ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2024-03-10

බඳගිරිය












 


බදගිරිය ශ්‍රී ලංකාවේ දකුණු පළාතෙහි හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයට අයත් ගම්මානයකි. ව‍ර්තමානයේදී යහංගල නැගෙනහිර, යහංගල බටහිර, බදගිරිය, ජූල්ගමුව සහ තම්මැන්නාව යන ග්‍රාම නිලධාරී කොට්ඨාස පහකින් සමන්විත ජනපදයකි.
පිවිසීම
කොළඹ-කතරගම ප්‍රධාන මාර්ගයෙහි හම්බන්තොට නගරයේ සිට තිස්සමහාරාම දෙසට සැතපුම් කිහිපයක් ගමන් කළ විට හමු වන පල්ලෙමලල මංසන්ධිය බදගිරිය ග්‍රාමයට ප්‍රවිෂ්ට වන ප්‍රධාන පිවිසුම් මාර්ගය වෙයි. පල්ලෙමලල සිට සැතපුම් 3-4ක් පමණ ගමන් කළ විට බදගිරිය හමුවේ.
ඉතිහාසය
බදගිරියෙහි ඉතිහාසය ක්‍රි:පූ: 2වන සියවස (මහානාග යුව රජුගේ යුගය) දක්වා දිවයයි. මෙය අතීතයේ ගෝත්‍රික ජනයාගේ වාස භූමියක්ව පැවති බව ජනප්‍රවාදයෙහි එන මතයකි. එම ඉතිහාසය රුහුණේ රජ කළ දසබෑ රජුන්ගේ යුගය දක්වා දිව යයි. සියවස් ගණනක් වනයට යටවී තිබූ මෙය 1956දී ගොවි පවුල් 100ක් පදිංචි කරවීමෙන් නව ජනපදයක් ලෙස ආරම්භ කරන ලදුව වර්තමානයේ දී ඉතා සශ්‍රීක ගොවි ජනපදයක් බවට පත්ව ඇත.





