Sunday, January 26, 2025

උසම කන්ද එවරස්ට් නෙමෙයිද ?




ලොව උසම කන්ද හිමාලයේ "එවරස්ට්" කන්ද නොව ඉක්වදෝරයේ "චිම්බරෝසෝ" ගිනිකන්ද බවයි භූගෝල විද්යාඤයෝ පවසන්නේ.
ඔවුන්ට අනුව කන්දක උස මැනීම සිදුවිය යුත්තේ පෘතිවි කබොල්ලට යටින් එම කන්ද ආරම්භ වන ස්ථානයේ සිටය. ඒ අනුව උස මැන්නොත් වඩා උස එවරස්ට් නොව චිම්බරෝසෝ ගිනිකඳු ශිඛරයයි.
පෘථිවිය ගෝලාකාර යැයි පෙනුනත් පෘථිවියේ භූ පිහිටීම ගෝලාකාර නැත. මුහුදු මට්ටමේ සිට බැලීමේදී ඉක්වදෝරයේ චිම්බරෝසෝ කන්ද අඩි 20,500 ක් උස්වන අතර එවරස්ට් කන්ද අඩි 29,029 ක් උසය. ඒ අනුව බැලූවිට එවරස්ට් කන්ද චිම්බරෝසෝ කන්දට වඩා අඩි 8,529 ක් උසින් වැඩිය.
කෙසේ නමුත් පෘථිවියේ කබොල්ලට යටසිට බැලූවිට එවරස්ට් නොව චිම්බරෝසෝ උසින් වැඩිවේ. චිම්බරෝසෝ කන්ද පිහිටා අැත්තේ පෘථිවි සමකයට ඉතාම ආසන්නයෙනි. නමුත් එවරස්ට් කන්ද පිහිටා ඇත්තේ සමකයට දුරින් උතුරු දෙසිනි. පෘථිවියේ මැද සිට උස මනිද්දී එවරස්ට් කන්ද සැතපුම් 3,965 ක් උසවන අතර චිම්බරෝසෝ ගිනිකන්ද සැතපුම් 3,967 ක් උසින් යුතුය.
A day in the life

Saturday, January 25, 2025

තාමත් විශ්වාසයි.



