Thursday, May 02, 2024

හැමදාම මැයි දිනේ ඇත්නම්












රටම කම්බස් කරපූ
පක‍්ෂ වල ලකුණු
බස්රථවල අලවගෙන
කම්බා හොර මුහුණු
වේලක් කන්නට
දවසක් ම නැහුණු


රෙදි නැතිව කොළඹ යති
පිරිමී සහ ගැහැණු
ඊයේ පාන්දර දවස මගේ පටන් ගත්තේ ඔහොමයි.
ඇදේ ඉදන් ම ,අපේ ගමේ හැරවුම මාතර යන්න රොද බදින සද්දේ අහ ගෙන හිටියා.උද්යෝගය අපුරුයි
අලි පොහොට්ටුු ටෙලිපෝන් කොළඹ යන තදියමේ.
බස් ,පෝලිමේ හෝන් කරගෙන රේස් යනවා
එක එක පාටට කොඩි බැලුන් එල්ලා ගෙන.
මේවා බල බල මගේ විකාර හිතට චිකාගෝ , ගුණසිංහ මතක් වෙනවා.
ලංකාවේ නම් කම්කරු සුබ සාධනය ගැන මුලින්ම අවධානය තිබුනේ බණ්ඩාරනායක රජයට.ටී.බී. ඉලංගරත්න ..........ඔය වගේ නම් කිය වෙනවා.
දවස ගෙවෙනවා. අපේ සිරිපාල සර් ( සිරිපාල කහවත්තගේ ) ට පේනවා පාරේ තියෙන කලබලේ. ඇතිමලේ තියෙන්නේ වැල්ලවායේ . සිරිපාල සර් රත්නපුරේ. වැල්ලවාය ඉදන් කොළඹ යන බස් එකක් දකිනවා
මැයි දිනේට කොළඹ ගෙනාපු ඇති - මොළේ හරමානිස්

එක්ක එනකොට
උදේ බස්වල
ලැබුනා කෑමත්
අරක්කුත්
මෙහේ ආපසු
ඔහේ එක්කන්
ගියා දුන්නෑ
වතුර වත්
කතා ඇහුවා,
විසිල් කෙරුවා
ගැහුව මං තව
අත්පුඩිත්
මගේ ළඟ නෑ
රුපියලක් වත්,
ගෙනා උන් නෑ
දකින්නත්
දැන් කෙහොමද ආපහු යන්නේ ? .හර - මානිස්ලාගේ ඉරණම එහෙමයි.උදේ බස් එකට නග්ගා ගන්න තිබුන කරුනාව ආදරය හවස නැහැ. ඉර එලියෙන් අපි වගේ හර මානිස්ලා කවි ලියන්නේ ස්ටේජ් ඒකේ බැබලෙන තරූවලට.
අපේ ‍ නඩේ තව එක්කෙනෙක් රෝහිණි නංගී. සිරිපාල සර් තරම‍ෙ සැර නැතිවුුුනත් කියන දේවල් කනට යන්නේ හිත රිදවගෙන.
ඈ මැයි දිනේ සැබෑව දැක්කේ මෙහෙමයි.

සැබෑව
********************

සරෝජා මගෙ නංගි යේ
උඹ අඬන්නේ කුස ගින්දරේ
ටිකක් අල්ලා හිටින්කෝ තව
අප්ප ඒවී ගොම්මනේ .

කම්බි වැට පැනලා ගියෝතින්
පොලිස් මාමල සැර කරාවී
බලා හිටපං හැංගිලා වගෙ
උන් එකට පෙළපාලි යාවී .

නාට්ටාමිල හැමෝටම අද
පාට පාටින් කමිස දේවී.
හීන පැලවෙන බින්න දෙසමින්
බිංකුන්ඩො වගෙ උන් නටාවී .

