නිලෝකයේ වෙහෙර විහාරස්‌ථාන ඇති බෞද්ධ සැදැහැවතුන් සිටින හැම රටකම බොහෝ විට වස් කාලයේ වස් පින්කම් කෙරෙනු ඇත. අවසානයේ කඨින පිංකමද සිදුවේ. දැන් දැන් කඨින පිංකම පිළිබඳව දැඩි උනන්දුවකින් ක්රියාකරනු ලක්‌නට ලැබේ. ශ්රී ලංකාවේ කඨින පිංකම සෑම විහාරස්‌ථානයකම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ගිහි-පැවිදි උභය පාර්ශ්වයම සංවිධානය වෙති. එක් විහාරස්‌ථානයක මූලික වී කඨින පිංකමක් භාරගැනීමද දුෂ්කර කරුණක් වී ඇත. ඒ එතරම්ම පිරිසක් කඨින පිංකම් භාරගත් ලයිස්‌තුවේ සිටීම නිසාය.
තෙරුවන් සරණයි .
සුබ අළුත් අවුරුද්දක් වේවා !.
--- වේද ගීතයක්
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
ජීවිතය
සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.
විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි
ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.
රබීන්ද්‍රනාත් තාගෝර්
වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.
2024-11-10
කල්ප (30) තිහක් විපාක දෙන කඨින පිංකම් .
2024-11-09
පොල් තෙල්
සෙල්සියස් අංශක 180 ක් තරම උෂ්නත්වයට පොල් ලක්කිරීමෙන් කාර්මික ක්‍රියාවලියක් හරහා පොල්තෙල් ලබා ගනී. ආහාරයට ගත හැකි - සෝයා බෝංචි, රටකජු සහ තල වැනි බීජ වලින් ලබාගත් අනෙකුත් තෙල් වලට පොල් තෙල් ද සමාන වේ.
පිසීමේ යෙදුම් සහ සෞඛ්‍යමය බලපෑම් හේතුවෙන් අන් තෙල් වර්ග වලට වඩා පොල් තෙල් කැපී පෙනෙන ප්‍රතිලාභ ලබා දෙයි..
සාම්ප්‍රදායික සහ ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේදී, පොල්තෙල් එහි ප්‍රසන්න සුවඳ සහ රසය සඳහාත් රූපලාවන්‍ය ප්‍රතිලාභ සඳහාත් යොදා ගනූ ලැබේ. සමේ ප්‍රත්‍යාස්ථතාව වැඩි දියුණු කිරීම, වියළි ප්‍රදේශ මොයිස්චරයිසින් කිරීම, රැළි අඩු කිරීම, ඉරිතලා ඇති සම සුව කිරීම සහ කුරුලෑ වලට ප්‍රතිකාර කිරීම සඳහා එය බහුලව භාවිතා වේ. මීට අමතරව, එය මාංශ පේශි වේදනාව සහ තෙහෙට්ටුව සමනය කිරීම සඳහා සම්බාහනය කිරීමේදී සන්සුන් කාරකයක් ලෙසද සේවය කරයි.
පෝෂණීය වශයෙන්, පොල්තෙල් මේස හැන්දකට ආසන්න වශයෙන් කැලරි 120 ක් සහ මේදය ග්‍රෑම් 14 ක් සපයයි. පොල්තෙල් නිතිපතා පරිභෝජනය කිරීමෙන් හිතකර HDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවිය හැකි බව පර්යේෂණවලින් පෙන්නුම් කෙරේ. කෙසේ වෙතත්, එය සමස්ත කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ වැඩි කරයි. ඔලිව් හෝ කැනෝලා තෙල් මත පදනම් වූ ආහාර සමඟ සසඳන විට, පොල්තෙල් භාවිතා කරන පුද්ගලයින්ට හිතකර HDL සහ හානිකර LDL යන දෙකම ඇතුළුව ඉහළ සම්පූර්ණ කොලෙස්ටරෝල් මට්ටමක් ඇත.
මෙම සොයාගැනීම් අනුව, පොල්තෙල් සාමාන්‍යයෙන් හෘද සෞඛ්‍ය සඳහා, විශේෂයෙන් සාමාන්‍ය ආහාර වේල සඳහා නිර්දේශ නොකරයි. සෞඛ්‍ය වෘත්තිකයන් බොහෝ විට ඔලිව් හෝ සූරියකාන්ත තෙල් වැනි තෙල් භාවිතා කිරීමට උපදෙස් දෙයි, එය LDL කොලෙස්ටරෝල් අඩු කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න විකල්ප ලෙස සැලකේ.
