ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2026-01-18

ගැමුණු කුමරු ගේ නවාතැන - අප රැක්ක


පහු ගිය සතියේ අපි අපරැක්කට ගොඩ බැස්සා .

ලස්සන ගමක් . මාතර ඉදන් කිමි හත අටක දුරක හිතා ගන්න වත් බැරි නිසංසල පරිසරයක්.

අප  - රැක්ක නිසා අපරැක්ක වුන දුටු ගැමුණු කුමාරයා ගිමන් හැරපු අපරැක්ක ගැන 1976 B ed කණ්ඩායමේ  සමාජ අධ්‍යයනය ටීචර් අපරැක්කේ ඉදන් කියාපු පුරාවෘත්තය බොහෝම රසවත්.

දුටුගැමුණු කුමාරයා එළාර රජතුමාත් එක්ක සටන් කලා නේ. මුල් කාලේ සටන් ජය ගන්න අපහසුවුනා. මේ අතර වාරේ දුටුගැමුණු කමාරයා අනුරාධපුරේ සිට තිස්සමහරාමෙට යන්න ඕන වුනා.

කුමාරයා තනිපංගලමේ මේ ගමන යන්න හිතාගෙන රහසේම  පිටත්වුනා.

ගම්වැසියෙක් වගේ සාමාන්‍ය ස්වරූපයෙන් දින සති ගෙවා ගෙන රට තොට තොරතුරුත් බලමින් යන කුමාරයා එක් හැන්දෑවක මාතර පහුකරගෙන අපි දැන් අපරැක්ක කියලා හදුන්වන මේ ගමට ඇවිත් තියෙනවා.

ගිමන් අරින්නත් රැය ගෙවන්නත් තැනක් විපරම් කරමින් ඇවිද ගෙන යන කුමාරයට වයසක කාන්තාවක් පමනක් ඉන්න නිවසක් දකින්න ලැබෙනවා.

ඒ ආතම්මා මුණ ගැහිලා ආ ගිය කතා කරලා තමන්ගේ අවශ්‍යතාවය කිව්වම , ආතම්මා කැමති වෙනවා තරුන මගියාට නවාතැන් දෙන්න.

“දරුවෝ , මහන්සිත් කුසගිනිත් ඇතිනේ - මම කන්න ටිකක් හදලා දෙන්නම්” කියලා මුලුතැන්ගෙට රිංගපු ආතම්මා මගියාට හුණු සහලින් බතක් පිස පොල් සමග මිශ්‍රකර පිලිගන්නවා. 

හුණු සහල් බත දකුණට ආවේනික ආහාරයක්.ඉක්මනින් පිළිගන්වන්න සකස් කර ගන්න පුලුවන් රසවත් බතක්.

උණු උණුවේ පිලිගන්නපු බත නිවා ගන්න තදියමේ එහෙන් මෙහෙන් ගුලි කරලා කටට දාගන්න මගියා දිහා බලා ගෙන ඉන්න ආතම්මා කියනවා… 

“ පුතා බත ගිලින්නේ - ගැමුණු කුමාරයා යුද්ධ කරන්නා වගේනේ “ කියලා. 

මගියා අහනවා “ ඇයි ආතම්මේ එහෙම කියන්නේ  ? .“ කියලා.

“ඇයි දරුවෝ  ? . එහෙන් ගහනවා මෙහෙන් ගහනවා පිලිවෙලකට සේනා සංවිධානය කරගෙන කොනක ඉදන් ඉදිරියට යන්න එපායැ . “ කියලා.

මගී තරුනයා පහුවෙනිදා පාන්දරින් ආතම්මා ගෙන් සමු අරන් තිස්සමහාරාමය බලා පිටත් වුනා.

ආතම්මටත් කාලයත් එක්ක තරුනයා අමතක වුනා.

දුටුගැමුණු කුමාරයා සේනා සංවිධානය කර ගෙන එළාර රජතුමාගේ බළකොටු එකිනෙක විනාශ කරමින් අනුරාධපුරයට ලගාවෙලා අවසානයේ මහ සටනක් කළා.

එළාර රජතුමා පරාජය කරලා රට එක් සේසත් කලා.

පසුකාලයේ එක් දවසක දුටු ගැමුණු රජතුමා මේ ආතම්මා මුණ ගැහෙන්න ආවා.

ආතම්මට පුදුමයි….

දැන අදුනා ගත්තට පස්සේ එදා කළ අපහාසාත්මක උදාහරණයට බියත් හිතුනා.

රජතුමා ආතම්මා අස්වසලා මට දුන්න උපදෙස  නිසානේ යුද්ධෙ දිනුවේ කියලා පැසසුවා.

ඉන් පස්සේ ආතම්මාට ප්‍රසාද වශයෙන් එම ගම්වරය ප්‍රධානය කලා.

එදා ආතම්මගේ ගම්වරය තමයි අද අපරැක්ක.

යුද උපක්‍රමය නිසා රට රැකුනා. “අප  -  රැක්ක” නිසා   අපරැක්ක වුනා.

ටීචර් ත් බත බුලතින් අපට සංග්‍රහ කරලා අප රැක්කා එතුමියටත් ගම්වරක් පුද කරන්න අපට බැරිවුනත් බොහෝම පින් !.











A day in the life

2026-01-17

අධ්‍යාපනය මාර සාකච්ඡාවක….



අධ්‍යාපන විෂය නිර්දේශ , අධ්‍යාපන රටාව වෙනස් විය යුතුයි. යාවත්කාලීන විය යුතුයි.

මම හිතන්නේ මෙම ක්‍රියාදාමය පටන් ගත්තේ අධ්‍යාපන ධවල පත්‍රිකාව ඉදිරිපත් වීමෙන් පසුව.ඒකටත් රණිල් වික්‍රමසිංහ අත්පොත් තියලා තිබුනා.

අපි විරුද්ධවුනා. පෙළපාලි ගියා සත්‍යග්‍රහ කලා වර්ජණ කලා.

ධවල පත්‍රිකාව හකුලාගත්තා. ඒත් මේ වන කම් ඉබි ගමනින් ධවල පත්‍රිකාවේ අංගෝපාංග ක්‍රියාත්මක වුනා.

පෞද්ගලික විශ්ව විද්‍යාල , පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ……….අධ්‍යාපන විෂයය නිර්දේශවල සංවර්ධන වෙනස් කම් සිදුවුනා.

ජනතාව අධ්‍යාපන රටාව වෙනස් වෙනවට අකමැති නැහැ. කාලෙන් කාලෙට කාලයට අනුව යාවත්කාලින විය යුතුයි.

හැම කාලෙකම විපක්ෂ දේශපාලනයට මේ වෙනස් කම් සිදුවන අවස්ථා ප්‍රනීත ආහාරයක්. ඕනැ එකටයි එපා එකටයි විරුද්ධ වෙනවා.

ඒකනේ විරුද්ධ පක්ෂය කියන්නේ !

මෙච්චර කාලයක් විරුද්ධ වුන ඇත්තෝ දැන් ආණ්ඩු පක්ෂයේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ මුල්ලක පුස් කකා තිබුන අධ්‍යාපන ප්‍රතිසංස්කරන මගේ වගේ එළියට දාලා!!.

යුරෝපීය රටවල අධ්‍යාපන මොඩියුල දිහා බලා ගෙන අපේ රටේ නිෂ්පාදිත ප්‍රතිසංස්කරන පුස් ගසා දාලා එළියට දාලා .

දැන් ඒ රටවල් පවා තම තමන් ගේ අධ්‍යාපන රටා වෙනස් කරන්න පටන් අරන්. විභාග නැති නිදහස් ආරෙන් විභාග ආරට යන්න පටන් අරන්.

එයාලගේ රටාවෙන් බුද්ධිමත් පරපුරකට වඩා කූසීත පරපුරක් බිහිවෙන්න පටන් අරන්.

ආසියාතික බුද්ධිමතුන් ඒ රටවල විවිධ ක්‍ෂෙත්‍රවල ඉහලට යන විට දේශීය බුද්ධිමතුන් අතරමග නතර වෙලා බව හොයා ගෙන.

අපි 1970 කාලේ ප්‍රතිසංස්කරණ දැනට ආදේශ කරන්න හදන එක නම් වැරදියි.ඒවා 2026ටත් අපේ රටටත් ගැලපෙන්න ඕනි.

අග්‍රාමත්‍යතුමියට පස් පඩංගුවේ දෝෂාරෝපනය කරනවා. එතුමියගේ ස්ත්‍රිත්වය විවේචන කරනවා. විවේචනය කලයුත්තේ එතුමියගේ යෝජනා. නව ප්‍රතිසංස්කරන වලට විකල්ප යෝජනා කරන බවක් පේන්න නැහැ.එවා කරන්න විවේචන කරන ඇත්තෝවත් දන්නේ නැහැ. නැත්නම් එයාල බලයට පත්වෙනකම් ඉන්නවා.


ලිංගික කරුණු පිලිබදව සරල අධ්‍යපනයක් දිම වැදගත්. ඒත් අපේ රටට හුරු සංස්කෘතික ආගමික ,පවුල් සම්බන්ධතා වගේ දේවල් වලට බැදලා තියාගෙන ඉන්න වැට කඩොළු කඩලා බිදලා දාන්නේ නැතිව පරිස්සමින් කරන්න ඕනි. ඒ බවක් තේරුම් අරගෙන නැතිවා වාගෙයි.


අධ්‍යාපන සංවර්ධණය යාවත්කාලීන වියයුතුයි.

යාවත්කාලීන විය යුත්තේ නව වෙළදපල ඉලක්ක කරගෙන.

එසේ වෙයි කියලා හිතා ගන්නවා. 



A day in the life

2026-01-16

භාවනාව සහ ඩිමෙන්සියාව.


අද බොහෝ දෙනෙකුට ඩිමෙන්ෂියා ගති ලක්ෂණ තිබේ. සමහර විට රෝගී ලක්ෂණයක්ද ආරෝපනය කර ගත් ගති ලක්ෂණයක්ද යන්න හදුනා ගැනීම පවා අපහසු සමාජ ලක්ෂණයකි.

භාවනා කිරීම මගින් ඩිමෙන්ෂියා ලක්ෂණ පාලනය කර ගත හැකි බව පර්යේෂකයින් විසින් සොයා ගෙන තිබේ.

භාවනා කිරීමේදී ගන්නා මන්දගාමී, හිතාමතා හුස්ම ගැනීම ඩිමෙන්ශියා වර්ධනය වීමේ අවදානම අඩු කළ හැකි බව නව පර්යේෂණවලින් පෙනෙන බව පර්යේෂකයින්ගේ මතයයි.

වසර දහස් ගණනක් තිස්සේ පැවත එන මෙම පිළිවෙත මනස තරුණව තබා ගැනීමට උපකාරී වන බව බොහෝ කලක සිට යෝජනා වී ඇත, නමුත් එය තහවුරු කිරීමට ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන් තවමත් අනාවරණය කර ගෙන නැතිවීම පාඩුවකි.

එක්සත් ජනපදයේ විද්‍යාඥයින්, ඔවුන්ගේ සොයාගැනීම් වෛද්‍ය සඟරාවක් වන Psychophysiology හි ප්‍රකාශයට පත් කර ඇති අතර, නිතිපතා භාවනාව මතකය කොල්ලකන රෝගයේ වඩාත් සුලභ වර්ගය වන ඇල්සයිමර් රෝගයේ ජීව විද්‍යාත්මක සලකුණු මට්ටම් අඩු කිරීම සමඟ පැහැදිලි කර ඇත.

