ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2025-03-13

මැදින් පොහොය



ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහෝ දිනය දෙමව්පියන්ට ගෞරව කිරීම සැලකීම කියා දෙන උතුම් වූ පුන් පොහෝ දිනයකි. බෝසත් චරිතයෙන් සහ බුද්ධ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයකි දෙමව්පියන්ට සැලකීම.

දෙමව්පියන්ට උපස්ථාන කිරීම, අඹු දරුවන්ට සැලකීම, යහපතෙහි යෙදීම උතුම් මංගල කාරණයක් බව බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ දේශනා කර තිබේ.

බුද්ධත්වයට පත්වීමෙන් පසුව සිය පියාට සංග්‍රහ කිරීම සඳහා බුදුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කිරීම සිදු වන්නේ අදවන් මැදින් පුර පසළොස්වක පොහෝ දිනකය.

බෝසතාණන් වහන්සේ ගිහි ගෙයින් නික්ම වුණ දවසේ සිට සුද්ධෝදන රජතුමා තමන්ට සිටි එකම පුත්‍ර රත්නය ගිහි ගෙය අතහැර යෑම පිළිබඳව මහත් අසහනයකින් දුකකින් සිටියහ. සිදුහත් කුමාරයා ගිහි ගෙය හැරගිය දවසේ සිට ඔහු පිළිබඳව සොයා බැලීමට කටයුතු කළා. ඉන්පසු බුද්ධත්වයට පත්වීමෙන් පසුව සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට මහත් ආසාවෙන් සිටි නිසා බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩමවාගෙන එන ලෙස පණිවිඩකරුවන් පිටත් කර හැරියා. එහිදී බුදුන් වහන්සේ බැහැ දැක බණ අසා එම පිරිස් ද පැවිදි දිවියට පත්වුණා.

අවසානයේ කාළුදායි ඇමැතිවරයා දහසක් පිරිවර සමග බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරවා ගෙන එන ලෙස සුද්ධෝදන රජතුමන් දැනුම් දුන්නා. එහිදී බුදුන් වහන්සේ බැහැ දැකීමට ගිය කාලුදායි ඇමැතිවරයා ඇතුළු පිරිස ද එහිදී බණ අසා මාර්ගඵල අවබෝධය ලබා පැවිදි දිවියට පත් වුණා. පසුව නිසිකල් පැමිණි පසු බුදුරජාණන් වහන්සේ විසි දහසකට අධික භික්ෂූන් වහන්සේලා පෙරටු කරගනිමින් සිය පියා හමුවීම සඳහා කිඹුල්වත් නුවරට වැඩම කළහ. බුද්ධත්වයට පත්වීමෙන් පසුව සිය පියාට සංග්‍රහ කිරීම සඳහා මෙහිදී කිඹුල්වත් නුවරට බුදුරජාණන් වහන්සේ වැඩම කිරීම ද මේ අනුව මැදින් පුර පසළොස්වක පොහෝ දින සිදුවීම ද සුවිශේෂි වේ.

දෙමාපියන්ගේ වටිනාකම දන්නා බුදුරජාණන් වහන්සේ ඒ අනුව සිය පියා හමුවීම සඳහා කිඹුල්වත් නුවරට වැඩම කළහ. එහිදි සුද්ධෝදන රජතුමන් බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලාට දානය පිළිගැන්වූහ. එහිදී බුදුරජාණන් වහන්සේ රැස්ව සිටි පිරිසට ධර්මය දේශනා සිදු කළහ. මෙහිදී ගිහියකු වූ සුද්ධෝදන රජතුමා බණ ඇසීමෙන් පසුව සකෘදාගාමි මාර්ගඵල අවබෝධයට පත්වනවා. එතැන් සිට සුද්ධෝදන රජතුමා රාජකීය සුඛවිහරණ අත්හැර ඉතා සරල අල්පේච්ඡ දිවියක් ගත කළ බවද ශාසන ඉතිහාසයේ සඳහන් වනවා.

මානය අධික ශාක්‍ය වංශිකයන්ගේ මානය බිඳ දමා ඔවුන්ට සසරින් එතෙරවීමට මග පෙන්වා දුන් දිනයක් ලෙස ද මැදින් පුර පසළොස්වක පොහෝ දින හැඳින්විය හැකිය.

මැදින් පුර පසළොස්වක පොහෝ දිනයේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කළේ සිය ඥාතීන්ට සංසාර බැඳීමෙන් මුදා ගැනීමේ උතුම් අරමුණු ඇතිවය. නමුත් වයසින් ලාබාල බුදුන් වහන්සේට ගරු කිරීම වන්දනා කිරීම අසුන් පනවා පිළිගැනීම් ආදිය වතාවක් ශාක්‍යයන් බැහැර කෙරිණ. මේ නිසා ඥාතීන් ඉදිරියේ යමා මහ පෙළහර පාමින් ශාක්‍යයන්ගේ මානය දුරු කිරීමට බුදුරජාණන් වහන්සේ කටයුතු කළා.

එසේම සුද්ධෝදන රජතුමා තෙවන වරට පුත්‍ර වන්දනය සිදුකළ පෝය ලෙස ද හඳුන්වයි.

යසෝදරා දේවියගේ ගුණ වර්ණිත පෝයක් ලෙස ද මැදින් පුර පසළොස්වක පොහෝ දිනය හඳුන්වා දිය හැකිය. සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙය අතහැර යෑමෙන් පසුව යශෝධරා දේවිය ද සියලු සුවපහසු සුඛෝපභෝගී ජීවිතය හරිමින් අල්පේච්ඡ දිවියක් ගත කළා. පසුව බුද්ධත්වයට පත් බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කිරීමෙන් පසුව ඇයට ගෞරව කිරීම සඳහා යශෝධරා දේවියගේ කුටියට වැඩම කළේය. එහිදී යශෝධරා දේවියගේ ප්‍රේමය හා කැපවීම සංසාරික බැඳීම බුදුන් වහන්සේ අගය කරමින් පතිභක්තියේ ඇති කැපවීම පිළිබඳව කියැවෙන සඳකිඳුරු ජාතකය දේශනා කළේය.

රාහුල කුමරු සසුන්ගත වීම සිදුවූයේද අද වන් මැදින් පුර පසළොස්වක පොහෝ දිනකය. කිඹුල්වත් නුවරට වැඩම කළ බුදුරජාණන් වහන්සේගෙන් සත් හැවිරිදි කුඩා රාහුල කුමාරයා බුදුරජාණන් වහන්සේගේ අතේ එල්ලී දායාද ලබා දෙන මෙන් ඉල්ලමින් ගමන් කළා. මෙහිදී බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයා පැවිදි දිවියට පත් කළ බවද ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

එසේම මෙතෙක් අනුගමනය කළ ඒහි භික්ෂු භාවයෙන් මහණ කිරීමයි. ඒ වෙනුවට හිස මුඩු කර, සිවුරු පොරවා මහණ කිරීම රාහුල කුමාරයාගෙන් ආරම්භ වූයේද අදවන් පුන් පොහෝ දිනකය.

දෙමාපිය අවසරයකින් තොරව දරුවන් පැවිදි දිවියට පත් නොකරන මෙන් සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් සිදු කළ ඉල්ලීම අනුව බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ශික්ෂා පදය වූ දෙමව්පියන්ගේ අනුදැනුමකින් තොරව දරුවන් පැවිදි නොකිරීමේ විනය නීතිය ද පනවන ලද්දේ මැදින් පුර පසළොස්වක පොහෝ දිනයක වීම ද විශේෂත්වයකි.

