ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත. සිතිවිලි සහ ආවේග වලට තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . ඒවායින් මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2025-04-30

ගොබෙල්ස් න්‍යාය




දේශපාලන වේදිකාවල, ගුවන්විදුළියේ, රූපවාහිනියේ විතරක් නෙමෙයි සමාජමාධ්‍යවලත් නිතර ඇසෙන වචනයක් තමයි මේ "ගොබෙල්ස් න්‍යාය" කියලා කියන්නේ. නිතර ඇහුනත් කිහිප දෙනෙක් ඇරෙන්න ගොඩක් අය නොදන්න දෙයක් තමයි මේ කියන ගොබෙල්ස් න්‍යාය. ඉතින්, දේශපාලකයන්ගේ කතා වලට නිතර නිතර රැවටෙන එක නතරකරගන්න අවශ්‍යම මේ ගොබෙල්ස් න්‍යාය කියන්නේ මොකක්ද? 
ගොබෙල්ස් න්‍යාය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? විතරක් නෙමෙයි කවුද මේ කියන ගොබෙල්ස්? කියන එකත් පිළිබදව යම් අදහසක් මගේ ලිපි කියවන පාඨකයන්ට ලබාදෙන්න ඕනේ කියලා හිතුවා. 
අපි මුලින්ම බලමු කවුද මේ ගොබෙල්ස් කියන්නේ කියලා. 
පෝල් ජෝසප් ගොබෙල්ස් 1897 වසරේ ඔක්තෝම්බර් මස 29 ජර්මනියේදී උපත ලබනවා. ෆෙඩ්රික් ගොබෙල්ස් සහ කතිරිනා මරියාට දාව දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැනි දරුවා වශයෙන් තමයි ජෝසප් ගොබෙල්ස් උපත ලබන්නේ. හයිඩෙල්බර්ග් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබන ජෝසප් ගොබෙල්ස් සාහිත්‍ය, නාට්‍ය සහ පුවත්පත් කලාව පිළිබඳ ව ශාස්ත්‍රීය දැණුමකින් පිරුණු පුද්ගලයෙක්. විශ්වවිද්‍යාල සමය තුළ දී ක්‍රියාකාරී දේශපාලන අදහස්වලින් සමන්විත වූ පුද්ගලයෙක් වශයෙන් ගොබෙල්ස්ව හදුනාගන්න පුළුවන්. ඒ වගේම ප්‍රබල සන්නිවේදන කුසලතාව නිසා ගොබෙල්ස් සමකාලීනයක් අතර කැපී පෙනුනා. දක්ෂ කථිකයෙක් මෙන් ම සඟරා කර්තෘවරයෙක් වශයෙන් සිය මාධ්‍ය භාවිතාවේ නියැළීමට ගොබෙල්ස් සමත් වුනා. ඇඩෝල්ෆ් හිට්ලර් විසින් ජර්මනියේ පාලන බලය ලබාගැනීමත් එක්කම ප්‍රචාරණ යාන්ත්‍රණය හැසිරවීම ගොබෙල්ස් විසින් සිදු කළා. ගොබෙල්ස් විසින් හිට්ලර්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට ගැලපෙන ආකාරයෙන් ජර්මනිය තුළ පුවත්පත, සිනමාව, සාහිත්‍ය, සංගීතය සහ ලලිත කලාවන් හැසිරෙව්වා. ගොබෙල්ස් ඇඩොල්ෆ් හිට්ලර්ගේ පාලන සමය තුල ප්‍රචාරණ අමතිවරයා ලෙස කටයුතු කළා. 
හිට්ලර් විසින් තම මැතිවරණ ව්‍යාපාර ඇතුළු රජයේ සියලු ප්‍රචාරාත්මක කටයුතු දැඩි විශ්වාසයකින් යුතුව ආචාර්ය ගොබෙල්ස්ට  පැවරුවා වගේ ම ගොබෙල්ස් ඒවා අකුරටම ඉෂ්ඨ කළා. 1932 අප්‍රේල් මාසයේ පැවැත් වූ ජනාධිපතිවරණයේදී ගොබෙල්ස්ගේ න්‍යායාත්මක ප්‍රචාරණය නොතිබ්බා නම් ජර්මනියේ නායක ඇඩොල්ෆ් හිට්ලර්ට අන්ත පරාජයක් ලැබීමට ඉඩ තිබුණු බව කියවෙනවා. එහෙම වුණා නම් ලක්ෂ සංඛ්‍යාත යුදෙව්වන් ප්‍රමාණයක් තවමත් ජීවතුන් අතර. ඊශ්‍රායලය කියලා රටකුත් නැතිවෙන්න තිබුණා. ගොබෙල්ස් තම නායකයාට ජීවිත පරිත්‍යාගයෙන් අවංකව, සෘජුව සිටි එකම මිතුරා කියලත් කියනවා. ගොබෙල්ස්ගේ ආකර්ෂණීය සංවිධානාත්මක ශක්තිය, විශ්මයජනක කූඨ බුද්ධිය හා ආවේගශීලී චතුර කථිකත්වයට කොයිතරම් හිට්ලර් ආකර්ෂණීය වුණා ද කිව්වොත් හිට්ලර් ආචාර්ය ගොබෙල්ස්ට දැක්වූයේ දැඩි ගෞරවයක්. 
දෙවෙනි ලෝක යුද්ධයේ අවසානය ළං වෙද්දී ම ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ පෙම්වතිය ඊවා බ්‍රෝන් සියදිවි නසා ගන්නවානේ. ඊටපස්සෙ හිට්ලර්ගේ සහ ඊවා බ්‍රෝන්ගේ මළ සිරුරු රුසියන් ෂෙල් වෙඩිවලින් හෑරුණු වළක තැන්පත් කරලා පෙට්‍රල් දාලා පුළුස්සලා තියෙන්නෙත් ගොබෙල්ස් විසින්ම තමයි. 
1945 මැයි 01 දා ඔහුගේ දරුපැටවුන්ට විෂ එන්නත් කරලා බිරිඳටත් වෙඩි තියලා ගොබෙල්ස් තමන් ම වෙඩි තියාගන්නවා, තවදුරටත් නායකයාට සිය සේවය ලබාදීමට නොහැකි වන නිසා සතුරන්ට සේවය කරනවාට වඩා සිය බිරිය සමග දරු පැටව් හය දෙනාත් එක්ක සිය නායකයාගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර අබියසම මියැදීම වඩාත් සුවදායකයි කියලා හිතලා. ඉතින් හිතාගන්න පුළුවන්නේ ඔහු නායකයා වෙත දැක්වූ පකෂපාතීත්වය. 
මේ කතාව කිව්වේ ගොබෙල්ස් න්‍යාය කිව්වට ඒ නම ලැබුනේ කොහොමද කියන එකට පොඩි පැහැදිළිකිරීමක් කරන්න. 
අපි බලමු මොකද්ද මේ ගොබෙල්ස් න්‍යාය කියන්නේ කියලා. 
ගොබෙල්ස් න්‍යායන් කිහිපයක් තියනවා. නමුත් ලෝකය පුරා ප්‍රසිද්ධව ඇති ගොබෙල්ස් න්‍යයේ සිද්ධාන්තය වනුයේ "ඕනෑම බොරුවක් දිගින් දිගටම ඇසීමට සැලැස්වීම තුලින් අසන්නාට එය සත්‍යයක් ලෙස හැඟී යාමට ඉඩ ප්‍රස්ථාව සැලසීමයි." 
සාමාන්‍යයෙන් මේ ක්‍රමයේදී එකම බොරුව නිතර නිතර විවිධ පුද්ගලයන් විසින් විශේෂයෙන්ම දේශපාලකයන් සමාජයේ පිළිගත් පුද්ගලයන් මෙන්ම පූජ්‍ය පක්ෂය ආදී විවිධ පාර්ශව ලවා කියවීම සිදුකරනවා. වර්ථමානය වෙනකොට මුද්‍රිත විද්‍යුත් මාධ්‍ය විතරක් නෙමෙයි සමාජමාධ්‍ය හරහාත් මේ ආකාරයෙන් බොරු සමාජගත කිරීම සිදුවෙනවා. මෙහිදී සාමාන්‍ය ජනතාව මුල් අවස්ථාවේ නැතත් දෙවන තෙවන අවස්ථාවන්වල නැතත් කිහිප අවස්ථාවක් එකම කාරනාව ඇසීමෙන් පස්සේ ඒ කාරනාව විශ්වාස කරන්න පෙළඹෙනවා. පස්සේ කාලයක සත්‍ය හෙළි උනත් බොරුව ඔවුන්ගේ මනසෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්නේ නෑ. 
එහෙම වෙන්න නම් සත්‍ය වෙනුවෙනුත් ඒ ආකාරයෙන්ම ප්‍රචාරණයක් ලබාදිය යුතුයි. ඒක ප්‍රායෝගික නැති නිසා බොහෝ වෙලාවට සාමාන්‍ය ජනතාව බොරුව සත්‍යක් බවට හිතාගෙන ජීවත් වෙනවා. ඔහු සමහර වෙලාවට ජීවිත කාලය තුලම සත්‍ය දකින්නේවත් පිළිගන්නේවත් නෑ. 
එක් අවස්ථාවක මාධ්‍ය භාවිතය තුලින්, ජර්මනිය යනු ලොව ජීවත් වීමට සුදුසුම රට ලෙස ලොව පුරා ප්‍රචාරයක් ව්‍යාප්ත කිරීමට ගොබෙල්ස් සමත් උනා. ඒ බොරුව කෙතෙක් දුරට ලෝකයා ගිලගත්තද කියනවනම්, ඇමරිකාවේ ටයිම්ස් සඟරාව විසින් 1938 දී ලොව හොඳම මිනිසාට හිමි සම්මානයත් හිට්ලර් ට ලබාදුන්නා. 
ඉතින් හිතාගන්න පුළුවන්නේ ගොබෙල්ස් න්‍යායේ ප්‍රභලත්වය?
ඉහත පැහැදිළි කරපු න්‍යායට අමතරව "බොරුව හිතන්නවත් බැරි තරමටම විශාල වූ විට එය සත්‍යය යයි ඔප්පු කිරීම පහසුය. ඊට හේතුව විශාල බොරුවක් ප්‍රචාරය කිරීමට කවුරුත් උත්සහ නොකරන නිසා එය ඇත්ත විය යුතුයි කියලා මිනිස්සු විශ්වාස කිරීමට පෙළඹීමයි." කියලා ගොබෙල්ස්ගේ තවත් උප න්‍යායක් තිබෙනවා.
මේකේදී බොරුව නිතර නිතර කියනවා වගේම එහෙම කියන්නේ පොඩි බොරු නෙමෙයි. ඒ බොරුව ප්‍රමාණයෙනුත් සංකීර්ණත්වයෙනුත් මූල්‍ය වටිනාකමෙනුත් අති විශාලයි. එහි පාර්ශවයනුත් සමාජයේ පොඩි පුද්ගලයන් නෙමෙයි. කුමන හෝ ආකාරයකින් සමාජයේ යම් පිළිගැනීමක් ඇති පුද්ගලයන් ඒ බොරුවට ඈදාගන්නවා. කළාකරුවෙක්, දේශපාලකයෙක්, ක්‍රීඩකයෙක්, ව්‍යාපාරිකයෙක්, පූජ්‍ය පක්ෂය වගේම රාජ්‍ය නිලධාරියෙකු වගේ විවිධ ක්ශේත්‍රවල අය වෙන්න පුළුවන්. මෙසේ කියන බොරු මිනිසෙකුට කිසි සේත්ම විශ්වාස කළ නොහැකි ආකාරයේ ඒවා. වගේම සාමාන්‍ය මනුස්සයෙකුට හිතාගන්න බැරි ලොකු මූල්‍ය අගයන්. පට්ට ලොකු බොරු. 
ඉතින් මේ වගේ කාලයක් කියද්දී මිනිසුන් ඉබේම මේවා පිළිගන්න පෙළඹෙනවා කියලා ගොබෙල්ස් හොයාගත්තා. වගේම ඒක ප්‍රායෝගිකව සාර්ථක උනා. ශ්‍රී ලංකාවෙත් ඔය කියන ගොබෙල්ස් න්‍යාය දේශපාලනයේදී වැඩි වශයෙන් භාවිතා වෙනවා.
ඒ ආකාරයෙන් අපිට පහුගිය කාලයේ අහන්න ලැබුනු බොරු, බොරු කියලා ඔප්පුවෙලා තිබුනත් බොරු කියපු අයම ඒක පිළිඅරගෙන තිබුනත් සමාජය පිළිගන්නේ නෑ.
මේක කාවවත් සුද්ද කරන්න කියපු කතාවක් නෙමෙයි. නමුත් මේ බොරු වැපිරීම නිසා සාමාන්‍ය සමාජයට අද බොරුව ඇත්ත වෙන්කරලා හදුනගන්න බැරිවෙලා. 
මේ ගොබෙල්ස් න්‍යාය ප්‍රධාන වශයෙන් දේශපාලනයේදී මෙන්ම විවිධ කටයුතු වලට වර්ථමානයේත් යොදාගන්නවා. ඒ කවුද? වැඩියෙන්ම ගොබෙල්ස් න්‍යාය භාවිතා කරන්නේ කියන එක තේරුම්ගන්න ඔබට බාරයි. දේශපාලකයෝ බොරු කියන එක අපිට නතර කරන්න බෑ. හැබැයි රැවටෙන එක අපිට නතර කරන්න පුළුවන්. ඒ මේවගේ කාරණා පිළිබදව දැණුවත් වීමෙන් වගේම සෑම දෙයක් පිළිබදව තර්කානුකූලව සිතීමෙන්. 
තාරුක ෆොන්සේකා.
A day in the life

2025-04-29

අප විවාහ වී අවුරුදු පනහයි .





මහාචාර්ය නලින් ද සිල්වා  මැතිතුමා 2021 අප්රේල් 26 වෙනිදා මුණු පොතට යොමු කල ලිපියක්. 
එතුමන් ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. 💗💗💗


අප විවාහ වී අවුරුදු පනහයි .

අද 2021 අප්‍රේල් විසිහයවැනි දා. අදට අප විවාහ වී අවුරුදු පනහක් පිරෙනවා. එය ඔබට වැදගත් වෙන එකක් නැහැ. ඉතින් අපට මොකෝ කියා අහන්නත් පුළුවන්. මෙය අතීතාවර්ජනයක කොටසක් පමණයි. අපේ විවාහය ගැන මට ඇත්තේ සතුටක් මෙන් ම දුකක්. සතුට මට ඉතා හොඳ භාර්යාවක් ලැබීම ගැන. දුක ඇයට හොඳ සැමියකු නොලැබීම ගැන. අවුරුදු පනහකට පෙර අපට මස්තකප්‍රාප්ත වෙන්න පෝරුවක් තිබුණේ නැහැ. අෂ්ටක කියන්න දැරියන් හිටියේ නැහැ. ඡායාරූප ශිල්පීන් නොහිටි එක නම් හොඳයි. විවාහයට සහභාගි වූයේ පස්දෙනයි. අප දෙදෙනාත් සාක්‍ෂිකරුවන් දෙදෙනාත් ලේකම්වරයාත් පමණයි. ඒ කොවිඩ් නිසා නො වෙයි. අප විවාහ වූයේ මහනුවර කච්චේරියේ.

