තෙරුවන් සරණයි .
ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු
--- වේද ගීතයක්
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
ජීවිතය
සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.
විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි
ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.
රබීන්ද්‍රනාත් තාගෝර්
වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.
2026-04-09
බන්ධුල සර් ගෙ සමාජ ප්රාග් ධනය..
2026-04-07
කෞරව වාංශික අවමංගල්‍යයක කුළ සිරිත්.
මාගේ පියා වූ මාධ්‍යවේදී සිරිසේන ගලප්පත්ති මහතා පසුගිය මාර්තු මාසයේ අභාවප්‍රාප්ත වුණා. ඔහුගේ අවමගුල් පෙරහැරට අදාළ ඡායාරූප මාගේ ෆේස්බුක් අඩවියේ මවිසින් පළ කළා. සාමාන්‍ය අවමංගල්‍ය පෙරහැරක නොමැති අංග රැසක් එකී අවමගුල් පෙරහැරට එක්ව තිබුණා. ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබුණා. සෑහෙන පිරිසක් මගෙන් මේ ගැන විමසමින් ඇමතුම් ලබා දුන්නා. මේ ලිපිය ලිවීමට මා අදහස් කළේ ඒ පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන්...
එදා මගේ පියාගේ දේහයේ හිස පැත්තට ‘මුතු කුඩයක්’ ඉහළා තිබුණා. ඒ වගේම දේහය දෙපසින් ‘කඩු දෙකක්’ රැඟත් දෙදෙනෙක් ගමන් කළා. දේහය රැඟත් අවමංගල්‍ය පෙරහැර ඉදිරියෙන්ම ‘සන්නස් කොඩිය’, ‘මකර කොඩිය’, ‘සඳ කොඩිය’, ‘ඉර කොඩිය’, ‘සේසත් දෙකක්’, ‘හෙල්ලවල් දෙකක්’, ‘ත්‍රිශූල දෙකක්’ සහ දේහය දෙපසින් මැදට වන්නට ‘චාමර දෙකක්’ රැඟත් පිරිසක් ගමන් කළා. දේහය රැඟෙන යන්නේ ‘පාවාඩ’ මතයි.
මෙම චාරිත්‍රය සිදු කෙරෙන්නේ ‘කෞරව වංශය’ එසේත් නැතිනම් ‘කරාව කුලයේ’ පුද්ගලයෙකුගේ අවමගුල් පෙරහැරකදී පමණයි. ඒ කියන්නෙ මේක කුල චාරිත්‍රයක්. මේක රජ දවස, සන්නස් පත්‍රයකින් ලබාදීපු ගෞරවයක්...
කෞරව වාංශිකයන්ට ගෞරව පිණිස පරාක්‍රමබාහු මහ රජතුමන් විසින් ශ්‍රී ජයවර්ධනපුරයේදී මෙම ආලවට්ටම් සහ මුරායුද සහිත දෑ මෙන්ම රජුගේ කොඩියද සිය උත්සව අවස්ථාවන්හි භාවිතා කිරීමට අවසර ලබාදී ඇති බව එම සන්නස් පත්‍රයේ දැක්වෙනවා. මේවා ලබාදීමේදී රජතුමා සැලකිල්ලට අරන් තියෙන්නෙ, කෞරව වාංශිකයින් විසින් දකුණු ඉන්දීය ආක්‍රමණ වලදී ඔවුන් පරාජය කිරීමත්, රටේ සමුද්‍රීය ආරක්ෂාව ඒ කියන්නෙ නාවුක හමුදාව හැටියට ඔවුන් කළ සේවයත් ඇතුළු තවත් විවිධ වීරක්‍රියා නිසාවෙන්.
1. මුතු කුඩය - මිය ගිය අයගේ බෑණා විසින්.
2. කඩු දෙක - මියගිය අයගේ මස්සිනාවරුන් දෙදෙනෙකු විසින්.
