පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Showing posts with label ජීවිතය. Show all posts
Showing posts with label ජීවිතය. Show all posts

Wednesday, May 08, 2024

පොඩ්ඩිගේ කථාව - පස්වෙනි දිග හැරුම

සමීර  හමුවීම නිශ්පල කටයුත්තක් යයි මම තීන්දු කර ගෙන සිටියේද යන්න මටද ප්‍රශ්නයකි.

විටක ඔහු ගැන සිතිවිලි වලින්  හිත නැවත නැවතත් පිරෙන්නට පටන් ගනී. අපි අවුුුුරුදු පහක් පමණ විවාහකවද  අවුරුදු දෙක තුනක් දැන හදුුනා ගමින් ගෙවු කාලය කෙසේ එක්වර අමතක කරන්නද ?.

 සමීර හමුවි කතාකරන්න ගියහොත් සියල්ල ආපසු හැරී නැවතත් නතරවුන තැනටම එයිදැයි සිතිවිල්ලක් ද හිත තුල දැල්විනි.

මම තවමත් අප සිටි නිවසට කුලී ගෙවමින් සිටිමි . අප දෙදෙනා පරිහරනය කරන ලද බඩු භාණ්ඩ එලෙසමය.

මා නැවත ගෙදර පැමිනෙන්නේ නම් මේ සියල්ල එකලස් කලයුතුය.

වලාකුලක් වුනා නම් -  කුරුල්ලෙක්   හිතනවිට වලාකුළ සිතුවේ මම කුරුල්ලෙක් වනවා නම්  කොයිතරම් හොදද යන්නයි . මම වළාකුලකුත් නොවෙමි - කුරුල්ලෙකුත් නොවෙමි. එහාටත් මෙහාටත් කැරකී යන  සුලි  සුළගක් වී ඇතිවා සේ හැම පැත්තටම කැරකෙන්න පටන් ගෙන තිබේ.

අවසානයේදී මම සමීරට කතා කරන්න තීරණය කලෙමි.

අම්මාගේ අදහස වුයේ දුරකතන ඇමතුමකින් සම්බන්ධ විය යුතු බවයි.

මම කතා කලෙමි.

පිලිතුරක් නැත.

මම නැවත දෙතුන් වරක් කතා කලෙමි.

පිලිතුරක් නැත.

අවසානයේදී ඔහුගේ මිතුරෙකු හරහා පණිවිඩයක් තබා මා අමතන ලෙස ඉල්ලීමක් කලාය.

කාලය ගෙවී ගියේය. සමීරට මට කතා කරන්න උනන්දුවක් ඇතිව තිබුනේ නැත.

මට නිවස නඩත්තු කිරීමේ වියදම්ද දිගින් දිගට දරා ගැණීමද ගැටළුවකි.

දිනක් අම්මා සමග ගොස් නිවෙස් හිමියා හමුවී තවත් එක් මාසයක් සදහා මුදල්ද ගෙවා මා අත තිබු යතුරද ඔහුට දුන්නෙමි .සමීර ආවොත් ඔහුට එය දෙන ලෙස පවසා ආපසු ආවෙමු..

 ඉක්මනින් මා අමතන ලෙසත් නැත්නම් ගෙදර ඇති බඩු භාණ්ඩ වලින් ඔහුට කැමති ඕනෑම දෙයක් රැගෙන යන ලෙසත් ඉල්ලීමක් කර ,.

ගෙයි යතුර ගෙහිමියා භාරයේ ඇති බව සදහන් කර ඔහුගේ කාර්යාල ලිපිනයට ලිපියක් යොමු කලෙමි.

දැන්නම් මට පාවෙන සිතක් ඇත්තේම නැත. ගෙදර යමක් ඉතිරිව තිබුනොත් ඒවා අස්පස් කර ගෙහිමියාට බාර දීම මගේ අරමුණ බවට පත්විය.

ගැහැණු සිතකට මෙතරම් හයියක්. පන්නරයක් ලැබුනේ පීඩාවත් පීඩනයත් නිසාවෙනි. සේපාලි මට ශක්තිය ලබා දීම පිහිටක් විනි. අම්මා මගේ සවිය බවට පත්වී තිබිනි.

ගුවනේ පා ආ ආචාර්ය අමරදේවයන් ගායනාව මට සිසිලක් ගෙන එන්න විනි.

ඔබ මා   සමග අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැළුවා ඉද ගම සිරස
ඔබ හා අතැර වෙන නුවර ගිය විගස
මේ මහ කන්ද බැළුවා හොරැහින් මදෙස
 
වෑ දිය නිල්ල සුදු  නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහු බදින කිරලා හඩා වැටෙටයි
නොකියු රහස හද උතුරා වාන් දමයි
මතකයේ සුවද තවමත් මගේ සිතට දැනෙයි
 
ඔබ මා   සමග අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැළුවා ඉද ගම සිරස
ඔබ හා අතැර වෙන නුවර ගිය විගස - 
මේ මහ කන්ද බැළුවා හොරැහින් මදෙස


හෙටත් හමුවෙමු - මීදුම.


A day in the life

Tuesday, May 07, 2024

පොඩ්ඩිගේ කථාව - හතරවෙනි දිග හැරුම




 

පන්සලට යමින් අතර දොඩමළු වුනේ සේපාලි. මගේ නිහඩ බව හේතු වෙන්න ඇති.

අක්කේ , මම අහල තියෙනවා.

විවාහය ගැන නොයෙක් මත මේවා කියවලා මම හිත හිතා  ඉන්නවා.මොනවා කරන්නද කියලා.

අක්කගේ කතාව අහගෙන ඉන්න කොට මට හිතුනේ මනුෂ්‍ය සම්බන්ධතාවල ඉතාමත් සමීපවූුද ඉතාමත් අසීරුවුද සම්බන්ධතාවය විවාහය කියලයි.

අක්කා මාව තවත් බය කලා.

අවුරුදු ගානක් හදුනාගෙන ඉදලත් විවාහනේ කෙටි කාලයකදී සියළු මීහිරියාවන් මිරිගුවක් බවට පත්වෙලා.

වැඩිහිටියන් වෙත යෝජනාවක් ඇවිත් දවසක් දෙකක් දැකපු කෙනෙක් ඒක්ක ජීවිතය අරඹනවා කියන එක ............?.

නීතියේ දැක්මෙන් විවාහය කොන්ත්‍ර ා ත්තුවක් !.

අක්කා කොන්ත්රාත්තු කාලය අවසන් කරගෙන .............

