්ගවාදයට අවස්ථාව ඇති කරනු ලැබුවා. අපට පලක් නැති පලාත් සභාවක්
ලැබුවා. අපේ රට පරිපාලන වියදම් අතින් ඉහලම රට බව අප අමතක කරන්න හොද නැහැ.
පොලිස් හා ඉඩම් බලතල සහිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි
සංශෝධනයට එහා ගිය දේශපාලන විසඳුම ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන්නේ නම් නැගෙනහිර පළාතේ මුස්ලිම් කොංග්‍රසය
යටතේ ඇති ප්‍රදේශ වන ත්‍රිකුණාමලය, මඩකලපුව, පොතුවිල්, සමන්තුරේ
හා කල්මුණේ ප්‍රාදේශීය සභාවන් සහ මුස්ලිම් ජනතාව වෙසෙන අනෙකුත් නැගෙනහිර පළාතේ ප්‍රදේශ
ඒකාබද්ධ කර නව පරිපාලන ඒකකයක් ඇති කර ඊට පොලිස් හා ඉඩම් බලතල ලැබිය යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ
මහ ලේකම් ටී. එම්. හසන් අලි මහතා
ප්‍රකාශ කරනවා.
13+ තුල විශාල පරාසයක භුමිකාවක් දරන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානය.
එහි නායකයාගේ මතය මෙන්න මේ වගෙයි. "අප රට
බෙදන්න කියා ඉල්ලුවේ නැහැ. අපගේ ජනතාවගේ අයිතිවාසිකම් ලබාදෙන ලෙසයි ඉල්ලන්නේ. අපගේ
ජනතාවට අවශ්‍ය ස්වයං පාලනය පළාත් සභාවට ලබාදෙන ලෙසයි ඉල්ලන්නේ. ද්‍රවිඩ භාෂාව කතා
කරන ජනතාව හා නායකයන් දිගින් දිගටම රැවටීමට ලක්කරනු ලැබුවා. යළිත් එසේ රැවටීමට
බැහැ"
දැනට අපට ලැබී ඇති අවස්ථාව හරිහැටි ප්‍රයෝජනයට ගැනීම අපගේ
වගකීමයි. රජයත් ඒ පිළිබඳව වගකීමෙන් කටයුතු කළ යුතුයි. ස්ථිර විසඳුමක් ඇතිවීමට ජන
කොටස් තුනම සමානත්වයෙන් යුතුව තම අයිතිවාසිකම් හා පාලන බලය ලැබිය හැකි ආකාරයේ
විසඳුමක් ඇතිවිය යුතුයි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද ඇතුළත් විය යුතුයි.
මේ කතාව තුල භූමිය බෙදා ගන්නා තර්ජණයක් විද්‍යාමාන වනවා.
දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම්
කොංග්‍රසය සහ කම්කරු කෝන්ග්‍රසය පසුගිය කාලයේ දේශපාලනය තුල පෙන්වු බලහත්කාරකම් අපට අමතක කරන්නත් බැහැ. ඔවුන්ට මේ රටේ ආණ්ඩු හදන්නත් ආණ්ඩු ගෙදර යවන්නත් හැකි බලයක් තිබුණා.
ලංකාවේ ජාතීන්ගේ ප්රශ්නය
විෂයෙහි විසඳුමක් ලෙස බලය බෙදා ගැනීමේදී පොලිස් හා ඉඩම් බලතල අත්‍යවශ්‍ය බව
ආණ්ඩුවේ ප්‍රධාන ම දෙමළ හවුල්කාර පක්ෂය වන ඊලාම් මහජන ප්රජාතන්ත්රවාදී පක්ෂයේ
නායක ඩග්ලස් දේවානන්දා පවසනවා. සිංහල -දෙමළ ජනතාවන් අතර විශ්වාසය ගොඩනැඟෙන තෙක්
පොලිස් හා ඉඩම් බලතල පිළිබඳව මොහොතකට අමතක කර වැඩ කල යුතු බව ඩග්ලස් දේවානන්දා මහතාගේ මතය. ඔහු රජය සමග සිටිනා
නිසා යම් සංහිදියාවක සිටිනා බවක් දකින්නට පුළුවන් . ඒ වගේම මධ්‍යස්ත ද්‍රවිඩ
ජනතාවගේ මතයත් මෙයට සමාන වන්නත් පුළුවන්.
මේ මතවාදයන් විශ්ලේෂණය කරන විට පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතල ලබාදීම තුළින් දෙමළ ඊළමක්
බිහිවන බව සිංහල ජනතාවගේ අදහසයි. ඒ වුනත් කවදා හෝ
ටිකෙන් ටික එතනට යන බව මීදුමේ දැක්මයි.
බහුතර සිංහල ජනතාවගේ
ජන්දය මත යැපෙන දකුනේ ප්‍රධාන දේශපාලන පක්ෂ වලට සිංහලයන්ගේ හඩට සවන් දෙන්න සිද්ධ වෙනවා. බහුතර සිංහල ජනතාව එබඳු අදහසක් දරද්දී ඉඩම් සහ
පොලිස් බලතල පළාත් සභාවන්ට ලබාදීම ආණ්ඩුවට තනියෙන් කරන්න පුළුවන්ද? යන්න අප සිතිය යුතු කරුණක්. ආණ්ඩුවටත් ප්‍රධාණ දේශපාලන පක්ෂ වලටත් ජනමත විචාරනයක් ආදේශ කිරිම තුලින් ඇග ගලවා ගන්න පුළුවන්. මස් රාත්තල අයදින දේශපාලන පක්ෂ වලට ජනතාවගේ කැමැත්ත මොකක්ද කියලා දැන ගන්නත් පුළුවන්.
.