3. සන්නස් කොඩිය - මියගිය අයගේ පවුලේ ප්‍රභූවරයෙකු විසින්
4. මකර කොඩිය - මියගිය අයගේ පිය පාර්ශ්වයේ වැඩිහිටි කෙනෙකු විසින්
5. සඳ කොඩිය - මියගිය අයගේ මව් පාර්ශ්වයේ වැඩිහිටි කෙනෙතු විසින්
6. ඉර කොඩිය - මියගිය අයගේ මව් පාර්ශ්වයේ වැඩිහිටි කෙනෙතු විසින්
7. සේසත් දෙක - මියගිය අයගේ පිය පාර්ශ්වයේ දෙදෙනෙකු විසින්
8. හෙල්ල දෙක - මියගිය අයගේ මව් පාර්ශ්වයේ දෙදෙනෙකු විසින්
9. ත්‍රිශූල දෙක - මියගිය අයගේ පිය පාර්ශ්වයේ දෙදෙනෙකු විසින්
10. චාමර දෙක - මියගිය අයගේ පවුලේ ගැහැණු දරුවන් දෙදෙනෙකු විසින්
මීට අමතරව ‘පොරි ඉසීමට’ ගැහැණු දරුවන් දෙදෙනෙක් යොදවන අතර, දේහය පිටුපසින් ‘තුවක්කු කරුවන්’ දෙදෙනෙක්ද ගමන් කරනවා. තුවක්කු කරුවන් විසින් අවමගුල් පෙරහැර පිටුපසින් ගමන් කරමින් ඉහළට වෙඩි තබමින් තමයි දේහය සමඟ ගමන් කරන්නෙ. (1988/89 සමයෙන් පසු මෙම චාරිත්‍රය වියැකී ගියේ ආරක්ෂක හේතූන් මත වගේම නිවෙස් වල තිබූ ලයිෂන් තුවක්කු ජවිපෙ විසින් ඔවුන් සතු කර ගත් නිසා. පසුව තුවක්කු වෙනුවට රතිඤ්ඤා පත්තු කිරීම කළා. දැන් නැවතත් එම කටයුත්ත සිදුකරන අවස්ථා විරළව දැකගත හැකියි. මගේ පියා තුවක්කු භාවිතය ප්‍රතික්ෂේප කළ අයෙක් නිසා එම චාරිත්‍රය ඉටු කිරීමට අප උනන්දු වුණේ නෑ.) ඒත් මීට පෙර මියගිට මාගේ මවගේ මෑණියන් වූ ජයසේකර පටබැඳිගේ කරුණාවතී (මාගේ මිත්තනිය) ගේ සහ පටබැඳි මද්දුමාගේ මනිමෙල් සිල්වා සීයාගේ දේහය පිටුපස සිට බෝර 12 තුවක්කුවකින් වෙඩිමුර පැවැත්වුවා. ඒ කාර්යය එදා ඉටුකළේ යුද හමුදාවේ ගැමුණු හේවා රෙජිමේන්තුවේ සේවය කළ, මේජර් සේනක ගලප්පත්ති විසින්. මම කොලු කාලයේ හම්බන්තොට සීයා (ඔලොක්කු පටබැඳිගේ සමන් රෝහණ හෙවත් හම්බන්තොට මාමාගේ පියා) ගේ අභාවය වෙලාවේ දේහය පිටුපස යමින් වෙඩි තබා ඉවත ලන පතුරම් කොපු එකතු කළා මතකයි.
ඒ අනුව මගේ පියා, සිරිසේන ගලප්පත්ති මහතාගේ දේහය සහිත අවමංගල්‍ය පෙරහැරේ මුරායුද සහ ආලවට්ටම් රැඟෙන ගමන් කළ දෙපාර්ශ්වයේ කෞරව වාංශික පරපුර මතු දැනගැනීම සඳහා මා මෙසේ සටහන් කරන්නම්.
1. මුතු කුඩය - බෙලිඅත්ත ඥාති පරපුරට අයත් කමල් සෙල්ලාහැන්නදි යන බෑණා විසින්.
2. කඩු දෙක - දඔගස්ආර ඥාති පරපුරට අයත් සෝමදාස පටබැඳි මද්දුම සහ පටබැඳි මද්දුමාගේ ලලිත් ඔස්මන් යන මස්සිනා වරු දෙදෙනා විසින්.
3. සන්නස් කොඩිය - දඹගස්ආර ඥාති පරපුරට අයත් ලොකු යද්දෙහිගේ සරත් යන පවුලේ ප්‍රභූවරයා විසින්.
4. මකර කොඩිය - බෙලිඅත්ත ඥාති පරපුරට අයත් මානික්ක බදුගේ නලින්ද යන ඥාතිවරයා විසින්.
5. සඳ කොඩිය - බෙලිඅත්ත ඥාති පරපුරට අයත් නිමල් එදිරිවීර යන ඥාතිවරයා විසින්.
6. ඉර කොඩිය - දික්වැල්ල අලුත්ගොඩ ඥාති පරපුරට අයත් ෂෙල්ටන් එදිරිවීර යන ඥාතිවරයා විසින්.
7. සේසත් දෙක - අම්බලන්තොට ඥාති පරපුරට අයත් ජයසේකර පටබැඳිගේ ප්‍රේමසිරි සහ බඳගිරිය ඥාති පරපුරට අයත් හැන්නදි ගමගේ ගාමිණී යන ඥාතිවරුන් දෙදෙනා විසින්.
8. හෙල්ල දෙක - දික්වැල්ල අලුත්ගොඩ ඥාති පරපුරට අයත් නුවන් එදිරිවීර සහ කොළඹ ඥාති පරපුරට අයත් මනුමිත සත්නද ගලප්පත්ති යන ඥාතිවරුන් දෙදෙනා විසින්.
