notes of imaginary
සාර්ථකත්වය යනු ඔබ කැමති දේ ලබා ගැනීමයි. සතුට යනු ඔබට ලැබෙන දෙය රැක ගැනීමයි.
(වේදනාදි චෛතසික) ධර්මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් පහන් සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුව යෙයි. නොහැර කැටුව යන සෙවණැල්ල මෙනි.
ස්වභාවධර්මයේ පරිකල්පනය මිනිසාගේ පරිකල්පනයට වඩා බෙහෙවින් වැඩි ය, ඇය කිසි විටෙකත් අපට විවේකීව සිටීමට ඉඩ නොදේ.
නමුත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න, එවිට ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද ඔහු නපුරටද යහපත් අයටද තම හිරු උදා කරවනසේක.
"....එබැවින් මා වෙතින් ඔබට මගපෙන්වීම පැමිණෙන විට, කවුරුන් හෝ මාගේ මඟ පෙන්වීම අනුගමනය කරයිද, එවිට ඔවුන් කෙරෙහි කිසිඳු බියක් හෝ ශෝකයක් ඇති නොවේ." ආයට් 38.
notes of imaginaryවිචාරක ලියලා තිබුනා“ දාලා බලනවද - බලලා දානවද“ කියලා වියමනක්. විචාරකට ඕන වුනේ කමෙන්ට්ස් ගැන එයාගේ ප්‍රතිපත්තිය පල කරන්න.
මට මේ ලිපිය කියවන කොට මතක් වුනේ අපිට AL පන්තියේදී APPLIED සහ PHYSICS උගන්වපු අපේ සර්. එතුමාට තිබුනා “ දාලා අහක්ලා බලමු “ කියන පුරුද්දක්. ඔය සමීකරනයක් වගේ තැනකදී ආදේශයක් කරන කොට ආදේශය කරන්නේ “ අපි මේක දාල අහක්ලා බලමු “ කියලා. වැඩේ හරි ගියොත් ගොඩ. මාත් අනෙක්වා කොයික නැතිවුනත් ඒ විෂයයන් දෙකෙන් ගොඩ ගියා.
සර් ගැන මතක් වුනාම පංතියේදී උන දේවල් ගැන ලියන්න මතකය අවදි වෙනවා.
ඊට ඉස්සෙල්ලා විචාරකගේ කතාවට පොඩි ඌණ පූරණයක් කරන්න හිතුවා. නැත්නම් මේ වියමන දිග පලල අඩුවෙන හින්දා. පනින්නට පෙර සිතා බලන්න කියලා කතාවක් තියෙනවා . දාලා බැලිල්ලෙයි- බලලා දැමිල්ලෙයි හොද නොහොද සොයාගන්න මේ කතාවෙනුත් පොඩි තල්ලුවක් ගත්තොත් හොදයි කියලා මම හිතනවා. ගින්දර ගොඩක් තියෙනවා.මේකට අත දාන්න හිතෙනවා. විචාරකගේ තියරියේ හැටියට දාලා බැලුවොත් .................මොකද වෙන්නේ ?. පුච්ච ගන්න වෙනවා. එතනදී දාලා බැලිල්ල අනතුරුදායකයි. ගෙදර දොරේදී නම් දාලා බැලිල්ල ගුණදායකයි. ප්‍රතිචාර බලලා තමුන්ගේ වැඩේට බහින්න පුළුවන්.නැත්නම් වැඩේ අත්හරලා මොනවත් නූනා වගේ ඉන්න පුළුවන්. මෙතෙන්දී පනින්න පෙර සිතා බලන්න කියන එකටත් ගැලපෙනවා.