සිදුහත් කුමරුන්ගේ සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමිය ද බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත් වූයේද අදවන් දිනකය.

උතුම් සිරිපා වන්දනාව ආරම්භ කරන පෝය ලෙසද මැදින් පුර පසළොස්වක පොහෝ දිනය සුවිශේෂී වනවා. ජනතාවට සිරිපා වන්දනා කිරීමට සමනල කඳු මුදුනට ගමන් කිරීමට හැකි පාරිසරික වටපිටාවකින් හෙබි කාලයක් ලෙස මෙම කාලය බෞද්ධ ජනතාව තුළ සම්මතයක් පවතී. මේ අනුව දිවයිනේ නන්දෙසින් මැදින් පුර පසළොස්වක පොහෝ දිනයේ පැමිණෙන ජනතාව සමනල කන්ද තරණය කරමින් සිරිපා වන්දනා කිරීම සිදු කරයි.

මෙලෙස සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අප ජීවිතවලට ළඟා කළ ගත යුතු බොහෝ ගුණ ධර්මයන් රැසක් කියාදෙනවා. උතුම් නිර්වාණයට මග පෙන්වන දෙමාපියන්ට සැලකීම, කෘතගුණ සැලකීම ආදී සුවිශේෂී ගුණධර්මයන් මේ අතර වැදගත් වනවා.

වර්තමාන සමාජය දෙස බලන විට අපගේ දෙමාපියන් දරුවන් හදා වඩා ගත්ත ද ඔවුන් වැඩිහිටියන් බවට පත්වීමෙන් පසුව සමහර දරුවන් දෙමාපියන්ට නැති වැරදි කියමින් දොස් පවරමින් අතහැර දමා සිටින අයුරු දක්නට ලැබෙනවා. ඇතැම් අය ගහනවා බනිනවා, මේවා පංචානංකරිය කර්ම. අද වනවිට සමහර දෙමව්පියන්ට ජීවත්වීමට නිවසක් නොමැතිව, කුසට ආහාරයක් නොමැතිව මහ මගට වැටී සිටිනවා. වැඩිහිටි නිවාසවල ජීවත් වනවා. මෙය වර්තමාන සමාජයේ ඛේදවාචකයක් බවට පත්ව තිබේ.

මේ උතුම් මැදින් පුර පුන් පොහෝ දිනයේ අපගේ හැදෙන වැඩෙන දරුවන්ට සිහිපත් කරන්නේ ඔබ වැදූ හැදූ මවට පියාට ගෞරව කිරීමට සැලකීමට කටයුතු කරන ලෙසයි. එසේම සමාජයේ යහපත් පුරවැසියන් ලෙස උතුම් වූ ධර්මය මග යමින් යහපතෙහි යෙදෙමින් මේ සංසාර ගමනේ උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා කටයුතු කළ යුතුය.

රැළපනාවේ ධම්මජෝති නාහිමි

අනුරාධපුර ඓතිහාසික ලංකාරාමාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
දිවයින - මාර්තු 13.


A day in the life

2025-03-11

ඉතින් මැරිලාම බලමු.



අපි කවුරුත් මරණයට පත්වෙමු.

උපන්දා සිට යන ගමන කෙළවරවන්නේ මරණයෙනි.
මේ අතරවාරයේ කොයිතරම් වෛවාරන කරන්නේද යන්න ආපසු හැර බලන්නේ නම් බැරෑරුම් සහගත දුකක් මිස සතුටක් ඇතිවෙන්නේ නැතැයි මීදුමට  සිතෙයි.

හැමදෙනාම තම පෞද්ගලික යථාර්තය පතා කටයුතු කරයි. එහිදි තවකෙකුට දුකක් කදුලක් උරුමවුවත් ඒ නොසලකා හරියි. 
පසුගිය දෙසතියේම මීදුමට මළ ගෙවල්ය.
තරුණ අසල්වැසියෙක් බහින් බස් වීමේ ප්‍රතිපලයක් ලෙස එකම මධුවිත පානයකරමින් සිටි සගයින් දෙදෙනෙකු විසින් කපා කොටා ඝාතනය කොට තිබිනි.

අසරනවුයේ තරුන බිරිද සහ දරුවන් දෙනෙකි.
අනෙක් මළ ගෙවල් දෙකම වයෝවෘද්ධව ගිලන්ව සිට ආත්මය මුදාගත් අසල්වැසියන් දෙදෙනෙකුගේය.

කොරෝනාව මළ ගෙවල්වල සංස්කෘතිය යම් තරමක් වෙනස් කරමින් ඇතැයි මීදුම උපකල්පනය කරයි.පෙර කල දින දෙක තුනක් අවසන් ගෞරව පවත්වන්නට කාලය වෙන් කරන මුත් අද මියගිය දිනට පසුදින දක්වා කාලය කෙටි කරගෙන  තිබේ.

සන්නිවේදන මාධ්‍ය දියුණු වීමද මෙයට හේතුවක් වන්නටද ඇත.
දැන් සිකුරාදා ,අගහරුවාදා පෝය දින නුසුදුසු දින ලෙස සලකා සිරුර රදවා තබාගන්නා අදහස් බැහැර වී සතියේ දින හතම අවසන් කටයුතු කිරීම සුදුසු දින බවට පත්වී ඇති බවකි.

මරණයද ව්‍යාපාර නිමිත්තකි.

මියගිය වහාම ඥාතී හිතවතුන්ට සිහිපත්වන්නේ අවමංගල අධ්‍යක්ෂක වරුය.
නිවසක රෝහලක සිදුවු මරණයක් නම්  මේ අවමංගල අධ්‍යක්ෂකවරුන් පණිවිඩයක් ලත් සැනින් පැමිණ ඔවුන්ගේ ශල්‍යාගාරවලට සිරුර ගෙන යති.
ඥාතින් විසින්  විසිතුරු බහාලනය තෝරාදීම , ඇදුම් පැළදුම් පිළිබද අදහස් දීම සිදුකිරීමේ වගකීම පමනක් ප්‍රමාණවත්වේ.

ඔවුන් ඉදිරිපත් කරන පැකේජයන් බහාලනය.සිරුර සැකසීම , ප්‍රවාහණය , අමුත්තන්ට සංග්‍රහකිරීමට අවශ්‍යනම් ඒ පිළිබද මෙනුව,පාංශකූල කටයුතු සුසානාගාරය වෙන්කරවා ගැනීම් ආදී මළගෙදරක සිදුවිය යුතු සියල්ල ඇතුලත්වේ.
අධීක්ෂනයද ඔවුන් සිදුකරන අතර මළවුන්ගේ සමීප ඥාතින්ට සිදුකිරීමට ඇත්තේ අමුත්තන් පිලිගැනීමත් පිලිසදරේ යෙදීමත් පමනි.
මිහිදන් වන්නට හෝ දැවී අලුවී යන්නට යන අවසන් ගමනේ  ටයි කෝට් ඇදි අවමංගල අධ්‍යක්ෂකවරු පෙර ගමන් යන්නේ ශොකාකුල මුහුනකිනි. අවමංගල්‍ය පෙරහැරට අමුතු උදාරත්වයක් පැකේජය තුලින් ලැබී ඇති බව මීදුම සිතයි.