9. ත්‍රිශූල දෙක - හක්මණ ඥාති පරපුරට අයත් අනිල් රත්නවීර පටබැඳිගේ සහ දඹගස්ආර ඥාති පරපුරට අයත් ලොකු හැන්නදිගේ රුවන් චාමර යන ඥාතිවරුන් දෙදෙනා විසින්.
10. චාමර දෙක - කොළඹ ඥාති පරපුරට අයත් යුත්මි යුදඟනා ගලප්පත්ති සහ බෙලිඅත්ත ඥාති පරපුරට අයත් කවිනි සෙල්ලහේවා යන ඥාති දියනියන් දෙදෙනා විසින්.
11. පොරි ඉසීම - කොළඹ ඥාති පරපුරට අයත් රිත්මි රනුජනා ගලප්පත්ති සහ දික්වැල්ල ඥාති පරපුරට අයත් චමිති ගලප්පත්ති යන ඥාති දියනියන් දෙදෙනා විසින්.
ගලප්පත්ති පරපුරේ මෙම කුල චාරිත්‍ර ඉටු කිරීම මාගේ පියා වන සිරිසේන ගලප්පත්ති මහතා විසින් මා වෙත භාර කළේ මීට වසර ගණනාවකට ඉහතදී බව මම සඳහන් කරන්න කැමතියි. ඒ සඳහා උපකාර කරගැනීමට ‘කෞරව වංශය’ නමැති පොත ඔහු විසින් මා වෙත පිරිණමමින් මෙම චාරිත්‍ර ඉදිරියට ගෙන යන ලෙස මට නියම කරනු ලැබුවා. මාගේ පියා වූ සිරිසේන ගලප්පත්ති මහතාට එම වගකීම පවර තිබුණේ ඔහුගේ පියා වූ (මාගේ සීයා වූ) ජෝන් ද සිල්වා ගලප්පත්ති මහතා විසින්. කෙදිනක හෝ මෙම වගකීම් පවුලේ සුදුසු අයෙකු වෙත භාරදීම මා විසින්ද ඉටුකළ යුතු වගකීමක් බව කියන්න අවශ්‍යයි. එසේ වගකීම පැවරෙන්නාට මා සන්තකයේ ඇති කෞරව වංශය පාරම්පරික පොත මා පිරිනමනු ඇති...
මෙය කුලවාදය කරපින්නාගෙන යාමක් ලෙස යම් කෙනෙකුට සිතෙන්නට පුළුවන්. එහෙත් පරම්පරා කුල සිරිත් ආරක්ෂා කිරීම අපි වගකීමක් ලෙස සලකනවා. ඒ වගේම මම වෙනත් කුල පරම්පරාවල් වල පවතින මෙවැනි කුල සිරිත් අධ්‍යනය කරනවා. ඒවාට ගරු කරනවා. ඒ පිළිබඳ ඇති ලේඛන සංරක්ෂණය කරනවා.
ඔබ කුමන කුලයට අයත් වුවත්, පටු කුල භේදය කරපින්නාගෙන යාම වෙනුවට, පැරණි කුල සිරිත් ආරක්ෂා කළ යුතුයි කියලයි මගේ විශ්වාසය සහ ඉල්ලීම.
මෙහි දැක්වෙන්නේ මාගේ පියාගේ අවමගුල් පෙරහැරේදී මෙම චාරිත්‍ර ඉටුකළ අවස්ථාවන් දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ කිහිපයකි.
_උපුටා ගැනීම උපුල් ගලප්පත්ති ගෙනි
A day in the life
2026-04-06
මායිමෙන් එහා ගස්.
2026 අප්‍රේල් බක් මාසයේ අවුරුදු පිරිසිදු කිරීම් පටන් ගන්න කලින් බොහෝ දෙනෙක් මුහුණදෙන ලොකුම ප්‍රශ්නය මායිමේ තියෙන ගස්. හවස් යාමයේ තද අව් රශ්මිය මැද්දේ අල්ලපු වත්තෙන් එබෙන කොස් අත්තක බරට අලුත්ම ඇමනෝ වහලයේ තහඩු මිරිකී යන දසුනක් දකිද්දී ඕනෑම කෙනෙකුට කේන්ති යන එක සාමාන්‍යයි. ලක්ෂ ගණන් වියදම් කරපු වහලයේ තහඩු මිරිකෙන සද්දේ ඇහෙද්දී, ඒ අස්සේ ගහේම නරක් වෙලා බේරෙන කොස් කිරි අලුත් වහලයට වැටෙනකොට දැනෙන අසරණකම අපි දන්නවා.