එය ජ වි පෙ කලබල නිසා සිදු වූ විවාහයක්. 1971 අප්‍රේල් පස්වැනි දා විශ්වවිද්‍යාලය වසා දැම්මා. සිසුවියක වූ ඇය ගෙදර ගියා. අපත් බොහොම අමාරුවෙන් ගෙදර ගියා. නුවර සිට පාණදුරේට ගියේ කුරුණෑගල හරහා. පාලම් බෝක්කු කඩා දමා තිබුණා. අවුරුද්දෙන් පසු ටික දිනකින් නැවත පේරාදෙණියට ආවා. විශ්වවිද්‍යාලයේ ලස්සන හැමදාම හැමට එක විධියට පේන්නෙ නැහැ. ඒ වසන්තය. සරසවි උයනේ මල් පිපිල තියෙන්න ඇති. ඒත් මා ඒ දැක්කෙ නැහැ. ඒ ජ වි පෙ ඊනියා විප්ලවය නිසා නොවෙයි. ජ වි පෙ ක්‍රියාකාරකම් නිසා සිදු වූ එක ම සාර්ථක විප්ලවය අපේ විවාහය වෙන්න ඇති.
 
ඇය අන් සියල්ල අත්හැර මා සමග පැමිණියේ ඇයි. යම් පිරිමියකු හරි ගැහැණියක හරි වෙනත් ගැහැණියක හරි පිරිමියකු හරි වෙනුවෙන් අන් සියල්ල අත්හරින්න සූදානම් ඇයි? මෙය කිසි දා තේරුම් ගැනීමට බැරි දෙයක්. දැනෙන යමක් තේරුම් ගන්නවා කියන්නේ අඩු තරමෙන් මනසට හරි දැනෙන වෙනත් දේකින් ඒ විස්තර කිරීම. කළු කුහර මහා පිපිරුම තේරුම් ගන්න පුළුවන්. එහෙත් ප්‍රේමය එහෙම තේරුම් ගන්න බැහැ. කිසි දිනෙක තේරුම් ගන්න බැහැ. ඒ වෙනුවෙන් කවි ගීත කතා කොතරම් ලියැවුණත් එය සම්පූර්ණ වන්නේ නැහැ. වැඩියෙන් ම කවි ලියැවෙන්නෙ ගීත ලියැවෙන්නෙ ප්‍රේමය වෙනුවෙන්. ඒ එහි ඉවරයක් නැති නිසා. තේරුම් ගන්න බැරි නිසා. අනාගත ගීත රචකයන්ටත් වැඩ තියේවි. විරහවත් ප්‍රේමයේ ම කොටසක්. කොවිඩ් 19 ප්‍රේමය වගේ වෙන්න බැහැ. කවුරුන් හරි බොරුවක් ගොතාවි.
 
කාට හරි කියන්න පුළුවන් මේ සංසාරගත බැඳීමක් කියා. සමහරුනට එය එහෙම වෙනවා ඇති. මා සම්බන්ධයෙන් එහෙම කියන්න බැහැ. එක් භවයක හරි මගේ භාර්යාව වෙලා සිටිය අයකු සසර වසන තුරු නැවත මගේ භාර්යාව වීමට පතන එකක් නැහැ. ඒත් සත්වයකුගේ භව සංඛ්‍යාවට වඩා සත්ව සංඛ්‍යාව දෙගුණයකට වඩා විශාල වන්න පුළුවන්. ඒ මට සුද්දන් පුරුදු කළ විධියට හිතන්න ගිහින් කියැවෙන කතන්දර. ගණන් ගන්න එපා.
 
සිංහබාහු නාට්‍යයේ සුප්පා දේවි මෙහෙම කියනවා. අපොයි මා පඬියකු නොවෙයි. මෙය මතකයෙන් ලියන්නක් නොවෙයි. 
මිතුරන්ගේ උදවුවෙන් පොත බලාගෙන ලියැවෙන්නක්.
 
අසිරිමත් වු දේකි මෙලොව ප්‍රේමය නමිනා
වැනූ පොරණ කිවිඳුන් සොඳ රස මුසු බසිනා
සියලු භෝග වස්තු ඉසුරු හරිති නෙක් දනෝ
සව් සැප දෙන සිතුමිණ වන් ප්‍රේමය සන්දා
 
අපට සුප්පා දේවිට තරම් භෝග වස්තු ඉසුරු තිබුණේ නැහැ. ඒත් අප අන් සියල්ල අත්හැරියා. එය එසේ සිදු වූයේ ඇයි? මා දන්නේ නැහැ. මා විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරුව ආපසු පැමිණියේ 1970 සැප්තැම්බරයේ පමණ. ඇය ඒ වසරේ ම ඔක්තෝම්බරයේ තෙවැනි වසර සිසුවියක ලෙස විශ්වවිද්‍යාලයට නැවත පැමිණියා. 1968 අවසාන කාර්තුවේ, එනම් විශ්වවිද්‍යාලයේ අදාළ අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ ඇය පළමු වසරේ සිසූුවියක වුණත් මා සහකාර කථිකාචාර්යවරයකු වුවත් මා ඇය දැක තිබුණේ නැහැ. සමහර විට පේන්න ඇති. ඒත් දැක්කේ නැහැ. 1970 වන විට තත්වය වෙනස්. ඇය ගණිතය විශේෂ උපාධිය හදාරමින් සිටියා. අපේ නෙත් ගැටීම වළක්වන්න විධියක් තිබුණේ නැහැ.
 
මිට අවුරුදු හැත්තෑවකට පමණ පෙර අපි අනුරාධපුරයේ වන්දනා ගමනක් ගියා. බරකරත්තයෙන් නොවෙයි. හාමුදුරුවරු කිහිප නමක් ද අප සමග වැඩියා. තුන් සරණය කියමින් ඒ ගිය වන්දනා ගමන අද යන ට්‍රිප්වලට වඩා වෙනස්. අනුරාධපුරයේ විශ්‍රාම ශාලාවේ (මතක හැටියට දුටුගැමුණු) ඉන්න අතර එක් හාමුදුරු නමකට මගේ අත බලන්න ඕන වුණා. ඒ දිනවල බොහෝ දෙනා සිතා සිටියේ මා දක්‍ෂයකු කියා. ඉතා මෑත කාලයෙහි ජාතික කඳවුරේ හාමුදුරුවරු තුන් හතර නමක් හැරෙන්න අනෙක් හාමුදුරුවරුත් ගුණදාස අමරසේකර ප්‍රමුඛ නායකයනුත් විජාතික කඳවුරේ කාලෝ ෆොන්සේකා වැන්නවුණුත් ඒ මතය බිඳ දමා තියෙනවා.
වීමට බැරි ව ආපසු පැමිණියත් සසෙක්ස් විශ්වවිද්‍යාලයේ මගේ උපදේශක වූ මහාචාර්ය බිල් මැක්රේත් සිතා සිටියේ මා දක්‍ෂයකු කියා. ඔහු මට ආපසු ඒමට පෙර ලිපියක් දුන්නා. එහි කියා තිබුණා ඔබේ රට ඔබ ගැන ආඩම්බර වේවි (your country will be proud of you) කියා. එහෙත් එය එසේ සිදු වූයේ නැහැ. අමරසේකර කාලෝ වැන්නවුන් මගේ අදක්‍ෂකම දැක්කා. මගේ රටට මා ගැන ඇත්තේ අවිශ්වාසයක්.
 
මහාචාර්ය මැක්රේ මගේ වැඩ බලා කී අනාවැකිය සඵල නොවූවත් අර හාමුදුරුවන් මගේ අත බලා කී අනාවැකියක් සියයට සියයක් හරි ගියා. උන්වහන්සේ මගේ ජීවන රේඛාවට සමාන්තර ව ඇති රේඛාවක් අනුව සඳහන් කෙළේ මට හොඳ භාර්යාවක් ලැබෙන බවයි. ඒ සමග උන්වහන්සේ ප්‍රකාශ කළා ඔය ළමයට දැන් ම ඕව තේරෙන්නෙ නැහැ කියාත්. මට පසුව එය හොඳ හැටි තේරුණා. ඒත් අවාසනාව මගේ භාර්යාවගේ අතේ එවැනි රේඛාවක් නොතිබීම.
 
ඇය කොත්මලේ. මා හා ගැමුණු කුමරු අතර සමාන කමක් තියෙනවා. අප දෙදෙනාම පෙළවහක් කරගෙන ඇත්තේ කොත්මලෙන්. සංසන්දනය එතැනින් අවසන්.
මාත් ඇයත් අහසට පොළොව වගෙයි. අහස කවුද පොළොව කවුද කියල ගීී රචකයකුගෙන් අහන්න ඕන. ඒ කුමක් වුවත් අපේ දරුවන් නම් කරල තියෙන්නෙ ආකාශ වස්තු නමින්. ඇය ඉතාමත් කාරුණිකයි. ඇය දක්‍ෂ ගුරුවරියක් බව මා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටිි අයගෙන් අසා තිබෙනවා. එමෙන් ම සිසුන්ට කාරුණික ව මග පෙන්වූ බවත් අවශ්‍ය ප්‍රමාණයට සිසුන්ට තේරුම් ගැනීමට හැකි අයුරින් ඉගැන් වූ බවත් ඇගෙන් ඉගෙන ගත් සිසුන්ගේ මා හඳුනන දෙමවුපියන් කියා තියෙනවා.
 
එහෙත් මා සිසුන්ට ඉගැන්වූයේ නැහැ. මා ඔවුන්ට කතන්දර කිවුවා පමණයි. ජී එල් එයට කිවුවේ ජාතික චින්තනය ඉගැන්වීම කියා. ඔහු හා ඔහුගේ පිරිස මා කොළඹින් අස්කිරීමට සැලසුම් සහගත ව ක්‍රියා කළා. මා අස්කිරීමෙන් පසුව ඇතැම් සිසුන් රෑ එකට දෙකට දුරකතනයෙන් කතා කර මට කුණුහරුපයෙන් බැණ වැදුනා. ඔවුන් මගෙන් හොඳවයින් දෙකක් අහගත්තා.
 
සිංහයා අඩු තරමෙන් සුප්පා දේවිට හා දරුවන්ට කන්න අඳින්න දෙන්න ඇති. ගල් ලෙනක් ඉදි කරන්න ඇති. දරුවන් ගල් ලෙනේ කොටු කරන්න ඇති. මා ඒ එකක්වත් කර නැහැ. විවාහ වන අවධියේ මා ලංකා සමසමාජ පක්‍ෂයේ මහනුවර දිස්ත්‍රික් ලේකම්. මා අතින් ගෙදර වැඩ අතපසු වුණා. එකල වතු කම්කරුවන් ඇතුළු ඊනියා කම්කරු පංතියක් ගැන මගේ ද බලාපොරොත්තුවක් තිබුණා.
 
ලොකු පුතා ඉපදී වසරක් ගත වන විට බිරිඳට ඕස්ත්‍රේලියාවේ මොනැෂ් විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලැබුණා. ඇය ඉතාමත් ධෛර්යවන්තයි. ආත්ම විශ්වාසයෙන් යුක්තයි. ඇය පුතාත් කැටුව මොනෑෂ් විශ්වවිද්‍යාලයට ගියා. මට යෑමට ලැබුණේ ඉන් මසකට පමණ පසුව. මට පේරාදෙණියෙන් නිවාඩු ලබා ගැනීමට නොහැකි වුණා. මා අස් වී ගියේ නැවත විශ්වවිද්‍යාලයට පැමිණීමට බලාපොරොත්තු වන බව අස්වීමේ ලිපියේ සඳහන් කිරීමෙන් පසුව.
 
ඕස්ත්‍රේලියාවේ දී මට ස්වින්බර්න් විශ්වවිද්‍යාලයෙහි රැකියාවක් ලැබුණා. ඒහෙත් අවුරුද්දකින් පමණ පසුව මා දරුණු මෝටර් රිය අනතුරකට ගොදුරු වුණා. අවුරුදු දෙකහමාරක් පමණ වයසැති පුතාත් බිරියත් වාහනයේ සිටි මුත් දෙයියන්නෙ පිහිටෙන් ඔවුන්ට කිසිවක් සිදු වුණේ නැහැ. එහෙත් මට ඩැංඩිනොන් රෝහලේ මාස තුනක් පමණ ඉන්න සිදු වුණේ දකුණු ඉල ඇටය බිඳී යෑම නිසා. රෝහලේ සිටි සෑම දිනක ම බිරිය පුතා අර කුඩා කරත්තයේ දමා ගෙන බසයේ රෝහලට පැමිණියා. ඇගේ අධ්‍යයන කටයුතු අඩාල වුණා. සුව වී ගෙදර ගොස් ටික දිනකින් ඇය ආචාර්ය උපාධිය පැත්තකට දමා විද්‍යාපති උපාධියක් සමග 1977 අවසන් කාර්තුවේ ලංකාවට අපත් සමග ගියා. ඇය විශ්වවිද්‍යාලයේ රැකියාවේ ස්ථිර වුණා.
 
එහෙත් මට රැකියාවක් ලැබුණේ නැහැ. 
පීඨාධිපති තීරණය කර තිබුණා මා විප්ලවවාදියකු බව. ඒ කාලයේ මා නව සමසමාජ පක්‍ෂයේ. ජේ ආර්ගේ ව්‍යවස්ථාවට විරුද්ධ ව අප 1978 පෙබරවාරි හතරවැනි දා කළුකොඩි දැම්මා. වික්‍රමබාහුට රැකියාව අහිමි වුණා. මට රැකියාවක් ලැබුණේ නැහැ. පුතා රැක බලා ගැනීමත් මට කන්න අඳින්න දීමත් බිරියට බැරි වුණා. අවුරුදු දෙකක් ඇවෑමෙන් මට කොළඹ රැකියාවක් ලැබුණා. අප ලොකු පුතාත් පසුව දෙවැනි පුතාත් රාජකීය විදහලට ඇතුල් කළා. ලොකු පුතා රාජකීය විදුහලට ඇතුල් කිරීම සඳහා ඉල්ලුම්පත යැවුවේ නුවර ලිපිනයකින් ඒ එකල පදිංචිය නුවර වටපුළුවේ වූ නිසා. මා අදත් කියනවා රාජකීය විදුහල මට හැමදාමත් හොඳින් සලකා තියෙනවා. නුවර ලිපිනයකින් පුතා පාසලට ඇතුල් කිරීමට සැමට හැකි වන්නේ නැහැ. අදාළ පරීක්‍ෂණයේ දී මගෙන් ඇසුවේ එක ම එක ප්‍රශ්නයයි. පුතා පාසල් එවන්නේ කොහේ සිට ද? පුතා පාසල් යැවුවේ පාණදුරේ මහගෙදර සිට. මාත් පුතාත් සිකුරාදා සවස මාතලේ ගියා. බිරිය හිටියේ ඇගේ මහ ගෙදර දෙවැනි පුතා කුස දරාගෙන.
 
ඇය නොබෝ කලකින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට මාරුවක් ලබා ගත්තා. 1981 ජනවාරියේ අප මහරගම නිවසට පැමිණියා. දෙවැනි පුතා උපන්නේ 1980 දී. 1980 මාර්තු මස මා නව සමසමජ පක්‍ෂයෙන් අස්වුණා. සුවාදීනයන් අමතක කළාට ලොකු පුතා රාජකීය විදුහලට ඇතුල් කෙළේ මා නව සමසමාජ පක්‍ෂයේ සිටිය දී. ඒත් චින්තනය ගැන කතා කිරීමට 1983 පමණ පටන්ගත් පසු මා ඔහු අස්කර වෙනත් විදුහලකට ඇතුල් කෙළේ නැහැ. පළමු පංතියේ අනුකාරක අධ්‍යාපනයක් වෙනුවට තුන්වැනි පංතියේ අනුකාරක අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීමට මට වුවමනා වූයේ නැහැ.
 
