පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-01-10

අහිමි හිමිකම්




සින්නක්කර ලියාගන්න බැරිඋණු පලියට
උයන් තෙරේ ගී ගයන්න
තහන්චි නෑ මට

තනිකම උහුලනු නොහැකිව
ඉකි බිඳිනා කළ
පන්හිඳ ළඟ කවියක් වී
සුසුම් හෙලනවද?

ගඟ දියරැළි සලා මදෙස
හොරෙන් බැලූ කළ
ලැජ්ජාවෙන් තොල පෙරළා
අහක බැලූ සඳ ...
“එදා නුඹේ බඳ වටකර
රැකවල් දුන් අත
අතහැරුණේ කීම” ..විමසයි
අහසේ පුරහඳ .

ඔප්පු තිරප්පුත් ඔක්කොම
අරගෙන ගිය විට
හිමිකම් සහතික කොහෙන්ද
හිස් වෙදැඟිල්ලට

පරසතු මල් නඳුනුයනේ
පිපුණත් කදිමට
වල්මත් වූ අසරණියට
පතොක් මලක් වෙද ..?

කැකුළු සිතක් අවදිකරපු
ප්‍රථම ප්‍රේමයට
ගිලිහුණු රන් මුදු හෙවුවෙමි
සසර පුරාවට

පිය මං කොට ඉස්සරවූ
අතීත රුවකට
දුක ලිව්වට දැනෙයිද එය
අහිමි පපුවකට.!!!


රෝ.සි.
notes of imaginary

2024-01-09

දුර ඈත ළඟපාත



වෙරළ කොනෙක හිඳ බැලුවෙමි සයුර හරිත පැහැය ගෙනා
කඳු මුදුනත නැග බැලු කල තුරුලිය කොළ පැහැති මනා
දුර හිඳ නෙත් යොමන විටදි හරි පුදුමෙකි සිතට එනා
මෙහැම කොහොම පෙනෙන අරුම නිලට නිලේ සිරිය දෙනා

අහස උසට නැගෙන කන්ද බලන කලට ඉරට ළඟයි
පොළොව වැතිර සිටින තැන්න එයට වඩා බොහොම දුරයි
නමුදු ඉහළ හිරු ළඟ තැන ගතට සිසිල සුවය සදයි
දුරක තිබෙන තැනි බිම රැඳි උණුසුම හදවතද දවයි

පෙනෙන ළඟක සිටින කලට සිතුවෙමි පෙම වැඩෙන නියා
නොදැක ගෙවෙන විටෙක සිතෙන් එය වියැකී යාවි කියා
නුඹව අතැර දුරු රට ගිය මගෙ සිත විත් නැවත සොයා
වැඩෙන පෙමක අරුත කියයි මට ඈතින් සිටින ඔයා


පී.ජී. ආරියපාල

notes of imaginary