නීතිය ගැන කතා කරනවා නම්,
ප්‍රශ්නය අවුලක් වෙන්න කලින් ජනේලයෙන් පෙනෙන ඒ නීතිමය විසඳුම ගැන දෙපාරක් හිතන්න. ප්‍රාදේශීය සභා පනතේ 107 වගන්තිය යටතේ මේකට නිවැරදි ක්‍රමවේදයක් තියෙනවා. මුලින්ම සභාපතිවරයාට ලිඛිතව පැමිණිල්ලක් කරන්න ඕනේ. ඊටපස්සේ තාක්ෂණික නිලධාරියෙක් ඇවිත් බලලා දවස් 7 සිට 14 දක්වා කාලයක් ඇතුළත අතු කපන්න අදාළ අසල්වැසියාට නිල නිවේදනයක් නිකුත් කරනවා.
තෙතමනයට පාසි බැඳුණු මායිම් තාප්පය අයිනේ ඉඳන් නිකරුණේ අසල්වැසියෝ එක්ක රණ්ඩු වෙනවාට වඩා, තමන්ගේ වත්තේ අයිතිය සනාථ කරන නිල් පාට හැඳුනුම්පත අතේ තියාගෙන නීත්‍යානුකූලව වැඩ කරන එක තමයි නුවණක්කාරම දේ.
අසල්වැසිකම රැකගන්නවාද,
වියමන අයිති .

2026-04-05
පතයි ඊළග හමුව .
පසුගියදාක 60 - 65 කාලේ උසස් පෙල පන්තියේ හිටපු සහොදර සහෝදරී හවුලක.
48 -50 උපන් 78-76 තරුන ගැටවු පිරිසක්.
කොයිතරම් සුන්දරද ?
ආ ගිය කතා …
මම දුර බැහැර ඉදන් ආපු ගැටයෙක්.
අනිත් අය ඔක්කොම වගේ හොරණට ආසන්න ගැටවු ගැටිස්සියන්.
කාලෙකින් හමුවුනාම දොඩමළු වෙන්න ඕන මාතෘකා තියෙනවා.
පරණ කතා මතු වෙන කොට ප්‍රසන්න තැන් වගේම අප්‍රසන්න තැන් බොහොමයි.
කාලයක් පුද්ගලිකය රහසිගතයි ඒවත්
දැන් නිදහසේ දිග අරිනවා.
වයසේ වැරද්ද ……….
සුනිල් ගුණවර්ධණ ලියු “ දැන් වැටුන හුස්මක් “ කාව්‍ය සංග්‍රහයේ මෙහෙම තියෙනවා.
මට ඒ අතරේ මතක් වුනේ අරහෙන් මෙහෙන් ….
පොත හොයා ගත්තේ ගෙදරට ඇවිත්
එබෙමි කැඩපත වෙතට
දිය සිදුනු විලකි පිළිඹිබුව
එ දවස මා නෙත වසග කල
මුව සියපත ද ඔබ හැකිළ මිලිනව ගොස්ය
වෙරළ උයන රගහල
රාගය මුසු සෙනහසින
වෙලා ගත් දෑත්
මස සිදි එයි නහර නැග
තුරුණු විය උද්දාමයෙන්
ගැටී මා ළය
හිසසොවා හිටි දසුන්
නිදයි වැටී ළය මතම
සසග සිරියට දැගළු සිත
විළංගු ළු ඇතෙකි යදමින
වියලි දඩුදෙකකි
කැරකෙන ගෙයි
නමුදු සසරින් සසරට
රැගෙන ආ මහරු සෙනෙහස
පතයි ඊළග හමුව.
2026-04-04
TBM දැවන්තයා
මොරගහකන්ද ජලාශයේ සිට උතුරු මැද පළාතට ජලය ගෙන යාම සඳහා ඉදිවන ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතියට අයත් මෙම භූගත උමඟ කිලෝමීටර් 28ක් පමණ දිගින් යුක්ත වන අතර, එය සම්පූර්ණ වූ පසු ශ්‍රී ලංකාවේ දිගම උමඟ බවට පත්වනු ඇත.
මෙම කාර්යය සඳහා ගෙන්වන ලද TBM යන්ත්‍රය මීටර් සිය ගණනක් දිගු, ටොන් දහස් ගණනක් බරැති අති නවීන යන්ත්‍රයකි. එය ඉදිරියට ගමන් කරන අතරතුරම පස් සහ ගල් කපා ඉවත් කරනවා පමණක් නොව, උමඟ කඩා නොවැටෙන සේ කොන්ක්‍රීට් වළලු (Concrete segments) සවි කිරීමද සිදු කරයි.
උමඟක වැඩ අවසන් වූ පසු TBM යන්ත්‍රයක් පිටතට නොගෙන එහිම අතහැර දැමීම (Burying or Entombed) ලෝකය පුරාම උමං ඉංජිනේරු විද්‍යාවේ බහුලව සිදුවන දෙයකි.