පොතක් ගන්නට සොච්චමක් නැති
විළි වහන්නට යට ඇඳුම් නැති
සරෝජා උඹ පින්න මල වගෙ
හෙටක් ගැන අප්පා ට බය ඇති.

චිකන් කකුලක් එක්ක කාපං
බත් පාර්සලයක් ගෙනේවී
බෝදිසත්තයො වගේ මහතුන්
මොණර කොළ සතුටින් බෙදාවී.

තෙමෙන තැන් වහගන්න නම් ඔය
ඉටි කොලේකින් ඇහැක් වේවී
හැමදාම මැයි දිනේ ඇත්නම්
හැමදාම අපෙ බඩ පිරේවී .

වහලට නගිනකම් විතරයි ඉණිමග ඔන වෙන්නේ වහලට නැග්ගට පස්සේ ඉණිමග ඔන වෙන්නේ නැහැ.. බහින්න තුන් හිතකින්වත් හිතනන්නේ නැහැනේ..

අද පාන්දර මෙටාවට ගියාම සුරංග බණඩාරයන් හමූවූනා. ඒයා තව ටිකක් උපේක‍්ෂා සහගත වෙලා. කොයි දේත් අපිට මයි වගේ කියලා හිතනවා “ජනහමුවල අහුකොන්වල - අපේ නමත් රැදුනා -ඇතැම් තැනක අපේ සුසුම - සාදයකට හැරුනා....” කියලා හිත හදාගත්තත් හැමදාම හැම තැනම වෙන්නේ ඒ්කයි කියලා හිතෙනකොට හිත නම් බොහොම රිදෙනවා.

 මහ පාරේ ගිණි අවුවේ

 දහදිය වැසි මවනා

අපටම හිමි වූ දිනයත්
මහපාරෙම ගෙවුනා...
අද මැයි පළවෙනිදා බව
යකඩ කටින් ඇසුනා
එහි යනවිට සියළු කතා
අවසන් වී තිබුනා...
අපි වෙනුවෙන් එසවුණු කොඩි
දෙමංසලේ සැලුනා
අදට වඩා හෙට වැඩ
පැවරෙන බව මට පෙනුණා...
ජනහමුවල අහුකොන්වල
අපේ නමත් රැදුනා
ඇතැම් තැනක අපේ සුසුම
සාදයකට හැරුනා....
මහ පාරේ ගිණි අවුවේ
දහදිය වැසි මවනා
අපටම හිමි වූ දිනයත්
මහපාරෙම ගෙවුනා...

මේක වේදනාවක් නෙමෙයි. වෛරයක් කෝපයක් හිතේ දැල්වෙන ක්‍රියාදාමයක්. 71 ත් 81 -89 ත් පිපුරූවේ මේ වේදනාව. ඒක හිතන්නේ නැතිව බලය ගැන විතරක් හිතුවොත් ගෝඨාට වු දෙය අතලග විය හැකියි කියලා මට හිතෙනවා.මේ දවස් වල බොර්ඩ් ලෑලි හොයා ගෙන එවා අල්ලගෙන කවි ලියන අය ඉන්නවා.අපි රැවටෙයි . කියලා හිතගෙන.
මැයි දිනයත් ඉවරයි.

අපි කවි ලියමු හිරු එළියෙන් හදට..............


A day in the life

Wednesday, May 01, 2024

අපේ මැයි දිනය.




ලංකාවේ පහළ වූ පළමුවැනි කම්කරු නායකයා ඇලේක්සැන්ඩර් ඒකනායක ගුණසිංහය. ඔහු දේශපාලන අරමුණු සහිත පුද්ගලයෙකි. එවකට මේ රටේ තිබූ සුදු ජාතික පාලනය සමග දේශපාලනය නොකර ස්වදේශික බහුජනතාවට හරියන දේශපාලන ක්ක්රමයක්් ඔහු සොයමින් සිටියේය. එකල මේ රටේ සමස්ත ශරම බළකායෙන් 99% ක්ම සෑදී තිබුණේ කම්කරුවන්ගෙන් සහ ගොවියන්ගෙනි. ඒ නිසා කම්කරුවන් සමග එකතුවීම යහපතැයි ඔහු කල්පනා කළේය.