භාවනාව හෝ සිහිකල්පනාව රුධිරයේ ඇමයිලොයිඩ් බීටා පෙප්ටයිඩ මට්ටම අඩු කරයි.

ඇමයිලොයිඩ් බීටා පෙප්ටයිඩ මොළයේ ප්ලේක් ලෙස හඳුන්වන ඇලෙන සුළු ගැටිති සෑදිය හැකි අතර එය රෝගය වර්ධනය වීමට එක් හේතුවකි.

දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ වයෝවෘද්ධ විද්‍යාව, මනෝවිද්‍යාව සහ ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක වන ප්‍රධාන කතුවරිය වන ආචාර්ය මාරා මාතර් මෙසේ පැවසුවාය:

'ඔබ සැහැල්ලුවෙන් සිටින විට, ඔබ හුස්ම ගන්නා සෑම විටම ඔබේ හෘද ස්පන්දන වේගය වැඩි වන අතර ඔබ සාමාන්‍ය ලෙස හුස්ම ගන්නා විට හෘද ස්පන්දන වේගය අඩු වේ.

'හෘද ස්පන්දන වේගයේ දෝලනය වැඩි කිරීම සඳහා සෙමින් හුස්ම ගැනීම සම්බන්ධ දෛනික සැසි රුධිරයේ ඇමයිලොයිඩ්-බීටා මට්ටම් අඩු කිරීමට නැඹුරු වන බව ඇය පවසයි.

'ඇමයිලොයිඩ්-බීටා යනු පෙප්ටයිඩයක් (කුඩා ප්‍රෝටීනයක්) වන අතර එය සෛලීය ක්‍රියාකාරිත්වයේ සාමාන්‍ය අතුරු ඵලයක් වන අතර එය අනෙකුත් පරිවෘත්තීය අපද්‍රව්‍ය මෙන් සාමාන්‍යයෙන් මොළයෙන් සහ ශරීරයෙන් ඉවත් කරනු ලැබේ.

'කෙසේ වෙතත්, නිෂ්පාදන මට්ටම් ඉතා ඉහළ නම් හෝ නිෂ්කාශන අනුපාත ප්‍රමාණවත් තරම් ඉහළ මට්ටමක නොමැති නම්, ඇමයිලොයිඩ්-බීටා මට්ටම් වැඩි වන අතර මොළයේ එකතු වීමට (එකට ඇලී සිටීමට) පටන් ගත හැකිය, ඇල්සයිමර් රෝගයේ ආසන්න  ලක්ෂණයක් වන ඇමයිලොයිඩ්-බීටා සමරු ඵලකය සාදයි.'

ඇය Psypost වෙත මෙසේ පැවසුවාය: 

'මන්දගාමී හුස්ම ගැනීම සමහර ආකාරයේ භාවනා පිළිවෙත්වල වැදගත් ලක්ෂණයකි, 

'භාවනා කිරීමේදී මන්දගාමී හුස්ම ගැනීම, මන්දගාමී හුස්ම ගැනීමකින් තොරව භාවනා කිරීමට වඩා ප්ලාස්මා ඇමයිලොයිඩ්-බීටා මට්ටම් අඩු කරයිද යන්න පිළිබඳව අපි උනන්දු වුණා.'


ඔවුන්ගේ විශ්ලේෂණයට වයස අවුරුදු 18 ත් 35 ත් අතර නිරෝගී වැඩිහිටියන් 89 දෙනෙකු ඇතුළත් විය - වයස් ආශ්‍රිත රෝග නිසා තවමත් වෙනස් වී නොමැති පරිදි තෝරාගත් වයස් පරාසයකි - ඔවුන් මීට පෙර නිතිපතා භාවනා කර නොතිබුණි.

සහභාගිවන්නන් අහඹු ලෙස කණ්ඩායම් තුනෙන් එකකට ඇතුළත් කරන ලදී; පළමුවැන්නාට අහඹු ලෙස පහක් ගණන් කිරීම සඳහා ආශ්වාස කරන ලෙසත්, පහක් ගණන් කිරීම සඳහා ප්‍රශ්වාස කරන ලෙසත් කියන ලදී, එහි ප්‍රතිඵලයක් ලෙස විනාඩියකට ආසන්න වශයෙන් හුස්ම හයක වේගයක් ඇති වූ අතර ඊට වෙනස්ව, දෙවන කණ්ඩායම අනුගමනය කළ යුතු නිශ්චිත ගණන් කිරීමක් හෝ රිද්මයක් නොමැතිව සාමාන්‍ය හුස්ම ගැනීම පුහුණු විය.


ඔවුන්ට දිනකට දෙවරක් මිනිත්තු 20 ක් හුස්ම ගැනීමේ අභ්‍යාස කරන ලෙසත්, සතියකට දිනපතා මිනිත්තු 40 ක් පුහුණු වන ලෙසත් කියන ලදී.

පර්යේෂකයන් විශේෂිත හෘද ස්පන්දන සංවේදක භාවිතයෙන් ශරීරයට ඇති බලපෑම් මනින ලද අතර, සැසි අතරතුර හෘද ස්පන්දන වේගයෙහි විශාල දෝලනයන් ඇති බව තහවුරු කළේය.

මෙයින් අදහස් කළේ ඔවුන් ඔවුන්ගේ පැරසයිම්පතටික් ස්නායු පද්ධතිය (PNS) - බොහෝ විට 'විවේක සහ ජීර්ණය' පද්ධතිය ලෙස හඳුන්වනු ලබන - සාර්ථකව සම්බන්ධ කර ගත් බවයි - එය ශරීරය සන්සුන් කිරීම ඇතුළු බොහෝ දේ සඳහා වගකිව යුතුය.


මේ අතර, සාමාන්‍ය ලෙස හුස්ම ගත් කණ්ඩායම මෙම දෝලනයන් නොපෙන්වූ අතර එයින් අදහස් කරන්නේ ඔවුන්ගේ භෞතික විද්‍යාත්මක තත්වය ඔවුන්ගේ විවේක තත්වයට සමාන බවයි.


පර්යේෂකයන් අධ්‍යයනයේ ආරම්භයේ සහ අවසානයේ සියලුම සහභාගිවන්නන්ගෙන් රුධිර සාම්පල ද එකතු කළ අතර, විශ්ලේෂණයෙන් කණ්ඩායම් අතර ඇමයිලොයිඩ් බීටා මට්ටම් මට්ටම්වල වෙනස්කම් අනාවරණය විය.


මන්දගාමී හුස්ම ගැනීමකින් තොරව සිහිකල්පනාව පුහුණු වූ අය ප්ලාස්මා ඇමයිලොයිඩ් බීටා මට්ටම්වල වැඩි වීමක් පෙන්නුම් කළහ.

ප්‍රතිලෝමව, සිහිකල්පනාව අතරතුර සෙමින් හුස්ම ගත් අය මට්ටම් අඩු කර තිබුණි.


වෛද්‍ය මාතර් ගේ අදහසවුයේ, 

'මෙය සිහිකල්පනාව පමණක් ඇමයිලොයිඩ්-බීටා මට්ටම් වැඩි කරන්නේ මන්දැයි යන ප්‍රශ්නය මතු කරයි

'සිහිකල්පනාවට අවධානය යොමු කළ අවධානය අවශ්‍ය වේ. නොනාඩ්‍රිනලින් යනු අවධානය යොමු කරන අවධානයට සහාය වන ස්නායු මොඩියුලේටරයකි.

'විවිධ ආකාරයේ භාවනා පිළිවෙත් ඔබේ කායික විද්‍යාව සහ අවධානයට බෙහෙවින් වෙනස් බලපෑම් ඇති කළ හැකිය. එක් එක් ආකාරයේ පුහුණුවට විවිධ ප්‍රතිලාභ තිබිය හැකිය.ෙ

'මෙම සොයාගැනීම්වලින් පෙනී යන්නේ මන්දගාමී හුස්ම ගැනීම ඇතුළත් වන ක්‍රම මගින් ප්ලාස්මා ඇමයිලොයිඩ්-බීටා අඩු කිරීමට ඉඩ ඇති බවයි.'


කෙසේ වෙතත්, ප්ලාස්මා ඇමයිලොයිඩ් බීටා අඩු කිරීම ඇල්සයිමර් අවදානම අඩු කිරීමක් සහතික නොකරන බව සැලකිල්ලට ගැනීම වැදගත්ය.


මෙම සොයාගැනීම් පැමිණෙන්නේ එක්සත් රාජධානියේ ඩිමෙන්ශියා රෝගීන් අඛණ්ඩව ඉහළ යන බැවින්, දැනට බ්‍රිතාන්‍ය ජාතිකයින් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටිති - 2040 වන විට එම සංඛ්‍යාව මිලියන 1.4 දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

මෙම තත්වයන් ජාන විද්‍යාව, මොළයේ වෙනස්කම්, දුර්වල ආහාර, දුම්පානය සහ ශාරීරික ක්‍රියාකාරකම් නොමැතිකම ඇතුළු සාධක ගණනාවක් නිසා එය ඇති විය හැක.


මෙම තත්ත්වයට ප්‍රතිකාරයක් නොමැති වුවද, මුල් රෝග විනිශ්චය ප්‍රගතිය මන්දගාමී කිරීමට සහ රෝග ලක්ෂණ කළමනාකරණය කිරීමට උපකාරී වේ, 

ඒවාට මතක ශක්තිය නැතිවීම, අවධානය යොමු කිරීමේ අපහසුතාව, මනෝභාවය වෙනස්වීම් සහ සංවාදවලින් පසු ගැටළු ඇතුළත් වේ.

වර්ධනය වන සාක්ෂි වලින් පෙනීම, ශ්‍රවණය, රසය, ස්පර්ශය සහ සමබරතාවයේ වෙනස්කම් සම්භාව්‍ය රෝග ලක්ෂණ  වසර ගණනාවකට පෙර දිස්විය හැකි බව පෙන්වා දෙයි.

විශේෂඥයින් අනතුරු අඟවා ඇත්තේ අන් අයට ඕනෑවට වඩා සමීපව සිටීම වැනි අවකාශීය දැනුවත්භාවය පිළිබඳ ගැටළු ඩිමෙන්ෂියාවට හේතු විය හැකි බවයි.