සේපාලි කතා කරනවා ගිරවියක වගේ. පන්සලට තව දුරයි . මේකි තව මොනවා කියයිද ? මහ ගෑණියක් වගේ .

මම සේපාලිට ඉඩ දීලා අහගෙන යනවා.

මානසික වෛද්ය විද්‍යාවට අනුව නම් එය ලිංගික හා රාග ද්වේෂ හැගීම් පිළිබද රගමඩලක් .

පල්ලිය සලකන්නේ ශුද්ධවුු චාරිත්‍රයක්   විදියට.

මනෝ විද්‍යාවේදී  හැසිරීමේ සහ සකස්වීමේ ක්රියාවිතයක්

සැහැල්ලුවෙන් හිතන මට නම් මේක මර උගුලක්..........

අපි දෙදෙනාටම හිනා ගියේ  එකවර මය.

යම් තරමකින් අම්මාගේ තනියට සිල් නොගමින් සේපාලි සමග දවස ගෙවීම සැහැල්ලවක් හිතට කාන්දු  විය. අපි නොදැනුුවත්ම පන්සලට පැමිණ සිටියෙමු. අම්මලා සිල් පවාරනව ආපසු පිටත්වීමේ සුදානමක සිටියේය.

අපි දෙදෙනාද මල් පහන් පුදා අම්මලා සමග ආපසු ගමනට එක්වුනෙමු.

මට තවත් හිතන්න දේවල් ඉතිරි කර දෙමංසලේ දී සේපාලිත් ඇගේ මවත් සමුගත්තාය.

මම ආයේ එන්නම් අක්කේ ........

අසම්පුර්ණ පුද්ගලයින් දෙදෙනෙකු විසින් භාග්යය සදහා කරනු ලබන සටනකදී තම ශක්තීන් එකතු කර ගන්නා පියවරක් ලෙස ලින්ක් නම් මනෝ විද්යාඥයා විවාහය හදුන්වා තිබේ.

විවාහය තමන්ගේ කර්ම ණය ගෙවා ගැණීමටමටත් ඔවුනොවුුන්ට උපකාර කිරීමටත් ආත්මයේ නව ගුණ ඇති කර ගැණීමටත් අධ්‍යාත්මික අවබෝධය හා ශක්තිය දියුණු කර ගැණිමට ලබා දී  ඇති අවස්ථාවකි .

සේපාලි මට හිතන්න ඉඩ තබා ගියේ මතවාදයකි.

අපි ආදරය ගැන හිතුවේ කොයිතරම් බොළද විදියටද ? . මා විසිතුන්වියේදී  සමීර වරදවා තේරුම් ගෙන තිබිණි.

පරිගණක මෘදුකාංග සැකසීමේ ආයතනයක රැකියාව ඇරඹු මට හොද වැටුපක් ලැබිණි. අතමිට සරුවු මගේ ජීවිතය මට මගේ මොළය අහිමි කර දී තිබිණි  දැන් නැවතත් මගේ මොළය සොයා යා යුතුය.

ඇහරී ඇති වැට කඩොළු වලින් මම මිදිය යුතුය.

අද දවසේ සේපාලි විසින් මා නැවත පුනරුත්තාපනය කල බවක් හැගිණි.

නිවසට විත් අම්මා විවේක ගන්නවා විය හැක. මම රාත්‍රි අහර පිසමින් සිටින විට අම්මාද මුළුතැන් ගෙට පැමිණියාය.

මොනවද පොඩ්ඩියේ කරන්නේ ?.

අම්මේ කාල ඉමුුද ? මහන්සිත් ඇතිනේ.......

හ්ම්.............

කෑම කමින් අම්මාත් මාත් කල කතා බහ  කලෙමු  මට ගෙදර සිට මාර්ග ගත ක්‍රමයට මා සේවය කල ආයතන යේම  රෑකියාව කල හැකි බව සහ  හෙමින් සීරුවේ නීතීඥයෙකු හමුවී ඉදිරි කටයුතු සැලසුම් කර ගත යුතු බව අම්මාට පැවසුවෙමි   .

අම්මාගේ අණුකූලතාවය පලවිය.

සමීර ගැන අණුකම්පාවක්  ඇතිවූවත්  වෙන විකල්පයක් මා දුටුවේ නැත.

---හෙටත් හමුවෙමු - මීදුම.


A day in the life

Monday, May 06, 2024

පොඩ්ඩිගේ කථාව - තුන්වන දිගහැරුම.




පුදුම රස්නයක් නේ තියෙන්නේ...........අපි යමු අර අඹ ගහ යටටවත්  මම යෝජනා කලේය. ප්ලාස්ටික් පුටු දෙකක් රැගෙන අපි අඹ ගහ යට වාඩිවිමු. අඹ ගහ යට දැනුනේ යම්කිසි සිසිලකි.

ඔහේ ඈත බලා සිටි මට සේපාලි නංගී සිටිනවාදැයි නිනව්වක් තිබුනේ නැත. .........මොකද අක්කේ ගල් ගිල්ලා ද ? මම හදිස්සියේ අවදි වුවෙකූ සේ ඈ දෙස බැලීය. සේපාලි මගේ මතකය අවදි කරවා ගන්නා උත්සහායක සිටියේ නැත. යමක් කී වොත් අසා සිටියාය.

මා විවාහකව වෙනම  ගෙයක පදිංචියේ රැකියාවේ පහසුවටය.

මුල් කාලය බොහෝ සතුටින් සාමදානයෙන් ගෙවී ගියේය අපට ආර්ථික අපහසුතා ද නොවීය.

අම්මාට ද ගේ දොර නඩත්තූ කරමින් යමක් කමක් ඉතිරි කර ගැණීමට තරම් ආදායමක් තිබුනේය. එහෙයින් අම්මාට මා ගැනත් මට අම්මා ගැනත් ආර්ථිකය ගැන සොයා බැලීමට අවශ්යය නොවීය.

ඉද හිට අම්මා මගේ අවශ්යතාවයන් විමසීය.

මගේ නිහඩ ආවර්ජනයන් සේපාලිට පාළුවක් දැනෙන්න ඇත.

මොකක්ද අක්කේ කුරුළු කැදැල්ලට ඔච්චරම උන හානිය. ?? සේපාලි නිහෙ බව බිද දමා විමසීය.

නංගී ........

ටික දවසක් යන විට පුංචි පුංචි දේවලටත් සමීර මගෙත් එක්ක රණ්ඩු කරන්න පටන් ගත්තා. මුලින් ළුණු මදි නම් අද පොඩ්ඩක් ළුණු මදිකියන මනුුස්සයා පිගාන විසි කරන්න තරම් සැහැසිවුනා.