පුරාවස්තු
බදගිරිය ජනපදයෙහි ‍ඓතිහාසික අගය රැඳී පවතිනුයේ 'බදගිරිය පුරාණ රජමහා විහාරය' කේන්ද්‍ර කොට ගෙනය. එම විහාරස්ථානය උපස්ථම්භකව ස්ථාපිත වූ ලෙන්, පොකුණු, ශිලා ලේඛන, සඳකඩ පහණ, පියගැට පෙළ, පුරාණ විහාර මන්දිරය, ඓතිහාසික දාගැබ් ද්වය සහ බදගිරිය මහ වැව යන සංස්කෘතිකාංග ගම්මානයෙහි ඓතිහාසික ප්‍රෞඪත්වයට සාක්ෂ්‍ය සපයයි.
අක්කර 102ක පමණ භූමි ප්‍රදේශයක ව්‍යාප්ත වී ඇති බදගිරිය පූජා භූමියෙහි අක්කර 20ක් පමණ වසා පැතිරී පවත්නේ කාල වර්ණ ශෛලමය පර්වතයයි. එය අඩි 300 ගණනකින් යුතු වූවකි. එකිනෙක බද්ධ වූ විහාර ගල සහ වෙහෙර ගල හැරුණු විට 'පිරිත් ගල' නම් වූ ගල් තලාවක් ද ඒ අසල වෙයි. විහාරස්ථානයට අයත් වූ අක්කර 10-15ක පමණ කෙත් යායක් යල මහ දෙකන්නයේ අස්වැද්දෙයි. ලෙන්, පොකුණු, සෙල් ලිපි, සඳකඩ පහණ, පියගැට පෙළ, පුරාණ විහාර මන්දිරය, දාගැබ් සහ වැව යන පුරාවිද්‍යාත්මක අගයෙන් අනූන ස්ථාන කිහිපයක් ගල් පර්වතය ආශ්‍රයෙන් හමු වේ.
බදගිරිය විහාර භූමියෙහි පිහිටි විශාල ගල් පර්වතය නිර්මාණය වී ඇත්තේ පර්වත යුගලයක බද්ධ වීමෙනි. එකී ගල් පර්වත ද්වය විහාර ගල සහ වෙහෙර ගල යනුවෙන් ‍හැඳින්වේ. මෙම පර්වතයන්ගේ බද්ධ වීම හේතුවෙන් බද්ධ වූ ගිරි බදගිරි ලෙස පරිණාමය වී එයම ග්‍රාම නාමය ලෙස ද ව්‍යවහාරයට පැමිණ ඇතැයි මුඛ පරම්පරාවෙන් කියැවේ. ඓතිහාසික රුහුණු පුද බිම් අතුරෙන් අද්විතීය ස්ථානයක් ගන්නා බදගිරිය පිළිබඳ ලියැවුණු, 13 වන සියවසේ සිට 19 වන සියවස දක්වා කාලයට අයත් ශිලා ලේඛන, බදගිරි ගල් පර්වතයෙහි වෙයි. මහා වංශයෙහි දැක්වෙන රුහුණේ රාජ්‍යය කළ කාවන්තිස්ස රජතුමා විසින් කරවන ලද බධගල් දොර විහාරය යනු බදගිරිය යැයි විවිධ මතවාද පවතී. එහෙත් මහානාග යුවරජු දවස ලියන ලද ශිලා ලේඛන සාක්ෂ්‍ය සපයන්නේ මෙම පුද බිම එකී රාජ්‍යය කාලයට අයත් බවටය. ශ්‍රී ලංකාවේ ‍පෞරාණික ග්‍රාම නාම පිළිබඳ විස්තර වන "නම් පොත" නමැති ග්‍රන්ථයේ 'බුජස් ලෙන' ලෙස දැක්වෙන්නේ බදගිරිය පුරාණ රජමහා විහාරය යැයි අනුමාන කළ හැකිය. එමෙන්ම එහි 'යාන් ලෙන' පිළිබඳව සඳහන් වී තිබීමෙන් මේ මතය ස්ඵුට වේ. (යහංගල පුරාණ රජමහා විහාරය පිහිටා ඇත්තේ බදගිරිය පුරාණ රජමහා විහාරයට ආසන්නයේ බැවිනි.) සීගිරි කාශ්‍යප රජතුමා විසින් ඉදි කරවන ලද සීගිරි බලකොටුවෙහි පිහිටි සීගිරි කැටපත් පවුරෙහි 'බඳගිරි හා බඩගිරි' යන නම්වලින් හඳුන්වා ඇත්තේ බදගිරිය යැයි සිතිය හැකිය. සීගිරිය හැරුණු වි‍ට ගල් පර්වතයක් මත සියලු ඉදිකිරීම් කරන ලද එකම ස්ථානය ද බදගිරිය වෙයි. වසර දෙදහස් ගණනක ඉතිහාසයකට උරුමකම් කියන බදගිරිය, ශතක ගණනාවක් පුරා මහ ගන වනයේ අණසකට නතුව තිබී යළි නිරාවරණය වන්නේ 1950 දශකයේදී බදගිරිය ජනපදය පිහිටුවීමත් සමඟය.
ලෙන්
පර්වතයෙහි ඇති ‍ලෙනත්
ප්‍රාග් බෞද්ධ යුගයේ දී මානව වාසස්ථාන ලෙස යොදා ගන්නා ලද ස්වාභාවික ගල් ලෙන්, මහින්දාගමනයෙන් පසු භික්ෂු වාසස්ථාන සඳහා පූජා කරන ලදී. මෙවැනි ගල් ලෙන් 4ක් හා කුඩා ලෙන් 6ක් ද බදගිරිය ගල් පව්වෙන් හමුවේ. මෙම ලෙන් අතුරෙන් දැනට හඳුනාගෙන ඇත්තේ දීඝ නිකායේ අටුවාවේ එන රුහුණේ මිත්ත මහ රහතන් වහන්සේ වැඩ සිටියේ යැයි සැලකෙන 'කස්සක ලෙන'යි. ගල් පව්වේ සෙල් ලිපියක එන 'මිත්‍ය ලෙන' , මෙම කස්සක ලෙන යැයි පුරාවිද්‍යා ‍දෙපාර්තමේන්තුවේ මතයයි.
පොකුණු
භික්ෂූන් වහන්සේගේ ප්‍රයෝජනය පිණිස සෑම ආරාමයකම පොකුණු ඉදි කොට ඇති අතර එම පොකුණු සඳහා යොදා ගෙන ඇත්තේ ස්වාභාවිකව නිර්මාණය වූ ගල් වලවල්ය. එවැනි පොකුණු වර්ග 5ක් දැනට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හඳුනා‍ගෙන ඇති අතර එම පොකුණු වර්ග පහම එකම ස්ථානයක දක්නට ලැබෙන්නේ බදගිරිය ගල් පර්වතයෙහි පමණි. එම පොකුණු ‍වර්ග පහ නම්, මල් පොකුණ, පා පොකුණ, පියන් පොකුණ, ඇස් පොකුණ හා කුට්‍ටම් පොකුණ යි.
මල් පොකුණ
මල්වලින් ගැවසීගත් හෙයින් මෙය මල් පොකුණ ලෙස හඳුන්වා ඇත. පරිධියෙන් ඉතා විශාල වූ මෙහි දිග අඩි 33ක්ද පළල අඩි 14ක්ද ගැඹුර අඩි 4ක්ද වේ. වර්තමානයේදී ද මෙම පොකුණ ඕලු, නෙළුම් ආදී පුෂ්පයන්ගෙන් පිරී පවතී.
පා පොකුණ
පර්වත මස්තකයෙහි පිහිටි චෛත්‍යය හා විහාර මන්දිරය වැඳ පුදා ගැනීමට යන බැතිමතුන් පා දෝවනය පිණිස ජලය ලබා ගෙන ඇත්තේ මෙම පොකුණෙනි. මෙහි දිග අඩි 11ක්ද පළල අඩි 7ක්ද ගැඹුර අඩි 4ක්ද වේ.
පියන් පොකුණ
භික්ෂූන් වහන්සේගේ ප්‍රයෝජනය පිණිස නිර්මාණය කර ඇති මෙය විශාල ගල් පියනකින් වැසී ඇති අතර ජලය ලබා ගැනීමට පහසු ආකාරයෙන් එක් පසෙකින් විවෘත වී ඇත. ගල් පියනකින් ආවරණය වී ඇති නිසා මෙය පියන් පොකුණ ලෙස ව්‍යවහාරයට පැමිණ ඇත. වර්තමානයේදී ද පිරිසිදු ජලය ඇති මෙය අතීතයේ දී පානීය ජලය ලබා ගැනීමට භාවිත කළේ යැයි සිතිය හැකිය. දිගින් අඩි 10ක් හා පළලින් අඩි 5ක් වන මෙහි ජලය නියඟ කාලවලදී පවා නොසිඳෙයි.
ඇස් පොකුණ
මිනිස් ඇසක ස්වභාවය ගන්නා බැවින් ඇස් පොකුණ ලෙස හඳුන්වා ඇත. පැන් කෙණ්ඩියක් දැමීම‍ට තරම් කුඩා ප්‍රමාණයට අතීතයේදී පැවති මෙහි විවරය දැන් විශාලවී ඇත. මෙහි ගැඹුර අඩි 6කට වඩා වැඩි නොවුවද ගල් සහ මඩ රැඳී ඇති හෙයින් ගැඹුරක් නිශ්චය කළ නො හැකිය. ගල් සහ මඩ තෙක් ඇති ගැඹුර අඩි 5ක් පමණ වන අතර දිග අඩි 2ක්ද පළල අඩි 1/2ද වේ.
කුට්ටම් පොකුණ
එකම බැම්මෙන් වෙන් වී එකම ස්ථානයක පිහිටා ඇති පොකුණු යුගලක් කුට්ටම් පොකුණ ලෙස හැඳින්වේ. ලංකාවේ ඉතා ප්‍රසිද්ධ කුට්ටම් පොකුණ හමු වන්නේ අනුරාධ පුරයෙනි. නමුත් එය කෘතීම කුට්ටම් පොකුණකි. නමුත් විශ්මයාවහ ලෙස නිර්මාණය වී ඇති බදගිරිය කුට්ටම් පොකුණ ලංකාවේ ඇති එකම ස්වාභාවික කුට්ටම් පොකුණ වීම සුවිශේෂත්වයකි. ගැඹුරින් අඩි 15ක් ද දිගින් අඩි 10ක් ද පළලින් අඩි 8ක් ක වන මෙහි ජලය වර්තමාන‍යේ ද භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනයට ගනු ලැබේ.
සෙල් ලිපි
ප්‍රධාන වශයෙන් සෙල් ලිපි 3ක් හා තවත් සෙල් ලිපිවල කොටස්ද මෙම පර්වතයෙහි දක්නට ලැබේ. බ්‍රාහ්මී අක්ෂරවලින් ලියන ලද සෙල් ලිපි හා මධ්‍යතන යුගයට අයත් අක්ෂරවලින් ලියන ලද ශිලා ලේඛන ද ඒ අතර වෙයි. ඒවායෙන් 3ක් ක්‍රි:ව: 3-4 සියවස්වලට ද 2ක් ක්‍රි:ව: 6-7 සියවස්වලට ද අයත් යැයි සැලකේ. ඒවා අතුරෙන් සෙල් ලිපි දෙකක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ආරක්ෂිත වැටවල් යොදා සුරක්ෂිත කොට ඇත. ක්‍රි: ව: 3-4 සියවස්වලට අයත් ශිලා ලේඛනයක මෙම විහාරය හඳුන්වා ඇත්තේ 'මහගමිය වෙහෙර' ලෙසය. (මෙය මහා ගාම හෙවත් මාගම ‍යැයි විශ්වාස කෙරේ.) එකල ලංකාවේ පැවති 'අරියවංස ධර්ම දේශනය ' පිළිබඳව ද, ධර්ම කථික භික්ෂූන්ට පූජා කරන ලද ඉඩ කඩම් පිළිබඳවද එහි සඳහන් වන අතර බදගි‍රිය ද එසේ පූජා කරන ලද ස්ථානයක් බව එහි එන 'අරියවස කොටු' යන පාඨයෙන් ‍පැහැදිලි වේ.
සඳකඩ පහණ
කැටයම් රහිත සඳකඩ පහණක්.
සිංහල කැටයම් කලාවේ අග්‍රගණ්‍ය නිර්මාණයක් වන සඳකඩ පහණ, බෞද්ධ සිද්ධස්ථානයකට ඇතුළු වන පියගැට පෙළ පාමුල ඇති අර්ධ කවාකාර ගල් පඩියකි. මෙවන් සඳකඩ පහණක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මෙහි සිදු කරන ලද කැණීම්වලින් අනාවරණය කරගෙන ඇත. කැටයම් කිසිවක් නොමැති මෙය සමාන්තරව සකසන ලද ගලින් නිමවා ඇත. අනුරාධපුර පසු යුගයේ හා ‍පොළොන්නරුව යුගයේ සඳකඩ පහණ සත්ත්ව රූප හා ලියවැල් ආදී කැටයමින් අලංකාර වුවද අනුරාධපුර මුල් යුගයෙහි සඳකඩ පහණෙහි කැටයම් නොවූ බව විචාරක මතයයි. එහෙයින් මෙම සඳකඩ පහණ අනුරාධපුර මුල් භාගයට අයත් යැයි සිතිය හැකිය. පියගැට පාමුල ඇති සඳකඩ පහණ හැර පර්වතය මත විහාර මළුවේ ද සඳකඩ පහණක සලකුණු හමුවේ.
පියගැට පෙළ
ගල් පව්ව මතට නැඟීමට හැකි වන පරිදි සකස් කොට ඇති මෙහි දර්ශනීය ලෙස ගල් පඩි මට්‍ටම් කොට ඇති ආකාරය හා ඒවා සමාන්තරව පිහිටුවා ඇති ආකාරය වැදගත්ය. පඩි 93කින් යුත් එහි දිග අඩි 100ක් පමණ වේ. මෙහි මුල් කොටසෙහි කරන ලද කැණීම්වලින් එකල තිබූ ආකාරයෙන්ම ‍ග‍ඩොල් හා පඩි මතු වී ඇත.
පුරාණ විහාර මන්දිරය
නටබුන්.
බදගිරි විහාරයෙහි පිහිටි පර්වත යුගලයෙන් එකක් වන විහාර ගල මත විහාර මන්දිරයක් පිහිටා තිබූ බවට ශේෂ වී ඇති එකම සාධකය විහාර මන්දිර දොරටුව අසළ ඇති සඳකඩ පහණ හා විහාර මන්දිරයේ මායිම් ලෙස සැලකිය හැකි ඒ අවට තිබූ ගල් කණු කිහිපයක් ද පමණි.
ඓතිහාසික දාගැබ
එකම මලුව මත චෛත්‍ය දෙකක් ඉදි කර තිබීම මෙහි විශේෂත්වයයි. මෙයින් එක් වෙහෙරක් ඝටාකාර වර්ගයට අයත් වන අතර අනෙක් වෙහෙර කුමන වර්ගයේදැයි අවිනිශ්චිතය. දකුණු ආසියාවේ ඇති දුර්ලභම ඝටාකාර වෙහෙර මෙය වෙයි. මෙහි නටබුන් අතරින් ඡත්‍ර දෙකක් ද ගල් පුවරු හා ගල් කුළුණු දැනට සොයා ගෙන ඇත. පර්වතය මත ගඩොලින් තැනූ ආසනයක කළයක් මුනින් අත‍ට නැවූ පරිද්දෙන් නිර්මාණය කොට ඇති ඝටාකාර වෙහෙරෙහි පරිධිය අඩි 78ක් ද අනෙක් වෙහෙරෙහි පරිධිය අඩි 96ක් ද වේ. ආසනය අඩි100ක් දිගින් ද, අඩි 65ක් පළලින් ද, අඩි 3 1/2ක් උසින් ද යුතුවේ.
බදගිරිය මහ වැව
සමනළ අඩවියේ සිට ගලා එන "මලල ආර" හරස් කොට තනන ලද බදගිරිය වැවෙහි ජල ප්‍රමාණය වර්ග සැතපුම් 12ක පමණ ප්‍රදේශයක පැතිරී ඇත. බදගිරි ගල් පව්ව ස්වාභාවික ඉවුරක් කොට ගෙන නිර්මාණය වී ඇති මෙහි කණ්ඩියේ දිග සැතපුමක් පමණ වේ. කෘෂි කර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කොට ගත් ජනපදවාසීන් සිය වගා ක‍ටයුතු සඳහා ජලය ලබා ගන්නේ මෙම වැවෙනි. මෙහි ජල ධාරිතාව අක්කර අඩි 9050ක් වන අතර ඉන් ‍පෝෂණය වන වගා ප්‍රදේශය අක්කර 2100ක් පමණ වේ. කුඹුරු ගොවිතැන් මෙන්ම හේන් ගොවිතැන් සඳහා ද මෙම වැවෙන් ජලය ලබා ගනී.
බදගිරිය හා ආශ්‍රිත ගම්වල ඓතිහාසික අගය
බදගිරිය විහාරස්ථානය කේන්ද්‍ර කොට ගත් පෞරාණික වටිනාකමකින් යුතු ගම්මාන කිහිපයක්වේ. ඒවා නම් බදගිරිය, යහංගල, කෑළියවැලෑන, මලලආර හා ගොන්නොරුව යි.
යහංගල
යහන් සඳහා භාවිත කරන ලද ගල් තලාවක් මෙහි වූ බැවින් මෙම නම යෙදී ඇති අතර මෙම ගල් තලාව ඇසුරේ නිර්මාණය වූ ‍යහංගල පුරාණ රජමහා විහාරය, පල්ලෙමලල මංසන්ධියේ සිට බදගිරිය දක්වා වන මාර්ග‍‍යේ අතර මඟදී හමුවේ.මෙම විහාරසථානය කේන්ද්‍ර කොට ගෙන බිහි වූ යහංගල ගම්මානය, බදගිරිය ජනපදය යටතේ පවතින තවත් ගම් ඒකකයක් බවට පත්වී ඇත.‍
කෑළියවැලෑන
කෑළියවැල්+ආන යන පද එක් වීමෙන් මෙම නම සෑදී ඇත. කෑළිය වැල් යනු ගවයන්ගේ ප්‍රියතම තෘණ වර්ගයක් වන අතර ආන යන්න කැළයට ව්‍යවහාර වී ඇති නමකි. මෙහි ජනතාව වර්තමානයේදී මෙන්ම අතීතයේදී ද කෘෂි කර්මාන්තයෙන් හා ගව පාලනයෙන් ජීවනෝපාය සකසා ගත් බවට එම සාක්ෂය්‍ය ප්‍රමාණවත්ය.
මලලආර
අතීතයේදී බදගිරි විහාරය අසලින් ගලා ගිය ආර (දිය පහර), ‍මල්වලින් ‍ගැවසී ගත් නිසා එය මල් ආර හෙවත් මලල ආර ලෙස හඳුන්වා ඇත. මෙම ආර ආශ්‍රිතව නිවාස තනා ගත් ජානපදිකයන්විසින් ‍‍‍‍‍‍‍ගොඩනඟා ගන්නා ලද නව ජනපදය මල් ආර ලෙස හඳුන්වා ඇත.
ගොන්නොරුව
ගෝනුන් සැඟවී සිටි කැළයක් වූ බැවින් ද, ‍ගොනෙකුගේ රුවක් ගලක කොටා තිබූ බැවින් ද මෙය මෙනමින් ව්‍යවහාර කොට ඇත. බදගිරි විහාරයෙන් ඔබ්බට විහිදී ගිය ගන කැළෑවක් ලෙස පැවති මෙය අතීතයේදී අලි ඇතුන්, ගෝනුන්, මුවන්, දිවියන්, වලසුන් වැනි සතුන්ගේ වාස භූමියක්ව පැවතී ඇත.

Indika Kumara


A day in the life

2024-03-09

“ක්‍රිටෝ ! අපි අස්ක්ලිපියෝස්ට කුකුළෙක් ණයයි.







සොක්‍රටීස්ගේ මරණය (The Death of Socrates) නමැති සිතුවම ගැන යමක් නො ලියන්නේ මන් දැයි සාහිත්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨයෝ දෙදෙනෙක් අහඹු ලෙස එකම දිනකදී මගෙන් ඇසූහ. ඉන් එක් අයෙකු තම සයනයට යාබද බිත්තිය ද සරසාගෙන ඇත්තේ මේ සිතුවමේ විශාල ප්‍රමාණයේ පිටපතකිනි.

සොක්‍රටීස්ගේ ජීවිතය සහ දාර්ශනික විශිෂ්ටත්වය සම්බන්ධයෙන් පවත්නා ඇතැම් තොරතුරු සහ ප්‍රවාදයන් විවිධ මතභේදයන්ට ලක් වුව ද, ඔහුගේ චරිතය පිළිබඳ සියලු මූලාශ්‍රයන් වෙතින් පළ වන ප්‍රතිපත්තිගරුකභාවය නම් විශිෂ්ට මානව ගති ස්වභාවය කිසිසේත්ම බැහැර කළ නොහැක්කකි. බටහිර දර්ශනයේ පීතෘවරයෙකු ලෙස සැලකෙන සොක්‍රටීස් (ක්‍රි.පූ.470-399) ඇතැන්ස් නුවර කේන්ද්‍ර කර ගත් පැරණි ග්‍රීසියේ ජීවත් වූ අද්විතීය නිදහස් චින්තකයා බව අපි දනිමු.