කොළඹ අවුරුදු දොළහක් පමණ කතන්දර කීමෙන් පසුව මා අස්කෙරුණා. ජී එල් පීරිස් පී ඩබ් ඈපාසිංහ වී කේ සමරනායක එහි මූලිකත්වය ගත්තා. මට විරුද්ධ චෝදනා වූයේ වෙනත් ඇදුරන්ට බැණ වැදීම හා උසස් අධ්‍යාපන ඇමති හමීඩ් බොරු ප්‍රකාශ කළා යැයි කීම. ජී එල් පීරිස් එකල ප්‍රේමදාස පාක්‍ෂිකයෙක්. මට විරුද්ධ ව ගෘහස්ථ පරීක්‍ෂණය කිරීමට පත්කළ මණ්ඩලයේ සභාපති වූයේ හර්ෂ ද සිල්වාගේ පියා හැරිස් ද සිල්වා. මාස ගණනක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පවත්වන ලද ඊනියා පරීක්‍ෂණයකින් පසු මා අස්කෙරුණා. ඒ පරීක්‍ෂණයට කොපමණ මුදලක් වියදම් කළා ද කියන එක අදටත් රහසක්. වත්මන් අධ්‍යාපන ඇමති ජී එල් පීරිස් එ ගැන පරීක්‍ෂණයක් කරනවා ද?

මෙහි දී කිවයුතු කරුණු බොහෝමයක් තියෙනවා. පී ඩබ් ඈපාසිංහ විද්‍යොදය සමයේ සිට මහින්ද රාජපක්‍ෂගේ මිත්‍රයෙක්. ඔහුටත් සමරනායකටත් ප්‍රශ්න තිබුණා. ඒ දිනවල විද්‍යා පීඨ සිසුන්ගේ උද්ඝෝෂණයක් තිබුණා. සිසුන් ඉල්ලා සිටියේ කලබලවලින් පසු ඉදිරිපත් කෙරුණු කඩිනම් පාඨමාලාව නිසා විභාග නිර්ණායකත් වෙනස් කළ යුතු ය කියා. මාත් තවත් කිහිප දෙනකුත් සිසුන්ගේ ඉල්ලීමේ සාධාරණත්වයක් දැක්කා. ඈපාසිංහ සමරනායක ආදීන් ඒ ඉල්ලීමට විරුද්ධ වුණා. සිසුන් පංති වර්ජනය කළා. උපවාසයක් ද කෙරුණා.
ඇතැම් ගුරුවරුන් හා මා අතර බහින්බස් වීම් ද සිදු වුණා. ඒ අතර හමීඩ් වැරදි ප්‍රකාශයක් ද කළා. ජී එල් ඈපාසිංහ ආදීන් මට විරුද්ධ ව අනෙක් කිහිප දෙනකුට බැණ වැදුණේය යන චෝදනාව ද මා හමිඩ් බොරු කීව් යැයි කී චෝදනාවද කළා. එකල මා ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති. අප වැටුප් අරගලයක යෙදී සිටියා. මා අස් කිරීමෙන් පසුව මට කොළඹ ආචාර්ය සමිතිවල සාමාජිකත්වය අහිමි වුණා. ඇපාසිංහලාට වැටුප් අරගලය අවශ්‍ය වුණෙ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුණෙ මා අස්කිරීම පමණයි. ජී එල් මට විශ්වවිද්‍යාල භූමිය තහනම් ප්‍රදේශයක් කළා. 
ඒත් වෘත්තීය සමිති ආඥා පනත අනුව මට වෙනත් ආචාර්ය සමිතියක බාහිර නියෝජිතයකු ලෙස ආචාර්ය සමිති සම්මේලනයට සහභාගි වීමට හැකි වුණා. මා ඉංගිරිසි උපදේශක සංගමයේ නියෝජිතයා ලෙස දිගට ම ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ලෙස කටයුතු කළා. අප ඇපාසිංහලා ජී එල්ලා සමරනායකලා පරාජය කර වැටුප් සටන ජයගත්තා. ඒ සමග මා සභාපති ධුරයෙන් අස්වුණා.
වැටුප් අරගලයේ ජයග්‍රහණය මට පෞද්ගලික ව හිමි වුණේ නැහැ. එහෙත් බිරියට හිමි වුණා. ඇ තම වැටුපෙන් මට තවත් අවුරුදු දහයක් කන්න අඳින්න දුන්නා පමණක් නොව දරුවන්ගේ සියලු කටයුතු ද නොපිරිහෙළා ඉටු කළා. ආචාර්ය සමිති සම්මේලනය ඉංගිරිසි උපදේශක සංගමයට ආචාර්ය සමිති සම්මේලනයේ සාමාජිකත්වය අහිමි කළා.
ආචාර්ය සමිති සම්මේලනය තම හිටපු සභාපති වෙනුවෙන් කිසිවක් කළේ නැහැ. එහෙත් අදටත් තියෙන්නේ එදා සකස් කළ වැටුප් ව්‍යුහ. විනිසුරුවන්ගේ වැටුප් වැඩි වෙන විට ඇදුරන්ගේ ද වැටුප් වැඩි වන්න ඕන. මේ ජයග්‍රහණ අත්කර ගත්තේ 1993 මුල. වයස අවුරුදු පනහට අඩු ආචාර්යවරු ඒ ගැන කිසිවක් නොදන්නවා වෙන්න පුළුවන්. කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් මා වෙනුවෙන් සටන් කිරීමට සූදානමින් සිටි නමුත් චම්පකගේ අනුගාමිකයන් ඒ සියල්ල කඩාකප්පල් කළා. චම්පකලාටත් අවශ්‍ය ව තිබුණේ මා අස්කරනු දැකීමට. අද චින්තනයේ ජාතිකත්වය ගැන විවිධ පඬි මත ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙත් එහි ගමන බාල කෙළේ චම්පකලා. ඔවුන්ට අවශ්‍ය වූයේ ජාතිකත්වය බලයට ඒමට යොදා ගැනීම පමණයි.
 
මා අවුරුදු දහයක් නඩු කිවුවා. ගෘහස්ථ පරීක්‍ෂණයේ දී මට සහාය වුණෙ ආචාර්ය අර්ජුන සොයිසා. කම්කරු උසාවියේ, ඉහළ අධිකරණයේ හා ශ්‍රෙෂ්ඨාධිකරණයේ මා වෙනුවෙන් පෙනී සිටියේ එස් එල් ගුණසේකර තිස්ස යාපා හා කණිෂ්ක විතාරණ. ඒ සියළු දෙනා ම පෙනී සිටියේ නොමිළයේ. අවසානයේ දී බැණුම් චෝදනාවලින් මා නිදහස් වුණා. එහෙත් හමීඩ් අසත්‍ය ප්‍රකාශයක් කළේයැයි කීම වරදක් ලෙස තීරණය කෙරුණා. ශ්‍රෙෂ්ඨාධිකරණය මට ලක්‍ෂ පහක් ගෙවීමට කොළඹ විශ්වවිද්‍යාලයට නියම කර මා නිදහස් කළා.
 
ඒ අතර වෙනත් විශ්වවිද්‍යාල මා බඳවා ගැනීම ප්‍රතික්‍ෂෙප කළා. මා ඒ විශ්වවිද්‍යාලවලට විරුද්ධ ව ප්‍රතිපාදන කොමිසමේ අභියාචනා මණ්ඩලය ඉදිරියට ගියා. මා ජයග්‍රහණය කළා. මා කැලණියට ගියේ එහෙමයි. ඒත් අවුරුදු දහයක් සතයක් හම්බ කරන්නෙ නැතිව ඉඳලා. මේ සියල්ල මැද පළමුව අවුරුදු දෙකකුත් දෙවනුව අවුරුදු දහයකුත් බිරිඳ මගේත් දරුවන්ගේත් වැඩ කටයුතු කළා. දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මට එතරම් දෙයක් කරන්න බැරි වුණා. එහෙත් මගෙන් මිනිසුන් ඇහුවේ ඔවුන් රාජකීය විදුහලට යෑම ගැන. ඔවුන් පිටරට විශ්වවිද්‍යාලවල ඉගෙනීම ගැන. ඔවුන්ගේ මවට ඔවුන් පිටරට යැවීමට තරම් මුදලක් වියදම් කිරීමට නොහැකි බව මිනිසුන් නොදැන සිටින්න ඇති. අපේ දුවගේ පාසල ගැන කිසිවකු ප්‍රශ්න කෙළේ නැහැ. ඇගේ මව කොළඹ පාසලක ඉගෙන ගෙන තිබුණේ නැහැ. අප දුව මියුසියස් විදුහලට ඇතුල් කළා. එය පෞද්ගලික පාසලක්. අප කනවාද බොනවාද කියා ඉඳහිටවත් සොයා බැලුවේ මගේ පාසල් මිතුරන් කිහිප දෙනකු පමණයි. 

මේ සියලු දුක් පීඩා මැද ඇණුම් බැණුම් චෝදනා මැද බොහෝ විට මගේත් බැණුම් මැද බිරිය ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී හිටියා. ඇය සමහර විට රහසින් වැළපෙන්න ඇති. එහෙත් කිසි දා මට රැකියාවක් හොයා ගන්න කියා නැහැ. කිවුවත් හොයා ගන්න බැහැ. දරුවන් ද තම උත්සාහයෙන් ඉගෙන ගත්තා. මා හෝ බිරිය හෝ ඔවුන් පසුපස සිට පාඩම් කරන්න කිවුවෙ නැහැ. ඔවුන්ට බිඳින්න ගල්ලෙනක් තිබුණෙ නැහැ. අප දෙදෙනාට මෙන් ම ඔවුන් තිදෙනාටත් ප්‍රථම පංතියේ ප්‍රථම උපාධි හා පශ්චාත් උපාධි තියෙනවා. මා එය කියන්නේ ඒ උසස් ලෙස සලකන නිසා නො වේ. ඔවුන්ට බිඳින්න ගල් ලෙනක් තිබුණෙ නැහැ කියන්න. කිසි ම බලපෑමක් නැතිව ඔවුන් තම වැඩ කටයුතු කළා. ඔවුන්ගේ දෙමවුපියන් මෙන් ම සීයලා ආච්චිලා හතර දෙනාත් ගුරුවරු. එහෙත් ගුරු පරපුර ඉදිරියට යන පාටක් නැහැ.
 
මේ නහින දෙහින කාලයේ අප මියන්මාහි ඉන්නවා. අපට එරට දෙවැනි නිවසක් වගේ. ඒ සංස්කෘතික සමානත්වය නිසා. මා ප්‍රසිද්ධ වී ඇත්තේ ලයෙහි කිසිම තෙතමනයක් නැති මිනිසුන්ට බැණ වදින පුද්ගලයකු හැටියට. මා කර ඇති දෙයක් නැහැ. ගුණදාස අමරසේකර ප්‍රමුඛ ජාතික චින්තකයන් හා හාමුදුරුවරුන් එයට සාක්‍ෂි දරණවා. අද හාමුදුරුවරුන්ට අවශ්‍ය වී ඇත්තේ මට වඩා හොඳ බෞද්ධයකු මියන්මාහි තානාපති ලෙස යවන්න. අප දෙදෙනා මේ සියල්ල මැද ජීවත්වෙනවා. අප දෙදෙනාට ම දැන් හැත්තෑව පැනලා. අප තව ටික කලකින් වෙන් වේවි.
අවුරුදු පනහක් එකට හිටියේ මගේ හොඳ කමකට නම් නො වෙයි.

A day in the life

2025-04-27

නිදහස් අධ්‍යාපනය


නිදහස් අධ්‍යාපනය දුටුවද
කාමර අස්සේ හිරවෙලා
රටකට තිබුණ ආදරය
ලිබරල් තැනෙක කොරවෙලා
පුරසඳකට වුණත් ඒ ඝනදුර
දියවෙන්නෙ නෑ ඝනවෙලා
ඇත්තම කියන්නම් මම
අපට කොහේ හරි වැරදිලා
සිස්ටම් චේන්ජ් එකකට
යමු අපි කියා නටවලා
වැරදිම පාරකට දමා
වල්මත් කළා ගොරවලා
එකටම හිටිය උන් ගෙන
හිත් බිඳ දෙපොලෙ තනිකළා
ඇත්තම කියන්නම් මම
අපට කොහේ හරි වැරදිලා
වැරදියි කියූ උන් ගෙන
මහවැලි ගඟට විසි කළා
නිවැරදි කියු උන් අත
මහවැලි ගඟට දිගු කළා
ආයෙම පරණ තැනමය
සිස්ටම් චේන්ජ් බොඳ කළා
ඇත්තම කියන්නම් මම
අපට කොහේ හරි වැරදිලා
සමත් බිමක් තව දුර ඈතද?...

-------සෝමලතා හේරත් මැණිකේ. 

A day in the life

2025-04-25

දේශපාලනේ හැටි .අපි වෙමු ද ? මැටි.


අතීතයේ දිනක රුසියාවේ පදිංචි යුදෙව් ජාතිකයෙකුට ඊශ්‍රාලයට යාමට අවශ්‍ය විය.
මොස්කව් ගුවන් තොටුපලේදී රේගු නිළධාරීන් ඔහුගේ ගමන් මලු පරීක්ෂා කරන විට ගමන් මල්ලක් තුල තිබී ලෙනින්ගේ ප්‍රතිමාවක් හමු විය.
නිළධාරින් අතර සිටි ප්‍රධාන නිළධාරියා " මෙම ප්‍රතිමාව කුමක්ද ? " යයි ප්‍රශ්න කලාය.
" නිලධාරි සහෝදරයා මේ සහෝදරයා අදුරන්නේ නැද්ද ?. "
පුදුමයි නේ .
සමාජවාදයේ අත්තිවාරම , රුසියානු ජනතාවගේ සමෘද්ධිමත් අනාගතය නිර්මාණය කල ලෙනින් සහොදරයා. නිලධාරි සහෝදරයා අදුරන්නේ නෑ ......පුදුමයක්නේ .
අපේ වීරයාගේ සදාකාලික මතකය ......මම යන යන තැන රැගෙන යමි. "
ඔහුගේ දේශ ප්‍රේමය ගැන පැහැදුන නිලධාරියා ප්‍රතිමාව රැගෙන යාමට අවසර ලබා දුන්නේය.
යුදෙව් ජාතිකයා ප්‍රතිමාවත් රැගෙන නිරුප්‍රදිතව ඊශ්‍රාලයේ ටෙල් අවිවි ගුවන් තොටුපලට ගොඩ බැස්සේය.
පිටවීමේ අවස්ථාවේදී ගුවන් තොටුපල නිලධාරීන්ගේ පරීක්ෂාවට නැවතත් ඔහුත් ඔහුගේ ගමන් මලුත් ලක්විය.
ප්‍රතිමාව කෙරෙහි අවධානය යොමුවු ගුවන් තොටුපල නිලධාරීන් ඔහු ප්‍රශ්න කරන්නට විය.
"මේ කුමක් ද? මොනවටද ගෙනියන්නේ ? .ප්‍රශ්න වැලකට මුහුණ දෙන්නට ඔහුට මුහුණ දෙන්න සිදුවිය.
සර් මේ ප්‍රතිමාවේ සිටින්නා කවුද ?. මම හිතන්නේ අදුතාගෙන නෑ වගෙයි.
මේ ඉන්නේ මෝඩ ක්‍රියේටින් ලෙනින් .
මම යුදෙව්වෙක්. මම මේ පිලිමය ගෙන යන්නේ මේ මෝඩයාට දිනපතාම අවමන් කරන්න.
ඊශ්‍රාල නිලධාරියාට දැනුනේ සතුටක්. මේ යුදෙව්වා විශිෂ්ඨයෙක්......තවදුරටත් පරීක්ෂාවකින් තොරව බැග් සමග රේගුවෙන් නිදහස් කලේ කිසියම් ආඩම්බර සිතකින්.
යුදෙව් රුසියානුවා තම නවාතැනට ගියා.
ඔහු ලෙනින්ගේ ප්‍රතිමාව සාලයේ තැන්පත් කලා.
දිනක් ඔහුගේ මිතුරන් සමග නිවසේ රාත්‍රි භෝජන සංග්‍රහයක්.......
අතර දී මිතුරෙක් ඔහුගෙන් අහනවා..
ලෙනින් මෙතන තියාගෙන මොකට ද ? කියලා.
මිත්‍රයා , මෙතන ඝන රත්තරන් කිලෝ දහයක් !.
මම රුසියාවෙන් බදු හෝ රේගු බදු නොගෙවා මෙරටට ගෙන ආවා.
පුදුම ද ? මිත්‍රයා.
රටවල් දෙකක දේශපාලන දෙවිදියක්.
මම ඒ දෙවිදිය මගේ වාසියට යොදා ගත්තා !.
දෙරටේ නිලධාරීන් ඒ ඒ රටවල දේශපාලනයෙන් උමතුවට මෝහනයට පත්වෙලා.
මම කලේ ඔවුන් මෝඩයන් ට ඇන්දවීම.
ලෙනින් රටවල් දෙකට පෙනුනේ දෙවිදියකට.

