පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-08-24

ජීවිතයේ සඳෑ සමයේදී






 ජීවිතයේ සඳෑ සමයේදී ඔබ කඳවුරු තුනකට කොටු වේ. මෙම අවස්ථා තුනේදී දුක් නොවන්න:

(1) පළමු කඳවුර: අවුරුදු 58 සිට 65 දක්වා
රැකියා ස්ථානය ඔබෙන් ඈත් වේ.
ඔබේ වෘත්තීය ජීවිතය තුළ ඔබ කෙතරම් සාර්ථක හෝ බලවත් වුවත්, දැන් දැන් ඔබව සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස හඳුන්වන්නට පටන් ගනු ඇත. එමනිසා, ඔබේ රැකියාවේ හෝ ව්‍යාපාරයේ පරණ මානසිකත්වය සහ උසස් තත්වයන්ට ඇලී නොසිටින්න.
(2) දෙවන කඳවුර: අවුරුදු 65 සිට 72 දක්වා
මේ වයසේදී සමාජය කෙමෙන් කෙමෙන් ඔබෙන් ඈත් වෙනවා. ඔබගේ නිරන්තර මිතුරන් සහ සගයන් ඔබෙන් සමු ගන්නා අතර ඔබගේ පෙර සේවා ස්ථානයේ කිසිවෙකු ඔබව හඳුනා නොගනී.
"මම ඔතන හිටියා..." හෝ "මම වරක්..." නොකියන්න, මන්ද තරුණ පරම්පරාව ඔබව හඳුනා නොගනු ඇත, ඔබ ඒ ගැන දුක් නොවිය යුතුය!
(3) තුන්වන කඳවුර: අවුරුදු 72 සිට 77 දක්වා
මෙම කඳවුරේදී පවුල කෙමෙන් කෙමෙන් ඔබෙන් ඈත් වනු ඇත. ඔබට බොහෝ දරුවන් සහ මුණුබුරන් සිටියද, බොහෝ විට ඔබ ඔබේ සහකරු සමඟ හෝ තනිවම ජීවත් වනු ඇත. ඔබේ දරුවන් ඉඳහිට සංචාරය කරන විට, එය සෙනෙහස ප්‍රකාශ කිරීමකි, එබැවින් ඔවුන් ඔවුන්ගේ ජීවිත සමඟ කාර්යබහුල බැවින්, අඩුවෙන් පැමිණීම ගැන ඔවුන්ට දොස් නොකියන්න! (සමහර දරුවන් ඔබව පාලනය කරන්නට උත්සාහ කරවි. ඒ ඔබට ඇති ආදරයට වඩා ඔවුන්ගේ පහසුව හේතුවෙනි. ඒ ගැන උරණ නොවන්න. හැකි පමණ ඔවුන්ගෙන් නිදහස් වූ ජීවිතයක් සැලසුම් කර ගන්න.
අවසානයේ 77+ ට පසු
පෘථිවියට අවශ්‍ය වන්නේ ඔබව විනාශ කිරීමටයි. මෙම අවස්ථාවේදී කලබල නොවන්න, දුක් නොවන්න, මන්ද මෙය ජීවිතයේ අවසාන අදියර වන අතර අවසානයේ සෑම කෙනෙකුටම මෙම මාර්ගය අනුගමනය කරන්නට සිදුවනු ඇත!
ඉතින්, අපේ ශරීරය තවමත් හැකියාව තිබියදී, ජීවිතය උපරිමයෙන් විඳින්න!
කන්න, බොන්න, සෙල්ලම් කරන්න සහ ඔබ කැමති දේ කරන්න.
සතුටින්, ඉතා සතුටින් ජීවත් වන්න.....
ඔබට 55 පසුවී ඇත්නම් දැන් පළමු කඳවුර සඳහා සූදානම් වන්න.
58+ ට පසු එකතුවීම සඳහා මිතුරන් කණ්ඩායමක් සාදා ගන්න. 58 පසුවී ඇත්නම් දැන්මම ක්‍රියාත්මක වන්න.
හමුවීම සඳහා නිශ්චිත ස්ථානයක්, සහ නිශ්චිත වේලාවක් සැලසුම් කර ගන්න.
හමුවීම් සැලසුම් කර ගන්න.
දුරකථන සම්බන්ධතා පවත්වා ගන්න.
පැරණි ජීවිත අත්දැකීම් සිහිපත් කර එකිනෙකා සමඟ බෙදා ගන්න.
ඊළඟ කඳවුර සඳහා සූදානම් වන්න...
හැමදාම සතුටින් ඉන්න 🙏🌹



කතුවරයාට බොහොම ස්තුතියි සහ සුබ පැතුම්

A day in the life

2024-08-23

මොකද දැන් ලියන්නේ නැත්තේ. ?





