පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-06-08

විවේචනය කිරීම නරක දෙයක් නොවේ.

 




සිරගතව සිටියදී රෝහණ විජේවීර විසින් ලියන ලද
ලියැවිලි කිහිපයක එකතුවක්
"අත්දැකීම්,කිහිපයක්"නමින්
"නියමුවා ප්‍රකාශනයක්"ලෙස එළිදැක්විණ.
මේ,එහි 8-9 පිටු වලින් උපුටා ගත්තකි.
........."පක්ෂයක් පිළිබදව හෝ පුද්ගලයින්,පිළිබඳව
සැබෑ වැරදි විවේචනය කිරීම නරක දෙයක් නොවේ.
එය හොඳ දෙයකි.
කළ යුතු දෙයකි.
එහි අරමුණ විය යුත්තේ
එම වැරදි තත්වයානුකූලව සොයා බලා විග්‍රහ කර
ඒවා ඇතිවූයේ කුමන තත්වයන් යටතේද?
ඒ පැවති තත්වයන් යටතේ ඒ අයුරින් ඇති වීම සාධාරනද?
ඒවා වැළැක්විය හැකිව තිබුණේ කෙසේද?
ඒවායින් අත්මිදීමට ඇති මාවත් මොනවාද?
අනාගතයේදී එවන් තත්වයන් මඟ හැරිය හැක්කේ කෙසේද?
යන මේ ප්‍රශ්ණ අනිවාර්යයෙන්ම
සැබෑ විප්ලවවාදියෙකු විසින්ම සොයා බැලිය යුතුමය.
සැබෑ විප්ලවවාදියෙක් කවදාවත් වැරදි වසන් නොකරයි.
ඒ,වෙනුවට විවෘතවම එළිපිටම ඒ වැරදි පිළිගනියි.
ඒවා අධ්‍යයනය කරයි.
ඒ මඟින් ඉක්මනින් අත්මිදීමටත්,
එසේම ඒවා අනාගතයේදී නොකිරීමටත්,
එවැනි තත්වයන් ඇති නොවීමටත්, වග බලා ගනියි.
සෑම සිදුවීමක්ම ද්විිඝඨනාත්මක ලෙස සළකා බලන විට
අන්තර් බැඳීම් වලින් යුක්තව පවතී.
සෑම දෙයක්ම හැදෑරිය යුත්තේ ඒ ඓතිහාසික තත්වයන් තුළ ය.
මාක්ස්වාදී ද්විඝඨනය ලෝකය හැදෑරීමේදීත්
විශ්ලේශනය කිරීමේදීත් පිළිගන්නා ක්‍රමය එයයි.
මෙය වැරදි සම්බන්ධයෙන් ද පොදු ය.
වැරැද්ද අන් ඕනෑම දෙයක් මෙන්ම
හැදෑරිය යුත්තේත්,
විශ්ලේෂනය කළ යුත්තේත්,
තේරුම් ගත යුත්තේත්,
ඒවා සිදු වූයේ යැයි සැළකෙන ඓතිහාසික තත්වයන් තුළ ය.
ඓතිහාසික තත්වයන් මඟ හැර
අන්තර් සම්බන්ධතාවයන් කපා දමා,
යම් විශේෂ හේතුවක් හැදෑරීමට ගියහොත්
එහිදී බැසගන්නා නිගමන
යම් මනෝමූල හා සාවද්‍යය වන බව අපට
මාක්ස්,-ලෙනින් චින්තාව උගන්වයි.
අපි,අන් සෑම සියළු දෙයක් මෙන්ම,
වැරදි දෙසද දැක්විය යුතු ආකල්පය
මනෝ මූළික හා සාවද්‍යය නොවිය යුතු ය.
ද්විඝඨනාත්මක විය යුතු ය.
එනම්,වැරදි,ඒවා සිදුවේ,යැයි කියන
ඓතිහාසික තත්වයන් තුළ
ඒවා සිදු වූ,කාලයේ පැවති අන්තර් සම්බන්ධතාවයන්ගෙන්,යුතුව
කොටසක් නොව සමස්ථව ගෙන
උඩින් පල්ලෙන්,ආවාට ගියාට නොව,
ගැඹුරට,පතුලට කිඳා බැස
සිතින් මවාගෙන අලුතින් ඈඳාගත් තත්වයන් යටතේ නොව,
යථාර්තවාදීව නියම තත්වයන් යටතේ හැදෑරිය යුත්තෙමු.
එය නියම ක්‍රමය යි.
මාක්ස්,ලෙනින්වාදී ක්‍රමය යි.
වැරදි සෙවීමත්
ඒ වැරදි අධ්‍යනය කිරීමත්
ඒවායේ නිසි පාඩම්
අනාගත කටයුතු සඳහා සොයා බැලීමත් එක් කටයුත්තකි.
ඒ කටයුත්ත නිර්ධන පංති විප්ලවාදී ව්‍යාපාරයේ ඉදිරි ගමණ
ප්‍රගතිය අරමුණු කර ගත්තක් වේ."
(පද ඛන්ඩනය මගේ ය,
ස්මරනාස්තුතිය "මතක ගිනි පුපුරු-ගාමිණී මුතුකුමාරණයන් ට ය)