දේශපාලනයේ හැටි. ඇයි අපි මෝඩ වෙන්නේ.


A day in the life

2025-04-24

පොත් හිඟන්නා .

Ivan Alekseyevich Bunin
Nobel Prize in Literature 1933

Born: 22 October 1870, Voronezh, Russia

Died: 8 November 1953, Paris, France

Prize motivation: “for the strict artistry with which he has carried on the classical Russian traditions in prose writing”

Language: Russian

stateless domicile in France

අයිවන් රුසියාවේ ඉපදුනත් ඔහුගේ පියා ප්‍රංශ ජාතිකයෙක්. ඒ නිසා ඔහු හැදී වැඩුනේ ප්‍රංශයේ. පසුකලෙක ඔහුට ශිෂ්‍යත්වයක් ලැබුනා සෝවියට් රුසියාවේ ගොස් රුසියානු භාෂාව සහ සාහිත්‍ය හැදෑරීමට.
පලමු වසර රුසියානු භාෂාව ප්‍රගුන කිරීමට යෙදී තිබුනේ අස්ත්‍රහාන් විශ්ව විද්‍යාලයේ. නිදහස් හවස් වරුව මග තොට සැරිසැරීමත් නේවාසිකාගාරය අසල කුඩා වෙලඳසැලට ගොස් කෝපි කෝප්පයක් බිබී පත්තරේ කියවා කඩේ මිදුලේ බංකුවේ හිඳ කවුරුන් හෝ සමග කුලුපගව චෙස් අතක් ඇදීමත් ඔහු සිරිතක් කරගත්තා.
කඩ පිල කෙලවරේ නිතර ගැවසෙන අයෙක් හිටියා. දිග රැවුලක් ඇති වැරහැලි ඇඳි මහලු පුද්ගලයෙක්. උන්මත්තකයකු ලෙස පෙනුන ඔහු බොහෝ විටෙක ඇක්සයිස් පොතක මොනවාදෝ ලියනු පෙනුනත් කිසිවකු ඔහු ගනන් ගත්තේ නැහැ.
අයිවන් දිනක් ඔහු අසලින් ඉඳගත්තේ ඔහු හා කතා කිරීමටයි. ඒත් අයිවන්ව නොරුස්නා බවක් පෙන්නූ මහල්ලා නැගිට ඔහු මගහැර ගියා.
"මහත්තයා... ඔය මිනිහ පිස්සෙක්. කවුරුත් කියන්නෙ පොත් හිඟන්න කියල... ගම පුරා ඇවිදල හිඟාකාල ඒ සල්ලිවලින් ඇක්සයිස් පොතක් අරන් කුරුටුගානවා... හැන්දෑවට මේ කඩපිලේ නිදාගන්නවා... මිනිහගෙ ගෑනි වෙන මිනිහෙක් එක්ක ඉන්නවා මේ යකා දැකලා... එදා ඉඳන් තමා පිස්සු. මේ පලාතෙ කෙනෙකුත් නෙවෙයි.. කවුරුවත් කතා කරනවට කැමති නෑ.... මහත්තයත් පාඩුවෙ ඉන්න" කඩේ මුදලාලි අයිවන්ට කීවා.... 
දවසක් අයිවන් කඩයට යනකොට පොත් හිඟන්නා කඩේ මුදලාලි එක්ක බහින්බස් වීමක්. නයට ඇක්සයිස් පොතක් ඉල්ලලා.... මුදලාලි බෑ කියලා.... අයිවන් සල්ලි දීලා මිනිහට ඇක්සයිස් පොතක් අරන්දුන්නා.
දැන් මිනිහා අයිවන් එක්ක යාලුයි. දවසක් අයිවන් බොහොම අමාරුවෙන් මිනිහගෙ පොතක් අරන් බැලුවා... පොත පුරාම පිස්සු ලියලා... හැබැයි අමුතු රටාවකුත් තියෙනවා... අයිවන්ට මේව කියවලා හරි ජොලි. 
අයිවන්ගෙ පලමු වසර ඉවරයි. ඊලඟට සාහිත්‍ය ඉගෙනගන්ටයි තියෙන්නෙ. ඔහු ඒ සඳහා සැතැප්ම හය හත් සීයක් ඈත හාර්කොෆ් විශ්ව විද්‍යාලයට ඇතුලත් උනා.
විශ්ව විද්‍යාලෙ අන්තිම වසරෙදි ඔහු ප්‍රබන්ධ කාව්‍ය කෘතියක් කලයුතුව තිබුනා උපාධිය සඳහා ව්‍යාපෘතිය ලෙස. "රුසියානු ජනකවිය හුදී ජනයාගේ ජීවිතයට..." ඔහුට ලැබුනු මාතෘකාවයි.
සති කීපයක් තිස්සේ ලියන්ට උත්සාහකලත් ලියන ලියන පිටුව ඉරලා විසිකරන එකයි ඒ කාලය පුරාම කලේ.... හරි අදහස් එන්නෙම නෑ....
ඔන්න දවසක් උදේ පාන්දර ඔහුට පරන යාලුවා මතක් උනා... පොත් හිඟන්නා... "මිනිහාගේ පොත්වල ලියා තිබුනු පිස්සු වැකි හරියට ජනකවි වගේ..." අයිවන්ට හිතුනා.... 
අයිවන් දඩිබිඩිගාලා ලෑස්තිවෙලා ඉස්ටේසමට ගියා.... පොත් හිඟන්නා ඉන්න අස්ත්‍රහාන්වලට යන්න මහා සයිබීරියන් කෝච්චියේ දවස් හයක්ම ගියා. කඩේ මුදලාලි එක්ක ආගිය තොරතුරු කතාකරලා පොත් හිඟන්නා කෝ කියලා ඇහැව්වා....
"මාස කීපෙකට ඉස්සර මිනිහ දවස් ගානක් දකින්ට නැතුව හිටියා... පස්සෙ මං ටිකක් විපරම් කලා.... ටවුමෙදි කොල්ලො කුරුට්ටො විහිලු කරලා කොක්කක් දාගෙන තියෙනවා. කවුරුහරි ගලකින් ඔලුවට ගහලා පාරෙ කානුවක මැරිලා.... නගර සබාවෙන් වලලලා..... නමක් ගමක් කාත් කවුරුවත් නැති මිනිහා.... මට තමයි පාලු" මුදලාලි කියාගෙන කියාගෙන ගියා..... 
ඔලුවට හදිසියේම වැදුනු හෙනයක් ඇට මස් ලේ නහර දිගේ ගලාගෙන යනවා අයිවන්ට දැනුනා....
"ඉතින් මුදලාලි මිනිහගෙ පොත් ටික...?"
"ආ ඒවනං අර පිටිපස්ස මඩුවෙ ගොඩගහල තියෙන්නෙ...."
අයිවන් කඩේ පිටිපස්සෙ මඩුවට දිව්වා.... දිව්ව නෙවෙයි ඉගිල්ලුනා....
"මුදලාලි.... මං මේ පොත් ටික ගන්නද"
මුදලාලි හක හක ගාල හිනා උනා.... "මහත්තයටත් පිස්සුද... මට ඔය ටික ගිනි තියන්ට වෙලාවක් නැතුව ඉන්නෙ" මුදලාලි උත්තර දුන්නා.....
හොස්ටල් එකට ආපු අයිවන් පොත් ටික පෙරලල බැලුව.... 
"මේ තියෙන්නෙ බඩු... පිලිවෙලකට තියල කියවල ඕන ටික කොපි කරන්න ඕනැ"..... අයිවන් වැඩේ පටන්ගත්තා.... හැබැයි මොකුත් සංශෝදනයක් නැතුව ඔක්කොම ආයෙත් ලියන එක තමා උනේ. 
පොත බාරදීල සති කීපයක් ගියා.... අයිවන්ගෙ මහාචාර්ය තුමා අයිවන්ට කතාකලා...
"පුතා ඔයාගෙ ප්‍රොජෙක්ට් එක සාර්තකයි.... ඒ විතරක් නෙවෙයි.. හැම අවුරුද්දෙම අපි අපේ හොඳම ප්‍රබන්ධය "නොබෙල් තරඟයට ඉදිරිපත් කරනවා.... මේ සැරේ ඔයාගෙ පොත යවන්න අපි සූදානම් කරලයි තියෙන්නෙ..." 
1933 වසරේ සාහිත්‍ය විෂයයට නියමිත නොබෙල් ත්‍යාගය ප්‍රංශ ජාතික අයිවන් දිනිති දිනාගත්තා. රුසියානු ජනකවියට නව අරුතක් දුන් කාත් කවුරුත් නැති පොත් හිඟන්නා දැනං හිටියේ නැහැ සෝවියට් රුසියාවේ මහා සාහිත්‍යධරයා තමන් බව.
උපුටාගැනීම - @Padma kumara





A day in the life

2025-04-23

ඔහු විශිෂ්ඨයෙක් - දිමුතු සමරනායක මහතා.





" ස්වාමිනි මගේ ජීවිතේ මම බෝම්බ විශාල සංඛ්‍යාවක් නිශ්ක්‍රීය කර තිබෙනවා. එත් අදටත් බෝම්බයක් ගාවට යද්දි මට මගේ දරුපවුල මතක් වෙනවා. ඔය බෝම්බයේ පරිපතයේ එක පැත්තක් හංගලා තියෙනවා කියලා තෙරෙද්දි, හිතුවට වඩා ඉක්මනට නුල බිමට ඇදිලා එද්දි මම මගේ මිනිය එතන තියෙනවා ඇස් දෙකට දැක්කා... "

ඒ පාස්කු ප්‍රහාරය එල්ල වු දිනට පසුදින කොච්චිකඩේ දෙවස්ථානය අසල තිබි සොයාගත් සුදු පැහැති වෑන් රථයේ සවිකර තිබු බෝම්බය කිසිදු මනුෂ්‍ය ජීවිතයකට හානි නොවන පරිදි ආරක්ෂිතව පුපුරුවා නිශ්ක්‍රීය කළ මිනිස් වෙසින් මෙලොව සිටිනා දෙවිවරයෙකුගේ හඩයි.
ඔහු නමින් දිමුතු සුරංග සමරනායක. 
වර්තමානය වන විට ශ්‍රී ලංකා පොලිස් විශේෂ කර්යය බලකායේ ත්‍රස්ත මර්ධන සෝදිසි සහ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ අධ්‍යක්ෂවරයා වන්නේ ඔහුයි. 30 වසරක කුරිරු යුද්ධය පැවති කාලවකවානුව තුළ 2005 - තලවිල මරාගෙන මැරෙන බෝට්ටු බෝම්බය, 2006 - බොරැල්ල හංදියේ බෝම්බය සහ ආයුවේද වටරවුමේ මරාගෙන මැරෙන බෝම්බය වැනි සිදුවීමට ගිය මහා ඛේදවාචක රැසක් වලක්වාලමින් මරුවා දෑතින් ගෙන අන් අයගේ ජීවිත බේරනා මොහු මේ මොහොතේ මේ රට තුළ සිටිනා මල්මාලා නොපැලදූ සැබෑම විරුවා බව මගේ විශ්වාසයයි. 
පාස්කු ප්‍රහාරය පිළිබද පෙර බුද්ධි තොරතුරු ලැබි තිබියදි එය වලක්වා ගැනීමට කටයුතු නොකළ මෙරට මුල් පුරවැසියාගේ සිට පහළට සිටි උසස් යැයි පවසන සියළු නිලධාරින් සිය රාජකාරිය සාපරාධි වගකිම් පැහැර හැරීමක් බවට පත්කර, නොනිල මීනිමරුවන් බවට පත් වූ පසුබිමක මේ පාස්කු ඝන අන්ධකාරය තුළ අප දුටු එකම රිදි තාරකාවයි. වෙනත් විදිහකින් කිවහොත් පාස්කුවේ ත්‍රස්තයන්ට බිලිවීමට ගිය ජීවිත ගණන, 10කින්, 100කින් හෝ 1000කින් අඩුකළ වීරයායි. 