දර්ශනයේ (Moral Philosophy) සදාතන වීරයා වන ඔහුගේ දර්ශනවාදය පදනම් වූයේ සාකච්ඡා සහ වාදවිවාදාදිය මත ය. නිවැරදි හෝ සාවද්‍ය පැවතුම් මොනවා ද යන කරුණ මූලික කොටගත් ඔහුගේ ප්‍රශ්න කිරීම් ක්‍රමය, සත්‍යය පිළිබඳ සංකල්ප පාදා ගැනීමේ, තහවුරු කිරීමේ සහ නිර්දේශ කිරීමේ අපේක්ෂාවන් මුල් කොට ගත්තකි.
මානව වර්ගයාට හිමිව ඇති චින්තන ශක්‍යතාව, සත්‍යය විමසා බලා තමන් ම ඥාණනය වීමට යොදා ගත යුතු බවත්, තමන්ට කවර හානියක් සිදු වුවත්, හරි වැරැද්ද නොසලකන මානසික වහල් භාවයකට මිනිසා පත් නොවිය යුතු බවත් සොක්‍රටීස් ලොවට කියා පෑවේ ය. ඔහු කිසිදු ග්‍රන්ථයක් තබා එකදු අකුරක්වත් ලියා නැත. ඔහුගේ දර්ශනය ලේඛනගත කරන ලද්දේ ප්ලෝටෝ, සෙනොෆොන් ආදී ශිෂ්‍යයන් විසිනි. ප්ලේටෝට අනුව සොක්‍රටීස් යනු ‘සිය දෂ්ටයෙන් ඇතැන්ස් සමාජය නමැති අශ්වයා කුලප්පු කළ ඇට මැස්සා (Gadfly) ය’. බුද්ධිමතුන් ලෙස පෙනී සිටින්නන්, සැබැවින්ම ඉතා ස්වල්පයක් පමණක් දන්නා අඥාණයන් බව සිය වාදයන් මගින් සනාථ කළ සොක්‍රටීස් ජීවිතය සහ සදාචාරය පිළිබඳව එකිනෙකා දරන මතවාද පරිධියේ පවතින බැවින්, සත්‍යය සොයා කේන්ද්‍රයට ගමන් කළ යුතු බව යෝජනා කළේ ය. “සැබෑ ඥාණය නම් තමා නොදන්නා බව දැන ගැනීම ය” යන ඔහුගේ ව්‍යක්ත ප්‍රකාශයෙහි අඩංගු වන්නේ එකී දර්ශනය නොවේ ද?
‘කාර්යබහුලත්වය නමැති නිශ්ඵල කරදරයෙන් ප්‍රවේශම් වන ලෙස’ උපදෙස් දුන් සොක්‍රටීස්, ‘නොවටිනා මිනිසුන් කෑමට සහ බීමට පමණක් ජීවත් වන බවත්, වටිනා මිනිසුන් ජීවත්වීම සඳහා පමණක් කෑම බීම ගන්නා බවත්’ පැවසී ය.

හෙතෙම මිය යන තෙක් ම සිදු කළේ ජනතාවගේ ආකල්ප වර්ධනය කිරීමයි. මරණයට මොහොතකට පෙර පවා ඔහු සිය ශිෂ්‍යයන් අමතා උපදෙස් දෙන අයුර අපගේ පාදක සිතුවමෙන් පිළිබිඹු වේ. බලන්න! තවත් මොහොතකින් හැම්ලොක් විෂ බඳුන පානය කර මිය යන්නට නියමිත පුද්ගලයාගේ අභීත ආස්ථානයත්, ප්ලේටෝ, ක්‍රිටෝ ඇතුළු ඔහුගේ ශිෂ්‍යයන්ගේ ශෝකබරිත කම්පාවත් තුළ කිව යුතු සියල්ල අන්තර්ගත ය.
ජාකොස්-ලුවිස් ඩේවිඩ් නම් ප්‍රකට ප්‍රංශ සිත්තරා ගේ තෙළිතුඩින් 1787 වසරේදී නිර්මාණය වූ මේ සිතුවම, ඔහුගේ බොහෝ නිර්මාණ සේ ම අතිශයින් නිර්මාණශීලී එකකි. දීප්ත වර්ණයන් සිතුවමේ මධ්‍යයට රැස් කරන අතර සොක්‍රටීස් සහ ප්ලේටෝ ඇඟ ලා සිටින සළු පමණක් ඊයම් සුදෙන් වර්ණ ගැන්වී ඇත. පිටුපසින් ආරුක්කුවට හිස තබා වැලපෙන්නේ ශෝකය දරා ගත නොහැක්කෙකු ලෙස නම් කර සොක්‍රටීස් විසින් බැහැර යවන ලද්දෙකි. ශිෂ්‍යයන්ගේ ඉරියව්වලින් නික්මෙන, දාර්ශනික වීරයාගේ මරණයේ ශෝකය සිතුවමේ කොන් කරා ඇදී යයි. එහෙත් මධ්‍යය ආලෝකවත් වී ඇත්තේ සිංහ සෙයියාවෙන් මරණයට අභියෝග කරන ගුරුතුමාගේ ස්ථිරසාර බැල්මෙනි.

අමුතු දෙවිවරුන් හඳුන්වා දෙමින් ඇතැන්ස් නුවර යෞවනයන් නොමග යවන බවට චෝදනා ලැබූ සොක්‍රටීස්ට නඩු විභාගයකින් පසු මරණ දඬුවම නියම කෙරේ. වැරදිකරු කිරීමෙන් පසු තමාට හිමි විය යුතු දඬුවම යෝජනා කරන්නැයි සොක්‍රටීස්ට පැවසූ විට ‘තමාට හොඳ වැටුපක් ද, දිනපතා රාත්‍රී භෝජන සංග්‍රහයන් ද ලබා දී රජය විසින් මිය යන තුරු තමාව පෝෂණය කළ යුතු බව’ ඔහු උපහාසයෙන් පැවසූ බව සඳහන් ය. මරණ දඬුවමට පෙර භටයින්ට අල්ලස් දී සොක්‍රටීස්ව සිරගෙයින් පිට කිරීමට අනුගාමිකයන් කළ යෝජනාව ඔහු විසින් ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු ප්ලේටෝගේ ‘ක්‍රිටෝ’ නමැති සංවාදයේ අන්තර්ගත වේ. සැබෑ දාර්ශනිකයා මරණයට බිය නැත්තෙකු බව ඔප්පු කිරීම, තමා පළා ගියහොත් සිය අනුගාමිකයන්ට දඬුවම් විඳින්නට සිදු වීම, පුරවැසියෙකු ලෙස තම රාජ්‍යය සමග ඇති ‘සමාජ ගිවිසුම’ කඩ කිරීමට අකමැති වීම යනාදී කරුණු එහිදී විග්‍රහ කෙරෙයි.
මේ සිතුවමේ නිරූපනය වන අවස්ථාවෙන් ඉක්බිතිව සිදුවනුයේ මෙයයි. හැම්ලොක් බඳුන පානය කළ සොක්‍රටීස් හට, විෂ ක්‍රියාත්මක වී දෙපා හිරිවට්ටන තුරු ඇවිදින ලෙස අණ කෙරිණි. ඔහු ඇද වැටුණු පසුව නිලධාරීහු ඔහුගේ පාදවලට කටුවලින් ඇන පරීක්ෂා කළහ. ඒවා සම්පූර්ණයෙන් හිරි වැටී තිබූ අතර ක්‍රමයෙන් ඒ හිරිය සිරුරේ ඉහළට පැතිරී, ඔහුගේ හදවත ද වසා ගත්තේ ය.
සොක්‍රටීස්ගේ අවසන් වචනවලින් පවා පැහැදිලි වනුයේ ඔහු කෙතරම් ප්‍රතිපත්තිගරුක මිනිසෙකු ද යන්නයි.

“ක්‍රිටෝ ! අපි අස්ක්ලිපියෝස්ට කුකුළෙක් ණයයි. අ
මතක නොකර එය පියවන්නට ඕනෑ”

ලක්ශාන්ත අතුකෝරල




A day in the life

2024-03-08

කාන්තා දිනය.

ක්ලාරා සෙට්කින්  - 1910







 

අද ජාත්‍යන්තර කාන්තා දිනයයි.

 ජාත්යන්තර දිනයක් බවට පත් කිරීම පිළිබඳ අදහස ඉදිරිපත් කළේ, කොමියුනිස්ට් ක්රියාකාරිනියක සහ කාන්තා හිමිකම් පිළිබඳ නීතිඥවරියක වූ ක්ලාරා සෙට්කින් නම් කාන්තාව ය. ඇය එම යෝජනාව 1910 වසරේදී කෝපන්හේගන්හි පැවති වැඩ කරන කාන්තාවන් පිළිබඳ ජාත්යන්තර සමුළුවකදී ඉදිරිපත් කළා ය. එම සමුළුවට රටවල් 17ක් නියෝජනය කරමින් කාන්තාවන් 100 දෙනෙකු සහභාගි වූ අතර,ඇයගේ යෝජනාව ඒකමතිකව පිළිගැනිණි.

කෙටියෙන් IWD ලෙස හැඳින්වෙන ජාත්යන්තර කාන්තා දිනය, එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) විසින් පිළිගත් වාර්ෂික උත්සවයක් බවට පත්වීම දක්වා කම්කරු ව්යාපාරය හරහා වර්ධනය වූවකි.

එහි මුල් බීජ රෝපණය වූයේ, 1908 වසරේදී කාන්තාවන් 15,000ක් වැඩ කරන පැය ගණන අඩු කිරීම, වඩා හොඳ වැටුප් සහ ඡන්ද අයිතිය ඉල්ලා නිව් යෝර්ක් නගරය හරහා පෙළපාළියක නිරත වීමත් සමග ය. ඉන් වසරකට පසු ඇමෙරිකාවේ සමාජවාදී පක්ෂය පළමු වරට ජාතික කාන්තා දිනය ප්රකාශයට පත් කළේ ය.

1911 වසරේදී එය පළමු වරට සමරන ලද්දේ, ඔස්ට්රියාව, ඩෙන්මාර්ක්, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය යන රටවල ය.ජාත්යන්තර කාන්තා දිනයේ සියවස් සැමරුම 2011 වසරට යෙදී තිබිණි.

මෙය නිල වශයෙන් ප්රකාශයට පත් වූයේ, 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම දිනය සැමරීමට පටන් ගත් පසුව ය. 1996 වසරේදී මේ සඳහා වන පළමු තේමාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වා දුන් අතර, එම තේමාව වූයේ, "අතීතය සැමරීම සහ අනාගතය සැලසුම් කිරීම" (Celebrating the Past, Planning for the Future) .

ජාත්යන්තර කාන්තා දිනය සමාජය තුළ, දේශපාලනය සහ ආර්ථික විද්යාව යන ක්ෂේත්රයන්හි කාන්තාවන් කෙතරම් ඉදිරියට පැමිණ තිබේ ද? යන්න සැමරීමේ දිනයක් බවට පත්ව ඇති අතර, වත්මන් දේශපාලන මූලයන් අදහස් කරන්නේ, අඛණ්ඩ ස්ත්රී පුරුෂ සමාජභාවය පිළිබඳ අසමානතාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා වැඩවර්ජන සහ විරෝධතා සංවිධානය කරන බව ය.

 ජාත්යන්තර කාන්තා දිනයක් වෙනුවෙන් ක්ලාරා ඉදිරිපත් කළ යෝජනාවේ එය සමරන නිශ්චිත දිනයක් ගැන සඳහන් නොවීය.

1917 වසරේදී රුසියානු කාන්තාවන් "පාන් සහ සාමය" ඉල්ලමින් නිරත වූ යුද්ධ කාලීන වැඩවර්ජනය තෙක් එය විධිමත් තත්ත්වයක නොපැවතිණි. වැඩවර්ජනය ඇරඹී දින හතරක් ගත වෙද්දී සාර් රජුට බලය අත්හැරීමට බල කෙරුණු අතර ඉන්පසු පිහිටවූ තාවකාලික රජය කාන්තාවන්ට ඡන්දය ප්රකාශ කිරීමේ අයිතිය ලබා දුන්නේ ය.