ඔය ප්‍රතිපත්ති සම්ප්‍රදාය කියන ජාති අවස්ථාවේ හැටියට වෙනස් කරලා ආයෙත් අළුතින් ප්‍රතිපත්ති සම්ප්‍රදායන් හදා ගන්න ඕනී. නැත්නම් ජීවිතේ පවත්වා ගෙන යන්න බැරිවෙනවා. අතර මගදී හිර වෙනවා. අපේ උත්තරීතර ලියවිල්ලත් ප්‍රතිපත්තියක්නේ !. මොකක්ද ඒකට වෙලා තියෙන්නේ ?.කරලා තියෙන සංශෝධන ගණන මතකත් නැහැ.මෙහෙ එහෙම උනාට ඇමරිකාවේ එහෙම නැහැ. කොටින්ම ලිඛිත ව්‍යවස්ථාවකුත් නැහැ කියලානේ කියන්නේ. ( ඔය ලිඛිත ව්‍යවස්ථාවක් නැත්තෙ ඇමරිකාවෙ නෙමෙයි එංගලන්තෙ. එංගලන්තෙ ව්‍ය්වස්ථාව කියන්නෙ ඔටුන්නෙ බලය සහ තවත් නීති පද්ධතියක එකතුවක්. අන්න ඒ නිසයි ලිඛිත ව්‍යවස්ථාවක් නෑ කියන්නෙ. - කමෙන්ට්ස් වලින් මේ නිවරදි කිරීම ආවේ. මම මේ වියමන edit කලත් මගේ වරද එහෙමම තියෙන්න අරිනවා.)
මම ආයෙත් මගේ AL පන්තියටම යනවා. ගිය මාසේ දවසක අපේ පන්තියේ හිටපු කෙල්ලෙක් ඒකිගේ මුළු පවුලත් එක්කම හමුවුනා. ඒකිගේ පුතා අපේ ගෙවල් ගාවයින් කසාදයක් කරගන්නව. පදිංචිය කොළඹ - කොල්ලාගේ කෙල්ල වෙඩින් එක ගන්නේ බෙලිහුල්ඔය තානායමේ. ඉතින් දුර ගෙවා ගෙන පාන්දරින්ම එන්න බැරි නිසා මතක් වුනා පංතියේ හිටපු “ ල‘යියාව “ ල‘යියට සිද්ධවුනා ඒකිගේ නව පරපුරටත් සහෝදර පරපුරටත් නවාතැන් පහසුකම් සලස්වන්න.
APPLIED සහ PHYSICS උගන්වපු අපේ සර් ආයෙත් මේ හමුවත් එක්ක මතක්වුනා.එදා අපි හිටියේ lab එකේ. පාඩම යන අතර විසේ ඇති මම පහන් දැලි ටිකක් ඇගිලි දෙකක උලා ගෙන මේ කෙල්ල ලගට පිටුපසින් ගිහින් කම්මුලට ලගින් ඇගිලි දෙක තියගෙන කතා කලා කෙල්ල මුහුණ පිටුපස්සට හැරෙව්වා. කම්මුලේ මගේ ඇගිලි දෙක වැදුනා. කෙල්ලගේ කම්මුලේ දැලි තැවරුනා. උන ඇබැද්දියට ප්‍රතිචාර දක්වන්න හිතා ගත්ත කෙල්ල අත්ල පුරා දැලි තවරා ගෙන ගිහින් තිබුන හදිස්සියට මම කියලා හිතගෙන සර්ගේ මූන පුරා දැලි තැවරුවා. මම බේරුනා.
සර්ගේ හොදකමට අපි දෙන්නම බේරුනා. දැන් කාලේ නම් ගෝලයෝ දෙන්නට නතර වෙන්න වෙන්නේ ගෙදර .
මේ හාදකම දාලා බැලිල්ලක් නෙමෙයි. බලලා දැමිල්ලකුත් නෙමෙයි.
එහෙම දාලා බලාපු තැන්වලින් පස්සේ කාලේ අත්දෙක පුළුස්සා ගන්න සිද්ධවුනා. බලලා දමන්න ගිය තැන් වල හිරවුනා.
විචාරකගේ මාතෟකාව උදුරා ගන මම දාලා බැළුවට අවුලක් වෙන එකක් නැහැනේ.
