ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග හුදෙක්ම ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා විදින්නේය. මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

2025-01-26

උසම කන්ද එවරස්ට් නෙමෙයිද ?




ලොව උසම කන්ද හිමාලයේ "එවරස්ට්" කන්ද නොව ඉක්වදෝරයේ "චිම්බරෝසෝ" ගිනිකන්ද බවයි භූගෝල විද්‍යාඤයෝ පවසන්නේ.
ඔවුන්ට අනුව කන්දක උස මැනීම සිදුවිය යුත්තේ පෘතිවි කබොල්ලට යටින් එම කන්ද ආරම්භ වන ස්ථානයේ සිටය. ඒ අනුව උස මැන්නොත් වඩා උස එවරස්ට් නොව චිම්බරෝසෝ ගිනිකඳු ශිඛරයයි.

පෘථිවිය ගෝලාකාර යැයි පෙනුනත් පෘථිවියේ භූ පිහිටීම ගෝලාකාර නැත. මුහුදු මට්ටමේ සිට බැලීමේදී ඉක්වදෝරයේ චිම්බරෝසෝ කන්ද අඩි 20,500 ක් උස්වන අතර එවරස්ට් කන්ද අඩි 29,029 ක් උසය. ඒ අනුව බැලූවිට එවරස්ට් කන්ද චිම්බරෝසෝ කන්දට වඩා අඩි 8,529 ක් උසින් වැඩිය.

කෙසේ නමුත් පෘථිවියේ කබොල්ලට යටසිට බැලූවිට එවරස්ට් නොව චිම්බරෝසෝ උසින් වැඩිවේ. චිම්බරෝසෝ කන්ද පිහිටා අැත්තේ පෘථිවි සමකයට ඉතාම ආසන්නයෙනි. නමුත් එවරස්ට් කන්ද පිහිටා ඇත්තේ සමකයට දුරින් උතුරු දෙසිනි. පෘථිවියේ මැද සිට උස මනිද්දී එවරස්ට් කන්ද සැතපුම් 3,965 ක් උසවන අතර චිම්බරෝසෝ ගිනිකන්ද සැතපුම් 3,967 ක් උසින් යුතුය.

A day in the life

2025-01-25

තාමත් විශ්වාසයි.



අලුත බැඳපු ජෝඩුවක් හනිමූන් ට්රිප් එක ගියාලු ලංකාවේ ටිකක් ඈත පළාතකට. දෙන්න දෙවෙනි දවසේ ටිකක් කම්මැලි හිතිලා ක්රිකට් පාරක් ගහන්න තීරණය කළා. හෝටලේට එහා පැත්තේ තියෙන ලඳු කැලෑවක් ළඟ පාලු බංගලාවක් තියෙනව. මේ දෙන්න එකේ වත්තට ගිහින් ක්රිකට් ගහන්න පටන් ගත්ත. මහත්තයා නළවල හෙමින් දාපු බෝලෙකට නෝනා වැර දාල ෂොට් එකක් ගැහුවල. බෝලේ උඩින් ගිහිල්ල පාළු බංගලාවේ උඩ තට්ටුවේ කාමරයක ජනෙල් වීදුරුවකුත් කඩා ගෙන ඇතුලට වැටුන.
දෙන්නත් එක්ක බෝලේ හොයන්න බයෙන් බයෙන් බංගලාවට ඇතුල් වෙලා සොල්දරේ උඩට නැග්ග. මෙන්න අර කාමරේ ඇතුලේ අඩ අඳුරේ පේනවලු බිම වැටිලා කුඩු වෙලා ගිය ලන්තෑරුමකුයි ඒ ලඟම හිටගෙන ඉන්න සරම් කොටයක් විතරක් ඇඳගත්ත උස මහත යෝධයෙක් වගේ කළුම කළු මිනිහෙකුයි.
"ඔහෙලා දෙන්නද මේ බෝලේ එවල ලන්තෑරුම කුඩු කලේ" යෝධයා මහා හඬින් ගෝරනාඩු කලා.
"අනේ අපිට සමාවෙන්න. හිතල කලේ නැහැ. අපි අළුතෙන් ලන්තෑරුමක් අරන් දෙන්නම්" කියල මහත්තයා බැගෑපත් වුනා.
"ඒකට කාරි නැහැ. මම තමයි මේ ලන්තෑරුම ඇතුලේ හිරවෙලා අවුරුදු දහස් ගාණක් හිටපු භූතයා. මේක කඩල ඔහේලා මාව නිදහස් කළා"
"හම්මේ යාන්තන් ඇති" කියල දෙන්නම ලොකු හුස්මක් ගත්ත.
" මාව නිදහස් කලාට ඔහෙලට මම ඕනෑම වර තුනක් ඉල්ලන්න දෙනවා. හැබැයි එක කොන්දේසියක් පිට" භූතයා කිව්ව.
"මොකක්ද මොකක්ද කියන්න අපි කරන්නම්" කියල මහත්තයටත් ඉස්සර නෝනා කතා කලා.
"මම අවුරුදු දහහ්ස් ගණනකින් ගෑණු පුළුටක් එක්ක ඉඳල නැහැ. මේ නෝන එක්ක මට මට පැය තුනක් ඉන්න දෙනවා නම් වර තුනම දෙන්නම්" කිව්ව.
දැන් නෝනයි මහත්තයයි මූණට මූණ බලනවලු. කල්පනා කරනව. ඔය අතරේ මහත්තය කිව්ව "ඔන්න ඔහේ ඕකට කැමති වෙමු අනේ. මිනිහෙක්යෑ භූතයෙක්නේ" කියල.
"අනේ ඒ වුණාට මට මොකක්ද වගේ අනේ" කියල නෝනා ඇඹරෙන්න ගත්ත.
"පැය තුනයිනේ. ඔන්න ඔහේ ඉන්න අනේ. මම අපිට ජිවිත කාලෙටම ජොලියේ ඉන්න පුළුවන් වර තුනක් ඉල්ලන්නම්" මහත්තය කිව්වා.
නෝනත් ඉතින් ලජ්ජාවෙන් ඇඹරිලා කැමති වුණා.
මෙයාලගේ කැමැත්ත අහපු භූතයා මහත්තයට කිව්වා වර තුන ඉල්ලන්න කියල.
"අපේ අතුරුගිරියේ තියෙන ගේ මාලිගාවක් වගේ විශාල වෙන්න ඕනේ"
භූතයා දෑත ඔසවා "ඔන්න එය ඉටු වුණා" කිව්වා
"ගෙයි කාමර තුනක් පිරෙන්න රත්තරන් පුරවන්න"
භූතයා ආයෙමත් දෑත ඔසවා "ඔන්න එය ඉටු වුණා" කිව්වා
"ගෙදර ඕනෑම වැඩක් ඕනෑම වෙලාවක කරලා දෙන සේවකයෙක් මවන්න"
භූතයා තුන්වෙනි පාරටත් දෑත ඔසවා "ඔන්න එය ඉටු වුණා" කිව්වා
"දැන් ඉතින් මහත්තයා හෝටලේට යන්න මම පැය තුනකින් නෝනව එවන්නම්" භූතයා කිව්වා
හිතට ටිකක් මොකක්ද වගේ දැනුණත් මහත්තය හෝටලේට දිව්වේ හරිම සතුටින්.
ඔන්න ඉතින් භූතයයි නෝනායි අපූරුවට කාරිය කරගෙන ඇඳේ දෙපැත්තේ හාන්සි වෙලා ගිමන් අරිනවා.
"නෝනා ඉහලට ඉගෙනගෙන එහෙම තියෙනවද?" භූතයා ඇහුවා.
"අපොයි ඔව්. එංගලන්තේ චාර්ටඩ් අකවුන්ටන්සි ඉහලින්ම පාස් වෙලා ජපුර කැම්පස් එකේ එම් බී ඒ එකකුත් කළා"
"එතකොට මහත්තයා?"
"එයා කොළඹ කැම්පස් එකේ කෙමිස්ට්ට්රි ස්පෙෂල් එකක් කරලා, ඒකෙම මාස්ටර් එකත් කරලා දැන් පී එච් ඩී එකට රෙජිස්ටර් වෙලා ඉන්නේ"
භූතයා ලොකු සුසුමක් ඇරලා මෙහෙම කිව්වා
"අනේ ඉතින් මේ නෝනලා මහත්තයලා මෙච්චර දුරට ඉගෙන ගෙනත් තවම මේ භූත කතා විශ්වාස කරනවනේ"