A day in the life

2026-01-15

අද (15) තෛපොංගල් දිනයයි



තෛපොංගල් උත්සවය මූලික වශයෙන් සශ්‍රීකත්වය, කෘතවේදීත්වය සහ සාමය සමගිය උදාකරවන්නක් සඳහා කෙරෙන උත්සවයකි. මෙම උත්සවය දකුණු ඉන්දියාවෙන් පහළ වූ උත්සවයක් බව බොහෝ පඬිවරු පවසති. මෙය හින්දු ධර්මයෙන් නිපන් උත්සවයක් වන්නේ ඒ ගැන පැවසෙන පුරාවෘත්ත නිසාය.
පුරාවෘත්ත
තෛපොංගල් ඉතිහාසය හෙළිදරව් වන ජනප්‍රියම පුරාවෘත්තය වන්නේ ශිව දෙවියන්ගේ ගවයා සම්බන්ධ පුරාවෘත්තයයි. ශිව දෙවියන්ගේ ගවයා වනුයේ භාෂවය.
භාෂාව ඇමතු ශිව දෙවියෝ පෘථිවියට ගොස් මනුෂ්‍යයන්ට තෙල් සාත්තුවක් හා සෑම දිනකදීම ස්නානය කරන ලෙසට දැනුම් දෙන ලෙස පැවසුවේය. ඒ වගේම මසකට වරක් පමණක් ආහාර ගන්නා ලෙසටත් උපදෙස් දෙන ලෙසට ශිව දෙවියෝ භාෂවට ප්‍රකාශ කර සිටියහ.
එහෙත් ශිව දෙවියන්ගේ පණිවිඩය වරදවා වටහා ගත් නිසාදෝ භාෂව මනුලොවට පැමිණ සෑම දිනකම ආහාර ගන්නා ලෙසටත් මසකට වරක් තෙල් සාත්තු කර ස්නානය කිරීම සිදු කරන ලෙසටත් මානව සමාජයට පැවසුවේය. මෙම වරද පිළිබඳව කුපිතව කෝපයෙන් පසුවූ ශිව දෙවියෝ සිය ගවයා වන භාෂවයන්ට සාප කළහ.
භාෂාව සදාකාලිකවම මනු ලොවේම වාසය කරන ලෙසට එම ශාපයෙන් අපේක්ෂා කෙරිණි. එමෙන්ම භාෂව සී සාමින් කුඹුරු වැඩ ඇතුළුව මානව සමාජයේ වෙනත් කටයුතු උදෙසා සහාය වෙමින් ආහාර නිෂ්පාදනය වර්ධනය කිරීමට දායක වීමටත් ගවයාට සිදු වනුයේ මෙම පසුබිම තුළය යන්න ඉන්දියානු පුරාවෘත්තයේ සඳහන් වේ.

මෙසේ මනු ලොවේ ගොවිතැනට උදව් වන ගවයන්ට කෘතවේදී වීමට ජනයා පෙළැඹී ඇත. කෘතවේදීත්වයේ සංකේතයක් හැටියට තෛපොංගල් උත්සවයේ තෙවැනි දිනයේ පට්ටි පොංගල් නමින් හැඳින්වෙන උත්සවය ඇතිවිය.

තෛපොංගල් සංක්‍රාන්තිය

පුරාවෘත්තවලින් තෛපොංගල් ඇති වුවත් ක්‍රි.පූ. 200 සිට ක්‍රි.ව. 300 දක්වා යුගයේ දකුණු ඉන්දියාවේ මේ තෛපොංගල් ඇති වූ බව වියත්හු පෙන්වා දෙති.
තෛ මාසයේ එනම් සිංහල ක්‍රමයට දුරුතු මාසයේ පළමුවැනි දින සූර්යා ධනු රාශියේ සිට මකර රාශියට සංක්‍රාන්තිය සිදු කරනු ලබයි. දුරුතු මාසයේ සිට පොසොන් මාසය තෙක් එනම් දෙමළ ක්‍රමයට තෛ මාසයේ සිට ආනි මාසය තෙක් සූර්යයා උතුරු දෙස බලා ගමන් කරන හෙයින් උත්තරායන කාලය ඇති වේ.
මේ කාලයේදී සූර්යාගෙන් බොහෝ ශක්තිය ලැබෙන බව දෙමළ හින්දු ජනයෝ විශ්වාස කරති. එමෙන්ම සූර්යා දිවා රාත්‍රී දෙකෙහි එක සමාන වන බැවින් උතුරු දෙසට ගමන් කිරීම සිදුවන සමයත් රත්වීම හෝ ඉතිරි වීම සිදුවේ.
මෙම රත්වීම නිසා පොළවේ පවතින ජල කඳ වාෂ්ප වී මහා වැසි වසින්නටත් එම වැස්ස නිසා මිනිසුන්ට ජීවත් වන්නට අවශ්‍ය සියලුම භව බෝග අස්වැන්න ලැබෙන්න පටන් ගන්නා බවත් ඔවුන්ගේ විශ්වාසයයි. මේ නිසාම සූර්යයාට කෘතවේදී වීමට ඉනුවිලා උත්සව පැවැත්වීමට හින්දූහු අමතක නොකරති. එය පසුකාලීනව තෛපොංගල් විය.

තෛපොංගල් උත්සවය අනාදිමත් කාලයක සිට දෙමළ හින්දූන් විසින් සමරන උත්සවය දින හතරක් තිස්සේ සමරන උත්සවයක් කරගෙන ඇත. එහි පළමුවැන්න පෝහි පණ්ඩිගෛ නම් විය.

පෝහි පණ්ඩිගෛ

මෙය ආරම්භ වන්නේ මාර්කලි මාසයේ අවසාන දිනයෙනි. එනම් උඳුවප් මස අවසාන දිනයෙනි. මෙම දිනය එම අවුරුද්දේ අවසාන දිනය වේ.
මෙම දිනයේදී පැරණි උපකරණ සියල්ලම පුළුස්සාගේ ගේදොර සුද්ධ පවිත්‍ර කර ‌ගොම මැටි හා පිරිසුදු කර ගන්නා දවස පෝහි පණ්ඩිගෛයි වශයෙන් හැඳින්වේ. මෙම සිරිත අනාදිමත් කාලයක සිට පැවත එන්නකි. මෙහි දෙවන දිනය වන්නේ පොංගල් පණ්ඩිගෛ නමින් හඳුන්වන උත්සවයයි.

පොංගල් පණ්ඩිගෛ

මෙම දිනයේදී හිරු දෙවියන් උදෙසා වැඳුම් පිදුම් සිදු කරනු ලබති. මේ අනුව නිවසෙහි නැගෙනහිර පැත්තට වන්නට භූමි භාගයක් තෝරා ගැනේ.
විශේෂයෙන් මෙම භූමි භාගයට ගොම මැටි ගල්වා කහ දියර ඉස කෝලම් දමා සතර කොනේ කෙසෙල් ගස් සිටුවා ගත යුතුය. ඉන් අනතුරුව එම භූමි භාගයේ ලිපක් බැඳ ගිනි මොළවා කිරි උතුරවා අලුත් අස්වැන්නෙන් කිරිබතක් පිස ගනු ලැබේ.
ඉන් අනතුරුව මෙම කිරිබත හිරු දෙවියන් උදෙසා පුදනු ලැබේ. මෙම පිදීමට කැවිලි පෙවිලි සහ කෙසෙල් ගෙඩිද තබනු ලැබේ. මෙයට පොංගල් උත්සවය යැයි කියනු ලැබේ. ඊළඟට එළැඹෙන්නේ තෛපොංගල් තෙවැනි දිනයයි. මෙම දිනයට පට්ටි පොංගල් නොහොත් මාටු පොංගල් යයි කියනු ලැබේ.


පට්ටි පොංගල්

දෙමළ හින්දූහු ගොවිතැනට උදව් උපකාර කරන හරකුන්ට පොංගල් දිනට පසු දින සුවිශේෂ වත්පිළිවෙත් රැසක් ඉටු කරති. මෙම උත්සවයේදී ගව පට්ටි සෝදා සුද්ධ පවිත්‍ර කර ගව මහේෂාධීන් නහවා ඔවුන්ගේ අංවලට වර්ණ ආලේප කර පිරිසුදු කර ගනු ලැබේ. ඉන් පසුව ගව මඩුව ඉදිරිපස භූමි භාගයක් තෝරා ගොම පිරියම් කර වටේට ගොක් කොළ එල්ලා භූමි භාගයේ කෝලම් දමා ‘ගෝ’ පූජාව සිදු කරනු ලැබේ.
මෙහි සකස් කරගත් භූමි භාගයේ කිරි උතුරවා කිරිබත් පිස දෙවියන්ට පුදනු ලැබේ. අනතුරුව සෑම ගවයකුටම කැවිලි කිරිබත් කවා උන්ව සතුටු කරනු ලැබේ.
ගෝ පූජාවේදී දෙනුන් සඳහා විශේෂ පූජාවක් සකස් කර ගනු ලැබේ. ඍග් වේදයේ සඳහන් වන ආකාරයට එළ දෙනුන්ගේ පසුපස මහා ලක්ෂ්මිත් ඇගේ සිරුර පුරාම තිස් තුන් කෝටියක් දෙවි දේවතාවන් පැතිරී සිටින බව කියැවේ.
ගෝ පූජාවේදී එළ දෙනත් පැටියාත් නහවා එළ දෙනගේ මුහුණේ කහ ගල්වා කුංකුම ගල්වා ගෙලට මල්මාලයක් දමා වස්ත්‍රයක් පොරවා ඇගේ පිටුපසෙහි කහද කුංකුමද ගැල්විය යුතුය. පසුව දීප දූප අල්වා වේද මන්ත්‍ර ගයා කපුරු දල්වා දීප ආරාධනාව සිදුකළ යුතුය.
සිකුරාදා හෝ අමාවක දිනවලදී ‘ගෝ’ පූජාව සිදු කරනු විට ලක්ෂ්මි දෙවඟනගේ දයාව අනුකම්පාව ලැබෙන බව හින්දූහු විශ්වාස කරති.

හින්දු දෙමළ වැසියන් ගෝ පූජාවට දක්වන්නේ ඉමහත් භක්තියකි. එම නිසාම දෙමළ ගීත සාහිත්‍ය දියුණු වී ඇත. මෙහිදී කිවිවර කන්නදාසන් ලියූ ගීතයක් මෙසේ වෙයි.

ගෝ මාදා එන්ගල් කුලමාදා
කුල මාදර් නලම්කාක්කුම් ගුණමාදා
පුවි වාල්විල් අරුල් පොංගුම්
තිරු මාදා වන්න පූ මාදා
පලූට්ටුම් අන්බිලේ අන්නෙයි නීසේ
පලකුම් උරවිලේ පිල්ලෛ නියේ
කරුණෛ මනදිල් ගංඟයි නියේ
කල්ලාරුක්කුම් තීට්ටු වරුක්කුම්
දෙයිවම් නියේ

මෙහි තේරුම වන්නේ,

ගෝ මාතාව අපේ ශ්‍රියා කතයි
කුල මවගේ සුව රකිනා ගුණ මාතාවයි
මිහි දිවියේ මහිමය ඉතිරෙන
මිහිර මවයි වන්න පුෂ්ප මවයි
කිරි පොවනා සෙනෙහසිනේ
මව ඔබ වේ
සිත් කරුණා උපදන ගංගාව
ඔබ වේ
ගල් හිත මිනිසුන්ටත් සැමගේ
දෙවඟන ඔබමයි.


මෙම ගීතයෙන් කියැවෙන පරිදි ඵළ දෙනක් දෙවඟනකට එම කවිය සම කරන්නේ ඉතාම ගෞරවයෙනි. මේ ආකාරයෙන් දෙමළ ගීත තෛපොංගල් නිසා ගීත සාහිත්‍යය පෝෂණය වී ඇත.

මෙහිදී දවස් හතරක තෛපොංගල් අවසාන දිනය වන්නේ කාණුම් පණ්ඩිගෛ නමැති උත්සවයකි.

කාණුම් පණ්ඩිගෛ

මෙම උත්සවය කාන්තාව උදෙසා සිදු කරනු ලබන උත්සවයක් බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. පොංගල් මුට්ටියේ බඳින ලද කහ කැබැල්ල ලිහාගෙන ගොස් එය වැඩිහිටියන් පස් දෙනකුට දී එයින් තමන්ගේ නළලත ගාවා ගනිති. වැඩිහිටි අය නැතිවුවහොත් තම සැමියාට දී ගා ගෙන ආශිර්වාද කර ගනිති. මෙදින කාණුම් නමැති පිංඩ තැබූ පසු කාන්තාවෝ ස්නානය කර අලුත් ඇඳුම් ඇඳ තෑගි භෝග ලබති.