හැම තිස්සෙම මාව නුරුස්සන ගත්තා.

හවසට දෙන්නත් එක්ක වැඩ ඇරිලා එන ගමන මටට තනියෙන් එන්න වුනා. මුලදී ඔෆීස් එකේ වැඩක්. තව ටික කාලයක් යන කොට ඔෆීස් එකේ වැඩකට දුරක යන්න තියෙනවා..ඔය වගේ නිදහසට කියන කතා හොයලා බලන කොට මට කියලා තියෙන්නේ බොරු. හල බලන විට ඇතිවන ගැටුුම් සමහර දිනවල කෙළවර වුනේ සමීර ගෙදරින් ගිහින්.

කාලය මෙහෙම ගෙවුුුනා නංගී.

මම ඉවසුවා

දැන් දැන් නිවසේ කුලිය ජලබිල් විදුලි බිල් වැනි වියදම් ගෙවන්නේ මගේ පඩියෙන්. ආහාර ද්රව්ය සමහර දවසට සමීර ගෙනාවා.

මේ මොනවා උනත් එයාට ඉතිරියකුත් නැහැ.

මෙහෙම තවත් කාලයක් යන කොට ගෙදර එන එක තව තවත් අඩු වෙන්න පටන් ගත්තා.

එකම ඔෆීස් එකේ වැඩ කරපු සමීර වෙනත් රැකියා ස්ථානයක් සොයා ගත්තා.

මම අම්මාටත් නොකියා මේ දුක්ඛ දෝමනස්සයන් කාලයක් දරා ගත්තා.  

ටිකෙන් ටික මට තේරුනා නංගී , මේ ගමන යන්න බැරිවෙයි කියලා.

අවුරුදු පහක් පමන වෙලත් අපිට දරුවෝ හිටියේ නැහැ.

ඇයි අක්කට එහෙම වුනේ ? සේපාලිට ප්රශ්නයක් වුුනා.

මුල් කාලයේ තිබු සතුට සමීරගේ ටිකින් ටික වෙනස් වීම නිසා නැති වුනා. පසුවෙන්න පසුවෙන්න මගේ උනන්දුව බිදිලා ගියා නංගී.

දවසක අම්මා බලන්න මම ගෙදර ගිය වෙලාවක අම්මාට මේ සියල්ල වමැරුවා. අම්මා  කල්පනා කරමින් සිට පොඩ්ඩියේ උඹ මාර යුුද්දයක් නේ යැයි කීවා මිස එවේලේ හැගීමක් දැක්වුයේ නැහැ.

දවසක අම්මා මට කතා කලා.

පොඩ්ඩියේ ඔය රස්සාවෙන් අස්වෙලා ගෙදර වරෙන්

අවුරුදු පහක ආයුු කාලය ගෙවී ගියේ  පෙර ආත්මයේ කල පාප කර්මයක් ගෙවා දාන්න කියලා මට හිතෙනවා නංගී .......

ඔව් අක්කේ ආදරයක් උනත්   කරුමයක් ව පඩිසන් දෙන්න පුළුවන්. සේපාලි කිව්වා.

සිල් පවාරන කරන වෙලාවත් කිට්ටු වෙමින් තිබුනා . සිසිල දුන් අඹ සෙවනට සමු දුන්න අපි පන්සල් යන්න සුදානම් වුනා.

හිතටත් දැනුනේ පුුංචි සිසිලක් .

 

හෙටත් හමුවෙමු. - මීදුම.


A day in the life

Sunday, May 05, 2024

පොඩ්ඩිගේ කථාව - දෙවෙනි දිගහැරුම.




මම ද වත්ත පුරා ඇවිද ගෙට ගොඩ වෙනවිට අම්මා ගෙදර පැමිණ සිිටියාය. වත්තේ සිදුවු හදිය අම්මාට කී විට  

පොඩ්ඩි එහෙනම් ශිල්පයටත් අහුවුනා යයි ඔච්චම් කලා මිස සිද්ධිය  බැරෑරුම්ව හිතුවේ නැත.

ඒ අම්මාගේ ගති ස්වභාවය විය. කිසිවක් ඇයට බරපතල නැත.

කම්මැලිකම සෝම්බේරි කම ගතෙන් පහව ගොස් කිසියම් සහනයක් හිතට මෝදු වෙන්නේ අම්මාගේ සෙවනැල්ල නිසාය.

පොඩ්ඩියේ හෙට පෝය....

අම්මාගේ මේ සුදානම හෙට පෝයට පන්සල් ගොස් අටසිල් සමාදන්ව පන්සලේ සිල් පාවරන වන තුරු ගත කර ඒ්මටය.

අම්මේ මාත්  එන්නම් .

අනේ හොදයි නේ පොඩ්ඩියේ.

ඒත් අම්මේ මට සිල් ගන්නම් බැහැ. මම අම්මත් එක්ක එන්නම් ගිවිස ගත්තාය.

පසුදා පාන්දර අපි පන්සල් ගියෙමු.

අම්මාත් සමග ආගමික වතාවත් වලට සම්බන්ධව කාලය ගත කරනු වස් මම බෝධි මළුව අතු පතුගා පිරිසිදු කරන්නට පටන් ගත්තේය

එයත් මහත් පිනක් යයිි  මම පුංචි කාලයේ අසා තිබුනා මතකය.

 සේපාලි  නංගී ,  ඇයත්ඇගේ මවත් සමග පන්සල්      පැමිණ  මා සිිටිනු දැක මගේ  උදව්වට එක්විය.

අපි සතුටු සාමීචියෙන්  බෝමළුව පිරිසිදු කර ආපසු ගෙදර ගොස් සිල් පවාරන කරනා වෙලාවට පන්සල් ඒමූයි ගිවිසා ගෙන සේපාලිකා නංගී සමග අපේ ගෙදර ආවාය.

නිසසල බව කතාවටත් අතීතයට කිමිදෙන්න අවස්ථාවක්  ඇති  කර ඇත.

මම සේපාලි නංගී සමග තේ ඒකක් බොමින්  ආලින්දයේ වාඩිවිය. පුරුදු තැන ඉපනැල්ල පිරි වෙල්යාය  මනෝ පාරකට පිවිසෙන්න පෙරම .........

ඉතින් අක්කේ  ......

නෑ .....නංගී.

මම මොනවදෝ කියන්න උවමනාවක් ඇතැයි  ඇයට සිතෙන්නට ඇත.

මට  අපේ විවාහය ලියාපදිංචි කල දිනය සිහිපත් විය.