රුසියාවේ එවකට භාවිතයේ පැවති ජූලියන් දින දර්ශනයට අනුව කාන්තා වැඩවර්ජනය ආරම්භ වූ දිනය පෙබරවාරි 23 ඉරිදා ය. ග්රෙගරියානු දින දර්ශනය අනුව එම දිනය, මාර්තු 8 වන දා විය. අද දිනයේ එය සමරන්නේ, එහෙයිනි.

 

දම් පාට බොහෝ විට ජාත්යන්තර කාන්තා දිනය සමඟ සම්බන්ධ වන්නේ එය 'යුක්තිය සහ අභිමානය' සංකේතවත් කරන බැවිනි.

ජාත්යන්තර කාන්තා දිනය වෙනුවෙන් ඇති වෙබ් අඩවියෙහි දැක්වෙන පරිදි, ජාත්යන්තර කාන්තා දිනයේ වර්ණ වන්නේ, දම්, කොළ සහ සුදු ය.

"දම්පාටින් යුක්තිය සහ ගෞරවය සංකේතවත් වෙනවා. කොළ පාටින් සංකේතවත් වෙන්නේ, අපේක්ෂාව. මතභේදාත්මත් සංකල්පයක් වුණත්, සුදු පැහැය පාරිශුද්ධත්වය නියෝජනය කරනවා.

මේ වර්ණ භාවිතයේ මූලාරම්භය වුණේ, 1908 වසරේදී එක්සත් රාජධානියේ කාන්තා සමාජ හා දේශපාලන සංගමය (WSPU) යි,

කාන්තා දිනය සැමරෙන්නේ කෙසේ ද?

ජාත්යන්තර කාන්තා දිනය රුසියාව ඇතුළු බොහෝ රටවල ජාතික නිවාඩු දිනයක් වන අතර, එහිදී මාර්තු 8 වන දිනට ආසන්න දින තුනක් හෝ හතරක් තුළ මල් අලෙවිය දෙගුණ වේ.

චීනයේ, රාජ්ය කවුන්සිලයේ උපදෙස් පරිදි මාර්තු 8 වන දා බොහෝ කාන්තාවන්ට දින භාගයක නිවාඩුවක් ලැබේ.

la Festa della Donna ලෙස හැඳින්වෙන ඉතාලියේ ජාත්යන්තර කාන්තා දිනය සමරනු ලබන්නේ, මිමෝසා මල් තිලිණ කිරීමෙනි. එම සම්ප්රදායේ මූලාරම්භය පැහැදිලි නැති වුව ද, දෙවන ලෝක යුද්ධයෙන් පසු රෝමයේදී ආරම්භ වූ බවට විශ්වාස කෙරේ.

ඇමෙරිකාවේ, මාර්තු මාසය යනු කාන්තාවන්ගේ ඉතිහාස මාසය යි. සෑම වසරක ම නිකුත් කරන ජනාධිපති ප්රකාශයකින් අමෙරිකානු කාන්තාවන්ගේ ජයග්රහණ අගය කෙරේ.

BBC NEWS --සිංහල
A day in the life

2024-03-07

ඌරුවරිගේ වන්නිලැත්තෝ


මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්. මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා.
මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එකම එක පැලයක් හිටවලා, ඇටයක් හිටවලා, ඒ හැදෙන ගහට තමන්නේ යහළුවෙකුට වගේ, තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු.
මගේ වයස අවුරුදු 65 යි. මේ 65 තුළ පසුගිය කාලේ මම බොහෝ දේවල් දැක්කා. මට අවුරුදු 7-8 කාලේ ඉඳලා දැක්ක දේවල් මට හොඳට මතකයි. මම කුඩා කාලේ ජීවත් වුණ ලෝකෙයි, අද ලෝකෙයි අතර තියෙන්නේ ලෝක දෙකක වෙනසක්.
එදා පායපු ඉර හඳ නෙවෙයි අද පායන්නේ. එදා දැක්ක අහස නෙවෙයි අද දකින්නේ. එදා හිටපු මිනිස්සු නෙවෙයි අද ජීවත් වෙන්නේ. මේ සියල්ල ගත්තහම මට හිතෙන්නේ මම ජීවත් වෙන්නේ ලෝක දෙකක කියලයි. ඒත් අපේ ආත්තිල ඇත්තෝ, මුත්තිල ඇත්තෝ (අත්තා මුත්තා) ජීවත් වුණෙත්, මිය ගියෙත් එකම ලෝකයකමයි.
අවුරුදු 60 ක් තරම් කෙටි කාලයකදී මේ වගේ වෙනසක් වෙන්න හේතුව මිනිස්සුන්ගේ ඔලූගෙඩි නරක්වීම. අපි ඉස්සර කැලේට ඇතුල්වුණේ ගහක අත්තක් තව ගහක අත්තක එල්ලලා. අපේ පරපුරේ මිය ගිය නැයින්ට වැඳලා අවසර අරගෙන. ගහක අත්තක් කැපුවේ ගහට වැඳලා. බිම හෑවේ වැඳලා අවසර අරගෙන. පොළොවේ ඇට හිටවන්නේ අවසර අරගෙන.
ඒ කාලේ අපි ඉරට කිව්වේ ඉර දෙය්යෝ කියලා. හඳට කිව්වේ හද දෙය්යෝ කියලා. වැස්ස, පොළාව, සුළං අපි සැලකුවේ දෙවිවරු හැටියට. ගංගා, කඳු ඇල දොලවල අරක්ගත් යක් යකින්නන් අපි පිදුවා. අපේ ඇඟට, ඇහට නොපෙනුනාට ඒවාට ලොකු බලයක් තියෙනවා කියලා ඒ කාලේ අපි හිතුවා. ඒක අපිට දැනුනා. ඒ නිසා ඒවාට වඳිමින්, පුදමින් ගරු කරනකොට, ඒවා රකින කොට, ඒ බලය අපිට ලැබුණ බව අපිට දැනුනා.
ඉස්සර අපිට උවමනා කෑම-බීම, ආරක්‍ෂාව විතරක් නොවෙයි සතුටත් ඉබේම ලැබුණා. ඒ නිසා අපි නිදහසේ ජීවත් වුණා. ඒත් අද? අපි ඒ සඳහා කොච්චර මහන්සි වෙනවද? ඒ කාලේ අපි කැලේ හැම තැනක්ම, හැම දෙයක්ම අපිට ඕන හැටියට පාවිච්චි කළේ නැහැ. ලොකු ගස් පේලියක දුනුහන (දුන්නක සලකුනක්) කොටලා සීමාවක් හදාගෙන ඒක ඇතුලෙයි අපි දඩයම් කළේ. මී කැඩුවේ. අල හැරුවේ. ඒක ඉඩ අපිට හොඳටෝම ඇති වුණා.
අපි හේන් කළා. අපේ හේනේ සීමාව වුනේ මැද ඉඳලා කෙළවරට ගලක් විසිකරන දුර විතරයි. අපි හේනකට හොයාගත්තේ මහා ගස් තියෙන ලොකු කැලෑවක් නෙවෙයි.
අපි කඳු මුදුන්, කදු බෑවුම්, උල්පත්, වතුර පාරවල් ලඟ, අඩි පාරවල් ලඟ, බුරුල් වැලි තියෙන පොළොව වගාවට තෝරා ගත්තේ නැහැ. අපි එක යායට හේන් ගොඩක් හදන්නෙත් නැහැ. අපේ හේන් දෙකක් අතර හූවක දුර කැලෑවක් ඉතුරු කළා. ඊලඟ අවුරුද්දේ ඒ හේන අපි වවන්නේ නැහැ. අපි ඉන් ඒහායින් අලූත් හේනක් සොයාගන්නවා. අවුරුදු හතකට පස්සෙයි අපි ආයෙමත් පරණ හේනට එන්නේ. "අපි දඩයම් කළෙත් ක්‍රමේකට කවදාවත් අබ්බගාත සතෙක්, ගැබ්බර දෙනෙක්, පැටියෙක් මරන්නේ නැහැ. කවදාකවත් රැලේ යන, දිය බොන, වල් කන, සෙල්ලම් කරන වෙලාවක ඒ සතාව මරන්නේ නැහැ. වේලට හරියන සතෙක් මිසක්ලොකු සතෙක් මරණ එක අපි කරන්නේ නැහැ. වැඩුණු පිරිමි සතෙක් මරණ එක තමයි අපේ හොඳම දඩයම."
"අපි දන්නවා කැලේ තියෙන කිසිම දෙයක් අපිට අයිති නැති බව." ඒවා අයිති සත්තුන්ට. පරිසරයට. අපිට කැලෙන් ලැබෙන දෙයින් මුල් කොටස යකුන්ට පුදන්න ඕනේ.
වැඩිපුර දේවල් ගන්නවට පරිසරයත්, නෑ යක්කුත් අපිත් එක්ක අමනාප වෙනවා. ඊට පස්සේ අපිට කිසිම දෙයක් දෙන්නේ නැහැ. ලෙඩ රෝග හදනවා. කැලේ සත්තු ලවා අපිට කරදර කරනවා. සමහර විට අපිව මරා දානවා. ඕවා අපි දන්නේ අපේ පරම්පරාවෙන්.
අපේ නෑ ඇත්තෝ විතරක් නෙවෙයි, මේ රටේ ලෝකේ ඉස්සර හිටිය මිනිස්සු මේ විත්තිය දැනගෙන හිටියා. ඒ අයටත් අපිට වගේම සිරිත් විරිත් තිබුණා. ඒත් පස්සෙන් පහු ඒ අය ඒ සිරිත් විරිත් අමතක කෙරුවා. මිනිස්සු සත්තුන්ගෙන්, කැලෙන්, අව්වෙන්, වැස්සෙන් සුළගින් ලැබුණ දේවල් මගේ කියලා බදා ගන්න පටන් ගත්තා. මහ පොළොවේ වැට කොටු බැඳලා සීමා හදා ගත්තා. සිරිත් විරිත් අතහැරලා ඉවක් බවක් නැතිව හූ දෙක තුනේ දුරට ගස් කොළන් පිරුණු කැලෑව කපලා දැම්මා. ඒක දවසකට ඇහැට පේන නොපෙනෙන සත්තු අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් මරලා දැම්මා. ඔය විකාර කෙරුවාට මිනිස්සු කියන්නේ ”දියුණුව” කියලා.
මට ඒ වචනේ ඇගෙන කොටත් හරි අපුලක්, පිළිකුලක් දැනෙනවා. තරහක් දැනෙනවා. අපේ ගතිගුණ සිරිත් විරිත් විතරක් නෙවෙයි අපිවත් නැති කළ හතුරා තමයි ‘‘දියුණුව’’. මේක කරේ තියාගන්නඅය සමහර වෙලාවට ඒකේ ප්‍රතිඵල වලින් මිදෙන්න ක්‍රමයක් හොයාගත්තා. අහක හිටපු අපිට ගැලවීමක් නැහැ.
"දියුණුවේ” විපාක ඔක්කොම විඳින්න වුනේ අපිට. නිදහසේ ඉපදිලා නිදහසේ මැරිච්ච අපිට සිද්ධ වුණා අනිත් අයට අතපාල ජීවත් වෙන්න. තවත් වෙලාවක අපිට වුණා අනිත් අයගේ බැල මෙහෙවර කරන්න. ඒක තමයි දියුණුවෙන් අපිට ලැබුණා දේ. මේ විකාර වලින් මිනිස්සුන්ගේ ඔලූව නරක් වෙන්න කලින්, කලට වැස්ස වැස්සා. කාලෙට පැව්වා. හරියට දිනේට වෙලාවට හුළං හැමුවා. අපි හඳ, තරු, ගහකොළ දිහා බලලා හෙට වෙන දේ ගැන කිව්වා. ඒ අනුව අපේ එදිනෙදා ජීවිතේ හදාගත්තා. ඒත් අද වහින්න ඕනේ කාලෙට පායනවා. පායන්න ඕනේ කාලෙට වහිනවා. වෙන දේ ගැන හිතාගන්නවත් බැහැ.
ඉස්සර අපි හැමෝම සතා සීපාවට ආදරය කළා. උන්ව හුරතල් කළා. උන්ව ආරක්‍ෂා කළා. දැන් මිනිස්සුන්ට ඒ සේරම පේන්නේ හතුරෝ වගේ. සත්තු නොදැක ඉන්න, උන්ගෙන් ඈත් වෙන්න හදනවා.
"මිනිස්සු දැන් මුලූ ඇඟම රෙදි වලින් වහගෙන ශීත කාමරවල හැංගිලා. සත්තු වෙනුවට සත්තුන්ගේ රූප බිත්තියේ අලෝගෙන. ගස් කපලා දාලා ගෙවල් ඇතුලේ බොරුමල් (ප්ලාස්ටික්) ගස් ගෙනත් තියා ගන්නවා."
"පොළාවට පොහොර කියලා වස විස ඉහලා ඒක වී ඇටයක් ගන්න හිරිකිතයක් නැතිව සත්තු කෝටි ප්‍රකෝටි ගානක් මරනවා."
මං හීනෙකින්වත් හිතුවේ නැහැ මෙහෙම ලෝකයක්. ඉස්සර අපි කෑම බීම ආරක්‍ෂාව ඉල්ලූවේ කිරි කොරහ නටල අපේ නෑ යකුන්ගෙන්. අද අපිට විනාශ කරපු මිනිස් ඇත්තන්ගෙන්ම අපේ කෑම වේල ඉල්ලන්න වෙලා. තමන්ගෙම දෙමාපියන් මහළු වුනාම අනාථ නිවාසෙට දාන ඔය මිනිස්සු අපිට කන්න දෙයි කියලා කොහොමද විශ්වාස කරන්නේ.
"මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්.මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා." ඒත් දන්න දේ, දැනෙන දේ, හිතන දේ කියන්න ඕනේ. දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. ගහ කොළ ඉවරයි. සතා සීපාව ඉවරයි. ඊලඟට මිනිස්සු.
දැන් එක එක හුළං එනවා. කඳු කඩා පාත් වෙනවා. මුහුදු ගොඩ ගලනවා. ගංගා ඇල දොළ උතුරනවා. දන්නෙවත් නැති අලූත් ලෙඩ හැදෙනවා. මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මිනිස්සු ලෝකෙට කරපු කරන විනාසෙට හම්බ වෙන උත්තර තමයි මේ. පුදුම වෙන්න දෙයක් නැහැ.
දැන් අපි එක් එක්කෙනාට දෙස් දෙවොල් කියලා වැඩක් නැහැ. දියුණු වෙන්න ගිහින් මේ කරපු විනාසේ නවත්තමු. අපි ආපහු අත්තලාගේ මුත්තලාගේ ලෝකෙට යමු. නැත්නම් "මේ ලෝකේ මිනිස්සු කියලා සත්තු ජාතියක් ඉපදිලා අනිත් අයත් මරාගෙන ඒ සත්තු මැරුණා කියලා පිට ලෝක වල අය කියයි."
මේ වැඩිහිටි අයට මොනව කිව්වත් වැඩක් නැහැ. අපි අපේ දරුවන්ට ඇත්ත කියමු.
"අපි වැඩිහිටියෝ වුණාට මේ ලෝකේ ඉපදුන ලොකුම මෝඩයෝ අපි කියලා අපේ දරුවන්ට කියමු."
අපි කරපු මෝඩකම් නොකර තමන් කව්ද කියලා තෝරාගෙන, තමන්ට සෑහෙන තරමට ජීවත් වෙන්න ඒ අයට උගන්වමු. තමන් ජීවත් වෙන ගමන් අනිත් අයටත් ජීවත් වෙන්න ලෝකයක් ඉතුරු කරන හැටි ඒ අයට තේරුම් කරමු.
මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එකම එක පැලයක් හිටවලා, ඇටයක් හිටවලා, ඒ හැදෙන ගහට තමන්නේ යහළුවෙකුට වගේ, තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු. ඉරට, හඳට, තරුවලට, ගහට, කොළයට, මල්වලට, ගගට, ඇලට, විලට, වැවට විතරක් නෙවෙයි හීතලට, උණුසුමට, සුළඟට පවා ගරු කරන්න අපේ දරුවන්ට කියා දෙමු.
"එහෙම කළොත් අපේ පුංචි පැටව් අමාරුවෙන් හරි මේ ලෝකේ ආපහු හදාගනියි. ඒක දකින්න අපිට වාසනාව නැති වුනත් අපේ දරුවන්ට අපේ පුංචි කාළේ සතුට සැනසීම ලැබෙන එක ගැන හිතලා අපි සතුටු වෙමු."