අර්නස්ට් හේකල්(Ernst Heinrich Philipp August Haeckel ) |
යොවුන් ආදරය වැඩිහිටි දෑසින් දකින්නේ විවිධාකාර කෝන තුලින් බොහෝ වැඩිහිටියන් තමන් ජීවිතයේ පසුකර ආ තරුන ගැටවර වියේ දුර තමන් ලද අත්දැකීම් දූ දරුවන්ගේ ආදර සම්බන්‍ධතා දකින විට ඒවාට ආදේශ කරගන්නේ විරෝධාත්මක හැගීම් මතු කරමින්. එක් වරම තම දූ දරුවන් කෙරෙහි තද බල විරෝධතාවයන් වාරනයන් වලට එළබීම බොහෝ දෙනා තුලින් මීදුම දකිනවා. තම අත්දෑකීම් ඇසුරු කරගෙන වාරණයන්ට විරෝ ධතාවයන් දක්වනවාට වඩා දූ දරුවන් සමග සාකච්ඡා කරන තැනකට යනවා නම් අපූරු බවයි මීදුම හිතන්නේ.අප තරුන විය පසුකල හැත්තෑව දශකයට වඩා ගෙවී ගිය දශක හතරක අතීත කාලය - වර්තමානය වන විට කාලය විසින් අපේ ජීවන වට පිටාව වෙනස් කරලා. ලිහිල් වෙලා. ඉතින් අපිට ඒ අතීතයේ ජීවත් වෙන්න බැහැ. අපි එදා බැද දමා තිබු තහංචි අද විහිළුවක් කෝළමක් ලෙස දකින දූදරුවන් සමගයි අද අපි ජීවත් වෙන්නේ. වැඩිහිටියන් අතර දියණියකට තියෙන වැට කඩොළු ඒ වැඩිහිටියන් අතර පුතනුවකට ඇත්තේ නැහැ. මේ වෙනස දෙමව්පියන්ගේ ආත්මාර්ථකාමී හැගීමක් වගෙයි කියලයි මීදුම දකින්නේ.අද තරුන වියේ දරුවන්ගෙන් වැඩි පිරිසක් ආදරය ප්‍රේමය විවාහයම ඉලක්ක කරගත්ත ඉමක් සදහා තෝරා ගත් මාවතක ගමන් කරනවා කියලා නිශ්චිත කරන්න අපහසුයි. විවාහ වන විට ඔවුන් ප්‍රථම ප්‍රේමයන් ගණනාවක් පසුකර විවාහය ප්‍රථම ප්‍රේමය බවට පත් කරගන්නවා යයි මීදුම හිතනවා. අහිමිවු ප්‍රේමය ගැන සිත සිතා හඩා වැලපෙනවාට වඩා තමන්ට ප්‍රේමකරන ආදරය කරන කෙනෙක් සොයා යාම වැදගත් බව බොහෝ දෙනා තේරුම් අරන් ඇති බවයි මීදුම සිතන්නේ. මේ දියුණු මානසික තත්වයක්ද විය හැකියි. මීදුම අනුමානය කරනවා.මීදුම තම අත්දැකීම් වර්තමානය වන විට විග්‍රහ කරන්නේ අහිමිවු ආදරයට හඩා වැලපීම නිශ්පල ප්‍රයත්නයක් ලෙසටයි. ඒ අත්දැකීම් මත සිට ගෙන අතීත කතා දකින්නේවියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අබිමන්
හැඞූ දා කඳුළයි දකින්නේ
සිනාවේ සරදම්....ඉවුරු දෑලේ හිඳ බැලූ විට
ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම
බිහිසුණුයි චන්ඩයි....හඳක් නැතිදා අහස් තලයට
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්....
එළ හරකයි - මී හරකයි. |
Dr Ramesh Nuwan Wijewardene නිමේෂ තිවංකර සෙනෙවිපාල විසින් රචිත පර්යේෂන වාර්තා ඇසුරින්.. උඩරට පළාත්වල බණ්ඩාර ලා බෙහෙවින් සුලබ ය. බණ්ඩාර යන්න...