සමීර කඩවසම් තරුන පෙනූමෙන් යුක්ත විය. දිනක් මම ඔහුගෙන් වයස විමසු විට අවුරුදූ විසි අටයි කීවේය. ඒවකට මගේ වයස විසිතුනකි.  

විවාහ රෙජිස්ත්රාර් වරයා ජාතික හැදුනුම්පත රැගෙන වයස සටහන් කරන විට මාත් ඔහුත් අතර වයස පරතෙරය අවූරූදු දොළහක් බව මම ගණණය කර ගත්තාය.

පළමු බිද වැටීම සනිටුහන්  කර ගත්තේ ඒදාය.

සේපාලිට මේ කතාව කියන විට ,

ඉතින් අක්කා මොකද කලේ ?.

මොනවා කරන්නද කළබල කරන්න අවස්ථාවක් නෙමෙයි නේ . සෙනග මැද්දේ මම නිශ්ශබ්ද උනා.

ඇයි අක්කේ නැන්දා සොයා බැළුවේ නැද්ද ?

මේ සියළු ගැලපීම් වලට කිසිදු බාහිර පාර්ශවයක් සම්බන්ධ නැත.මා අම්මාට වාර්තා කල කරුනු සොයා බැලීම් ඈ පිලිගත්තීය.

මා සමීර උපරීමව විශ්වාස කලේය .

ආදරය අන්ධයි නංගී .

උත්සව කටයුතු අවසන්ව සියල්ලෝ විසිර යද්දී අපි දෙදෙනාද සැලසුම් කල පරිදි දවස සැමරීමට පිටත් වී ගියේය.

මේ වංචනික බව  මගෙන් පහව ගියේ් නැත. සුළු  ගැටුමක් ඇති වූවත් මැක්කාගේ කථාවේ මැක්කා අවසානයට සිටින්නාක් මෙන් වයස අවසානයට සිිිිටියේය.

ඇයි නංගී මම සෙනෙහස නිසා සමීරට කරන ලද පරිත්යාග කොයිතරම් ද ?

විවාහකයෙකු බව දැනගත්තාම නතර කල යුතුව තිබු සම්බන්ධය තවදුරටත් සුුරැකුනේ ඔහු කෙරේ තිබු විශ්වාසය සෙසෙහස නිසාය.....

ආදරයට සීමා මායිම් තිබුුනේ නැත. මොළයක් ද  නැත

සේපාලි බලා සිටියි . ඈ අවිවාහකය.

අනේ අක්කේ මට බයත් හිතෙනවා.....හරිම අපහසුවක් දැනෙනවා. අක්කා කර තියෙන පරිත්යාග වලට මෙහෙම වෙන  කොට .............

අපි මොනවා හරි කාලා ඉමු නංගී..දැන් දවල් වෙලා හොදටම. අද මට වඩා සේපාලි හෙම්බත්වී ඇතැයි සිතුන බැවින්  යෝජනා කලේය.

හ්ම් ....අක්කේ.

කියන්න බැරි බොහෝ  දේවල් ඒ් සුසුුම තුල තිබුුනේය.


 හෙටත් හමුවෙමු -මීදුම

 

 


A day in the life

Saturday, May 04, 2024

පොඩ්ඩිගේ කථාව - පලමුවෙනි දිගහැරුම.



වැස්ස නතර වී නැත.

මේ බක් මාසයයි. හවස් කාලයේ අහස ගූගුරුවමින් වහින වැස්ස හිතට ඇති කරන්නේ බියකරු සිතිවිලිය . ඔළුවේ සිට වසා ගෙන නිදාගන්න උත්සහා කලත් විදුලි  ඒලිය  නොදැක්කත්     ගිගුරුම් හඩින් නම් බේරිමටට මගක් නැත.බක් මහටයි මහ වැස්ස වහින්නේ - බක් මහටයි අපි දීගෙක යන්නේ ................කීවාක් මෙන් මීට අවුරුදු පහකට පෙර බක් මාසයක අපි දීග ගිය බව ගිගුරුම් හඩකින්ම මගේ කැළඹුන සිතට සිතිවිල්ලක් ඉපිද මියගියේය.

අම්මා.........

පොඩ්ඩි නිදි ද ? රෑට ඉදිආප්පයි කිරිහොදියි හැදූවා කාලම නිදා ගනින් . කරුනාව පිරි හඩ ඇසෙයි. මම එහෙ මෙහේ පෙරලෙමින් කම්මැලි කමින්

හා අම්මේ........යයි පවසමි.

මම කිරිහොද්දටත් ඉදි ආප්ප වලටත් පෙරේත බව අම්මා දනී.

මම විවාහව ගෙදරින් ගිය දාත් ආපසු ආ දවසත් අම්මා උපේක්ෂා වෙන් විද දරාගෙන සිය දරු සෙනෙහස දෝරේ ගලා ගිය අන්දම සිහිපත් වන විට මගේ  පපුව හෝස් ගාලා දැවී යයි.

එනවා අම්මේ ..............

එහෙන් මෙෙහන් ඉදි ආප්ප එක දෙකක් කා නැගිට යන විට

ඔහොමම පෙරලෙන්නේ නැතිව ඇදුම් මාරු කරගෙන නිදා ගනින් අම්මාගේ ඊලග විධාන ය මට ඇසිනි.

ඇදේ ඒහාට මෙහාට පෙරලමින් සිටි මට කොයි වෙලාවේ නින්ද ගියාදැයි නොදනිමි.

අම්මා පොඩ්ඩියේ ඊයේ රෑටත් කෑවේ නැහැ නේ ඒ් නිසා මම බත්ම ලිපේ තිබ්බා. ඔය මොනවා හරි කැමති දෙයක් හදපන්.

මට පවරා අද ලොකු අම්මලාගේ ගෙදර පැත්තේ ගිහින් එන්නත් ඕනි.

පුුර්ව දැනුම් දීමක් කලේය.

අම්මා ගිහින් එන්න. මම ඉන්නම්

අම්මා එකගතාවය පලකලේය.

දහයට පමන උදෑසන කටයුතු අවසන්ව පාළුව මකන්න  නවකථා  පොතකුත් රැගෙන ආලින්දයේ පුටුුවකට බරවුුුනාය.

දහසක් සිතිවිලි ඇවිද විත් මා විටක අදුරටත් අදුරෙන් ආලෝකයයටත් නැවත අදුරටත් පියමං කරවන්නට පටන් ගත්තේය.

අම්මා ලග පාතක සිටියා නම් තවමත් ඕක ඉවරවුනේ නැද්ද පොඩ්ඩියේ යයි නිසකයෙන්ම අසනු ඇත. අම්මා ලොකු අම්මලාගේ ගෙදර ගොසින් බැවින් නැගෙන බිදෙන රළ පෙල මත මට පාාවෙන්න බාධාවක් නැත.

