Thursday, January 30, 2025

HbA1C පාලනය කර ගන්නේ කොහොමද?




HbA1C පාලනය කර ගන්නේ කොහොමද?
දියවැඩියා රෝගියෙක්, HbA1C පරීක්ෂණය මාස තුනකට වතාවක්වත් සිදුකළ යුතුයි.
එයින් පසුගිය මාස 3 ක කාලය තුල රුධිර සීනි මට්ටම ගැන නිවැරදි අදහසක් ලබාගන්න පුළුවන්.
දියවැඩියා රෝගියෙකුගේ,HbA1C අගය, සාමාන්යයෙන් 7 ක තිබෙනවානම් රෝගය හොඳින් පාලනය වූ මට්ටමේ පවතිනවා.( මෙම අගය රෝගියාගේ වයස අනුව. ඔහු ලබාගන්නා ඖෂධ අනුව,රෝගයේ දැනට ඇති වී ඇති සංකූලතා අනුව වෙනස් වෙන්න පුළුවන්.)
නමුත් සමහරුන්ගේ මෙම අගය 9, 11, 14 වැනි ඉතා ඉහල අගයන් ගන්නවා.
එවැනි අගයක තිබෙනවා නම් දියවැඩියා රෝගයේ සංකූලතා ඇතිවීමේ අවදානම ඉතා වැඩියි.
HbA1C මට්ටම ඉහල යන්නේ ඇයි ?
ඔබගන්නා ආහාර නිසා,රුධිර සීනි මට්ටම ,දවස පුරාම විටින් විට ඉහළ යනවා නම්,ඒ කියන්නේ දවස පුරාම විටින් විට Glucose spikes ඇතිවෙනවා නම්,HbA1C ඉහළ අගයන් වලට යනවා.
උදාහරණ ලෙස
1.ප්රධාන ආහාර වේල්වලට බත් විශාල ප්රමාණයක් අනුභව කරනවා නම්,
2.දිගුවේලාවක් නිරාහාරව සිට,කාබෝහයිඩ්රේට අධික ආහාර වේලක් ලබාගන්නවා නම්,
3.ප්රධාන ආහාරවේල් අතරමැද,නිතර නිතර කෙටි ආහාර ලබා ගන්නවා නම් ,(පලතුරු පවා අයත් වන්නේ මේ ගණයටයි )
4. ⁠ආහාර වේලේ, තෙල් හෝ මේදය අඩංගු ආහාර ඉතා අවම නම්
දවස පුරාම රුධිරයේ Glucose spikes ඇතිවීමේ හැකියාව වැඩියි.
එවිට HbA1C අගය වැඩිවෙනවා.
දියවැඩියා රෝගියෙකුගේ ආහාර වේල ඔවුන්ට,
1.අවශ්ය පෝෂණය සපයා දීමට
2.රුධිර සීනි මට්ටම පාලනය කිරීමට මෙන්ම,
දිගුකාලීන ආසාදිත මට්ටමේ සමනය කර අවසානයේ රෝගය සුව කිරීම හෙවත් Remission මට්ටමට ගෙන ආ හැකි ආහාර වේලක් විය යුතුයි.
නිවැරදි පෝෂණ ප්රතිකාර වලින් සිදු කරන්නේ එයයි.
එම නිසා ඔබත් දියවැඩියා රෝගය සුවකර ගැනීමට,එනම් Remission මට්ටමට ළගා කර ගැනීමට කැමති කෙනෙක් නම්,පමා නොවී අදම පෝෂණ ප්රතිකාර ආරම්භ කරන්න
A day in the life

Wednesday, January 29, 2025

රට නොදන්නා ඔහු..







මේ ඡායාරූපයේ ඉන්නෙ දේශපාලකයෙක්.. නමින් උක්කුබණ්ඩා විජේකෝන්.. ඔහු J.R.ජයවර්ධන රජයේ රාජ්ය පරිපාලන, පලාත් සභා සහ ස්වදේශ කටයුතු ඇමති .. ප්රේමදාස රජයේ ඇගලුම් කම්හල් 200 ව්යාපෘතියේ නියමුවා ඔහු..එම රජයේ පේෂකර්මාන්ත ඇමති.

1994දි ( වයස අවු 57දී පමණ)ඔහු දේශපාලනයෙන් සමුගන්නවා.
ඉන්පසු ඔහු කාලය ගතකලේ තම බිරිඳ සමඟ .. ඔවුනට සේවකයන් සිටියෙ නැහැ. එන්ජින් ධාරිතාවය 1000cc කාර් එකක් ඔවුනට තිබුනෙ.. රියදුරෙක් හිටියෙ නැහැ. දුර ගමන් ගියෙ three wheeler එකකින් නුවර ටවුමට ගිහින් බස් එකේ..
බිරිඳ සමගින් ලඟ පෙට්ටි කඩේට ගිහින් එළවළු මිලදී ගත්තෙ සාමාන්ය පාරිභෝගිකයෙක් විදියටමයි..ඔහු හිටපු ඇමතිවරයෙක් බව ලඟපාත කෙනෙක්වත් දැනගෙන හිටියෙ නැහැ.