අයුලි නුගාරා -
උපුටාගැනීමක්..
A day in the life

2025-01-24

කරුණාදාස මහත්තයා ( CGR )





80 දසකයේ නාවලපිටියේ වැඩකරා කරුණාදාස කියලා ප්රධාන නියාමක මහතෙක්. 80 දසකයේ රේල්වේ නිලධාරීන් වැඩිය යුනිෆෝම් ඇන්දේ නෑ. ඒ කාලෙත් කරුණාදාස මහත්තයා ෆුල් යුනිෆෝම් එක ගහලා රේල්වෙ අයිඩෙන්ටිය පවා පැලඳගෙනයි හිටියේ. කරුණාදාස මහත්තයා කථාවට අහුවුනොත් වෙලාව යනවා දැනෙන්නේ නෑ. මේක කරුණාස මහත්තයගේ කථාවක්.
කරුණාදාස මහත්තයා දවසක් බදුල්ලේ ඉඳලා අංක 36 දුම්රිය (ඒ කාලයේ උඩරට මැණිකේ දුම්රිය) වැඩ කරගෙන එනවා. ස්ටේෂන් වලදී ස්ටේෂන් මාස්ටර් විසිල් කලාට පසු කරුණාදාස මහත්තය විසිල් කරන්න ඉස්සර කෝච්චියේ ඉන්න කොල්ලෝ ටිකක් ඒ විදියටම විසිල් කරනවා ඉතිං අන්ඩගාඩ් මහත්තයත් සිග්නල් කරලා රියදුරු මහතාට එන්ජිම ගෙනියන්න අවසර දෙනවා. දැන් උඩුවර, හාලිඇල, දෙමෝදර ස්ටේෂන් වලදි මේක මේ විදියටම උනා. දැන් අපේ කරුණාදාස මහත්තයට මල්වල හොඳම එක පැනලා. ඇල්ලේදී කොල්ලෝ විසිල් කරපු ගමන්ම දුම්රියට යාමට නොහැකි වන සේ වැකූන් බ්රේක් ක්රියාත්මක කොට කෝච්චිය නැවත්වුවා.
අපේ මහත්තයා දැන් කොල්ලෝ ටික ඉන්න පෙට්ටිය ලගටම ආවා කිසි වෙනසක් නොවුනු ආකාරයට කොල්ලොත් එක්ක හිනාවුනා. ඒ එක්කම කොල්ලෝ සෙට් එකත් එක්ක හිටිය කෙල්ලෝ එක්කත් මනුස්සයා හිනාවක් දැම්මා.
පුතාලා කොහෙද ගියේ?
දැන් කරුණාදාස මහත්තයා අහනවා...
අංකල් අපි දුන්හිද බලන්න ගියා...
කොල්ලෝ උත්තර දෙනවා. අපේ මහත්තයා දැන් හිනා වෙමින් අහගෙන ඉන්නවා.
පුතාලා කොහෙද
අපි ගම්පහ අංකල්
ෂා නියම පැත්ත.
දැන් විසිල් ගහපු එකා පැත්තට හැරී මෙහෙම අහනවා
මම පුතාව දැකලා පුරුදුයි තාත්තා රේල්වේ නේද?
අපෝ නෑ අංකල් අපේ තාත්තා ප්රින්සිපල් කෙනෙක්
බොරු.
බොරු නෙවේ අංකල් ඇත්ත
ලග හිටිය කෙල්ලෙක් උත්තර දුන්නා. කරුණාදාස මහතා කෙල්ල දෙසට හැරී
වෙන්න බෑ..
කියලා කිව්ව විතරයි කොල්ලට මල පැන්නා.
අංකල් කෙහොමද අපේ තාත්තා ගැන දන්නේ?
කියලා ඇහැව්වා. අපේ කරුණාදාස මහත්තයා ඔහුට හිනාවක් එහෙම දාලා..
පුතාට කේන්ති ගියාද? නෑනේ. මේකයි පුතා අපිට කෝච්චියක් භාර දෙන්න ඉස්සර පුහුණුවක් දෙනවා. මේ විසිල් ගහන එකත් ඒ එකක්. මට මේක හරියට පිඹ ගන්න සෑහෙන කාලයක් ගියානේ. ඉතිං පුතා මටත් වඩා හොදට විසිල් එහෙකුත් නැතිව ගැහැව්වානේ?
කොල්ලා ටිකක් ආඩම්බර හිනාවකින් අපේ මහත්තයට සංග්රහ කලා.
ඉතිං පුතා ඔයාගේ අම්මා ඔය ලජ්ජාවට නොකියා ඉන්නේ. ඔයාගේ උප්පැන්නෙට විදුහල්පතිගේ නම ගියාට සංසර්ග ක්රියාවලිය සම්පුර්න කරලා තියෙන්නේ ගාඩ් කෙනෙක්....
උපුටාගැනිම - Hemalal Vidyaratne මහතා
CGR MAGAZINE
A day in the life

