පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2023-09-02

කුකුලන් ඉණ්දියාවෙන් ආනයනය කරමු.


සුගිය දිනවල බිත්තර හිගයක් පැවතිනි. ඉන්දියවෙන් බිත්තර ආනයනය කෙරිනි. බිත්තර හිගය පහව ගියේය.

බිත්තර මෙරට අවශ්‍යතාවයට මෙරටදී නිෂ්පාදනය කර ගත හැකිව තිබියදී ඉන්දියාවෙන් ආනයනය කරල ලදී. එය වෙළද ඇමතිතුමාගේ වැඩක් වුවද සත්ව පාලනය.සංවර්ධණය කෘෂිකර්ම ඇමතිතුමාගේ වැඩකි.. නිෂ්පාදනයට අතහිත දීම නිසියාකාරයෙන් නොසිදුවීම නිසා බිත්තර ආනයනය  කිරීමට සිදුවිනි. වරද ඇත්තේ නිෂ්පාදයා අතද නැත්නම් වෙලෙන්දා අතද යන්න විමසා බැලිය යුත්තකි.

ඒ බිත්තර ගැනය. දැන් කුකුල් මස් ආනයනය කිරිමට වෙළද ඇමතිවරයා සුදානම් වෙයි. අපිට නිෂ්පාදන ආර්ථිකයක් නැත. අපේ ආර්ථිකය පාලනයෙන් තොරව විවෘතය. නැවෙන් ගෙනත් බඩට දාගන්නා සුව පහසු  ආර්ථිකයක මානසිකත්වයෙන් අපි ජීවත්වමු.   

කුකුල් මස් නිෂ්පාදනය සදහා වැය වන කාලය  උපරීම දින හතලිස් පහකි. බිත්තර නිෂ්පාදනය සදහා මාස හයකි. යටිතල පහසුකම් , ආහාර ද්‍රව්‍ය , ඹෟෂධ සදහා පහසු මිළ ගනන් ඇත්නම් නිෂ්පාදන පිරිවැය අඩුවේ . කුකුල් ගොවීන්ට අවශ්‍ය මුලධනය සපයා ගැනීමට රාජ්‍ය බැකු හෝ රජයේ මැදිහත් වීම ඇත්නම් ගොවීන් නිෂ්පාදනය සදහා යොමු වනු ඇති.

වර්තමානයේ සිදුව ඇත්තේ ගොවීන් අ‍ධෛර්මත් කිරීමයි. එසේ සිදු කරමින් ඉන්දියාණු ගොවීන් ‍පොහොසත් කිරීමයි. අනියම් ලෙස  ඉණ්දියාව පොහොසත් කිරීමයි. බිත්තර ආනයනය කිරීම සදහා යොදවන ඩොලර් කුකල් ගොවිපලවලට අවශ්‍ය පහසුකම් , ආහාර ද්‍රව්‍ය , ඹෟෂධ සදහා යොදවන්න කෟෂිකර්ම දෙපාර්මේන්තුවත් වෙළද අමාත්‍යාංශයටත් කැබිනට් මණ්ඩලය තුල විසදා ගැණීමට බුද්ධිය පහල නොවේ.


notes of imaginary

2023-08-31

මූට නමක් තියාපියෝ.



ජාතීන් අතර සංහිදියාව නැති බව අපේ දියුණුව ඇණ හිටීමට එක් හේතුවකි. දේශපාලකයෝ තම පැවැත්ම උදෙසා බෙදී සිටීම ප්‍රවර්ධණය කරයි. බෙදී සිටින තාක් ඔවුන්ගේ පැවැත්ම ස්ථාවරවන බව ඔවුන් දනී.

පූජක පක්‍ෂය තම තමන්ගේ සාශ්තෘවරුන් අනුව ගමන් නොගනී. සැම ආගමකම පූජ්‍ය පක්‍ෂයට ආගමික අරමුණු අභිබවා යන පෞද්ගලික  අරමුණු බොහොමයකි. මේවා මානසික සංවර්ධණ අරමුනු ඉක්මවා භෞතික සංවර්ධණ වලට මුල් තැන් දෙමින් කටයුතුකරන නිසා වෙන් ගැටුම් ඇති කරගන්නා තත්වයන් ඇති කර ගනී.

ත්‍රීකුණාමලය සංවර්ධණ කමිටුවට නොයා මුලින්ම මුස්ලිම් හිණ්දු සහ වෙනත් ආගමිකයන් සමග  සාකච්ඡා කර සංහිදියාවෙන් මේ ගැටළුව විසදා නොගැණීම බෞද්ධයින් සහ හිමිව
රුන් නෙපෙළඹීම කනගාටුදායක තත්වයකි. රජයේ සේවක නිළධාරින්ට ඇත්තේ විවිධ චක්‍රෙල්ඛ . නීති රෙගුලාසි අණපනතත් ඔස්සේ සලකා බැලීමයි. පරගණකයකට දී ඇති දත්ත මත නිකුත් කරණ වාර්තා මෙන් ඔවුන් මානුෂික හැගීමෙන් කටයුතු නොකරයි. ඔවුන් ඉහලින් ඇතැයි සිතන දේශපාලකයන් ගැන බහුමානයෙන් සිතයි. දේශපාලකයින් තම බලය රැක ගැණීම සදහා වැඩි ඡන්ද ගොඩ මිස ගැටළු සාධාරන ලෙස සමනයකට පත් කිරීමට නොසිතයි.සියළු වර්ගයාද ආගමිකයන්ද සංහිදියා සිතින් දවස ගෙවන්නේ නම් වාර්ගික අර්බුධයන් මතු නොවේ.
notes of imaginary