අප එකම ආයතනයක සේවය කල අප හදුනාගත් අප පෙමින් බැදුණු සුන්දරවු  යෞවනය සිතුවම් පෙලක් මෙන් එකිනෙක සිහිපත්වන විට මහත් ව්යාසනයයකට පත්ව ඉන්නා මේ මොහොතේ උවද මිහිරියාවක කිමිදෙන්න හිතට ඉඩ දී මම වෙල්යාය දෙස බලා සිටියේ නිකමටය.


පැසුණු ගොයම බක් උලෙලට පෙර කපා අස්වැන්න ගොඩ ගත් බැවින් ඉපනැල්ල පමනක් වියලි දුඹුරු පැහැගැන්ව  මා දෙස බලා සිටින බව මට හැගී ගියේය.

දහවල බතට අම්මා ගෙදර නොඑනු ඇත. ලොකු අම්මා සමග ආ ගිය තොරතුරු බෙදා හදා ගන්නා විට  දවස ගෙවී යන බවට ඇයට  නිනව්වක් ඇති නොවනු ඇත.


පෙන බූබුලව  මතුව බිදී යන අතීත සිතිවිලි  පිලිවෙලක් නැතිව ඒහෙන් මෙන් මතූව විශ්ලේෂණය පෙරලා ගත් පොතට විවේකයක් ලබාදෙමින්ය. අප පෙමින් වෙලී දවස ගෙවුු එදවස එක් දිනක් ඔබේම මිතුරෙක් මට අසුුබ පණිවියක් දුන්නාය.

නංගී , ඔයාගේ යාළුවා කලින් විවාහ වෙලා හිටපු කෙනෙක්. හොයලා බලන්න .........

මම ඔබෙන් විමසු විට , ඔය ඉරිසියාවට කියන කතා යයි සැහැල්ලුු පිලිතුරකින් මගේ විශ්වාසය   ඇති කලේය.

කාලය ගෙවී ගියේය.

මම වැඩිහිටියන් හට කියා විවාහ වීම සදහා වටා පිටාව සකස් කර ගත්තේය.

විවාහය ලියා පදිංචියට දින කිිපයකට  පෙර දිනයක ඔහුුගේ අතීතය මා ඉදිරියේ වමාරා පෙර විවාහ සිටි බවත්, එම විවාහය අසාර්ථකවු බවත් කල අදෝනාවට මට සෙනෙහසක් දැඩි අනුකම්පාවක් ඇතිව සදා ඔහු හැර නොයන බව සපත කලාය. සැබවින්ම මම පෙරටත් වඩා ඔහුුට තවත් සමීප විය.

එහෙ මෙහෙ දුවන හිත බැද ගෙන එකතැනක රදවා ගන්න නොහැකිව හිස ඔසවා බලන මට දෙවට දිගේ විත්  අපේ   වත්තට යමෙක් ගොඩවුන බව දැක්කේය. ගෝණියක් වැනි දෙයක් ඔහු කිහිලි ගන්නා ගෙන සිටි බව ටිකින් ටික ගෙදරට ලංවන විට නිරීක්ෂණය විය..අම්මාත් නැති මේ වෙලාවේ මේ මොන කරදරයක් ද ?.

පුංචි නෝනා , මම මේ බෙහෙතක් හොයා ගෙන යන ගමන් මේ වත්තෙත් ඇත්ද බලන්න ආවා.

මගේ උපතින් ලැබුුන කරුනාව උතුරා ගියේය.

මට ඔහු ගැන නිනව්වක්ම තිබුනේ නැත. ගමේ  කෙනෙක් වෙන්න ඇති . සිතිවිල්ලක් පහල විය .

මොනවද ඔය බෙහෙත් ජාතිය ?

නෝනා පොටිච්ච වැල්  ටිකක්..

බලන්නකෝ තියනවා නම් එකතු කර ගන්න

ඔහුු වත්ත පහල කරක් ගසා ගේට්ටුව අසලට ගොස් ආපසු විත්

අනේ නෝනා පිංසිද්දවෙනවා .ටිකක් තිබිලා ගෝණියට ඔබා ගත්තා. මම යන්නම්

කියමින් පිටත්ව ගියේය.

 

ඉරත් අවරට යන්න තතමින් සිටියදී බිදුනූ දෑහන යලි පිබිදෙන්නට කලින් දහවල බඩ කට පුරවා ගන්නා අදහසක් ඇතිවිය.

බඩ ගින්නේ සිිටියොත් ,පොඩ්ඩියේ උඔ නොකා නොබී මොකද කලේ ? අම්මාට උත්තර බදින්න සිදුවනවාය.

 

ආදරය ප්රේමය නිසි ලෙස විග්රහවන්නේ එම සූදුුවෙන් පරාජයට පත්වු විටය. අප වටා සිටින සියල්ලන්ම සතුරන් ඊෂ්යාකාරයන්, බාදාකරන්නන් මෙන් පෙනෙන අතර ඔවුන් දෙන තොරතුරු උපදෙස් යහපත් අදහසකින්  දෙන්නක් ලෙස සිත පිලිගන්නේ නැත. තමන් වටා හදා ගන්නා ලෝකය හැර වෙනත් ලෝකයක් නැත. සියල්ල තමන්ට සාධාණීකරනය කර ගන්නා අතර , අනෙක් සියල්ල අසාධාරණය.

අම්මා සියළු වගකීම් මවෙතම පවරා සියල්ල හොයා බලා ඇයට වාර්තා කරන තොරතුරු පිලිගත්තාය. සොහොයුරු සෙහොයුුරන් නොමැති වීමේ පාාඩුුවද ,ආදරණිය පියානන් මේ අවධිය වන විට අපෙන් වියෝව සිටීමද මගේ ජීවිතයට බෙහෙවින් බලපෑවාය. මේ සියල්ලේ වාසිය ඔහුු මා මුලාකීරීමට පහසු වටා පිටාවක් සකස් කර තිබුනේය.

දොර ජනේල් වසා නිදා ගන්නට තරම් කුසීතබවක් හිතට නැගුනත් අම්මා දැන් එනු ඇතැයි සිතිවිල්ල නිසා වත්ත පහල ඇවිද යාමට සිතිවිය.

ඊයෙත් වැටුන පොල් අහුලා නොගත් බැවින් , පොල් අහුලා ගොඩට දමන අරමුණකින් ඇවිද යන මට එක පොල් ගෙඩියක් වත් හමුවුුනේ නැත. අම්මාටත් අද ඊයේ ඒ සදහා විවේකයක් තිබුනේ නැත.