2025-01-23

කැන්ඩි රේල් වේ ස්ටේෂන් එකේ ත්‍රී විල්





කැන්ඩි රේල් වේ ස්ටේෂන් එකේ ත්‍රී විල් පාදඩයෙක්ට පාඩමක් ඉගන්නුවා.
ගිය සතියෙ මායි තව තුං දෙනෙකුයි නුවර ආව. ස්ටේෂන් එකේ ඉඳන් උබර් එකක් දැම්ම හාරගම Jetwing එකට. කාර් එකට රු. 1500 යී පෙන්නුවෙ. Tuk එකට රු. 800යී.
උබර් කාර් එක ස්ටේෂන් එකට දැම්මම එතැන හිටපු ත්‍රී විල් පාදඩයෝ ඇවිත් උබර් කොල්ලට චණ්ඩි පාට් දාන්න ගත්ත. පොඩි කොල්ලෙක් ඌ හොඳටම බය වෙලා ට්‍රිප් එක කැන්සල් කරන්නම් සර් කියල මට කුවුව. ත්‍රී විල් පාදඩයි ඒ කොල්ලාට කියනව මීට වඩා හොඳයි ලු හිඟා කෑවනන්. වැඩේ හරියන්නේ නැති නිසා මං ට්‍රිප් එක කැන්සල් කරල දැම්ම. මගෙ කාඩ් එකෙන් කැංසල් ෆී එකක් ඒ කොල්ලාට ගියා. ඒත් මං තව පන්සීයක් දීලා දැම්ම. ඒ කොල්ලා යන්න හදද්දිත් කාර් එකේ දොර වහ ගන්න වත් අරුන් ටික දෙන්නේ නැ. උඹ කොහෙද කියල අහනව. ආයේ මේ පැත්තෙ ආවොත් කුඩු කරලා යවනවා කියල අර කොල්ලාට තර්ජනය කරා.
ඊට පස්සෙ අපි හතර දෙනාට එතැන තිබ්බ ත්‍රී විල් දෙකක යන්න වුනා. ත්‍රී විල් පාදඩයෝ ටිකත් දත කෑවේ ඕකට තමා. Jetwing එකට යන ගමන් මං ඇහුවා ඇයි එයාල උබර් රෙජිස්ටර් වෙන්නෙ නැත්තෙ කියල. පොර කියනව ඇප් එකෙන් දුවනකොට ඌට පාඩුයි ලු. එද්දී එන්න වෙන්නෙ නිකං නිසා ඒ ගාන මදිලු.
Jetwing එකට ආවට පස්සෙ ත්‍රී විල් ඩයල් දෙක රුපියල් 4000ක් ඉල්ලුව එක්කනෙක්ට රුපියල් 2000 ගානේ. ත්‍රී විල් ඩයල් එක කියනව පාර ටිකක් අබලන් නිසා ගාන පොඩ්ඩක් වැඩිලු. ස්ටේෂන් එක ගාව ඉඳන් jetwing එකට හරවන තැනට එනකං හොඳ කාපට් පාරක් තියෙන්නෙ. අන්තිම ටික තමා පොඩ්ඩක් අබලන් වෙලා තියෙන්නේ. මං ඒ මුකුත් කියන්නේ නැතුව රුපියල් 2000 දෙන්නට දිල දැම්ම. ඊට පස්සෙ ත්‍රීවීල් ඩයල් එකගෙ ෆෝන් නම්බර් එක ඉල්ලා ගත්තා ආයේ ට්‍රෙන් එකට යන්න ඕනෙ, මං කෝල් එකක් ගන්නන් නුවර ඉඳන් මෙහෙට එන එකටත් මං සල්ලි දෙන්නම් කියලා. පොරට මාර හැපි.
අපි නුවරින් යන දවසෙ පාන්දර උබර් කාර් එකක් දාගත්ත ස්ටේෂන් එකට. උදේ වෙද්දී අපි කොළඹ.
දවල් 2 විතර වෙද්දී නුවර හොඳටම traffic ඉස්කෝලත් එක්ක. මං ඒ වෙලාව අල්ලලා අරුට කෝල් එකක් ගත්ත Jetwing එකට එන්න පුලුවන්ද අහල. පොර එක පයිං කැමති වුනා. මං කිව්ව එදා ආපු අනිත් එක්කනාවයී, තව දෙන්නෙකුයී පුලුවන් නං එක්ක එන්න හොටෙල් එකෙ ෆොරින් කපල් දෙකක් ඉන්නව එයාලත් උබර් ට්‍රයි කරල වෙහිකල් එකක් හම්බ වෙලා නැහැ කියල, නුවරට එන්න විදිහක් හොයනවා කියල.
මූ ඊට පස්සෙ අහනවා ෆොරින් කපල් දෙක ඉස්සෙල්ලා දාල අපි හතර දෙනා ගන්න ඊළඟට එන්නද කියල. කැ රියගෙ තණ්හාව. මං කිව්ව ඒක හරියන්නෙ නැ අපි ඔක්කොටොම හදිසි උබර් වැන් එකක් තියෙනව. ඔයාල එනවද අපි ඒක දාගන්නද කියල. මූ ටක් ගාලා කිවුව හරි එන්නං 4 දෙනාගේම ගාන රුපියල් 8000 යි කියල. මං කිව්වා හරි රයිට් ඕකේ ෆෝරිනස්ලත් ඒ ගානට කැමති කියල. ඌ හරි අපි එන්නං කියල ෆෝන් එක තිබ්බ.
විනාඩි 15කිං විතර මං ආයේ කෝල් එකක් අරං ඇහුවා ඔයාල අනිවාරෙන් එනව නේද කියල. පොර ඔව් ඔව් පොඩ්ඩක් traffic විනාඩි පහලොවක් යන්න කලිං එනවා දැං ඉන්නෙ තැන්නෙකුඹුර හන්දියේ කියලා. ත්‍රී විල් හතරම එනවා නේද? මං ඇහුවා. ඔව් ඔව් හතරක් එනවා. මං රයිට් ඕකෙ හදිසියක් නැ හිමීට එන්නකො හොටෙල් එක ඉස්සරහට ඇවිත් හොන් එකක් ගහන්න අපි එළියට එන්නං කියල.
මං ඊට පස්සේ එහෙම්ම නම්බර් එක බ්ලොක් කරල දාල ෆෝන් එක සයිලන්ට් කරල නාගන්න ගියා. නාල එද්දී ෆෝන් එකේ මිස්කොල් 28යි.නම්බර් දෙක තුනකින් කෝල් අරං.
මැසේජුත් එවල. මුල් මැසේජ් සර් අපි ඇවිත් ඉන්නෙ, හොටෙල් එක ඉස්සරහ ඉන්නෙ, ඔයාල කොහෙද ඉන්නෙ වගේ ලස්සන වචන වල ඉඳන් ලෝකෙ නැති කුණහරුප වලට එනකං වැඩි දියුණු වෙලා
ඒ මැසේජ් ටිකත් ඩිලීට් කරල කෝල් ඇවිත් තිබ්බ ෆෝන් නම්බර් ටිකත් බ්ලොක් කරල දැම්මා. අනිත් ත්‍රී විල් වල උන් අරුට මොනව කරන්න ඇතිද
කරේ බලු වැඩක් උනත් මගේ හිතේ පට්ට සතුටක් තිබ්බෙ අරු නුවර ඉඳන් හාරගම ඇවිත් බල්ල වගේ ආයෙ හැරිලා යනවා මතක් වෙද්දී. ඌ විතරක්ද අනිත් ත්‍රීවීල් තුණකුත් එක්ක.
උඹලත් නුවර ඇවිත් උබර් එකක් දාද්දී ත්‍රී විල් පාදඩයෙක් චණ්ඩි පාට් දැම්මොත් මං දුන්න බෙහෙතම දිපල්ල. නැතුව ඕකුන්ව හදන්න බෑ
**Copied
A day in the life

2025-01-22

තේරීමක්.







සත්ව ප්‍රේමියෙක් වූ ඔහුගේ සත්ව එකතුවට 
අලුතින්ම එකතු වුණේ වෘකයෙක්.
මේ වෘකයා පුහුණු කරවීම සඳහා
 පුහුණු කරු⁣වෙකු ඉල්ලා පුවත්පත් දැන්වීමක් පල කළා.
එයට ඉදිරිපත්වුණේ  "රෑමත් තරුණියක්" සහ 'වයස්ගත පුද්ගලයෙක්'.
ඔහු පළමු අවස්ථාව දුන්නේ ඇයට.
ඇය වෘකයා සිටින කූඩුවට ගියේ කිසිදු බයක් සැකක් නොමැතිව.
වෘකයා ඇයව ලෙවකන්නට පටන් ගත්තා."
"දැක්කද තමුසෙටත් පුළුවන්ද ඒ දේ කරන්ට ?''
ඔහු වයස්ගත පුද්ගයගෙන් ඇහුවා.
"මොකද බැරි !
ඔය වෘකයා පොඩ්ඩක් අයින් කරලා දෙනවකෝ!"
වයස්ගත පුද්ගලයා කිවුවා
-  කමල් පී අලහකෝන්.
A day in the life