මේ ආකාරයෙන් බලන කලට තෛපොංගල් උත්සවය මිනිස් දිවියට වැදගත් උත්සවයක් ලෙස සැලකිය හැක්කේ එහි අඩංගුවන සංස්කෘතික අංග සමාජයට බද්ධ වී ඇති නිසාය.
තෛපොංගල් නිසා දියුණු සාහිත්‍යයත් දියුණු ගීත සාහිත්‍යයත් චිත්‍රපට සාහිත්‍යයත් නවකතා, කෙටිකතා සාහිත්‍යයත් කවි සාහිත්‍යයත් දියුණු වී ඇත.
මේ නිසා මෙහිදී සාමය සතුට පමණක් නොව ලංකාව වැනි රටක සංහිඳියාවට ද උපකාරී වන ඉතා වටිනා උත්සවයකි. එම නිසා මෙම උත්සවය කෘතවේදීත්වයෙන් ආරම්භ වී මිනිසා යහ මගට හරවන ගුණධර්මයන්ගෙන් පෝෂණය වන උත්සවයක් ලෙස හඳුන්වා දිය හැකිය.

ජය සතුට පිරි තෛපොංගල් දිනයක් වේවා යයි ප්‍රාර්ථනා කරමි.


ලංකාදීපය  - 2022.01.14
ආචාර්ය දෙමළ පණ්ඩිත් පන්මොළි
විත්තහර් පන්මොළි පුලවර් සාහිත්‍යවේදී
දෙමළ ජනශ්‍රැති පර්යේෂක මඩුළුගිරියේ විජේරත්න

A day in the life

2026-01-13

6 වසර ඉංග්‍රීසි මොඩියුලය




6 වසර ඉංග්‍රීසි මොඩියුලය ගැන
මව්බිම ජාතික පුවත්පත.
2026.01.05

පාසල් දරුවන්ට ලබාදිය යුත්තේ වයසට සුදුසු නිවැරදි ලිංගික අධ්‍යාපනයක් මිස විකෘති කාමුක වෙබ් අඩවි භාවිතා කිරීම ගැන අධ්‍යාපනයක් ලබාදීම නොවෙයි.!
අපේ රටේ ලා බාල දරු දැරියන් සැලකිය යුතු ප්‍රමාණයක් වාර්ෂිකව ලිංගික අතවරවලට ලක්වන බව පොලිස් සංඛ්‍යා ලේඛන වලින් පැහැදිලි වනවා. වාර්තා නොවන එවන් අතවර ඊට වඩා විශාල ප්‍රමාණයක් පවතින බවට සාධක තිබෙනවා.ඒ අතරින්ද වාර්ෂිකව දහසකට වැඩි ගැහැණු දරුවන් ප්‍රමාණයක් කැමැත්තෙන්ම ලිංගික සංසර්ගයන්ට යොමුවී දූෂණයට ලක්වන බවත් වයස අවුරුදු 14ත් 16 ත් අතර ළමයින්ගෙන් 97.3% කට මේ සම්බන්ධව නිසි දැනුමක් නොමැති බවත් මීට වසර කිහිපයකට පෙර මා විසින් සිදු කළ සමීක්ෂණයක් ඇසුරින් ජනමාධ්‍ය වාර්තා කළා. එමගින් මා අවධාරණය කළේ වයසට සුදුසු ආකාරයෙන් දරුවන් හට ලිංගික අධ්‍යාපනය ලබාදීමේ අවශ්‍යතාවයක් තිබෙන බවයි.

අන්තර්ජාලය ඔස්සේ තොරතුරු සොයා බැලීමේදී වෙනත් රටවල් දරුවන්ට ඉතා කුඩා අවධියේ සිට වයසට සුදුසු පරිදි කාටූන් චිත්‍ර අනුසාරයෙන් ලිංගික අධ්‍යාපනය ලබා දෙනවා දක්නට පුළුවන්. නව යොවුන් වියට එළඹීමට පෙර නම් ලිංගික හෝමෝන ශ්‍රාවය වීම ඇරඹීමට පෙර ලබා දෙන මෙම අවබෝධය මගින් ඒ දරුවන් තුල ගැබ් ගැනීම් සම්බන්ධව, මවගේ කුස තුළ දරුවෙකු පිරිසඳ ගන්නා ආකාරය සහ කුස තුළ වර්ධනය වන ආකාරය පිළිබඳ මනා දැනුමක් ලබා දෙනවා. එමගින් මව් සෙනෙහස තවදුරටත් වැඩි වන අතර එමගින් ලිංගික උත්තේජනයන් ලැබෙන්නේ නැහැ.

මේ අතර පාසල් දරුවන් අතර විශේෂයෙන් කාන්තා විද්‍යාලවල ලාබාල දැරියන්ගේ සිට සමලිංගික චර්යාවන්ට පෙළඹීමේ ප්‍රවණතාවයක් තිබෙන බව තවදුරටත් මීට කලින් මා විසින් ජනමාධ්‍ය මගින් අනාවරණය කලා. මෙහිදී එම දරුවන් මෙම ක්‍රියාවන්වලට පෙළඹෙන්නේ ඔවුන් උපතින්ම වෙනස් ලිංගික දිශානතියක් ඇතිව උපදින හේතුවෙන් නොව විවිධ ක්‍රමවේදයන් මඟින් මේවාට යොමු කරන නිසයි.මෙමගින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම, විකෘති ලිංගික ක්‍රියාවන්ට ඇබ්බැහිවීම ලිංගික රෝගවලට ගොදුරුු වීම, මෙන්ම අනාගත විවාහ දිවිය අසාර්ථක වීම සියදිවි නසා ගැනීම වැනි සමාජීය ගැටලු ඇතිවන බව දක්නට ලැබෙනවා.

සමලිංගික සබඳතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇති නීතිය මේ සම්බන්ධයෙන් වැදගත් වනවා ශ්‍රීලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365(අ) වගන්තිය 1995 අංක 22 දරන සංශෝධනයෙන් සංශෝධනය කරනු ලැබුවේ ළමයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිසයි.ඒ අනුව එම වගන්තිය මගින්. ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ හෝ වෙනත් තැනැත්තකු සමග යම් දැඩි අශිෂ්ට ක්‍රියාවක් (සමලිංගික සබඳතා) සිදුකරන නැතහොත් එවැනි යම් ක්‍රියාවකට පාර්ශ්ව කරුවෙකු වන හෝ එබඳු යම් ක්‍රියාවක් යම් තැනැත්තකු විසින් සිදු කරනු ලැබීමට කුට්ටනය කරන හෝ කුට්ටනය කිරීමටත් තැත් කරන කවර හෝ තැනක්දකු වරදකට වරදකරුවන බව දක්වා තියෙනවා .මේ සඳහා වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කොට ඇති අතර මේ වරද වයස අවුරුදු දහසයට අඩු තැනැත්තෙකු කෙරෙහි වයස 18 ට වැඩි තැනැත්තකු විසින් සිදු කර තිබේ නම් ඔහුට අවම අනිවාර්ය වසර 10 සිට 20 දක්වා වූ සිර දඬුවමක් නියම කොට තියෙනවා.

මේ අනුව ඉතා පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව තුළ කවර වයසක හෝ ස්ත්‍රී පුරුෂ කවරෙකු හෝ සමලිංගික චර්යාවන්හි යෙදේ නම් එය අපරාධමය වරදක් වන බවයි. එහිදී 'කැමැත්ත " යන්න සලකා නොබලන අතර ක්‍රියාවට සහභාගී වන සියලුම දෙනාට දඬුවම් කරනු ඇත. .ඒ අනුව සමලිංගික චර්යාවන් අපේ රටේ අපරාධ නීතිය මගින් තහනම් කළ අපරාධමය හැසිරීමක් බව තහවුරු වනවා. 
.
මෙම ප්‍රතිපාදන සලකා බලන කල නව යොවුන් වියට එළඹෙන අවධියේ වන බාල වයස්කාර දරුවන්ට සමලිංගික වෙබ් අඩවි වෙත අනිවාර්යයෙන් යොමු කිරීමේ පෙළඹවීමක් නැතහොත් එක්තරා ආකාරයක “කුට්ටනය කිරීමක්” යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 වසර දරුවන්ට ඉගැන්වීමට ලබාදීමට සකස් කළ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සකස් කල පෙළ පොතේ දක්නට ලැබෙනවා.

දරුවන්ට සාමාජිකත්වය ලබාගෙන සම්බන්ධ වීම සඳහා අන්තර්ජාල වෙබ් අඩවියක නමක් මේ පොතේ අන්තර්ගත කොට තිබෙනවා.මේ වෙබ් අඩවිය ඉතා පැහැදිලිවම සමලිංගික චර්යාවන් සඳහා සගයන් සොයා ගැනීම සඳහා වෙන් වූ වෙබ් අඩවියක් මෙය පෙළපොතට අහම්බෙන් ඇතුළත් කළ දෙයක් නොවන බව ඉතා පැහැදිලියි. වෙබ් ලිපිනයට අමතරව එයට ඇතුළත් වීම සඳහා පිරිමි දරුවන්ට සහ ගැහැණු දරුවන්ට වෙන වෙනම ඇතුලත් කළ යුතු දත්ත අංශ දෙකක් දක්වා තිබෙන බව දක්නට ලැබෙනවා. නම, වයස, රටට අමතරව උස සහ බර ද මෙහිදී ඇතුළත් කළ යුතු වෙනවා. මිත්‍රත්වයක් ඇතිකර ගැනීම සඳහා උස සහ බර අවශ්‍ය වන්නේ ඇයි ?

 ගැහැණු දරුවන් වෙනම සහ පිරිමි දරුවන් වෙනම යොමුවකින් වෙබ් අඩවියට යොමු විය යුතු ආකාරය මෙහිදී දක්වා තිබෙනවා.එනම් සමලිංගිකයන් වර්ග කිරීමක් මෙහිදී දක්නට ලැබෙනවා. මේ සියලු උපදෙස් වෙබ් අඩවියේ නොව පොතේ දැක්වීම මගින් මෙය මේ වෙබ් අඩවිය පිළිබඳව හොඳින්ම දැනගෙන හිතාමතාම පෙළපොතට ඇතුළත් කර ඇති බව තහවුරු වෙනවා.

ඒ අනුව මෙම අසභ්‍ය වෙබ් අඩවි වලට බාලවයස්කාර දරුවන් අනිවාර්යයෙන් යොමු කිරීම සඳහා උපදෙස් ලබා දී ඇති මොඩියුලය සකස් කර ඇති පුද්ගලයන් මෙන්ම ප්‍රතිපුරුෂ වගකීම මත අමාත්‍යාංශයේ ඉහළම නිලධාරීන් දක්වා මේ සඳහා වගකීමට බැඳී සිටිනවා. එපමණක් නොව මෙම මොඩියුලය උගන්වන ගුරුවරුන් මෙම වෙබ් අඩවිවලට දරුවන් යොමු කිරීමට පියවර ගන්නා විට ඔවුන්ද ළමයින් අපචාරවලට යොමු කිරීම සම්බන්ධව අපරාධමය චෝදනාවට ලක්වනු ඇත.