පොල්තෙල්වල සුවිශේෂී රසයට කැමති අයට, වෙනත් පිසින තෙල් සඳහා ඉඳහිට විකල්පයක් ලෙස එය අරපිරිමැස්මෙන් භාවිතා කළ හැකිය. කෙසේ වෙතත්, පුද්ගල සෞඛ්‍ය අවශ්‍යතා සහ ඉලක්ක සමඟ සමපාත වෙයි.
ආහාර තෝරා ගැනීම් සඳහා සෞඛ්‍ය සේවා සපයන්නන් සහ පෝෂණවේදීන්ගෙන් උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වේ. ඒහෙත් ලාංකීකයන්වු අපට මෙවැනි පුරුදු පුහුණු වී නොමැති බව සටහන් කරමි.
2024-11-07
විටමින් B12
2024-11-04
සාමකාමීව මිය යාම.
3. ඖෂධ අධික මාත්රාව
2024-11-03
"හිටි පියරෙ" ආවෙ කොහොමෙයි ?

සකල සිරින් පිරි දකුණු පලාතේ ගොවිපලකට මාරුව යනවා
හතර රියන් වැලි පාරක ඇවිදින් කුඹුරු මැදින් පා ගාටනවා
බකල ගහන් මා එනහැටි දැකලද නුහුරු හඬක් මට අමතනවා
"හත්වලාමෙ මේ හිටිපියරේ සර් ආවේ කොහොමෙයි" විමසනවා.
නතර වෙලා මට නුහුරුම වචනේ ගැන කුහුලෙන්මයි පසුවන්නේ
මමනම් ආවේ වේලුනු නියරෙයි වෙන එකකයි මඩ තවරන්නේ
හතුරුකමක් නැහැ මුහුණේ පෙනුමෙන් සැකය එහෙත් හිත දළුලන්නේ
මිතුරු ලෙසින් "ඇයි නියර පෑගුනද..." කියලයි ඔහුගෙන් විමසන්නේ...
"මහත්තයා පිට පලාතක අයෙක් ඒබව මට මුලදිම දැනුනා
හවස් වෙලා ආවා නම් ගිනියම් අවුවෙන් බෙරෙන්නට තිබුනා"
මගත් අසාගන යන තැන පවසා "යන්නම්.." උන්දැට සමුදුන්නා
ටිකක් දුර ගිහින්, "මාත් එහෙයි වැඩ - නිවාඩුවක් අද අර ගත්තේ
හුඟක් පමාවූ නිසයි කුඹුර මගෙ ටිකයි නියර තව බැඳ ගත්තේ
හවස් වෙලා ලැබුනොත් මම එන්නම්, මඳක් දුරයි ඔබ යායුත්තේ
ඔෆිස්එකේ දොර ඇරල පේනවා..."
කියලයි මිතුරා සමුගත්තේ...
බස් වහරෙ "හිටි පියර" හිටි පියවර කියන එකයි.
ඉර මුදුන් සමයමේ හෙවනැල්ල පවතින්නෙ
හිටි පියවරේ විතරයි.
මද්දහනෙ සැඩ අව්වෙ ආවෙ කොහොමද කියලයි, ඔහු මගෙන් ඇහුවේ.
"දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැස්සා තුරුලේ හංගාගන මා නුඹ තෙමුනා අම්මේ...
පායන තුරු "හිටි පියවර" හිටියා නුඹ අම්මේ.
මමයි... ඒකනංයකා~
2024-11-02
සෙනෙහසින් දකින ඇය.
සෙනවිරත්නයන් දකින ළදුන්ම වෙනත් රටකදී බුලත්සිංහලයන් දුටුුවේ හාත්පින්ම වෙනස් ආකාරයකින්.
බුුලත්සිංහලයන්ගේ ළද බොහෝම සැහැල්ළුවෙන් ජීවිතය ගෙවනවා. ඈ හට ඇත්තේ සුුලගින් බිත්ති තනා සුවදින් පිරියම් කල හදවතක්. එහි බරක් පතලක් නැහැ. ඇගේ හිස අහසක්…..සියොතුන් හැසිරෙන…ඉන්න එපා එලිපත්තේ කාටත් පිවිසෙන්න දොරගුළු ඇර තියෙනවා. එක්කෙනෙක් විත් යන විට තව කෙනෙකුට පිවිසෙන්න —“දොරක් ඇරී දොරක් වැසී තියෙනවා.ආදරය සැහැල්ලුයි .
ඒත් සෙනවිරත්නයන්ගේ ළදුන්………… මහත් බරක් හිතේ දරා ගෙන. පිරිමින්ගේ පාප කදට ……..ඈ සමාජයෙන් දෝෂ දකිනවා. නින්දා විදිනවා. ඈ අදුරේ පාපයට යොමු කරන ජනයාම එළියේදී පිළිකෙව් කරනවා.
