පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Monday, December 24, 2018

මාව කාපිය .....





ඉස්සන් පිසාපිය
රා කලයක්ම බීපිය
මෝ ව තම්බාපිය
මෙ තුන කරලා මාව කාපිය

තේරුම් බේරුම් නැති පුංචි කාලයේ කොල්ලන් කුරුට්ටන් එකතුව සෙල්ලම් කරන විට කිවු පද හතරක් මට යලි සිහිපත්වුයේ දේශපාලකයින් අපේ රටට කරන විනාශය දුටු විටය. මොවුන්ට රට ගැන කිසිම හාං හූ වුවක් නැත. තම බලය සහ බඩ තරකර ගැණීමේ උපාය මාර්ගයන් ගෙන් එපිට කිසිදු හැගීමක් මවු බිම වෙනුවෙන් නැත. බලය හා තන්හාවෙන්  ඇතිවු - තන්හාවෙන් නොකරනා දෙයක් නැත. මේ හේතුවෙන් අවුරුදු හැත්තෑවක්වු ස්වදේශීය පාලනයෙන් දිනෙන් දින අප රට වල පල්ලට ගියා මිස ගොඩ ගියේ නැත.
කෙනෙක් පටන් ගත් දේ අනෙකාට වැරදිය. ඒ දේ විනාශ කර එතනම අළුතින් එයම කරනවා හැර වෙන යමක් කිරීමට දැනුමක් ද නැත.දශක හතම ගතවුයේ මෙලෙසින් රට ගොඩ ගැනීමය.
අවසන තියන දේත් නොරටුනට විකුනා බඩ පුරවා ගන්නේය.
අන්තිමට නටපු නැටුමකුත් බෙරේ පළුවකුත් ඉතිරිව  නැත.
පසු ගිය දිනවල එහාට මෙහාට පැන්නවුන්ගේ තක්සේරුව සොයා බැළුවිට මුන්ට රට ගැන නොව බඩ ගැන කැක්කුමක් ඇතිවී ඇති බව නම් පැහැදිලිය. ප්‍රධාන පක්‍ෂ දෙකෙන් එහාට මෙහාට මැරුවු අයට තමා නියෝජනය කරන පක්‍ෂයෙන් තමා නියෝජනය කරන දිස්ත්‍රික්කයෙන් යලි ගොඩ ඒමට බැරි බව දන්නා මොවුන් පක්‍ෂය මාරු කරමින් ගොඩ එන්න උත්සහා දරන බවක් නම් පැහැදිලිය. පරාමාධිපත්‍ය නම් වු විකාරය ඔළු ගෙඩි 225 කට සහ එක් නායක ඔළුවකට බාරදී කැමැත්තෙන් සිර ගතවු පරාමාධිපත්‍ය හිමි ජනතාවකට කවදා හෝ දිනක එක් දිනකට පමනක් පරමාධිපත්‍යයේ හිමි කම ලැබෙනු ඇත.
සිංහලයෝ ශ්‍රී ලාංකිකයෝය. අනෙක් ජාතීන් තම තමන්ගේ ජාති උරුමය පමනක් වෙන්දේසි කරමින් සිංහල ජාතිකය සිරගත කරත්නේය. උදර පෝෂනය ගැන පමනක් සිතන දේශපාලකයෝ දෙපිලටත් තවත් පිල් වලටත්  බෙදුන බහුතරයක්වු සිංහල ජාතියක් නිර්මානය කරගෙන බලය උදෙසා රට පාවා දෙන්නේය.
යලි කවදා හෝ පරමාධිපත්‍ය හිමි වුදාට -  යලි සිර ගත නොවන්නට එකමුතුව සිතන්නේ නම් කොයිතරම් පලදායිවේද ?.
මේ අතුරු කතාව මුල් කවි පද හතරට වැදගත් නොවු වත් ඉන් කියවෙන ගැඹුරු අරුත පැහැදිලි කරමි.

ඉස්සන් - ඊර්ෂ්‍යාව
රා    - රාගය
මෝ ව -මෝහය
මාව   - මම මමත්‍වය
මාව කාපිය -  මමත්‍වය විනාශ කර ගැණීම.
.



notes of imaginary

Friday, December 21, 2018

ජීවිතය අරුමයක්.