ඕස්ට්‍රේලියාව ඇතුළු දියුණු රටවල් වයස අවුරුදු දාසයට අඩු බාල වයස්කාර දරුවන් සමාජ ජාල වෙබ් අඩවි වලින් ඉවත් කිරීමට නීති සකසද්දී අපේ රටේ අවුරුදු දොළහේ සිට දරුවන් සමාජ ජාල වෙබ් අඩවි වෙත යොමු කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අනිවාර්ය කිරීම විහිළුවක් සහ අපරාධයක්.

දැනටමත් සමාජ ජාල වෙබ් අඩවි උපයෝගී කරගෙන දරුවන් රාශියක් මත්ද්‍රව්‍ය අපචාර සහ අපයෝජන වලට නීති පතා ගොදුරු වීම තුළ ඉතා ලාබාල වයසේ දරුවන් පවා අනිවාර්යයෙන් මේ සමාජ ජාල වෙබ් අඩවි වෙත යොමු කිරීමට පියවර ගැනීම මගින් අපේ සමාජය සම්පූර්ණයෙන් විනාශ වී අපේ රටත් අනාගතයේදී තවත් සෝමාලියාවක් ,හයිටියක් වීම වැළැක්විය නොහැකි වනු ඇත.
එම නිසා රටේ අධ්‍යාපනය සම්බන්ධව මීට වඩාත් දැඩි අවධානය යොමු කොට මානසික රෝගීන්ට රටේ අනාගතය සමඟ සෙල්ලම් කිරීමට ඉඩ නොදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදිසියේ සිදු නොකර මනා කථිකාවකින් අනතුරුව ඉතා සීරුවෙන් සිදු කිරීමට පියවර ගැනීම අත්‍යවශ්‍ය වනවා.












වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ.
2026. 01. 03

A day in the life

2026-01-12

පින්ලන්ත අධ්‍යාපනය - කථා බහක්.




Next page - Isuru prasanga 


ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා පින්ලන්ත අධ්‍යාපන ක්‍රමය ගැන ඉතාම ආඩම්බරයෙන් කතා කරති. පින්ලන්තයේ මෙන් විභාග බර නැති, සියලු දෙනා සමතුන් වන, මහන්සි වී ඉගෙනීමට වඩා සතුටින් සිටීමට මුල් තැන දෙන අධ්‍යාපන ක්‍රමයක් ගැන අද අපේ රට තුළ නැවත කතාබහක් ඇති වී තිබේ.

එසේ වුවද පින්ලන්ත අධ්‍යාපන ක්‍රමය ගැන අප බොහෝ දෙනා තුළ ඇති පැතලි ආකල්ප ඒ ආකාරයෙන්ම නිවැරදිද යන්න ගැඹුරින් විමසා බැලිය යුතු කාරණයකි.
මෙහි අදහස එරට අධ්‍යාපනය සපුරා අසාර්ථක එකක් බව පෙන්වා දීම නොවේ. එහෙත් රටක සමාජ ආර්ථික පරිසරය නොතකා හුදු අධ්‍යාපන ක්‍රමය පමණක් වෙන් කොට ගෙන එය තවත් රටකට ඒ ආකාරයෙන්ම ආදේශ කළ හැකිද?

එය ඇත්තෙන්ම පින්ලන්තයේ අධික ශීතලට අඳින ඇඳුම්වලින් සැරසී ගිනි දවාලේ ලංකාවේ කුඹුරු කෙටීම වැනි කටයුත්තකි. එසේ නැති නම් උපතින්ම කෝටිපතියෙකු වූ පුද්ගලයෙක් ජීවිතය විඳින ආකාරය දෙස බලා කුලී වැඩ කොට ජීවත් වන අයෙකුට ඒ ආකාරයෙන් හැසිරීමට යෝජනා කිරීම වැනි විහිළු සහගත කටයුත්තකි.

පින්ලන්තය ශ්‍රී ලංකාව මෙන් පස් ගුණයක් පමණ විශාලය. එහෙත් එහි ජනගහනය ලංකාවේ මෙන් හතරෙන් එකකට වඩා අඩුය. එරට දළ ජාතික ආදායම ලංකාව මෙන් තුන් ගුණයකට වැඩිය. ලංකාව අධ්‍යාපනයට දළ ජාතික ආදායමෙන් 1.8%ක් වෙන් කරන විට පින්ලන්තය 6.5%ක් වෙන් කරයි. යුරෝපා සංගමයේ රටක් වන පින්ලන්තයට යුරෝපයේ ඕනෑම රටක අධ්‍යාපන හා රැකියා අවස්ථා පහසුවෙන් ලබාගත හැකි බැවින්, ඒ සඳහා ඔවුන්ට ඇති තරඟය ඉතාම අඩුය. පින්ලන්තයේ ගුරු වැටුප ලංකාවේ මෙන් විසි තිස් ගුණයකි. එරට පන්ති කාමරයක සිටින සිසුන් සංඛ්‍යාව 15ක් හෝ 20කි. පාසල්වල භෞතික පහසුකම් අපට සිතා ගැනීමට බැරි තරම් ඉහළය.

මේ බරපතළ වෙනස්කම් අනුව පින්ලන්ත අධ්‍යාපන ක්‍රමය ඒ රටට යහපත් එකක් විය හැකි වුවද එය ලංකාවට ව්‍යසනයක් විය හැක්කකි. එහෙත් අපේ රටේ බොහෝ දෙනා මේවා පිළිබඳ සන්සන්දනය කරනුයේ මේ සමස්ත පින්තූරය දෙස බලමින් නොව එහි කුඩා කොටසක් පමණක් අල්ලා ගනිමිනි.

පින්ලන්තය හා ලංකාව අතර ඇති මේ බරපතළ සමාජ ආර්ථික වෙනස්කම්වලට අමතරව, පින්ලන්ත අධ්‍යාපන ක්‍රමයේ සීමා මායිම් ගැන ලෝකයේ බොහෝ විද්වත් විවේචන පවතින බවද අප අමතක නොකළ යුත්තකි.
ඒවායේ පෙන්වා දෙන ආකාරයට පින්ලන්තයේ ඇති මේ ලිහිල් සැහැල්ලු අධ්‍යාපන ක්‍රමයේ ගැටලු බොහොමයක් පවතින අතර, පසුගිය කාලය තුළ එරට දරුවන්ගේ කියැවීමේ හැකියාව, ලිවීමේ හැකියාව, ගණිත හැකියාව ආදිය පහත වැටීම ඒ පිළිබඳ එක් උදාහරණයකි.

ඒ සියල්ලට වඩා අපූරු කාරණයක් වූයේ පසුගිය නොවැම්බර් 4 සහ 10 යන දිනවල පින්ලන්ත උපඅගමැතිවරිය වූ රික්කා පූරා මැතිනිය තම නිල ෆේස්බුක් පිටුවේ සටහන් දෙකක් තබමින් පින්ලන්ත අධ්‍යාපන ක්‍රමය විවෘතව විවේචනයට ලක් කළ ආකාරයයි. එය පින්ලන්ත අධ්‍යාපන ක්‍රමයේ ප්‍රබලතා දුබලතා තේරුම් ගැනීම සඳහා අතිශය වැදගත් වන්නකි.

මේ තත්ත්වය තුළ පින්ලන්තයට පවා ප්‍රශ්නකාරී වූ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවට ගෙඩි පිටින් ආනයනය කිරීමේ ගැටලු සහිත බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේ වුවද පින්ලන්තය ගැන සිහින දකින ලංකාවේ බොහෝ දෙනාට මේ කාරණා පිළිබඳ කිසිදු අවබෝධයක් හෝ යාවත්කාලීන වීමක් නැත.
ඒ නිසාම මේ මොහොතේ පින්ලන්ත උපඅගමැතිවරිය එරට අධ්‍යාපනය ගැන කියන කතාව ලංකාවේ අනුකාරකයන්ට ඉතා වැදගත් පාඩමකි.
(පින්ලන්ත භාෂාවෙන් පළ කොට තිබූ ඇයගේ ෆේස්බුක් සටහන්වල ඉංග්‍රීසි පරිවර්තන පහත දක්වා ඇති අතර, මෙය කෘත්‍රිම බුද්ධියේ ආධාරයෙන් කළ පරිවර්තනයක් බැවින් භාෂාවේ ගැටලු තිබිය හැකි බව සලකන්න.)

1. Save the Finnish school!
The reasons for the drop in learning results and the downfall of knowledge starting from primary school are for example:
Most important: demand level drop
General free thought and lack of boundaries for school work
Correspondent changes in society, such as deprivation, over-individualization,
lack of responsibilities, childishness of adulthood
Many bad pedagogical reforms
Weakening of teacher's authority (weakening of other authorities)
The many challenges of parenting
Many effects of immigration - language problems, cultural, social, and integration problems
Strong heterogenization of student material
Hanging phones and other things on devices.
And what else is this?
Because there are so many reasons and because mistakes made by active decisions are not even admitted by relevant means, fixing them is slow and difficult.
The level of demands cannot be raised at once, but it should be towed steadily back to where the drop started. Otherwise the countdown just goes on. And at the same time polarization, when the peaks are increasingly peaks, but the number of really weak people is growing and the large masses are getting weaker.
So they need to cancel in the school system. Revert back to the old school which offered good learning, good results and a good foundation for various further studies. Society has changed around, so correction is difficult, but it's mandatory.
Money can't fix this in the first place. Increasing money is useless if fundamental corrections are not taken.
2. School crisis - Cancel and rescue
School is one of the most important matters concerning the future of the country and the vitality and well-being of our nation. School doesn't only affect children and it shouldn't only concern children's parents. How do Finnish children and young people learn, what they know, can they continue their studies and do a job, how do they manage citizenship skills - the answers to these questions essentially determine society and its direction. It depends on them whether Finland has expertise and international competitiveness or not. On the other hand, does everyone have their own place in life or is school excluding some children and young people?
There are several reasons for learning outcomes and knowledge downfall. The most important thing is the general lowering of demands. Looking through the fingers, pity numbers. As a result, the children who can't read and count when they get out of elementary school are the most ruthless. Equally high school courses, where you have to count many years of lower mathematics, when everything else can't be done.
The general free will of school work and the lack of boundaries strengthen the effect of the lower requirement level. There are more changes in society. Boasting, over-individualization, lack of responsibilities - these are all phenomena of today that many people are angry about photographing. True as they are.
The reason is also due to poor pedagogical reforms. A curriculum, that leaves some children as waste. Which can ideally be great, but doesn't work in practice. Their problems are in excessive "digital books", unbooked and pen-free lessons, in classrooms without walls.
A lot of teachers get tired. Too often they act, with diminished authority, as therapists, social workers, janitors, writers - and they also do parents' work.
With school problems, no one can ignore the effects of immigration anymore.
Segregation is big in many urban areas, with there are way too many languages in classrooms and schools, people from different countries, with different skills and cultures. The strong heterogenization of the student base affects in many ways. The impact of immigration on the deteriorated PISA results is also clear. Hopefully, that's why they won't be hidden in Finland, like they decided to do in Sweden.
Because there are many reasons for the school crisis and because mistakes made by active decisions are not even admitted by relevant means, fixing them is slow and difficult. The standard of standards can't be raised at once. But it should be towed steadily back to the old one. Otherwise the countdown just goes on. And at the same time polarization, when the peaks are increasingly peaks, but the number of really weak people is growing and the large masses are getting weaker.
I need to cancel school with this. Throwing it back to the old school that offered good learning, good results and a good foundation for various further studies and life.
(Column in the Future of Countryside 10.11.)