සිය දේශපාලන අරමුණේ කොටසක් වශයෙන් ඔහු කම්කරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් සටන් කළේය. ඔහු සිවිල් නීතිද කැඩුවේය. ඒ නිසා ලංකාවේ බරිතාන්ය ආණ්ඩුව හැකි හැම විටම ඔහු දණ්ඩනයට යටත් කළේය. ගුණසිංහ මේ කට්ට කාගෙන ඉස්සරහටම ගියේය. තමා යටතේ කම්කරු බලය ඒකරාශී කරගැනීමට නම් ලංකාවේ සිටින සියලු කම්කරුවන් පක්ෂ භේද නොසලකා එක දේශපාලන කේන්ද්රයකට කැඳවිය යුතු බව ඔහු සිතුවේය. මෙය ගුණසිංහ විසින් අනුගනමය කළ හොඳම දේශපාලන ක්රමය විය හැකිය. ඒ අනුව චිකාගෝ නුවර මැයි දින සැමරුම ගුරුකොට ගනිමින් 1928 මැයි 1 දා ඔහු මැයි දින සැමරුමක් කැඳවීය.
එකල ලංකාවේ සිටි කම්කරු පන්තිය රා සහ කසිප්පු ගසන සූස්ති උරණ බීඩි බොන නාවර පෙරාගෙන සිටින පරිහානිගත කොට්ඨාසයකි. මේ පරිහානිය ඇතිවුණේ ලංකාවේ කම්කරු පන්තිය නිතරම නාගරිකය මුල්කරගෙන බිහිවූ නිසාය. එක්දහස් නවසිය ගණන්වල මේ රටේ නාගරික සංස්කෘතිය බෙහෙවින් කුජීත වූ සංස්කෘතියකි. එයට හේතුව අධිරාජ්යවාදී පීඩනය, මත් පැන්වල බලපෑම, සඵලභාවය වැනි කාරණා හේතුවෙන් මේ රටේ නාගරික කම්කරු පන්තියේ මනස කුපාඩිකරණය වී තිබීමය.
මේ තත්ත්වය සම්බන්ධයෙන් එදා සිටි කම්කරු පන්තියට අප දොස් නොනැඟිය යුතුය. එදා සිටි මිනිසුන් භුක්ති වින්දේත් ආපසු සමාජයට දුන්නේත් තමන් අත්විඳින අත්දැකීම් හා සමාන අත්දැකීම්ය. මෙකල කම්කරු පන්තිය 1800 ලන්ඩනයේ ජීවත්වූ බි්රතාන්ය නාගරික කම්කරු පන්තිය මෙන් නූගත් අය වූහ. ඔවුන් පත්තර කියවූයේ නැත. කියවීමට පත්තර ඔවුන්ට තිබුණේද නැත. පොත්වල තිබූ දේවල් ඔවුන්ට තේරුණේ නැත. ඒ නිසා ඔවුහු සිය විනෝදාංශ වශයෙන් මත්පැන් පානය කිරීම සහ රති කෙළියෙහි යෙදීම තෝරා ගත්හ.

අප මෙහිදී ලංකාවේ කම්කරු පන්තිය ලෙස හඳුන්වන්නේ පිරිමි ජනතාවය. කල මේ රටේ කම්කරු පාන්තික බහුතරය බිහිවී තිබුණේ පිරිමින්ගෙනි. එකල සිටි ජනයා තමන් සිටින තැනින් අඟලක් හෝ උඩට පැමිණිය යුතු බව කල්පනා කළේ නැත. එසේ කල්පනා කිරීමට අවශ්ය මානසික පරිසරයද ඔවුන්ට තිබුණේ නැත. කොටින්ම මනුෂ්යයන් වශයෙන් දියුණුව කරා යා යුතු බව ඔවුන් දැන සිටියේම නැත. ඇලේක්සැන්ඩර් ගුණසිංහ මේ නරුම, පාෂාන්ඩ පිරිමි පරජාව එක අරමුණකට තල්ලු කිරීම සඳහා මාරම පරිප්පුවක් කෑවේය.