වත්තට පැමිණියේ පොටිච්ච වැල්“  සොයා ආ ගැමියා පමනය.

ඔහුු මගෙන් අවසර ගෙනම ඔහුගේ කාර්ය  ඉටුකරගෙන තිබුුනේය. මම මෝඩ ගැමියෙකුගේ උගුලකට අසුවන්න තරම් ලද බොලද  වීම ගැන මා කෙරෙහිම කෝපයක් ඇතිවිය.

 තවත් කොටකින් හෙටත් හමුවෙමු - මීදුුම


A day in the life

Friday, April 05, 2024

අම්මා.


 


අම්මා ..................
අප අතරින් සමුගෙන වසර තුනකට ආසන්න වෙනවා. මගේ අතින් සටහනක් ලියවුනේ නැහැ ඈ ගැන. ඒ ලියන්නට නොහැකි නිසාවෙන් ඈ සමු ගෙන ගිය බව මගේ බොලද හිත තවමත් පිලි ගන්නේ නැති නිසා.
නොවැම්බර් මස දිනක හවසක මගේ පපුුව රිදෙනවා කිවු ඇය බලන්ගොඩ රෝහලේ කල සත්කාරයෙන් සෑහිමකට පත් නොවු අප ජයවර්ධනපුර රෝහලට යොමුුවුුනා. ඒ අම්මා අවසානවරට ගත කල දින කිහිපයයි.
පසුදා උදේ නවයට පමන මම සිටියෙ බොරලැස්ගමුවේ නංගීලාගේ ,ගෙදර. පෙර දින හවස අම්මා ලග සුවදුක් විමසින් සිට පැමින දොලහට අම්මා බලන්න යන සූදානමින් සිටි මා එක්වර විශාල කම්පනයකට පත්ව ක්ලාන්තව බිම ඇද වැටුනා . මොහොතකින් සිහි එලබ නැගිටින විට නංගීගේ පුතාට “ ආතම්මා නැතිවුනා” යන පුවත රොහලේ සිට ලැබිලා. . අම්මා ලොකු පුතාට තම සමුගැනීම ලග නොසිටි නිසා බොරලැස්ගමුවට විත් දන්වා තිබුනේ ඒ අයුරින්.
මම ලොකු පුතාව අවුරුදු හැත්තෑපහක් අම්මා සමග දුක සැප බෙදා ගත්තා. ඒ් කාලය රසවත් කාලයක්. අම්මා දරුවන් නවදෙනෙකු සමග කලේ යුද්ධයක්. තාත්තා අපත් කුඩුම්බයත් නඩත්තු කලා. අපේ පරිපාලනය කලේ අම්මා. ගෙදර කූස්සියේ තිබුනා දිග බංකුවක් . අපි පේලියට ඉදගෙන අපේ වාරය එන තුරු වාද විවාද කරමින් ඉන්නවා. අපේ පරිපාලනය හැදුන්වුයේ තාත්තා ජනාධිපති ලෙසයි. කලක් අග්රාන්ඩුකාරයාව සිට ආණ්ඩුක්රම ව්යවස්ථාව වෙනස්වීම නිසා තාත්තාගේ පදවි නාමය ඒ ලෙස වෙනස් වුනා. තාත්තාට ඒ ආණ්ඩු ක්රමය තුල විධායක බලය තිබූනේ නැහැ. විධායක බලය තිබුනේ අග්රාමාත්යවරයාට .අම්මා තමයි අග්රාමාත්යවරයා.
ඉතින් අම්මා ගැන හිතන්න පුළුවන් නේ.
අම්මා අපි හදාවඩා ගත්තා. දියණියන් තිදෙනෙකු සමග පුතුන් හදෙනෙකු අම්මාගේ සිත් සතන් තුටු වෙන පරිද්දෙන් ලොකු මහත්ව මිනිපිරි මුණුපුරන්ද ඔවුන්ගේ දූ දරුවන් සමගද අම්මාගේ දිවිය සතුටින් ගෙවුනා.
අම්මා පොතක්. සුබවාදීව අවසන් වු කතාවක් ගොතන ලද පොතක්.
අම්මාගෙන් ඇතිවු කම්පනය ‌මේ වියමන තවත් දිග කරාවි ............


A day in the life

Saturday, March 23, 2024

වානේ පන්නරය ලැබුු හැටි.















මම ජවිපේ වුනේ නවසිය හැට අටේදී
ඒ මගෙ වයස අවුරුදු දහහතේදී.
මැගසින් ගියා මම 71දී
උ.පෙළෙ ලිව්වෙ 72කෙ (මැගසින්) හිරේදී
දාහක් පමණ ලිව්වා විදුදයේදී
රයිපල් බයිනෙත්තු මුරකාවල් මැදදී
සරසවි වරම් ලැබුවා 7දෙනෙක් අපී
ගුරුවරයෙක් වුනා 76දී
88 ,89 බිහිසුනු සමයේදී
JR දීපු අනුබලයේ සවියෙ රැඳී
වින්ට්සන් ඩයස්ලා කඩ ගිණි තියපු විදී
මේ ඇස් දෙකෙන් දැක්කා මම බදුල්ලෙදී
89 කුදලන් ගොස් හවසකදී
ඕල්දූතියන් වදකා ගාරයෙදී
දුන් වදවේදනා ඇත මතකයේ රැඳී
ඒ ටික වුනේ උඩවෙල මහ විදුහලෙදී
හයමාසයක් වධකාගාරක රැඳී
වින්දෙමි ජීවිතේ ඇති හැම දුකම රිදී
ඒ හැම දෙයින් ලද පන්නරයට පණදී
මම සවිමත් වුනා බාධක හමුවේදි
35 වසක මගෙ ගුරු ජීවිතයේදී
27ත් වරක් ඇත මට මාරුවීම් ලැබී
නැහැ ඒ කිසිවිටක උන් ළඟ දෙකට නැමී
කොයි පාසලත්,දරුවත් මට නොමැත බෙදී
60 වස් සපිරි 2011දී
ගෙදරට වුනා වි/පති සේවයෙන් මිදී
සිහිකර අතීතය "මරු හා සමග රැඳි"
සැනසුම් සුසුම් හෙළනෙමි මිනිහෙක් පරිදී
දැන් මේ ගෙවෙන්නේ 73 න් වසර
මේ 25ට ඒකත් වෙනවා නතර
අරුණළු දකින්නට එන 74
සිංගප්පූරුවේ සිට මම එනවා ගෙදර.