ජනාධිපති විමර්ශ කොමිසම හමුවේ 2020.03.03 දින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ සිද්ධස්ථාන පරිපාලක ගරු ජුඩ් රාජ් ප්‍රනාන්දු පියතුමන් සාක්ෂි දෙමින් අනාවරණය කළේ බොම්බ ප්‍රහාරය සිදුවූ දිනයේ පස්වරුව වන විටත් එම ස්ථානයේ නවතා තිබු මෝටර් රථ ඉවත් නොකරන්නේ මන්දැයි තමන් ආරක්ෂක අංශ වලින් විමසූ බවයි. 
එයට පිළිතුරු දුන් පොලිස් නිලධාරියා පියතුමන්ට පවසා තිබුනේ " Father Don't Worry. Everything is Tagged and Clear " යනුවෙනි. පොලිස් නිලධාරියා එලෙස සියල්ල පරික්ෂාවට ලක්කර තිබු පසුබිමක ඒ වන විටත් එම ස්ථානයේ නවතා තිබු බෝම්බ සවි කරන ලද සුදු පැහැති වෑන් රථය එම ස්ථානයට පසුදින අහසින් කඩා වැටුණා විය යුතුය. 
ප්‍රහාරය එල්ල වූ දිනට පසුදින කොච්චිකඩේ දෙව්මැදුරේ ගායනා කණ්ඩායමේ දරුවෙකුගේ නිවසේ CCTV කැමරා දර්ශන පරික්ෂාවෙදි හසුවී තිබුනේ, බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු ප්‍රහාරය වූ දින එම ස්ථානයේ වෑන් රථය නවත්වා ප්‍රහාරය සදහා දෙව්මැදුරට යන ආකාරයයි. ගරු ජූඩ් රාජ් පියතුමන් පවසන ආකාරයට පියතුමන්ලාට දැනුම් දීමට පෙර එම නිවැසියන් 119 අමතා මේ පිළිබදව දැනුවත් කළද ක්‍රියාත්මක විමක් සිදුව නොමැත. පසුව ඒ පිළිබදව දෙවස්ථාන සහයක පියතුමන් ඔස්සේ ගරු ජුඩ් රාජ් පියතුමන්ව දැනුවත් කර ඇති අතර පියතුමන් කාදිනල් හිමිපාණන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඉහළ ආරක්ෂක අංශ ක්‍රියාත්මක වී ඇත. 
පොලිස් විශේෂ කර්යය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ අධ්‍යක්ෂවරයා සිය සක්ෂිය තුළින් කියා සිටි ආකාරයට ඔහුට පෙර ඔහු යටතේ සිටි ප්‍රියන්ත නම් නිලධාරියෙකු මෙම බොම්බ සහිත වෑන් රථය පරික්ෂාවට ලක්කර දිමුතු සමරනායක මහතාට දැනුම් දි ඇත්තේ " සර් ආබාදේ " යනුවෙනි. ඔවුන්ගේ බසින් කී එකි දැනුවත් කිරීමේ තේරුම නිශ්ක්‍රීය කිරීමට ඉතා අසීරු අන්දමින් ඇටවා ඇති අධිබලැති බෝම්බයක් යන්නයි. 
එම සැලකිරීමත් සමග දිමුතු සමරනායක මහතා විනාඩි 05ක් වැනි කෙටි කාලයක් තුළ බෝම්බය සහිත වෑන් රථය හමුවු ස්ථානයට පැමිණ ඇති අතර ඒ වනට විටත් ත්‍රීවිඩ හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශ මෙය නිශ්ක්‍රීය කිරීමට අපහසු බෝම්බයක් බව තීරණය කර තිබුනි. 
" ස්වාමිනි මගේ ජීවිතේ මම බෝම්බ විශාල සංඛ්‍යාවක් නිශ්ක්‍රීය කර තිබෙනවා. එත් අදටත් බෝම්බයක් ගාවට යද්දි මට මගේ දරුපවුල මතක් වෙනවා. ඔය බෝම්බයේ පරිපතයේ එක පැත්තක් හංගලා තියෙනවා කියලා තෙරෙද්දි, හිතුවට වඩා ඉක්මනට නුල බිමට ඇදිලා එද්දි මම මගේ මිනිය එතන තියෙනවා ඇස් දෙකට දැක්කා... "
ඒ පාස්කු ප්‍රහාරය එල්ල වු දිනට පසුදින කොච්චිකඩේ දෙවස්ථානය අසල තිබි සොයාගත් සුදු පැහැති වෑන් රථයේ සවිකර තිබු බෝම්බය කිසිදු මනුෂ්‍ය ජීවිතයකට හානි නොවන පරිදි ආරක්ෂිතව පුපුරුවා නිශ්ක්‍රීය කළ මිනිස් වෙසින් මෙලොව සිටිනා දෙවිවරයෙකුගේ හඩයි.
ඔහු නමින් දිමුතු සුරංග සමරනායක. වර්තමානය වන විට ශ්‍රී ලංකා පොලිස් විශේෂ කර්යය බලකායේ ත්‍රස්ත මර්ධන සෝදිසි සහ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ අධ්‍යක්ෂවරයා වන්නේ ඔහුයි. 30 වසරක කුරිරු යුද්ධය පැවති කාලවකවානුව තුළ 2005 - තලවිල මරාගෙන මැරෙන බෝට්ටු බෝම්බය, 2006 - බොරැල්ල හංදියේ බෝම්බය සහ ආයුවේද වටරවුමේ මරාගෙන මැරෙන බෝම්බය වැනි සිදුවීමට ගිය මහා ඛේදවාචක රැසක් වලක්වාලමින්  මරුවා දෑතින් ගෙන අන් අයගේ ජීවිත බේරනා මොහු මේ මොහොතේ මේ රට තුළ සිටිනා මල්මාලා නොපැලදූ සැබෑම විරුවා බව මගේ විශ්වාසයයි.
පාස්කු ප්‍රහාරය පිළිබද පෙර බුද්ධි තොරතුරු ලැබි තිබියදි එය වලක්වා ගැනීමට කටයුතු නොකළ මෙරට මුල් පුරවැසියාගේ සිට පහළට සිටි උසස් යැයි පවසන සියළු නිලධාරින් සිය රාජකාරිය සාපරාධි වගකිම් පැහැර හැරීමක් බවට පත්කර, නොනිල මීනිමරුවන් බවට පත් වූ පසුබිමක මේ පාස්කු ඝන අන්ධකාරය තුළ අප දුටු එකම රිදි තාරකාවයි. වෙනත් විදිහකින් කිවහොත් පාස්කුවේ ත්‍රස්තයන්ට බිලිවීමට ගිය ජීවිත ගණන, 10කින්, 100කින් හෝ 1000කින් අඩුකළ වීරයායි. 
ජනාධිපති විමර්ශ කොමිසම හමුවේ 2020.03.03 දින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ සිද්ධස්ථාන පරිපාලක ගරු ජුඩ් රාජ් ප්‍රනාන්දු පියතුමන් සාක්ෂි දෙමින් අනාවරණය කළේ බොම්බ ප්‍රහාරය සිදුවූ දිනයේ පස්වරුව වන විටත් එම ස්ථානයේ නවතා තිබු මෝටර් රථ ඉවත් නොකරන්නේ මන්දැයි තමන් ආරක්ෂක අංශ වලින් විමසූ බවයි.
එයට පිළිතුරු දුන් පොලිස් නිලධාරියා පියතුමන්ට පවසා තිබුනේ " Father Don't Worry. Everything is Tagged and Clear " යනුවෙනි. පොලිස් නිලධාරියා එලෙස සියල්ල පරික්ෂාවට ලක්කර තිබු පසුබිමක ඒ වන විටත් එම ස්ථානයේ නවතා තිබු බෝම්බ සවි කරන ලද සුදු පැහැති වෑන් රථය එම ස්ථානයට පසුදින අහසින් කඩා වැටුණා විය යුතුය.
ප්‍රහාරය එල්ල වූ දිනට පසුදින කොච්චිකඩේ දෙව්මැදුරේ ගායනා කණ්ඩායමේ දරුවෙකුගේ නිවසේ CCTV කැමරා දර්ශන පරික්ෂාවෙදි හසුවී තිබුනේ, බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු ප්‍රහාරය වූ දින එම ස්ථානයේ වෑන් රථය නවත්වා ප්‍රහාරය සදහා දෙව්මැදුරට යන ආකාරයයි. ගරු ජූඩ් රාජ් පියතුමන් පවසන ආකාරයට පියතුමන්ලාට දැනුම් දීමට පෙර එම නිවැසියන් 119 අමතා මේ පිළිබදව දැනුවත් කළද ක්‍රියාත්මක විමක් සිදුව නොමැත. පසුව ඒ පිළිබදව දෙවස්ථාන සහයක පියතුමන් ඔස්සේ ගරු ජුඩ් රාජ් පියතුමන්ව දැනුවත් කර ඇති අතර පියතුමන් කාදිනල් හිමිපාණන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඉහළ ආරක්ෂක අංශ ක්‍රියාත්මක වී ඇත.
පොලිස් විශේෂ කර්යය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ අධ්‍යක්ෂවරයා සිය සක්ෂිය තුළින් කියා සිටි ආකාරයට ඔහුට පෙර ඔහු යටතේ සිටි ප්‍රියන්ත නම් නිලධාරියෙකු මෙම බොම්බ සහිත වෑන් රථය පරික්ෂාවට ලක්කර දිමුතු සමරනායක මහතාට දැනුම් දි ඇත්තේ " සර් ආබාදේ " යනුවෙනි. ඔවුන්ගේ බසින් කී එකි දැනුවත් කිරීමේ තේරුම නිශ්ක්‍රීය කිරීමට ඉතා අසීරු අන්දමින් ඇටවා ඇති අධිබලැති බෝම්බයක් යන්නයි.
එම සැලකිරීමත් සමග දිමුතු සමරනායක මහතා විනාඩි 05ක් වැනි කෙටි කාලයක් තුළ බෝම්බය සහිත වෑන් රථය හමුවු ස්ථානයට පැමිණ ඇති අතර ඒ වනට විටත් ත්‍රීවිඩ හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශ මෙය නිශ්ක්‍රීය කිරීමට අපහසු බෝම්බයක් බව තීරණය කර තිබුනි.
දිමුතු සමරනායක මහතා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදිද එම ස්ථානයේ සිටි ආරක්ෂක නිළධාරින් ඔහුට බෝම්බය ඇති ස්ථානයට නොයන ලෙස බලකරමින් ඔහු නැවැත්වීමට උත්සහා දරා ඇත.
කෙසේ වුවද එම වැලැක්වීම් නොසලකා හැරි ඔහු ආරක්ෂිත ඇදුම් කට්ටලයකින් හෝ නොසැරසි හැකි විගස බෝම්බය තිබු රථය වෙත ගොස් එය සකසා ඇති ආකාරය පරික්ෂාවට ලක්කර තිබේ.
එහිදි නිරික්ෂණයට ලක්වී ඇති අන්දමට අදාළ වෑන් රථය තුළ ත්‍රස්තවාදින් විසින් ඉතා සියුම් උපාය මාර්ග 3ක් ඔස්සේ නවතම ගෑස් සිලින්ඩර 04ක් හෝ 05ක් උපයෝගි කරගනිමින් මෙම අධිබලැති බෝම්බය සවිකර ඇති බව අනාවරණය වී තිබෙනවා.
එයින් පළමු ක්‍රමය ලෙස රෙදි සෝදන යන්ත්‍රයක කාල විරාමයක් බෝම්බයට සවිකර තිබි ඇති අතර එම කාලවිරාමයට අනුව පැයක් වැනි උපරිම කාල සීමාවක් තුළ බෝම්බය පිපිරීමට නියමිතව තිබි ඇත.
කෙසේ වෙතත් දිමුතු සමරනායක මහතා එය පරික්ෂාවට ලක්කරන අවස්ථාව වන විටත් කාලවිරාමයේ පැයක කාලය ඉක්මවා ගොස් එය පිපිරිය යුතු තත්ත්වයකට පැමින තිබුණද පරිපතයට ලබාදී තිබු විදුලිය අතරමග ඇණහිටිම හේතුවෙන් මෙම බෝම්බය පුපුරායාම ඇණහිට ඇති බව ඔහු කරුණු අනාවරණය කරමින් කියා සිටියා.
එසේම බෝම්බයේ පරිපතයට ගමන් කර තිබු තංගුස් නුල් කැබැල්ලක් වැසෙන සේ චිත්ත රෙද්දක් යෝදා තිබු බවද කිසියම් කෙනෙකු එය සෙලවීමට පොළඹවන අයුරින් රුපියල් 1000 නෝට්ටු දෙකක් තබා තිබු බවද ඔහු අණාවරණය කළා.
මෙම බෝම්බය සකස් කර තිබු ආකාරය පිළිබදව විනාඩියක් වැනි කෙටි කාලයක් තුළ තමන් කියවීමක් කළ බවද, එය නිශ්ක්‍රීය කිරීමටනම් එහි වයර් කැබැල්ලක් පහළට ඇදීය යුතු බව තමන්ට වැටහුණු බවද දිමුතු සමරනායක මහතා ජනාධිපති කොමිසම හමුවේ සදහන් කළා.
බෝම්බ නිශ්ක්‍රීය කිරීමට යොදාගන්නා කොක්කක් ආධාරයෙන් එම වයර් කැබැල්ල පහළට ඇදීමට යාමෙදි තමන් සිතුවාටත් වඩා ඉක්මනින් එය පහත් වූ බවත් එම අවස්ථාවේ තමන් ඉදිරියේ තම මළමිනිය පවා දිස්වූ බවත් ඔහු සදහන් කළා. බොම්බයේ එම නූල් කැබැල්ල පිටතට ඇදී එමත් සමග තමන් ඉවතට පැන්න බවත් එත් සමගම බොම්බය පුපුරුවා ගිය බවත් දිමුතු සමරනායක මහතා කියා සිටියා. එම අවස්ථාවේ අසල සිටි සුනඛයෙකු කැබැලි වලට කැඩි විසිවු අතර තම ඉනට දෙපසින් යම් පීඩනයක් ඉදිරියට ඇදි ගිය බවක් දැනුනු බවද ඔහු සදහන් කළා.කෙසේ වෙතත් තමන්ට කිසිවක් සිදු නොවුයේ මන්දැයි විමතියට පත් වූ බවත් එවිට තමන්ද නොදැනුවත්වම විදුලි කණුවකට මුවාවී සිටි බැවින් විදුලි කණුවට දැඩි හානි සිදුව තමා යළි ජීවත්වීමට වාසනාවන්ත වී සිටි බවත් දිමුතු සමරනායක මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සදහන් කළා..
මගේ දිවි ගමනේ හමුවූ විශිෂ්ඨයන් අතරෙත් විශිෂ්ඨ යෙකු වූ මොහුට මෙකි සටහන තුලින් හදවතින්ම උත්තමාචාර කරන්නේ ඔහු මෙතෙක් බේරු ජීවිත ගණනට හෝ ඔබ මගේ මාතෘභූමියට කර ඇති සේවයට අපගේ ජීවිතයෙන් වන්දි ගෙවා හෝ ඒ ණය පියවිය නොහැකි නිසාවෙනි.
 එම ස්ථානයට පැමිණි අවස්ථාවේදිද එම ස්ථානයේ සිටි ආරක්ෂක නිළධාරින් ඔහුට බෝම්බය ඇති ස්ථානයට නොයන ලෙස බලකරමින් ඔහු නැවැත්වීමට උත්සහා දරා ඇත.
කෙසේ වුවද එම වැලැක්වීම් නොසලකා හැරි ඔහු ආරක්ෂිත ඇදුම් කට්ටලයකින් හෝ නොසැරසි හැකි විගස බෝම්බය තිබු රථය වෙත ගොස් එය සකසා ඇති ආකාරය පරික්ෂාවට ලක්කර තිබේ. 
එහිදි නිරික්ෂණයට ලක්වී ඇති අන්දමට අදාළ වෑන් රථය තුළ ත්‍රස්තවාදින් විසින් ඉතා සියුම් උපාය මාර්ග 3ක් ඔස්සේ නවතම ගෑස් සිලින්ඩර 04ක් හෝ 05ක් උපයෝගි කරගනිමින් මෙම අධිබලැති බෝම්බය සවිකර ඇති බව අනාවරණය වී තිබෙනවා.
එයින් පළමු ක්‍රමය ලෙස රෙදි සෝදන යන්ත්‍රයක කාල විරාමයක් බෝම්බයට සවිකර තිබි ඇති අතර එම කාලවිරාමයට අනුව පැයක් වැනි උපරිම කාල සීමාවක් තුළ බෝම්බය පිපිරීමට නියමිතව තිබි ඇත.
කෙසේ වෙතත් දිමුතු සමරනායක මහතා එය පරික්ෂාවට ලක්කරන අවස්ථාව වන විටත් කාලවිරාමයේ පැයක කාලය ඉක්මවා ගොස් එය පිපිරිය යුතු තත්ත්වයකට පැමින තිබුණද පරිපතයට ලබාදී තිබු විදුලිය අතරමග ඇණහිටිම හේතුවෙන් මෙම බෝම්බය පුපුරායාම ඇණහිට ඇති බව ඔහු කරුණු අනාවරණය කරමින් කියා සිටියා.
එසේම බෝම්බයේ පරිපතයට ගමන් කර තිබු තංගුස් නුල් කැබැල්ලක් වැසෙන සේ චිත්ත රෙද්දක් යෝදා තිබු බවද කිසියම් කෙනෙකු එය සෙලවීමට පොළඹවන අයුරින් රුපියල් 1000 නෝට්ටු දෙකක් තබා තිබු බවද ඔහු අණාවරණය කළා. 
මෙම බෝම්බය සකස් කර තිබු ආකාරය පිළිබදව විනාඩියක් වැනි කෙටි කාලයක් තුළ තමන් කියවීමක් කළ බවද, එය නිශ්ක්‍රීය කිරීමටනම් එහි වයර් කැබැල්ලක් පහළට ඇදීය යුතු බව තමන්ට වැටහුණු බවද දිමුතු සමරනායක මහතා ජනාධිපති කොමිසම හමුවේ සදහන් කළා.
බෝම්බ නිශ්ක්‍රීය කිරීමට යොදාගන්නා කොක්කක් ආධාරයෙන් එම වයර් කැබැල්ල පහළට ඇදීමට යාමෙදි තමන් සිතුවාටත් වඩා ඉක්මනින් එය පහත් වූ බවත් එම අවස්ථාවේ තමන් ඉදිරියේ තම මළමිනිය පවා දිස්වූ බවත් ඔහු සදහන් කළා. බොම්බයේ එම නූල් කැබැල්ල පිටතට ඇදී එමත් සමග තමන් ඉවතට පැන්න බවත් එත් සමගම බොම්බය පුපුරුවා ගිය බවත් දිමුතු සමරනායක මහතා කියා සිටියා. 
එම අවස්ථාවේ අසල සිටි සුනඛයෙකු කැබැලි වලට කැඩි විසිවු අතර තම ඉනට දෙපසින් යම් පීඩනයක් ඉදිරියට ඇදි ගිය බවක් දැනුනු බවද ඔහු සදහන් කළා.කෙසේ වෙතත් තමන්ට කිසිවක් සිදු නොවුයේ මන්දැයි විමතියට පත් වූ බවත් එවිට තමන්ද නොදැනුවත්වම විදුලි කණුවකට මුවාවී සිටි බැවින් විදුලි කණුවට දැඩි හානි සිදුව තමා යළි ජීවත්වීමට වාසනාවන්ත වී සිටි බවත් දිමුතු සමරනායක මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සදහන් කළා.. 
මගේ දිවි ගමනේ හමුවූ විශිෂ්ඨයන් අතරෙත් විශිෂ්ඨ යෙකු වූ මොහුට මෙකි සටහන තුලින් හදවතින්ම උත්තමාචාර කරන්නේ ඔහු මෙතෙක් බේරු ජීවිත ගණනට හෝ ඔබ මගේ මාතෘභූමියට කර ඇති සේවයට අපගේ ජීවිතයෙන් වන්දි ගෙවා හෝ ඒ ණය පියවිය නොහැකි නිසාවෙනි.
තමාරා සුමුදු - මුණුපොතට

උපුටා ගත්තකි. 