මේ සටහන ලියන්න පටන් ගත්තෙ පසුගිය නව වෙනිදා.
ඒ මේ මාසේ රජයේ විශ්‍රාමිකයන්ගේ වැටුප් දවස. සතුට , විශ්‍රාමය  නොයෙක් අයුරින් බෙදා ගන්නා මේ උදවිය  ආගමික කටයුතු වලට පන්සලට පල්ලියට නිදහසේ යනවා . තවත් රසකාමීන් කොටසක් නිදහසේ නිදහස් තැන් වලට එක්වෙනවා. මෙසේ  සතුට බෙදා ගන්නා මිතුරන් කිහිප පොලක් මට මුන ගැහෙනවා හැම මාසෙම. මට මේ හමුවීම අමුත්තක් නෙමෙයි.
අති විශේෂ, සෝඩා ඇතිව නැතිව හත් අට දෙනෙක් වට වෙන්න පුළුවන් මේසයක අහගෙන ඉන්න තරම් වාද විවාද ඇති වෙනවා මම පුරුද්දෙන් දන්නවා. අනුන්ගේ කතා බහට කන්දීම හොද පුරුද්දක් නූනත් මේ වියත් සභාව පදම් වෙන කොට කියන කතා අහන එක මට පුරුද්දක්.විදුහල්පතිවරු ගුරුවරු, මාණ්ඩලිකයන් ලිපිකාර මහත්වරුන් අද එකම තලයක විශ්‍රාමිකයන් වෙලා.
මේ කණ්ඩායමේ ඇත්තන් ගෙන් කෙනෙක්  හිටපු හැටියේ සමුගන්නා අවස්ථාවන් ,රෝහල් ගතවෙන අවස්ථාවන් ඉද හිට සෞඛ්‍ය හේතුන් මත විවේක ගන්නා අවස්ථාවන් නිසා තාවකාලිකව හෝ සදාකාලිකව ගණපුරණය වෙනස් වෙන අවස්ථා මම පහුගිය අවුරුදු ගනනාව තුල අත් දැක්කා.
මේ හමුවීමත් සමාජිකයෙකුගේ සදාකාලික වෙන්වීමත් සමග එකට සනිටුහන් වු දවසක්.
අද මිත්‍රයින්ගේ මාතෘකාව බවට පත්වෙලා තිබුනේ ජීවිතය..........
...............
කන්දේ ගෙදර නයිදේටයි කියන්නේ
දිරන ගෙවල් උඹ කුමකටදැයි හදන්නේ
ගෙයක් ඇර ගෙයක් නොතකා ඉදින්නේ
ගන් ගියදා ගෙට ගීණි ගති බොලන්නේ...........,
විදුහල්පති වරයෙක්වු විශ්‍රාමිකයෙක්ගේ හඩ මට ඇසේ රැල් බුරුල් හැර කන්දේ ගෙදර නයිදේට කවියක් කියයි. පිරිස සාවධානව අසා සිටී. දේශපාලන කථා බහකින් හෙම්බත්වු මේ පිරිස යහමගට පිවිසි බවක් මට හැගේ. මම වඩාත් ඕනා කමකින් සංවාදයට දෙසවන් යොමු කලෙමි.
විදුහල්පතිවරයා පැහැදිලි කරයි.
කන්දේ ගෙදර -     රුප. වේදනා සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ
නයිදේ        -     තෘෂ්නාව
ගෙයක් අත නොහැර ගෙයින් ගෙට යන නයිදේ
එක් ගෙයක් ගිණි ගත් පසු තවත් ගෙයක් සදයි.
ගන් ගිය දා - මියගියපසු
ගෙට ගිණි තියති - මළවුන්ගේ  සිරුර පුළුස්සති.
අපි  තෘෂ්නාවෙන් යුතුව ගිණි ගන්නා සිරුර අත් හැර තවත් ගෙයක් සදන්න කරුණු කාරනා එකතු       කරමින් සීටී.

පිරිස තවත් කතා බහක පැටලී සිටි. මගේ අවධානය බිදිමින් වෙනත් කාරියක් පැවරෙයි.

notes of imaginary