මොකද දැන් ලියන්නේ නැත්තේ. ?.
මළ ගෙදරකදී හමුවු සහෘදයෙකුගේ පැනයක්.
මට උත්තර නැත.
ලියන්නත් කම්මැලියි මම කියමි. නවය දහය වන විට නිදිමතයි.
සිරුර ඉල්ලන්නේම විවේකයයි.
නිදාගනිමි.
සුවසේ නිදා ගනීදැයි මම නොදනිමි .
සීයා ගේ කාමරයේ “ලී මෝලක් සවි කර ඇති බව” නම් මුනුපුරන් නිතර කියති.
පාන්දර හය වන විට ඇහැරෙයි.
ඇදේ සිටම තවමත් ජීවත්ව සිටීදැයි මම මගෙන් විමසමි.
ඔව්. ඔබ තවමත් ජීවතුන් අතරය.
ලීමෝල නතරව තිබුනොත් ............................සීයා ගිය බව සිතනු ඇත.
දවස අරඹයි.ඒ දවසත් ගෙවීයයි.
ආයෙත් පෙර පරිදිමචක්‍රය කරකැවේ .
එය මගේ ජීවිතය වී තිබේ.
කුමක් හෝ රූපවාහිණි විකාශනයක පත්තර පිටුව බලමි.
මේ දිනවල නම් මැතිවරණ කතා බොහොමයකි.
මේ හැම කතාවකම පම්පෝරි මිස නිර්මාණාත්මක දෙයක් නැති තරම්ය
ආර්ථිකයට සල්ලි පොම්ප කරන කතාවක් අසමි.
පොම්ප කරන්න උනන්නේ කොහෙන්දැයි දේශකයාද නොදනී.
වැඩසටහනේ වැදගත්ම කොටස කාටූන් ශිල්පීන්ගේ කාටුන්ය.
පහන් සිතින් ඒකොටස නරඹමි.දවසේ රූපවාහිණි වැඩ සටහන් නැරඹීම එතෙකින් අවසන් වේ.
අනෙක් වීෂුක දර්ශන වැඩ සටහන් නැරඹිය නොහැකිය.එතරම්ම ඒවා එකාකාරීය නිසරුය .
අවුරුදු දහයක පමන කාලයක් ටිකින් ටික වෙනස් වෙමින් වර්ධණවු ජීවිත රටාව පසුගිය අවුරුදු දෙක තුල සීග්‍ර ලෙස වෙනස් වෙන්නට පටන් ගති.
ලියමින් සිටි වියමන්ද ටිකින් ටික අවපාතය කරා යමින් සිටී.
සීනී වලන් පටන් ගත් වෛද්‍යවරයා කොලොස්ටරෝල් වලටත් හෘද වේදනාවටත් දැන් වකුගඩුවේ අසාදනයකටත් පිලියම් සොයයි.
ඒ සමග “ මිස්ටර් ලයනල් , බලන්න කොන්ඩේ සුදු වෙලා...හම ටිකින් ටික රැලි වැටිලා....ඇස් කන්නාඩි යෙන් සැරසිලා. කන්නාඩියත් වරිනි වර අළුත් වෙනවා. ඇග පතේ රුදාවල් පෙරට වඩා දැනෙනවා... මහන්සි ගතිය වැඩියි..
ගනන් ගන්න එපා . අපි ටිකින් ටික බලමු” .
මම පෙරට පනිමි.
“ජීවිතේ ඔහොම තමයි.අපි ගනන් නොගෙන යමු”.
වෛද්‍යවරයා සිනාසෙයි.
මට ගෙවන්න වෙන්නේ චැනල් සෙන්ටර් එකේ සේවා ගාස්තුව පමනි.
වෛද්‍යවරයාට ස්තුති කරමි.
ඔසුසැලට ගියවිට මාසෙක ඖෂධ සදහා ඉලක්කම් පහකට ආසන්න මිලක් ගෙවමි
මා සුවපත්ව සිටීද ? මම විමසමි.
හා හා ඔයා ඔහොම ඉන්න. ඔයාට ඕක කරන්න බැහැ
හැමදෙයින්ම මා වලක්වයි
සීයාට බැහැ. සීයා වැටෙයි.
තාත්තා නිකම් ඉන්න
කෝ මම කරන්නම්.
මම නිකම්ම දුබලයෙක් වෙමි.
සහෘදයෝ එකා දෙන්නා කඩුළු දවාගෙන පිටියෙන් නික්ම යති.
පොදු ව්‍යාධි කන්දරාවක් සහෘද සමාගම සතුයි
එක්කෙනෙක්වත් තමන් ගේ සෞඛ්‍ය තත්වය නොවිමසති.
විමසුවත්....
“බෙහෙත් බිබි සනීපෙන් සිටිනවා ”
සමාන පිළිතුරක් ලැබේ

day in the life