ලංකාවේ පළමු මැයි දින රැස්වීම 1927 මැයි 1 දා පැවති බව අපි ඔබට කීවෙමු. 1933 දී පළමු වන මැයි දින රැළිය පැවැත්වීමට ඇලේක්සැන්ඩර් ගුණසිංහ ට හැකි විය. එනම් ඔහුට මේ රටේ කම්කරු පන්තිය මේච්චල් කරගැනීමට අවුරුදු 5 ක්ම ගතවිය. පළමුවන මැයි දින රැළියට පැමිණි අයගෙන් සෑහෙන පිරිසකට රතු කමිස ඇන්දවීමට ගුණසිංහට හැකි විය. . 1900 මුල් කාලයේ පවා ලංකාව ඉතා අන්ධකාර වැඩවසම් ගැමි  රාජ්යයකි. එකල මේ රට පාලනය කළෝ සුදු හැතිකරයත්, ‍  රභූ ජනතාව නමැති හැතිකරයත් ය. 

ර්ථසාධක අරමුදල් අයිතිය ලබා ගැනීම මේ සඳහා පීටර් කෙනමන් මහතා හා එම්. ජී. මෙන්ඩිස් මහතා සිදු කළ මෙහෙය අගය කළ යුතුයි. එමෙන්ම ටී. බී. ඉලංගරත්න මහතා කම්කරු ඇමැති ලෙස අර්ථ සාධක අරමුදල් අයිතිය පෞද්ගලික අංශයට ලබාදීමට ගත් තීරණය වැදගත් වේ.

රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු වමේ වයාපාර විසින් ගෙන ගිය අරගලයක ප්රතිපලයයක් ලෙස 1956 දී අග්රාමාත්ය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසින් මැයි දිනය නිවාඩු දිනයක් බවට පත් කළේය. ඒ අනුව මැයි දිනය නිවාඩු දිනයක් කර හැටහයවෙනි සංවත්සරය මෙවර මැයි දිනයට යෙදෙන්නේය.


1987 හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් මැයි දින පෙළපාළි හා රැස්වීම් පැවැත්වීම තහනම් කළේය. එදින ලංකා සම සමාජ පක්ෂය, ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්රී ලංකා මහජන පක්ෂය ඇතුළු වමේ ව්යාපාරය සංවිධානය කළ මැයි පෙළපාළියට පොලිස් ප්රහාරයක් එල්ල විය.

කෙසේ වෙතත් අද මැයි දිනය කම්කරු පන්තියේ අවශ්යතා මත නොපවත්වන අතර එක් එක් දේශපාලන පක්ෂවල පටු දේශපාලන අවශ්යතා සඳහා මැයි දිනය යොදා ගනී. නිල්පාට, කොළ පාට, කහ පාට විවිධ වර්ණ යොදා ගනිමින් කම්කරු පන්තියේ අරමුණු අපේක්ෂා හා ඉල්ලීම්වලට පටහැනිව පත්වන මැයි සැණකෙළිවලින් වෙන් වී කම්කරු පන්තියේ වර්තමාන හා අනාගත අරමුණු සඳහා මැයි දිනය යොදා ගැනීම ගැන වැඩ කරන ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂවල හා සංවිධානවල වගකීම වෙයි.