A day in the life

2025-04-21

මම හිතුවෙ ඒ බිසවුන්නාන්සේ කියලා!"





- කමල් පී අලහකෝන්.

රජතුමා සියතින් ගිළිහුන මුද්ද ගැනීමට බිමට පහත් විය.
එවිට පිටුපසින් ආ මහඇමති රජ්ජුරුවන්ගේ පශ්චාත් භාගය මිරිකුවේ ය.
මහත් කෝපයට පත් රජු,
"වහාම මොහුගේ ගෙළ සිඳ ලනු!" යි,
අණ කළේ ය.
තම සියළු කාර්යයන් හිදී අනලස්ව සේවය සපයන
මහඇමතිට උන මේ විපරියාසය ගැන
කෝපය සිඳුනු පසුරජු කල්පනා කළේය.
දඟ ගෙයි දමාසිටි මහඇමති ගෙන්වීය.
"මඇමතිය,තොප මේ කළ අවිනීත ක්‍රියාව ගැන
නිදහසට කරුනු ඇත්නම් කියව!" යි කීය.
"පස්වාන් දහසකට බුදුවන්ඩ.
මම හිතුවෙ නෑ ඒ ඔබ තුමා කියලා..
මම හිතුවෙ ඒ බිසවුන්නාන්සේ කියලා!"
A day in the life

2025-04-19

1815 උඩරට ගිවිසුම



1815 උඩරට ගිවිසුම අත්සන් කිරීමට යොදාගත් මේසය සහ පුටුව කෝ ?
 -  ප්‍රියන්ත පෙරේරා - අතීතාවර්ජනා.



අජීවී වස්තුන්වල වටිනාකම තීරණය කෙරෙන්නාවූ සාධක කිහිපයක් තිබේ. එකක් එහි මූල්‍යමය වටිනාකමය. එහි දුර්ලභත්වය තවත් කරුණකි. අදාළ අජීවි වස්තුව අයත් කාලසීමාව, පරිහරණය කළ පුද්ගලයින් මෙන්ම එය භාවත කළ අවස්ථා එහි වටිනාකම තිව්ර කිරීමට හේතු‍ෙවනු ඇත. මෙලෙස අතීතයේ භාවිත කළ ඇතැම් අජීවී වස්තූන් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති වස්තූන් ලෙස නම්කරනු ලබන අතර ඒ සඳහා එහි ආයු කාලය වසර 100 ක් ඉක්මවා තිබීම එක් නිර්නායකයකි. අනෙක් නිර්නායකය එය ඓතිහාසික සිද්ධීන් හා බැඳී තිබුණු අකාරයයි. පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති වස්තුවක් ලෙස හඳුනාගත් යමක් විකිණීම, විනාශ කිරීම සපුරා තහනම්ය. එවැනි පුරාවිද්‍යාත්මක විටිනාකමක් ඇති මේසයක් හා පුටුවක් පිළිබඳව කතාබහ දැන් කරළියට පැමිණ තිබේ. ඒ මෙරට නිදහස වෙනුවෙන් ඌව වෙල්ලස්ස කැරැල්ලට එක්ව දිවි හිමියෙන් සටන් කළ අතීත විරුවන්ට ඉංග්‍රීසීන් විසින් එදා ඇලවූ දේශද්‍රොහී ලේබලය ගලවා දමා ඔවුන් දේශ ප්‍රේමීන් ලෙස නම් කිරීමට තීරණය කිරීමත් සමඟය.
 
ඉංග්‍රීසීන් විසින් මෙරට අත්පත් කර ගැනීම තහවුරු කෙරුණු උඩරට ගිවිසුම වගන්ති 12 කින් සමන්විතවූ අතර මෙරට වෙනුවෙන් එයට කැප්පෙටිපොළ, ඇහැලේපොළ, ගලබොඩ, ගලගම, නිල්ලව, රත්වත්තේ, පිළිමතලව්වේ ඇතුළු නිලමේවරු 12 දෙනකුද ඉංග්‍රීසීන් වෙනුවෙන් ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් හා දිසාපති ජෝන් ඩොයිලිද අත්සන් තැබූහ. එම ඓතිහාසික ලියවිල්ල අත්සන් තැබුණු මේසය හා පු‍ටුව ඇති තැන පිළිබඳ මුල්ම හෝඩුවාව ගෙන ආවේ ලේක්හවුස් ආයතනයේ හිටපු මහනුවර ප්‍රාදේශීය කර්තෘ ඩී. ඔලිවර් සිල්වා මහතාය. ඒ මහතාගේ තොරතුරු මත අදාළ ස්ථානයට ගියවිට ඓතිහාසික උඩරට ගිවිසුම අත්සන් තැබුණු බව කියන මේසය හා පුටුව සුරක්ෂිතව එහි තිබුණේය. 
.
අතීතයේ පටන් මෙරට නිදහස වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් සිදුකළ මහ සංඝරත්නය සතුව එහි හිමිකාරිත්වය අදටත් පවතී. අස්ගිරි පාර්ශවයේ වත්මන් මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනාහියන්ගේ අස්ගිරි විජයසුන්දරාරාමයේ මෙම මේසය හා පුටුව සුරකිව පවතින අතර එය මුළුමනින්ම කළුවර දැවයෙන් නිමකර මනා කැටයමින් විචිත්‍රවත් කර තිබේ. 
මෙම පුටුව හා මේසය අස්ගිරි මහ විහාරයට හිමිවීම සම්බන්ධව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද හිමි මෙසේ පැවසූහ. “පැරණි රජ දවස පටන් රාජ්‍යය පාලනය සඳහා අනුශාසනා කිරීම මහා සංඝරත්නයේ මූලීකත්වයෙන් සිදුකෙරුණා. ඉංග්‍රීසීන් විසින් උඩරට අල්ලා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ භික්ෂූන් වහන්සේ රට, ජාතිය, ආගම ආරක්ෂා කර ගැනීමට කැපවී ක්‍රියාකළ බව ඉතිහාසයේ ලියවී තිබෙනවා. උඩරට ගිවිසුම අත්සන් කිරීමට කළින් ඉංග්‍රීසි කතිර කොඩිය ඔසවද්දී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වාරියපොළ සුමංගල හිමි එදා උඹලට තාම මේරට යටත්වෙලා නැහැ.
තව වෙලාව තියෙනවා කියලා කතිර කොඩිය පහළට දාලා පෑගුවා. 
උන්වහන්සේගේ කාර්යභාරය ඒකට පමණක් ලඝු කරන්න හොඳ නැහැ. ඉන් පසුවත් සුමංගල හිමියෝ ජාතියේ නිදහස වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියාකළා. එදා ඉංග්‍රීසීන් සිංහලේ අවසන් රජු අල්ලා ගත්තට පස්සේ අපේ නිලමේ වරුන්ටවත් ඉංග්‍රිසීන්ටවත් ගිවිසුමකට එළඹීමේ අවශ්‍යතාවක් තිබිලා නැහැ. මහසංඝරත්නය තමයි ඒකට පසුබිම සකස් කරලා බුද්ධාගම නොකෙලෙසිය යුතුයි, එහි අයිතිය ආරක්ෂා කර ගනිමින් පවත්වා ගෙන යායුතුයි කියන වගන්තිය ඇතුළු තවත් යෝජනා ගිවිසුමට ඇතුළත් කරලා තියෙන්නේ. දළදා මාලිගාවේ තේවා කටයුතු ඒ වෙනකොට අස්ගිරි පාර්ශවය විසින් සිදුකර ගෙන ගොස් තිබෙන්නේ. මඟුල් මඩුවේ පැවැති උත්සවයට අවශ්‍යය මේසය හා පුටුව මහා සංඝරත්නයේ මුල්වී සපයන්න ඇති. මොකද ඒවෙන කොට දැන උගත් පිරිස අතර භික්ෂූන් වහන්සේ ඉදිරියෙන්ම හිටියා. මෙම ඓතිහාසික පසුබිමත් සමඟ ගිවිසුම අත්සන් කළ මේසය හා පුටුව අස්ගිරි පාර්ශවයට හිමිවී තිබෙනවා...” 



මේ මේසය මේ රටේ ඓතිහාසික ලියවිල්ලක් අත්සන් කළ එකක්. උඩරට ගිවිසුම 1815 මාර්තු 02 ඉඳලා 10 වෙනිදා වෙනකල් අත්සන් කරලා තිබෙනවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ මේකට අපේ ඇතැම් නිලමේවරු කැමැත්තෙන් අත්සන් නොකළ බවයි. ඒ නිසා තමයි දවස් 10 ක් දුරට මේක ඇදිලා ගියේ.
 
අපේ නිලමේවරුන්ගේ සහයෝගය ඇතිව 1815 පෙබරවාරි 14 දා තමයි ඉංග්‍රීසීන් රජු අල්ලන මෙහෙයුම ආරම්භ කළේ. ඊට දින හතරකට පස්සේ මැද මහනුවර බෝමුරේ ආරච්චිලගේ ගෙදරදී ඉංග්‍රීසීන් රජුව පණ පිටින් අල්ලා ගත්තා. කිසිම ලේ වැගිරීමක් නැතිව තමයි සුද්දෝ උඩරට අල්ලා ගන්නේ. 
අපේම කලා ශිල්පීන් නිර්මාණය කළ මේසයක් හා පුටුවක් තමයි එදා ගිවිසුම අත්සන් කරන්න පාවිච්චි කළේ. මේ මේසය හා පුටුවට දැන් අවුරුදු 200 කට වැඩි බව කවුරුත් පිළිගන්නවා. මෙහි අපේ පාරම්පරික කලා ශිල්පීය හැකියාවන් පෙන්නුම් කරනවා. මෙහි පෞරාණික බව, භාවිත කළ සිද්ධිය හා භාවිත කළ පුද්ගලයින් පිළිබඳ සැලකුවහම එය පුරාවිද්‍යාත්මක විටිනාකමක් ඇති ආරක්ෂා කළ යුතු භාණ්ඩයක් බව පැහැදිලියි. 

අනෙක් කාරණය ඌව වෙල්ලස්ස කැරැල්ලට සම්බන්ධවූ අපේ විරුවන් දේශද්‍රෝහීන් ලෙස නම් කිරීම හා මෙම මේසය අතර සම්බන්ධයක් නැහැ. ඒ සිද්ධිය වන්නේ 1818 ජනවාරි 10 වෙනදා. උඩරට කැරල්ලට 1817 සැප්තැම්බර් 16 ඉඳාලා 1818 නොවැම්බර් 26 දක්වා තිබුණා. මේ සටනේදී අපේ දස දහසක් පමණ මරණයට පත්ව තිබෙන බව වධක පිටිය භාරව සිටි ජර්මන් ජාතික හෙන්රි මාෂල් පවසා තිබෙනවා...” 
පුරා විද්‍යා ගවේෂක, ජනශ්‍රැති පර්යේෂක, සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, මහනුවර ලෝක උරුම උපදේශක කමිටු සාමාජික විරාජ් විරංජන බාලසූරිය මහතා පවසයි. 


.දිනමිණ පුවත්පතේ පළවු ලිපියක් ඇසුරෙන් උපුටා ගැනීමකි

A day in the life

2025-04-17

කෙන් බාලේන්ද්‍ර වීරයෙක් .




සල්ලි හම්බ කරන එක මම දැන් නවත්තලා .
කෙන් බාලේන්ද්
‍‍
මෙරට ව්‍යාපාර නායකයන්ගේ ලෝකයේ, බොහෝ ජ්‍යෙෂ්ඨයන්ගේ ජ්‍යෙෂ්ඨයා ඔහුය. තවමත් ක්‍රියාකාරීව, නායකත්වයේ මෙහෙවරෙහි යෙදෙයි. කෙන් බාලේන්ද්‍ර යනු මෙරට ව්‍යාපාරික ලෝකයේ සන්ධිස්ථානයකි. චරිතයකි. නායකත්වයට පූර්වාදර්ශයකි. ජාත්‍යන්තරයට ගිය ශ්‍රී ලාංකිකයෙකි. ඔහු පිළිබඳ සෙවීම, විමසීම, අධ්‍යයනය කිරීම යනු දැනුම් සම්භාරයක් ලබා ගැනීමයි. සම්මුඛ සාකච්ඡාවක් ගැනීම උගහට වුවද එය අත් නොහළේ ද එබැවිනි.


පරක්කුවෙලා එන කිසි කෙනෙක් මං ඇතුළට ගත්තෙ නැහැ. එළෙව්වා. බ්‍රැන්ඩික්ස් සමාගමේදීත් එහෙමයි. එහෙම අයට මේසෙ මැද මං වීදුරු පෙට්ටියක් තියලා රුපියල් දාහක දඩයක් ගැහුවා. පරක්කුවෙලා එන අධ්‍යක්ෂවරු ඒ පෙට්ටියට රුපියල් දාහක් දැමිය යුතු වුණා. එකෙන් දෙකෙන් ඒ අය හැදුණා.
කෙන් බාලේන්ද්‍ර නම් දැවැන්තයා ඇතුළේ තව කවුද ඉන්නෙ...
සතුටින් හිනාවෙලා ඉන්න සරල මනුෂ්‍යයෙක්. හරියි කියලා හිතෙන දේ නොබියව කරන, මහන්සිවෙලා වැඩකරන, තමන් එක්ක වැඩකරන මිනිස්සුන්ව බලා ගන්න බොහොම ආදරණීය මනුෂ්‍යයෙක්.

මොනවද අද ඔබ මේ රටට කරන්නේ...
දැවැන්ත සමාගම්, බැංකු මොන තරම් කතා කළත් මං පඩියට වැඩ කරන එක නැවැත්තුවා. දැන් මං වැඩ කරන්නෙ, වෘත්තීය පුහුණු හා නිපුණතා අමාත්‍යාංශය යටතේ කෙරෙන වැඩසටහන්වලට විතරයි. ඒ, එක සතයක් හෝ නොගෙන. වෘත්තීය පුහුණුව රටේ ආර්ථිකයට ප්‍රබලව බලපාන සාධකයක්.
ඔබේ විශේෂඥ දැනුම තිබෙන්නේ, ව්‍යාපාර ක්ෂේත්‍රයේ. ඇයි වෘත්තීය පුහුණුවට යොමු වුණේ...
තෘප්තියට. අද අපේ රටේ ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක රැකියා අවස්ථා මිලියනයකට වඩා තිබෙනවා. පුහුණු ශ්‍රමිකයන් නැහැ. ඉදිකිරීම්වලට පිටරටින් සේවකයො ගේන්න වෙලා. තරුණ අය ත්‍රිවිල් පදවමින් වයසට යනවා. ලංකාවට කෝ තරුණ ශ්‍රමය. තරුණ ජවය. වෘත්තීය පුහුණුවට තියෙන ඉල්ලුම ලෝකෙ අති විශාලයි. අපේ තරුණ පරපුරට මං මුලා නොවී හොඳ රැකියාවක් කරන්න සහ ආර්ථිකය හදාගන්න අත්වැලක් වෙන්නයි මං මේ වැඩේට බැස්සේ.