2025-01-20

සීයා කියා දුන්න ජීවිත පාඩම






අපේ සීයා කියා දුන්න ජීවිත පාඩම...
1. අඩුවෙන් කතා කරන්න සහ වැඩිපුර සවන් දෙන්න. ඔබට යමක් පැවසීමට ඇති විට පමනක් එය කතා කරන්න, එවිට ඔබේ කතාවට මිනිසුන් උනන්දුවනවා.
2. ආගම, දේශපාලනය සහ මතභේද වැනි විෂයයන් සම්බන්ධයෙන් කිසිවිටෙක මිනිසුන් සමඟ වාද නොකරන්න. ඔබට ඔවුන් සමඟ එකඟ විය හැකි නම් අහගෙන ඉන්න නැතහොත් ඒවා නොසලකා හැර ඉවත්ව යන්න. ඔබ ඔවුන් සමඟ එම විෂයයන් සම්බන්ධයෙන් තර්ක කිරීමට කැමති නම්, ඔවුන් ඔබව මඩවලට ඇද දමනවා ඇත.
3. ඔබ කතා කිරීමට පෙර සිතන්න. ඒ ගැන නොසිතා යමක් කීමට ඉක්මන් වීමෙන් පසුව පසුතැවිලි වන දෙයක් පැවසීමට හේතු විය හැකියි.
4. අන් අයට නිහතමානී හා ආචාරශීලී වන්න. ඔවුන් ඔබට කෙසේ සැලකුවත් කමක් නැත. අනාගතයේදී ඔවුන් ඒ ගැන පසුතැවෙනු ඇත.
5. ඔබේ හැඟීම් පාලනය කරන්න.
තර්කයට වේගයෙන් ධාවනය කිරීමට ඉඩ දෙන අතරම ඔබ දැඩි හැඟීම් පසුපස අසුනේ තබා ගත යුතුයි.
6. ඔබගේ මීළඟ පියවර කිසිවෙකුට හෙළි නොකරන්න. තමන් නොදන්නා දේට පහර දෙන්න කාටවත් බැහැ.
7. ඔබ ගැන කතා නොකරන්න. ඔබ වෙත අනවශ්‍ය අවධානය යොමු කිරීමට විරුද්ධ වන්න.
8. අන් අය සමඟ කතා කිරීමේදී සෑම විටම ඇස් සම්බන්ධ කර විශ්වාසයෙන් සිටින්න. කතා කරන විට සියයට 50ක් සහ සවන්දීමේදී 70%ක් ඇස් සම්බන්ධතා පවත්වා ගන්න.
9. කිසිවිටෙක කෙනෙකු පිටපත් කිරීමට උත්සාහ නොකරන්න. ඔබම අද්විතීය වෙන්න.
10. ඔබට සම්පූර්ණ කැපවීමක් කළ නොහැකි දෙයක් ආරම්භ නොකරන්න.
11. නිශ්ශබ්දතාවය සතුරන් සඳහා හොඳම පිළිතුරයි. ඔවුන්ට අවශ්‍ය අවධානයන් පෝෂණය කිරීම නවත්වන්න.
12. විශිෂ්ට අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව සඳහා ඔබම පුහුණු වන්න. ඉතා විශ්ලේෂණාත්මක වන්න, මෙය ඔබට දේවල් වෙනස් ලෙස දැකීමට උපකාරී වනු ඇත. ඔබ කරන ආකාරයටම දේවල් කිරීමට හේතු තිබේ. ඔබේම අද්විතීය ආකාරයෙන් දේවල් දැකීමට නිදහස් වන්න.
13. ජන සමූහ හා පුද්ගලයන් අන්ධ ලෙස අනුගමනය කරන්න එපා. සෑම විටම කරුණු සහ තර්කය මත පදනම්ව තීරණ ගන්න. ඔබේ නිවැරදි මාර්ගය තෝරා ගැනීමට තරම් නිර්භීත වන්න.
14. ලෝකයේ නාට්‍යවලින් වළකින්න.
රගපෑම් හා හැසිරවීම සම්බන්ධයෙන් ආරක්ෂාකාරීව වළකින්න.
15. අර්ථවත් ප්‍රශ්න ඇසීමට පසුබට නොවන්න. එවිට යහපත් සංවාදයට ඔබ අවධානය මෙන්ම උනන්දුව දක්වන බව පෙනේවි.
16. සෑම විටම අන් අයට උපදෙස් ලබා නොදෙන්න. එවිට එයද සෑම විටම පහසුවෙන් ලබා ගත හැකි උපදේශයන් සමාන වේ.
17. ඔබ යම් දෙයක නිරත වන්න. ක්‍රියාකාරී වන්න. කිසිවිටෙක එකම විදියකට සිටීමට සහ සදාකාලිකව ඔහේ කැරකි කැරකි සිටින්නකු බවට පත්වීමට උත්සාහ කරන්න එපා.

සීයා දුන්න නොයෙක් උපදෙස් එදා ගනන් නොගත්තට කාලය එක්ක තේරෙනවා ඒවා ජීවිතයට කොතරම් වැදගත් ද කියලා..

දැනුම් සයුර danum sayura

උපුටාගැනිමකී..

A day in the life

2025-01-19

මෝඩයෙකු සේ සලකයි.




"යමෙකු පුද්ගලයෙකු තේරුම් නොගන්නේ නම්, ඔහු මෝඩයෙකු ලෙස සැලකීමට නැඹුරු වේ." 

කාල් ජුන්ග්ගේ මෙම උපුටා දැක්වීම, මානව මනෝවිද්යාව සහ අන්තර් පුද්ගල ගතිකත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇතුළත් කරයි.

එය පොදු සංජානන නැඹුරුවක් උද්දීපනය කරයි: අන් අයගේ සිතුවිලි, අභිප්රේරණ හෝ හැසිරීම් තේරුම් ගැනීමට අප අපොහොසත් වූ විට ඔවුන්ව ඉවත් කිරීමට හෝ දැඩි ලෙස විනිශ්චය කිරීමට ඇති ප්රවණතාවය.
මෙම නැඹුරුව බොහෝ විට පැන නගින්නේ අපැහැදිලි හෝ වෙනස්කම් සමඟ අපගේ ආවේණික අසහනයෙනි.
යමෙකු අපගේ ලෝක දෘෂ්ඨියට අභියෝග කරන විට හෝ අතාර්කික හෝ අපට ආගන්තුක ලෙස පෙනෙන ආකාරයෙන් හැසිරෙන විට, අපගේ සහජ බුද්ධිය වන්නේ ඔවුන්ගේ ඉදිරිදර්ශනයේ සංකීර්ණතා ගවේෂණය කිරීමට කාලය ගත කරනවාට වඩා, ඒවා නිෂේධාත්මක ලෙස ලේබල් කිරීම මගින් තත්වය සරල කිරීමයි.
ජුංගේ නිරීක්ෂණ අපව අනුකම්පාවෙන් සහ නිහතමානීව අන් අය වෙත ළඟා වීමට දිරිගන්වයි.
වෙනත් පුද්ගලයෙකු තේරුම් ගැනීමට උත්සාහය, ඉවසීම සහ බොහෝ විට අපගේම සීමාවන්ට මුහුණ දීමට කැමැත්ත අවශ්ය වේ.
ප්රශ්න ඇසීම, ගැඹුරින් ඇහුම්කන් දීම සහ ඔවුන්ගේ ඇස්වලින් ලෝකය දැකීමට ප්රමාණවත් ලෙස විනිශ්චය අත්හිටුවීම එයට ඇතුළත් විය හැකිය.
මෙම ක්රියාවලියට සන්නිවේදනයේ හිඩැස් පියවීමට, ශක්තිමත් සබඳතා ගොඩනගා ගැනීමට සහ ප්රජාව සහ අවබෝධය පිළිබඳ වැඩි හැඟීමක් ප්රවර්ධනය කළ හැකිය.
එපමණක් නොව, ජුන්ග්ගේ තීක්ෂ්ණ බුද්ධිය බුද්ධිමය උඩඟුකමේ අන්තරායන් සිහිපත් කිරීමකි.
යමෙකුගේ තර්ක හෝ තේරීම් අප ග්රහණය කර නොගත් පමණින් එම තේරීම්වල කුසලතා හෝ බුද්ධිය නොමැති බව අදහස් නොවේ.
එක් පුද්ගලයෙකුට මෝඩ ලෙස පෙනෙන දෙය තවත් කෙනෙකුට ගැඹුරින් අර්ථවත් විය හැකිය, එය ක්ෂණිකව නොපෙනෙන අත්දැකීම්, විශ්වාසයන් හෝ සාරධර්ම වලින් හැඩගැසෙනු ඇත.
අවසාන වශයෙන්, මෙම උපුටා දැක්වීම අපගේ ආරම්භක විනිශ්චයන්ගෙන් ඔබ්බට බැලීමට සහ මිනිස් හැසිරීම් වල මතුපිටට යටින් ඇති ගැඹුරු සත්යයන් සෙවීමට අපට අභියෝග කරයි..