බරපතල ලෙස පිඩනයට පත් කරනවා.
ඇගේ ළැම පමනක් ලොවට පෙනෙනවා
ඇගේ ළය පෙනෙන්නේ නැහැ.
කිනම් පාර්ශවයයකද වරද තියෙන්නේ සාධාරණව හිතන්න සමාජයට බැහැ.
ඈ කුහුඹුවකුට වරදක් නැති වුනත් සමාජයට වැරදිකාර ළඳක්
මුව ... තෙක් හද ඔබෙන් පිරී ඇත
එනමුත් සැමදින පුංචි ඉඩක් ඇත...
තව එක් අයෙකුට පිවිසිය හැකි ලෙස
දොරක් වැසී දොරක් ඇරේ ආදරේ
බුලත්සිංහලයන් කියන ළදම
සෙනවිරත්නයන්
තෙල් මල් ගෙන දෝතපුරා
මුනිකුටියට පියමං වන
ඔබේ දෑස දැක ගත්තෙමි
සඳෑ කලෙක ළඳුනේ..
බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්-රම යන පාර අහන
ඔබද පටාචාරවකි
ඔබද කිසා ගෝතමියකි…
අනුකම්පාවෙන් මුණිකුටියට එක්කරගෙන යනවා.
වෙනස තියෙන්නේ
සුළගින් නොව කොන්ක්‍රීට් වලින් බිත්ති හදා ගෙන ඉන්න නිසාවෙන් කියලා මට හිතෙනවා.
2024-11-01
මහාචාර්ය සෙනරත් පරණවිතාන
මීදුම කතා කරන්නේ එතුමාගේ සේවය ගැන නොවේ. එතුමා අපට ඉතිරි කල රසකතා කිහිපයක් ගැනයි. මේ රස කතා තුලද ඇත්තේ ද එතුමාගේ පෞරුසත්‍වය හා බුද්ධියේ නිම් වලළුයි.
1956 පිහිටවු රජයේ සංස්කෘතික අමාත්‍යාංශය මගින් පවැත්වු පළමු සාහිත්‍ය උලෙල උත්සවශ්‍රීයෙන් කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේදී පැවත්වුනා. මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා වුනේ එවකට අගමැති එස් ඩබ්. ආර් ඩී . බණ්ඩාරනායක මැතිතුමා. එතුමා ගේ දේශණයෙන් පසු ඇමතුම තිබුනේ මහාචාර්ය සෙනරත් පරනවිතාන. මහතාට. එතුමා දේශණය පටන් ගත්තේ මෙහෙමයි.
“මුලාසනේ හාමුදුරුවන්ගෙන් අවසරයි , පණ්ඩිත සභාවෙන් අවසරයි ,දේශපාලන කතාවෙන් පස්සේ , කෝට්ටේ ඉතිහාසය ගැන මට අද කථා කරන්න සිද්ධවෙලා තියෙනවා “ කියලා තම දේශණය පටන් ගත්තා. බණ්ඩාරනායක මහතාත් වේදිකාවේ ඉන්නවා. රටේ ඉහලම බලවතා දේශපාලකයා. ඒත් පරණවිතාන මහත්තයාගේ අභිමානය ඊට ඉහලින් .තියෙන බව අවසර ගැණිමේ වචන පේලි දෙක තුනේ හැංගිලා තිබුනා.
ඒ එතුමාගේ හැටි.
තවත් දවසක ගුවන් විදුලියේ සාකච්ඡාවකට මෙතුමා සහභාගි වෙනවා. මාතෘකාව “බුදු පිළිම වහන්සේ.” ගොරහැඩි කළු ගලකින් ශාන්ත බුදු පිළිමයක් නිර්මාණය කලේ කොහොමද ? වැනි පැතිකඩ කිහිපයකින් බුදුන් වහන්සේගේ පිළිම ගැන සාකච්ඡා වුනා. මේ සාකච්ඡාවට මාපලගම විපුලසාර හාමුදුරුවොත් මංජු ශ්‍රී මහත්තයත් .මහාචාර්ය සෙනරත් පරනවිතාන මහත්තයත් සහභාගි වුනා.මේ සාකච්ඡාව යන අතරේ සංවාදකයා මහාචාර්ය තුමාට ආරධනය කරනවා. ලංකාවේ බුදු පිළිම වල ඉතිහාසය ගැන මහාචාර්ය තුමාගේ අදහස කියන්න කියලා.
මහාචාර්ය තුමා කියනවා “ ලංකාවේ මුල්ම බුදු පිළිම බොහෝම අඩුයි. හේතුව හුගාක් දෙනා බුලත් විටට කාලා .” කියලා.