ඌරුවරිගේ වන්නිලැත්තෝ


A day in the life

2024-03-06

සොඳුර නුඹ ,මා තනිකළා.


එදා වාගෙම අදත් පුරහඳ කඳු වළල්ලට උඩින් පායා
මුදා හළ දිගු නීල වරළස සිකිපිළක් සේ මැවේ ඡායා
විදා දෙඅදර මඳ හසින්මා නිවා සැනසූ කිඳුරු සේයා
දෙවා දුක් ගිනි ගිරිහිසෙන් පැන සැඟව ගියෙ දෝ ලෙසින් මායා.
ගොකටු කිරි හා සාදිලිංගම් පාට තැවරූ නුඹේ සිතුවම්
බුහුටි ලෙස පින්සලේ හරවා ඉනේ රැළි පෙළ සැකසු අන්දම්
නුදුටුවාසේ වරින්වර නුඹ ඌට හෙළනා කෝළ සරදම්
සතුටු මුහුණ ක් මවාගෙන මා බලා සිටියා එවැනි විගඩම් .
නිරතුරේ නුඹ ,නයිදෙ සිත්තර හා මනාපෙන් දොඩනු ඇසිලා
ඇතොවුරේ සිටි බොළඳියන්ගේ මුසාබස් දෙසවනේ වැටිලා
සිහිකරේ "ඌ එකට දුව පැන ගමේ එකටම හැදුණෙ "කියලා
සිරකරේ නුඹ කුටිය ඇතුළේ ඉරිසියාවක් හිතේ මැවිලා .
මෙහෙසියක් කර ගම් තුලානෙන් මාළිගාව ට කැන්ද ආවට
ලැදිකමක් වූ පළමු ප්රේමය ,නයිදෙටයි පුද කළේ ඇත්තට
ඔවදනක් දී උස් හඬින් මා තිට කතාකෙරුවේ සෙනේහෙට
පාපයක් නොවැ නයිදෙ එළවා දැම්ම නම් සිතුවමත් බාගෙට .
වඳින්නට යෙහෙළිය න් හා නුඹ ගියේ පිදුරංගල බලා
රිදෙන්නට ඕනෑ තරම් ඇති පපුතුරේ දුක් උහුළලා
සමුගන්ට පෙර මා දෙපා මත කඳුලු බිඳුවක් තවරලා
පනින්නට හිත හහදාගත්තද....සොඳුර නුඹ ,මා තනිකළා.
රෝ.සි.
වළප = වැළපිල්ල
සිකිපිළ= මොණරපිල
සාදිලිංගම් =රතු වර්ණය සඳහා භාවිතා කළා.
ගොකටු කිරි = කහපාට සඳහා යොදන ලදී
.සිත්තර නයිදෙ =චිත්ර ශිල්පියා
ඇතොවුර= අන්තහ්පුරය
2024.03.05.

A day in the life

2024-03-05

සෘෘණ සහ ධණ





උක්දඩූ රොඩු වෙනවා එහි පැණි ගත් දාට
හැර මිටි විසිවෙනවා හෙල පහුවූන දාට
ඉණිමග අමතකයි ඉහලට නැගිදාට
සැලකිලි අඩුවෙයි පැන්ෂන් ගියදාට

‌ලෙඩ දුක් හැදෙයි අපි පූරුවෙ කල පවට
පැන්ෂන් පඩිය දියවෙයි ෆාමසි වලට
නෑයොත් දුරස් ‌වෙයි අතමිට හිගකලට
පල නැති රූක් වෙතට ගල් ගසනුයෙ කුමට

පාළුයි මහගෙදර පෙර පිිරිලා තිබුනු
සුවදයි හැමතැනම දරුවන් හා බැදුනු
රිදවයි විටින් විට සිත දුක හා ඇදුනු
ඉවසනු බැරිය පාළුව තනිකම රැදුනු

පෙර කල හිටිය මිතුරන් සැම දුරස් වෙලා
ඉදහිට හමුුවුුනත් යයි දැන් ඉවත බලා
දුරකතනයත් දැන් උන්ගේ නිහඩ වෙලා
කාලය ගොළුයි බිහිරියි ලොව වෙනස් වෙලා

-Face book




ධනාත්මකව.

පැණි ගත් පසුව උක් රොඩු රකිනුයෙ කුමට
හැරමිටි විසි කෙරෙයි හෙල නැඟලා බිමට
ඉණිමග කොහොම ගන්නෙද නැඟි පසු කරට
සැනසුම ඉතිරිවෙයි ඉසිඹුව ලත් කලට

ගඟකින් එතෙර වන්නට ඕනෑ ඔරුවක්
මහමඟ යන්න වේවිද ඒකට හුරුවක්
ඔරුකඳ යම් දිනෙක වූයේ නම් දිරුවක්
අළුතින් ඇවැසි වෙයි හයිහත්තිය දැරුවක්

ඉදිරිය සිතා කය වෙහෙසා නිසි ලෙසට
ඇවිදීමවත් කළහොත් පෙරයම් කලට
සුවපත් බවෙන් මුදලත් ඉතිරිව අතට
නෑයොත් නොනෑයොත් එනු ඇත නුඹ ළඟට

පාලුව හැරයන්න මහගෙදරට පැමිණී
දොඩමළු වන්න නිරතුරු ඔබ හා ඇඹෙණී
දරුවන් උස් තැනෙක රඳවා ඇති බැවිනී
දිවියම ගෙවෙනු ඇත ඒ පිළිබඳ තුටිනී

නුඹ දොම්නසින් ගතකරනා විට දිවිය
නෑ මිතුරන්ට සැනසුම නොකළැකි මැවිය
මියෙනා තුරුම සතුටින් සිටිනා සවිය
රැකගත යුතුම සම්පත දිරියෙහි අවිය

පී.ජී. ආරියපාල 



A day in the life

2024-03-04

ඉගෙනගත් කාලයටයි මිළ.



යෝධ නෞකාවක එන්ජිමක් කැඩී ගොස් කිසිවෙකුට එය අලුත්වැඩියා කිරීමට නොහැකි වූ නිසා ඔවුන් වසර 40 කට වැඩි පළපුරුද්දක් ඇති යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු කුලියට ගත්හ.

ඔහු ඉහළ සිට පහළට එන්ජිම ඉතා පරිස්සමින් පරීක්ෂා කළේය. සියල්ල නිරික්ෂණය කර අවසන් වූ පසු ඔහුගේ ආම්පන්න ඇති බෑගය විවෘත කර කුඩා මිටියක් එළියට ගත්තේය.
ඔහු යම් ස්ථානයකට මෘදු ලෙස තට්ටු කළේය ඔහු වැඩි කාලයක් නොගෙන විනාඩි 20කට පසු නැවේ එන්ජිම නැවත පණ ගන්වා ගැන්වීමට ඔහු කටයුතු කලේය.

සතියකට පසු ඉංජිනේරුවරයා සඳහන් කළේ යෝධ නෞකාව අලුත්වැඩියා කිරීම සඳහා තමන්ගේ මුළු වියදම ඩොලර් 20,000 ක් බවයි.
"කුමක් ද?!"
අයිතිකරු පැවසීය.
"ඔබ කිසිවක් කර නැත. අපට සවිස්තරාත්මකව බිල්පතක් දෙන්න."