අප්රේල් 30

දිවයින කතුවැකියෙන්



A day in the life

Tuesday, April 30, 2024

මැයි දිනය



අපේ රටේ මැයි දිනය එක් ඒක් දේශපාලන පක්ෂවල හයිය පෙන්වා කයිවාරු ඇද බා මෝඩ චූන් ගන්නා දිනයකි. හතර දිග් බාගයෙන් බස්රථවලින් දූම්රියෙන්  සහ විවිධ ප්‍රවාහන පහසූකම් සපයා ටී ෂර්ට් ඒකක් තොප්පියක් පලදා අරක්කු ටිකක් කෑම පාර්සලයකින් සප්පායම් කරවා වේදිකාවට හුරේ දම්මවා ගැනීම මිස මැයි දිනක අරුතක් වත් ලංකාවේ මැයි දිනය දා දක්නට නැත.

1886 වර්ෂයේ ඇමෙරිකාවේ  වැඩවර්ජන හා පෙළපාලිවලින් යුත් අරගල වසරක් විය. ඊට තුඩු දුන් ප්‍රධාන ඉල්ලීම වූයේ පැය අටකට සීමා වූ සේවා කාලයක් දිනකට ලබා ගැනීමයි.

1886 යේ මැයි 1 දින චිකාගෝ නගරයට හතළිස් දහසක පමණ වැඩ වර්ජිත කම්කරුවන් පිරිසක් වීදි බැස සාමකාමී පෙළපාලියක් පැවැත්වූහ. මේ පෙළපාලිය මැයි 2 හා 3 යන දෙදින තුළත් පැවැත් විණ. චිකාගේ නගරයේ මැක්කොමික් කර්මාන්ත ශාලාවේ වැඩවර්ජනය කඩා කප්පල් කර දැමීමට හාම්පුතුන් දැරූ උත්සහයේදී වැඩ වර්ජකයින් හා එය මර්දනය කිරීමට පැමිණි අය අතර ගැටුම් ඇති විය. මැයි 3 වන දින මේ සිදුවීම් උග්‍රවීම හේතුකොට ගෙන පොලීසියේ  වෙඩි තැබීම නිසා හය දෙනෙකු මියගොස් පනස් දෙනෙකු තුවාල ලැබූහ.

මේ වෙඩි තැබීමට විරෝධය පාමින් මැයි 4 වන දින යෝධ රැලියක් චිකාගෝ නගරයේ මධ්‍යම චතුරශ්‍රයේ පවත්වනු ලැබීය. හාම්පුතුන්ට විරෝධය පළ කිරීමට පැවැති මේ අරගලය පසුව පොලීසියට විරුද්ධත්වය පළ කිරීමට පැවැති අරගලයක ස්වරූපයක් ගත්තේය. ආණ්ඩුව තවදුරටත් හිංසාකාරී පිළිවෙතකට පිවිසීමට ඉඩ ඇති හෙයින් නොසැලී සාමකාමීව සංවිධානාත්මකව අරගලය ඉදිරියට ගෙන යෑමට නායකයෝ වැඩ වර්ජිකයින්ට උපදෙස් දුන්හ.

 රැලිය අවසන්වීමට මදකට පෙර පොලිසිය ඒ ප්‍රදේශයට පිවිසියේය.  නාඳුනන පුද්ගලයෙකු විසින් විසිකරනු ලැබූ අත්බෝම්බයකින් පස්දෙනෙකු තුවාල ලැබූ අතර එක් අයකු මරුමුවට පත් වූයේය. මෙසේ මරුමුවට පත් වූ පුද්ගලයා පොලිස් නිලධාරියකු බැවින් එතැන් පටන් පොලීසිය ඉවක් බවක් නොමැතිව කම්කරුවන්ට වෙඩි තබන්නට පටන් ගත්තෝය. ඉන් පසු පොලීසියේ මර්දනකාරී වැඩපිළිවෙළ මුළු ඇමෙරිකාව පුරාම ක්‍රියාත්මක විය.