Kumudu Kumara

A day in the life

2025-01-18

මම කියු නැන්දා





සුදු පාට චූටි මල් සාරියක් ඇඳගෙන
දුවේ ඒ සිටින්නේ මම කියූ නැන්දාය
දශක ගණනාවකට පසු
නොම්මරේ හොයාගෙන කතා කර,
දුවගෙ වෙඩින් එකය, එන්නය කියා කිවුවම,
කින්ද මන්දයි නොඅසාම, එන්නම්ය කිවුවාය. 
මාතරට ආවේ නුවර සිට පෙරේදය.

එයාලගෙ මහ ගෙවල් අකුරැස්ස හරියේය.
දින දෙකක් නෑදෑ ගෙවල් වල කැරකිලා
මූණ කරකුට්ටන් වෙලායැයි
උදේ හමුවූ වෙලේ චෝදනා නැගුවාය.
එයා ඉස්සරත් එහෙමය.
වැස්සත් බනින්නේ මටය.
සුදු පාට චූටි මල් සාරියක් ඇඳගෙන
දුවේ ඒ සිටින්නේ මම කියූ නැන්දාය.
එයා මට කලින් බැන්දාය.
අපට අප නැති වුනේ මගේ වරදින් කියා
අවසාන දවස් වල බැන්නාය.
දහසකුත් වැරදි කර මා යලිත් ඇමතුව ද
ඇය මාව තුරුලු කර ඉම්බාය. 
මම කරපු මෝඩ වැඩ දරාගනු නොහැකි තැන

ආදරේ යැයි මැවූ සිහින හැම බිඳුණු තැන
ඉවසලා ඉවසලා තව ටිකක් බලා හිඳ
වෙන අතක් බලන්නට හිතුවාය.
බඳින්නට පෙර දින ද අමතලා ඇඬුවාය.
එයා එයාටත් වඩා මට ආදරේ කලාය.
මට ඒක තේරුණේ පහුවෙලාය.
සුදු පාට චූටි මල් සාරියක් ඇඳගෙන
දුවේ ඒ සිටින්නේ මම කියූ නැන්දාය.
පොඩි දූ පැටියෙකු හදමුයි කියා දවසක,
මා සමග එකතු වී,
"උත්තරා" යැයි සුන්දර නමක් පවා දමා එදවස,
අඳින්නට රෝස පැහැ
ගවුම් කොට පවා තෝරා කෙල්ලෙකුට,
බඳින්නටත් බොහෝ කලක සිට,
ඇය මේ ලොව සුන්දරම අම්මා වූවාය.

අම්මෙකු වන්නට නොහැකි වේයැයි කියා,
කතන්දර දහසකුත්, තව ටිකකුත් අසා,
මුලු මහනුවරම සමග සටන් කොට
දික්කසාදය ගත්,
ඇය මේ ලොව නිර්භීතම අම්මාය.
කවුරුවත් අම්මාය කියලා නොකීවත්
කිසිදාක අම්මාය කියා ඇය නොඇහුවත්
විශ්වාස කරන්න,
ඇය මා දන්නා හොඳම අම්මාය.

සුදු පාට චූටි මල් සාරියක් ඇඳගෙන
දුවේ ඒ සිටින්නේ මම කියූ නැන්දාය.
ඔබ ඉපදුණා කියලා කාගෙන් හරි ඇහුණාම
එකතු කරගෙන සිටි ඇඳුම් මලු ගාණක්
අඥාතව මා නමට එවුවාය.
අද ඒක ගැන ඇහුවාම,
මොකුත් නොකියා හිනැහුණාය. 
අත කටට තියාලා, "ශ්ශ්" හඬක් නැගුවාය.

ඒ මේ අත යමින්, පැරණි මිතුරන් හමුවෙමින්
අතරින් පතර විවේක කාමරයට ගොස්
කොණ්ඩයද සාරියද ආයෙ ආයේ සකසමින්
එදාටත් වඩා ලස්සන ගැන වද වෙමින්
ඉඳහිට මම දෙස ද බලමින් නොබලමින් හිනැහෙමින්
සුදු පාට චූටි මල් සාරියක් ඇඳගෙන
දුවේ ඒ සිටින්නේ මම කියූ නැන්දාය. 

ඔබේ නම "උත්තරා" කියලා උදේ මම කිවුවාම
ලොකු කඳුලු බිඳු දෙකකින් ඇගේ ඇස් තෙමුණාය.
| මහේල හෙට්ටිආරච්චි
A day in the life