පිළිතුර සරලයි:
මිටියෙන් තට්ටු කරන්න: $ 2 යි.
තට්ටු කළ යුතු ස්ථානය සහ කොපමණ තට්ටු කළ යුතු වාර ගාන දැන ගන්න:
$ 19,998 යි.

කෙනෙකුගේ විශේෂතාව සහ අත්දැකීම් අගය කිරීමේ වැදගත්කම තේරුම් ගන්න මන්ද ඒවා, අත්හදා බැලීම් සහ කඳුළු වල ප්‍රතිපල වන බැවිනි.
වැඩිදුරටත් ඔහු මෙසේ පැවසුවා මම විනාඩි 30 කින් වැඩේ අවසන් කලොත් එය අවසන් කරන්න ඉගෙන ගන්න මට අවුරුදු 20 ක් ගතවී තිබෙනවා.
ඔබ මට ගෙවන්නේ මම වැඩේ අවසන් කරන්න ගත් කාලයට නොවේ ඒ වැඩේ අවසන් කරන්න මම ඉගෙනගත් කාලයටයි ඔහු සදහන් කරා.

මිනිසෙක්ට යම් කටයුත්තක් ඉක්මනින් අවසන් කරන්න හැකි වීමට නම් එය ඉක්මනින් සිදුකිරීමට බොහො දේවල් ඉගෙන ගැනීමට සිදුවේ. ඒ ඔහුගේ හැකියාව සහ දක්ෂතාවයයි. කිසිම දිනෙක කිසිවකුගේ හැකියාවක් සහ දක්ෂතාවයක් අඩුවෙන් තක්සේරු නොකරන්න.

උපුටා ගැනීමකි.



A day in the life

2024-03-03

ලෝක වනජීවි දිනය



ලෝක ජනතාවගේ අවධානය යොමු කළ යුතු ගෝලීය වශයෙන් වැදගත් වූ විවිධ කරුණු කාරණා සහ ගැටලූ අවම කිරීම අරමුණු කර ගෙන එහි වැදගත්කම පිළිබඳව ලෝක ජනතාව අවස්ථානුකූලව දැනුවත් කිරීම සහ ඒ වෙනුවෙන් ක‍්‍රියාකිරීමට බල කිරීම සඳහා වාර්ෂිකව විවිධ දිනයන් සහ සති ප‍්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පියවර ගෙන තිබේ.

වනජීවී සම්පත තිරසර ලෙස භාවිතයට ගැනීම පිළිබඳව ලෝක ජනතාවගේ අවධානය යොමු විය යුතු මෙන්ම ඒ සඳහා ක‍්‍රියාකාරීව දායක විය යුතු වේ. ගහකොළ සතා සීපාවගෙන් ද ඇළ දොළ ගංගාවන්ගෙන් ද පිරිසිදු වාතාශ‍්‍රයෙන්ද සාරවත් පොළවකින්ද තොරව මිනිසාගේ පැවැත්ම ගැන සිතිය නොහැකිය. අපට ජීවත් වීමට ඇවැසි හුස්ම පොද ලබා දෙන්නේද ජලය සහ ආහාර ලබා දෙන්නේද ඉඳුම් හිටුම් සහ බෙහෙත් හේත් ලබා දෙන්නේ ද ස්වාභාවික පරිසරයයි. එවන් වූ ස්වභාවික පරිසරය ආරක්ෂා කර ගැනීම පිළිබඳව ලෝක ජනතාවගේ අවධානය වාර්ෂිකව යොමු කිරීම සඳහා එක්සත් ජාතීන් විසින් දිනයන් ගණනාවක් ප‍්‍රකාශයට පත් කර තිබේ. ඒ අතර මාර්තු 03 දිනට යෙදෙන ලෝක වනජීවී දිනය ද සුවිශේෂි වේ. මිනිසාගේ පැවැත්ම උදෙසා වනජීවීන්ගෙන් සිදුවන පාරිසරිකමය, ජානමය, සමාජීයමය, ආර්ථිකමය, විද්‍යාත්මක, අධ්‍යාපනිකමය, සංස්කෘතිකමය සහ සෞන්දර්යාත්මක වටිනාකම් අගැයීමට ලක් කරමින් එක්සත් ජාතීන්ගේ 68 වන මහා සමුළුවේදී මාර්තු 03 ලෝක වනජීවි දිනය ලෙස ප‍්‍රකාශයට පත් කෙරිණි.

ලෝකයේ වනජීවි සම්පත දිනපතා ලක්ෂ ගණනින් මිනිසාගේ භාවිතය සඳහා විනාශයට පත් වේ. ආහාර, ඇඳුම් පැලඳුම්, ඉඳුම් හිටුම්, බෙහෙත් හේත්, රූපලාවන්‍ය, මෝස්තර, පාරිසරික සංචාරය සහ විනෝදාස්වාදය සඳහා මෙලෙස වනජීවීන් විනාශයට පත් වන අතර ජීවී විශේෂ දස දහස් ගණනින් දෛනිකව ජාත්‍යන්තර වශයෙන් වෙළෙඳාමට ද යොදා ගැනේ. ලෝකයේ වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින වනජීවි ප‍්‍රජාවගේ වාසස්ථාන සංරක්ෂණය කර ඔවුන්ගේ පැවැත්ම තහවුරු කිරීමත් වනජීවී සම්පත මිනිසාගේ පැවැත්ම උදෙසා ලබා දෙන්නා වූ දායකත්වය පිළිබඳවත් ලෝක ජනතාව දැනුවත් කර ඔවුන් වනජීවී සංරක්ෂණය කෙරෙහි නැඹුරු කරවීම එක්සත් ජාතීන් විසින් ලෝක වනජීවි දිනය ප‍්‍රකාශයට පත් කිරීමේ මුඛ්‍ය පරමාර්ථය විය.

ලෝකයේ තර්ජනයට ලක් වූ ජීවී විශේෂයන්ගේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතිය (CITES) 1973 දි පිහිටුවන ලද ලෝකයේ වනජීවී සංරක්ෂණය පිළිබඳව පවත්නා ප‍්‍රබල සම්මුතියකි. 2013 වසරේ මාර්තු මාසයේදි බැංකොක් නුවර පැවැති එම සම්මුතියෙහි 40 වන වාර්ෂික සැසියේදි ලෝකයේ වන සත්ව සහ ශාක විශේෂ නිතී විරෝධි ලෙස වෙළඳාමෙහි යෙදවීම වැළැක්වීමත් වනජීවි සංහාරය මැඬපැවැත්වීමත් අරමුණු කරගෙන ලෝක වනජීවී දිනය ප‍්‍රකාශයට පත් කිරිම පිළිබඳව යෝජනාව ඉදිරිපත් විය. එම යෝජනාව මල්ඵල ගන්වමින් 2014 මාර්තු 03 ප‍්‍රථම ලෝක වනජීවී දිනය ලෝක ජනතාව විසින් සමරන ලදි. පාර්ශ්වීය රටවල් 184 කින් සමන්විත CITES සම්මුතියට 1979 දී ශ‍්‍රී ලංකාව ද පාර්ශවීය රටක් ලෙස ගිවිසුම් ගත වූ අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එහි අධිකාරි බලය ලත් ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනය වේ. ඒ අනුව 2014 දී මාර්තු 01 දා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රථම ලෝක වනජීවී දිනය සමරනු ලැබුවේ මුද්දරයක් හා මුල් දින කවරයක් ද ප‍්‍රකාශයට පත් කරමිනි. වාසස්ථාන අහිමි වීම හේතුවෙන් වඳවීමේ තර්ජනයට මුහුණු පා සිටින තෙත් කඳුකර කලාපයේ ජීවත්වන ශ‍්‍රී ලංකාවට ආවේණික මැඩියකු වන කඳුකර පඳුරු මැඩියා (Taruga eques) නිරූපිත මුද්දරය වනජීවි දිනය නිමිත්තෙන් ප‍්‍රකාශයට පත් කළ ලෝකයේ මුල්ම මුද්දර කිහිපය අතරට එක් විය. හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය, නකල්ස් ලෝක උරුම වනාන්තරය සහ හග්ගල දැඩි ස්වාභාවික රක්ෂිතයේදී පමණක් කඳුකර පඳුරු මැඩියා හඳුනා ගැනීමට හැකි වන අතර තර්ජනයට ලක් වූ සත්ව විශේෂයක් ලෙස 2012 දී කඳුකර පඳුරු මැඩියා රතු දත්ත පොතට ඇතුළත් කර ඇත.

 මානව ක‍්‍රියාකාරකම් හේතුවෙන් බොහෝ වනජීවි විශේෂ ලොවින් වඳවීමේ තර්ජනයට මුහුණ පා තිබේ. විශේෂයෙන් වනාන්තර මිනිසුන් විසින් අත්පත්කර ගැනීම, ගිනි තැබීම, නීති විරෝධී ගස් කැපීම සහ වනාන්තර වගා කටයුතු වෙනුවෙන් යොදා ගැනීම, දඩයම ආදි විවිධ මානව ක‍්‍රියා හේතුවෙන් මෙලෙස ජීවී විශේෂ රාශියක් වඳවී යෑමේ තර්ජනයට මුහුණ පා සිටියි.

 වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ක‍්‍රියාත්මක කරනු ලබන වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත මගින් මෙරට වනජීවින් සහ ඔවුන්ගේ වාසස්ථාන ආරක්ෂා වනවා මෙන්ම වනජීවි අපරාධ ද පාලනය වී තිබේ. එහෙත් ශීඝ‍්‍ර සංවර්ධන ක‍්‍රියාවලිය හමුවේ සියලූ අභිප‍්‍රායන් අභියෝගයට ලක්ව ඇත. මෙවැනි තත්ත්වයන් යටතේ වනජීවි සම්පත සංරක්ෂණය කිරීම වෙනුවෙන් ජීවිතය පරදුවට තබා ජාතික කාර්ය භාරයක නියැලි සිටින වනජීවි සංරක්ෂණ විරු පිරිසද වනජීවී දිනයේදි නිතැතින්ම ඇගයීමට ලක් විය යුතු වේ. මෙරට වනජීවී සම්පත සංරක්ෂණය කිරීම වෙනුවෙන් 1949 ඔක්තෝබර් 01 දින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ස්ථාපිත කර ගත වූ වසර 73 කට ආසන්න කාලය තුළ වනජීවි නිලධාරීන් 83 දෙනෙකු වනජීවි සංරක්ෂණය වෙනුවෙන් ජීවිත කැප කර ඇත. එසේම වනජීවි ක‍්‍රියාන්විතයේදී සදාකාලික ආබාධිත තත්ත්වයට පත් නිලධාරීන් ද රාශියක් සිටියි. වනජීවී නිලධාරියකුගේ මුළු ජීවිත කාලයම කැප වන්නේ දරු පවුලෙන්ද දුරස්ව වනාන්තර ප‍්‍රදේශයේ වනජීවී සම්පත රැුක ගැනීමේ භාරධූර කාර්යභාරයටය. එහිදී ඉතා විශිෂ්ට ලෙස තම රාජකාරිය දේවකාරියකට ද වඩා ඉහළින් සලකමින් දිවා ? වෙහෙසෙමින් වනජීවී සංරක්ෂණ ක‍්‍රියාවලියට දායක වන නිලධාරීන් ඇගයීම ද ප‍්‍රථම වනජීවි දින උත්සවයේදි මෙන්ම ගතවූ වනජීවි දින ගණනාවකදීම වනජීවි සංරක්ෂණය දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබීය.