පොල් ත්රිකෝණයේ දඹදෙනිය ඡන්ද කොට්ඨාශයේ මන්ත්රී තුමා වී සිටි ඔහුට මම ඉඳහිට දිනක මගේ ගෙදර වත්තේ තිබුණ පොල් ගස් කිහිපයෙන් අළුත් පොල් ගිහින් දුන්නම බාරගත්තෙ හරිම සතුටෙන්..මොකද පර්චස් 30 පමණ ගෙදර ඉඩම හැරෙන්නට වෙන පොල්වතු කෙත්වතු ඔහුට නොතිබුණ නිසා..
ඒ වගේම පොලොස් ඇඹුලක් ,ගමේ කෑමක් හැදුව දිනක මම ඔහුව බලන්න ගියා ...ඒ ඔහු මගේ ඥාතියෙක් නිසා..ඒත් දේශපාලනයෙන් ඥාතීන්ට උදවු නොකල නිසාම සමහර ඥාතීන් ඔහු අත්හැර තිබුණා..

ඇත්තටම ඔහු තමන්ගෙ එකම පුතාටවත් දේශපාලන බලයෙන් රැකියා නොදුන් කෙනෙක්.. ඔහුගෙ පුතු නිරෝෂණ විජේකෝන්.. වසර 8 ක් එක දිගට ශ්රී ලංකා බැට්මින්ටන් ශූරයා වී තවමත් නොකැඩුන වාර්ථාවක් තැබූ ඔහු පෞද්ගලික ආයතනයක ඉහල නිලයක් දැරුවෙ ඒ ක්රීඩා කෞෂල්යය නිසා ලද වරප්රසාදයක් ලෙසින් මිස පියාගෙ බලයෙන් නෙවෙයි..

ජීවිතයේ සැදෑ සමය සරල මිනිසෙකු ලෙසින් ගෙවූ ඔහු 2016 හදිසි හෘදයාබාදයකින් මහනුවර මහ රෝහලේදි මියයනවා. ඔහු මියගියේ ආත්ම තෘප්තියෙන් පිරුණු ජීවිතයක අවසානයේ..මව්රටට සේවය කල සතුට , රටෙන් හොරා නොකෑමේ නිරාමිස සතුට ඔහුට තිබුණා. ඔහුගෙ අවසාන ඉල්ලීම උනේ කිසිදු අවමගුල් උත්සවයකින් තොරව තම දේහය හැකි ඉක්මනින් තමන් ශිල්පලද පේරාදෙණිය සරසවියට බාරදීම..

නුවර මහරෝහල ඉදිරිපස මල්ශාලාවෙ පැය කිහිපයකට පමණක් රැදවූ ඔහුගේ දේහය බලන්නට දුරබැහැර ඥාතීන්ටවත් ලැබෙන්නෙ නැහැ.
ඒ වගේම ඔහුගෙ දේහයට හෝ ඉන්පසුව ගෞරව දක්වන්න කිසිදු දේශපාලකයෙක් එන්නෙ නැහැ.. මොකද දේශපාලනයෙන් ඔහු හදවතින්ම සමුගැනීම..ඔහු ඡන්දෙන් පැරදී ගෙදර ගියා නොව ඡන්දයකට ඉදිරිපත් නොවී නික්මුණ දේශපාලකයෙක්..එයින් නික්මුණු එතුමන් සැදෑ සමය ගෙවුවේ බුදු දහම ඇසුරේ පමණයි.

වැලිමඩ ඡන්ද කොට්ඨාශයේ සරසවි වරම් ලද පලමු සිසුවා ඔහුයි.. දේශපාලනයට පෙර ඔහු දිසාපතිවරයෙක්..

U.B විජේකෝන් සැබවින්ම ලාංකික දේශපාලනයේ මා දුටු කොල නොව සුදු චරිතයයි.


- නන්දනී විජයබණ්ඩාර -


A day in the life

Tuesday, January 28, 2025

ඉද්දමල්ගොඩ කුමාරිහාමි




කමල් පී අලහකෝන්.
මූණු පොතෙන්.