Sureka S Sonnandara මේ ලිපියට ප්‍රතිචාර දක්වනවා.


ෆින්ලන්තයේ අධ්‍යාපනය ගැන ලංකාව ඇතුලේ තියන ප්‍රධානතම බොරුව නම් ගෙදර වැඩ නොදීම ඇගයීම් නොමැතිවීම යන්නයි. 
නමුත් ෆින්ලන්තයේ ගෙදරවැඩත් වාරවිභාග සහ ඇගයීම් ක්‍රියාවලියක්ද ඇත. ප්‍රධාන පාසල් වාර දෙකක් ක්‍රියාත්මක වන ෆින්ලන්තයේ වර්ෂයේ පාසල පැවැත්වීමේ දින පිළිබදව කළින් වර්ෂයේදී කාළසටහන් සාදා දෙමව්පියන් දැනුවත් කරන අතර කලාතුරකින් කිසියම් හේතුවක් නිසා පාසල නොපවත්වයි නම් ඒ සදහා අතිරේක සෙනසුරාදා දිනයක්ද පාසල පවත්වයි. 

අධික ශීත කාළගුණයක් පවතින ෆින්ලන්තයේ කුණාටු සහිත කාළගුණයකදී වුවද පාසල් අඛණ්ඩව පවත්වයි. සෑම කාළජේදයක් අතරතුරම ළමුන්ට විවේක කාළයක් ලබාදෙන අතර, සියලුම ප්‍රාථමික අධ්‍යාපන ආයතන වල දරුවන් සදහා “නොමිලේ” දිවා ආහාරය ලබාදෙන අතර ආසාත්මිකතා සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සදහා වෙනමම ආහාර ලබාදීමක්ද කරයි.  
වඩාත්ම වැදගත්වන්නේ ගුරුවරුන්ගේ ආකල්පයි. ඔවුන් සෑම දරුවකුම එකසමාන ලෙස සළකන අතර එය එසේ නොමැතියැයි දෙමව්පියන්ට හැගෙන අවස්තාවකදී ඒ සදහා පියවර ගතහැකි ලෙසට “system” එකක්ද ඇත. 
ප්‍රාථමික අධ්‍යාපනය නිමකරන සිසුන්ට ඉන්පසුව ලැබෙන්නේ වෘත්තීය අධ්‍යාපනයක් වන අතර එසේ නොමැතිනම් විෂයධාරා ඔස්සේ ඉහළ අධ්‍යාපනයක් සදහාද යොමුවිය හැක. ලංකාවේ පවතින තත්වය යටතේ විභාගයක් ෆේල් වීමෙන් දරුවකු කුළීවැඩට ත්‍රීවිල් කර්මාන්තයට අවිධිමත් ලෙස යොමුවුවද, ෆින්ලන්තයේ පවතින ක්‍රමය යටතේ ඒ කුළී වැඩ සදහාද නිසි සුදුසුකම් සහිතව වැඩකිරීමට හැකි වෘත්තීය අධ්‍යාපනයක් ලබා දේ, රියදුරන්ද එසේමය. අර ලංකාවේ තරගවිභාග වලින් අතරමං වන ළමයින්ට වඩා ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය වෙනස්වන්නේ එසේය.

මෙහි ඇති ප්‍රධානතම කාරණය අධ්‍යාපන ආයතන විෂම කරන “ ආදි ශිෂ්‍ය සංගම්” නොමැති වීමය. ෆිනලන්තය යනු නව නිෂ්පාදනයන් බහුලව ඇති රටක් වන අතර, Riikka ගේ සංකල්ප සහ අදහස් දිනපතාම වෙනස්වන්නකි. ඇය උප අගමැති දූරයට අමතරව රටේ මුදල් ඇමතිද වන අතර ඇයගේ බොහොමයක් තීරණ නිසා රජය දෛනිකව අපහසුතාවයට පත්වෙමින් පවතී.  
2027 April 18 පවත්වන්ට තියන මහමැතිවරණයේදි ඔවුන්ට නැවත බලය හිමිවේවිද ? යන්නත් ගැටලුවකි.





A day in the life

2026-01-11

වෙනිසියුලාව 3 - බලකාය




වෙනිසියුලාවේ මෙහෙයුම කරේ ඇමරිකානු ඩෙල්ටා බලකාය කියලා ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා.මේ එක්කම් ඩෙල්ටා බලකාය ගැන ආපසු ලෝකෙම කතා කරන්න ගත්තා.

ඩෙල්ටා බලකාය (Delta Force) කියන්නේ ඇමරිකානු එක්සත් ජනපද හමුදාවේ (US Army) ඇති ඉතාමත් රහසිගත සහ ප්‍රභූ ගණයේ විශේෂ මෙහෙයුම් ඒකකයක්මෙහි නිල නාමය වන්නේ 1st Special Forces Operational Detachment-Delta (1st SFOD-D).සමහරු මේක Navy Seal බළකාය ලෙස වැරදියට තේරුම් ගන්නවා.හැබැයි මේ වෙනම බලකායක්.
ඇමරිකානු හමුදාවේ ප්‍රබලම හමුදා කණ්ඩායම් වල හොඳම සෙබළුන්ව මේ බළකාය වෙනුවෙන් තෝර ගන්නවා.එහෙම තෝරගත්ත සෙබලුන්ව විශාල කාලයක් අතිශය දුෂ්කර ශාරීරික මානසික හා පුහුණුවක් වෙනුවෙන් යොමු කරනවා.මේ පුහුණුවේදී 90% ක් පමණ පිරිසක් අසමත් වෙනවා.මේ පුහුණුව වෙත යොමු කරන්නෙත් ඇමරිකානු හමුදාවේ හොඳම සෙබලුන්.ඒ අයගෙනුත් 10% විතරයි සමත් වෙන්නේ කියද්දි මේක කොච්චර දුෂ්කරද කියලා ඔබ හිතා ගන්න.මේ පුහුණුවට එක සෙබළෙක් වෙනුවෙන් සාමාන්‍යයෙන් අපේ මුදල් වලින් නම් රුපියල් කෝටි 30කටත් වඩා මුදලක් වියදම් වෙනවා.

මෙහෙම සෙබලු තෝරගත්තත් ඔහුන්ගේ නමක්,නිලයක් කවුරුත් දැනගන් නෑ.ඔවුන් ඉතා රහසිගතව තමන්ගේ මෙහෙයුම් වල නිරත වෙන්නේ.සාමාන්‍යයෙන් ඕනම මෙහෙයුමකට කලින් ඒ රටේ භාෂා සංස්කෘතික දැනුමෙන් පවා ඔහුන්ව සන්නද්ධ කරනවා.ඕනම පරිසරයකට මුහුණ දෙන්න පුලුවන් විදියට ඔවුන් සකස් කරනවා.ඔවුන් මෙහෙයුම් වලදී ලොව අතිදියුනුම තාක්ෂණික මෙවලම් සහ අවි පාවිච්චි කරනවා.මේ එක සෙබළෙක් ගේ සතු අවි ආයුධ මෙවලම් වල වටිනාකම රුපියල් කෝටි 3ක් ඉක්මවා යනවා.

Operation Red Dawn: සදාම් හුසේන්
Operation Kayla Mueller: අයිසිස් (ISIS) නායක අබු බකර් අල්-බැග්ඩෑඩි සොයා සිදු කළ වැටලීම.අල්ලා ගැනීමේ මෙහෙයුම,
Operation Gothic Serpent (1993) - සෝමාලියාව.​මෙය ලෝක ප්‍රකට "Black Hawk Down" සටන ලෙස හැඳින්වේ. මෙහිදී සෝමාලියානු සටන්කාමීන්ගේ නායකයින් අල්ලා ගැනීමට ඩෙල්ටා බලකාය සහ රේන්ජර්ස් (Rangers) බලකාය එක්ව කටයුතු කළහ. මෙහිදී ඩෙල්ටා සෙබළුන් දැක්වූ වීරත්වය අතිමහත්ය
මේ වගේ ප්‍රසිද්ධ හා අප්‍රසිද්ධ මෙහෙයුම් ගණනාවක ඔවුන් නිරත වෙලා තියෙනවා.සමහර මෙහෙයුම් ගැන කවදාවත් ලෝකයා දැනගන්න එකක්වත් නෑ.මේ බලකාය ගොඩ බැස්සා කියන ආරංචිය ලැබුණත් සමහර ත්‍රස්ත කණ්ඩායම් යටත් උනා කියලා වාර්තා පවා තියෙනවා.ඊයේ මෙහෙයුමේදී පවා ඩෙල්ටා කණ්ඩායම් රටේ ජනාධිපතිවරයා රැගෙන ගිහින් ඇමරිකානු ජනාධිපති එය ප්‍රසිද්ධ කරනකන් වෙනිසියුලා ආණ්ඩුව වත් තමන්ගේ ජනාධිපති රැගෙන ගියා කියලා දැනන් ඉඳලා නෑ.ඒ මෙහෙයුම් ඒ තරම්ම සූක්ෂ්ම විදියට සිදු වෙනවා.

අමතක කරන්න එපා, අපි මේ දන්න දැනගත්ත දේවල් පවා අයිස් කන්දකින් උඩ කොටස විතරයි. ඩෙල්ටා බලකායේ සැබෑ මෙහෙයුම් බොහොමයක් කවදාවත් ලෝකයා දැනගන්න එකක් නැහැ.









A day in the life

2026-01-10

අංශ පැපොල



සමහර විට මේ විදියට වෙන්නේ කැරපොත්තෙක් පොඩි වෙලා කියලා අපි හිතනවා. ඒත් මේ එහෙම තත්ත්වයක් නෙවෙයි. මේකට කියන්නේ අංශ පැපොල කියලා.
පැපොල එහෙම නැත්නම් Chickenpox හැදෙන්නේ Varicella-zoster කියන වෛරස් එක නිසා. පොඩි කාලේ අපිට පැපොල හැදුණම, ඒකට හේතු වුණු වෛරස් අපේ ඇඟෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා යන්නේ නැහැ. ඒක අපේ ස්නායු පද්ධතියේ හැංගිලා ඉන්නවා.

 එහෙම හිටියට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒත් අපේ ප්‍රතිශක්තිකරණය දුර්වල වුණාම මේ වෛරසය ආයෙත් ඇහැරිලා ක්‍රියාත්මක වෙනවා. ඒකට තමයි අපි අංශ පැපොල (shingles) කියන්නේ. ඒක පලවෙනි පාර පැපොල හැදිලා අවුරුදු ගාණකට පස්සේ වෙන්න පුලුවන්.
බිබිලි මතු වෙන්න දවස් දෙක තුනකට කලින් ඇඟේ එක පැත්තක (අංශයක) දැවිල්ලක්, කැක්කුමක් හෝ හිරිවැටීමක් දැනෙන්න පුළුවන්. පස්සේ වේදනාව තිබුණු තැන දිය බිබිලි ඇති වෙනවා.