2025-01-17

එදා ගමේ ආහාර රටා





යෝධ බල ඇති මිනිස්සු බිහිකළ එදා ගමේ ආහාර රටා
Rasika Madushanthi
පරිසරයේ පවතින ගහ, කොළ, මල්, ගෙඩි උපයෝගී කර ගෙන පෙරදා නුවර කලාවියේ ආහාර රටාව සකස්වී තිබිණ. එසේ සකස් කරගත් රසකැවිලි මාළුපිණි ආදිය පිළිබඳ විස්තර පහත දැක්වේ.
කීරොටී
රසවත් කෑමකි. කැකුළු හාල් පිටිවලට ලුණු වතුර පදමට දමා පොල් වතුරෙන් අනා රාමන්ඩි මිශ්රකර පිපෙන්නට තියයි. පිටි මිශ්රණය පිපුණ පසු ආප්ප උයන පිළිවෙලට කීරොටී සාදා ගනු ලැබේ. ඊළඟට කීරොටි කෑමට පැණි හොද්දක් සාදා ගනී. පොල්කිරි, පොල්පැණි හෝ මීපැණි, හාල්පිටි, ලුණු වතුර පදමට ගෙන මිශ්රකර ලිපේ තබා උතුරවනු ලැබේ. ඉන්පසු කලින් සෑදු කීරොටී මේ පැණි හොද්දට දමා පැයක් දෙකක් තැබූ විට කීරොටීවලට මේ පැණි හොද්ද උරා ගනී. ඉන්පසු කෑමට ගැනීමට පුළුවන.
කිරිවැදෑනි
කිරිවැදෑනි ද රසවත් කෑමකි. කැකුළු හාල් බැද අඹරා වතුර සමඟ රාමන්ඩි දමා, අනා පිපෙන්න තබනු ලැබේ. මේ පිටි පිපුණ පසු අාප්ප උයන ආකාරයට ටිකක් ඝනකමට සාදනු ලැබේ. මේවා මුදවන ලද කිරි සහ මීපැණි සමඟ මිශ්ර කොට ආහාරයට ගනු ලැබේ. කිරිවැදෑනි ලෙස හඳුන්වන්නේ මේවාය.
දොහොයි
තවත් නුවර කලාවියේ රසවත් කෑමකි. කුරහන් පිටි සමඟ උඳුපිටි පදමට ගෙන එකට අනා තරමක් උකුවට සකස් කර ගනී, ඉන්පසු රොටී කබලක් බඳු ඊටම විශේෂ වූ ‘දොහොයි’ තැටියක දමා ලිපේ තබා රත්වෙන ආකාරයට රොටියක් මෙන් දෙපැත්ත පෙරලා හොඳින් පිළිස්සුන පසු තැටියෙන් ඉවත් කර බිමට බාගනී. දොහොයි රසකැවිල්ලක් නොව ගුණාත්මක හා ශක්තිමත් ආහාරයකි. දොහොයි කෑමට ලූල් මාළු ඇඹුල, කමත් බිම්මල්, දඩමස් වැනි ව්යාංජනයක් සකස් කරගනී.
වෙල්ල වැහුම්
කැකුළු හාල් පිටිවලට වතුර හා ලුණු මිශ්රකර තුඩුදවුලා වැනි නානු ඇති යුෂ වර්ගයක් ද යොදා පිටි මිශ්රණය සාදා කබලට දමා තැම්බුන පසු කබලෙන් ගලවා බිමට ගෙන මැදට පැණිපොල් තබා රවුම් කර ගනී.
කොමළවටා
සීනි හොඳින් උණුකොට ගාන ලද පොල් ඇති පදමට සීනි මිශ්රණයට දමා හොඳින් මිශ්ර කර ඉන්පසු කැකුළු සහල් පිටි කළවම් කර ලිපේ තබා රත් කරනු ලැබේ. මේවා අතේ ගුලිකර ගත හැකි තරමට උකු බවට පත්වූ පසු ලිපෙන් බාගෙන වෙනම සකස් කර ඇති පොල්පැණි මිශ්රණය මෙයට මුහුකොට යළිත් ලිප තබා රත් කරගෙන අග්ගලා මෙන් ගුලි වශයෙන් සාදා ආහාරයට ගනී.
ආස්මී
කැකුළු හාල් පිටි සකස් කරගැනීමෙන් පසු මේවා පොල් කිරට දමා මුහුකොට අතේ නොඇලෙන පදමට පිළියෙල කරගත යුතුය. ඉන්පසු දවුල් කුරුඳු කොළ සහ පොල් මිශ්රකොට වංගෙඩියේ දමා කොටා පසුව මිරිකා රෙදි කඩකින් පෙරා යුෂ වෙන්කර ගත යුතුය. ඉන්පසු මෙම නානු යුෂ සහ පිටි මුහුකොට ඇඟිලිවලින් රැළි බේරෙන පදමට සකස් කොට තෙල් ලිපේ තබා ඇඟිලි අගින් මෙම මිශ්රණය හිමින් සීරුවේ තෙල් භාජනයට ටික ටික දමා තැම්බීගෙන එද්දී හැන්දක් සහ කූරක් යොදාගෙන ආස්මිය දෙකට නමා, තෙලෙන් ඉවතට ගෙන භාජනයක දමා දවසක් පමණ තෙල් බේරෙන්නට තියා දෙවෙනි දිනයේත් ආස්මි තෙල් කබලට දමා බැදගෙන ලිපෙන් බා පදමට උණු කරගත් පැණි රටාවකට ආස්මිය මතට එක් කිරීමෙන් පසු ආහාරයට ගනු ලැබේ.
උඳු වළලු
මෙයද නුවර කලාවියේ ඉතා රසවත් කෑමකි. උඳු ඇට වතුරට දමා හොඳින් පෙඟුණ පසු ඒවායේ පොතු ඉවත් කර සෝදා මිරිස් ගලේ දමා අඹරා ගනු ලැබේ. ඉන්පසු කැකුළු සහල් පිටි ටිකක්ද මුහුකර පොල්කිරි දමා පැය පහක් පමණ වේලා පිටි පිපෙන්නට තැබිය යුතුය. ඊළඟට පිරිසිදු රෙදි කෑල්ලක කුඩා සිදුරක් කර එම රෙදි කෑල්ලට මෙම පිටි මිශ්රණය ටික ටික ගෙන ලිපේ තබා ඇති රත්වූ තෙලට වළලු ආකාරයට මිරිකා රන්වන් පාටට පැමිණි පසු තෙලෙන් ඉවත් කොට උණුකර සූදානම් කරගත් පොල් පැණි, කිතුල් පැණි. මීපැණි හෝ සීනි පැණිවලට මෙම වලලු දමා වලලුවලට පැණි පිරුණු පසු ඉවත් කර ප්රයෝජනයට ගත හැකිය.
ලාළු
තවත් රසකැවිලි වර්ගයකි. කැකුළු හාල් සෝදා පිටිකර ගැනීමෙන් පසු පෙනේරයකින් හලා පිටිවලට ඇල්වතුර දමා උකුවට අනාගනු ලැබේ. ඉන්පසු හිල් කළ පොල් කටුව ගෙන මෙම පිටි මිශ්රණය පොල් කටුවට දමා කෙසෙල් කොළයක් මතට මලක් මෙන් සිටින සේ තදකර වත්කර ගත යුතුය. ඉන්පසුව මේවා එකිනෙක වන්ඩුවේ තම්බා, තැම්බුන පසු අව්වේ තබා වේලාගත යුතුය. ඊට පසු තෙලෙන් බැද පැණි මිශ්ර කොට ආහාරයට ගනු ලැබේ. වන්ඩුවේ තැම්බීම යනු වතුර දැමූ මුට්ටියක කඩපිම්ම බැඳ ඒ මත මේවා තබා තවත් භාජනයකින් වසා ලිපේ තබා තම්බා ගැනීමය.
පොල් කැවුම්
කැවුම්වලට පිටි සාදාගන්නා ආකාරයට පිටි සකස් කර ඇල් වතුර දමා තරමක් දියාරු ආකාරයට පිටි මිශ්රණය සකස් කරගත යුතුය. ඊට පසුව කලින් සකස් කරගත් පොල් ගුලිය පිට මිශ්රණයට දමා හොඳින් පිටි තැවරුණු පසු උණුවන තෙල් තාච්චියට දමා රන්වන් පාටට හැරෙන තුරු තෙලේ බැද ලිපෙන් බාගත යුතුය. මේවා පොල් කැවුම් ලෙස හඳුන්වනු ලැබේ.
කිතුල් තලප
මේරූ කිතුල් ගසක බොඩය ඉවත් කරගෙන කුඩාවට කෑලි කපා වේලා ගැනීමෙන් පසු වංගෙඩියේ දමා කොටා, පෙනේරයකින් හලා පිටි ටික බේරා ගනු ලැබේ. ඉන්පසු මුට්ටියට කඩපිම්ම බැද කිතුල් පිටි වතුරේ දියකර කඩපිම්මට දමා කාල් ගාමින් පිරිසිදු පිටි ටික මුට්ටියට පෙරා ගෙන ඊළඟට ෙම්වාට ලුණු මිශ්රකර ලිප තබා පදමට තැම්බුන පසු මඳ ගින්නේ තියෙන්නට හැර පසුදා උදයට කෑලි කැපිය හැකි තරමට කැටගැසී ඇති කිතුල් තලපය කෑලි කපා ගනිති. ගුණදායක ආහාරයකි. එසේම තරු පහේ හෝටලයකදීවත් කෑමට නොලැබෙන රසවත් ආහාරයකි.