එඩින්බරෝ ආදිපාදවරයාගේ ලංකාගමනයේදි
එතුමාගේ සිත් පැහැරගත් රෑමතිය
"ඉද්දමල්ගොඩ කුමාරිහාමී" ව රජගෙරදී දුටු
"ඒබුහම් සොයිසා" කවියා කී කවි............ 
වරරන් ගැබ මවා රැව එ නිමකර වැඩ
සුරඹුන් පරදනා ලෙස දුනි උදුල තුඩ
තුරඟුන් රිය අරාගිය ලැබ දී ඉසුර දිඩ
පෙර පින් කර කුමරි දුටි ඉද්දමල්ගොඩ 
දිගුනිල් වරල සිකිපිල් බැම පතනිඹ
රනොවිල් සවන් යුග තොල් දිසි පලබඹ
සිසිදුල් උවන තුඟුතුල් තන රණකුඹ
මනකල්කුමරි බුවිපල් ලඟ උනි සම්බ 
වත සරත් බිඹ සඳ ගහන රණකුස
දෙතනයුත් කුඹ ගජලිය සෙ සැර පස
සිත ලෙසින් රඹ රණ ඇඳි මෙලිය ලෙස
කොතනවත් සඹ නූනෙමි වෙන දිගැස 
පුන්සඳ වතගනා දිගුකෙස ඉඟ පටුව
නන් සොඳ බරනිනා හැඳගෙන නොකිලිටුව
වෙන් පද සුරඟනා යුරු සුරරද කැටුව
සෙන් මඳ සිතු පිනා ගිය කුමරිය දුටුව


A day in the life

Monday, January 27, 2025

අපිට ආතතිය .




අපි හැමෝම සමහර වෙලාවට ආතතියට පත් වෙනවා.
🔹අපට ආතතියක් දැනෙන විට, අපගේ මොළයේ හයිපොතලමස අධිවෘක්ක ග්රන්ථි වලට කෝටිසෝල් සහ ඇඩ්රිනලින් ( එපිනෙප්ෆ්රින්) ඇතුළු ආතති හෝමෝන මුදා හැරීමට සහ වැඩි කිරීමට සංඥා කරයි. කෙටි කාලිනව ආතතියට ප්රතිචාර දැක්විමට මෙය සිදු වේ
🔹අපගේ ශරීරය අපව තැතිගන්වන තර්ජනය පහව ගිය පසු, අපගේ කෝටිසෝල් සහ ඇඩ්රිනලින් මට්ටම සාමාන්ය තත්වයට පත්වේ.
🔹නමුත් දිගුකාලීන ආතතිය නිසා කෝටිසෝල් සහ ඇඩ්රිනලින් මට්ටම ඉහළ මට්ටමේ පවති
🔹 මෙය හෝමෝන අසමතුලිතතාවයක් ඇති කළ හැකි අතර අපගේ සෞඛ්යයට,ප්රබල බලපෑමක් ඇති කරණ අතර ලෙඩ රෝග වැලදිමේ හැකියාවත් පවතින ලෙඩ රෝග තව තවත් වර්දනය විමේ හැකියාවත් වැඩි වේ.
🔹අධික කෝටිසෝල් අධි රුධිර පීඩනය, මනසික වියාකුලතාවය බර වැඩිවීම සහ තවත් රෝග රැසකට හේතු වේ .
🔹 දිගුකාලීන ආතතිය ටෙස්ටොස්ටෙරෝන්, ඉස්ට්රොජන් සහ ප්රොජෙස්ටරෝන් ඇතුළු අනෙකුත් හෝමෝන වලට බාධා කළ හැකි අතර, මෙම ගැටළු තවදුරටත් උග්ර කරයි.
🔹ඉහළ කෝටිසෝල් මට්ටම් ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩුවීමට හේතු විය හැක.ටෙස්ටොස්ටෙරෝන් පිරිමින්ගේ මුලික ලිංගික හෝමෝනය වන අතර එය ,ලිංගික අප්රානිකත්වය වැනි ගැටලු රැසක් ඇති වේ.
🔹 කාන්තාවන්ටද එය ඇති අතර, එය ඊස්ට්රජන් හෝ ප්රොජෙස්ටරෝන් තරම්ම වැදගත් වේ.
🔹කාන්තාවන් තුළ, ටෙස්ටොස්ටෙරෝන් මාංශ පේශි වර්ධනයට සහ පවත්වා ගැනීමට උපකාරී වේ, ඇටමිදුළුවල රතු රුධිර සෛල නිෂ්පාදනය උත්තේජනය කරයි, කොලෙස්ටරෝල් මට්ටම අඩු කර ගැනිමට සහාය වේ, බර පාලනය කිරීමට, වඩා හොඳ නින්දක් ඇති කිරීමට සදහා සහාය වේ.
🔹ටෙස්ටොස්ටෙරෝන් තරබාරුකම, මාංශ පේශි අහිමි වීම, සන්ධි වේදනාව, නින්ද නොයාම,අධිකකොලෙස්ටරෝල්,ඔස්ටියෝපොරෝසිස්, වඳභාවය ඇතුළු විවිධ ගැටළු වලට දායක විය හැක.
🔹අධික කෝටිසෝල් ඉස්ටජන් මට්ටම ද අඩු කරයි.
🔹 අඩු ඉස්ටජන් අක්රමවත් ඔසප් වීම, බර වැඩිවීම, රාත්රී දහඩිය, තෙහෙට්ටුව,අදික ලෙස තරහායාම සහ වෙනත් ගැටළු ඇති කළ හැකිය.
🔹කාන්තාවන්ගේ අඩු ප්රොජෙස්ටරෝන් අසාමාන්ය ගර්භාෂ ලේ ගැලීම, අක්රමවත් ඔසප් වීම, හිසරදය හෝ ඉරුවාරදය, මනසික වියාකුල විම අධික ලෙස තරහා යාම කාංසාව, මානසික අවපීඩනය, බර වැඩිවීම, ලිංගික ආශාවන් අඩුවීම, පියයුරු මුදු මොළොක් බව, ෆයිබ්රොයිඩ් සහ පිත්තාශයේ ගැටළු ඇති කළ හැකිය.
🔴නිදන්ගත ආතතිය බලපාන අනෙකුත් හෝමොන
🔹තයිරොයිඩ් හෝමෝන,
🔹Ghrelin සහ leptin, ආහාර රුචිය පාලනය කරන හෝමෝන, කුසගින්න වැඩි
කරයි
මෙලටොනින්, නොසන්සුන්තාවය සහ නින්ද නොයාම ඇති කරයි
ඉන්සියුලින්, දෙවන වර්ගයේ දියවැඩියාවට හේතු වේ
නිදන්ගත ආතතියේ වර්ග