ඊට ප්‍රධාන හේතු කිහිපයක් බලපායි
1. අධික පිරිවැය
කිලෝමීටර් ගණනක් පොළොව යටට ගමන් කර ඇති ටොන් දහස් ගණනක් බරැති යන්ත්‍රයක් ආපසු හරවා ගැනීමක් කළ නොහැක. එය පිටතට ගැනීමට නම් එක්කෝ යන්ත්‍රය සම්පූර්ණයෙන්ම ගලවා (Dismantle) උමඟ දිගේම පසුපසට ගෙන ආ යුතුය. නැතහොත් උමඟ අවසන් වන තැනින් පොළොව මතුපිට සිට යන්ත්‍රය ගැනීමට තරම් දැවැන්ත වළක් (Retrieval Shaft) කැපිය යුතුය. මේ සඳහා යන වියදම සහ කාලය අලුත් යන්ත්‍රයක් මිලදී ගන්නවාට වඩා විශාල විය හැකිය.
2. එක් ව්‍යාපෘතියකට පමණක් සීමා වීම
සෑම TBM යන්ත්‍රයක්ම නිෂ්පාදනය කරන්නේ අදාළ ප්‍රදේශයේ භූ විද්‍යාත්මක තත්ත්වයන්ට (Geological conditions) සහ උමඟේ විෂ්කම්භයට හරියටම ගැළපෙන පරිදිය. එබැවින් මෙම යන්ත්‍රය වෙනත් ප්‍රමාණයක උමඟක් කැපීමට හෝ වෙනත් රටක පස් සහිත භූමියකට නැවත භාවිතා කිරීම ප්‍රායෝගික නොවේ.
3. තාක්ෂණික යල් පැනීම
මෙවැනි ව්‍යාපෘතියක් අවසන් වීමට වසර ගණනාවක් ගතවන අතර, ඒ කාලය තුළ යන්ත්‍රය දැඩි ලෙස ගෙවී යාමට ලක්වන අතරම නව තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර වෙළඳපොළට පැමිණේ.
ඇත්තටම පොළොව යට වළලන්නේ මොනවාද?
මෙය සම්පූර්ණ යන්ත්‍රයම එලෙසම අතහැර දැමීමක් නොවේ. මෙය ඉතා සැලසුම් සහගතව සිදුවන පියවරකි.
1. වටිනා කොටස් ඉවත් කරගැනීම
ව්‍යාපෘතිය අවසානයේදී ඉංජිනේරුවන් විසින් යන්ත්‍රය ඇතුළත ඇති සියලුම වටිනා කොටස් ඉවත් කරගනු ලබයි. මෙයට දැවැන්ත විදුලි මෝටර්, හයිඩ්‍රොලික් පද්ධති, ඉලෙක්ට්‍රොනික් උපාංග, පරිගණක පද්ධති සහ යන්ත්‍රය පසුපසින් ඇදගෙන යන මැදිරි (Trailing gear) අයත් වේ.
2. යකඩ කවචය කොන්ක්‍රීට් කිරීම
අවසානයේ ඉතිරි වන්නේ යන්ත්‍රයේ පිටත ඇති අති දැවැන්ත යකඩ කවචය (Outer Shield) සහ ඉදිරිපස ඇති කැපුම් තැටිය (Cutterhead) පමණි. මෙය උමඟේ අවසන් කෙළවරේ හෝ ඒ සඳහාම හාරන ලද පැති කුටීරයක (Side cavity) රඳවා, හිස් අවකාශය කොන්ක්‍රීට් කර සදහටම වසා දමනු ලැබේ.
තව නොබෝ දිනකින් සිංහ කොඩිය සහිත එම ඉදිරිපස දැවැන්ත කැපුම් මුහුණත, ව්‍යාපෘතිය අවසානයේදී අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් කළ සේවයේ නිහඬ සාක්ෂියක් ලෙස සදහටම ශ්‍රී ලංකා පොළොව යට කොන්ක්‍රීට් වලින් වැසී මිහිදන් වනු ඇත.


සටහන - Deshika Jayantha
A day in the life ජීවිතයෙන් දවසක් .
2026-04-03
රත්නපුරය -- වුනේ මෙහෙමයි
ඉඩ සලසා දුන්නේය.
නම් සුල්තාන් කෙනකු වාසය කළ ස්ථානයට
ගියේය.
අරාබි බසින් අල්කොනර් යනුවෙන් මෙහි එන්නේ
අලගක්කෝනාරයන් බව පහසුවෙන්ම හඳුනා ගත
හැකිය.
කුරුණෑගල යයි ලංකා ඉතිහාසය පිළිබද පොත්පත්
ලියු බොහෝ දෙනා කල්පනා කරති.
එහෙත් ඉබන්නතුතා ගේ විස්තරය අනුව එය
ශ්‍රිපාද කන්දට නුදුරු තැනක් වියයුතු බව
"කොඩ්‍රිංටන්"මහතා පවසයි.