පසුගිය ජනධිපතිවරණ සමයේ මීදුමගේ ඥාතිවරයෙකු මීදුම අතහැර ගියේය. අවසන් කටයුතු සුදානම් කරමින් සිටින අතර දේහය මල් ශාලාවෙන් ලබා ගැනීමට ගිය විට අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු  යම් යම් වාරණ ඉදිරිපත් කලේය.
“එහෙම හිතුමතේ ගෙන යන්න බැහැ ..’මේ වීඅයිපී දේහයක්. ‘
මීදුමට කාලය කළමනාකරනයේ  ගැටලුවක් වු හෙයින් දේහය නිවසට කඩිනමින් ගෙන යාමේ අවශ්‍යතාවයක් තිබිනි.
මීදුම “ මිත්‍රයා මම එන්පීපී ඔය වැඩේ ඉක්මන් කරමු “ යයි අධ්‍යක්ෂක වරයාට නැවත ඉල්ලීම ඉදිරිපත් කෙරිනි. 

නිහඩවු ඔහු  කඩිනම්ව කටයුතු ඉටු කිරීමට පෙළබිනි.
අතුරු කතාවක් වුවත් ඒ දිනවල එන්පීපී බලවත් වචනයක් විය.

නාගරික සමාජය තුල මෙසේ වුවත් තවමත් ගමට මේ අංගෝපාංග එලෙසම පැමිණ නැත.

එහෙත් මල්ශාලා අවමංගල්‍ය අධ්‍යක්ෂකවරුන්ගේ භුමිකාව යම්දුරට බලපෑම් කරන්නේය.
මල්ශාලාවෙන් නිවසට ගෙන එන දේහය නිවසේ සාලයේ ප්‍රදර්ශණ භාණ්ඩයක්ව තැන්පත්වන්නේය. 
 සිරුරට අවසන් ගෞරව පැමිණිමට ඥාතී හිතවතු හට ආහාර පාන වලින් සංග්‍රහ කිරීමේ පිලිවෙතක් ඇත.

එසේ නොවුනහොත් “ තේ එකක් වත් දුන්නේ නෑහැ නේ “ අවලාදයක් ගොඩනැගෙන්නේය.

පෙර නම් දින දෙක තුනක් මේ කටයුතු ස්වේච්ඡාවෙන් කරන කණ්ඩායම් ගම්වල සිටියේය. දැනුත් සිටියත් කාලය ලඝුවීම ඔවුන්ට පහසුවීමක් වී ඇත.
පලතුරු බීම. බිස්කට් ,තේ කෝපි ,දිවා රාත්‍රී අහාර සැපයීම ඔවුන්ගේ කටයුත්තය
නිවසේ තොතනක හෝ තැබෙන ආධාර ලේඛණයක නම් සදහන් කරන පැමිනෙන ගම්වැසියෝ වියදම සමසේ බෙදා ගෙන මළගෙදර නිවසියන් මේ බාර දුර කටයුත්තේ බරපැනින් මුදා හරින්නේය.සමහර ගම්වල අවමංගල්‍යාධාර සමිති පිහිටුවා ගෙන ඇති බැවින් එහි සමාජිකයෝ මෙම කටයුතු වලට දායක වන්නේය.

මෙවැනි ආධාර කිරීම් අනවශ්‍ය ස්ථානද ගම්වල ඇත.සමීප ඥාතීන් එක්ව අහාර වේල් සපයා දායක වන අතර සමාන්‍ය සංග්‍රහ කටයුතු නිවසියන් විසින්ම සංවිධාණය කර ගනු ලබයි .අතිරේක පුටු,තාවකාලික ආවරණ ,ආහාර පැන සැපයීම සදහා කේටරින්ග් සේවා දැන් ගම්වලටද ව්‍යාප්ත වී ඇති බැවින් සංවේගප්‍රාප්ත නිවසියන්ට මුදල් ආයෝජනය කිරීමෙන් වැඩ කටයුතු කිරීමේ බරින් නිදහස් විය හැක.

අවමංගල කටයුතු තක්සේරු කරමින්  තැනින් තැන කතා බහට එක්වන පිරිසක් ද අපි අතර සිටින බව අමතක නොකල යුතුය.
කෑම බීම , බහාලනය,පාරදිගේ තිබුන බැනර් ප්‍රමාණය, අවසන් කටයුතු සදහා පැමිණි පුජ්‍ය පක්ෂයේ ප්‍රමාණය , පරිත්‍යාග කරන ලද පිරිකර මේ කී නොකී සියලු දේ ගැන නිසි තක්සේරුවක් තිබිය යුතුය.
මැරෙන්න කලින් මියගිය පුද්ගලයාටද පූරණය කල යුතු කාර්ය බාරයක් ඇති බව සිහිපත් වන්නේ මළවුන්ට අවසන් ගෞරව දැක්වීමට පැමිනෙන පිරිසේ ප්‍රමානය ගැන බැලීමෙන්ය.

තැැන නොතැන බලමින් හැම මළගෙදරකම මුහුණ පෙන්වා ඇත්නම් පැමිනෙන පිරිස වැඩිය. “ අපේ ගෙදරත් ඇවිල්ලා ගියානේ “ ඉතින් නොයා බැරිය. කාට කාටත් උදව් පදව් කරමින් සිටියා නම් “ අනේ මොනවා කිව්වත් කරලා දෙනවා නේ “ ඉතින් මළ ගෙදර නොගිහින් කොහොමද  “ අහන පිරිස්ද මල ගෙදර එන්නේය.
“නෑ බෑ නොකියන මනුස්සයා. අපරාදේ “ කියාත් සහභාගී වන්නේය.
අවමංගල්‍ය සභාව නම් මළවුන්ද සවන් දෙන කතා වලින් පිරිලාය.
ජීවිත කාලයටම අසා නොමැති රස කතා වලින් පරිපුර්ණය.
ඉතින් මැරිලාම බලමු.



A day in the life

2025-03-10

දොට්ට පිලට යනවද ?.



දොට්ට පිලට යනවද?පිල ගැන නොදන්නා කතා!

"රෑට දොට්ට පිලට එහෙම යන්න ඕන උනොත් මට කතා කරන්න"
මෙහෙම කතාවක් කිව්වම, ඒකෙන් අද නම් කියන්නෙ රෑට වැසිකිළි යන්න ඕන උනොත් කියන එක උනාට, කවුරුහරි කල්පනා කළාද මොකක්ද මේ දොට්ට පිලට කියන්නෙ කියල!
දොරට පිලට - දොට්ට පිලට. මෙතන දොර කියන්නෙ ගෙදර තියෙන දොර නෙවෙයි! ගෙයින් පිට මිදුල කොටසට.

එතකොට පිල කියන්නෙ මොකක්ද?
පිල කියන්නෙ ගෙයක් හදනකොට පොළොව මට්ටමට වඩා උසට හදාගන්න බිමට. මේ වචනය හැදිල තියෙන්නෙ වේදිකාව යන තේරුම තියෙන පලකය යන වචනයෙන්.
පිල අපේ ගෙවල්වලින් ඈත් වුනත් තාම පිල් තියෙන තැන් තමයි මේ.
කඩයකට හදපු පිල- කඩපිල.
සල්( වෙළඳාමට) හදපු පිල - සල්පිල.
අපි දැන් බලමු ගෙයක තියෙන පිල් වර්ග ගැන. ලීවලින් හරි වෙනත් දේකින් හරි හදපු ගෘහභාණ්ඩ වැඩිපුර නොතිබුණු ඒ කාලෙ ඇඳ , පුටු, මේස ඔක්කොටම පාවිච්චි කළේ පිල තමයි.

1 ගෙපිල-
ගේ හදන්න පොළොව මට්ටමට වඩා උසට හදාගන්න කොටස. ගේක තියෙන අනිත් හැම පිලක්ම වගේ හදල තියෙන්නෙ මේ පිල උඩ.