චිත්තවේගීය ආතතිය (කෝපය, දුක හෝ කලකිරීම වැනි දුෂ්කර හැඟීම්)

පාරිසරික ආතතිය (ඔබ ජීවත් වන සහ වැඩ කරන ස්ථානය)

සබඳතා ආතතිය (ඔබ මිතුරන්, පවුලේ අය, සම-සේවකයින්, හවුල්කරුවන් , සමඟ සම්බන්ධ වන ආකාරය)
වැඩ ආතතිය (ඔබේ රැකියාවට අදාළ අභියෝග සහ පීඩනය ,)
නිදන්ගත ආතතිය මාංශ පේශි, ශ්වසන, හෘද වාහිනී, හෝමොන ,ආමාශ ආන්ත්‍රියක, ස්නායු සහ ප්‍රජනක පද්ධති ඇතුළුව ශරීරයේ සියලුම පද්ධති වලට බලපායි.
දිගු කාලින ආතතිය නිසා ඇතිවිය හැකි රෝග සහ රෝග ලක්ෂණ
තෙහෙට්ටුව
තරහා යාම
මානසික වියාකුලත්වයවය
අමතක විම
හිසරදය
ආමාශ ආන්ත්‍රයියික ගැටළු ගැස්ට්‍රයිටිස්, බඩේවෙදනාව
කොලෙස්ටරොල් වැඩි විම
පැහැදිලි කළ නොහැකි බර වැඩිවීම හෝ අඩු වීම
අක්‍රමවත් ඔසප් වීම
හිසකෙස් නැතිවීම හෝ සුදු වීම
අඩික ලෙස දහඩිය දැමිම
ලිංගික අප්‍රානිකාත්වය
බ්‍රොකන් හෘද සින්ඩ්‍රෝමය (ටකොට්සුබෝ සින්ඩ්‍රෝමය) ...
හෘද රොග ,හර්ට් ඇටැක් ...
අධි රුධිර පීඩනය. ...
දියවැඩියාව
නින්ද නොයාම. ...
මෙය ඔබේ නීරොගිභාවය තවත් දුර්වල කරයි
කාංසාව. මානසික අවපීඩනය. ..(ඩ්ප්ප්‍රෙශන්).
ශරිරයේ විවිඩ තැන්වල වේදනාව (හයිපර්ල්ජීසියා)
ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග,
ආතර්‍යිටිස්,,
ප්‍රතිශක්තිය අඩු වීම
මෙය නිතර විෂ බීජ ආශ්‍රිත රෝග වැලදිම
ආසාදන බෝවිම
තරබාරුකම
පශ්චාත් කම්පන ආතති ආබාධය
ශ්වසන ආසාදන
සමේ රෝහ
භින්නෝන්මාදය
🔰
කායික රෝග පිලිබද විශේෂඥ වෛද්ය
බන්දුල සත්කුමාර
A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon