පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-08-26

යමන් කලුවේ ගෙදර යන්න





යමන් කලුවේ ගෙදර යන්න, කන්ද උඩින් අදුර එනව
උඹට වගේ මගේ ඇඟටත් හරිම විඩාවක් දැනෙනව
අදුර තමයි අපේ ඇගපත, නිවන්න දෙවියන් එව්වේ
හනික යමන් ගාල් වෙන්න, පිදුරු ගොඩේ ගෙයි මුල්ලේ

උදේ හිටන් අව්කට්ටේ, උඹව තියන් මැඩෙව්වට
උඹේ හිතට අමාරුදැයි, කියාපන්කෝ දැන්වත් මට
කරුමේ තමයි පලිසන් දෙන්නේ අප ගේ මේ විදියට
බුදු හාමුදුරුවෝ කිව්වේ ඒක තමයි දුක නිමන්න

ගෙදර ගිහින් ඇළ ගාවින් හොඳ තණකොළ ටිකක් උඹට
තලු ගහ ගහ බඩ පිරෙන්න ගෙනත් දාන්නම් කන්නට
දෙයියෝ තමයි අඳුර දුන්නේ අපේ ඇඟපත ගිනි නිවනට
හනික යමන් ගාල් වෙලා අඳුරු රෙද්ද පෙරවගන්ට

මගේ කකුලේ කටු ඇනිලා, ඉවසන්නට බැහැ රිදෙවි
අන්දකාරෙ තෙල් ගාලා, ඒ විසකටු ඇද දමාවි
හැන්දෑවට උඹ ඉඳගෙන, තලු ගහනවා මට ඇහෙනව
උඹට කලුවෙ, හුඟක් හොරද හැන්දෑවට නින්ද යනව

අඳුර ඇවිත් මගේ නළලට නම් මන්තරයක් කියනව
ඒ එක්කම ඇහැ පියවෙල එළිවෙනතුරු නින්ද යනව
දෙයියෝ තමයි අඳුර දුන්නෙ, අපෙ ඇඟපත නිවාලන්න
යමන් කලුවෙ ගාල් වෙලා, එකට වැටී නිදාගන්න

තුනටිය මගේ කකියනවා බොහොම නො සැහෙන විදියට
අඳුර හැඳි තෙල් ගාලා අතගාවිය එය හිමිහිට
අඳුර රෙද්ද පෙරවාලා අපෙ ඇඟපත නිදි කරාවි
අඳුර අපෙ දුක නිවලා දාහක් ගින්දර නිවාවී

-----ගුණදාස අමරසේකර

අපේ උසස්පෙළ පන්තියේ සාහිත්‍ය විචාරය ට තිබුණු ලස්සණ කවි පන්තියක් ..අඳුර ..රූපකයක් විදිහට දුගීබව,අසරණ කම මෙන්ම සැනසීම දනවන බව අවස්ථානුකූලව පෙන්වා දෙන ගැමියා,තමාට ගොවිතැනේදී උපකාර කළ සගයාට මිතුරෙකු ට මෙන් කාරුණිකව ආමන්ත්‍රණය කරනව..කලුවාගේ වේදනාව තමාගේ වේදනාව සේ සලකා ,ලෙන්ගතු සිතින් කරන කතාව හරි අපූරු යි .චිත්තරූප නිරායාසයෙන් මැවෙනව. ඒ අවදියේ සඳැස් නිර්මාණය ,ව්‍යවහාරික බසට එක් කළ නිදහස් කවියෙක් ,ගුණදාස අමරසේකර .ව්‍යංගාර්ථය කවිය අතරින් ගලා යන්නෙ රසිකයා ට වටහාගෙන විඳින්න ඉඩ සලසමින් ..රසාස්වාදය කරන්න මොනතරම් කටුක , එහෙත් සරල සුන්දර ගැමි පරිසරය ක් එදා තිබුණ ද.......
අමරසේකර යන් ගෙ ශෘංගාරය පිරුණු කවි වලට වඩා ,මේ කවිය රසිකයා වැළඳ ගත්ත ආදරෙන්.

එතුමා ට අපේ ගෞරවය .
සටහන රෝ . සි

A day in the life

2024-08-25

කිරිදි ඇල්ල - පැල්මඩුුල්ල.








කිරිදි ඇල්ල මගේ මතකය දශක පහකටත් එහා අරගෙන යනවා. අපි දහයේ එකොළහ වසර වල ඉන්න කාලේ...........සෑම සැමරීමකම තෝරා ගන්නේ කිරිදි ඇල්ලට චාරිකාවක්.

එදා අද වගේ ජනාකීර්ණ නැහැ. යාබද සරු සාර තේ වත්තක්. අද ජනාකීර්ණ වෙලා තේ වගාව වෙනුවට අවුුරුදු තිහ හතලිහයක් වයස වනාන්තරයක්. අපි පැල්මඩුල්ලේ සිට මේ ගමන ගියේ දෙනවක ගග දිගේ. අතරින් පතර කෛටි මාර්ග ගම්මාන පහුකරගෙන මේ ගිය ගමන් චමත්කාරයි. අපිට පින්තූර ගන්න කැමරා තිබුනේ නැහැ. ඒත් හිතේ ඇදුන පාරිසරික සෞන්දාර්මක චිත්‍ර තවමත් අවධි කරන්නේ සුනන්දරාත්මක මතකයන්.







රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල නගරයේ සිට කුට්ටාපිටිය අතුරු මාර්ගයේ කිලෝ මීටර් හතක් දුර ගෙවන කුට්ටා පිටිය හමුවනවා.කුට්ටටාපිටියේ ශ්‍රී පාද රක්‍ෂිතයේ කිරිදි ඇල්ල පිහිටා තියෙනවා.

උසින් ලංකාවේ දිය ඇලි අතර හත්වෙනි ස්ථානය ගන්නේ කිරිදි ඇල්ල. උස මීටර් 116 යි.

දියඇල්ලේ පාමුලට ලගාවෙන්න නම් මාර්ගයේ ඉදන් තවත් මීටර් 500ක් විතර පල්ලෙහාට ගමන් කරන්න ඕනෙ. කිරිදි ඇල්ල සංරක්ෂණය කිරීම හා වැඩිදියුනු කිරීමේ ව්‍යපෘතිය මගින් ඇල්ල පාමුලටම යනකම් තියෙන අඩිපාර පඩිපෙළවල් හදලා සකස් කරල තියෙනවා. ඒත් වර්තමානෙ වෙනකොට මේ මාර්ගය නඩත්තුවක් නැතිකමින් වල්බිහි වෙන්න පටන්ගෙන තියෙන නිසා ගමන ටිකක් දුශ්කරයි.




A day in the life