කුරහන් තලප
කුරහන් පිටි පෙනේරයකින් හලාගෙන ඇල්වතුරට දියකර ඉන්පසු ලිපේ තබා තලපයක් බවට පත්වන තුරු නිතර හැඳි ගා ගත යුතුය. ඒ අතර ඊට ප්රමාණවත් තරමට ලුණු දියර මිශ්ර කළ යුතුය. තලපයක් බවට පත්වූ පසු ලිපෙන් බාගෙන සුදුසු හොද්දක් සාදා ගෙන ආහාරයට ගත හැකිය.
මෙනේරි බත්
මෙනේරි වී වනේ දමා කොටා හාල් කරගැනීමෙන් පසු ඒවාට කැකුළු හුණු සාල් හතරෙන් එකක් පමණ මුහුකොට මෙනේරි කිරිබත් සාදා ගත හැකිය. තම්බාපු හාල්වලට සුණු සාල් හතරෙන් එකක් පමණ මෙනේරි හාල්වලට මුහු කිරීමෙන් මෙනේරි බත් සාදා ගැනීමට හැකිය.
අමුහාල් බත්
‘අමු’ නමින් ධාන්ය වර්ගයක් ඇත. මේවා වනේ දමා කොටා සහල් සකස් කරගෙන කැකුළු සුණු සහල් සමඟ මිශ්ර කිරීමෙන් අමු කිරිබත් ද තම්බාපු සුණු සහල් සමඟ මිශ්ර කිරීමෙන් අමුබත් ද සාදා ගැනීමට පුළුවන.
තණහාල් කිරිබත්
‘තණ’ නමින් ධාන්ය වර්ගයක් ඇත. තණ ඇට වංගෙඩියේ දමා කොටා පොතු ඉවත් කර තණහාල් ලබාගෙන ඒවාට කැකුළු සුණු හාල් මිශ්ර කොට තණ හාල් කිරිබත් සාදාගැනීමට පුළුවන.
ඕලු බත්
වැව්වල හැදෙන ජලජ පැලෑටියක් වූ ඕලුවල ගෙඩි හැදී පැසුණු පසු ඒවා කඩාගෙන විත් හොඳින් වේලා වංගෙඩියේ දමා කොටා පොතු ඉවත් කර ඕලු සහල් කරගත හැකිය. ඉන්පසු හාල් හුණ්ඩුවකට ඕලුහාල් පතක් පමණ මිශ්රකොට ඕලු බත් පිසගත හැකිය. ඕලු හාල්වල විශාල අස්වැන්නක් පවතී.
ලෝලු දළු මාළුව
ලෝලු දළු පිරිමහින තරමට කඩාගෙන සෝදා වතුර තබා තැම්බීමෙන් පසු වතුර පෙරා හැර ලුණු, මිරිස්, උම්බලකඩ, තුනපහ කුඩු, රතු ලූණු ආදිය දමා අමුමිරිස් කරල් කීපයක් සහ තක්කාලි ගෙඩියක් දෙකක් සහ මිටිකිරි ටිකක් දමා තවදුරටත් තම්බාගෙන තෙම්පරාදු කර ගත යුතුය.
අත්තික්කා ගෙඩි මාළුව
ලපටි අත්තික්කා ගෙඩි ඇති තරමට ගෙන වතුර දමා තම්බා වතුර ඉවත් කළ යුතුය. ඉන්පසු ලුණු, මිරිස්, රතුලූණු ආදිය මිශ්ර කොට යළිත් මිටි කිරෙන් තම්බා තෙල් අබ දමා ගත යුතුය.
ගිණිතිල්ලා ගෙඩි මාළුව
පැසුණු ගිණිතිල්ලා ගෙඩි කඩාගෙන ඒවා දෙකට පලා මැද ඇති අැට ඉවත් කර ඇල් වතුරෙන් තම්බා වතුර පෙරා හැර තුනපහ, රතුලූණු, ලුණු, මිරිස් දමා මිටි කිරිවලින් තම්බා තෙම්පරාදු කරගත යුතුය.



නෙළුම් අල
නෙළුම් අල සෝදා පිරිසිදු කරගෙන ඇල් වතුරෙන් තම්බා ඉන්පසු වතුර ඉවත් කර නෙළුම් අල කෑලිවලට කපා, ඒවාට තුනපහ ලුණු මිරිස් එකතු කර මිටි කිරෙන් නැවත තම්බා, තෙම්පරාදු කරගත හැකිය.
නෙළුම් අල තම්බා ආහාරයට ගැනීම
නෙළුම් අල සෝදා පිරිසිදු කොට බතල මෙන් කෑලිවලට කපා වතුරෙන් හෝ වන්ඩුවෙන් තම්බා පොල් සහ ලුණු මිරිස් සමඟ ආහාරයට ගත හැකිය.
කෙකටිය අල තම්බා ආහාරයට ගැනීම
වැව්වල හැදෙන කෙකටිය ගස්වල නෙළුම්වල මෙන් අල එරෙයි. ඒවා ගලවා ගෙන හොඳින් සෝදා පිරිසිදු කර ඇල් වතුරෙන් තම්බා වතුර පෙරා හැර, ආහාරයට ගැනීමේදී බතල අලවල මෙන් ඒවායේ පොතු ගලවා ඉවත් කළ යුතුය. පොල් සමඟ හෝ ලුණු මිරිස් සමඟ ආහාරයට ගත හැකිය.
ඕලු දළු මාළුව
ඕලු දඬු ගෙන සෝදා රේණු හැර හීන්වලට කෑලි කපා ලුණු, මිරිස්, තුනපහ සහ පොල් දමා මලවා ගැනීමෙන් මැල්ලුමක් සේ ආහාරයට ගත හැකිය.
මයිල මල් මාළුව
මයිල මල් තම්බා වතුර හැර ලුණු මිරිස්, තුනපහ, රතු ලූණු ආදිය දමා මිටි කිරෙන් මාළුව උයා තෙම්පරාදු කරගත හැකිය.
කරකොළ මැල්ලුම
කරකොළ නමින් ගස් විශේෂයක් කැලෑවේ තිබේ. මේවායේ නොමේරූ කොල සෝදා අඟුණ කොළ මෙන් සිහින්ව කපා රතුලූණු, අමු මිරිස් සහ පොල් මුහුකොට මලවා ගත හැකිය.
ලී කොළ සම්බෝලය
ලී කොළ නමින් පවත්නා පඳුරු විශේෂයේ ලා කොළ කඩාගෙන විත් සෝදා සිහින්ව ලියා රතු ලූණු, උම්බලකඩ, පොල්, ලුණු, අමු මිරිස් ආදිය මුහුකොට සම්බෝලය සාදා ගත හැකිය.
මුස්සැන්න කොළ බැදගැනීම
මුස්සැන්න නම් වූ පඳුරු විශේෂයක් තිබේ. මේවායේ පුංචිම මල් සමඟ තනිකරම සුදු පාට කොළ හැදෙයි. මේ සුදුපාට කොළ පපඩම් මෙන් බැද ගැනීමට පුළුවන. මේ සඳහා පළමුවෙන් පිටි මිශ්රණය සාදා ගත යුතුය. හාල් පිටි හෝ පාන් පිටි ගෙන ඒවාට අමු මිරිස්, ලුණු කුඩු, ලූණු, කරපිංචා, මිරිස් කුඩු ආදිය දමා උකුවට මේ පිටි මිශ්රණය සාදා ගෙන ඊළඟට සුදු මුස්සැන්න කොළ මෙම මිශ්රණයේ ගිල්වා රත්කළ තෙලට දමා බැඳ ගැනීමට පුළුවන.
වැල්පෙනෙල සම්බෝලය
දළු වැල් පෙනෙල කොළ නොතැලෙන අන්දමට සිහිනව කපා ලූණු, රතු ලූණු, අමු මිරිස් දමා ගොටුකොළ සම්බෝලයක් හදන පිළිවෙලට සාදා ගැනීමට පුළුවන.
උඩත්තා කොළ මැල්ලුම
උඩත්තා කොළ සෝදා පිරිසිදු කරගෙන අගුණකොළ කපන ආකාරයට සිහින්ව ලියා වෙනත් කොළ වර්ග මලවන ආකාරයටම මලවා ගත හැකිය.
තෙලටිය ගෙඩි මාළුව
තෙලටි ගෙඩි දෙකට කපා තම්බා වතුර පෙරා ඉන්පසු තුනපහ ලුණු මිරිස් ආදිය දමා මිටි කිරිවලින් මාළුව උයාගෙන තෙම්පරාදු කරගත් මාළුවක් සාදාගත හැකිය.
පෙතන් මල් බැදුම
පළමුවෙන් හාල්පිටි හෝ පාන්පිටි අවශ්ය තරමට ගෙන කරපිංචා, ලූණු, ලුණු, මිරිස් ආදිය එකට අඹරා ඒවා පිටිවල දියකර උකුවට පිටි මිශ්රණය සාදාගනු ලැබේ. ඊට පසුව පෙතන් මලේ පෙති ගලවා එකිනෙක පෙති මෙම මිශ්රණයේ පොඟවා කොකිස් බදින ආකාරයට තෙලට දමා බැදගත හැකිය.
අවර මාළුව
ළපටි අවර කරල් ගෙන කපා තුනපහ, මිරිස්, ලුණු ආදිය දමා තෙම්පරාදු කරගත් විට රසවත් මාළුවකි.
කිරින්ගලා කොළ අැඹුල
කිරින්ගලා කොළ නොතැලෙන සේ සෝදා දිය බේරෙන්නට තියා, ඊළඟට තුනපහ හොද්ද උතුරා පැසෙන විට කොළ පොඩි නොවන සේ කපා හොද්දට දමා තුනපහ දමා තැම්බුන පසු ලිපෙන් බා ගන්න. මෙය ඉතා රසවත් ඇඹුලකි. පෙර රජදරුවන්ගේ භෝජනයට පවා කිරින්ගලා කොළ ඇඹුල එකතු කර තිබේ.
පුහුල් මල් සාදා ගැනීම
පුහුල් ගෙඩියේ පොත්ත ඉවත් කර දික් අතට පුහුල් තීරු කපා ගැනීමෙන් පසු ඒවා නැවත හීන්වට දික් අතට තුනීවට කපා ගනු ලැබේ. ඊළඟට මෙසේ කැපූ පුහුල් කෑලි හුණු දියට දමා දවසක් පමණ තබා නැවත ගෙන හොඳින් සෝදා දිය බේරෙන සේ තැබිය යුතුය. ඉන්පසු පුහුල් කෑලි කිලෝ එකකට සීනි කිලෝවක් වන සේ ගෙන සීනි උණුකර ප්රයෝජනයට ගත හැකිය.
පෙරදා නුවර කලාවියේ ජනතාව පරිසරය සමඟ එක්ව පරිසරයේ සම්පත් උකහා ගෙන ජීවිත ගැටගසා ගත් බව පරිසරයෙන් උකහා ගත් මෙම ආහාර වට්ටෝරුවලින් සනාථ වේ.
වර්තමානයේ මේ අපේ දේශීය ආහාර හදන්න තියා නම්වත් දන්නේ කීයෙන් කීදෙනද. සිංහල අලුත් අවුරුද්දක අපි ඇත්තටම හදන්නේ අපේ හෙල සිංහල කැවිලිද ?? අලුත් අවුරුද්දේ කැවිලි මේසයට දේශීය කැවිලි ද වැඩිපුර ඇත්තේ පිටරැටියන් අපිට තියා ගිය කැවිලිද කියා ඔබම කල්පනා කර බලන්න. ඔබ