අලුත බැඳපු ජෝඩුවක් හනිමූන් ට්රිප් එක ගියාලු ලංකාවේ ටිකක් ඈත පළාතකට. දෙන්න දෙවෙනි දවසේ ටිකක් කම්මැලි හිතිලා ක්රිකට් පාරක් ගහන්න තීරණය කළා. හෝටලේට එහා පැත්තේ තියෙන ලඳු කැලෑවක් ළඟ පාලු බංගලාවක් තියෙනව. මේ දෙන්න එකේ වත්තට ගිහින් ක්රිකට් ගහන්න පටන් ගත්ත. මහත්තයා නළවල හෙමින් දාපු බෝලෙකට නෝනා වැර දාල ෂොට් එකක් ගැහුවල. බෝලේ උඩින් ගිහිල්ල පාළු බංගලාවේ උඩ තට්ටුවේ කාමරයක ජනෙල් වීදුරුවකුත් කඩා ගෙන ඇතුලට වැටුන.
දෙන්නත් එක්ක බෝලේ හොයන්න බයෙන් බයෙන් බංගලාවට ඇතුල් වෙලා සොල්දරේ උඩට නැග්ග. මෙන්න අර කාමරේ ඇතුලේ අඩ අඳුරේ පේනවලු බිම වැටිලා කුඩු වෙලා ගිය ලන්තෑරුමකුයි ඒ ලඟම හිටගෙන ඉන්න සරම් කොටයක් විතරක් ඇඳගත්ත උස මහත යෝධයෙක් වගේ කළුම කළු මිනිහෙකුයි.
"ඔහෙලා දෙන්නද මේ බෝලේ එවල ලන්තෑරුම කුඩු කලේ" යෝධයා මහා හඬින් ගෝරනාඩු කලා.
"අනේ අපිට සමාවෙන්න. හිතල කලේ නැහැ. අපි අළුතෙන් ලන්තෑරුමක් අරන් දෙන්නම්" කියල මහත්තයා බැගෑපත් වුනා.
"ඒකට කාරි නැහැ. මම තමයි මේ ලන්තෑරුම ඇතුලේ හිරවෙලා අවුරුදු දහස් ගාණක් හිටපු භූතයා. මේක කඩල ඔහේලා මාව නිදහස් කළා"
"හම්මේ යාන්තන් ඇති" කියල දෙන්නම ලොකු හුස්මක් ගත්ත.
" මාව නිදහස් කලාට ඔහෙලට මම ඕනෑම වර තුනක් ඉල්ලන්න දෙනවා. හැබැයි එක කොන්දේසියක් පිට" භූතයා කිව්ව.
"මොකක්ද මොකක්ද කියන්න අපි කරන්නම්" කියල මහත්තයටත් ඉස්සර නෝනා කතා කලා.
"මම අවුරුදු දහහ්ස් ගණනකින් ගෑණු පුළුටක් එක්ක ඉඳල නැහැ. මේ නෝන එක්ක මට මට පැය තුනක් ඉන්න දෙනවා නම් වර තුනම දෙන්නම්" කිව්ව.
දැන් නෝනයි මහත්තයයි මූණට මූණ බලනවලු. කල්පනා කරනව. ඔය අතරේ මහත්තය කිව්ව "ඔන්න ඔහේ ඕකට කැමති වෙමු අනේ. මිනිහෙක්යෑ භූතයෙක්නේ" කියල.
"අනේ ඒ වුණාට මට මොකක්ද වගේ අනේ" කියල නෝනා ඇඹරෙන්න ගත්ත.
"පැය තුනයිනේ. ඔන්න ඔහේ ඉන්න අනේ. මම අපිට ජිවිත කාලෙටම ජොලියේ ඉන්න පුළුවන් වර තුනක් ඉල්ලන්නම්" මහත්තය කිව්වා.
නෝනත් ඉතින් ලජ්ජාවෙන් ඇඹරිලා කැමති වුණා.
මෙයාලගේ කැමැත්ත අහපු භූතයා මහත්තයට කිව්වා වර තුන ඉල්ලන්න කියල.
"අපේ අතුරුගිරියේ තියෙන ගේ මාලිගාවක් වගේ විශාල වෙන්න ඕනේ"
භූතයා දෑත ඔසවා "ඔන්න එය ඉටු වුණා" කිව්වා
"ගෙයි කාමර තුනක් පිරෙන්න රත්තරන් පුරවන්න"
භූතයා ආයෙමත් දෑත ඔසවා "ඔන්න එය ඉටු වුණා" කිව්වා
"ගෙදර ඕනෑම වැඩක් ඕනෑම වෙලාවක කරලා දෙන සේවකයෙක් මවන්න"
භූතයා තුන්වෙනි පාරටත් දෑත ඔසවා "ඔන්න එය ඉටු වුණා" කිව්වා
"දැන් ඉතින් මහත්තයා හෝටලේට යන්න මම පැය තුනකින් නෝනව එවන්නම්" භූතයා කිව්වා
හිතට ටිකක් මොකක්ද වගේ දැනුණත් මහත්තය හෝටලේට දිව්වේ හරිම සතුටින්.
ඔන්න ඉතින් භූතයයි නෝනායි අපූරුවට කාරිය කරගෙන ඇඳේ දෙපැත්තේ හාන්සි වෙලා ගිමන් අරිනවා.
"නෝනා ඉහලට ඉගෙනගෙන එහෙම තියෙනවද?" භූතයා ඇහුවා.
"අපොයි ඔව්. එංගලන්තේ චාර්ටඩ් අකවුන්ටන්සි ඉහලින්ම පාස් වෙලා ජපුර කැම්පස් එකේ එම් බී ඒ එකකුත් කළා"
"එතකොට මහත්තයා?"
"එයා කොළඹ කැම්පස් එකේ කෙමිස්ට්ට්රි ස්පෙෂල් එකක් කරලා, ඒකෙම මාස්ටර් එකත් කරලා දැන් පී එච් ඩී එකට රෙජිස්ටර් වෙලා ඉන්නේ"
භූතයා ලොකු සුසුමක් ඇරලා මෙහෙම කිව්වා
"අනේ ඉතින් මේ නෝනලා මහත්තයලා මෙච්චර දුරට ඉගෙන ගෙනත් තවම මේ භූත කතා විශ්වාස කරනවනේ"