මම ජීවිතය සැදෑසමයේ.
සැදෑ සමය මට හිතෙන්නෙ කන්දක් උඩට නැග්ගා වගෙයි.
කන්ද මුුදුුනට ගියාම තමයි පේන්නේ අවට දසුන්.
සුන්දර මෙන්ම අසුන්දර දේ මේ අතර තියෙනවා.
ඒ වගේ ජීවිතයේ කදු මුදුනේ ඉන්න මට මේ සියල්ල සිහිපත් වෙනවා ඒ් මතකයන් කලින් කල විදවන්නේ විවිධාකාරයෙන්
අපි බලමු........ වියමන් තුල ඒවා දියවෙන්න පුළුවන් සමහර විට .
මීදුම...... ඉර පායනවත් එක්කම නැතිවෙලා යන තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙන මීදුම ඝණ වෙලා දිය වෙලා කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා. තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා . සිතුවිලිත් ඒ වගෙයි. ඇති වෙලා නැතිවෙලා යනවා. මේ දේවල් බෙදා හදාගන්න
මීදුම... යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා. තෝරා බේරාගෙන පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එනවා. වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත් මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මීදුමත් සමග මුසු වෙන්න පුළුවන්.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි කියලා .
මම හිතනවා
!doctype>දළ ඇතෙක් වගෙ බරට අඩිය තියලා ගියපු කිතුල් ගහ මුදුනටම අසුරු සැණෙකින් නැගපු ගංගොඩේ ඇවිදලා කිතුල් මල්වර කරපු බණ්ඩාර මාමගේ රැහැන් කැපුවේ කවුරු .
කොහාටත් කලින් නෑ ගමන් ඇවිදින් පුරුදු හකුරු පැණි ගෙනැත් දී අවුරුද්ද සරු කරපු මගුලටත් මරණෙටත් එකවාගෙ දුව පැනපු බණ්ඩාර මාමාට කවුද හිටියේ සතුරු .
නගින්නට පෙර කිතුල් ගහට තෙවරක් වැඳපු පෙණ දමන රා මුට්ටියේ කුහුඹුවන් හැරපු කමලාගෙ දර මඩුව අඩු නැතුව පුරවාපු හීලෑ කරන් ඇය ඉඟ නෙරියෙ රැළි බිඳපු .
වාරු නැති කොඳු ඇටය මැදින් පුපුරා ගියපු ගෙදර අය නාඳුනන “සද්දන්තයා” හිටපු “මළා නම් හොඳයි” උන් දුක දරාගෙන කියපු කිතුල බාගෙට කැපූ හෙළයි කඳුළක් උණපු .
රෝ.සි.
2024.09 .02.මීදුම.
බණ්ඩාර මාමා පොදු චරිතයක් කියලා මට හිතෙනවා. මෙහේ හිටියා හීන්මුදියන්සේ කියලා වැඩිහිටියෙක්. එයත් කිතුල් මල් කපනවා. බණ්ඩාර මාමාගේ චරිතයමයි.
එයා ලගට යන ඔක්කොට රහමෙර නෑ නොකියා දෙනවා. ඒ හින්දා නමක් පට බැදිලා තිබුනා පච්ච තන්නි කියලා. දෙමළ බසින් සිංහලට ඇල් වතුර.
කමලාගේ නම මෙහේදී වෙනස්. දරු පවුල් දෙකක් හිටියා. වරපට බිදී මෙතුමත් කිතුලෙන් බිමට වැටිලා කොදු ඇට පෙලට හාණි වෙලා එක්තැන් වුනා ඔහු දිවියෙන් සමුුුගන්නා තුරු සැලකුම් ලැබුුවේ ඉග නෙරිය බිදු කුලවමිය
..ඒ පද වැල මට සම්පාත වුුන හැටි . කිතුල් පැණිවගේ මිහිරක් තියෙන පද රචනයක් රහයි.