පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Tuesday, December 11, 2012

තොරතුරු තාක්‍ෂණයයි පොලිසියයි.



පසුගිය දාක  බාලිකා විද්‍යාලයක ප්‍රදේශයේ පොලිසිය විසින් සංවිධාණය කල සම්මන්ත්‍රණයකට  සහභාගිවුනා. තේමාව නම් කරලා තිබුනේ “  ඉදිවැට “ කියලා. ඉදිවැට ගෙවතු  වට කොට ඉදිකරගන්නා ආවරණයක්. බාල අපරාධ වලින් දූ දරුවන් ආරක්‍ෂා කරගන්න ඉදිවැටක් ඉදිකරගන්න දෙමාපියන්ට දෙන අත්වැලක් ලෙසයි වැඩ සටහන හදුන්වා දුන්නේ.
මීදුම  සාරවත් දේශණා කිහිපයක් අහන්න පුළුවන් වෙයි කියල හරිබරි ගැහිලා වාඩිවුනා. පොලිස් මහජන සම්බන්‍ධිකාරක වරයෙකු, උප පොලිස් පරීක්‍ෂකවරයෙකු සහ මුලස්ථාණ පොලිස් පරීක්‍ෂක තුමා ගෙන් මත්ද්‍රව්‍ය, ලිංගික අපයෝජන , පිලිබදව තේමා කරගත් දේශණා කිහිපයක් අසන්නට   හැකිවුනා.
 මේ එක් දේශණයක පරිගණකය තදබල ලෙස විවේචනය වුනා. පරිගණකය කාමරයක් තුල පාවිච්චිකරන්නට දරුවන්ට දෙන්න එපා  එය  නිවසේ විසිත්ත කාමරයේ තබා ප්‍රසිද්ධියේ පාවිච්චි කරන්නට සලස්සන්න කියා දෙමව්පියන්ට උපදෙස් දුන්නා . අන්තර්ජාල සමාජ වෙබ් අඩවි, සහ තොරතුරු අඩවි හරහා අපරාධ වන අන්දම පෙන්වා දුන්නා. මේ අතරට අමරිකාණු ගැති ගූගල් සහ යාහු වර්ජණය කරන්න කියලා විමල් විරවංශ මැතිතුමාගේ දර්ශණයත් විස්තර කලා.අමරිකාණු ආක්‍රමණ ගැනත් කියාපි.
පාසල් දූ දරුවන් උදෙසා e’ Sri Lanka වැනි වැඩ සටහන් වලින් කෙරෙන්නේ මොකක්ද කියලා මේ මහත්වරුන්ට ගනිච්චියක් තිබුනේ නෑ. මේ බාලිකාවෙම තොරතුරු තාක්‍ෂණය  ඉගැන්වීම සදහා ගුරුවරුනුත් ඉන්නවා. ජනධිපතිතුමා කියනවා සැම දරුවෙකුටම පරිගණකයක් ලබාදිය යුතුයි කියලා මේ පොලිස් මහත්තුරුන්ට අනුව පරිගණකය පාසල් දූ දරුවන්ට අකැප වස්තුවක්.  
අද පාසල් වල පරිගණකය සහ තොරතුරු තාක්‍ෂණය අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ ඉගැන්වීම් , ඉගැන්වීම් පරිපාලනය සදහා භාවිතා කරනවා. ශ්‍රව්‍ය දෘෂ්ඨ මෙවලම් සහ පරිගණක උපයෝගී කරගෙන පංතිකාමරයේ සිටම අන්තර්ජාල පහසුකම් මගින් අධ්‍යාපන කටයුතු කරනවා. පසුවෙන් තොරතුරු ගබඩා තරගන්නත් පසුව එම තොරතුරු නැවත ලබාගන්නත් පරිගණකයන් උදව් වෙනවා.
ඉතින් දරුවන් පරිගණකයෙන් බැහැර කල යුතුද කියලා මීදුම  හිතන්න පටන් ගත්තා. මත්ද්‍රව්‍ය භාවිතය සහ වලක්වා ගත යුතු අන්දම ලිංගික අපයෝජන ගැන ප්‍රදේශයේ ඇති තත්වයන් දේශන තුලට එකතු වෙලා තිබුනා.මේ උවදුරු වලින් ජනතාව ගලවා ගන්න පොලිසිය බලය භාවිතා කරන අන්දමත් විස්තර වුනා. බලය යෙදීම මුලික අයිතිවාසිකම් වලට අණුරූපව සිදු නොවන බවයි මීදුම හිතුවේ.
අරක්කු බොන මිනිහෙක්ගේ ඔළුවේ ඉදන් අරක්කු බෝතලයක් වක්කරන එක නිතියට අණුකුලයි කියලා හිතන්න බැහැ. ඒක බලහත්කාරයක්. තමන්ගේ නිල ඇදුම තුල අසීමිත බලයක් ඇති බවයි ඒ මහත්තතුරුන්ගේ කතාවලින් මීදුමට හිතුනේ.
මීදුම  දේශණයන්  අහලා ශාලාවෙන්  එලියට ආවේ  මීට වඩා සංවරව දේශණයන් පැවතුනා නම් හොදයි කියලා හිත හිතා. 


notes of imaginary