අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.

1.උග්ගට්තඤ්ඤ.

2. විපටිතඤ්ඤ.

3.ඤෙය්‍ය .

4.පදපරම.

මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.

දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.

තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.

පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .

ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )

තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )

තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )

තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව

...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?

Random Post

2014-06-28
හේරත්හාමිට බණක් .

6/28/2014 06:30:00 am
6

සාජන්ට් මහත්තයා. අපේ පොලිසියට ඇවිත් අවුරුදු දහයක් විතර වෙනවා. මොකක්දෝ හේතුවකට එතුමා පොලිසියෙන් වෙනත් පොලිස් ස්ථානයකට මාරු කරන්නෙත් නැහැ. ...

Read more »
2014-06-27
සදකඩපහන THE HALF MOON STONE

6/27/2014 06:04:00 pm

අර්ධ වෘත්තාකාර ශෛලමය නිර්මාණයක් වූ සදකඩපහන පූජනීය ස්ථානයන්ට පිවිසෙන දොරටුවේ පියගැට පාමුල කර ඇති නිර්මාණයකි. වර්තමානයේ අප යොදන පාපිස්නක් ආකා...

Read more »
2014-06-06
2014-06-03
මේවත් ඉතින් අලකලංචි තමයි.

6/03/2014 08:05:00 pm
2

මේ සතියේ පලාමල්ල දිග අරින්න මාධ්‍ය  හෙඩිම් දෙකක් හොල්මන් කලා . එකක් පොදු අපේක්‍ෂකයා ගෙන් මාරු වුන  මෝදී සහ ශ්‍රී ලංකාව. අනික පොලිසි...

Read more »
2014-05-27
ඕන කුදයක් ගහගත්තම අපිට මොකද ?

5/27/2014 01:18:00 pm
3

මේ දවස්වල දේශපාලන කතිතාව “ පොදු අපේක්‍ෂකයා ,ජනාධිපතිවරණය, සහ ඌව පලාත් සභා මැතිවරණය. ඌවෙන් පස්සේ ජාතික මැතිවරණයක් තියෙනවා කියලා කාගෙත් කත...

Read more »
2014-05-14
මම කම්පා වෙමි !.

5/14/2014 10:56:00 am
5

අද වෙසක් පුන් පොහෝ දිනයයි. බුදුරජානන් වහන්සේගේ උපත, බුද්ධත්‍වයට පත්වීම, සහ පිරිනිවන් පෑම සිහිපත් කර බෞද්ධයෝ වන අපි - අපේ පූජණියවු චින්ත...

Read more »
2014-05-12
අනේ අපේ රට !

5/12/2014 05:13:00 am
2

මේ පල කරන්නේ මැයි 12 වෙනිදා (අද ) දිවයින කතුවැකියයි. දේශපාලකයින් යයි කියා ගන්නා අමන චරිතවල ඇති උද්දච්ච කම ගැන තවත් අව - ලස්සන කතාවක් මෙය...

Read more »
2014-05-04
දෙසතියක සිති - වලි

5/04/2014 06:19:00 am
1

සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද ගෙවිලා ගිහින් මැයි දිනය බ්‍රහස්පතින්දා තිබුනා. කියවන ඔබට හිතෙනවා ඇති මොකක්ද මේ දෙකේ තියෙන සම්බන්‍ධය කියලා...

Read more »
2014-05-02
තාමත් අපි සංසාරේ

5/02/2014 06:37:00 am
5

අපේ බෞද්ධ ජනතාව  තරම් බණ අහන වෙනත් ආගමික ජනතාවක් ඉන්නවා කියලා මට හිතා ගන්න බැහැ. අපේ විද්‍යුත් මාධ්‍ය අපි නිදිකරවන්නෙත් අපි  අවදිකරන්...

Read more »
2014-04-17
මහාචාර්ය විශාරද  සනත් නන්ද සිරි සමග.

4/17/2014 07:14:00 pm
2

මාර්තු මාසේ අන්තිම සතියේ බ්‍රහස්පතින්දා. වෙලාව පස්වරු 6.00යි අපි රංග ශාලාවට ඇතුල්වෙලා අසුන් ගත්තේ හතට පටන් ගන්න නියමිත සනත් නන්ද සිරි ම...

Read more »