2 වටපිල-
ගෙයි බිත්ති ශක්තිමත් කිරීමට, ගෙට පිට පැත්තෙන් බිත්තියට යාකර සකස් කරන පිල. මේකට දැන් කියන්නෙ කයියෝරුව/ කයිරුව කියල.

3 අගුපිල-
ගෙයින් එළියට වැටෙන වහලයේ කොනට යටවෙන බිම් කොටසත් පොළොවට වඩා තරමක් උසටයි තියෙන්නෙ . ඒක තමයි අගුපිල. අද කාලෙ නම් සිමෙන්තියෙන් තමයි මේක හදන්නෙ.
" අපේ පිරිමි පැල් යනවා කියලා
පැලට ගිහින් ගිනි බෝකර තියලා
එළිවෙනතුරු අගුපිල්වල ලැගලා
උදේට එයි පැල් රැක්කා කියලා "
පැල් රකිනවා කියල ගිහින් අගුපිල්වල ලගිනා සැමියන් ගැන, ගැමි ගැහැනු කිව්වෙ එහෙම.
එහෙම කෙනෙකුට වෙච්චි අකරතැබ්බයක් තමයි මේ කවියෙන් කියන්නෙ!
" අනේ දෙවියනේ මට වන් වියෝයා
පැලේ පැදුර හොරු අරගෙන ගියෝයා
ගෙදර ගිය කලට අඬ දබර බෝයා
පැදුර දුන් කෙනෙක් මගෙ නෑ සියෝයා "
පැල් රැක්ක නම් එතන තිබ්බ පැදුර හොරු ගෙනිච්චෙ කොහොමද?
හැබැයි හැම සැමියෙක්ම එහෙම නෑ. පිලේ පැදුර අරන් පැලට ගිය, ඒ විදියෙ සැමියෙක් මෙහෙමයි කිව්වෙ!
" පිලේ පැදුර අරගෙන හේනට යනවා
එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා"

4 දොර පිල-
ගේකට ඇතුළුවෙන තැන දොරකඩ. ගෙපිල තරමක් උසට හදන නිසා මේ ගෙපිලට නගින්න දොර ළඟ පඩියක් හදල තිබ්බ. ඒක තමයි දොරපිල.

5 උස් පිල/ කොට්ට පිල-

ගෙදර ඉස්තෝප්පුවෙ නිදාගන්න හදාගෙන තිබ්බෙ උස් පිල. ඒක බිත්තියටම යා කරල, පොළොව මට්ටමේ ඉඳල අඩි තුනක් විතර උසට අඩි තුන හතරක් පළලට හදපු ඇඳක් වගේ. ඒ උනාට ඇඳක වගේ කකුල් නෑ. කොට්ට පිල කිව්වෙත් මේකටමයි.

6 මිටි පිල-
උස් පිලට නගින්න පඩියක් වගේ දිගට හදල තිබ්බෙ මිටිපිල.

7 පිල් කඩ/ පිල් කොටේ-.

දොරෙන් එළියෙ තියෙන ඉස්තෝප්පුව වගේ කොටස තමයි පිල් කොටේ. පිල් කොටස කියන එකයි ඒකෙ තේරුම.
පිල් කඩක් කියන්නෙ ඕනම තැනක පොළොව උස්සා සකස් කළ කොටසකට.

8 පිල් තලව්ව-
පිල් තලාව කියන එකයි මේකෙ තේරුම. පොළොව උස්සල සමතලා කරපු තැනක්.

9 මඩුපිල-

පැරණි ගේක ඉදිරිපසින්, බිත්ති බැඳීමක් නැතුව ගෙපිලට උඩින් වහලය විතරක් හදල, මඩුවක් විදියට තියෙන කොටසට කිව්වෙ මඩුගේ කියල. ඒ මඩුගේ තියෙන පිල මඩුපිල. ඒකෙ තමයි හුගාක් වෙලාවට ගෙදරට එන අමුත්තන් වාඩිවෙන්නෙ!

10 හප්පා පිල/ කුදගහනා පිල-
කුස්සිය පැත්තෙ දොරෙන් එළියේ තියෙන මේ පිල් කොටස, ගෙදර අයට විතරක් වෙන් වුණු පිලයි. මෙතන කුදගහනව කියන්නෙ ඇණ තියාගෙන වාඩිවෙනවා කියන අරුතෙන්.
ගෙදර ඇත්තො කුස්සියෙ උයල සප්පායම් වෙන පිල නිසා හප්පාපිල වුණා.

11 ලිප්පිල/බොකු පිල/ගිනි පිල -
ඇතැම් ගැමි ගේක ලිපත් වියතක් විතර උසට බැඳල හැදුව. ඒකට තමයි ලිප්පිල/බොකු පිල/ ගිනිපිල කියන්නෙ. ඒකෙ වලන් තියන්න කටවල් වගේ දෙකතුනක් ගෙබිමෙ මට්ටමට හදල ඒකට ලිප්කට කිව්ව.

11 පිලිකන්න-
පිලේ කොන- පිල්කොන- පිලිකන්න. ඒ කියන්නෙ බිත්තියෙන් එළියෙ තියෙන අගුපිලේ අවසාන කොටස පිලිකන්න.

Channa Withana.
චමින්ද ලක්මාල් කලුබෝවිලගේ මුණු පොතෙන්.
day in the life

2025-03-08

අනවසරයෙන් ඇතුලු නොවන්න - පෞද්ගලික දේපලකි






නිධාන කථා අපිට අලුත් නැත. කලක් අපේ රාජ්‍ය නායකයෙක් නිධන් කල වස්තුක් සොයා පෞරාණික බිම්වලකැණිම් කරන ලද බව පතල රහසක් විය. පැරණි පුදබිම් සංවර්ධණය කරන මුවාවෙන්
නිධන් ගොඩ ගත් බවට කතාද අපේ කතාබහට එක්වී ඇත.
සමහරුන්ට සංවර්ධනය කරන පුදබිම් ධන බවට පත්ව ද ඇත.
අද කතාව මේ ඕපාදූප වලට අදාල නැතත් නිධානයක් , නිධානයක් කර ගත් සහෝදරයින් දෙදෙනෙකු ගේ කතාවකි.💁💁💁💁

දිනක් සහෝදරයෝ දෙදෙනෙකුට වලලා තිබු නිධාණයක් පිලිබද තොරතුරු මහලු මිනිසෙකු ගෙන් ලැබිනි.
ඔවුන් දෙදෙනා එකිනෙකා කතිකා කරගෙන එම නිධාණය සොයා යාමට තීරණය කලේය.
එම නිධානය වලලා තිබුනේ පැරණි නිවසක් සහිත වත්තකය. ඔවුන් හදිසි තීරණයකින්
සැලසුමකින් තොරව එම ස්ථාණයට ගිය බැවින් , කිසිදු මෙවලමක් රැගෙන නොගියේය.
වාසනාවකට වැසි සමයක් , මොවුන් පිටත්වු කාලය විය.
භුමියද සිනිදු වැලි සහිත පසකින් යුක්ත විය.
ආපසු ගොස් මෙවලම් රැගෙන ඒම පසක ලා දෙදෙන අතින් පස පෙරලන්න විය. මෙසේ දින තුනක් වෙහෙසව පස පෙරලන විට රන්කාසි කිහිපයක් මතුවිය. 
දැන් මේදෙදෙනාට හරිම සතුටුය.