ශ‍්‍රී ලංකාව ශාක සහ සත්ව විවිධත්වය අතින් කලාපීය මෙන්ම ගෝලීය වශයෙන් ඉතා ඉහළ ස්ථානයක සිටියි. ශ‍්‍රී ලංකාව ආසියානු කලාපයේ පිහිටි ජීවී විශේෂ ඝනත්වය (ව.කි.මී.10,000 ජිවත් වන ජීවී විශේෂ සංඛ්‍යාව) වැඩිම රටක් ලෙස පිළිගනු ලැබේ. මෙරට සුපුෂ්පික ශාක, උභය ජීවීන්, උරගයින් මෙන්ම ක්ෂිරපායී සත්ව විශේෂ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගනී. එසේම මෙහි පවත්නා උස් ශාක සහ පෘෂ්ඨ වාංශිකයින් පිළිබඳව තව දුරටත් අධ්‍යයනය කරන්නේ නම් තොරතුරු රැුසක් අනාවරණය කරගැනීමේ හැකියාව පවතී. සමනලූන්, බත්කූරන්, ගොළුබෙල්ලන් සහ ඇල්ගි විශේෂද රාශියක් මෙහි පවත්නා අතර කෘමි විශේෂ පිළිබඳව ද වැඩි අවධානයක් යොමු විය යුතුව තිබේ. උඩුවියන් ආශ‍්‍රිතව ජීවත් වන සත්ව විශේෂ රාශියකට ද ශ‍්‍රී ලංකාව වාසස්ථාන සපයයි. මෙරට සිදු වන ශීඝ‍්‍ර වන හානිය හේතුවෙන් ඇතැම් ජීවී විශේෂයන් හඳුනාගැනීමටත් පෙර මෙරටින් විනාශ වී ගොස් ඇත.
ලෝකයේ වනසත්ව හා ශාක විශේෂ 8400ක් පමණ උග‍්‍රලෙස වඳවී යෑමේ තර්ජනයට මුහුණ පා සිටින අතර තවත් ජීවි විශේෂ 30,000ක් පමණ වඳවී යෑමේ තර්ජනයට වේගයෙන් ළඟා වෙමින් පවතී. මේ අනුව ලෝකයේ මිලියනයක් පමණ ජීවි විශේෂ තර්ජනයට ලක්ව ඇති බව තහවුරු වේ. උග‍්‍ර ලෙස වඳවී යෑමේ තර්ජනයට ලක් වූ වනජීවී විශේෂ ආරක්ෂා කර ගැනීම කෙරෙහි ජනතා අවධානය යොමු කිරීමටත් ඒ අනුව එම ජීවි විශේෂයන්ගේ ස්වාභාවික වාසස්ථාන සංරක්ෂණය කිරීම සඳහා විධිමත් කතිකාවක් ගොඩනගා විසඳුම් ක‍්‍රියාත්මක කිරීමත් අරමුණු කර ගෙන  (Recovering key species for eco system restoration) ”ජීවී විශේෂ රකිමින් පරිසර පද්ධති සුරකිමු” යන තේමාව යටතේ වනජීවී දිනය සැමරීමට ලෝක ජනතාව පෙළගැසෙමින් සිටියි.

 මෙවර වනජීවී දින තේමාව ”ජීවී විශේෂ රකිමින් පරිසර පද්ධති සුරකිමු” (Recovering key species for eco system restoration) යටතේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පරිසර පද්ධති සංරක්ෂණය සහ කළමනාකරණ ව්‍යාපෘතියේ ද සහභාගීත්වය ඇතිව තරුණ පිරිස වෙනුවෙන් ආධුනික ඡුායාරූප තරගයක් පවත්වා එයින් ජයග‍්‍රහණය කළ පිරිසට හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේදි වනජීවී ඡුායාරූප වැඩමුළුවක් සහ තරගයක් පවත්වා එයින් ජයග‍්‍රහණය කරනු ලබන ආධුනික ඡයාරූප ශිල්පීන්ට හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේදී වනජීවි දින සමරු උත්සවයේදී සම්මාන සහ සහතිකපත් ලබාදීමට සැලසුම් කෙරිණි. එසේම එදින සවස විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය යූ.කේ.ජී. පද්මලාල් විසින් ප‍්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය.

 * හසිනි සරත්චන්ද්‍ර
 ප‍්‍රචාරක අංශ ප‍්‍රධානි
 වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව




A day in the life

2024-03-02

එච්. සී. පී. බෙල්


 


බෙල් පාටියෙන් 

අපේ යටගියාව ගොඩ ගත් එච්. සී. පී. බෙල්

ලංකාවේ පුරාවිද්‍යාවත්, බෙල් කියන නමත් හරියට ගහට පොත්ත වගේ. ලංකාවේ පළමුවැනි පුරාවිද්‍යා කොමසාරිස් වුණේ දිස්ත්‍රික් නඩුකාර එච්. සී. පී. බෙල්. ඔහු ගැන අපි දන්නා දේට වඩා නොදන්නා දේ බහුලයි. මේ ජාතික පුරාවිද්‍යා දිනය සමරන කාලෙ පුරාවිද්‍යා පුරෝගාමී බෙල්ගේ චරිතය හාරා අවුස්සා බැලූ අවස්ථාවක්.

ජීවන තතු
අයර්ලන්ත හා ස්කොට්ලන්ත යුවළකට දාව 1851 සැප්තැම්බර් 21 වන දින හැරී චාර්ල්ස් පර්විස් බෙල් උපන්නේ ඉන්දියාවේ ඒඩන්හි දීයි. ඒ කාලෙ බෙල්ගේ පියා සේවය කළේ යටත්විජිත ඉන්දියාවේ හමුදා මේජර්වරයෙක් ලෙසයි. හැරී චාල්ස් තමයි දරු දෙදෙනකුගෙන් යුත් ඒ පවුලේ බාලයා වුණේ. ඔහු කුඩා කලෙදි ම අධ්‍යාපනය සඳහා එංගලන්තයට යවනවා. හැරී සහ ඔහුගේ අය්යා වූ ඇලෙක්, චෙල්ටෙන්හම් ප්‍රදේශයේ පාසලකට ඇතුළත් කෙරෙනවා. චාල්ස් පාසල් කාලෙ පටන් ම ඉතිහාසය නැතිනම් පැරණි දේවල් ගැන උනන්දුවෙන් සිටි බවයි පැවසෙන්නේ.
හැරී චාල්ස් පාසල් ගමන නිම කරන්නේ 1870 දී. ඉන් පසු ඔහු සිවිල් සේවා විභාගයට පෙනී සිට එය සමත් වෙනවා. අනතුරුව ලංකාවේ සේවයට කැමැත්ත පළ කර 1873 දී මෙරටට ගොඩ බසිනවා. ඒ ආධුනික සිවිල් නිලධාරියක ලෙසයි. ඉන් පසු යළිත් මාලදිවයිනට ටික කලකට යන්නේ 1879 දියි. එහි රේගු නිලධාරියකු වශයෙන් කටයුතු කරමින් සිටින බෙල්ට මාලදිවයිනෙහි ඉතිහාසය, සංස්කෘතිය හා භාෂාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට උනන්දුවක් හට ගන්නවා.
ලංකාවට පැමිණෙන ඔහු එවකට ඉතිහාසයට ළැදි උගතුන් කිහිප දෙනකු පවත්වාගෙන ගිය රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ සාමාජිකත්වය ලබා ගන්නේ 1880 දියි. එම වසරේදී ම බෙල්ට එම සංගමය මගින් වාර්ෂික ව නිකුත් කරන සඟරාවේ සංස්කාරක ධුරය ද හිමිවෙනවා. ඔහු 1914 වසර තෙක් ම එම වාර්ෂික සඟරාවේ සංස්කාරක ධුරය දරා තිබෙනවා.

බෙල් පාටිය
ලංකාවේ පුරාවිද්‍යා කටයුතු සඳහා මූලික පදනම දමන්නේ සර් හර්කියුලස් රොබින්සන් ආණ්ඩුකාරවරයාගේ කාලයේදී එනම් 1861 වසරේ දී යි. යටත්විජිත පාලකයන් මෙරට පැරණි ස්මාරක ආරක්‍ෂා කිරීම හා සංරක්‍ෂණය කිරීම සඳහා ප්‍රාථමික ගවේෂණ කටයුතු රාශියක් ඒ වන විට ආරම්භ කර ක්‍රියාත්මක කරමින් තිබුණා. උගතුන්ගේ ඉල්ලීම මත පුරාවිද්‍යා කටයුතු සඳහා වෙන ම ආයතනයක් ඉංග්‍රීසි ආණ්ඩුව පිහිටවනවා. එහි මුල් ම කොමසාරිස් ලෙස 1890 දී පත් කෙරන්නේ එච්. සී. පී.බෙල්. ඔහු පුරාණ ශිෂ්ටාචාර පිළිබඳවත්, ග්‍රීක් – ලතින් වැනි භාෂාවන් ගැනත් විද්වතකු ලෙසිනුත් ප්‍රකට ව සිටියා.
මේ සමය වන විට බෙල් කෑගල්ල දිස්ත්‍රික්කයේ විනිශ්චයකාරවරයකු වශයෙන් කටයුතු කරමින් සිටි අතර ඔහු මුලින් ම කෑගල්ල දිස්ත්‍රික්කයේ පුරාවස්තු සම්බන්ධයෙන් ගවේෂණයක් ආරම්භ කරනවා. මේ අතර Archaeology survey Department නමින් ආරම්භ කළ පුරාවිද්‍යා දෙපාර්ත්මේන්තුවේ මූලස්ථානය පිහිටුවන්නේ වැඩි ම නටබුන් සංඛ්‍යාවක් තිබූ අනුරාධපුර නගරයේයි.
ඒ. එච්. ගෝර්ඩන් ආණ්ඩුකාරයාගේ නියමය පරිදි ඔහු අනුරාධපුරයට පැමිණ පුරාවිද්‍යා කටයුතු නිල වශයෙන් ආරම්භ කළේ 1890 ජූලි 7 දායි. ඒ නිසා ජාතික පුරාවිද්‍යා දිනය ලෙස සෑම වර්ෂයකම ජූලි 7 දා සමරනවා.
ඒ කාලයේ මුලින් ම කළ යුතු වූයේ වනයෙන් වැසී පැවති අනුරාධපුරයේ නටබුන් එළිපෙහෙලි කර පාදා ගැනීමයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමන්විත වුණේ කොමසාරිස් හැරුණු විට සහකාර යුරෝපීය නිලධාරියෙක්, ලිපිකරුවෙක්, සිතියම් අඳින්නන් තුන් දෙනෙක් සහ සියයක් පමණ වූ කම්කරු පිරිසකගෙන්.
හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න බෙල් පිළිබඳ ව මෙසේ සඳහන් කර තිබෙනවා:

1890 පෙබරවාරි මාසයේ පුරාවිද්‍යා කොමසාරිස් ධුරයට පත්වීමට පෙර කෑගල්ලේ දිස්ත්‍රික් නඩුකාරයා ලෙස කටයුතු කළේය. මෙම පුරාවිද්‍යා කටයුතු ඇරඹූ එතුමාගේ කණ්ඩායම සාමාන්‍ය ජනතාව විසින් හඳුන්වන ලද්දේ “බෙල් පාටි” යන නාමයෙනි. කෑගලු වාර්තාව හැරුණු විට බෙල් මහතා විසින් 1890 සිට 1912 දක්වා වාර්ෂික වාර්තා ද ප්‍රොග්රෙස් රිපෝට් හෙවත් වැඩකටයුතු ගැන වාර්තා ද ලියන ලද්දේය. 1896 දී එකල කිසිදු යුරෝපීය නිලධාරියෙක් නොගිය තැනක් වන විල්පත්තුවේ සංචාරයක නිරත විය. එහි සොබා සෞන්දර්ය දුටු එතුමා මිහිපිට සුරපුරක් වේ නම් ඒ මෙතැනයයි ලියා තැබීය. ( ලංකා පුරාවිද්‍යාවේ ඉතිහාසය -ඩබ්ලිව්. සද්ධාමංගල කරුණාරත්න)


