ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww

2021-02-10

පිලේ පැදුර හේනට අරගෙන යනවා






පිලේ පැදුර හේනට අරගෙන යනවා
එලා පැදුර එහි මැස්සේ සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා

ඉර පායා ඉර අවරට ගියදෝ
සද පායා සද අවරට ගියාදෝ
හැඩු කදුළු මුහුදට එක්වුනාදෝ
හැඩු කදුළු මුහුදට එක්වුනාදෝ

ළමා ලපටි නෑනා කොයි ගියාදෝ
ඔබේ කරට මල් මාලා ගොතන්නට
මදු මල් පිපෙනවා හේනේ වැට දිගට
ඔබේ කටින් ගී සීපද අහන්නට

ඔබේ කටින් ගී සීපද අහන්නට
තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට

පිලේ පැදුර හේනට අරගෙන යනවා
එලා පැදුර එහි මැස්සේ සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා

-ආචාර්ය අමරදේව




notes of imaginary

1 ප්‍රතිචාර:

vicharaka said...

අපේ ජන ගී ආහය කරගෙන නිර්මාණය කරපු ඉතා අලලංකාර නිර්මාණයක්. මේ වගේම ගීත ගණනාවක් තව තියනවා ඒ අතරින් කවත් ඩජබප්‍රිය ගිත නාඹර තොයමට රහස් කියාලා........ඊඵගට රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ......
වැනි ගීත ඒවා සදාකාලිකයි.
විචාඑක දියණිය