"කොනකර්"යනු අලගක්කෝනාර පවුලේ
පරම්පරාගත වාසභූමිය වු "රයිගම"යන්නෙහි
දෙමළ පරිවර්තනය කැයි සිතන්නට පුළුවන.
එහෙත් ඉබන්බතුතාගේ විස්තරය ඒ පෙදෙසට
ගැලපෙන බවක් නොපෙනේ.
"කොනකර්"යන්න වනාහි "රත්නවර"(රජුගේ නුවර)
යන සිංහල නමේ ද්‍රවිඩ පරිවර්තනයක් විය හැකිය.
"රත්නවර"යන්න පණ්ඩිතමාණි අදහස් වලට
ගැලපෙන පරිද්දෙන් මෑත කාලයේදි "රත්නපුර"
යනුවෙන් වෙනස් කරගන්නා ලදැයි සිතිය හැකිය.
උපුටා ගැනීම :--
ලංකා විශ්වවිද්‍යාලයේ "ලංකා ඉතිහාසය"
පොතෙනි.
මගේ සටහන :-
මම සීවලී මධ්‍ය විද්‍යාලයේ ඉගැන්වු
කාලයේදී විද්‍යාලිය පුස්තකාලයේ බොහෝ පොත්
රැගෙන විත් කියවීමි.
ඒ පොත් අතරින් මා සිත්ගත් පොතක් වූවේ
රුසියානු ඉතිහාසඥණයකු වු E.H.කා මහතා ලියු
"ඉතිහාසය යනු කුමක්ද"යන ඉතිහාස පොතය.
පසුව මම ලංකාවිශ්ව විද්‍යාලයේ ඉතිහාස පොතත්
ගෙනවිත් කියවන්නට ඇත.
මේ මෑතකදි මුහුණු පොතේ රත්නපුර ප්‍රදේශයේ
මැණික් හා සම්බන්ද ගම් කිසිත් නැත යන පෝස්ටුවක්
පළකර තිබුනා මට දකින්න ලැබුනා.
ඒ අනුව රත්නපුර සම්බන්ධ ළිපියක් මා දින පොතක
සටහන් කරගත් බව මතක් වුනා.
දින පොත් ටික පෙරලා බැලු විට ළිපිය මුණ ගැසුනා.
අදාල සටහන මා ලියා ගෙන ඇත්තේ
"1986 ජනවාරි 20 වන සඳුදා."
පොත කියවමින් සිටින විට එදින ඒ කොටස මට
මුණගැසෙන්න ඇති.
ඉතින් මම ඒ අවස්ථාවේදීම ඒ කොටස
ලියා ගන්නට ඇත.
මෑත ඉතිහාසයේදි "සබරගමුව"යන්නට
"සපරගමුව"ලෙසට ලියවුන අවස්තා දක්නට ඇත.
සපරගමුවේ ලේකම් මිටිය යන්න එක් උදාහරනයකි.
එසේම මා සතුව පවතින අවුරුදු දෙසීයක් පමණ
පරන නඩු තීන්දු සියල්ලේම සඳහන් කර ඇත්තේ
සපරගමුව ලෙසය.
වඩා නිවරදි සපරගමුව යන්න නම් රත්නපුර
දිස්ත්‍රික්කයේ මැණික් වලට සම්බන්ධ එකම නම
එය පමණි.
ඒ හැර මණික් හා ගැට ගැසුනු කිසිම ගම්
නාමයක් දක්නට නොමැත.
මෙන්න මේ ආකාරයට:-
1.මැණික් කුඹුර,මණික් දෙණිය ,මැණික් ඕවිට ,
මැණික් වත්ත,මැණික් හේන .
2.දලං කුඹුර ,දලං දෙණිය ,දලං ඕවිට ,දලං වත්ත,
දලං හේන.
3.කොට්ටර කුඹුර,කොට්ටර දෙණිය,කොට්ටර ඕවිට.
කොට්ටර වත්ත ,කොට්ටර හේන.
4.මලුක්කන් කුඹුර,එම දෙණිය ,එම ඕවිට ,
එම වත්ත,එම හේන ආදි ලෙස.
ගම් වලට නම් පටබැදුනු ඈත අතීතයේදී මැණික්
කර්මාන්තය මේ ප්‍රදේශයේ සිදිනොවන්නට ඇතැයි
මා සිතනව.
පසු කාලිනව වෙන්නට ඇති මැණික් කර්මාන්තය
පටන් ගන්නට ඇත්තේ.
එවිට ගම් වලට නම් තබා අවසන් වෙන්නට ඇති.
ඉතින් ලංකා විශ්වවිද්‍යාලය ගෙනහැර දක්වන
ඉතිහාසය සත්‍යයක් යැයි මට නම් සිතෙනව.
ඉතින් රුවන්පුරය මිණිපුරය යන නම් අතීතයේදි
භාවිතා කළේ දැයි යන සැකය මට නම් ඇති වෙනව.