අයුලි නුගාරා -
උපුටාගැනීමක්..
A day in the life

Friday, January 24, 2025

කරුණාදාස මහත්තයා ( CGR )





80 දසකයේ නාවලපිටියේ වැඩකරා කරුණාදාස කියලා ප්රධාන නියාමක මහතෙක්. 80 දසකයේ රේල්වේ නිලධාරීන් වැඩිය යුනිෆෝම් ඇන්දේ නෑ. ඒ කාලෙත් කරුණාදාස මහත්තයා ෆුල් යුනිෆෝම් එක ගහලා රේල්වෙ අයිඩෙන්ටිය පවා පැලඳගෙනයි හිටියේ. කරුණාදාස මහත්තයා කථාවට අහුවුනොත් වෙලාව යනවා දැනෙන්නේ නෑ. මේක කරුණාස මහත්තයගේ කථාවක්.
කරුණාදාස මහත්තයා දවසක් බදුල්ලේ ඉඳලා අංක 36 දුම්රිය (ඒ කාලයේ උඩරට මැණිකේ දුම්රිය) වැඩ කරගෙන එනවා. ස්ටේෂන් වලදී ස්ටේෂන් මාස්ටර් විසිල් කලාට පසු කරුණාදාස මහත්තය විසිල් කරන්න ඉස්සර කෝච්චියේ ඉන්න කොල්ලෝ ටිකක් ඒ විදියටම විසිල් කරනවා ඉතිං අන්ඩගාඩ් මහත්තයත් සිග්නල් කරලා රියදුරු මහතාට එන්ජිම ගෙනියන්න අවසර දෙනවා. දැන් උඩුවර, හාලිඇල, දෙමෝදර ස්ටේෂන් වලදි මේක මේ විදියටම උනා. දැන් අපේ කරුණාදාස මහත්තයට මල්වල හොඳම එක පැනලා. ඇල්ලේදී කොල්ලෝ විසිල් කරපු ගමන්ම දුම්රියට යාමට නොහැකි වන සේ වැකූන් බ්රේක් ක්රියාත්මක කොට කෝච්චිය නැවත්වුවා.
අපේ මහත්තයා දැන් කොල්ලෝ ටික ඉන්න පෙට්ටිය ලගටම ආවා කිසි වෙනසක් නොවුනු ආකාරයට කොල්ලොත් එක්ක හිනාවුනා. ඒ එක්කම කොල්ලෝ සෙට් එකත් එක්ක හිටිය කෙල්ලෝ එක්කත් මනුස්සයා හිනාවක් දැම්මා.
පුතාලා කොහෙද ගියේ?
දැන් කරුණාදාස මහත්තයා අහනවා...
අංකල් අපි දුන්හිද බලන්න ගියා...
කොල්ලෝ උත්තර දෙනවා. අපේ මහත්තයා දැන් හිනා වෙමින් අහගෙන ඉන්නවා.
පුතාලා කොහෙද
අපි ගම්පහ අංකල්
ෂා නියම පැත්ත.
දැන් විසිල් ගහපු එකා පැත්තට හැරී මෙහෙම අහනවා
මම පුතාව දැකලා පුරුදුයි තාත්තා රේල්වේ නේද?
අපෝ නෑ අංකල් අපේ තාත්තා ප්රින්සිපල් කෙනෙක්
බොරු.
බොරු නෙවේ අංකල් ඇත්ත
ලග හිටිය කෙල්ලෙක් උත්තර දුන්නා. කරුණාදාස මහතා කෙල්ල දෙසට හැරී
වෙන්න බෑ..
කියලා කිව්ව විතරයි කොල්ලට මල පැන්නා.
අංකල් කෙහොමද අපේ තාත්තා ගැන දන්නේ?
කියලා ඇහැව්වා. අපේ කරුණාදාස මහත්තයා ඔහුට හිනාවක් එහෙම දාලා..
පුතාට කේන්ති ගියාද? නෑනේ. මේකයි පුතා අපිට කෝච්චියක් භාර දෙන්න ඉස්සර පුහුණුවක් දෙනවා. මේ විසිල් ගහන එකත් ඒ එකක්. මට මේක හරියට පිඹ ගන්න සෑහෙන කාලයක් ගියානේ. ඉතිං පුතා මටත් වඩා හොදට විසිල් එහෙකුත් නැතිව ගැහැව්වානේ?
කොල්ලා ටිකක් ආඩම්බර හිනාවකින් අපේ මහත්තයට සංග්රහ කලා.
ඉතිං පුතා ඔයාගේ අම්මා ඔය ලජ්ජාවට නොකියා ඉන්නේ. ඔයාගේ උප්පැන්නෙට විදුහල්පතිගේ නම ගියාට සංසර්ග ක්රියාවලිය සම්පුර්න කරලා තියෙන්නේ ගාඩ් කෙනෙක්....
උපුටාගැනිම - Hemalal Vidyaratne මහතා
CGR MAGAZINE
A day in the life