මේ රෝගයේ ප්‍රධානම ලක්ෂණය තමයි බිබිලි මතු වෙන්නේ ශරීරයේ එක පැත්තක විතරයි. ඒකයි මේකට "අංශ" පැපොල කියන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට, සතෙක් ගෑවිලා, එහෙම නැත්නම් සතෙක් පොඩි වෙලා කියලා අපි හිතනවා.
මේකත් එක්ක තව උණ, ඔලුවේ කැක්කුම, මහන්සිගතිය තියෙන්න පුලුවන්.
මේක ඕනෙම වයසක කෙනෙක්ට හැදෙන්න පුලුවන්. ඒත් වයස අවුරුදු 50ට වැඩි අයට, ප්‍රතිශක්තිය අඩු අයට (දියවැඩියාව, පිළිකා වැනි රෝග හෝ ප්‍රතිශක්තිය අඩු කරන බෙහෙත් බොන අය) හැදෙන්න තියෙන අවදානම වැඩියි.
 
අංශ පැපොලට ප්‍රතිකාර තියෙනවා. බිබිලි මතු වෙලා මුල් පැය 72 ඇතුළත වෛද්‍ය ප්‍රතිකාර ආරම්භ කළොත් වේදනාව අඩු කරගන්නත්, ලෙඩේ ඉක්මනින් සුව කරගන්නත් පුළුවන්.
ඒත් සමහර අයට බිබිලි හොඳ උනාට පස්සෙ මාස ගාණක් යනකම් ඒ හරියේ තද කැක්කුමක් තියෙනවා. ඒ වගේම ඇස් වටේට බිබිලි මතු වුණොත් පෙනීමටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්.

අංශ පැපොල බිබිලි වල තියෙන දියර ගෑවුණොත්, කලින් පැපොල හැදිලා නැති කෙනෙක්ට පැපොල හැදෙන්න පුළුවන්.
අපේ ඇඟේ එක පැත්තක දැවිල්ලක් එක්ක බිබිලි මතු වෙනවා නම්, බල බල ඉන්නේ නැතුව වෛද්‍යවරයෙක් හමුවෙන්න.

සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා. 
මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්න අය මේක දකී. 
මේ ලිපිය තව අයට දකින්න share කරන්න. 
කාටමහරි වැදගත් වේවි.

වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න
© Dr. Gayan Senevirathne

#DrGayan, #MedicalCare #HealthyLifestyle #healthtips #chickenpox_Gayan






A day in the life

2026-01-09

වෙනිසියුලාව 2 - නිකලස් මදුරෝ පැහැර ගැනීම


නිකලස් මදුරෝ


නිකලස් මදුරෝ පැහැර ගැනීම සහ ලතින් අමෙරිකාවේ CIA කුමන්ත්‍රණ,

අද උදෑසන සිදුවූ ( ---- ) ක්ෂණික ඇමෙරිකානු ප්‍රහාරයකින් පසු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය X ගිණුම මගින් ප්‍රකාශ කර සිටියේ වෙනිසිවුලානු ජනාධිපති නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ මේ වන විට සිය භාරයේ පසුවන බවයි. මේ ප්‍රහාරය සමාන කළ හැක්කේ 1989 දී සිදුවූ ඇමරිකාවේ පැනමා ආක්‍රමණයට සහ ජනාධිපති මැනුවෙල් නොරීගා ( Manuel Noriega) අත්අඩංගුවට ගැනීමේ සිද්ධියටය.

දිගින් දිගටම ඇමරිකාව වෙනසියුලාවට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල කරමින් ධීවර බෝට්ටු වලට පහර දෙමින් සිදු කළ ක්‍රියාදාමය 1989 දී පැනමාව ට එරෙහිව සිදුකළ ක්‍රියාමාර්ගයට සමානය. ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ඇමරිකානු ජනාධිපතිවරයකු වන ජේම්ස් මොන්රෝගේ ලතින් ඇමෙරිකාව සම්බන්ධ ප්‍රතිපත්තිය සහ ඉන්පසුව තියඩෝර් රූස්ට්වෙල් ජනාධිපතිවරයාගේ මධ්‍යම ඇමරිකාව සම්බන්ධ ප්‍රතිපත්තියටත් වඩා ඉදිරියට ගොස් ක්‍රියා කරන බව පෙනී යයි. 
මදුරෝට එරෙහිව එල්ල කර ඇති මත්ද්‍රව්‍ය චෝදනා බැලූ බැල්මටම අසත්‍යයක් බව පෙනී යයි. මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ විපක්ෂ නායිකා මරියා කොරීනා මචාඩෝට 2025 වර්ෂය සඳහා නොබෙල් සාමත්‍යාගය පවා පිරිනමමිනී.

වෙනත් රටක් ආක්‍රමණය කිරීමට වඩා වෙනිසිවුලාව සුවිශේෂ වන්නේ එය ස්වාභාවික සම්පත්වලින් අනූන රාජ්‍යයක් වන බැවිනි. ලෝකයේ වැඩිම පොසිල ඉන්ධන ප්‍රමාණයක් හිමි රට එය වන බව 2017 දී ප්‍රකාශයට පත් විය. ප්‍රමාණය ඛනිජ තෙල් බැරල් බිලියන 300කි. එයට අමතරව ඛනිජ වැලි, වර්ග ඔරිංකෝ තීරයේ සුලභ වන අතර දුලබ පාංශු නිදිද ඒ අතර වේ. 
ජාත්‍යන්තර අධිකරණ, එක්සත් ජාතීන්ගේ සංවිධානය අසමත් සංවිධානයක් පමණක් බවත් තම තමන්ගේ බාහු බලය මත මීට සියවස් ගණනකට පෙර සිදුවූ ආකාරයට ලෝකයේ කටයුතු සිදුවන බවත් මේ පැහැර ගැනීමෙන් ගම්‍ය වේ.

ලතින් ඇමරිකානු රටවල් වන කොලොම්බියාව, බොලිවියාව, ඉක්වදෝරය, පීරු පැනමාව ඇතුළු බහුතර රාජ්‍ය ප්‍රමාණයක් ස්පාඤ්ඤ අධිරාජ්‍යයේ පාලනයෙන් මුදවා ගන්නේ සිමන් බොලිවර් ( simon bolivar) නායකත්වයෙනි.
ඇමේසන් වනාන්තරය, ඛනිජ තෙල් නිධි, මායා ශිෂ්ටාචාරයේ පුරාවස්තු ඇතුළු අනේකවිධ සම්පත්වලින් ලතින් ඇමරිකාව පොහොසත්ය. දෙවන ලෝක යුද්ධයේ අවසානයත් සමගම ලතින් ඇමරිකාව හරහා සමාජවාදී මත වාද ගලා යන්නට විය. සීතල යුද්ධය පැවති සමයේ මෙම තත්ත්වය ඇමෙරිකා එක්සත් ජනපදයට ප්‍රබල තර්ජනයක් විය.

පිදෙල් කස්ත්‍රෝ, අර්නස්ටෝ චේගුවේරා ගේ මැදිහත්වීමෙන් 1959 දී කියුබාවේ බැටිස්ටා පාලනය පෙරලා දමා කියුබන් විප්ලවය සිදු කිරීමත් සමගම කලාපය තුළ සමාජවාදී කඳවුර වෙත ප්‍රබල ආකර්ෂණයක් ඇතිවනු දැකගත හැකි විය.
පිදෙල් කස්ත්‍රෝ ඝාතන කුමන්ත්‍රණ ගණනාවක් දියත් වුවද ඉන් එකක්වත් සාර්ථක වූයේ නැත ඒ සියල්ල පිටුපස සිටියේ සී.අයි.ඒ සංවිධානයයි.(බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව මෙම ඝාතන ප්‍රයත්න සම්බන්ධව “ 636 Ways to kill castro”යනුවෙන් 2006දී වාර්තා චිත්‍රපටයක් එළිදක්වන ලදී )

Bay of pigs මෙහෙයුම ඇමරිකාව ක්‍රියාත්මක කළේ ක්‍රස්තෝ බලයෙන් පහ කිරීමටය.කියුබාව පදනම් කරගෙන1962 දී ඇමරිකා සෝවියට් මිසයිල අර්බුදයක් ඇති වී අප න්‍යෂ්ටික යුද්ධයක් එළිපත්තට පැමිණියේ ජෝන් එෆ් කෙනඩි ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස සහ නිකිතා කෘෂෙෆ් සෝවියට් රාජ්‍ය නායකයා ලෙස ක්‍රියා කරමින් සිටි කාලයේය. කෙසේ නමුත් මිහිතලයේ වාසනාවට එම යුද්ධය සිදු වූයේ නැත.

අර්නෙස්ටෝ චේගුවේරා කියුබානු රජයේ තමන් දරමින් සිටි අමාත්‍යධූරයෙන් ඉවත් වී බොලිවියාවේ විප්ලවයක් සිදු කිරීම පිණිස ගියේය. 1969 ඔක්තෝබර් 9 වන දින සිදු වූ ඔහුගේ ඝාතනය සෘජුවම ඇමරිකානු මැදිහත්වීම මත සිදුවිය.
චිලි රාජ්‍යය සමාජවාදී මාවත ගමන් කළ සැල්වදෝර් අයන්ඩේ ( salvador allende) 1970 නොවැම්බර් 03 දින මැතිවරණයෙන් ජය ගෙන බලයට පත්වූ පසු ඔගස්ටෝ පිනෝෂේ (Augusto Pinochet ) ලවා හමුදා කුමන්ත්‍රණයක් සිදු කොට 1973.09,11 දින එම රජය පෙරලා දමා අයන්දේ ඝාතනය කරන ලදී. පිනෝෂේ වසර දහඅටක් ඇමරිකානු සහයෝගයෙන් පාලනය ගෙනගිය අතර බ්‍රිතාන්‍යයේ දී ඔහු විසින් ජනතාවට එරෙහිව කරන ලද ක්‍රියා හේතුවෙන් 1998 සිට 2000 දක්වා නිවාස අඩස්සියේ තබා ගත්තේය.ඔහු උදර්පණය කළ යුතු යයි ය සාමි මන්ත්‍රී මණ්ඩලය තීරණය කරන ලද තීරණය අනුව නැවත චිලී දේශයට ගිය පිනෝචේ ඔහුට එරෙහිව විභාග වූ අපරාධ නඩු වලට මුහුණ දෙමින් සිටින අතරතුර 2006 දී මිය ගියේය.

ලතින් ඇමරිකාව හැරුණුකොට මධ්‍යම ඇමෙරිකානු රටවල් වලට ද ඇමරිකානු බලපෑමෙන් තොරව ස්වාධීනව ක්‍රියා කිරීමට ඉඩප්‍රස්ථා සැලසුණේ නැත. 1960-1980 දක්වා කාලයේ එල් සැල්වදෝරය, නිකරගුවාව, ගෝතමාලාව වැනි රටවල පැවති වාමවාදී ව්‍යාපාර මර්දනයට හා පැරා හමුදා කණ්ඩායම් පිහිටුවීමට ඇමරිකාව සෘජුවම ආධාර කළ අතර සෝවියට් සමූහාණ්ඩුව, කියුබාව ප්‍රමුඛ සමාජවාදී කදවුර වාමාංශික ව්‍යාපාර වලට උදව් කිරීම මත එම කලාපය යුද කලාපයක් බවට පත් විය.