ඔබ දැක්මක් ඇති නායකයෙක්. (Visionary Leader). ඒ නායකත්වය ඔබේ අනුගාමිකයන්ට දුන්නෙ කොහොමද...
හොඳම උදාහරණය අද ජෝන් කීල්ස් සභාපති සුසන්ත රත්නායක මහත්මයා. නියෝජ්‍ය සභාපති, අජිත් ගුණවර්ධන මහත්මයා. හැකියාවන්ගෙන් පිරිපුන් තරුණ විධායක නිලධාරින් සමඟ ඒ කාලෙ මං ‘2020 Team’ එකක් හැදුවා. මේ දෙන්න ම ඒ ටීම් එකේ අය. නොබියව කතා කිරීම, අධ්‍යක්ෂ මණ්ඩලය විවේචනය කිරීම... වගකීම... වගවීම, කණ්ඩායමෙන් බැහැර යන අය නැවත කණ්ඩායම තුළට ගෙන්වා ගැනීමට කටයුතු කිරීම වැනි පොදු අරමුණු ගණනාවක් මේ 2020 ටීම් එකෙන් නිරන්තර සිදුවුණා. ඒ හරහා නායකත්වය සඳහා අඛණ්ඩව අනුගාමිකයන් බිහිවුණා. ඔවුන්ගේ සිතිවිලි සෑම විටම සාමූහිකයි. ඒ වගේ ම, ආයතනික කේන්ද්‍රීයයි.

ඔබට අනුව හොඳ නායකයෙක් වෙන්නේ කොහොමද...
නායකයා යනු, විල්ලුද රෙදි කඩකින් එතූ යකඩයක්. කාරුණිකව කටයුතු කිරීම වගේ ම අවශ්‍ය තැනදි ඔහු තදට සිටිය යුතුයි. ඔහුට ප්‍රතිඵලයයි, මූලික. ආයතනික අරමුණු ඉලක්ක අබිබවා යන ආකාරයයි ඔහු නිතර සිතිය යුතු. තමන්ගෙ නිෂ්පාදන හෝ සේවාවේ විශිෂ්ටත්වය අඛණ්ඩව පවත්වාගෙන යෑම, තමන්ගේ සමස්ත සේවක මඩුල්ල කොයි තරම් විශාල වුවත් ඔවුන් තමන්ගෙ දැක්ම තුළ රඳවා ගැනීම අතිශය වැදගත්. සේවකයන්ගෙන් බලාපොරොත්තු වන විනය ඔහු තුළත් තිබිය යුතුයි. මේ වගේ කාරණා බොහෝමයක් තිබෙනවා.

හොඳ නායකයෙක් නොකළ යුතු දේ මොනවද...
සේවකයන් හා ගනුදෙනුවේදි පාවිච්චි කරන වචන උඩින් පල්ලෙන් අතපත ගෑ වදන් නොවිය යුතුයි. හරවත් දේ හැර මුසාබස් නොකිව යුතුයි. සේවකයන් රැවටීම, හංගාගෙන කතා කිරීම, ලොකුකම ආරූඪ කර ගැනීම ඔහුට තරම් නොවන දෙයක්. කිසියම් ප්‍රධානියකුට තමන්ගෙ සේවකයන්ට හිනාවකින් හෝ සංග්‍රහ කිරීමට නොහැකි නම් ඔහු සේවකයන්ගේ හිත්වලින් ඈත් වන්න පටන් ගන්නෙ එතැනින්. ඔහු අනවශ්‍ය ලෙස සතුරන් ඇති නොකර ගත යුතුයි. වංචා නොකළ යුතුයි. කේළම් ඇසුවොත් සමහර විට ඔහු නැති කර ගන්නෙ තමන්ගේ හොඳම සේවකයා. ඒ වගේ ම අනවශ්‍ය කාන්තා ඇසුර හා ඔවුන්ගේ අතකොලු බවට පත් නොවිය යුතුයි. එසේ වුවහොත් ප්‍රධානියා විතරක් නොවෙයි, ආයතනයත් විනාශ වෙනවා.

ආයතනයක් දියුණුවෙන්න බලපාන හොඳ ම සාධකයක් කියන්න...
ටීම් එකක නායකයා, අග්‍රගණ්‍යයේ ‘ප්ලේයර්’ කෙනෙක් විය යුතුයි. වයසක අධ්‍යක්ෂවරු මත ම ‍නොයැපී තරුණ ජවය හා තරුණ අදහස් ගන්නත් ඒවා ක්‍රියාත්මක කරන්නත් දක්ෂයෙක් විය යුතුයි. ආයතනයකට බොස්ලා වැඩක් නැහැ. අවශ්‍ය, වැඩදන්න හොඳ නායකයො පමණයි.

මොකක්ද ඔබේ මුල් ම රස්සාව...
හපුගස්තැන්න වතු යායේ ‘ක්‍රීපර්...’. මං සෙල්ලම් කරපු රගර් මැච් බලන්න ජේම්ස් ෆින්ලේ සමාගමේ යුරෝපීය ජාතික, ජෙනරල් මැනේජර් නිතර ආවා. එයා තමයි මට ෆින්ලේස් එන්න ආරාධනා කළේ. මං අවුරුදු හතක් ගත කළේ තේ සහ රබර් එක්ක. ටයිම් කීපින්... ඉංග්ලිෂ්... ඇතුළු බොහෝ දේ ඉගෙන ගත්තෙ දියුණු කරගත්තෙ මගේ ඒ පළවෙනි රස්සාවෙන්.

මොකක්ද ඔබේ ජීවිතය වෙනස් කළ Turning point එක...
‍ජෝන් කීල්ස් සමාගමේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වීම. බොස්ටොක් සහ බ්ලැක්ලර් සුදුජාතික මහත්වරුන්ට පස්සෙ සභාපති වුණේ මං. මම ඉල්ලුම් කරලා අාව එකම රස්සාව, ජෝන් කීල්ස් පමණයි. එතැනින් උඩට මං යන්නෙ පර්ෆෝමන්ස්වලින්. මට ම හදාගත්තු වටිනාකම්වලින්. ඒ වටිනාකම්වලට ලැබුණු ආරාධනා මතයි ඉතිරි සෑම දෙය ම සිද්ධ වුණේ.

වෘත්තීය ජීවිතය පුරා ම ඔබ ඉතා සතුටින් වැඩ කළ කෙනෙක්. මොකක්ද රහස...?
කාරණා දෙකක් තියෙනවා. එකක් රෝයල් එකේ ඉගෙන ගැනීම. දෙක රගර් ගැසීම. ඉතා දක්ෂ හොඳ ගුරුවරු යටතේ ඉගෙන ගත්තා. ගෙදර සහ පාසලෙන් ලැබුණු විනය අපිව හොඳ මිනිසුන් කළා. රගර් ගැසීමෙන් ලද පන්නරය දරා ගැනීම, හික්මීම සතුටින් වැඩ කරන්න හේතු වුණා. අනික තමයි, මේ වගේ හොඳ දේවල් එක්ක මං ගොඩනැඟුණු එක. මගේ ස්ටාර් එකත් හොඳ වෙන්න ඇති.

ජෝන් කීල්ස් සමාගමට ඔබ කළ හොඳ ම වෙනස කුමක් ද...
දෙයාකාරයි. එක ‘2020 Team’ එක හදපු එක. අනික ගැහැනු අයව ‘බෝඩ්’ එකට පත් කළ එක. අනුෂියා කුමාරස්වාමි... රජී ගුණවර්ධන වැනි හතර පස් දෙනෙක් අධ්‍යක්ෂ මණ්ඩලයට ආවේ ඒ වෙනසෙන්.

ඔබට තවමත් සමාගම්වලින් ආරාධනා ලැබෙනවද...
ඔව්. විදේශීය සමාගම්වලින් පවා. මං ජෝන් කීල්ස් සමාගමෙන් අයින් වුණාට පස්සෙ ඉන්ටර්නැෂනල් කම්පැනි කිහිපයක විධායක නොවන සභාපති, අධ්‍යක්ෂතනතුරුවල හිටියා. තේරුමක් නැහැ. තීන්දු තීරණ ගන්නෙ පිටරට තිබෙන මවු සමාගම. හැබැයි ඉන්නවට අපිට හොඳට ගෙවනවා. වැඩක් නොකර නමට විතරක් පඩියක් අරන් මොකටද... මං ඒ තැන්වලින් අයින් වුණා.

හැබැයි ඔබ හිටපු බොහෝ සමාගම්වල ඔබ ස්වර්ණමය යුගයක් හැදුවා.
එහෙම කළා නම් කළේ යථාර්ථවාදි දර්ශනයක් හරහා පමණයි. ඒකට කණ්ඩායම් හැඟීමෙන් යුතු ප්‍රායෝගික මනුෂ්‍යයෙක් වීම ප්‍රමාණවත්. ඒ හරහා සියල්ල ළඟා කර ගත හැකියි. ඉලක්ක අරමුණු සාක්ෂාත් කර ගත හැකියි.

කොයි තරම් ප්‍රායෝගික වුණත් සභාපතිවරයකුට පතුලට බැසිය හැකි සීමාවක් තිබෙනවා...
ඒ ගැන මං උදාහරණයක් කියන්නම්. එතකොට මං වෝකර්ස් ටුවර්ස් සමාගමේ සභාපති. නිකොමාන් සමාගමේ සංචාරකයො සියලු දෙනාව ම එව්වෙ අපිට. දවසක් මට කෝල් එකක් ආවා එයාර්පෝට් එකෙන්. ‘මෙහෙ ලොකු කලබලයක්. ඔයාලගේ සංචාරකයන්ගෙ බෑග් සංවිධානාත්මකව කට්ටියක් බලෙන් අරන් ගිහින් බස් එකට දාලා සල්ලි ගන්නවා කියලා. මං ගියා එයාර්පෝට්. ඊළඟ ෆ්ලයිට් එකේ ආපු හැම දෙනාගෙ ම බෑග් මම බස් එකට පටවන්න ගත්තා. පහුවැනිදා පත්තරේ මුල් පිටුවෙ ගියා ලොකු පින්තූරයක් ‘වෝකර්ස් සමාගමේ සභාපති, සංචාරකයන්ගේ බෑග් උස්සාගෙන යන අයුරු...’ කියලා. මේ තමයි මගේ විදිය. මගේ පෞරුෂත්වය.

කවුද ඔබට පූර්වාදර්ශ වූ ව්‍යපාර නායකයන්...
හපුගස්තැන්න වතුයායෙදි මට මුණගැහුණු මගේ පළමු බොස්, සේපාල ඉලංගකෝන් මහත්මයා. ඊළඟට ජෝන් කීල්ස් සමාගමේ මාක් බොස්ටොක් සහ ඩේවිඩ් බ්ලැක්ලර් මහත්වරු. ඔවුන්ගේ විශිෂ්ට ගුණාංග. මං මගේ ජීවිතයට ගත්තා වගේ ම මාව අනුගමනය කළ අයගෙ ජීවිතවලටත් ඒ දේවල් කා වැද්දුවා.

ඒ දේවල් ඔබේ ජීවිතයේ හැබෑවටම තිබුණ ද...
ඒ නිසා තමයි, ලංකා බැංකුවෙ, විනිමය හුවමාරු කොමිසමේ සහ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ විධායක නොවන සභාපතිව හිටි කාලයේ එක සතයක වැටුපක් නොගෙන වැඩ කළේ. එක වෙලාවක චන්ද්‍රිකා ජනාධිපතිතුමිය මගෙන් අහනවා, ‘කෙන් ඔයා මට හරි කරදරයක්. ඔයාට පඩි තුනක් ගෙවනවා. වාහන තුනක් තියෙනවා. සෙකට්‍රීස්ලා තුන්දෙනෙක් ඉන්නවා. මේ මුකුත් ම නොගන්න එක ප්‍රශ්නයක්...’ කියලා. මැඩම්! ඒක මගේ ප්‍රතිපත්තිය. ඒ වගේ ම, මගේ කොන්දේසිය...’ එච්චරයි. මං කිව්වෙ. රාජ්‍ය සේවයට මං, එදා වැඩ කළෙත් නොමිලේ. අද වැඩකරන්නෙත් නොමිලේ.

මොකක්ද, ඔබට ම ආවේණික Management Style එක...
ඒක, විශ්වවිද්‍යාලෙ ගිහින් ලොකු තියරිවලින් ඉගෙන ගත්තු එකක් නෙවෙයි. විශ්වවිද්‍යාලෙ නොගියට ජෝන් කීල්ස් සමාගමේදි මං විසිදාහක් විතර පාලනය කළා. මගේ ක්‍රමය තමයි, පහළ ම සිට උඩට යන කල් හැම සේවකයා එක්ක ම සමීපව වැඩ කිරීම. මගේ ළඟ පංති භේද නැහැ. ‘මහ ජාතිත්’ නැහැ.

ඔබ අනුගමනය කළ සුහදශීලී නායකත්වය හැම විට ම සාර්ථක වුණා ද...
ජෝන් කීල්ස්, සමාගමේදි වගේ ම මං විධායක නොවන සභාපති වෙලා හිටපු ලංකා බැංකුව වගේ රාජ්‍ය ආයතනවලදි පවා බෝඩ් මීටින්වලට පරක්කුවෙලා එන කිසි කෙනෙක් මං ඇතුළට ගත්තෙ නැහැ. එළෙව්වා. බ්‍රැන්ඩික්ස් සමාගමේදීත් එහෙමයි. එහෙම අයට මේසෙ මැද මං වීදුරු පෙට්ටියක් තියලා රුපියල් දාහක දඩයක් ගැහුවා. පරක්කුවෙලා එන අධ්‍යක්ෂවරු ඒ පෙට්ටියට රුපියල් දාහක් දැමිය යුතු වුණා. එකෙන් දෙකෙන් ඒ අය හැදුණා. යම් මීටිමකට කවුරු හරි පරක්කු වෙලා එනවා කියන්නෙ එතැන ඉන්න අනිත් අයගෙ විශාල මිනිස් පැය ගණනක් විනාශ කර දැමීමක්. ඒක ආයතනයකට හොඳ තත්වයක් නෙවෙයි.

බ්‍රැන්ඩික්ස් සමාගම, ඔවුන් ගේ නවීන කාර්යාල ගොඩනැඟිල්ල ඔබ වෙනුවෙන් නම් කළා නේද...
ඔව්. ජෝන් කීල්ස් සමාගමෙන් රිටයර් වුණාට පස්සෙ ඔවුන් මට ආරාධනා කළා, බ්‍රැන්ඩික්ස් සභාපති ධුරයට. අවුරුදු දහයක් මං ඔවුන් එක්ක වැඩ කළා. ඒ කාලය පුරා ආයතනය ලැබූ ප්‍රගතිය, දැක්මක් ඇති කණ්ඩායමක් බිහිකිරීම වැනි කාරණා මුල් කරගෙන තමයි ඔවුන් මේ ඇගැයීම කළේ. බ්‍රැන්ඩික්ස් හෙටත් ඉදිරියට යන්නෙ මං හදපු ඒ සමහර සංකල්ප එක්ක. ඒ ගැන මට හරි සතුටුයි.