අපේ හෙළ කෑම වර්ග ඇත්තන් Comments වලින් පලකරන්න. අන් අයගේ දැන ගැනීම සඳහා.

උපුටාගැනීමකි.
ස්තුතියි - රාජ භෝජන
A day in the life

2025-01-16

බුරුවා සහ යක්ෂයා



බූරුවෙකු ගසකට බැඳ තිබිණි. යක්ෂයෙක් ඇවිත් ලනුව ලිහා දැමුවේය. එවිට බූරුවා කුඹුරකට දිව ගොස් වගාව විනාශ කිරීමට පටන් ගත්තේය.
කුඹුර හිමි ගොවියාගේ බිරිඳ මෙය දුටු විට ඇය බූරුවාට වෙඩි තබා මරා දැමුවාය. බූරුවාගේ හිමිකරු කොතරම් කලබල වීද යත් ඔහු එසැනින් ගොවියාගේ බිරිඳට වෙඩි තැබීය.
ගොවියා ආපසු පැමිණි විට, තම බිරිඳ මියගොස් ඇති බව දැක දුවගොස් බූරුවාගේ හිමිකරුට වෙඩි තැබීය.
බූරුවාගේ අයිතිකරුගේ බිරිඳ තම පුතුන්ට ඔවුන්ගේ පියාගේ මරණයට පළිගැනීමට ගොවියාගේ නිවස ගිනිබත් කරන මෙන් ඉල්ලාසිටියේය.
පිරිමි ළමයින් සවස් වරුවේ ගොස් ගොවියා ද නිවස සමඟ පණපිටින් පිලිස්සෙනු ඇතැයි උපකල්පනය කරමින් මවගේ නියෝගය සතුටින් ඉටු කළහ.
කෙසේ නමුත් ඔවුන් එසේ ගිනිතබන විට ගොවියා ගෙදර නොසිටියේය. ආපසු පැමිණි විට,තම නිවසේ පිලිස්සීගිය සැකිල්ල දුටු ඔහු වහාම ගොස් බූරුවාගේ අයිතිකරුගේ බිරිඳ සහ පුතුන් දෙදෙනාට වෙඩි තැබීය.
සිදුවූ සියල්ලෙන් පසුතැවිල්ලට පත් ගොවියා යක්ෂයාගෙන් ඇසුවේ "ඇයි මේ සියලු භයානක දේ මෙලෙස සිදුකලේ" කියා
භූතයා පිළිතුරු දෙමින්,
“ඇයි, මම කිසිවක් කළේ නැහැ!
බූරුවා නිදහස් කිරීම හැර.
තම තමන්ගේ අභ්‍යන්තර යක්ෂයා අවධිකර, අත්තනෝමතික ලෙස ක්‍රියාකොට ඔහුව නිදහස් කළේ ඔබ සැවොමය” කීවේය.
ඔබට එය තේරුණාද?
යක්ෂයා කිසිවක් නොකරන නමුත් නපුරු චේතනා බවට හැරී අන් අයට හානියක් කිරීමට ඔබ තුළ ඇති හැකියාව අවුලුවාලමින් ඔබව අවදි කරයි.
පළිගැනීමට, ප්‍රතිචාර දැක්වීමට, වාර්තා කිරීමට, තරවටු කිරීමට හෝ පළිගැනීමට පෙර ඊළඟ වතාවේ කෙටි විරාමයක් තබා සිතන්න.
ප්‍රවේශම්වෙන්න.
බොහෝ විට, යක්ෂයාට කළ යුතු එකම දෙය නම් බූරුවා අපෙන් නිදහස් කිරීමයි.
අද මේ වනවිටත් අපේ ජනමාධ්‍ය , සමාජ මාධ්‍ය සග දේශපාලනඥයින් අපේ මනසේ සිටින බූරුවා නිදහස් කරමින් සිටී.
ඔවුන්ගේ උත්තේජනයෙන් ජීවිතයේ කිසි දිනෙක දැක නැති අයට පරුෂ වචනයෙන් බනිමින් අපි බූරුවා මෙන්ම හැසිරෙමින් සිටිමු. ක්‍රියාත්මක වන්නටපෙර නැවතත් සිතන්න.....

 

ඉෂාරා මධුවන්ති ගේ ෆේස්බුක් ගිණුමෙන් උපුටාගැනීමකි


A day in the life