ඔවුන් අතරින් එක් අයෙකු , අනෙකාට නගරයට ගොස් කෑම බීම ඇදුම් පැළදුම් මිළදී ගැණීමට යෝජනා කලේය.
අනෙකා එයට අකමැති විය.
ඔවුන් සතුවු රන්කාසි වල වටිනාකම වෙන් වෙන්ව පනස් දහසක් පමන විය.
එහෙනම් මම යන්නම් කියා නගරයට ගිය ඔහු වටිනා ඇදුම් පැළදුම් , ආහාර පාන මිළදි ගෙන පේසෝ පනස් දහසම වියදම් කර ගත්තේය.
ආහාර පාන ඇදුම් පැළදුම් මිළදී ගැණීමට අකමැති වුනත් දෙදෙනාම නගරයට ගියේය.
ඔහු දින කිහිපයකට ආහාර ද්‍රව්‍ය ,උදැල්ලක් සවලක් සහ විල්බැරෝවක් වැනි තම කාර්යට අවශ්‍ය බඩු භාණ්ඩ කිහිපයක් මීළදී ගත් අතර ඉතිරි මුදල් සුරක්ෂිතව තබා ගැණීමට උනන්දුවිය.

දෙදෙනාම නැවතත් නිධානය සෙවීමට වැඩ පටන් ගත්තේය.
පලමු වැන්නා අහාරපාන ඇදුම් පැළදුම් සහ සුඛොපබෝගී භාණ්ඩ මිළදි ගත්තත් තම කාර්ය සිදු කර ගැණීමට මෙවලම් ගැණීමට උණන්දු නොවීය.
දෙවෙනියා මුදලුත් ඉතිරි කර ගෙන කාර්ය සිදු සිදු කිරීමට මෙවලම් ගත්තේය.
ඔහු කාර්යක්ෂමව තම කටයුත්තේ නියලුනේය.
වැඩි රන්කාසි තොගයක් සෙයා ගැණීමට ඔහුට හැකිවිය.

පලමුවැන්නා පෙර පරිද්දෙන්ම අතින් පස පෙරළමින් කාසි සොයන්නට පටන් ගත්තේය.
ඔහුට සොයා ගැණීමට හැකිවුයේ කාසි කිහිපයක් පමනක් විය. ලැබු කාසිත් සමග වෙළදපලට ගිය ඔහු පෙර පරදිම බඩු භාණ්ඩ මිළදි ගත්තේය.
නිවෙස් බලා පිටත්ව ගිය මෙවුන් නැවත් මාස දෙකකින් පමණ මුණ ගැසීමට එකිනෙකා ගිවිස්සා ගත්තේය.

මේ අතර කාළයේ වැඩි රන්කාසි තොගයක් සොයා ගත් සහෝදරයා නිධානය තිබු නිවසත් ඉඩමත් මිළදි ගත්තේය.
පස පෙරලිම සදහා යාන්ත්‍රික උපකරන මිළදී ගත්තේය.
මාස දෙකක් ගෙවී ගියේය.
කාබී කෙලි දෙලෙන් ගත කල අනෙක් සහෝදරයාට මාස දෙකක් ඉක්ම ගිය බව දැනුනේම නැත.මාස දෙක ගෙවී ගිය දා ගිවිස ගත් පරිදි ඔහු වැඩ බිමට පැමීණියේය.

ඉඩමට ඇතුල්වන ස්ථානයේ "අනවසරයෙන් ඇතුලු නොවන්න - පෞද්ගලික දේපලකි . " යන පුවරුව කියවා ගැණීමට ඔහුට බොහෝ වෙලාවක් ගතවිය.

💁💁💁💁
තම පලමු කාසි කිහිපය නැති නාස්ති නොකර උපකරන මිළදී ගත් සහෝදරයා ජීවිත කාලයම සුව පහසුව ජීවත්වීමට සම්පුර්න නිධාණයම හිමිකර ගත්තේය.බොහෝ මිනිසුන් සිහින දකින අයුරින් සැනසිල්ලෙන් මුලු ජීවිත කාලයම ගතකිරීමට ඔහුට හැකිවිය.
අනෙක් සහෝදරයා සිංදු කියමින් නටමින් ගත කල පළගැටියා මෙන්.....ලැබු ධනය ආයෝජණය නොකරමින් කා බී විනෝදයෙන් ගත කර පසුව දුකට පත්විය.
ධනය වාසනාව ,හැකියාව ,නොපසුබට උත්සහාය විචක්ෂනභාවය, සහ බුද්ධිය ඇත්නම් අධිරාජ්‍යයයක් වුවද ගොඩනැගිය හැකිය

A day in the life

2025-03-07

ඉවසීමේ මානසිකත්වය රටක ජාතීන් ගොඩනංවන්න හේතු වෙනවා...- මැන්ඩෙලා


මම ජනාධිපති උනාට පස්සේ දවසක් මම මගේ ළගම හිතවත් ආරක්ෂකයින් කීපදෙනෙක් එක්ක නගරයේ ඇවිදින්න ගියා. උදේ වරුවේ ඉදන් ටිකක් වැඩිපුර නගරයේ ඇවිදලා හිටපු නිසා මහන්සිය නිවාගන්නත් එක්ක කොහේහරි අවන්හලකින් දහවල් ආහාරය ගමු කියලා මම මගේ ආරක්ෂකයින්ට යෝජනා කළා. අපි නගරය මධ්‍යයේ තිබුණු එක්තරා අවන්හලකට ගොඩවෙලා අපට අවශ්‍ය කරන ආහාර ඇණවුම් කලා. ටික වෙලාවක් යනකොට වේටර්වරයා විසින් අපගේ ඇණවුම ගෙන එනු ලැබුවා...
අපි අපේ කෑම කන්න ලෑස්ති වෙනකොටම මම දැක්කා මගේ ඉදිරිපස මේසයේ මා ඉදිරියෙන්ම මිනිසෙක් තමා ඇණවුම් කළ ආහාර එනකම් බලාගෙන ඉන්නවා. මම මගේ ආරක්ෂකයෙක් ගෙන්නලා අර මනුස්සයාව පෙන්නලා එයාගේ කෑම එක ආවාම ඒක අරගෙන ඇවිත් අපිත් එක්ක කෑමට සම්බන්ධ වන්න කියලා ඔහුට ආරාධනා කරන ලෙස ඉල්ලා සිටියා. ආරක්ෂකයා ගොස් ඔහුගෙන් එම ඉල්ලීම කළා...
ටික වේලාවකින් ඔහු ඇණවුම් කරන ලද කෑම එක ඔහුට ලැබුණා. ඔහු එයත් රැගෙන ඇවිත් මා ඉදිරි පිටින් අසුන්ගත්තා. කිසිම කතාවක් නොමැතිව අපි සැමදෙනාම එකට ආහාර ගත්තා. ආහාර ගැනීමෙන් පසු අර මනුස්සයා මුකුත්ම නොකියා එතනින් පිටවෙලා ගියා... හැමදෙනාම එකට ආහාර ගන්නා වෙලාවේ ඒ මනුස්සයාගේ එක දෙයක් ගැන අපි සැළකිලිමත් උනා. ඔහු කෑම එක රැගෙන මා ඉදිරියේ වාඩිවුනු වේලාවේ ඉදලා කෑම කාලා අවසන්වී මෙතනින් පිටවෙන තෙක්ම ඔහුගේ දෙඅත් වෙව්ලමින් තිබුණා...
ඔහු පිටවගිය පසු මගේ ප්‍රධාන ආරක්ෂකයා මගෙන් මෙහෙම අහනවා...
" සර්... ඒ මනුස්සයා මොකක් හරි අසනීපයකින් ඉන්නවා වගේ නේද..? කෑම කන මුළු වෙලාවෙම එයාගේ අත්දෙක වෙව්ලනවා අපි දැක්කා..."
" නෑ... ඒ මනුස්සයට කිසිම අසනීපයක් නෑ... ඒ මනුස්සයා කවුද කියලා දන්නවද..?
ඒ මනුස්සයා තමයි මම බන්ධනාගාර ගතවෙලා ඉන්නකොට මාව බලාගන්න බාරවෙලා හිටිය ආරක්ෂකයා... මාව හැමදාම වගේ වධකාගාරයට අරන් ගිහිල්ලා ගහලා, වද දීලා ආපහු හිර කුටියට ගෙනත් දැම්මාම මම වේදනාවෙන් කෑගහනවා... වේදනාවන් ඉවසගෙනම මම හැමදාම මෙයාගෙන් වතුර ටිකක් ඉල්ලනවා බොන්න... මම වතුර ඉල්ලුවම මෙයා හිනා වෙවී අවිත් වැටිලා ඉන්න මගේ ඔළුවට මුත්‍රා කරනවා..."
" ඔහු දන්නවා මම දැන් මේ රටේ ජනාධිපති කියලා... මම මෙතනට ඔහුට එන්න කිව්වාම ඔහු බයවෙන්න ඇති... මට ඔහු සලකපු ආකාරයටම මමත් ඔහුට සළකයි කියලා ඔහු හිතන්න ඇති... මගේ බලය පාවිච්චි කරලා ඔහුව සිරගත කරලා මට කළා වගේම ඔහුටත් වධහිංසා කරයි කියලා ඔහු හිතන්න ඇති... ඒකයි ඔහු බයෙන් වෙව්ලන්න පටන් ගත්තේ..."
" නමුත් මම ඒ වගේ මිනිහෙක් නෙවෙයි... පළිගැනීම මගේ අචාර ධර්මවලට අයත් කොටසක් නෙවෙයි..."
" පළිගැනීමේ මානසිකත්වය රාජ්‍යයන් විනාශ කරනවා..."
" ඉවසීමේ මානසිකත්වය රටක ජාතීන් ගොඩනංවන්න හේතු වෙනවා..."
නෙල්සන් මැන්ඩෙලා...
හිටපු ප්‍රථම කළු ජාතික දකුණු අප්‍රිකානු ජනාධිපති
(1994 - 1999)
උපුටා ගැනීමකි..
බලය තියෙන්නේ මිතුරාට සේම හතුරාට ද යපහත පිණිස යොදවන්න
A day in the life