ළමා කාලෙ ගැන ඔබට තිබෙන හොඳ ම මතකය කියන්න...
පුංචි කාලෙ අපි හිටියෙ කොල්ලුපිටියෙ 25 වැනි ලේන් එකේ පොඩි කුලී ගේක. අපේ ගෙවල් පිටිපස්සට වෙන්න, ඒ කියන්නෙ අද ලිබර්ටි ප්ලාසා එක තියෙන තැන ඔක්කොම තිබුණෙ මුඩුක්කු ගෙවල්. ළමයි ගොඩයි. අපි ඒ ළමයි එක්කත් සෙල්ලම් කළා. තාරවත් දමලා නැති ගුරුපාරක් වෙච්චි ඩුප්ලිකේෂන් පාරෙ තමයි අපි ක්‍රිකට් ගැහුවේ. බයිසිකල් පැද්දෙ. ලිබර්ටි ප්ලාසා පහුකරන හැම වෙලාවක ම ඒ ලස්සන අතීතෙ මට මතක් වෙනවා
.
එතකොට ඉස්කෝලෙ ගියේ..
ඩුප්ලිකේෂන් පාරේ ඉඳන් රෝයල් එකට මිනිත්තු පහළොවක දුරක්. අපි හැමදාම ගියේ පයින්. ඉඳහිට රික්ෂෝ එකේ. අපේ ගේ ළඟ තිබුණා ‘ජෝන් ඇන්ඩ් කම්පනි’ ස්ටුඩියෝ එක. ඒකෙ අයිතිකාර මහත්තයයි එයාගෙ පුතයි ඉඳහිට අපිව කාර් එකෙත් දාගෙන ගියා.

එ‍තකොට යාපනෙත් එක්ක තිබුණු සම්බන්ධතාව මොකක්ද...
මං ඉපදුණේ යාපනේ. ඉනුවිල් ඉස්පිරිතාලේ. ආච්චි සීයා එහේ. නංගිව මල්ලිව ලැබෙන්න ඉන්නකොට අම්මා හැම වාරෙකම යාපනේ ගියා. තාත්තා නිවාඩු කාලෙට අපිවත් අරන් තාත්තගේ ‘රේල්වේ වොරන්ට්’ එකෙන් යාපනේ ගියා. ඉතින් මුළු නිවාඩු කාලෙ ම අපි ගත කරන්නේ නෑයන්ගේ ළමයි එක්ක.

ඔබ වගේ කෙනෙක් ළමා කාලෙත් අදක්ෂයෙක් වෙන්න බැහැ...
මං දක්ෂ ව‍ුණේ සෙල්ලම් කරන්න. තාත්තා වැඩට යන්න ලෑස්තිවෙලා පාන්දර හතරහමාරට අපිවත් ‘පඩි... පඩි... පඩි... (පාඩම් කරන්න... පාඩම් කරන්න) කිය කියා කූද්දනවා. මං අනිත් පැත්ත හැරිලා බුදියනවා. ඕ ලෙවල්ස්වලින් මං ක්‍රෙඩිට් පාස් පහක් ගත්තා. 
හැබැයි මෙඩිකල් කොලේජ් යන්න ම හිතාගෙන ලියපු යුනිවර්සිටි එන්ට්‍රන්ස් ෆේල්.

ළමයෙක් හැටියට ඔබට තිබුණු හීන සහ අරමුණු මොනවද...
අම්මා තාත්තාට ඕනෙ කළේ මාව ඩොක්ටර් කෙනෙක් කරන්න. මං ආසා කළේ ශ්‍රී ලංකාවේ ටීම් එකට රගර් ගහන්න. ඒත් ඒක බැරිවුණා. 1957, 58, 59, 60 මුළු කාලෙ ම ඉස්කෝලෙට රගර් ගැහුවා. බ්‍රැඩ්බි කුසලානෙට ට්‍රිනිට් එකත් එක්ක සෙල්ලම් කරපු එකයි, සි‍ලෝන් බාබේරියන්ස් ටීම් එකේ සෙල්ලම් කරපු කාලෙයි තමයි මගේ හොඳ ම කාලෙ. රෝයල් එකෙන් අස් වෙන‍කොට මං රග්බි ටීම් ‍එකේ වයිස් කැප්ටන්.

ජීවිතයේ අරපිරිමැස්ම... අඩුපාඩුකම් කවදාවත් විඳලා තියෙනවද...
‘ජැෆ්නා ටැමිල්’ මිනිස්සුන්ට අරපිරිමැස්ම අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. ඒක ඔවුන්ගේ ඇ‍ඟේ ම තියෙනවා. නගර සභාවේ රස්සාව කරපු තාත්තගෙ පඩිය රුපියල් හත්සිය පණහයි. ළමයි පස්දෙනෙක්. හිටියෙ කුලී ගේක. අම්මා - තාත්තා දරුවො ඇතුළු හත් දෙනෙක් ජීවත් වුණේ ඒ පඩියෙන්. සරල කෑම් බීම්, සරල ඇඳුම් පැලඳුම්...

අඩුපාඩුකම් දරා ගනිද්දිත් ඔබ එහෙම ම හිතුවද...
කවදාවත් ඒවා ලොකුවට හිතුවෙ නැහැ. එන හැටියට මුහුණ දුන්නා. දවසක් GOH එකේ ලොකු මඟුල් ගෙදරකට අපේ හිතවතකුගෙන් අයියටත් මටත් ආරාධනා ලැබුනා. ඇඳුම් තියෙන්නෙ අයියට විතරයි. මට නැහැ. ඉතින් මොකද කරන්නේ, ඉස්සරවෙලා අයියා ගියා. එයා ගිහින් ගෙදර ආවම ඒ ඇඳුමම ඇඳගෙන මාත් ගියා. අඩුපාඩුකම් ඉදිරියේ අපි ජීවිතේ සමහර දේවල් බෙදා ගත්තෙ එහෙමයි.

ඔබ වගේ කෙනෙක් ඇයි හැමදාම අනුන්ට විතරක් වැඩකළේ...
ෆින්ලේස් හැරුණුකොට ජෝන් කීල්ස්... වෝකර්ස් ටුවර්ස්... චෙව්රෝන් ලුබ්රිකන්ට්ස්, ටුබැකෝ, ඇමරිකන් ටුබැකෝ... බ්‍රැන්ඩික්ස්... මේ හැම තැනකම මං හිටියෙ ඉහළ ම තනතුරුවල. ඔවුන් මට හොඳට ගෙව්වා. මාව බලා ගත්තා. මං රටවල් තිහ හතළියකට ගියා. ගුවන් යානයක ගියත් ඒ පළවෙනි පංතියේ. මං හුඟක් කැමැති නැව් සංචාරවලට. ඇති තරමට ඒවත් ගියා. ඉතින් වෙන මොනවද... මට කවදාවත් හිතුණෙ නැහැ, මගේ ම බිස්නස් එකක් කරන්න.

කෝ ඔබ තුළ හිටි ක්‍රීඩකයා...
තව ම ඉන්නවා. සතියකට දෙපාරක් ගොල්ෆ් සෙල්ලම් කරන්නෙ, තුන් හතර දවසක් ජිම් යන්නෙ ඒ ක්‍රීඩකයා ම තමයි. වයස 76යි. ඒ වුණාට මට එහෙම හිතෙන් නෑ. දැනෙන්නෙත් නැහැ. මගේ වයිෆ්ට ඕනෙ දැන් මට යෝගා කරවන්නත්.

බිරිය ඔබට හුඟක් ආදරේ හැඩයි..
ඔව්. ඔව්. එයා මට මුණගැහුණෙ හපුගස්තැන්න වත්තෙ වැඩකරන කාලෙ. එයා රත්නපුර හොස්පිට්ල් එකේ ඩොක්ටර් කෙනෙක් විදියට වැඩ කළා. එයාගෙ නම ස්වෛරී. සිංහල බෞද්ධ. මං දෙමළ හින්දු. අපි මුණ ගැහුණා. ආදරේ කළා. කෝවිලේදි පෝරුවේදි විවාහ වුණා. දරුවො ලැබුණට පස්සෙ එයා වෛද්‍ය වෘත්තිය අත්හැරියා.

ජ්‍යෙතිෂ්‍ය විශ්වාස කරනවද...
මම නෙවෙයි අම්මලා හුඟක් විශ්වාස කළා. මගේ ලග්නෙ ධනු. අවුරුදු 81 දි මං මැරෙනවා කියලයි සාස්තරකාරයො කියලා තියෙන්නෙ. මං ඉතින් දැන් බලාගෙන ඉන්නවා. (හිනැහෙමින්)

තාත්තෙක් හැටියටත් ඔබ සාර්ථකයි කියලා හිතෙනවද...
ක්‍රිෂාන් බාලේන්ද්‍ර මගේ පුතා ජෝන් කීල්ස් සමූහයේ විධායක අධ්‍යක්ෂවරයෙක්. නටාෂා බාලේන්ද්‍ර මගේ දුව. ළමා රක්ෂණ අධිකාරියේ. මේ දෙන්නගේ ළමයින් පස් දෙනා තමයි දැන් මගේ යාළුවෝ. මහා තක්කඩි රැලක් (හිනැහෙමින්). මට නටන්න... සිංදු කියන්න.... දුවන්න... හැංගෙන්න, සෙල්ලම් කරන්න ඇති තරම් අවස්ථා තියෙනවා මේ පස්දෙනාගෙ කල්ලිය නිසා.


ඉනෝකා පෙරේරා බණ්ඩාර
විශේෂ ස්තුතිය
මයිකල් කිත්තම්පහුව මහතාට
ඡායාරූප - විමල් කරුණාතිලක

2025-04-16

අවුරුද්ද ඉවරයි.....




සිංහල දෙමළ අලුත් අවුරුද්දක මතක.
අවුරුදු සමරලා එවරයි. රතිඥ්ඥා හඩත් වියකිලා ගිහින්.
අපිට ( මධ්‍යම කදුකරයට ) වැස්ස නිසාදෝ කොහා ආවෙම නැහැ .
මැයි මාසයේ පරිසරය උණුසුම් වෙන කොට වෙසක් අරන් කොහා ඒවි.

 අවුරුද්ද සමරන්න අපේ රටේ අය  එකිනෙකා එක එක විදියට.

ගමේ ගොඩේ අපි වගේ ( බයියන් )  අය තාමත් පරණ හණමිටිය කරේ ගහගෙන නැකත් සාශ්‍ත්‍රයට මුල් තැන දෙමින්  සංස්කෘතික අංග අනුගමනය කරනවා. රූප මාධ්‍ය නම් ඔය ඔක්කොම කළවම් කරගෙන වැඩ සටහන් කරනවා. කොහොමත් අපේ මාධ්‍ය කරන්නේ විලම්බීතමනේ. දේශපාලකයන්ට අනුව අවුරුද්ද පුනරුදයට අහුවෙලා. අවුරුදු හැත්තෑහයක් රට කරපු හොරු දූෂකයෝ රට නැති බංගස්තාන කරපු හැත්ත අවුරුදු නැකතට කිරි උතුරලා කිරිබත් කාලා ගණුදෙනු කරලා අනුගමනය කරපු  ගතාණුගතික ක්‍රමය මේ අවුරුද්දේ වෙනස් වෙලා. අලුත් ඇත්තෝ මොනවද කලේ කියලා රට දන්නේ නැහැ. අවුරුදු කියලා රාජ්‍ය උත්සවයක් නැහැ. තොයිතරම් සරල ද ?. හොද ද  ?.

නාස්තිකාර වියදම් ඇත්තේ නැහැ .දිගින් දිගටම මේ අවුරුද්ද ආදර්ශයට ගත්තෝත් අවුරුදු දෙක තුනක් යන කොට බයියන්ගේ සම්ප්‍රදායික සිරිත් විරිත් නැත්තටම නැති වෙලා රට නිදා ගන්න සතියක් වැඩකරන සතියක් බවට පත් කර ගන්න ප්‍රල්‍රවන්.  

  රට වෙනස් කරන්න පුලුවන් වුනත් ලෝකේ වෙනස් කරන්න අපිට බැහැ. දකුණු අග්නි දිග ආසියාණු රටවල් මේ අවුරුදු සැමරුම සිද්ධ කරනවා. මෙයාලත් අපිට සමගාමිව එකම කාලවකවාණුවක තමයි අවුරුදු සමරන්නේ. දෙමළ අලුත් අවුරුද්ද ,තායි අලුත් අවුරුද්ද බෙංගලියන්ගේ බෙංගලි අලුත් අවුරුද්ද කාම්බෝජයේද කාම්බෝජ අලුත් අවුරුද්ද, ලාඕසයේදී ලාඕ අලුත් අවුරුද්ද මියන්මාරයේ තිංග්යන් සහ ඉන්දියාවේ ඔරියා අලුත් අවුරුද්ද අපේ අවුරුද්ද හා බොහොම සමාන කම් දක්වන අවුරුදු උත්සව.

 නැකත් ගැන අවධානය යොමු කරන අය හිතන්නේ සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේදී අවුරුද්ද උදාවෙන බවයි. සුර්යා රේවතී නැකතෙන් අස්විද නැකතට සංක්‍රමණය වෙන අවස්ථාවේ අවුරුදු උදාවන බවත් නැකත් සාස්ත්‍රය අනුගමනය කරන්නෝ පවසනවා.

අවුරුද්දේ නැකත් විධ අනුගමනය කරන්නෝ 
  • අලුත් අවුරුදු උදාව
  • නව සඳ බැලීම
  • පරණ අවුරුද්දේ අවසන් ස්නානය
  • කෑම පිසීම
  • වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර ගැනීම
  • හිස තෙල් ගෑම
  • රැකියාවට පිටත්වීම
  • අවුරුදු උත්සවය පැවැත්වීම    
වැනි චාරිත්‍ර විධි අනුගමනය කරනවා. මේවා දැන් දැන් වෙනස් වෙලා. අතීතයට එක්වෙලා .අතීතයට එක් වෙමින් තියෙනවා. හාස්‍යයටත් අවතක්සේරුවටත් ලක්වෙමින් පවතිනවා.

කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු පුරුදුව සිටි අපේ බාලකාලය මතක්වෙනවා. බක් මාසේ වැස්ස පටන් ගන්නේ මාර්තු අවසන් සතියේ තරම. ඊට පෙර වී ගොවියෝ තම අස්වැන්න ගෙට ගන්නවා .අප්රේල්  මුල් සතිය අවසන් වෙන කොට ගොවිතැන් කටයුතු වලින් විරාමයක් ලැබිලා විවේක කාලය එලඹෙනවා. ඉතින් අපට අවුරුදු තමයි. අලුත් ඇදුම් පැළදුම්, ගෙවල් දොරවල් අලුත් වැඩියා කරලා කල එලියට පත් වෙනවා. ගෘහ භාණ්ඩ වෙනස් වෙනවා. නෑදෑයෝ එහාට මෙහාට නෑ ගම් යනවා. කෝන්තර ආරවුල් විරසක සමතයකට පත් වෙලා එකම මේසේ කකාබිබි සතුටු සාමිචියේ යෙදෙනවා......ඉතින් අවුරුදු නෙමෙයි ද ?.

මේවා බයියන්ට අයත් දේවල් වෙලා බයියනුත් සමග විනාශයට  පත් වෙනවා දකින්න කැමති ටොයියෝ ඉන්නවා.  වැරද්දක් නැහැ. අද ගොවිතැනට බතට නෙමෙයිනේ මුල්තැන !.

ගමෙන් නගරයට සංක්‍රමණය වෙලා යන්ත්‍ර සූත්‍ර වල හිරවෙලා , කඩදාසි ලිපි ගොනු වල හිරවෙලා. ජීවිතයම දුෂ්කරක්‍රියාවක් පත්වෙච්ච ජනතාවකට මේ කාලය හුස්මක් ගන්න සබ්බ සකල ගතමනාව දිය කරලා හරන කාලයක්. ඒ පැත්ත බලලා මේ පැත්ත බලන කොට බැංකු ගිණුම දාලා ගිහින් මැයි මාසේ අන්තිම වෙනකම් දැවෙන ගින්නට දෑස නිලන්කාර වෙලා.


ඔන්න
 අවුරුදු ..............

 A day in the life