Thursday, January 23, 2025

කැන්ඩි රේල් වේ ස්ටේෂන් එකේ ත්‍රී විල්





කැන්ඩි රේල් වේ ස්ටේෂන් එකේ ත්රී විල් පාදඩයෙක්ට පාඩමක් ඉගන්නුවා.
ගිය සතියෙ මායි තව තුං දෙනෙකුයි නුවර ආව. ස්ටේෂන් එකේ ඉඳන් උබර් එකක් දැම්ම හාරගම Jetwing එකට. කාර් එකට රු. 1500 යී පෙන්නුවෙ. Tuk එකට රු. 800යී.
උබර් කාර් එක ස්ටේෂන් එකට දැම්මම එතැන හිටපු ත්රී විල් පාදඩයෝ ඇවිත් උබර් කොල්ලට චණ්ඩි පාට් දාන්න ගත්ත. පොඩි කොල්ලෙක් ඌ හොඳටම බය වෙලා ට්රිප් එක කැන්සල් කරන්නම් සර් කියල මට කුවුව. ත්රී විල් පාදඩයි ඒ කොල්ලාට කියනව මීට වඩා හොඳයි ලු හිඟා කෑවනන්. වැඩේ හරියන්නේ නැති නිසා මං ට්රිප් එක කැන්සල් කරල දැම්ම. මගෙ කාඩ් එකෙන් කැංසල් ෆී එකක් ඒ කොල්ලාට ගියා. ඒත් මං තව පන්සීයක් දීලා දැම්ම. ඒ කොල්ලා යන්න හදද්දිත් කාර් එකේ දොර වහ ගන්න වත් අරුන් ටික දෙන්නේ නැ. උඹ කොහෙද කියල අහනව. ආයේ මේ පැත්තෙ ආවොත් කුඩු කරලා යවනවා කියල අර කොල්ලාට තර්ජනය කරා.
ඊට පස්සෙ අපි හතර දෙනාට එතැන තිබ්බ ත්රී විල් දෙකක යන්න වුනා. ත්රී විල් පාදඩයෝ ටිකත් දත කෑවේ ඕකට තමා. Jetwing එකට යන ගමන් මං ඇහුවා ඇයි එයාල උබර් රෙජිස්ටර් වෙන්නෙ නැත්තෙ කියල. පොර කියනව ඇප් එකෙන් දුවනකොට ඌට පාඩුයි ලු. එද්දී එන්න වෙන්නෙ නිකං නිසා ඒ ගාන මදිලු.
Jetwing එකට ආවට පස්සෙ ත්රී විල් ඩයල් දෙක රුපියල් 4000ක් ඉල්ලුව එක්කනෙක්ට රුපියල් 2000 ගානේ. ත්රී විල් ඩයල් එක කියනව පාර ටිකක් අබලන් නිසා ගාන පොඩ්ඩක් වැඩිලු. ස්ටේෂන් එක ගාව ඉඳන් jetwing එකට හරවන තැනට එනකං හොඳ කාපට් පාරක් තියෙන්නෙ. අන්තිම ටික තමා පොඩ්ඩක් අබලන් වෙලා තියෙන්නේ. මං ඒ මුකුත් කියන්නේ නැතුව රුපියල් 2000 දෙන්නට දිල දැම්ම. ඊට පස්සෙ ත්රීවීල් ඩයල් එකගෙ ෆෝන් නම්බර් එක ඉල්ලා ගත්තා ආයේ ට්රෙන් එකට යන්න ඕනෙ, මං කෝල් එකක් ගන්නන් නුවර ඉඳන් මෙහෙට එන එකටත් මං සල්ලි දෙන්නම් කියලා. පොරට මාර හැපි.
අපි නුවරින් යන දවසෙ පාන්දර උබර් කාර් එකක් දාගත්ත ස්ටේෂන් එකට. උදේ වෙද්දී අපි කොළඹ.