ඩැනියෙල් ඕටේගා ගේ නායකත්වයෙන් යුතු සැන්ඩ්නිස්ටා(SAL) ගරිල්ලන්ට එරෙහිව අමෙරිකානු සහාය ඇතිව කොන්ට්‍රා ගරිල්ලාන් දශක කිහිපයක්ම යුද වැදුණේය, සමෝසා (Anastasio Samoza)පාලනය ආරක්ෂා කිරීමට ඇමරිකාව ක්‍රියා කළේය.ඔටෙගා ගේ පාලනය අස්ථාවර කිරීමට ඇමරිකාව දිගින් දිගටම කටයුතු කළේය.
ස්වාධීන පාලනය යුතු දූපත් රාජ්‍යයක් වූ ග්‍රනේඩාව ඇමරිකානු හමුදාව විසින් ආක්‍රමණය කළේ 1983 ඔක්තෝබර් විසි පස් වන දිනය.මෙම සිදුවීමට සතියකට පමණ පෙර රාජ්‍ය නායකයා වූ මොරිස් බිෂොප් (Morris bishop) ඇතුළු කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් කිහිප දෙනෙක් හමුදා කුමන්ත්‍රණයක් මගින් ඝාතනය කොට තිබිණි. මොරිස් බිෂොප් වාමාංශික නායකයෙකු වූ බැවින් ඔහුට මේ ඉරණමට මුහුණ දීමට සිදුවිය.

පැනමා රාජ්‍ය නායකයා වූ ඕමාර් ටෙරිජෝස් (Omor Torrijos ) ඇමෙරිකානු විරෝධියකු නොවූ නමුත් ඇමෙරිකානු බහු ජාතික සමාගම් වලට ඔහු කරදරයක් විය. පැනමා ඇලේ පාලනය නැවත පැනමාව වෙත ලබා ගැනීම ඔහුගේ ඒකායන පරමාර්ථය විය. 1981 අගෝස්තු මාසෙයේදී ඔහු ගමන් කළ ගුවන් යානය කඩාවැටී අබිරහස් ලෙස මරුමුවට පත්විය.(1981 ජුලි 31)

ඉක්වදෝරය ඛනිජ තෙල්, ස්වභාවික සම්පත් සහ වන ගහණයෙන් අනූන රාජ්‍යයකි. රටේ ඛණිජ සම්පත් හා වන සම්පත ඇමෙරිකානු බහු ජාතික සමාගම් රිසි සේ භුක්ති විදිමින් සිටින අවස්ථාවක ජෙයිම් රෝල්ඩොස් 1979 අගෝස්තු 10 බලයට පත්විය. ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් බහුජාතික සමාගම් වලට එරෙහිව කටයුතු කරමින් ඔහුට වැඩි කාලයක් බලයේ සිටීමට අවස්ථාව ලැබුණේ නැත. 1981 මැයි 24 දින ඔහු ගමන් කළ ගුවන් යානය ගිනිගෙන කඩාවැටී ජනාධිපති වරයා මරුමුවට පත්විය.මෙම සිදුවීම ඝාතනයක් ලෙස ට අමෙරිකානු ලේඛක ජෝන් පර්කින්ස් විසින් රචිත Confessions of an Economic Hitman ග්‍රන්ථයේ සඳහන් වේ.

ටොරිජෝස් ගේ අභාවයත් සමග පැනමාවේ නායකත්වයට මැනුවෙල් නොරීගා ( Manuel Noriega) පත්විය. ඔහුට මුලින් ඇමෙරිකානු ආශිර්වාදය හිමිවිය. නමුත් පසුකාලීනව ඇතිවූ මත ගැටුම් මත ඔහු බලයෙන් පහ කිරීමට ඇමරිකානු කුමන්ත්‍රණයක් දියත් විය.
1989 දෙසැම්බර් 20 දින පැනමාව ට සිදු කරන ලද ආක්‍රමණයේදී පන්සියයකට වැඩි සිවිල් වැසියන් ප්‍රමාණයක්, ඇමරිකානු සොල්දාදුවන් විසි තුනක් සහ පැනමා සොල්දාදුවන් අටසියයක් පමණ මියගියේය. ගුවන් යානා තුන්සියයක් සහ සෙබළුන් 27000පමණ මෙම ප්‍රහාරයට ඇමරිකාව යොදා ගන්නා ලදී.

මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් රාජ්‍ය නායක නොරීගා වසර දාහතක් ඇමරිකානු සිරභාරයේ පසුවිය. පසුව නිදහස් වූ ඔහු ප්‍රංශයේ ජීවත් වූ අතර පැනමාව ට පිටුවහල් කිරීමෙන් පසු 2017 අභාවයට පත් විය.
එල් සැල්වදෝරයේ පැවති සිවිල් යුද්ධයේදී(1979-1992) හැත්තෑපන්දහසකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්විය. සීතල යුද්ධය පැවති සමයේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් i එක් කදවුරකටත් සෝවියට් සංගමය ප්‍රමුඛ කඳවුර අනෙක් පාර්ශ්වයටත් ආධාර කිරීම මත මෙම සිවිල් අරගල මහා අරගල බවට පත්විය.

මේ දක්වා ක්‍රියාත්මක වන වාමාංශික ගරිල්ලා කණ්ඩායම් තවමත් ලතින් ඇමරිකානු කලාපයේ ඇත. 1964 දී ආරම්භ වුණු කොළොම්බියාවේ ෆාක් (Farc) ගරිල්ලා ව්‍යාපාරය 2016 කියුබාවේ හවානා නුවර දී අවි බිම තබා සාම මාර්ගයට පිවිසුනු නමුත් එම මතයට එකඟ නොවන සෑහෙන පිරිසක් ද තවමත් අවි අත දරා සිටිති. පීරු රාජ්‍යයේ වාමාංශික ගරිල්ලා නායක වූ ෂයිනින් පාත් (shining path) නායක මහාචාර්ය අබියමල් ගුස්මාන් (Abimaiel Guzman ) 1992 දී අත්අඩංගුවට පත් වූයේ ඇල්බර්ටෝ පුජිමෝරි ගේ රාජ්‍ය පාලන සමයේදී ය,ජීවිතාන්තය දක්වා දඬුවම් හිමිවී තිබෙන ගරිල්ලා නායකයා ඇතුළු ලතින් ඇමරිකානු කලාපයේ රටවල වාමාංශික ගරිල්ලා ව්‍යාපාර මර්ධනයට අවශ්‍ය තාක්ෂණික සහාය නිරතුරුව සීඅයිඒ සංවිධානය ලබාදෙයි.

ලතින් ඇමෙරිකාවේ රෝස රැල්ල (Pink Tide)
සෝවියට් සමූහාණ්ඩුව බිඳී යාමත් සමග ලෝකයේ බොහෝ කලාපවල සමාජවාදී ව්‍යාපාර බිඳ වැටීම් සිදුවුවත් ලතින් ඇමරිකානු කලාපයේ වාමාංශික පක්ෂ වල විප්ලවය වෙනුවට ඡන්ද බලය තුලින් නැගී සිටීමක් 1990න් පසු සීඝ්‍රයෙන් සිදු විය. හියුගෝ චාවේස් ගේ නායකත්වයෙන් පසු වෙනිසියුලාවට ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුරෙන් සිදු වූ ආර්ථික සම්බාධක වලට එරෙහිව රාවුල් ක්‍රස්තෝ වැනි නායකයින් වෙනිසියුලාව රැක ගැනීමට ඉදිරිපත් වීමත් සමග නව ප්‍රවණතාවක් ලතින් ඇමෙරිකානු කලාපය පුරා පැතිර ගියේය, බ්‍රසීලයේ ලුලා ද සිල්වා, ඩිල්මා රුසොෆ් , බොලිවියාවේ ඉවා මොරාලෙස්, ලුවිස් ආර්කි,ඉක්වදෝරයේ රෆායල් කොරයා, උරුගුවේ ජොසේ මුජිකා , වෙනිසියුලාවේ හියුගෝ චාවේස්, නිකලස් මදුරෝ 2022 වසරේදි කොලොම්බියාවේ නායකත්වයට පත්වූ හිටපු ගරිල්ලා නායකයකු වූ ගුස්තාවෝ පෙට්‍රෝ ඇතුළු ආජන්ටිනාවේ සිට මෙක්සිකෝව දක්වා සෑම රටකම පාහේ වාමාංශික නායකයන් බිහි වීමේ ප්‍රවණතාවය මේ වන විටත් ක්‍රියාත්මක වේ, මේ තත්ත්වය ලතින් ඇමරිකානු කලාපය ඇමරිකානු පාලනයෙන් ගිලිහී යන බව පෙන්වා දෙයි.

මෙම රටවල රාජ්‍ය නායකයන් සෘජුවම ඇමරිකානු ක්‍රියාකලාපයට අභියෝගයකි, ඉක්වදෝර හිටපු ජනාධිපති රෆායල් කොරයා විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජේ හට ‍ බ්‍රිතාන්‍යයේ ඉක්වදෝර් තානාපති කාර්යාලයේ රැකවරණ ලබාදීම ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයට කළ අභියෝගයක් විය.
බ්‍රසීල රාජ්‍ය නායක ලුලා ද සිල්වා අල්ලස් චෝදනා මත සිපිරි ගෙට නියම වූයේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසය.නමුත් ඔහුගෙන් පසු බලයට පැමිණි ජනාධිපති බොල්සනරෝ ගේ උග්‍ර දක්ෂිණාංශික ප්‍රතිපත්ති නැවත බ්‍රසීල ජනතාව ලුලා ද සිල්වා පත් කර ගැනීමට ප්‍රධාන හේතුව විය. බොල්සනාරොට දීර්ඝකාලීන සිර දඬුවම් බ්‍රසීල අධිකරණ මගින් නියම කළ විට ඇමරිකාව ඍජුවම එයට එරෙහිව පෙනී සිටියේය.බ්‍රසීලය මේ වන විට බ්‍ර්ක්ස් රටවල් වලට එකතු වී චීනය සමග වඩාත් සහයෝගයෙන් කටයුතු කරන ආකාරය දක්නට ලැබේ. මෙම තත්වය කිසිසේත් ඇමරිකාවට හිතකර තත්වයක් නොවේ.

පේරු ,ආජන්ටිනාව වැනි රටවල වාමාංශික ආණ්ඩු පෙරළා දක්ෂිණාංශික ආණ්ඩු නැවත බලය පිහිටුවා ගැනීමට සමත් වී ඇත. වෘත්තීය සමිති නායකයකු වූ පේරු ජනාධිපති පෙඩ්රෝ කැස්ටිලෝ 2022 බලයෙන් පහකර වසර 11 1/2ක සිරදඬුවමකට යටත් වූයේ මේ වසරේදීය. මීට දශක ගණනාවකට පෙර මෙන් ඇමෙරිකාවට ලතින් ඇමරිකාවේ කුමන්ත්‍රණ කිරීම පහසු නැති බැවින් ඔවුන්ට සෘජු මැදිහත්වීම් සිදු කිරීමට සිදුව ඇත. නමුත් මෙම කලාපය සහ එහි එහි වෙසෙන ජනයාගේ සිතුම් පැතුම් වෙනස් බව හිටපු පාප්තුමාගෙන්ම පෙනීයයි.

අතීතයේදී මෙන් ඉදිරියේදීත් සීඅයිඒ කුමන්ත්‍රණ මෙම කලාපයේ දියත් වනු ඇත. නමුත් නූතන අධිරාජ්‍යවාදයට එරෙහි ලතින් ඇමරිකානු සටන දිගටම ඉදිරියට යනු ඇත.

Viva Lathin America!!!
නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර












A day in the life