මහගමගේ සාහිත්‍යය. මැදියම් රැයේ - මා ඇහැරී බලන විට- ඔබ වාඩිවී සිටියා - ඇද වියල පිට- පිසදා බැලිමි ඇස- කිසිවෙක් නැත අවට - ඔබ සිහිනයේ සිහිනයෙකැයි - සිතුණි මට වැහි බර අදුරු රෑ - තරුවක් පවා නැති - ඇල බඩ පාලු දෙණියේ - නරි හූ කියති - නිදිබර උමතු සුවදක් හා සමග එතී - ඔබගේ ලිපිය - මට - අද හෙට ලැබෙනු ඇති.

2011-02-22

මට නුබ විතරක් වුනාට - නුබට ඉන්නේ මම විතරද ?


වැසි දිය මහ බිම තෙමුවට - බිම තෙමන්නේ වැහි විතරද 
රෑ  අහසේ තරු තිබුනට - තරු තියෙන්නේ රෑ විතරද 
විහගුන් පෙම් ගී ගැවුවට -  ගී කියන්නේ උන් විතරද
 මට නුබ විතරක් උනාට  - නුබට ඉන්නේ මං විතරද 

රෝස පතක කවි ලියුවේ - සුවද දි දී තියා ගන්න
මේ විදියට ගී ගැයුවේ - ඉන්න තැනකදී ඇහෙන්න 
මේ විදියට ගී ගැයුවේ - ඉන්න තැනකදී ඇහෙන්න 

රෑ  අහසේ තරු තිබුනට - තරු තියෙන්නේ රෑ විතරද 
 මට නුබ විතරක් උනාට  - නුබට ඉන්නේ මං විතරද

උස අත්තක මලක් වුනේ - ගව් ගනනක් උඩින් ඉන්න 
අවසානේ උරුම වුනේ මල් පොකුරක එකක් වෙන්න
අවසානේ උරුම වුනේ මල් පොකුරක එකක් වෙන්න
වැසි දිය මහ බිම තෙමුවට - බිම තෙමන්නේ වැහි විතරද 
රෑ  අහසේ තරු තිබුනට - තරු තියෙන්නේ රෑ විතරද 
විහගුන් පෙම් ගී ගැවුවට -  ගී කියන්නේ උන් විතරද
 මට නුබ විතරක් උනාට  - නුබට ඉන්නේ මං විතරද 

2011-02-07

රගහල ඇත අඩ අදුරේ -




අන්න බලන් කුමරිය මනමේ
 තනිවී ඇත හිම ගිරි අරනේ.
දිවියෙන් යුද කල ඔබදුටු මොහොතේ
මගේ හද ගැබ තුල පිරුනයි ආලේ
නැතිමුත් රජ සැප හිමගිරි අරනේ
ඔබ හැර මෙමටා අන් සරනේ.
අවසන් වසරේ සරසවියේ
ඔබ අත අරගෙන හන්තානේ
කදු පාමුල මහවැලි සෙවනේ -  මනමේ කුමරිය ඔබද ලදේ
හැඩි දැඩි සිරුරට ආලය බැදුනා
ඔබවෙත අසිපත දෙන්නට සිතුනා
මනමේ කුමරුන් මරු මුව වැටුනා
දැන් මම රැජිනකි හිම ගිර අරනා
රග හල දැන් ඇත අඩ අදුරේ
අප දෙදෙනා පෙම් පිළිසදරේ
අන්න බලන් කුමරිය මනමේ
තනිවී ඇත හිම ගිරි අරනේ.

රග හල දැන් ඇත අඩ අදුරේ 
අප දෙදෙනා පෙම් පිළිසදරේ
අන්න බලන් කුමරිය මනමේ 
තනිවී ඇත හිම ගිරි අරනේ.









2011-02-03

කඩමන්ඩියේ දොළ අයිනේ ඔබව පෙනේ - නන්දා මාලණී



කඩ මන්ඩියේදොළ අයිනේ
 නුඔව පෙනී          
නැවතී බලනවා මෙහොතක්
කොහොම හරි
කතා නැතිව සිටියත්
ගොළු වෙලා අපි
දාහක් දේ  තිබේ
කීමට බැරිව වැසී

ගහ කොළවලට දාහක්
ඇස් ඇති හින්දා
සුලගට සියුම්  දාහක්
කන් ඇති හින්දා

කවදාමත්ම නුබ මට
නොලැබෙන හින්දා
මුනිවත හොදයි
දෙබසින් දුක වැඩි හින්දා

සයුර මොටද  දිය දෝතක්
බොන්න බැරි
ඔරුව මොටද  වතුරේ
පැදයන්න බැරි
දෑස ‍මොටද සිතුසේ
දැකගන්න බැරි
කුසුම මොටද ලංවී
රොන් ගන්න බැරි