2025-03-06

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සෙලෙන්සික්.


ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේන ජනාධිපතිවරයා ධවල මන්දිරයෙන් එලවා දමයි…..
ලෝකයේ රාජ්‍යතාන්ත්‍ර  යට ඉතාමත් අදුරු දිනයක් ඊයේ වොෂින්ටන් නුවර ධවල මන්දිරයෙන් වාර්ථා උනා. ඇමරිකානු ජනාධිපති‍ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනාවක් මත එරට සංචාරයක නිරතවන යුක්රේන ජනාධිපති සෙලෙන්සික් සමග ප්‍රබල වචන හරඹයක නිරත වූ ජනාධිපති ඩෙනල්ඩ් ට්‍රම්ප් සාකච්ඡාව අතර මග නවතා දමා යුක්රේන ජනාධිපතිවරයා ධවල මන්දිරයෙන් පිටත් කර යවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට එය ඉතිහාසයේ පෙර නොවූ විරූ තත්වයක් බවයි සදහන් වෙන්නේ.
රාජ්‍ය නායකයෙකුට ලැබිය යුතු නියමිත රාජ්‍ය ගෞරව සහිතව ධවල මන්දිරයේ දොරටුව ලගදී යුක්රේන ජනාධිපතිවරයා පිළිගත් ජනාධිපති ට්‍රම්ප් ඔහුව සුප්‍රසිද්ධ ඕවල් කාර්යාලයට කැදවාගෙන යනු ලැබුවා. සෙලෙන්ස්කි ජනාධිපතිවරයා ඇද සිටි ඇදුම ද ට්‍රම්ප් විසින් අගය කල අතර යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ට්‍රම්ප් වෙත සිහිවටන තිලිණයක්ද ප්‍රධානය කර තිබුනා. මාධ්‍යවේදීන් රැසක් ඉදිරිපිට ආරම්භ වූ සාකච්ඡාව මුලදී ඉතා සුහදව ආරම්භ වී ගලාගෙන ගොස් තිබූ අතර රැස්ව සිටි සියළු දෙනාම පුදුමයට පත්කරමින් දෙදෙනා අතර සාකච්ඡාව උනුසුම් වී තිබුනා.
ට්‍රම්ප් සමග එක්වූ ඇමරිකානු උප ජනාධිපති වැන්ස් සෙලෙන්ස්කි ජනාධිපතිවරයාට බැණවැදුනු අතර යුක්රේන ජනාධිපතිවරයාද අඛණ්ඩව වාදයට පැටලීමට උත්සාහ කරා. අවම වශයෙන් යුද්ධයට සහයෝගය දැක්වීම වෙනුවෙන් ඇමරිකාවට ස්තූති කිරීමට හෝ සෙලෙන්ස්කි කටයුතු නොකිරීම ඇමරිකානු උප ජනාධිපතිවරයාගේ අප්‍රසාදයට හේතුවී තිබුනා. එමෙන්ම ඕවල් කාර්යාලය තුල ඇමරිකානු මාධ්‍ය ඉදිරියේ සෙලෙන්ස්කිගේ හැසිරීම ඇමරිකාවට අගෞරවයක් බවයි වැන්ස් උප ජනාධිපතිවරයා කියා සිටියේ. (https://www.facebook.com/share/v/15EyEywcWC/?mibextid=wwXIfr)
ඉතාමත් තද ස්වරූපයෙන් සෙලෙන්ස්කිව ඇමතූ ට්‍රම්ප් ජනාධිපතිවරයා “ ඔබ දැන් ගොඩක් කතා කලා, ඔබ මේ යුද්ධය දිනන්නේ නෑ, අපේ ආයුධ වල සහයෝගය නොතිබුනා නම් සති දෙකකින් මේ යුද්ධය ඉවරයි, ඔබට යුද්ධ කරන්න මිනිස්සුත් නෑ, අපේ මෝඩ ජනාධිපතිවරයා (හිටපු ජනාධිපති බයිඩන් මෝඩයෙකු බව ට්‍රම්ප් සදහන් කරා) ඩොලර් බිලියන 350 ක් යුක්රේනයට ලබා දුන්නා, ඔබ තුන්වන ලෝක යුද්ධයත් සමග සෙල්ලම් කරනවා, බොහෝ අය ඔබට ඕනවටත් වඩා සහයෝගය ලබා දුන්නා, ඔබ යුක්රේනයට අගෞරවයක්” ආදී වශයෙන් ඉතා තදින් සෙලෙස්න්සිකට බැන වැදුනා.
ජනාධිපතිවරුන් දෙපළ අතර සාකච්ඡාවෙන් පසු පැවැත්වීමට තිබූ ඒකාබද්ධ මාධ්‍ය හමුව හා ගිවිසිම් අත්සන් කිරීම යන අවස්ථා දෙකම වහාම අවලංගු කල ට්‍රම්ප් ජනාධිපතිවරයා සෙලෙන්ස්කිට ධවල මන්ධිරයෙන් පිටව යන්නයැයි කියා තිබුනා. සාකච්චාව සදහා සහභාගී වී සිටි ඇමරිකාවේ යුක්රේන තානාපතිවරිය පමනක් සිය ජනාධිපතිවරයා සමග දොරටුව ලගට පෙරගමන් පැමිණි අතර සෙලෙන්ස්කි සිය රථයේ නැගී නිහඩවම ධවල මන්දිරයෙන් පිටව ගියා. 
සිදුවූ දෙය පිලිබදව සමාජ මාධ්‍ය සටහනක් තැබූ ඩොනල්ඩ් ට්‍රම්ප් කියා තිබුනේ “සාමය සදහා එකගවන ඕනෑම වෙලාවක ඔහුට නැවත ධවල මන්දිරයට පැමිණිය හැක” යනුවෙනි.