ඊට පස්සෙයි කතාව පැහැදිලි කරන්න පටන් ගත්තේ.
ලංකාවේ බුදු පිළිම බොහෝමයක් හදලා තියෙන්නේ හුණු ගලෙන්. ඒ ගල් පුච්චාපුවම විටට කන හුණු නිෂ්පාදනය වෙනවා. අපේ මිනිස්සු බුලත් කන්න රුසියෝ.ඒ ගලෙන් හදපු බොහෝ බුදු පිළිම විනාශ වෙලා කැඩුණු බිදුණු කොටස් මේ සදහා යොදවා ගෙන තියෙනවා.කියලා එතුමා පැහැදිලි කරනවා.අපි පුරා විද්‍යාවේ වැඩ කරන කාලේ මෙවැනි උදවිය අල්ලා ගෙන දඩුවම් කරලත් තියෙනවා.
එතුමාගේ කතාව සාධාරනිකරණීය කලා
රාමා රාවනා සීතා වෘතාන්තය ගැන විවිධ මත තියෙනවා.පරනවිතාන මහතාගේ මතය වුනේ රාමායනය සාහිත්‍ය ග්‍රන්ථයක් විනා ඉතිහාස ග්‍රන්ථයක් නොවන බවයි. ඉතිහාසය ගොඩනැගීමේදී මූලාශ්‍රවන්නේ සෙල් ලිපි , කාසි ,පෞරාණික නටබුන් මිස සාහිත්‍ය නොවන බව එතුමාගේ මතය වුනා. එකල පැවති සම්මන්ත්‍රණයකදී මේ පිළබදව කරුණු ඉදිරිපත් කල එතුමා සහභාගී වී සිටි වියතුන්ගෙන් ප්‍රශ්න තිබේදැයි විමසුවා.
එක් වියතෙකු විසින් ඔහු නුවර එළිය ප්‍රදේශයේ පිහිටි රාවනා ඇල්ලට ගිය බවත්,එහි ඇති ගල් ගුහාවක රාවනා විසින් සීතාවන් රදවා ගෙන සිට ඇති බවත්, එම ගල් ලෙන ආශ්‍රිතව ඔවුන් භාවිතා කල බෙහෙත් හේත් තවමත් ඉතිරිව ඇති බවත් ඔවුන් ආහාරයට ගත් අග්ගලා වැනි ගුලි විශේෂයක් හමු වු බවත් පැවසුවා . ඒ නිසා රාමායනය සාහිත්‍ය ග්‍රන්ථයක් නොවන බවත් එය ඉතිහාස ග්‍රන්ථයක් බවත් තරයේ ප්‍රකාශකලා.
මෙම ප්‍රදේශයේ හමුවන ලිහිල් පාෂාණ ගුලි සීතා අග්ගලා ලෙස හදුන්වනවා. හෝර්ටන් තැන්නේ අනවසර මැණික් ගරන්නන්ගේ කැණීම් වලදීද මෙම පාෂාණ ගුලි හමුවෙනවා මේවා පාෂාණ නොවන බවත් රාවනා සීතා විසින් ගත් ආහාර වල ඉතිරි වු කොටස් බවයි වියතා ගේ තර්කය වුනේ..
පරනවිතාන මහතා වාඩි වී සිටි අසුනෙන් නැගිට මෛක්‍රපෝනය ලගට ආවා. “ අග්ගලා තියෙනවා නම් ගමුකෝ බලන්න . එතුමාගේ පිළිතුර වුවේ එපමනයි. සභාව එක හඩින් සිනා පැතුරුවා. වියතා පසු බැස්සා.
මුලසුනේ විශ්ව විද්‍යාලයක උප කුලපති වරයෙකු සිටි එක් දේශනයකදී එතුමා තම දේශණය ආරම්භ කලේ මෙහෙමයි. “ මුලසුනේ උප කුලපති තුමාගෙන් අවසරයි. උප කුලපති කියලා සංස්කෘතිකයේ කියන්නේ හොර මිනිහටයි.මම මේ කතා කරන්න යන්නේ හුග දෙනෙක් කියවන්න බෑ කියලා අත් හැර දාපු ඉණ්දු නිම්නයේ රූපාක්‍ෂර කියවීම ගැනයි.
එතුමා දේශණය කරගෙන ගියා . ඒත් දේශණයට ප්‍රවිශ්ඨ වුනේ හොර මිණිහා අමතලා.
(රාජා ධර්මපාල මහතා විසින් 1988 ඔක්තෝම්බර් මස “තුලන “ කලාපයට සැපයු ලිපියක් මුලාශ්‍ර කර ගන්නා ලදී. )