කමල් .පී . අලහකෝන්  මෙටාවට යොමු කල වියමනකි.


A day in the life

2024-06-07

නිරුවත් සත්‍ය



දවසක් බොරුවයි ඇත්තයි කතා කර කර ඉන්න අතර බොරුවට යෝජනා කලා අපි නාමු කියලා
ළිං වතුර හරිම ලස්සනයි.පැහැදිලියි
සත්‍යය, තවත් සැක හැර දැනගන්න , ජලය පරීක්ෂා කලා.
ඇත්තෙන්ම ජලය පිරිසිදුයි.
එහෙනම් අපි දෙන්නා ජලයට බැහැලා නාමු කියලා සත්‍ය යෝජනා කලා.
දැන් සත්‍ය යයි බොරුවයි නිරුවත්ව ජලයට බහැල ස්නානය කරනවා.
නමුත් හදිසියේම, බොරුව වතුරෙන් එලියට පැන, සත්‍යයේ ඇඳුම් ඇඳගෙන පලා යනවා
සත්‍යයට, කේන්ති එනවා,
ඈ ඇගේ ඇඳුම් නැවත ලබා ගැනීම සඳහා ළිඳෙන් ගොඩ විය යුතුයි.
ළිදෙන් ගොඩ ආ නිරුවත් සත්‍ය දකින විට ලෝකය
කෝපයෙන් හා අවඥාවෙන් අහක බලා ගන්නවා.
සත්‍ය යට දැන් කල යුතු විකල්පයක්. නැහැ.
ඈ නිරුවත්............
සත්‍ය නැවත ළිඳට පැමිණ සදහටම අතුරුදහන් වී ඇගේ ලැජ්ජාව සඟවා ගන්නවා.
එතැන් පටන් බොරුව සත්‍ය ලෙසින් සැරසී ලොව වටේ දුවනවා.
සමාජය මහත් සතුටට පත්වනවා.
මොකද නිරුවත් සත්‍යය දැනගැනීමට සමාජයට ඕනෑ කමක් නැහැ.
සමාජය බොරුවෙන් මුලා වෙලා.
පින්තූරය-
" ළිඳෙන් එළියට එන සත්‍යය", ජීන්-ලියොන් ජෙරෝම්, 1896.


The Lie said to the Truth, "Let's take a bath together, the well water is very nice.
The Truth, still suspicious, tested the water and found out it really was nice. So they got naked and bathed.
But suddenly, the Lie leapt out of the water and fled, wearing the clothes of the Truth.
The Truth, furious, climbed out of the well to get her clothes back.
But the World, upon seeing the naked Truth, looked away, with anger and contempt.
Poor Truth returned to the well and disappeared forever, hiding her shame.
Since then, the Lie runs around the world, dressed as the Truth, and society is very happy..... because the world has no desire to know the naked Truth.
Painting: Truth Coming Out Of The Well, Jean-Léon Gérome, 1896.


A day in the life