මෙය කියවන ඔබේ අදහස් පළ කරන්නේ නම්
මම අගේ කරනව.
මේ සම්බන්ධව සංවාදයක් ආරම්භ වන්නේ
නම් වැදගත් යැයි මම සිතනව.
2026 .03. 29.
2026-04-02
ඇමරිකාව ඉරානයට ගහන්න බයයි. - මහාචාර්ය ජියෑන්ග්
මේ දවස්වල ඇමරිකාවයි ඊශ්‍රායලයයි ඉරානයත් එක්ක යුද්ධ කරන්න මාන බැලුවත්, ඇයි කෙලින්ම ඉරානයට ගහන්නේ නැත්තේ?
"ඉතිහාසයේ ඉරානයට (පර්සියාවට) පහර දුන් සෑම අධිරාජ්‍යයක්ම, ඒ සටනින් දිනුවත් පැරදුණත්, අවසානයේදී සම්පූර්ණයෙන්ම පරිහානියට පත්වී බිඳ වැටී පස් බවට පත්විය! හැබැයි ඉරානය අදටත් ජීවමානය!"
මේක නිකන්ම නිකන් කතාවක් නෙමෙයි, ඉතිහාසය සාක්ෂි දරන හැංගුණු යථාර්ථයක්. මේ බලන්න.
1. මහා ඇලෙක්සැන්ඩර්ගේ ඛේදවාචකය
ලෝකයෙන් බාගයක්ම අල්ලපු මහා ඇලෙක්සැන්ඩර් රජු, අතිශය දුෂ්කර සටනකින් පස්සේ පර්සියාව (ඉරානය) යටත් කරගත්තා. හැබැයි මොකද වුණේ? එතැන් පටන් ඇලෙක්සැන්ඩර්ගේ දැවැන්ත අධිරාජ්‍යය කෑලි වලට කැඩිලා විනාශ වෙන්න පටන් ගත්තා. හැබැයි පර්සියාව ඉදිරියටත් පැවතුණා!
2. රෝම අධිරාජ්‍යයේ අවසානය
ලෝකයම හෙල්ලූ ජූලියස් සීසර්, පර්සියාව යටත් කරගන්න සැලසුම් හදමින් ඉද්දීම ඔහුව කුරිරු විදිහට ඝාතනය කළා. ඉන්පස්සේ ආපු රෝම නායකයින් කීප දෙනෙක්ම පර්සියාව යටත් කරගන්න උත්සාහ කරලා අන්ත පරාජයක් ලැබුවා. අන්තිමේදී දැවැන්ත රෝම අධිරාජ්‍යය සදහටම බිඳ වැටුණා. හැබැයි පර්සියාව ඉදිරියටත් පැවතුණා!
3. අරාබි අධිරාජ්‍යය 'ගිලගත්' පර්සියාව
අරාබි කැලිෆට් අධිරාජ්‍යය ඇවිත් පර්සියාව යටත් කරගෙන, ඔවුන්ව ඉස්ලාම් ආගමට හැරෙව්වා. අරාබීන් හිතුවේ පර්සියාව ඉවරයි කියලා. හැබැයි දශක කිහිපයක් යද්දී අරාබි ඉස්ලාමය, "පර්සියන්කරණයට" ලක්වෙලා ඉරානය කියලා අලුත් රාජ්‍යයක් බිහිවුණා. ඉරාන ජාතිකයින් කවදාවත් අරාබි සංස්කෘතිය වැළඳගත්තේ නැහැ, ඔවුන් කළේ තමන්ගේ පර්සියන් සංස්කෘතිය ඇතුළේ ඉස්ලාමය තියාගත්ත එකයි. අවසානයේ අරාබි අධිරාජ්‍යය බිඳ වැටුණා, ඉරානය ඉදිරියට ගියා!
4. ලෝකයම බය කළ මොංගොල්වරුන්ට වුණු දේ .
ලෝකයේ දරුණුම ආක්‍රමණිකයින් වුණු මොංගොල් අධිරාජ්‍යය ඉරානය යටත් කරගත්තා. හැබැයි ටික කාලයක් යද්දී මොංගොල්වරුන් ඉරාන සංස්කෘතිය බෝවෙලා, ඔවුන් ඉස්ලාමය වැළඳගත්තා. ඉන්පස්සේ මොංගොල් අධිරාජ්‍යය කැබලි වලට කැඩී විනාශ වුණා. ඉරානය ඉදිරියටම ගියා!
මහාචාර්යවරයාගේ සුපිරිම පුරෝකථනය .