වැඩවර්ජකයින් හට පහර දෙන්නටත් වෘත්තීය සමිති කාර්යාල කඩා බිඳ දමන්නටත් පටන් ගත්තේය. එතැන් පටන් සටන ආණ්ඩුව සහ කම්කරුවන් අතර සටනක් බවට පරිවර්තනය විය. බෝම්බ ගැසූ සිදුවීම සම්බන්ධයෙන් චිකාගෝ නගරයේ කම්කරු නායකයන් අට දෙනකු අධිකරණය හමුවට මිනීමැරුම් චෝදනා මත ඉදිරිපත් කෙරිණි. ඉන් හත් දෙනකු සිද්ධිය වූ මොහොතේ නොසිටියත් ඔවුන්ට විරුද්ධව විරෝධතා ගොනු කෙරිණි. නඩු විභාගය අපක්‍ෂපාතී නොවීය. කම්කරු විරෝධී පුද්ගලයන් මේ ජූරි සභාවට කැඳවා තිබිණි. ඒ දැඩි දඬුවම් ලබාදීමේ පූර්ණ නිගමනවලට අනුවය. මෙහි සාක්ෂි ලබාදුන් අයට අල්ලස් දී තිබූ බව පසු කලෙක හෙළිදරව් විය.

අධිකරණයට ඉදිරිපත් වු විත්තිකරුවන් දැඩි ආත්ම ගෞරවයකින් හා එඩිතර බවකින් යුක්තව තමන් නිවැරැදිකරුවන් බව ප්‍රකාශ කරමින් ආණ්ඩුවටත් පොලීසියටත් විරුද්ධව තියුණු ලෙස චෝදනා ඉදිරිපත් කළෝය. මෙහිදී ඔස්කාර් තිබේම යන වෘත්තීය සමිති නායකයාට වසර පහළොවක සිරදඬුවමක් හා අනෙකුත් සියලු කම්කරු නායකයන් එල්ලා මරා දැමීමට නියම කෙරුණි. 

මරණ දිනය ළං වෙත්ම අධිකරණ තීන්දුවට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් මුළු රට පුරාම දියත් කරනු ලැබීය.  විරෝධය පළ කොට විදේශ රටවලින්ද පෙත්සම් ගලා එන්නට විය. මේ පිරිසට ලබාදී තිබෙන දඬුවම ලිහිල් කරන ලෙසද ඉල්ලා සමාජයේ විවිධ  බලපෑම් එල්ලවන්නට විය. මේ බලපෑම් නිසාම සැමුවෙල් පීල්ඩන් සහ ඉයුජින් ෂවාබ්ට පමුණුවා තිබූ මරණීය දණ්ඩනය  ජීවිතාන්තය දක්වා සිර දඩුවමකට මාරුවිය. 1893 දී සිර දඬුවම් ලබමින් සිටි ධිකරණයට ඉදිරිපත් වු විත්තිකරුවන් දැඩි ආත්ම ගෞරවයකින් හා එඩිතර බවකින් යුක්තව තමන් නිවැරැදිකරුවන් බව ප්රකාශ කරමින් ආණ්ඩුවටත් පොලීසියටත් විරුද්ධව තියුණු ලෙස චෝදනා ඉදිරිපත් කළෝය.

මෙහිදී ඔස්කාර් තිබේම යන වෘත්තීය සමිති නායකයාට වසර පහළොවක සිරදඬුවමක් හා අනෙකුත් සියලු කම්කරු නායකයන් එල්ලා මරා දැමීමට නියම කෙරුණි. සැමුවෙල් පීල්ඩන් සහ ඉයුජින් ෂවාබ්ට පමුණුවා තිබූ මරණීය දණ්ඩනය වෙනුවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලිහිල් විය. මොවුන් එල්ලා මරා දැමීමට නියමිතව තිබූ 1887 නොවැම්බර් 11 වන දිනට පෙර දිනයේ 10 වන දින ලුවිස් ලින්ග් සියදිවි නසා ගත්තේය. ඒ අනුව 11 වන දින ඇල්බට් පර්සන්ස්, ඕගස්ට් ස්පයිස්, ජෝර්ජ් ඒංගල් සහ ඇඩෝල්ප් පිෂර් යන කම්කරු නායකයින් හතර දෙනා එල්ලා මරා දමන ලදී. ඔවුන් කම්කරු පන්ති විමුක්තියේ වීර භටයින් ලෙස මරණයට එඩිතරව මුහුණ දුන්හ. එල්ලා මරා දැමීමට මොහොතකට පෙර ඕගස්ට් ස්පයිස් අවසාන වශයෙන් මෙසේ ප්රකාශ කළේය. “අපේ වචනවලට වඩා අපේ නිශ්ශබ්දතාව බලගතු වන කාලයක් වැඩි කල් නොගොස් උදාවෙන ඇත.”

