අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Saturday, March 01, 2025

3/01/2025 12:00:00 pm
1


සනුහරයක් සොයා ගිය ගමනක් අද කතාව බවට පත්වෙනවා.
ඒකවගේ කතා කියවා කියවා ඉන්න අතරට මේකත් ඒක කතාවක්. අපි ලියනගමගේ වාසගමට යෙදුන පරම්පරා කිහිපයක් පැවත ඒන පරපුරක සාමාජිකයෝ.
ලියනතමගේලා කොළඹ දී හමුවෙනවා. නුවර ,මාතර ,ගාල්ල ,රත්නපුර ,තංගල්ල ,ගල්නෑව , අනුරාධපුරය පොලොන්නරුව වගේ ලංකාවේ හැම තැනකදීම ලියනගමගේ කෙනෙක් හමුවෙන්න පුළුවන්.
අපි අදුරන්නේ නැහැ.
ඒ්ත් ලියනගමගේ ලා.
මේ කතාව ඇහුවෙත් ලියනගමගේ කෙනෙක්ගෙන්. නමින් සුමිත් ලියනගමගේ.
පදිංචිය ගාල්ල නගරයේ.
අවාසනාවට මෙයාට ඉන්නේ දූ වරු දෙදෙනෙක්.
සුමිත් ලියනගමගේ ගෙන පස්සේ ලියනගමගේ සනුහර නාමය ඒයාට නැතිවෙනවා.
හරිම වේදනාවක් තියෙන්නේ ඒයාට ඒ් ගැන.
තවත් අහම්බයෙන් මුණ ගැසුන ලියනගමගේ කෙනෙක් ඉන්නවා. මගේ ලැයිස්තුවේ.
ඒයා පදිංචි වෙලා හිටියේ ගල්නෑවේ.
පසුකාලයක කොළඹට ආසන්නව පදිංචි වෙනවා.
ඒයාටත් ඉන්නේ දූ වරු හතර දෙනෙක්.
ඒතනින් ඒහාටත් ලියනගමගේ යන්නේ නෑ.
මේ ලියන මටත් මගෙන් ඒහාට ලියනගමගේ අරගන යන්න කෙනෙක් නැහැ.
ඔහොම බලන කොට වදවී යන පරපුරක්.
මගේ මුණුපොතේ ඉන්නවා මුණු පොතෙන් හමුවුන කවදාවත් මුණනොගැසුනු ලියනගමගේ ලා.
මම කතාවක් අහලා තියෙනවා.
ලියනගමගේ ලාට සම්බන්ධ.

මෙයාලගේ මුල් වාස භුමිය වෙලා තියෙන්නේ අහංගම - නාකන්ද කියන ගම් පියස.
ක්‍රි. ව 1818 කැරැල්ල අවස්ථාවේ අහංගම හරහා ගිය සුදු බල ඇනියකට අහංගම කන්ද කියන ප්‍රදේශයේදී පහර දීලා පලවා හැරලා තියෙනවා.
මේ පහර දීීීම මෙහෙයවලා තියෙන්නේ ලියනගමගේ සහෝදර පිරිසක්.
මේ සහෝදරයෝ දාහතක් ඉදලා තියෙනවා.
සුද්දන්ට පහර දීම හේතුවෙන් මේ පිරිස ලංකාවේ විවිධ ප්‍රදේශවලට පැනලා ගිහින් සැගවුන ජීවිත ගත කරලා.
ඒ් ප්‍රදේශවලින් අවාහ විවාහ කර‌ගෙන පැලපදියම් වෙලා.
ඉතින් ලංකාවේ තැනින් තැන ලියනගමගේ ලා හමුවීම අරුමයක් නෙමෙයි.
නාකන්දේ ඉතිරිවුන මුත්තාගෙන් පැවත ඒන්නෝ අපි.
අපේ තාත්තා නාකත්ද අත්හැරලා බෙලිහුල්ඔයට ඒනවා.
අපි මේ පැත්තේ ඉන්න ලියනගමගේ ලා වෙනවා.







A day in the life