A day in the life

Tuesday, February 13, 2024

තාවකාලික නවාතැන්කරුවෝ

 

මේ වයස 65 ක් 70 ක් පමණ වූ, මාගේ යහලුවෙකු අද උදේ එව්ව ලිපියක්, මෙහි සැමටම ගත හැකි යම් ඝාම්භීර කතාවක් ගැබ්ව ඇතැයි සිතමි.
"දැන් ඉතින් මං වයසයි. ලෝකෙ තිබ්බ ඔක්කොම වැඩ ඉවර කළාට පස්සෙ මගේ වැඩක් කියලා දෙයක් කරගන්න තරම් ශක්තියක් මට ඉතිරි වෙලා නෑනෙ. කොටින්ම, හිටපු ගේ ලොකු වැඩි නිසා ඒක විකුනලා පොඩි එහෙකට ඇවිල්ලත් දැන් කලක් වෙනවා. දැන් දැන් මේකත් සුද්ධ පවිත්ර කර ගන්න එක මහමෙරක් වගේ, අමාරුයි. කවුද දැන් මගෙ වැඩ කරලා දෙන්න ඉන්නෙ ?
"ඇයි, මගෙ ළමයි?"
"එයාලට කොයි තරම් වැඩද? එයාලගෙ ළමයි, එයාලගෙ රස්සාවල්, එයාලගෙ ගෙවල් දොරවල් නඩත්තු, අපොයි අම්මේ, මං එදා කරපු යුද්දෙ අද කරන්නෙ එයාලා"

 

හොඳටම හිතන කොට මට ඉතිරි වෙන්නෙ කොහේ හරි තියෙන නර්සින් හෝම් එකක් තමයි. බලපු ඒවායින් හිතට අල්ලපු තැන නම් හරිම පිළිවෙළයි, නිස්කලංකයි. තනි කාමරේ පුංචි පුංචි උපකරණ ටිකක් එක්ක මටම අයිති වෙච්චි තනි ඇඳක්. එයාලගෙ කෑම බීම රටාවත් මගෙ වයසටම ගැළපෙන්න රස ගුණ පිරිලා.

ඒත්....
හොඳ වැඩි වෙන්න වැඩි වෙන්න ගාණත් වැඩි වෙන එක අහන්නත් දෙයක්ද? අවුරුද්දෙන් අවුරුද්ද ගාස්තු වැඩි නොවී තියේවි, කියලා කාට නම් කිව හැකිද ?
මුළු පැන්ෂන් එකම වියදම් කළොත් යාන්තමින් පිරිමහ ගත්තැකි. දැනට ඉන්න ගේ-දොර විකුණුවොත් නම් ඒකත් ඒ හැටි ලොකු ප්රශ්නයක් නෙවෙයි.
දරුවො මගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙම නෑනෙ, ඒ අය පූර්ණව ස්වාධීන වෙලා ඒ ඒ අයගේ සහකාර - සහකාරියන් එක්ක. අද කාලෙ අහන්න ලැබෙන දේවල් එක්ක බලද්දී නම් මගෙ දරුවො වාසනාවන්.
ඒත්....
දැන් ඉතින් මේ හැම දේම අතෑරලා යන්න ඕන.
උදෙන්ම ගේ අස්පස් කරන්න ගත්තා. බලපු බලපු හැම තැනම මගෙ අතීතෙ නටඹුන්.
බෑග්, පෙට්ටි, පින්තූර, මතක සටහන්, ඇඳුම්, ඇඳ ඇතිරිලි, තෑගි බෝග..... කොයි තරම් නම් කියලද? කුස්සිය පුරාම රිදී යකඩ නන්ස්ටික් භාජන, චීන පිඟන්, හට්ටි මුට්ටි, වළං, හාල් පෙට්ටි, කුළුබඩු. ඇඳුම් කබඩ් පුරාම වෛවාරණ්න සාරි, මාල, කෝට්, කළිසම්, ටයි, යට ඇඳුම්,
පුස්තකාලෙ පිරෙන්න පොත් පත්, ඒවායින් කීයක් කියෙව්වද කියලාවත් මතකයක්වත් නැති ගානයි, මේ වෙද්දී.... බිත්ති පුරා ෆොටෝ සිය ගාණක්.
මේ කිසිම දෙයක් පිළිගන්න නර්සින් හෝම් එකේ පුංචි කාමරේ කොහෙත්ම ලෑස්ති වෙන එකක් නෑ.
අපි හදාපු තට්ටු ගෙවල්, මං හිටවපු මල් පඳුරු මට නොතේරෙන කතාවක් කියනවා, හරියට සරදමක් කරන්නා වගේ.....
මේ ජීවිත කාලෙ පුරාවට මං දහදිය හෙළපු කිසිම දෙයක් අද මට ගෙනියන්න බෑ.
පණ තියෙනකම් මට අර පුංචි ඇඳයි, එක ඇඳුමකුයි, පිඟානයි, කෝප්පෙයි අයිති වේවි.
ඉතින් ඊට පස්සෙ?
නෑ නෑ කවදත් මට හැබෑවට අයිති වෙලා තිබ්බෙ ඔය පුංචි බඩු මුට්ටු ටික විතරමයි. මම පාවිච්චි කලේත් ඔය පුංචි බඩු මුට්ටු ටික විතරමයි. මට වුවමනා වුනෙත් ඔය පුංචි බඩු මුට්ටු ටික විතරමයි. ගෙදර ඇඳන් දාහක් තිබ්බත් මං නිදා ගත්තෙ එක ඇඳක විතරයි. ඇඳුම් දාහක් තිබ්බත් මං එක වෙලාවක ඇන්දෙ එකම එක සරළ ඇඳුමයි. තේ කෝප්ප සිය දහස් ගණනක් තිබ්බත් මට එක වෙලාවක බොන්න පුළුවන් වුනේ එකම එක කෝප්පෙක විතරයි. කොයිතරම් රස මසවුළු තිබ්බත් මං කෑවෙ බඩ පිරෙන පොඩි කොටසක් විතරයි.
ඉතුරු හැම අතිරික්තයම වෙනුවෙන් මං මහන්සි වුණා විතරමයි.. හෙම්බත් වුණා විතරමයි.. කාලේ කෑවා විතරමයි.. සිද්ධ වෙලා තියෙන්නේ, එදා මට ඒක නොතේරුණ එක විතරයි..
අද මං අවදි වෙලා...!!!
මේ තාවකාලික නවාතැන අපිට පාවිච්චි කරන්න ගොඩක් දේ දුන්නට අපිටම කියල අයිති කරගන්න කිසි දෙයක් දෙන්නෙ නෑ. අපි ඒ ඒ දේවල් තාවකාලිකව බාවිතා කරන්නෝ, පාවිච්චි කරන්නෝ විතරයි.....
ඉතින් ඇයි අපි මේ තරම් වද වෙන්නෙ ? මේ දේ තේරුම් ගන්න මෙච්චර වයසට යනකන් ඉන්න වුනේ ඇයි... ? මේ දේ තේරුම් ගන්න ඇඟේ හයිය හත්තිය ඉවර වෙනකං ඉන්න වුනේ ඇයි... ?
ඔයාලට මේ කියන්නේ .....
ජීවිතේ විඳින්න පරක්කු වෙන්න එපා. අයිතියක් නොකියා මේ සියල්ලට නොකඩා නොබිඳ මේ සියල්ල පාවිච්චි කොට ස්තුතියි කියා නික්ම යන්න ලැහැස්ති පිට ඉන්න.
හද පුරා ආදරෙන් ඔබ වටා ඇති ජීවී - අජීවී සියල්ලට සළකන්න. ගෞරවය දක්වන්න:
ඔබත් මමත් ඇත්තටම මේ නවාතැන් පොළේ තාවකාලික නවාතැන්කරුවෝ විතරමයි.
උපුටා ගැනීමකි