සැමුවෙල්, ඉයුජින් හා ඔස්කාර් යන තිදෙනා නිදහස් කරන ලදී. මේ වනවිට ඉලිනොයිස් ප්රාන්තයේ නව ආණ්ඩුකාරවරයා වශයෙන් ජෝන් පී. ඇල්ටිහෙල්සි නම් අයෙක් පත් වූයේය. පසුව ඔහු මේ නඩු තීන්දුව සම්බන්ධයෙන් ප්රකාශයක් කළේය. ඒ අනුව යථෝක්ත නඩු විභාගය පක්ෂපාතීව පවත්වා තිබෙන බවත් එල්ලා මරා දමනු ලැබූ පුද්ගලයන් ඇතුළු අට දෙනාටම විරුද්ධව චෝදනා එල්ලවී නොතිබුණු බවත් පක්ෂපාතී ජූරි සභාවක් තෝරා ගෙන තිබුණු බවත් පලවිය.

මේ අනුව දිනකට පැය අටක් වැඩ ඉල්ලා 1886 මැයි මාසයේ ඇමරිකාවේ චිකාගෝ නගරයේ පැවැති වැඩ වර්ජනයේදී හය දෙනකු වෙඩි තබා මරා දමනු ලැබු අතර සතර දෙනකු එල්ලා මරා දමනු ලැබීය. එක් අයකු සියදිවි හානි කර ගත්තේය. තිදෙනකු හත් වසරක් සිර දඬුවම් ලැබූහ. සියගණන් වෙඩි උණ්ඩවලට ලක් වූ අතර දහස් ගණනක් අත්අඩංගුවට ගැණිනි. පොලිස් ප්රහාරයන්ට ලක් වූ ප්රමාණය අපමණය. අද පැය අටේ වැඩ දිනය භුක්ති විඳින මුළු ලොව පුරාවූ කම්කරු පන්ති ජනතාව දිවිපිදූ ඒ වීර ඇමෙරිකානු කම්කරු නායකයන් සැමරීම සහ ඔවුන්ට ගෞරවය දැක්වීමට තම පන්තිමය යුතුකමක් වශයෙන් සලකමින් වසරක් පාසා මැයි 01 වන දින රැලි හා පෙළපාලි පවත්වති.

1886 මැයි අරගල ඛේදවාචකයකින් අවසන් වූවත් ඇමෙරිකානු කම්කරු පන්තියේ සටන් රැල්ල නොනැවතී පැවැතිණ. සමස්තයක් වශයෙන් ගත් කල 1886 මුළු වැඩ වර්ජන ව්‍යාපාරය ජාත්යන්තර කම්කරු පන්ති ්‍යාපාරය ජය ස්ථම්භයක් වශයෙන් සලකනු ලබයි.

 

අඩු මාලිමාව විතරයි.
අඩු මාලිමාව විතරයි. මෙහෙම ඔක්කොම එකතු වෙනවා නම්......

දිවයින -

එස්. සුදසිංහ
නියෝජ්ප්‍රධාන ලේකම් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය

 ලිපියක් ඇස‍ුරෙනි.


A day in the life