 

2025 මාර්තු 01.
-----තිලාන් ජයසේකර.
A day in the life

2025-03-05

හැට්ට කට්ට Safety pln




Walter Hunt created the safety pin in 1849. Today, it still looks almost exactly same as when he invented it.


Sadly, Hunt, needing to settle a $15 debt, sold the patent rights for just $400 — far less than the fortune it later generated.


Other companies made millions of dollars off the product.


Crafted from a single piece of wire with a coiled spring and protective clasp, his design was both simple and effective.


Beyond the safety pin, Hunt developed early sewing machines, repeating rifles, a streetcar bell, and even a precursor to the Winchester rifle. Though his inventive mind greatly influenced various industries, he rarely profited from his creations. Yet, his legacy lives on, with the safety pin remaining a staple in households worldwide.

The next time you use one, think of Hunt.


safety pin අපේ වහරෙදි " හැට්ට කට්ට ,ආයා කට්ට , යතුරු කට්ට යන විදියට එක් එක් ප්‍රදේශ වලදී හැදින්වෙනවා .
1849 දී වොල්ටර් හන්ට් නිර්මාණය කල අද වන විට හැට්ට කට්ටේ උපතට අවුරුදු 176 ක් !.
නොවෙනස් නිර්මාණයක්ව අදත් භාවිතයේ පවතිනවා. එයත් පුදුමයි.
හන්ට් ආර්ථික අර්බුදයකට ලක්ව ඩොලර් 15 ක ණයක් ගෙවා ගැණීමට නොහැකිව හැට්ට කට්ටේ පේටන්ට් අයිතිය  ඩොලර් 400 කට විකුණනවා. දගරයක්  උල් කෙළවරක් සහ ආරක්ෂිත ගාංචුවක් සහිත තනි කම්බියකින් නිර්මාණය කල සරල උපකරණයක්වු යතුරු කට්ට පසුව ධන උල්පතක් බවට පත්වෙනවා.
හන්ට් ගේ ප්‍රකට නිර්මාණ අතර මහණ මැසිම , පුනාරාවර්ථන රයිපලය , වීදී කාර් සදහා සීණුව,වින්චෙස්ටර් රයිපලය වැඩි දියුණු කිරීම සදහන් වනවා.
හන්ට් විවිධ කර්මාන්ත වල ප්‍රගතියට දායක වුනත් ඔහු ලැබු ප්‍රතිලාභය ප්‍රමානවත් වුනේ නැහැ.
යතුරු කට්ට ලොවපුරා ප්‍රචලිතව හැම නිවසක 1849 යේ උපත ලද විදියටම භාවිතා වෙනවා.

අඩුම තරමේ හන්ට් සිහිපත් කරන්නේ වත් නැතිව.


A day in the life

2025-03-04

Back to home'



 

සැලසුම වෙනස් කරන්න සිදුවුනා.
12 වෙනිදා වෙනකම් නන්නාතර වෙන්න හිතාගෙන හිටපු මට ආපසු ගෙදර එන්න සිදුවුනා.
කාලෙකින් නොලැබුන අත්දැකීමක් එක්ක.
පුදුම නිදහසක්.
බලංගොඩ ඩිපෝවේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් එකක ලස්සන සිංදු ටිකක් පැය හයක් එක දිගට වාදනය වුනා.
ඒක වෙනමම අත්දැකීමක්.. හිත නිවන සිංදු. දඩාං බඩාං නැති සංගීත රාවය
කාර්ය මණ්ඩලයට ස්තුතිය.
පස්වරු එකයි විසිපහට ගාල්ලෙන් පිටත් වුන බසය වෙරළ තීරය දිගේ හතයි විනාඩි පහලව ට බලන්ගොඩ. මම පුංචි කාලේ ගාල්ලට ගිය පාර දිගේ ...ගාල්ල - පාණදුර -රත්නපුර- බලංගොඩ.
මීට අවුරුදු හැටකට පමණ පෙර පැය දාසයක් දාහතක් ගිය ගමනක් ....
සැළසුම වෙනස් වීමත් සහෘද සමාගමෙන් හිටිහැටියේ සමුගන්න සිදුවීමත් වේදනාවක්. ඒක වෙනම කතාවක්.
අසුනේ තනියට පාණදුර - කුරුස හන්දියෙන් සමුගත් ගමන් සගයා ගැන වචනයක්.
අපි කතා කර කර ආවා.බසයේ වාදනය වු සිංදු ගැන.මමයි ඔහුයි අතර අවුරුදු හතලිහක් විතර වයස පරතෙරය තිබුනත් රසිකත්වය මගේ මට්ටමේ. සිංදු අගය කරගෙන ඇවිත් පස්සේ දේශපාලනයට බැස්සා. රට දියුණු වෙනවා නම කවුරු කලත් මොකද ? .එහෙම හිතන්න පුලුවන් නම් කොයිතරම් හොදද ??.
දැන් පාණදුරේට කිට්ටුයි. එයාගේ විසිටිං කාඩ් එකක් මට දුන්නා. බස් එකේ නිසා මම කිව්වා , "මම මේ නම්බර් එකට කෝල් කරන්නම් .එතකොට මගේ නම් එක සේව් කරගන්න , මම ලයනල් ලියනගමගේ "කියලා
පොඩ්ඩක් ඉන්න .....පොඩ්ඩක් ඉන්න.....
ඔහු ප්‍රතිවාදනය කලා.
මොබයිලය ඇදගෙන මෙටාවට ගිහින් ලයනල් ලියනගමගේ හොයා ගෙන පෙන්නනවා. අපි මෙටාවේ යාලුවෝ කාලෙක ඉදන්. පුංචි පුංචි සංවාදත් කරමින් ඉන්නවා.
මටනම් සතුටුයි. පුදුමයි අහම්බෙන් හමුවීම.......
සමාන අදහස් තියෙන අය නොදැක වුනත් සහසම්බධන්තා පවත්වාගෙන යනවා. කිසිම වාසියක් ප්‍රතිලාභයක් නොතකා. කොයිතරම් සුන්දරද ?. මම එතන ඉදන් සහෘද ලෝකයේ සැරිසරමින් බලංගොඩට ආවා.
පොදු ප්‍රවාහන සේවයත් මිනිස්සු තනි කරන්නේ නැහැ.
හෙටටත් මොනවා හරි කතා කරන්න එපැයි. ලේබලය " ජීවිතය "යෙන්ම හමුවෙමු. 



A day in the life

2025-03-02

අහංගම.....