මේ ඓතිහාසික Trend එක (රටාව) බැලුවාම, ඇමරිකාව ඉරානයට ගැහුවොත් අනිවාර්යයෙන්ම ඇමරිකන් අධිරාජ්‍යයත් බිඳවැටෙන එක සක්කරයාටවත් නවත්වන්න බැහැ. මහාචාර්ය ජියෑන්ග් විහිළුවට වගේ කියන්නේ, මේ රටාවට අනුව ඉරානය අල්ලන්න ගියොත් අන්තිමේදී ඩොනල්ඩ් ට්‍රම්ප් පවා ඉස්ලාම් ආගමට හැරිලා "අයතුල්ලා අල්-ට්‍රම්පේනි" (Ayatollah Al-Trumpeni) විදිහට ආපහු ඇමරිකාවට යන්නත් ඉඩ තියෙනවා කියලයි!
ඇත්තටම ඇමරිකාව කියන්නේ මේ පර්සියානු සාපයට බිලිවෙන ඊළඟ අධිරාජ්‍යය වෙයිද? ඔබේ අදහස පහළින් කමෙන්ට් කරන්න!
(Game Theory වලින් ලෝකය දිහා දකින මහාචාර්ය ජියෑන්ග් - Prof Jiang ගේ වීඩියෝ YouTube එකෙන් අනිවාර්යයෙන්ම බලන්න!)
ඉතිහාසය කියන්නේ නිකන්ම පාඩමක් නෙමෙයි, අනාගතය පෙන්වන කණ්ණාඩියක්! මේ පට්ට කතාව ඔබේ මිතුරන්වත් පුදුම කරවන්න දැන්ම Share කරන්න!
ලෝක දේශපාලනයේ සහ ඉතිහාසයේ මේ වගේ හැංගුණු කතා සිංහලෙන්ම දැනගන්න, අපේ පිටුවට අනිවාර්යයෙන්ම Like කරලා Follow කරන්න!
#IranHistory, PersianEmpire, ProfJiang, GameTheory, #USvsIran, #Geopolitics, AlexanderTheGreat, FallOfRome, MongolEmpire, AyatollahTrump, #MiddleEastCrisis, SinhalaHistory, WorldPolitics, FacebookMonetization, ViralSinhala, ඉරානය, ලෝකදේශපාලනය, පර්සියාව, ඇමරිකාව, ඉතිහාසය
A day in the life
2026-04-01
මහගම සේකර ගේ කථා.
මෑතක චරණ ටීවී එකේ ප්‍රචාරයවු සිනමා පටයක් බැළුවා. එය ගාන්ධි අනුගාමියෙකුගේ චරිතයක් වටා ගෙතුන කතාවක්.
සිනමා පටය පටන්ගන්නේ සුදු වතින් සැරසුන ඔහු බසයකින් පැමින බහිනවා.
බැහැලා ප්‍රසිද්ධ වැසිකිලි යට යනවා.
ගිහින් එන අයගේ අප්‍රසන්න මුහුණු දකිනවා. ඔහුත් ගියාම දකින්නේ අප්‍රසන්න දර්ශනයක්.
ආපහු එන ඔහු ප්ලාස්ටික් බාල්දි , මුස්න වැනි වැසිකිලිය පවිත්‍ර කිරීමට අවශ්‍ය උපකරන කිහිපයක් මිළදී ගන්නවා.
ඒවත් රැගෙන යන ඔහු නැවත වැසිකිළියට ගොස් පිරිසිදු කර පිටව යනවා.
මට මේ කතාවත් එක්ක සිහිපත් වුනේ මහගම සේකරයන් පිලිබද පුවතක්.
මේ කියන කාලේ මහගම ලලිත කලා විද්‍යාලයේ විදුහල්පති.
වර්තමානයේ සෞන්දර්ය විශ්ව විද්‍යාලය. තනතුර - උප කුළපති
සවදක් මහගමයන් කාර්යාලයට එන කොට සිසුවෝ වර්ජණයක. කාර්යාලය වටලලා
මහගමයන් සන්සුන්ව මේ සිසුන් ගෙන් අහනවා
“මොකද මේ ළමයි………?”
“සර්..අපෙ වැසිකිළි සෝදලා නෑ! ඒවා සෝදනකල් අපි පංතිවලට යන්නෙ නෑ!” කාරනාව පහදනවා.
“හ්ම්…….” මහගමයන් කාර්යාලය ඇතුලට ගියා.
ශිෂ්‍යයයො බලාන හිටියා.
විසදුමක් දෙනකම්.
“දැන් මොකක්හරි ක්‍රියා මාර්ගයක් ගනී…..” නැත්නම් අපි දිගටම වර්ජනේ..
කාලය ගෙවීයනවා …. පැයක් දෙකක්..
ඔන්න මහගමයන් කාර්යාලයෙන් එළියට විත් සිසුන් හමුවෙනවා
ලේන්සුවෙන් අත් පිහිදමින්……………..
“හරි……අන්න මම ඒවා සේදුවා…!
දැන් ඔය ළමයි පංති වලට යන්න…….”
වර්ජණය ඉවරයි…






















