පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2023-09-03

මං ලොකු වුනේ ගස් ගල් වගෙ දුක් විඳලා



සිරිපාල කහවත්තයන් මුහුණු පොතට එක් කල මේ නිර්මානය මා ලග නතරවිනි.මේ අපේ ජීවිතයයි. පිරුවටයන් පොරවා ගෙන බාහිර ලෝකයට පෙන්වන සර්වපිත්තල ලෝකයි. ආපසු බලන්නට අකමැති ජීවිතයයි.
ආපසු බලන්නෙකුට නම් සුන්දරවු ජීවිතයයි.

👋👋👋👋👋👋👋👋👋



ගොම ගෑ පොළොවෙ,පන් පැදුරේ නිදපු මට
තුන්වේලටම අල දෙල් කොස් කාපු මට
සරමක් කමිසයක් විතරක් තිබුනු මට
දුක ගැන කියන්නට අටුවා ටීක මොට
ඉස්කෝලෙන් දීපු ටී බනිසය කාලා
ඉස්කෝලෙන් දීපු ඇදිහැස කිරිබීලා
ලන්දේ කැළේ තිබු හැම කොල ගෙඩි කාලා
මං ලොකු වුනේ ගස් ගල් වගෙ දුක් විඳලා
දුක බඩගින්න නැති බැරිකම තුරුළු කරන්
සෙනෙහස ආදරය වින්දෙත් කඳුළු පෙරන්
අග හිගකම් නොසැලකිළි කම් ඕනැතරන්
දුක ගැන දනිමි මම "මහභාරතය" තරන්
පොත පත පෑන පැන්සල නැති හින්දාම
ගුරුවරු තැලුව දොස්කීවා හැමදාම
පොත් නෑ කියල ඇඬුවත් මම හැම රෑම
රුපියල් පහක් නෑ මුළු ගේ සන්තකෙම
අයියල අක්කලා පාසල් ගමන නොයා
වත්තේ දළු නෙළන්නට,පතලෙකට ගියා
අත දුන් නිසා ඒ අය අඩුවක් නොතියා
සරසවි වරම් ලැබ මම ඉහළටම ගියා
අතු ඉති රළු වෙලා,නටු අග කටු සදලා
නුඹෙ කඳුළිනුයි මම පිපුනේ මලක් වෙලා
කළ යුතු යුතුකමක් ඇත මට පැවරීලා
මම මියැදෙන්නෙ ඒ යුතුකම ඉටුකරලා
මේ රට දමා පිට රටකට නොයන්නෙමී
දුටු හැම තැනම වරදට එරෙහි වන්නෙමී
හෙට උපදින උන්ට ලස්සන රටක් හිමී
කරදී මිසක මම නම් මිය නොයන්නෙමී
All reac

notes of imaginary

2023-09-02

කුකුලන් ඉණ්දියාවෙන් ආනයනය කරමු.


සුගිය දිනවල බිත්තර හිගයක් පැවතිනි. ඉන්දියවෙන් බිත්තර ආනයනය කෙරිනි. බිත්තර හිගය පහව ගියේය.

බිත්තර මෙරට අවශ්‍යතාවයට මෙරටදී නිෂ්පාදනය කර ගත හැකිව තිබියදී ඉන්දියාවෙන් ආනයනය කරල ලදී. එය වෙළද ඇමතිතුමාගේ වැඩක් වුවද සත්ව පාලනය.සංවර්ධණය කෘෂිකර්ම ඇමතිතුමාගේ වැඩකි.. නිෂ්පාදනයට අතහිත දීම නිසියාකාරයෙන් නොසිදුවීම නිසා බිත්තර ආනයනය  කිරීමට සිදුවිනි. වරද ඇත්තේ නිෂ්පාදයා අතද නැත්නම් වෙලෙන්දා අතද යන්න විමසා බැලිය යුත්තකි.

ඒ බිත්තර ගැනය. දැන් කුකුල් මස් ආනයනය කිරිමට වෙළද ඇමතිවරයා සුදානම් වෙයි. අපිට නිෂ්පාදන ආර්ථිකයක් නැත. අපේ ආර්ථිකය පාලනයෙන් තොරව විවෘතය. නැවෙන් ගෙනත් බඩට දාගන්නා සුව පහසු  ආර්ථිකයක මානසිකත්වයෙන් අපි ජීවත්වමු.   

කුකුල් මස් නිෂ්පාදනය සදහා වැය වන කාලය  උපරීම දින හතලිස් පහකි. බිත්තර නිෂ්පාදනය සදහා මාස හයකි. යටිතල පහසුකම් , ආහාර ද්‍රව්‍ය , ඹෟෂධ සදහා පහසු මිළ ගනන් ඇත්නම් නිෂ්පාදන පිරිවැය අඩුවේ . කුකුල් ගොවීන්ට අවශ්‍ය මුලධනය සපයා ගැනීමට රාජ්‍ය බැකු හෝ රජයේ මැදිහත් වීම ඇත්නම් ගොවීන් නිෂ්පාදනය සදහා යොමු වනු ඇති.

වර්තමානයේ සිදුව ඇත්තේ ගොවීන් අ‍ධෛර්මත් කිරීමයි. එසේ සිදු කරමින් ඉන්දියාණු ගොවීන් ‍පොහොසත් කිරීමයි. අනියම් ලෙස  ඉණ්දියාව පොහොසත් කිරීමයි. බිත්තර ආනයනය කිරීම සදහා යොදවන ඩොලර් කුකල් ගොවිපලවලට අවශ්‍ය පහසුකම් , ආහාර ද්‍රව්‍ය , ඹෟෂධ සදහා යොදවන්න කෟෂිකර්ම දෙපාර්මේන්තුවත් වෙළද අමාත්‍යාංශයටත් කැබිනට් මණ්ඩලය තුල විසදා ගැණීමට බුද්ධිය පහල නොවේ.


notes of imaginary