අනුරාධපුර කැණීම්
බෙල් අනුරාධපුරයට යන විට පුරාණ දාගබ්, විහාර, මහා වනාන්තරයෙන් වැසී වන සතුන්ගේ වාසස්ථාන බවට පත්ව තිබුණා. ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි සෑය පමණයි තරමක් හෝ බැතිමතුන් පැමිණෙන ස්ථාන ලෙස තිබුණේ. ඔහු අනුරාධපුරයේ කඳවුරු බැඳගෙන මහාවිහාර සංකීර්ණයේ දාගබ්, මහ ආරාම එළිකිරීම ආරම්භ කළා.
ඉන් පසු ඒවායේ සැලසුම් ඇඳ වාර්තාගත කරමින් හැකි පමණ සංරක්ෂණයත් කිරිමට උත්සාහ කළා. මුලින්ම ඔහුගේ අවධානය දිනාගත්තේ නටබුන් කඳු වශයෙන් පැවති ජේතවනාරාමය සහ අභයගිරිය යන දාගබ්. 1895-1898 ථූපාරාමය, 1899-1902 රුවන්වැලිසෑය, 1902-1903 මිරිසවැටිය ආදී දාගබ් ද ගවේෂණය කර ඔහු පාදා ගත්තා. විශාල පුරාවස්තුන් ප්‍රමාණයක් පොළොවෙන් මතුපිටට මතු කර ගැනීමටත් බෙල් සමත් වුණා.
අනුරාධපුර පැරණි නගරය, පන්කුලිය, කිරිබත්වෙහෙර, තොලුවිල, එළාර සොහොන ( දක්ඛිණ ථූපය) පුලියන්කුලම හා රන්මසු උයන ආශ්‍රිත නටබුන් ගවේෂණයත් සිදු කළා. නැවත ඔහු අනුරාධපුරයට පැමිණෙන්නේ 1906 වසරේදියි. 1906 සිට 1910 දක්වා වෙස්සගිරිය, ලංකාරාමය, අභයගිරිය සම්බන්ධ ගවේෂණ තවදුරටත් සිදුකර වාර්තා සකස් කරනවා.
මේ කාලයේම අනුරාධපුරයට නුදුරින් පිහිටි රිටිගල ආරණ්‍යය, මානාකන්ද ආරණ්‍යය වැනි ස්ථාන ද ගවේෂණය කර වාර්තා ගත කරනවා. මේ කාලයේ පුරාවිද්‍යා කැණීම් සිදුවුණේ පුරාවිද්‍යා මූලධර්මවලට අනුව නොවෙයි. නටබුන් මතුකර පාදා ගැනීම තමයි සිදු වුණේ.
සීගිරිය
වර්ෂ 1895 වසරේ ආරම්භ කරන සිගිරිය ආශ්‍රිත කැණීම්වලින් ගල පාමුල පිරී තිබූ පස් ඉවත් කර සිංහ පාදය පාදා ගැනීම විශේෂ අවස්ථාවක් වුණා. කඹවල ආධාරයෙන් සීගිරි පර්වතයට නැග බිතුසිතුවම් ඡායාරූපගත කිරීමට ද ඔහු පියවර ගන්නවා.
එවකට දෙපාර්තමේන්තුවේ සටහන් සකස් කරන ශිල්පියා වශයෙන් කටයුතු කල ඩී.ඒ.එල්. පෙරේරා ලවා සිගිරි චිත්‍ර පිටපත් කිරීමත් විශේෂ සිද්ධියක්. එම චිත්‍ර සංරක්ෂණයටත්, ආරක්ෂා කිරීමටත් විවිධ පියවර ගෙන තිබෙනවා.
සීගිරිය පර්වතය මත එකතු වී තිබූ පස් ඉවත්කර රජ මාලිගා නටබුන් පාදා ගැනීමටත් බෙල් කටයුතු කරනවා. බෙල් තම කුඩා දරුවා සහ බිරිය ද සමඟ කඹවල එල්ලී සීගිරි ගල තරණය කරනු දැක්වෙන පැරණි ඡායාරූපවලින් පැහැදිලි වෙන්නේ ඔහු සීගිරියට දැක්වූ විශාල කැමැත්තයි.

පොළොන්නරුවට යයි
පොළොන්නරුව ආශ්‍රිතව බෙල්ගේ කැණීම් කටයුතු ආරම්භ වන්නේ 1900 න් පසුවයි. මේ කාලයේ පොළොන්නරුවේ තිවංක පිළිම ගෙය ඇතුළු වැදගත් ගඩොල් ගොඩනැගිලි බොහොමයක් විශාල ගස්වැල් වැවී කඩාවැටීමේ තර්ජනයට මුහුණපා තිබුණා. මුළු පොළොන්නරුව ම වන සතුන් පිරි ඝන කැලෑවක් විදිහටයි තිබුණේ. පොළොන්නරුවේ ස්ථාන රාශියක් කැලෑව කපා කැණීම් කර ඔහු පාදා ගත්තා. පරාක්‍රම සමුද්‍රය අවට නටබුන්, නිශ්ශංක දාන විනෝද මණ්ඩපය, හින්දු දේවාලය, රජ මාලිගා පරිශ්‍රය, රන්කොත් වෙහෙර, පොත්ගුල් වෙහෙර, ශිව දේවාලය අංක 02, ශිව දේවාලය අංක 01, ගල් විහාරය, තිවංක පිළිමගෙය, කිරි වෙහෙර, ලංකාතිලකය ආදී නටබුන් එයට ඇතුළත් වුණා. මෙම ස්ථානවල ඡායාරූප ද ගත් අතර ඒවා තවමත් අපට දැකගත හැකියි.
1910 හා 1911 කාල වකවානුවේදී බෙල්ගේ අවධානය වැඩි වශයෙන් යොමු වුණේ යාපහුවට සහ මිහින්තලා කන්දටයි. යාපහුවේ ගල් පඩිපෙළ ඔහු වැඩි කැමැත්තක් දැක්වූ තවත් තැනක්. මෙම නටබුන් ස්ථානවලට අමතරව නාලන්ද ගෙඩිගේ, සීතාවක බැරැන්ඩි කෝවිල, කෑගල්ලේ අලවතුර ගනේගොඩ විහාරය, මැදගොඩ පත්තිනි දේවාලයේ කැටයම් ආදිය ගැනත් ඔහු අවධානය යොමු කරනවා. බෙලිගල, බෙලිගල් කෝරලය, පේරාදෙණි නුවර යනාදී කෑගල්ල දිස්ත්‍රික්කයේ ස්ථානවල ද බෙල් තම පර්යේෂණ සිදු කරනවා. කෑගලු වාර්තාව නමින් බෙල් ලියූ පුරාවිද්‍යා වාර්තාව අදත් පර්යේෂකයන්ට වැදගත් මූලාශ්‍රයක්. තමන් අනාවරණය කරන සෙල්ලිපිවල අර්ථ විවරණය කරමින් පළ කිරීමට ඩි.එම්.ඩි. වික්‍රමසිංහ සංස්කාරක ලෙස පත්කර සම්පාදනය කළ Epigraphia Zeylanicaත් අගනා ශාස්ත්‍රීය කෘති පෙළක්. බෙල්ට සහාය වුණු නිලධාරින් අතර ජෝන් ස්ටිල් ප්‍රධානත්වයක් ගන්නවා.

පුරාවිද්‍යාවෙන් සමු ගනී
බෙල් පුරාවිද්‍යා කොමසාරිස් ධුරයෙන් 1912 වසරේ දෙසැම්බර් මස 08 වන දින විශ්‍රාම යනවා. එම අඩුව පුරවන්නේ තරුණ සිවිල් නිලධාරියෙකු වූ ඊ.ආර්. අයර්ටන්. බෙල් ඔහුට වසර දෙකක පුහුණුවක් ලබා දී තිබුණා. මුල් කාලීන ව අනුරාධපුරයේ නිල නිවසක ජීවත් වූ බෙල් සිය ජීවිතයේ අවසන් සමය ගත කිරීමට තෝරාගෙන තිබුණේ මහනුවර නගරයයි. 1920 දී මාලදිවයිනට ගිය දූත පිරිසට අයත් වූ බෙල් එරට පුරාවස්තු ගැන ගවේෂණය කර අගනා කෘතියක් ලියා තිබෙනවා. 1937 වසරේ සිය ජීවිත ගමන ඔහු අවසන් කළත් තවමත් බෙල්ගේ නාමය පුරාවිද්‍යාවට අතීත උරුමයට උනන්දුවන කවුරුත් මතක් කරනවා. ඔහුගේ පැරණි වාර්තා, ලිපි නිතර පරිශීලනය කරනවා.
බෙල් ගෙන ගිය බුදු පිළිමය
බෙල් පුරාවිද්‍යාවට දැක්වූ කැමැත්ත නිසාම මෙරට පුරාවස්තු එකතු කිරීමත් සිදු කළ බව පෙනෙනවා. එසේ සිටින අතර ලීයෙන් නිම කළ මහනුවර සම්ප්‍රදායට අයත් බුදු පිළිමයක් මාතලේ මහදිසාවේ විසූ නිලගම සීලක්ඛන්න නම් හාමුදුරුවන් ඔහුට තෑගි කර තිබෙනවා. එසේ සියවසකට වැඩි කලකට පෙර 1912 දී එංගලන්තයට ගෙන ගිය පිළිමය බෙල්ගේ මුණුපුරු කෙනත් බෙල් යළිත්2019 දී ලංකාවට රැගෙන පැමිණ දළදා මාලිගාවට පුජා කළා.
මහනුවර ශ්‍රී දළදා මැඳුරට පැමිණි කෙනත් බෙල් සහ ඔහුගේ දරුවන් වූ ඇන්ඩෲ සහ ෆියෝනා දියවඩන නිලමේ නිලංග දෑල වෙත එම පිළිමය පිරිනැමුවා. එම පිළිමය දළදා මැඳුරේ පුරාවස්තු සුරැකීමේ කුටියේ තැන්පත් කර තිබෙනවා.

Kusumsiri Wijayawardena
උපුටා ගැනිමකි..


A day in the life

2024-03-01

බනින්න පෙර සිතා බලනු .




ඇය මට ආදරය කළේ ඉහළ උගත්කම් දැකලයිමගේ කැදැල්ලට ආවේ රැස්කළ ධනයම පතලයිනිරතුරුවම ළඟ හිටියේ පැතිරුණු කිතුගොස හිතලයිහරි සතුටින් දැන් ඉන්නේ මේ සියලුම දේ දිනලයි
ආදා ඉඳලම නිවසට ආදරයෙන් ළඟ උන්නාරන් මිණි මුතු සැප සම්පත් නොඅඩුව ඈ හට දුන්නාමව්පිය නෑසිය පරපුර නිවසට නිතරම එන්නාමගේ අයට වැඩියෙන් මා සිටියේ සෙනෙහස පෙන්නා
දැන් දැන් නිතරම ඈ මගෙ වැරදිම පවසන හින්දාමගෙ හිත රිදුනා හරියට කඳුළුත් දෙනෙතෙහි රන්දාබිරිඳකගෙන් ලද යුතු සැලකුම් නැත දෙන්නෙම නින්දාවෙන අයකුගෙ සෙනෙහස ලබමින් සැනසෙනවද මන්දා
මේගැන සිත සිත ළතවී සොයමින් සැනසුම පතලාමිතුරු වුනා මධුවිත හා යහමින් දිව රෑ නොබලාඅතරතුරේ සුරඟන සම නුඹෙ ඔය රූසිරු දැකලානැවත උපන් බව දැනුනා නව ආදරයක් හිතිලා
මුසා වදන් අසා ඇගේ දෙනෙත්වලට කඳුළු පුරනුබලා ඔහුට හැඟී ගියේ එලූ දැලේ එතෙන ලකුණුඇගේ දෙතොල් පෙති ඇරුනා අටියෙන් බිරිඳටම බනිනුසිතේ යටින් ඈ ඇමතී "බනින්න පෙර සිතා බලනු"











පී. ජී. ආරියපාල
l day in the life