අහංගම කෙනෙක් අහංගම වෙනස දකින්නේ නැහැ.
අද ප්‍රදේශයේ හැමතැනම විදේශික සංචාරකයින්ගෙන් පිරිලා.
වෙරළ තීරයේ ,ප්‍රධාන මාවත දෙපස හෝටල් වල විතරක් නෙමෙයි ඇතුලත ගම්වලත් නිවාසවල , නිවාස කොටස්වල .විලාවල සංචාරකයෝ.
මීට අවුරුදු හැටකට විතර ඉස්සර තාත්තත් ඒක්ක මම අහංගම ඒනවා.
තාත්තගේ උපන් ගම , තාත්තගේ ඥාතීන් බලන්න මුණගැහෙන්න.
අපි මේ ගමන ඒන්නේ මධ්‍යම කදුකරයේ නැගණහිර බෑවුමේ පිහිටි බෙලිහුල්ඔය ඉදන්.
උදේ පාන්දර පාණදුර බස්සෙකක නැගිලා පාණදුරෙන් ගාල්ල හෝ මාතර බස්
ඒකක මේ ඒන ගමනට අඩුමතරමේ පැය දහතරක් පහලොවක් ගතවෙනවා.
රෑ නවයට දහයට බස් ඒකෙන් බහින තාත්තයි මමයි, කරුවල මකාගන්න අහංගම - ඉමදුව පාරේ තියෙන වෙළදසැලකින් ඉටිපන්දම් දෙකක් සමග පොල්කට්ටක් ඉල්ලාගෙන හැතැම්ම දෙකක් විතර දුර පයින් ඇවිත් තාත්තගේ මහගෙවල් තිබුන නාකන්දට ආපු ඒ ගමන් බිමන් මතක් වෙන කොට හරිම රසවත්.
මහ රෑ ගෙට ගොඩවෙන කොට ආත්තම්මා අපිව පිලිගන්නේ විස්සසෝප වෙමින්.
ඔලගන්දුවේ හණ්දියේ අරුන් හිටියැයි.
උන් උඹලා අදුරගත්තැයි.......හැමදාම අහන ප්‍රශ්නවැලට මුලට ඒකතු වුනා
බීමත්ව ඉන්න මංපහරන නැඩයෝ පිරිසක් ගැනයි මේ අහන්නේ.
මට අද ඉමදුව පාරේ ඔලගන්දුව පහුකරන කොට අර බෝක්කු කනු කිහිපය ඒදා වගේම පහුකරන්න සිද්ධ වුනා.
ඒතකොටත්  ආත්තම්මා ඒදා කියපු කතාව මතක්වුනා.
දැන් පාර වැඩි දියුණු වෙලා , බෝක්කු කණු අළුතින් ඉදිිිිවෙලා.‍
බෝක්කු කණු උඩ රෑට ඉන්න නැඩයෝ දැන් නැහැ.
ඒදා අදුරේ ගිලිලා තිබුන ගම්මාන කළඒළිවෙලා.
අපි දැන් අහංගමට ඒන්නේ කලාතුරකින්.
තාත්තා වියෝ වෙලත් අවුරුදු විසිහතක්.
නෑදෑ සබද කම් වියෙකිමින් යනවා
අපිත් වයසට ගිහින්.
ඒදා පැය දාහතරක් පහලොවක් ගිය ගමනට දැන් පැයහතරක් විතරයි යන්නේ බරවකුඹුකෙන් කිරිපැණි -ඇඹුල්තියල් අරගෙන ඒන මාවතට ගොඩවුනාම විනාඩි ඒකසියපහක් දවලාන විට ඉමදුව හුවමාරු වෙන් අහංගමට ඒනවා.බරවකුඹුකට ඒන්න බලංගොඩ -වැලිගෙපොල -පල්ලේබැද්ද හරහා ඇඹිලිපිටිය ,බරවකුඹුක හුවමාරුවට ගොඩ වෙනවා.
මට තාත්තා හිටියනම් කියලා මතක් වෙනවා.
ඒහෙනම් හැම නිවාඩුවකටම තාත්තා ගමේ ඒයි.
වියකිලා යන ඥාති හිතවත් කම් සුරැකිලා තියෙයි.

Aay in the life

2025-03-01

සනුහරය



සනුහරයක් සොයා ගිය ගමනක් අද කතාව බවට පත්වෙනවා.
ඒකවගේ කතා කියවා කියවා ඉන්න අතරට මේකත් ඒක කතාවක්. අපි ලියනගමගේ වාසගමට යෙදුන පරම්පරා කිහිපයක් පැවත ඒන පරපුරක සාමාජිකයෝ.
ලියනතමගේලා කොළඹ දී හමුවෙනවා. නුවර ,මාතර ,ගාල්ල ,රත්නපුර ,තංගල්ල ,ගල්නෑව , අනුරාධපුරය පොලොන්නරුව වගේ ලංකාවේ හැම තැනකදීම ලියනගමගේ කෙනෙක් හමුවෙන්න පුළුවන්.
අපි අදුරන්නේ නැහැ.
ඒ්ත් ලියනගමගේ ලා.
මේ කතාව ඇහුවෙත් ලියනගමගේ කෙනෙක්ගෙන්. නමින් සුමිත් ලියනගමගේ.
පදිංචිය ගාල්ල නගරයේ.
අවාසනාවට මෙයාට ඉන්නේ දූ වරු දෙදෙනෙක්.
සුමිත් ලියනගමගේ ගෙන පස්සේ ලියනගමගේ සනුහර නාමය ඒයාට නැතිවෙනවා.
හරිම වේදනාවක් තියෙන්නේ ඒයාට ඒ් ගැන.
තවත් අහම්බයෙන් මුණ ගැසුන ලියනගමගේ කෙනෙක් ඉන්නවා. මගේ ලැයිස්තුවේ.
ඒයා පදිංචි වෙලා හිටියේ ගල්නෑවේ.
පසුකාලයක කොළඹට ආසන්නව පදිංචි වෙනවා.
ඒයාටත් ඉන්නේ දූ වරු හතර දෙනෙක්.
ඒතනින් ඒහාටත් ලියනගමගේ යන්නේ නෑ.
මේ ලියන මටත් මගෙන් ඒහාට ලියනගමගේ අරගන යන්න කෙනෙක් නැහැ.
ඔහොම බලන කොට වදවී යන පරපුරක්.
මගේ මුණුපොතේ ඉන්නවා මුණු පොතෙන් හමුවුන කවදාවත් මුණනොගැසුනු ලියනගමගේ ලා.
මම කතාවක් අහලා තියෙනවා.
ලියනගමගේ ලාට සම්බන්ධ.

මෙයාලගේ මුල් වාස භුමිය වෙලා තියෙන්නේ අහංගම - නාකන්ද කියන ගම් පියස.
ක්‍රි. ව 1818 කැරැල්ල අවස්ථාවේ අහංගම හරහා ගිය සුදු බල ඇනියකට අහංගම කන්ද කියන ප්‍රදේශයේදී පහර දීලා පලවා හැරලා තියෙනවා.
මේ පහර දීීීම මෙහෙයවලා තියෙන්නේ ලියනගමගේ සහෝදර පිරිසක්.
මේ සහෝදරයෝ දාහතක් ඉදලා තියෙනවා.
සුද්දන්ට පහර දීම හේතුවෙන් මේ පිරිස ලංකාවේ විවිධ ප්‍රදේශවලට පැනලා ගිහින් සැගවුන ජීවිත ගත කරලා.
ඒ් ප්‍රදේශවලින් අවාහ විවාහ කර‌ගෙන පැලපදියම් වෙලා.
ඉතින් ලංකාවේ තැනින් තැන ලියනගමගේ ලා හමුවීම අරුමයක් නෙමෙයි.
නාකන්දේ ඉතිරිවුන මුත්තාගෙන් පැවත ඒන්නෝ අපි.
අපේ තාත්තා නාකත්ද අත්හැරලා බෙලිහුල්ඔයට ඒනවා.
අපි මේ පැත්තේ ඉන්න ලියනගමගේ ලා වෙනවා.







A day in the life