A day in the life

Wednesday, January 31, 2024

වසර විසි අටකට පෙර අඳුරු මතකයෙන්.......











 

ජනවාරි 31  දිනට ශ්‍රී ලංකා මහ බැංකුව කොටි බෝම්බ ප්‍රහාරයට ලක්ව අවුරුදු ( 1996 ) විසි අටකි. එදින බැංකුවේ සේවයේ නියුක්ව සිටි සහෝදර ධර්මදාස වෙල්හේනගේ සහෝදරයා ගේ  සටහනක්වු අත්දැකීම  පහතින් පලවේ..

එදා 1996 ජනවාරි 31 දිනයයි. මම මහ බැංකුවේ බිම්මහළත් පළමුමහළත් අතර අතුරු මහළෙහි සේවයේ යෙදීසිටියෙමි. වේලාව උදේ 10.30 පසුවන්නට ඇත. බිම් මහළේ රාජකාරියේ යෙදීසිටි නාවික හමුදා නිළධාරියාගේ මැෂින් තුවක්කුවෙන් එක දිගට වෙඩිහඬ ඇසෙන්නට විය. අසාමාන්ය ශබ්දයෙන් කලබලවූ අපි බිම්මහළ දෙස බලන්නට වීමු. පහළ සිටි කවුදෝ මහ හඬින් බෝම්බ ලොරියක් බැංකුව ඇතුලට එන්න හදනවා යැයි කෑගසමින් මැදි මහළට වේගයෙන් නගිනු දුටුවෙමු. ඒ සමග අපි සියලු දෙනාම මැදි මහළේ පිටුපසට දුවන්නට පටන් ගතිමු. සියල්ලෝම පහළට බසින පඩිපෙළ ලඟ සිරවුනි.ගතවූයේ නිමේෂයකි.මහා බිහිසුණු හෙණහඬකි.

 

අපි සියල්ලෝම මොහොතකට සිහි නැතිවූවාසේය.මුලු ගොඩනැගිල්ලම සෙලවෙනවා දැණුනි.ඇස් ඇරී බලනවිට අපි මුලින් සිටි පෙදෙසම කඩාවැටී විශාල ආලෝකයක් පැතිරී තිබුණි. ඒ මොහොතේ අපේ ගොඩනැගිල්ලේ වීදුරු සහ බිත්ති කැඩී කුඩුවී විශාල ශබ්ද නඟමින් පහළට වැටෙමින් තිබුණි.මා සිටි ස්ථානයේ සියලු දෙනාම අණතුරක් නොමැතිව සිටි බව පෙනුනද සියල්ලෝම හඬමින් කෑගසමින් ඉක්මනින් පහළට බසින්නට උත්සාහකරමින් සිටියේය. මමද අමාරුවෙන් පහලට තල්ලුවී බිමට බැසගතිමි. තුවාලවූ අපගේ සහෝදර සහෝරියන් ගේ වේදනා හඬ දසතින් ඇසෙන්නට විය.ගොඩනැගිල්ලේ වීදුරු බිමට වැටෙනහඬ තවමත් ඇසේ,ඉදිරිපස කොටසේ සිට විශාල දුමක් ඉහළට නගිනු පෙනුනි. මා ඇඳසිටි සුදුකමිසයේ තැනින් තැන විශාල ලේ පැල්ලම් වූ බව දුටුවේ මුහුද අසල පාරට පැනගත්විටය.පෙරපිණකින්දෝ මට තුවාල නොතිබුණි,තදවී බිමට බසිද්දී අනෙකුත් සොහෝයුරන්ගේ ලේ තැවරී තිබුණි. මොහොතක් දුම් නැගිමින් තිබුනු බැංකුව දෙස බලාසිටියා මතකය.

අප සමග සේවයේ නියුතු සහෝදර සහෝදරියන් 41 ක් ජීවිත අහිමි වූ බව දැනගත්තේ පසුවය.තවත් දෑස් අන්ධව අංග විකලව තවමත් දුක්විඳින සියගණනකි.මහබැංකුව අවට සිට මෙලොවින් සමුගත් සහ තුවාල වු අය බොහෝය.
වසර ගණනක් දහවල් කෑම මේසයේ සතුටු සාමීචියේ යෙදීසිටි, නොදන්නා සමහර විෂය කරුණු අපට කියාදුන්, ඇවිදින පුස්තකාලයක් වැනිවූ අපේ හොඳම මිතුරෙකු වූ නිමල් පීරිස් මහතා අකාලයේ ජීවිතයෙන් සමුගෙනය. තවත් එවැනි හැකියාවන් තිබූ කිහිප දෙනෙකුම අප අතරින් සමුගෙනය. ඒ අභාග්ය සම්පන්න ශෝචනීය සිදුවීම වී අදට අවුරුදු 28 කි. මා මියයන තෙක් මේසිදුවීම මතකයේ රැඳී පවතී.

 


ජීවිතයෙන් සමුගත් අපේම සහෝදර සහෝදරියන්ට සංසාරේ කිසි දිනක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවායි පතමි. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා...!
මේ සිදුවීමෙන් අබල දුබළ ව තවමත් ජීවත්වන සහෝදර සහෝදරියන්ට තෙරුවන් බෙලෙන් නිදුක් නිරෝගී සුවය ප්රාර්ථනා කරමු.

A day in the life