දවල් 2 විතර වෙද්දී නුවර හොඳටම traffic ඉස්කෝලත් එක්ක. මං ඒ වෙලාව අල්ලලා අරුට කෝල් එකක් ගත්ත Jetwing එකට එන්න පුලුවන්ද අහල. පොර එක පයිං කැමති වුනා. මං කිව්ව එදා ආපු අනිත් එක්කනාවයී, තව දෙන්නෙකුයී පුලුවන් නං එක්ක එන්න හොටෙල් එකෙ ෆොරින් කපල් දෙකක් ඉන්නව එයාලත් උබර් ට්රයි කරල වෙහිකල් එකක් හම්බ වෙලා නැහැ කියල, නුවරට එන්න විදිහක් හොයනවා කියල.
මූ ඊට පස්සෙ අහනවා ෆොරින් කපල් දෙක ඉස්සෙල්ලා දාල අපි හතර දෙනා ගන්න ඊළඟට එන්නද කියල. කැ රියගෙ තණ්හාව. මං කිව්ව ඒක හරියන්නෙ නැ අපි ඔක්කොටොම හදිසි උබර් වැන් එකක් තියෙනව. ඔයාල එනවද අපි ඒක දාගන්නද කියල. මූ ටක් ගාලා කිවුව හරි එන්නං 4 දෙනාගේම ගාන රුපියල් 8000 යි කියල. මං කිව්වා හරි රයිට් ඕකේ ෆෝරිනස්ලත් ඒ ගානට කැමති කියල. ඌ හරි අපි එන්නං කියල ෆෝන් එක තිබ්බ.
විනාඩි 15කිං විතර මං ආයේ කෝල් එකක් අරං ඇහුවා ඔයාල අනිවාරෙන් එනව නේද කියල. පොර ඔව් ඔව් පොඩ්ඩක් traffic විනාඩි පහලොවක් යන්න කලිං එනවා දැං ඉන්නෙ තැන්නෙකුඹුර හන්දියේ කියලා. ත්රී විල් හතරම එනවා නේද? මං ඇහුවා. ඔව් ඔව් හතරක් එනවා. මං රයිට් ඕකෙ හදිසියක් නැ හිමීට එන්නකො හොටෙල් එක ඉස්සරහට ඇවිත් හොන් එකක් ගහන්න අපි එළියට එන්නං කියල.
මං ඊට පස්සේ එහෙම්ම නම්බර් එක බ්ලොක් කරල දාල ෆෝන් එක සයිලන්ට් කරල නාගන්න ගියා. නාල එද්දී ෆෝන් එකේ මිස්කොල් 28යි.නම්බර් දෙක තුනකින් කෝල් අරං.
මැසේජුත් එවල. මුල් මැසේජ් සර් අපි ඇවිත් ඉන්නෙ, හොටෙල් එක ඉස්සරහ ඉන්නෙ, ඔයාල කොහෙද ඉන්නෙ වගේ ලස්සන වචන වල ඉඳන් ලෝකෙ නැති කුණහරුප වලට එනකං වැඩි දියුණු වෙලා
ඒ මැසේජ් ටිකත් ඩිලීට් කරල කෝල් ඇවිත් තිබ්බ ෆෝන් නම්බර් ටිකත් බ්ලොක් කරල දැම්මා. අනිත් ත්රී විල් වල උන් අරුට මොනව කරන්න ඇතිද
කරේ බලු වැඩක් උනත් මගේ හිතේ පට්ට සතුටක් තිබ්බෙ අරු නුවර ඉඳන් හාරගම ඇවිත් බල්ල වගේ ආයෙ හැරිලා යනවා මතක් වෙද්දී. ඌ විතරක්ද අනිත් ත්රීවීල් තුණකුත් එක්ක.
උඹලත් නුවර ඇවිත් උබර් එකක් දාද්දී ත්රී විල් පාදඩයෙක් චණ්ඩි පාට් දැම්මොත් මං දුන්න බෙහෙතම දිපල්ල. නැතුව ඕකුන්ව හදන්න බෑ
**Copied
A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon