පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-03-01

සනුහරය



සනුහරයක් සොයා ගිය ගමනක් අද කතාව බවට පත්වෙනවා.
ඒකවගේ කතා කියවා කියවා ඉන්න අතරට මේකත් ඒක කතාවක්. අපි ලියනගමගේ වාසගමට යෙදුන පරම්පරා කිහිපයක් පැවත ඒන පරපුරක සාමාජිකයෝ.
ලියනතමගේලා කොළඹ දී හමුවෙනවා. නුවර ,මාතර ,ගාල්ල ,රත්නපුර ,තංගල්ල ,ගල්නෑව , අනුරාධපුරය පොලොන්නරුව වගේ ලංකාවේ හැම තැනකදීම ලියනගමගේ කෙනෙක් හමුවෙන්න පුළුවන්.
අපි අදුරන්නේ නැහැ.
ඒ්ත් ලියනගමගේ ලා.
මේ කතාව ඇහුවෙත් ලියනගමගේ කෙනෙක්ගෙන්. නමින් සුමිත් ලියනගමගේ.
පදිංචිය ගාල්ල නගරයේ.
අවාසනාවට මෙයාට ඉන්නේ දූ වරු දෙදෙනෙක්.
සුමිත් ලියනගමගේ ගෙන පස්සේ ලියනගමගේ සනුහර නාමය ඒයාට නැතිවෙනවා.
හරිම වේදනාවක් තියෙන්නේ ඒයාට ඒ් ගැන.
තවත් අහම්බයෙන් මුණ ගැසුන ලියනගමගේ කෙනෙක් ඉන්නවා. මගේ ලැයිස්තුවේ.
ඒයා පදිංචි වෙලා හිටියේ ගල්නෑවේ.
පසුකාලයක කොළඹට ආසන්නව පදිංචි වෙනවා.
ඒයාටත් ඉන්නේ දූ වරු හතර දෙනෙක්.
ඒතනින් ඒහාටත් ලියනගමගේ යන්නේ නෑ.
මේ ලියන මටත් මගෙන් ඒහාට ලියනගමගේ අරගන යන්න කෙනෙක් නැහැ.
ඔහොම බලන කොට වදවී යන පරපුරක්.
මගේ මුණුපොතේ ඉන්නවා මුණු පොතෙන් හමුවුන කවදාවත් මුණනොගැසුනු ලියනගමගේ ලා.
මම කතාවක් අහලා තියෙනවා.
ලියනගමගේ ලාට සම්බන්ධ.

මෙයාලගේ මුල් වාස භුමිය වෙලා තියෙන්නේ අහංගම - නාකන්ද කියන ගම් පියස.
ක්‍රි. ව 1818 කැරැල්ල අවස්ථාවේ අහංගම හරහා ගිය සුදු බල ඇනියකට අහංගම කන්ද කියන ප්‍රදේශයේදී පහර දීලා පලවා හැරලා තියෙනවා.
මේ පහර දීීීම මෙහෙයවලා තියෙන්නේ ලියනගමගේ සහෝදර පිරිසක්.
මේ සහෝදරයෝ දාහතක් ඉදලා තියෙනවා.
සුද්දන්ට පහර දීම හේතුවෙන් මේ පිරිස ලංකාවේ විවිධ ප්‍රදේශවලට පැනලා ගිහින් සැගවුන ජීවිත ගත කරලා.
ඒ් ප්‍රදේශවලින් අවාහ විවාහ කර‌ගෙන පැලපදියම් වෙලා.
ඉතින් ලංකාවේ තැනින් තැන ලියනගමගේ ලා හමුවීම අරුමයක් නෙමෙයි.
නාකන්දේ ඉතිරිවුන මුත්තාගෙන් පැවත ඒන්නෝ අපි.
අපේ තාත්තා නාකත්ද අත්හැරලා බෙලිහුල්ඔයට ඒනවා.
අපි මේ පැත්තේ ඉන්න ලියනගමගේ ලා වෙනවා.







A day in the life

2025-02-28

මේ මළ ඉළව්වත් පරණ ඉළව්ව වගෙයි.




පාර්ලිමේන්තුවේ කතා  ගැන අහගෙන ඉන්න කොට යමක් ලියන්න හිතුනා.
පරණ පාර්ලිමේන්තුව දූෂිතයි
225 ම වැඩකට නැති මිනිස්සුන්ගෙන් පිරිලා තිබුනා.
වර්තමාණයේ බලයට පත් පිරිස අපිට කිව්වා 
මහා ශ්‍රමදානයක් කරන්න - තියෙනවා.මේ කුණු කන්දල් සියල්ලම අතුගාලා දාන්න ඔ්න කියලා.
අපි ඒකග වුනා
තුනෙන් දෙකක්ම අළුත් කලා.
අළුත් අය ඇවිත් කියන්නේ කරන්නේ මොනවද කියලා අහගෙන ඉන්න කොට දුක හිතෙනවා.
මඩ හැරෙන්න කිසිම අළුත් දෙයක් නැහැ.
පරණ බයියෝ කරපු කියපු දේවල් හරි නැති නිසානේ අළුත් අය පත් කරගත්තේ කියලා නිනව්වක් නැහැ. 
පරණ බයිලමේ දිග අරිනවා 
ඒ කියෝ කියෝ ඉන්න නැතිව වැරදි පාරේ ගිය ඒවුවොන්ට ආයෙත් නොකරන්න පුළුවන් දෙයක් කරන්නේ නැතිව.
මඩ ගහලාම වැඩක් නැහැ.
අහලා අහලා ඒපා වෙලා. දැන් ඒ්වා ඇත්ත කියලා පිලිගන්න ප්‍රමාණය දවසින් දවස අඩුවෙනවා.
ඒ්ක ආණ්ඩුවේ සෞඛ්‍යටත් හොද නැහැනෙ.
දැන් ඔ්ක නතර කරලා ඉස්සරහට තියෙන අවුරුදු තුන හතරේ කරන්නේ මොනවද කියලා කතා කරමු.
අපි හීන දකින්න හරිම කැමතියි.
කැළණි වැලි දුම්රිය ගැන , කිමි ලක්ෂයක මාර්ග සංවර්ධණය ගැන........අර ලොකුවට තියෙන අයවැය පරතෙරය පියවන ඒක ගැන.......කොච්චර හීන ගැන කතා කරන්න පුළුවන්ද ?.
අයවැය පරතෙරය පියවන්න නම් වැය නතරකරලා දැම්මම ඒවරයි.ඒහෙම තමයි වෙනවා ඇත්තෙත්.
ණය අරන් පරතෙරය පියවන්න ආණ්ඩු ඔ්න නැහැනේ.
ඒදා කරපු දේ අදත් වෙනවා නම්
මේ මළඉලව්වෙනුත් වැඩක් වෙන ඒකක් නැහැ 
කියාලා හිතෙනවා.


A day in the life